05.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ හට ලබා දී ඇති මෙම දැනුම නැවත නැවතත් ආවර්ජනය කරන්න. මෙම දැනුම එසේ
ආවර්ජනය කිරීමෙන් පමණයි ඔබට එහි පැණිය ලබාගත හැකි වන්නේ.
ප්රශ්නය:
උපත් 21ක්
සඳහා සමෘද්ධිය ලබන ක්‍රමය කුමක්ද?
පිළිතුර:
මේ දැනුම නමැති මිණිමුතු හොඳින් ධාරණය කර ගන්න. මේ බොහෝ ප්‍රයෝජනවත් වූ සංගම
යුගයෙහිදී ඔබ කෙතරම් දුරට දැනුම නම් වූ මිණිමුතු ලබනවාද, ඒ තරමටම ඔබට සමෘද්ධිමත්
විය හැකියි. දැන් දැනුම නම් වූ මිණිමුතු ලෙස තිබෙන එය, එහිදී මිණිමුතු හා දියමන්ති
බවට පත් වනවා. ඔබ මේ ඥාන මිණිමුතු වලට සවන් දී ඒවා හොඳින් ධාරණය කරගෙන අන් අයටත් ඒ
පිළිබඳව කියා දුනහොත් පමණයි ඔබගේ මුහුණ උද්යෝගිමත්ව තබා ගත හැකි වන්නේ. එවිට බාබාගේ
නාමය හොඳින් පතුරුවාලිය හැකියි. ඔබ ඔබගේ යක්ෂ ගති ලක්ෂණ අත්හැරියහොත් පමණයි ඔබට
සමෘද්ධිමත් විය හැක්කේ.
ඕම් ශාන්ති.
බාබා ඔබට
දැනුම හා භක්තිය ගැන විස්තර කර දෙනවා. දරුවන් තේරුම්ගෙන තිබෙනවා සත් යුගයෙහිදී
භක්තිය නැති අතර මෙම දැනුම හෝ ලබන්නේ නැති බව. ක්‍රිෂ්ණා භක්ති කරන්නේ හෝ මෙම දැනුම
නමැති බට නළාව වයන්නේ ද නැත. එම බට නළාවෙන් පෙන්නුම් කරන්නේ දැනුමයි. ’මැජික් බට
නළාව‘ යන්න මේ අවස්ථාවේදී ඔබට සිහි වනවා. එමනිසා, එහි කුමන හෝ මැජික් එකක් තිබිය
යුතුයි. බට නළාවක් වැයීම සාමාන්‍ය දෙයක්. ආගම් යාචකයින් පවා බටනළා වයනවා. මෙම
මැජික් එක අනිවාර්යෙන්ම දැනුම පිළිබඳ විය යුතුයි. අවිද්‍යාව මැජික් එකක් ලෙස
හැඳින්විය නොහැකියි. ක්‍රිෂ්ණා බට නළාවක් වැයුවා කියා මිනිසුන් විශ්වාස කරනවා. ඒ
වගේම ඔහු එයින් බොහෝ ප්‍රශංසනීයත්වයට ලක් වනවා. බාබා කියනවා : ක්‍රිෂ්ණා දිව්‍ය
තත්ත්වයේ සිටි කෙනෙක්. ඔබ දිගින් දිගටම සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දිව්‍ය
තත්ත්වයටත් දිව්‍ය තත්ත්වයේ සිට මනුෂ්‍ය තත්ත්වයටත් පත් වූවා. මෙම ලෝකය
නිරන්තරයෙන්ම සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් පිරි ලෝකයක් බවටත් දේවී දේවතාවන්ගේ ලෝකයක්
බවටත් පත් වනවා. මෙම දැනුම තමයි ඔබව සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දිව්‍ය තත්ත්වයට පත්
කරන්නේ. ඔබ සත් යුගයේ සිටින විට, දැන් මේ අධ්‍යයනය කරන අධ්‍යාපනයෙහි උරුමය ලබනවා.
සත් යුගයේ භක්තිය නැහැ. ඒ දේවී දේවතාවන් සාමාන්‍ය මනුෂ්‍යයන් බවට පත් වූ විට නැවතත්
භක්තිය පටන් ගන්නවා. මනුෂ්‍යයන් පාපකාරීන් ලෙසත් දේවී දේවතාවන් පාපයෙන් තොර වූ අය
ලෙසත් හඳුන්වනවා. ඒ දේවී දේවතාවන්ගේ ලෝකය පිරිසිඳු ලෝකය ලෙසත් හඳුන්වනවා. ඔබ දැන්
සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දිව්‍ය තත්ත්වයට පත් වනවා. දේවී දේවතාවන් හට මෙම
දැනුම නැහැ. දේවී දේවතාවන් සිටින්නේ විමුක්තිය ලබාය. පරිහාණියට පත්වන්නන් හට තමයි
මෙම දැනුම අවශ්‍ය වන්නේ. මෙම දැනුම අධ්‍යයනය කිරීම මඟින් ඔබ දිව්‍යමය ගුණාංග වර්ධනය
කරගනු ලබනවා. මෙම දැනුම ධාරණය කරන්නන්ගේ ක්‍රියාකලාපය දිව්‍යමය වූ ක්රියාකලාපයක්
විය යුතුයි. එය අඩුවෙන් ධාරණය කරන්නන්ගේ ක්‍රියාකලාපය මිශ්‍ර වූ දෙයක්; එය
සම්පූර්ණයෙන්ම යක්ෂ වූ ක්රියාකලාපයක් ලෙස හැඳින්විය නොහැකියි. ඔවුන් හට ධාරණා
නැතිනම්, ඔවුන් මගේ දරුවන් ලෙස මා හඳුන්වන්නේ කෙසේද? දරුවන් හට පියා හඳුනා ගැනීමට
නොහැකි නම් පියා දරුවන්ව හඳුනාගන්නේ කෙසේද? ඔබ බොහෝ සෙයින් පියාව අපහාසයට ලක්
කරනවා. පරමාත්ම දෙවියන්ව අපහාසයට ලක්කිරීම බොහොම නරක දෙයක්. ඔබ බ්‍රහ්මින් තත්ත්වයට
පත් වූ විට, පියාව අපහාසයට ලක් කිරීම නැවැත්වූවා. එමනිසා, ඔබ මෙම දැනුම නම් වූ
සාගරය පිළිබඳව හොඳින් ආවර්ජනය කළ යුතුයි. ශිෂ්‍යයන් වන ඔබ මෙම ඥාන සාගරය ආවර්ජනය
කොට දියුණුවට පත්විය යුතුයි. ඔබට මෙම දැනුම ලබා දී තිබෙනවා. එමනිසා, එහි නියම පැණිය
ලබා ගැනීමට නම් ඔබ විසින් එය ආවර්ජනය කළ යුතුයි. දැනුම ආවර්ජනය කරන්නේ නැතිනම් ඔබ
ආවර්ජනය කරමින් සිටින්නේ මොනවාද? කිලිටි දේම පමණක් ලබන යක්ෂ වූ සිතිවිලි පමණයි ඔබ
විසින් ආවර්ජනය කරන්නේ. ඔබ දැන් ඒ දෙවියන්ගේ දරුවන්. ඔබ දන්නවා බාබා මේ ඔබට
උගන්වන්නේ මේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් ඔබව දිව්‍ය තත්ත්වයට පත් කිරීමට බව. දේවී
දේවතාවන් ඔබට මෙය උගන්වන්නේ නැහැ. දේවී දේවතාවන් හට කිසිම විටෙක දැනුමේ සාගරය ලෙස
හැඳින්විය නොහැකියි. බාබා පමණයි දැනුමේ සාගරය ලෙස හැඳින්විය හැක්කේ. ඔබ තුළ සියලුම
දිව්‍යමය වූ ගුණාංග තිබෙනවාද කියා ඔබ ඔබෙන්ම ඇසිය යුතුයි. ඔබ තුළ යම් යක්ෂ ගති
ලක්ෂණ තිබෙනවානම් අනිවාර්යෙන්ම ඒවා නැතිකර දැමිය යුතුයි; දිව්‍යමය තත්ත්වයට පත්වීමට
ඔබට හැකිවන්නේ එවිටයි. ඔබ දැන් සිටින්නේ මේ බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වූ සංගම්
යුගයේයි. ඔබත් දැන් ඒ ප්‍රයෝජනවත් වූ තත්ත්වයට පත්වුණු තැනැත්තන් වන නිසා ඔබ
වටපිටාවේ වාතාවරණයත් ඉතාමත් හොඳ විය යුතුයි. ඔබගේ තොල් වලින් කිසිම විටෙක කිලිටි වූ
වචන ගිලිහීමට ඉඩ නොතැබිය යුතුයි. එසේ නැතහොත්, ඔබට තිබෙන්නේ ඉතා පහත් තත්ත්වයක්
කියා කිව හැකියි. මිනිසෙකුගේ වටපිටාවේ ඇති වාතාවරණයෙන් ඔහු කුමන ආකාරයේ කෙනෙක්ද
කියා ඔබට හඳුනාගත හැකියි. ඔවුන් විසින් කතාකරන සෑම දෙයක්ම සිත රිදවන ඒවා වනවා; ඒවා
දුක දෙන ඒවා පමණයි. ඔබ බාබාගේ නාමය පතුරුවාලිය යුතුයි. ඔබගේ මුහුණ නිරන්තරයෙන්ම
උද්යෝගිමත් විය යුතුයි. ඔබගේ තොල් තුළින් මතුවිය යුත්තේ මිණිමුතු පමණයි. ලක්ෂ්මි හා
නාරායනගේ පින්තූරයෙන් ඔවුන් කෙතරම් උද්යෝගයෙන්ද සිටින්නේ කියා පෙනෙනවා. ඒ
ජීවාත්මයන් විසින් මේ දැනුම නම් වූ මිණිමුතු ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ තොල් වලින්
මතුවන්නේ එවන් වූ මිණිමුතුයි. ඔවුන් සවන් දී ඇත්තේත් කතාකොට ඇත්තේත් ඥාන මිණිමුතු
වලට පමණක් විය හැකියි. ඔබ තුළ දැන් විශාල සතුටක් තිබිය යුතුයි. ඔබට දැන් ලැබෙන මෙම
දැනුම පසුව නියම දියමන්ති හා මිණිමුතු බවට පත්වෙනවා. නවරත්න මාලාව දියමන්ති හා
මිණිමුතු වලින් සාදන ලද්දක් නොව ජීවී මිණිමුතු වලින් සැදුම් ලද්දකි. මිනිසුන්
සිතනවා ඒවා තමයි නියම නව රත්නය කියා. එමනිසා, ඒ නවරත්නයෙන් සෑදුණු මුදු ආදිය ඔවුන්
විසින් පළඳිනවා. මේ බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වූ සංගම් යුගයෙහිදී තමයි ඒ දැනුම නමැති
මිණිමුතු වලින් පිරි මාලාව නිර්මාණය වන්නේ. මෙම ඥාන මිණිමුතු උපත් 21ක් තිස්සේ ඔබව
සමෘද්ධිමත්ව තබනවා. කිසිම කෙනෙකුට මෙම මිණිමුතු ඔබගෙන් කොල්ලකාගත නොහැකියි. ඔබ
මෙහිදී එවැනි මිණිමුතු පැළඳියහොත් යමෙක් එය සොරා ගත හැකියි. එමනිසා, ඔබ බොහෝ සෙයින්
සිහි බුද්ධියෙන් සිට, සියලු යක්ෂ ගති ලක්ෂණ පළවා හැරිය යුතුයි. එසේ යක්ෂ ගති ඇති අය
කෝපයට පත් වූ විට ඔවුන්ගේ මුහුණ රතු වී තඹ පැහැති වනවා. පාපයෙහි යෙදෙන කෙනෙකුගේ
මුහුණ අවලස්සන වනවා. ක්‍රිෂ්ණාගේ අවලස්සන වූ මුහුණ ද පෙන්නුම් කර තිබෙනවා. ඔහු ඒ
ලස්සන බවින් අවලස්සන වූයේ පාපයෙහි ගැලීමට පටන් ගත් අවස්ථාවේ සිටයි. සෑම කරුණකදීම
දරුවන් මේ දැනුම නම් සාගරය නැවත නැවතත් ආවර්ජනය කළ යුතුය. මෙම අධ්‍යාපනය තිබෙන්නේ
විශාල ආදායමක් උපයා ගැනීම උදෙසායි. ඔය දරුවන් සමහර විට අසා ඇති, වික්ටෝරියා රැජිනගේ
උපදේශකයෙකු එකළ ඉතාමත්ම දිළිඳුව සිටි බවත් කෙතරම් නම් දිළිඳුද කියතොත් ඔහු පාඩම් කර
ඇත්තේත් වීදි ලාම්පුවක් යටට වී කියා. කොහොමනමුත්, ඒ අධ්‍යාපනයෙන් ඔබට මිණිමුතු
ලබාගත නොහැකියි. අධ්‍යාපනය හොඳින් සිදු කිරීම මඟින් ඔබට උසස් ස්ථානයක් හිමිකර ගත
හැකියි. මේ නිසා මෙහිදී ප්‍රයෝජන වන්නේ අධ්‍යාපනය මිස මුදල් නොවේ. අධ්‍යාපනය යනු
ධනයයි. අර ධනය සීමිතය, කෙසේවෙතත්, මෙම ධනය අසීමිතයි. ඔබ දැන් දන්නවා බාබා ඔබට
උගන්වන්නේ ඔබව මෙම ලෝකයේ පාලකයන් බවට පත් කරවීමට කියා. ඔබ එහිදී ආදායමක් ඉපැයීමට
කියා කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැහැ. ඔබ විසින් දැන් කරන මෙම උත්සාහය නිසා එහිදී ඔබ
අප්‍රමාණ වූ ධනයක් ලබනවා. එහිදී ඔබේ ධනය අවිනාශී වූ ධනයක්. දෙවි දේවතාවන් හට විශාල
ධනයක් තිබුණා. රාවන්ගේ රාජ්‍යයේදී ඔවුන් පාප මාර්ගයට ඇද වැටුණා වුවත් ඔවුන් ළඟ හොඳ
ධනයක් තිබුණා. ඔවුන් බොහොමයක් කෝවිල් නිර්මාණය කළා. පසුව මුස්ලිම් මිනිසුන් විසින්
ඒවා කොල්ලකාගනු ලැබුවා. ඔවුන් කෙතරම් නම් ධනවත්ව සිටියාද! අද තිබෙන මේ අධ්‍යාපන
ක්‍රම මඟින් ඔවුන් සිටි ඒ ධනවත් තත්ත්වය ඔබට කොහෙත්ම ළඟාකරගත නොහැකියි. එමනිසා, මෙම
අධ්‍යාපනයෙන් මිනිසුන්ට කුමන තත්ත්වයකට පත්විය හැකිද කියා බලන්න! දිළිඳු බවින් ඔබ
ධනවත් වනවා. අද කාලයේ භාරතය කෙතරම් දිළිඳු තත්ත්වයකද සිටින්නේ බලන්න! නමින් ධනවත්වන
අය හට කාල වේලාව නැහැ. මිනිසුන් හට ඔවුන්ගේ ධනය හා තත්ත්වය පිළිබඳව විශාල උඩඟු බවක්
තිබෙනවා. ඔබ දැන් මෙහිදී ඔබගේ සියලු උඩඟුකම් අත්හැරලිය යුතුයි. අප සෑම කෙනෙක්ම
ජීවාත්මයක්. ජීවාත්මයක් හට මුදල් හෝ දියමන්ති හෝ මිණිමුතු කිසිවක් අයිති නැහැ.
ජීවාත්මයක් හට මේ කිසිම දෙයක් අයිති නැහැ. බාබා කියනවා : සුමිහිරි වූ දරුවනි, ඔබගේ
ශරීරය ද ඇතුළුව ඊට අයත් සියලු සබඳතා ද දැන් අමතක කර දමන්න. ජීවාත්මයක් එහි ශරීරය
අත්හැර ගිය කළ, ඔහුගේ ධනය ඇතුළු ශරීරය ඔහුට නැතිව යනවා. පසුව, එම ජීවාත්මයම නැවතත්
අළුතින් ඉගෙනගෙන ආදායමක් උපයන විට, ඔහුට ධනවත් විය හැකියි. ඔබ විසින් හොඳ ක්‍රියා
කොට දාන ආදිය දී ඇත්නම්, ඔබ ධනවත් පවුලක නැවත උපත ලබනවා. අතීත ක්‍රියාවල ඵලය ඔබ
අනිවාර්යෙන්ම ලබනවා කියා කියමනක් තිබෙනවා. ඔබ විසින් පාසලක් හෝ ධර්ම ශාලාවක් තනවා
දැනුම නම් වූ දානය ලබා දී තිබේනම් ඔබ එහි ඵලය ලබනවා. කොහොමනමුත්, එය පවතින්නේ දින
කිහිපයක් යනතුරු පමණයි. ඔබ මෙහිදී දානයන් ආදිය දී හොඳ ක්‍රියා කරනවා. සත් යුගයේදී
ඔබ මෙසේ කරන්නේ නැහැ. සත් යුගයේදී ඔබ විසින් කරන්නේ හොඳ ක්‍රියාම පමණයි. මන්ද, ඔබ
එහිදී ඔබගේ උරුමය ලබාගෙනයි සිටින්නේ. එහිදී රාවන් නොමැති නිසා ඔබගේ කිසිම
ක්‍රියාවක් පාපකාරී ක්‍රියාවක් වන්නේ නැහැ. ඔබ පාපයෙහි ගැලෙන විට තමයි ඔබගේ
ක්‍රියාවන් ද පාපකාරී තත්ත්වයට පත්වන්නේ. පාපය නිසා, ඔබ පාපකාරී ක්‍රියා කරනවා. සත්
යුගයෙහිදී ඔබ කිසිම පාපකාරී ක්‍රියාවක් කරන්නේ නැහැ. ඔබගේ ක්‍රියා මත තමයි සෑම දේම
රඳා පවතින්නේ. මේ මායා, රාවන් ඔබගේ යක්ෂ ගතිගුණ වර්ධනය කරවනවා. පසුව බාබා පැමිණ
ඔබව සම්පූර්ණයෙන්ම ගුණවත් කරවනවා. මෙහිදී රාමාගේ වංශයට අයත් වන අය අතරත් රාවන්ගේ
රාජ්‍යයට අයත්වන අය අතරත් සටනක් ඇති වනවා. ඔබ තමයි රාමාගේ දරුවන් වන්නේ. හොඳ දරුවන්
වන බොහෝ දෙනා මායාගෙන් පරාජයට පත් වනවා. බාබා මෙහිදී නම් සඳහන් කරන්නේ නැහැ. බාබා
තවමත් ඔවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටිනවා. බොහෝ සෙයින් පරිහාණියට පත් වූ අය පවා
ඔහු විසින් අභිවෘද්ධියට ලක්කළ යුතු වනවා. බාබා ලෝකයේ සිටින සියලුම දෙනාව
අභිවෘද්ධියට ලක්කළ යුතුයි. රාවන්ගේ රාජ්‍යයේ සිටින සියලුම දෙනා දැන් සම්පූර්ණ
පරිහාණියට පාත්‍ර වී තිබෙනවා. දිනපතාම බාබා ඔබව ආරක්ෂා කරලීමටත් අන් අයව ආරක්ෂා
කරලීමටත් නොයෙකුත් මාර්ග පෙන්වා දෙනවා. කොහොමනමුත්, ඔබ තවමත් වැටෙනවා නම්, ඔබ සෑම
දෙනාටම වඩා පරිහාණියට පත් වූ අය වනවා. එවිට ඔබට නැවතත් උඩට නැඟීම අපහසු වනවා. එම
පසුබැසීම ඔවුන් ඇතුලත නිරන්තරයෙන්ම කනස්සල්ලට පත්කරනවා. ’අවසාන මොහොතේදී ඔබට එන
සිතිවිලි මෙන්...‘ ආදී වශයෙන් කියමනක් තිබෙනවාක් මෙන් ඔවුන් සිහිපත් කරන්නේ ඒ
පරිහාණියට පත් වූ තත්ත්වයයි. එමනිසා, බාබා මෙහි හිඳගෙන දරුවන් හට මේ සියලු දේ
විස්තර කර දෙනවා. සෑම කල්පයකදීම, මේ චක්‍රය කැරකෙන්නේ කෙසේද යන්නට සවන් දෙන්නේ
ඔබයි. සතුන් විසින් මෙය තේරුම් ගන්නේ නැහැ. මෙයට සවන් දෙන්නේ ඔබ පමණයි. පසුව ඔබ
විසින් එය හොඳින් අධ්‍යයනය කොට තේරුම් ගන්නවා. මනුෂ්‍යයන් යනු මනුෂ්‍යයන්ය! ලක්ෂ්මී
හා නාරායන හටත් ඇස්, කන්, නාසා ආදිය තිබෙනවා. අන්තිමේදී බලන විට ඒ සියලුම දෙනා
මනුෂ්‍යයන්ය. කොහොමනමුත්, ඔවුන් ළඟ දිව්‍යමය ගුණාංග තිබෙන නිසා, ඔවුන් දේවී
දේවතාවන් ලෙස හඳුන්වනවා. ඔවුන් එසේ දිව්‍ය තත්ත්වයට පත්වී පසුව නැවතත් වැටීමේ
චක්‍රය කුමක්ද කියා ඔබ දැන් දන්නවා. මෙම ඥාන සාගරය නිරන්තරයෙන්ම ආවර්ජනය කරන අය හට
මෙය හොඳින් ධාරණය කරගත හැකි වනවා. මෙම ඥාන සාගරය ආවර්ජනය නොකරන්නන් හඳුන්වන්නේ
බුද්ධූන් ලෙසයි. අන් අය හට මෙම දැනුම ලබාදෙන අය, නිරන්තරයෙන්ම මේ ඥාන සාගරය නැවත
නැවතත් ආවර්ජනය කරනවා. ඒ වගේම විස්තර කිරීමට තිබෙන මාතෘකාව ගැන ඔවුන් හොඳින්
ආවර්ජනය කරනවා. ඔවුන් බලාපොරොත්තු වනවා ඔවුන් විසින් අද තේරුම් නොගතහොත් අනාගතයේ දී
හෝ ඔවුන් විසින් තේරුම් ගන්නවා කියා. එසේ බලාපොරොත්තු තබාගන්නවා යනු සේවය ගැන
ආසාවක් ඇතිකර ගැනීමයි. සේවයෙහිදී ඔබ බොහෝ සෙයින් වෙහෙස මහන්සි නොවිය යුතුයි. බොහෝ
ඉහළට ගොස් නැවත පසුබසින ලද කෙනෙක් වුවත් ඔබ අසළට පැමිණි විට ඔබ ඉතා ආදරයෙන් නැවතත්
ඔහුට කියා දෙනවා. එහෙම නේද? එසේ නැතිනම් ඔබ ඔහුට පිටව යන්න කියා කියනවාද? ඔබ ඔහුගේ
ශුභසාධනය විමසනවා, මෙපමණ කාලයක් කොහෙද ගියේ, ඇයි නොපැමිණ සිටියේ ? ආදී වශයෙන්. එහෙම
නේද? ඔහු කියයි, ඔහු බොහෝ කාලයක් තිස්සේ මායාට හසු වී සිටියා කියා. ඔවුන් තේරුම්
ගන්නවා මෙය ඉතා හොඳ දැනුමක් කියා. ඔවුන්ට ඒ සියලු දේ මතකයි. භක්තියෙහි ජයග්‍රහණය හෝ
පසුබෑම කියා දෙයක් නැහැ. මෙම දැනුම ඔබ විසින් අනිවාර්යෙන්ම ධාරණය කරගත යුතුයි. ඔබ
බ්‍රහ්මිණ් තත්ත්වයට පත්වන තුරු දිව්‍ය තත්ත්වයට පත්විය නොහැකියි. ක්‍රිස්තියාණීන්,
බෞද්ධයන් හෝ පාසීස්වරුන් අතර ඒ භෞතික බ්රහමිණ්වරු නැහැ. ඒ බ්රහ්මිණ්වරුන්ගේ
දරුවන් බ්‍රහ්මීන්වරුන් වෙනවා. ඔබ දැන් මේ සියලු දේ තේරුම් ගන්නවා. ඔබ දන්නවා ඔබ
විසින් ඇල්ෆා සිහිකළ යුතු බව. ඇල්ෆා සිහිකිරීම මඟින් තමයි ඔබට රාජ්‍යයක් හිමි කර ගත
හැකි වන්නේ. ඔබ කෙනෙක් හමු වූ විට ඔහුට ඇල්ෆා, එනම්, අල්ලා සිහිකළ යුතු බව කියන්න.
ඇල්ෆා යන්න සියලුම දෙයින් උසස්ම වූ දේ යන්නයි. ඔවුන් ඇල්ෆා සඳහා උඩ ඉහළ බලනවා.
ඇල්ෆා යනු පැහැදිලිවම කෙලින් යන්නයි (සින්දි භාෂා පිටපත). ඇල්ෆා යනු නොම්මර එක (1)
යන්නත් අදහස් කරනවා. ඇත්තේ එකම දෙවි කෙනෙක් පමණයි. අන් සියලුම දෙනා ඔහුගේ දරුවන්ය.
බාබා, ඒ ඇල්ෆා යනුවෙන් හඳුන්වන තැනැත්තා තමයි ඔබට දැනුම ලබා දෙන්නේ. ඔහු විසින් ඔබව
ඔහුගේ දරුවා බවට පත් කරනවා. එමනිසා, දරුවන් තුළ විශාල සතුටක් තිබිය යුතුයි. බාබා
අපට බොහෝ සෙයින් සේවය කරනවා. ඔහු අපව මේ ලෝකයේ පාලකයන් බවට පත්කරවනවා. කොහොමනමුත්,
ඔහු ඒ පිරිසිඳු වූ ලෝකයට ඇතුල්වන්නේ නැහැ. ඒ පාරිශුද්ධත්වයෙන් යුතු වූ ලෝකයේදී
කිසිම කෙනෙක් ඔහු හට කතා කරන්නේ නැහැ. මේ අපිරිසිඳු වු ලෝකයේ සිටින අය තමයි ඔහුට
කතා කරන්නේ. ඔහු ඒ පිරිසිඳු වු ලෝකයටත් පැමිණියහොත් ඔහුට කරන්නට තිබෙන්නේ මොනවාද?
ඔහුව හඳුන්වන්නේ පාරිශුද්ධකරුවා ලෙසයි. එමනිසා, ඔහුගේ කාර්යය තමයි මේ අපිරිසිඳු
ලෝකය පිරිසිඳු කිරීම. බාබාගේ නම ශිවායි. ඉතින් දරුවන් වන ඔබව හඳුන්වන්නේ ඒ වටා
තිබෙන පුංචි පිළිම ලෙසයි. ඔහුත් ඔබවත් සියලුම දෙනා වන්දනීයත්වයට පාත්‍ර වනවා.
කොහොමනමුත්, ඒ වන්දනාකරුවන් ඔවුන් වන්දනා කරන්නේ කා හටද කියා දන්නේ නැහැ. ඔවුන්
විසින් නිකම්ම එසේ වන්දනා කිරීමට පුරුදු වී තිබෙනවා. ඔවුන් පළවන පංතියේ දියමන්ති හා
මිණිමුතු වලින් ඒ දෙවඟනන් හට මාළිගා තනා ඒවාට වන්දනා කරනවා. ඔවුන් මැටි වලින්
අණ්ඩාකාර වූ පිළිම සාදා ඒවාට වැඳ පසුව කඩා දමනවා. ඒ දෙවඟනන්ගේ පිළිම සෑදීමට යම්
උත්සාහයක් ගත යුතුයි. නමුත් එවන් වූ අණ්ඩාකාර පිළිම සෑදීමට කිසිම වෙහෙසක් දැරිය
යුතු වන්නේ නැහැ. ඔබ සියලුම දේ නොමිලයේ ලබනවා. ගල් කැට ජලය ඇතුලත එකිනෙක
ඇතිල්ලීමෙන් මෘදු බවටත් වක්‍ර බවටත් පත්වනවා. ඒ සම්පූර්ණයෙන්ම බිත්තරයක හැඩය
ගන්නවා. ජීවාත්මයන් බිත්තරයක හැඩය ගනිමින් ඒ බ්රහ්මාලෝකයේ සිටිනවා කියා කියනවා. මේ
නිසා තමයි එය බ්රහ්මාණ්ඩය ලෙස හඳුන්වන්නේ. ඔබ පාලකයන් බවට පත්වන්නේ ඒ
බ්‍රහ්මාණ්ඩයේ පමණක් නොවේ. ඔබ මුළු ලෝකයේම පාලකයන් බවට පත්වනවා. එමනිසා,
ප්‍රථමයෙන්ම ඔබ ඒ එකම එක පියා ගැන පමණක් විස්තර කර දිය යුතුයි. සෑම කෙනෙක්ම ශිවා හට
බාබා යනුවෙන් කතා කරමින් ඔහුව සිහිපත් කරනවා. දෙවනුව, බ්රහ්මා පවා බාබා ලෙස
හඳුන්වනවා. ඔහු ප්‍රජාපිතා වුණු දා සිට ඔහු තමයි සියලු ජනයාගේ පියා වන්නේ. ඒ වගේම
ඔහු ඔබගේ ආතා ද වනවා. දරුවන් හට දැන් මේ සියලු දැනුම තිබෙනවා. බොහෝ මිනිසුන්
ප්‍රජාපිතා බ්රහ්මා ගැන කතා කරනවා. නමුත් ඒ කිසිම කෙනෙක් ඔහු ගැන නියමාකාරයෙන්
දන්නේ නැහැ. බ්රහ්මා යනු කාගේ දරුවෙක්ද? ඔහු ඒ උත්තරීතර පියාගේ, උත්තරීතර
ජීවාත්මයේ දරුවෙක් ලෙස ඔබට කිව හැකියි. ශිව බාබා විසින් ඔහුව යොදාගෙන තිබෙන නිසා
ඔහු අනිවාර්යෙන්ම මනුෂ්‍යයෙක් විය යුතුයි. සියලුම ජීවාත්මයන් පරමාත්ම දෙවියන්ගේ
දරුවන්. පසුව, ඔබ විසින් මෙම ශරීරය ලබාගත් පසු, එය ප්‍රජාපිතා බ්රහ්මා විසින්
යොදාගත් එකක් වනවා. ඔබ කිසිම විටෙක ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය විසින් ඔබව
යොදාගත්තා කියා කියනවාද? නැහැ. බ්රහ්මා විසින් තමයි ඔබව යොදාගෙන තිබෙන්නේ. ඔබ දැන්
බ්‍රහ්ම කුමාරීන් හා බ්‍රහ්ම කුමරුන්ය. ශිව බාබා කිසිම කෙනෙක්ව එසේ යොදා ගන්නේ
නැහැ. සෑම ජීවාත්මයක්ම සදාකාලිකයි සහ අවිනාශීයි. සෑම ජීවාත්මයක්ම ඔවුන්ගේම ශරීරයත්
ඔවුන්ගේ චරිත කොටසත් ලබා ගන්නවා. එය ඔවුන් විසින් රඟ පෑ යුත්තයි. මෙම නාට්‍යය
සදාකාලික වූ අවිනාශී වූ ඒ අමරණීයත්වයේ සිටම පටන්ගෙන එන දෙයකි. ඒ සඳහා ආරම්භයක් හෝ
අවසානයක් හෝ නැත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ධනය
හා තත්ත්වය පිළිබඳ වූ සියලු උඩඟුකම් අවසන් කරන්න. මේ අවිනාශී වූ ඥාන සාගරය මඟින්
සමෘද්ධිමත්භාවයට පත්වන්න. කිසිම විටෙක සේවය කිරීමෙන් වෙහෙසට පත් නොවන්න.
2. වාතාවරණය හොඳින්
තබා ගැනීමට නම්, ඔබගේ තොල් වලින් මේ දැනුම නම් වූ මිණිමුතු පමණක් මතු වීමට
සලස්වන්න. කිසිම කෙනෙක් හට දුකක් දනවන දේ කීමෙන් වැළකීමට වගබලා ගන්න. සෑම විටම
උද්යෝගයෙන් සිටින්න.
වරදානය:
වාතාවරණය
කුමක් වුවත් තත්පරයකින් ඔබේ මනස සහ බුද්ධිය ස්ථාවර කර ගැනීමට ඔබ සියලු බල වලින්
පිරෙත්වා.
බාප්දාදා ඔය දරුවන්
සියලු දෙනාට සියලු බල ඔබේ උරුමය ලෙස ලබා දී තිබේ. සිහි කිරීමේ බලය තිබීම යනු ඔබට
අවශ්‍ය ඕනෑම තැනකට ඔබේ මනස සහ බුද්ධිය යොමු කිරීමට හැකිවීමත්, වාතාවරණය කුමක් වුවත්
තත්පරයකින් ඔබේ මනස සහ බුද්ධිය ස්ථාවර කර ගැනීමට හැකි වීමයි. අවස්ථාව කැළඹීමක් ඇති
තත්ත්වයක විය හැකිය, වාතාවරණය තමෝගුණී විය හැකිය, මායා ඔබව ඇයට අයිති කර ගැනීමට
උත්සාහ කරනවා විය හැකිය, නමුත් එසේ තිබියදීත්, ඔබ තත්පරයකින් ස්ථාවර විය යුතුයි.
ඔබට එවැනි පාලන බලයක් ඇති විට, ඔබ සියලු බල ඇති අයෙක් යැයි කියනවා ඇත.
පාඨය:
ලෝක යහපත සඳහා
වගකීමේ සහ පාරිශුද්ධත්වයේ ආලෝකයේ ඔටුනු පැළඳ සිටින අය ද්විත්ව ඔටුනු පැළඳි අය වෙති.