05.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ නිහඬව සිට ඒකායන පියාව සිහිපත් කළ යුතුයි. මෙය කිරීමට සීනු ආදිය නාද
කිරීමට අවශ්‍ය නැත.
ප්රශ්නය:
ඔබගේ සියලු
කාර්යයන් සාර්ථකව නිම කිරීම සඳහා ඔබ පරම පියාට සමාන විය යුත්තේ කුමන කාරණාවෙන්ද?
පිළිතුර:
පියා සෙනෙහස් සාගරය වන සේම ඔබත් බොහෝ සේ ආදරණීය විය යුතුයි. ඔබ කෝප ගන්නා විට ඔබගේ
වැඩ නරක් වෙයි; එය නිම වන්නේ නැත. එබැවින් සැර බවක් පෙන්වීමට, හඬ නඟා කතා කිරීමට හෝ
තරහ ගැනීමට අවශ්‍යතාවයක් නැත. නිහඬව සිටීම ඉතා හොඳයි. සෙනෙහස මඟින් බොහෝ දේ නිම කළ
හැක.
ගීතය:
මවත් ඔබයි,
පියාත් ඔබයි.
ඕම් ශාන්ති.
ප්‍රශංසාව
ඒකායන කෙනාගේය. කෙසේවෙතත්, භක්ති මාර්ගයේදී, එක්කෙනෙකුගේ පමණක් ප්‍රශංසාව ගායනා
කිරීම තුළින් භක්තිය පෙන්වීමක් සිදු වන්නේ නැත. එබැවින් ඔවුන් භක්ති මාර්ගයේ බොහෝ
දෙනෙකුගේ ප්‍රශංසාව ගායනා කරයි. එහිදි, බොහෝ සේ ශබ්ද කරයි. භක්තිය තුළ බොහෝ දේවල්
සිදුවෙයි සීනු, ඝණ්ඨා නාද, ගීත සහ භක්ති ගීත, හැඬීම සහ වැලපීම ආදිය. ඔවුන්ට බොහෝ
විවිධ ආකාරයේ ශබ්ද තිබේ, මන්ත්‍ර, හූනියම් සහ වර්ණනා ආදිය, නමුත් ඥාන මාර්ගයේ
නිශ්ශබ්දතාවය තිබේ. ඔබට සංඥාවක් පමණක් ලබා දෙන අතර ශබ්දයක් නැත. භක්ති මාර්ගයේ බොහෝ
ශෝභාවක් තිබේ. වැඩියෙන්ම සීනු නාද කරන්නේ ශිවාගේ පූජස්ථාන වලයි. ඔබ කොහේ බැලූවත්
තිබෙන්නේ විශාල සීනු පමණයි. සීනු නාද කරන්නේ, නින්දේ සිටින කෙනෙක්ව අවදි කිරීමට
නොවෙයි. මනුෂ්‍යයන්ව කුම්බකරණගේ අවිද්‍යාවේ නින්දෙන් අවදි කිරීමට ශිව බාබා පැමිණ
සිටියි. කෙසේවෙතත්, ඔහු සීනු නාද කරන්නේ නැත, ඔහු ඉතා සාමකාමීව වචන ස්වල්පයකින් ඔබට
පහදා දෙයි. බුද්ධිමත් අයට වචන ස්වල්පයකින් පමණක් වටහාගැනීමට පුළුවනි. පරම පියා
පවසන්නේ දරුවනේ, මා සිහි කරන්න! ඔබ මට අඬ ගැසුවා අහෝ පාරිශුද්ධකරු එන්න! මා දැන්
ඇවිත් ඔබට මාර්ගය පෙන්වනවා. ඔබට තවමත් අපවිත්‍ර වෙමින් මෙම ලෝකයේ සිටීමට අවශ්‍යද?
ඔබ පතන්නේ නව ලෝකයේ සිටීමට නේද? දිව්‍ය ලෝකය, පිවිතුරු ලෝකය ලෙස හැඳින්වෙයි. ඔවුන්
පවසන්නේ ’අහෝ පාරිශුද්ධකරු!‘, එබැවින් පාරිශුද්ධකරු පැමිණ කරන්නේ කුමක්ද කියා ඔබ
වටහා ගත යුතුයි. ඔහු අනිවාර්යෙන්ම ඔබව අපායේ සිට දෙව්ලොව රැගෙන යයි. මිනිසුන්
නොකඩවා ඔහුට කන්නලව් කරමින් වැටහීමකින් තොරව අත්පුඩි ගසයි. කෙසේවෙතත්, පියා පැමිණි
විට කුමක් කරයිද කියා ඔවුන් නොදනී. ඇත්ත වශයෙන්ම මෙය මනුෂ්‍යයන්ව දේවතාවන් බවට
පරිවර්ථනය කිරීමේ විශ්ව විද්‍යාලයයි. මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට
දෙවියන්ට වැඩි කාලයක් ගතවූයේ නැති බව, ගායනා කරන්නේ මේ නිසයි. මෙහිදි ඔබට කිසිම
ග්රන්ථයක් ආදිය ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ නැත. භක්ති මාර්ගයේ ඔවුන් බොහෝ ග්රන්ථ
ආදිය පාඩම් කර දේශන ආදිය පවත්වයි. සෑම මසකම ඔවුන් විශාල මඩුවක් ගසා, එහි අසුන්ගෙන
බොහෝ ශබ්ද නගයි. මෙහි, පරම පියා අසුන්ගෙන ඉතා සාමකාමීව ඔබට විස්තර කරයි. බලන්න,
බාබා ඇවිත් ඔබව පිවිතුරු කර ඔබව පිවිතුරු ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. ඔබගේ
ඉගෙනුමද ඉතා සරලයි! ප්‍රථමයෙන් ස්වර්ණමය යුගයේ ඔබ පිවිතුරු විය. පසුව උපත් 84ක්
ගන්නා අතර කලි යුගයේ ඔබ තමෝප්‍රධාන් විය. ඔබ දැන් සතෝප්‍රධාන් විය යුතුයි. එබැවින්
මා සිහි කරන්න! එය කිසිම ශබ්දයක් නොනඟා කළ යුතුයි. කුමාරි කෙනෙක් විවාහ වන විට, ඇය
නිරන්තරයෙන් සිහි කරන්නේ කාවද? ඇය සිහි කරන්නේ ඔහුව (සැමියා) පමණයි. ඔබ සියලු දෙනාම
බිරින්දෑවරු වන අතර ශිව බාබා සියලු සැමියන්ගේ සැමියාය. ඔබ පරමාත්ම දෙවියන් සමඟ
විවාහ ගිවිස ගෙන තිබේ. ඔබ විවාහ ගිවිස ගත් සැනින්, එම ස්මරණය ඔබගේ බුද්ධිය තුළ
ස්ථීර වෙනවා. ඔබ දැන් විවාහ ගිවිස ගෙන ඇති බවට සහතිකය, දැන් ඔබට තිබේ. එවිට ඔබ
නොකඩවා එකිනෙකාව සිහි කරයි. පරම පියා ඔබට පවසන්නේ ඔබ ඒකායන පියාගේ දරුවන්, සහෝදර
සහෝදරියන් බවට විශ්වාසය ඔබගේ බුද්ධියේ තිබේ. සියලුම සහෝදරයන්ට ඒකායන පියාගෙන් උරුමය
ලැබෙයි, ඔවුන් පියාට අඬ ගසන්නේ මේ නිසයි. මනුෂ්‍ය සිරුරු තුළට ඇතුළු වූ විට, ඔවුන්
සහෝදර සහෝදරියන් වෙන නමුත්, අඬ ගසන්නේ ජීවාත්මයි. සියලුම සහෝදරයන් කන්නලව් කරන්නේ
අහෝ පාරිශුද්ධකරු බාබා, පැමිණෙන්න! බාබා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබ
තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. පිවිතුරු අය සතෝප්‍රධාන් ලෙස හැඳින්වෙන අතර
අපවිත්‍ර අය තමෝප්‍රධාන් ලෙස හැඳින්වෙයි. මෙම දේවල් බාබා පහදා දෙන්නේ සංගම යුගයේ
පමණයි. මෙය ගීතාව ඉගෙනගන්නා ස්ථානයකි. මෙම අධ්‍යයන ස්ථානයට පරම පියා පැමිණ ඔබට රාජ
යෝගාව උගන්වයි. ඔහු ඔබව සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් නාරායන බවට පරිවර්ථනය කරයි. එහි
ගුරුවරයෙක් ඔබ ඉදිරියේ අසුන්ගෙන ඔබට උගන්වන අතර ඔහුව පෙනෙයි. මෙහි, මේ කෙනා
අදෘෂ්‍යමානයි. ඔබගේ බුද්ධියේ යෝගා බලයෙන් ඔබ මෙම ගුරුවරයාව වටහාගත යුතුයි. අශාරීරික
කෙනා පාරිශුද්ධකරු පියාය. ඔහු ඔබට මතක් කර දෙන්නේ මා පෙර කල්පයේ ඔබට රාජ යෝගාව
ඉගැන්වූවා. මෙසේ පැවසෙන්නේ ඒ නිසයි මන්මනාභව! පිවිතුරු වන්න, එවිට ඔබ ලක්ෂ්මි සහ
නාරායන මෙන් වෙයි. මේ සඳහා විශාල සීනු නාද කිරීමට අවශ්‍ය නැත. පරම පියාම පැමිණ ඔබව
අවදි කරයි. ’මන්මනාභව‘ හි අරුත නිහඬ බවයි. ඔබ සෑම කෙනෙක්ම ජීවාත්මයක්, යන විශ්වාසය
ඇති කරගන්න, එපමණය! අප දැන් පෙරළා නිවසට යා යුතුයි. සියලු දෙනාම පියාගෙන් ඉල්ලන්නේ
ඔවුන්ව දුකෙන් මුදවා නිදහස් කරන ලෙසයි. සන්යාසීවරු සිහි කරන්නේ බ්‍රහම් පදාර්ථය
පමණයි. බ්‍රහම් පදාර්ථය නිවහනයි. ඔවුන් නිවස සිහි කරන අතර, මෙහිදි ඔබ පරම පියාව
සිහි කරයි. ඔබ නිවහන පමණක් සිහි කරන්නේ නම්, එය සන්යාසිවරයෙක් මෙන් වීමයි. බ්‍රහම්
පදාර්ථය, දෙවියන් නොවෙයි. පියා මෙහි අසුන්ගෙන පහදා දෙන්නේ ඔබ මා සිහි කළොත් ඔබ
නිර්වාණ දේශයට යයි. ඉන්පසුව එහි සිට ඔබ දෙව්ලොව යයි. මා ඔය දරුවන්ව මෙහි සිට මා සමඟ
ආපසු රැගෙන යමි. පලඟැටි රෑන් ඉතා විශාල බව ඔබ දන්නවා. ඔවුන් බොහෝ සේ එකමුතුයි
ඉදිරියේ සිටින කෙනා ඉඳගන්නේ නම්, ඔවුන් සියලු දෙනාම ඉඳගනි. මීමැස්සන්ද එවැනිය.
මීමැසි රැජින, මීවදයෙන් පිටවූ විට, සියලුම මීමැස්සන් ඇය පසුපස යයි. ඇය, ඔවුන්ගේ
මනාලයා මෙනි. එහි සියලු දෙනාව පාලනය කරන්නේ මනාලියයි. සියලුම ජීවාත්ම මදුරු රෑනක්
මෙන් ඉගිලි යන බව, ග්රන්ථ වලත් ලියා තිබේ. ගණන් කළ නොහැකි තරම් ජීවාත්ම සංඛ්‍යාවක්
සිටියි. ඒ මීමැස්සෝ සෑම වාරයකම ඔවුන්ගේ රැජින පසුපස දිව යයි. ඔබ දිව යා යුත්තේ
එක්වරක් පමණයි. දැන් සියලුම ජීවාත්ම, අශාරීරික ලෝකයට යා යුතුයි. ඔබ කිසි හඬක්
නඟන්නේ නැත, බාබා මෙම නිදසුන දෙන්නේ ඒ නිසයි ඔබ අබ ඇට මෙන් තැලී පොඩිවී යයි. බාබාද
අබ ඇටයක් වැනි තිතකි. පොපී ඇටයක්ද ඉතා කුඩාය. පරමාත්ම දෙවියන් තිතක් වන අතර
දිව්‍යමය දර්ශනයකින් හැර ඔහුව දැකිය නොහැක. ඔහු ඉතා පුංචි තරුවක් මෙන් කුඩාය.
අර්ජුනට සදාතනික ආලෝකයේ දර්ශනයක් ලැබූණු බව, ගීතාවේ කියා තිබේ. එබැවින් මෙහිදීද,
මිනිසුන්ට සදාතනික ආලෝකයක දර්ශනයක් ලැබූ විට පමණයි, ඔවුන්ට දර්ශනයක් ලැබී ඇති බව
වැටහෙන්නේ. ඔවුන්ට තිතක දර්ශනයක් ලැබුණේ නම්, ඔවුන් මෙසේ සිතයි එය පරමාත්ම දෙවියන්
නොවෙයි. අර්ජුනට ඉතා දීප්තිමත් ආලෝකයක දර්ශනයක් ලැබුණු බව, ගීතාවේ ලියා තිබේ. භක්ති
මාර්ගයේ දේවල් ඔවුන්ගේ බුද්ධිය තුළ සනිටුහන් වී ඇත. භක්ති මාර්ගයේ දේවල් සහ ඥාන
මාර්ගයේ දේවල් අතර දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. ඔබගේ සිරුර සමඟ ඔබ උපත් 63ක්
බොහෝ නටමින් සිට ඇති බව ඔබ දන්නවා. ඔබ උපත් 63ක්ම භක්ති මාර්ගයේ අවුල දෙස බලමින්
සිටියා. කෙසේවෙතත්, එය සතෝප්‍රධාන් භක්තිය වූ කල්හි, ඔබ වන්දනා කළේ ශිව බාබාව
පමණයි. ගංඟා නදියේ ස්නානය කිරීම ආදිය ආරම්භ වූයේ පසුවයි. පළමුව, භක්තිය අමිශ්‍ර වන
අතර පසුව එය විස්තාරණය වෙයි. මෙහි පූර්ණ නිහැඬියාව තිබේ. ඔබ සිප්පි කටුවක්වත් වැය
නොකර ලෝකයේ පාලකයන් වෙයි. මමා සිප්පි කටුවක්වත් නොමැතිව මෙහි පැමිණ ලෝකයේ
අධිරාජිනිය විය. මේ කෙනාද සාමාන්‍ය කෙනෙක් විය. සමහරු ඉතා දුප්පත් පවුල් වලින්
පැමිණි නමුත් සිප්පි කටුවක් තරම්වත් වැය නොකර, බලන්න ඔවුන් කවුරු බවට පත්වනවාද
කියා! මමා බොහෝ සේවය සිදුකළා. ඇය ගොස් අන් අයට පහදා දුන්නා බාබා පවසන්නේ මා සිහි
කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී ඔබ සතෝප්‍රධාන් වෙයි. මෙහි වියදම් කිරීම පිළිබඳ
ප්‍රශ්නයක් නැත. කෙනෙක් සුළු වියදමක් කළත් එය තමන්ටමයි. එය හරියට ඔබ කෙතක ධාන්‍ය අත
මිට දෙකක් වැපිරූ විට, ඔබට ඉන් විශාල ධාන්‍ය ප්‍රමාණයක් ලැබී ඔබගේ අස්වැන්න විශාල
වන්නා සේය. මෙහිදීද ඔබ උපත් 21කට විශාල ආදායමක් උපයාගනී. මනුෂ්‍යයන්ගෙන් දේවතාවන්
බවට පරිවර්ථනය වීම ඉතා පහසුයි එය තත්පරයක කාරණාවක්. බලන්න ඔබ මෙහි කෙතරම් සාමාන්‍ය
ලෙස අසුන්ගෙන සිටිනවාද කියා! කෙනෙකුට ඉඳගෙන සිටිය නොහැකි නම්, ඔහුට ගොස් හාන්සි වී
මුරලියට සවන් දෙන ලෙස බාබා කියයි. මෙය ධාරණය කරගැනීම පිළිබඳ කාරණාවකි. ඇතුලාන්තයෙන්
බාබා සහ චක්‍රය නොකඩවා සිහි කරන්න. ඔබ සිහිපත් කිරීමේ සිටියදි ඔබ ඔබගේ ශරීර අත්හැර
යා යුතුයි, නමුත් ගංඟා නදියේ ජලය ඔබගේ මුව තුළට දැමීමට අවශ්‍ය නැත. ඔබ භක්තියේ
නොයෙදෙන්නේ නම් හෝ විනයන් කඩ කළොත්, අහවල් දේ සිදුවෙයි කියා පවසමින්, ගුරූන් සහ
සාන්තුවරයන් මිනිසුන් බිය ගන්වයි. නිදසුනක් ලෙස කෙනෙකුගේ පාදය කැඩී යන්නේ හෝ වෙනත්
පාඩුවක් සිදු වන්නේ නම්, එය භක්තියේ නොයෙදීමේ ඵලයක් බව ඔවුන් පවසයි, එබැවින් ඔහු
බියට පත් වෙයි. මෙහිදි, ඔබ කිසිවක් කළ යුතු නැහැ. සියලු දෙනාට බාබාව සිහිකරදී,
චක්‍රයේ රහස් පහදා දෙන්න, එපමණයි. කලි යුගයට පසුව දැන් ස්වර්ණමය යුගය පැමිණිය යුතු
අතර විනාශය අනිවාර්යෙන් සිදුවිය යුතුයි, මහා භාරත යුද්ධය තිබෙන්නේ එයටයි. පරමාත්ම
දෙවියන් පැමිණ ඔබට රාජ යෝගාව උගන්වා ඔබව සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට
පරිවර්ථනය කරයි. මෙය රාජ යෝගාවයි, පුරවැසියන් වීමේ යෝගාව නොවෙයි. ඔබගේ වදන් සෑම
විටම හිතකාමී විය යුතුයි. ඔය දරුවන් බොහෝ මිහිරි විය යුතුයි. බාබා මිහිරියි, එහෙම
නේද? ඔහු ඔබගේ කෝපයේ පරිත්‍යාගය භාරගනී. පරම පියා පවසන්නේ මා ස්නේහ සාගරය වන අතර
ඔබත් එය විය යුතුයි. ඔහු බොහෝ සෙනෙහසින් විස්තර කරයි. මායා ඔවුන්ගේ හිස නරක් කරන
නිසා සමහර දරුවන් බොහෝ කලබල ඇති කරයි. මේ නිසයි කිසිවෙකුට කිසිවක් නොකියා,
සෙනෙහසින් විස්තර කර දීමේ සිතිවිල්ල බාබාට ඇති වන්නේ. සැර මුහුණක් පෙන්වීමට, හඬ නඟා
කතා කිරීමට හෝ තරහ ගැනීමට අවශ්‍ය නැහැ. ඉන් එකක් හෝ කිරීමෙන් සියල්ල නරක් වෙයි.
නිශ්ශබ්දව සිටීම සියල්ලට වඩා හොඳයි. ඔබ දී ඇති පාපයන්ගේ පරිත්‍යාගය, ඔබ ආපසු ගන්නේ
නම්, ඔබ, ඔබගේ තත්ත්වය අහිමි කරගනී. බාබාට අයත් වීම යනු, ඔබ පංච පාපයන් දන් දී
තිබීමයි. මෙවන් කියමනකි පරිත්‍යාගයක් කරන්න, එවිට ග්‍රහණයේ අපල ඉවත් වෙයි. පියා
මාර්ගෝපදේශකයාය. මාර්ගෝපදේශකයන් සාමාන්‍යයෙන් බ්රහ්මණයන්ය. ශිව බාබා ආධ්‍යාත්මික
මාර්ගෝපදේශකයා වන අතර ඔබත් මාර්ගෝපදේශකයන්ය. බාබා, බ්රහ්මගේ සිරුර තුළට ඇතුළු
වෙයි, එබැවින් මේ කෙනාද බ්‍රහ්මිණ් කෙනෙකි. බාබා මේ කෙනා තුළ අසුන්ගෙන සිටින අතර
ඔහුගේ ප්‍රශංසාව ගායනා කෙරෙයි මවත් ඔබයි, පියාත් ඔබයි. මෙම ප්‍රශංසාව වෙනත්
කිසිවෙකුට අයත් වන්නේ නැත. ඔහුගේ වගකීම්ද එවැනිය. මෙය පාසැලක් වන අතර පියා ඔබට
උගන්වනවා. ඔය දරුවන් මෙය සිහියේ තබා ගත යුතුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය වන්නේ ලෝකයේ
ආධිපත්‍යය දිනා ගැනීමයි. ඔබට උගන්වන කෙනාව ඔබ ඉතා හොඳින් සිහි කළ යුතුයි. පාසැලක
ශිෂ්‍යයන් හොඳ ලකුණු ගෙන සමත් වන විට, ඔවුන් සෑම වසරකදීම තම ගුරුවරයාට තෑග්ගක්
යවයි. ඒ උත්සව අයත් වන්නේද මේ කාලයට වන නමුත් කිසිවෙක් එහි වැදගත්කම නොදනී. බාබා
ඥානයෙන් පිරිපුන්ය. ඔහු නිර්මාණයේ මුල, මැද සහ අවසානයේ ඥානය ඔබට ලබා දීමට පැමිණෙයි.
ඔහු ගල් සහ වැලි වල පැමිණෙන්නේ කෙසේද? සෑම වස්තුවක් තුළම ආත්මයක් ඇති බව ඔප්පු
කිරීමට යම් වෛද්‍යවරයෙක් වෑයම් කළා. සෑම දෙයක් තුළ පරමාත්මය සිටින බව ඔහු පැවසුවේ
නැත. ඒ මිනිසුන් පවසන්නේ ඔහු සර්ව ව්‍යාප්ත බවයි. සෑම කෙනෙක් තුළම ජීවාත්මයක් ඇති
බව ඒ මිනිසුන් කියන නිසා සන්යාසිවරුන් කියන්නේ පරමාත්ම ජීවය සියලු දෙනා තුළ සිටින
බවයි. එය දිවා රාත්‍රිය මෙන් වෙනසකි! ඔහු අසීමිත පියාය. ඔහු ඔබගේ බුද්ධියේ යෝගාව,
අන් සියලු දෙනාගෙන් ඉවත් කර, ඔහු සමඟ සම්බන්ධ කරයි. ඒ මිනිසුන් පවසන්නේ සෑම
ජීවාත්මයක්ම සාගරයෙන් මතු වූ බුබුලක් මෙන් බවත් එය නැවත සාගරය හා මුසු වන බවයි.
බ්‍රහම් පදාර්ථය ගැන විශ්වාස කරන අය විශ්වාස කරන්නේ, කුඩා ආලෝකය විශාල ආලෝකය සමඟ
මුසු වී ඉන්පසුව නව නිර්මාණයක් සිදුවන බවයි. භක්තියත් නාටකයේ නියම වී ඇති බව බාබා
පහදා දෙයි. මාද පැමිණ ඔය දරුවන්ට විස්තර කර දෙන්නේ, නාටකයේ නියමිත වී ඇති අන්දමටයි.
ඔබ වටේ යන උපත් 84හි චක්රයත්, නාටකයේ නියමිත වී තිබේ. කුමක් සිදුවුවත්, ඒ සියල්ල
නියම වී තිබේ. සමහරු ඔබගේ ප්‍රශංසා ගායනා කරන අතර සමහරු බාධක ඇති කරයි. ඔය දරුවන්
ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි කරගත යුතුයි. ඔහු මෙහි පැමිණෙන්නේ සියලුම ජීවාත්ම
ආපසු නිවසට රැගෙන යාමට පමණයි. ඔහු සිරුරුවල නම් සඳහන් කරන්නේවත් නැත. මා මෙහි ඇවිත්
සිටින්නේ ඔබ සියලු දෙනාව ඔබගේ සිරුරු සමඟ ආපසු ගෙන යාමට නොවෙයි. ඔබ මට කන්නලව් කරයි
අහෝ විමුක්ති දායක එන්න! අපව දුකින් මුදවා විවේකය, සුවය, සාමය සහ සතුට ලබා ගත හැකි
තැනකට අපව ගෙන යන්න. එබැවින් මා සියලු මරණයන්ගේ මරණයයි. මා සියලු දෙනාව එකවර ගෙන
යනවා. පරම පියා මෙහි අසුන්ගෙන බොහෝ ආශ්චර්යමත් දේවල් විස්තර කරයි! මිනිසුන්ට යම්
දෙයක් නොවැටහෙයි නම්, ඔවුන්ට කියන්න බාබා තවමත් ඒ කරුණ විස්තර කර දී නැහැ, නමුත්
ඔහු අපට එය විස්තර කළ විට අප ඔබට එය පහදා දෙන්නම්. ඔබ මේ ආකාරයෙන් තමන්ව නිදහස් කර
ගත යුතුයි. බාබා, ඥාන සාගරය බව ඔය දරුවන්ට වැටහෙයි. ඔහු ඔබට අලුත් දේවල් අඛණ්ඩව
පවසයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය ගැන ඔබට පවසන කෙනා, නිර්මාණකරු වන පියාය. ඔහු ඔබට
මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම පවසයි. ඔබ ප්‍රදීපාගාර මෙන්ම ස්ව-දර්ශන චක්‍ර
ධාරීන්ය. කෙසේවෙතත්, මායා ඔබට අමතක කරවා, ඔබගේ හුස්ම හිරවෙයි. එක හෝ තව දෙයක යම්
ආකාරයක බලපෑමක් ඇති වෙයි. කර්මික ගිණුම් තිබේ. ඔබ කර්මතීට් වන තුරු එක හෝ තව දෙයක්
නොකඩවා සිදුවෙයි. ඔබගේ කර්මික ගිණුම් පියවූ සැනින් ඔබ ඔබගේ සිරුරු හලා දමන අතර
යුද්ධය ආරම්භ වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පාපයන් දන්
දීමෙන් පසුව ඒවා නැවත නොගන්න. ඔබගේ වදන් සෑම විටම යහපත සළසන ඒවා විය යුතු අතර ඔබ
ඉතා මිහිරි විය යුතුයි. පියා හා සමානව ස්නේහ සාගරයක් වන්න.
2. නිශ්ශබ්දව සිට,
සිප්පි කටුවක් තරම්වත් වියදම් නොකර ලෝක ආධිපත්‍යය හිමි කරගන්න. පරම පියාගේ ස්මරණයේ
සිටින්න, ටිකක් වියදම් කර උපත් 21කට ආදායමක් උපයාගන්න.
වරදානය:
ඔබගේ
'ත්‍රිකාලදර්ශී' ස්ථිතිය තුළින්, අතීන්ද්‍රිය සුඛය ලැබීමටත්, මායා ගෙන් ඔබව ආරක්ෂා
කර ගැනීමටත් හැකි වේවා.
සංගම යුගයේ විශේෂ
ආශීර්වාදය සහ බ්‍රහ්මණ ජීවිතයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ මෙම 'අතීන්ද්‍රිය සුඛය'යි.
වෙනත් කිසිදු යුගයකදී මෙය අත්විඳිය නොහැක. කෙසේවෙතත්, මෙම සතුට අත්විඳීමට නම්, ඔබ
ඔබේ 'ත්‍රිකාලදර්ශී' ස්ථිතිය තුළ රැඳී සිට 'මායා' වෙතින් ඔබව ආරක්ෂා කර ගත යුතුය.
ඔබ නිතර නිතර 'මායා'ගේ ප්‍රහාරයට ලක්වන්නේ නම්, ඔබට අවශ්‍ය වුවද මෙම අතීන්ද්‍රිය
සුඛය අත්විඳීමට නොහැකි වනු ඇත. අතීන්ද්‍රිය සුඛය අත්විඳින අයට, ඉන්ද්‍රියයන්ට
සම්බන්ධ කිසිදු සැපයක් කෙරෙහි ආකර්ෂණයක් ඇති නොවේ. ඔවුන් තුළ පූර්ණ ඥානය පවතින
බැවින්, එවැනි සැපයන් ඔවුන්ට කිසිදු රසයක් නැති, අසාර දේ ලෙස පෙනේ.
පාඨය:
ඔබේ ක්‍රියා
සහ මනස යන දෙකම යොදා ගනිමින් කරන සේවය අතර සමබරතාවක් පවතින විට, ඔබට අවට වාතාවරණය
බලවත් කිරීමට හැකි වනු ඇත.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
ඔබ කෙසේ වුවද, ඔබ
සිටින තත්ත්වය කුමක් වුවද, මෙම තත්ත්වය තුළම සිටිමින් මෙම ශරීරය තුළම ඔබ
පරිපූර්ණත්වයට පත්විය යුතුය. මෙම ඉලක්කය තබා ගන්න. සංගම යුගී ඔබේ පරිසමාප්ත
ස්වරූපයන් 'ශක්තීන්' සහ 'පාණ්ඩවයන්' ලෙස සිහිපත් කරනු ලැබේ. ඔබ එම ස්වරූපයන් තුළ
ස්ථාවර වූ විට, ඔබේ බැතිමතුන් කවුරුන්ද සහ ඔබේ ප්‍රජාව කවුරුන්ද යන්න ඔබට අවබෝධ වනු
ඇත. ඔබේ ප්‍රජාව වීමට නියමිත අය ඔබට සමීප වනු ඇති අතර, ඔබේ බැතිමතුන් වීමට නියමිත
අය ඔබේ පා මුල වැඳ වැටෙනු ඇත.