06.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ කතා කරන සෑම වචනයක්ම ඉතා මිහිරි මෙන්ම අංක එකේ වචන විය යුතුයි. පියා දුක නැති කරන්නා මෙන්ම සතුට පිරිනමන්නාය. පියා කරන සේ ඔබත් සෑම කෙනෙකුටම සතුට ලබා දිය යුතුයි.

ප්‍රශ්නය:
ඔබ මෙම දැනුම ඔබගේ මිතුරන්ට සහ නෑදෑයින්ට ලබා දිය යුත්තේ කුමන අන්දමටද?

පිළිතුර:
ඔබ ඔබගේ මිතුරන්, නෑදෑයින් ආදීන් හට, සිනහ මුසු මුහුණින් ඉතා සෙනෙහසින් සහ බොහෝ නිරහංකාරීව කතා කළ යුතුයි. මෙය එම මහාභාරත යුද්ධයම බව ඔවුන්ට විස්තර කර දෙන්න. පරමාත්ම පියා, රුද්‍රාගේ දැනුමේ යාග ගින්න ඇති කර තිබේ. ඔහු පවසන්නේ : මම ඔබට සත්‍යය පවසන්නෙමි. ඔබ බොහෝ උපත් ගණනාවක් භක්තිය සිදු කරමින් සිටියා. දැනුම ආරම්භ වන්නේ දැනුයි. ඔබට අවස්ථාවක් ලැබෙන ඕනෑම විටෙක බොහෝ උපක්‍රමශීලීව ඔවුන්ට කතා කරන්න. ඔබගේ පවුලේ අයට බොහෝ සෙනෙහසින් යුතුව ඉදිරියට යන්න. කිසිම විටෙක කිසි කෙනෙකුට දුකක් නොදෙන්න.

ගීතය:
අප බලා සිටි දිනය අවසානයේ දී පැමිණ තිබේ...

ඕම් ශාන්ති.
මේ ඕනෑම ගීතයක් වාදනය වන විට, ඔය දරුවන් එහි තේරුම වටහා ගත යුතුයි. ඔබට තත්පරයකින් තේරුම උකහා ගත හැක. නාටකයේ අසීමිත ඔරලෝසුව තිබේ. භක්ති මාර්ගයේදී මිනිසුන් කන්නලව් කරති. උසාවියේ නඩුවක් ඇති විට මිනිසුන් මෙසේ අසයි නඩුව අහන්නේ කවදාද? අපගේ නඩුව බේරුමක් කිරීමට අපව කැඳවන්නේ කවදාද? එබැවින් ඔය දරුවන්ටද නඩුවක් තිබේ. කුමන නඩුවද? රාවණ් ඔබට බොහෝ දුක ගෙනැවිත් තිබේ. ඔබගේ නඩුව මහාධිකරණයට ගෙන යනු ලැබේ. මිනිසුන් නොකඩවා කන්නලව් කරති බාබා, පැමිණ අපව දුකින් මුදවා ගන්න. ඔබගේ නඩු අසන දිනය අනිවාර්යෙන්ම දවසක සිදුවෙයි. පියා ඔබට ඇහුම්කන් දෙයි, ඉන්පසුව ඔහු නාටකයට අනුව, අකුරටම නිවැරදි වේලාවට පැමිණෙයි තත්පරයක හෝ වෙනසක් තිබිය නොහැක. අසීමිත ඔරලෝසුව නිවැරදිව ක්‍රියාත්මක වෙයි. ඔබට තිබෙන ඔරලෝසු ඒ අන්දමින් නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නැත. මේ යාගයේ සෑම කාර්යයක්ම ඉතා නිවැරදිව සිදු කළ යුතුව තිබේ. ඔරලෝසුව වුවත් ඉතා නිවැරදි විය යුතුයි. පියා ඉතාමත්ම නිරවද්‍යයි. නඩු ඇසීම ද ඉතා නිවැරදි ආකාරයෙන් සිදු වෙයි. ඔහු සෑම චක්‍රයකම සංගමයේ දී නිවැරදි වේලාවට පැමිණෙයි. ඉතිං, ඔය දරුවන්ගේ හඬ දැන් ඇහුම්කන් දී තිබේ, එබැවින් බාබා දැන් පැමිණ ඇත. ඔබ දැන් සෑම කෙනෙකුටම විස්තර කරයි. ඔබව දුකට පත් කළේ කවුද කියා ඔබට පෙර වැටහුණේ නැත. රාවණ්ගේ රාජධානිය ආරම්භ වන්නේ තඹ යුගයෙන් බව පියා දැන් විස්තර කර තිබේ. බාබා සෑම චක්‍රයකම සංගමයේ දී අසීමිත රාත්‍රියේ දී පැමිණෙන බව ඔය දරුවන් දැන් දන්නවා. අසීමිත රාත්‍රීයේ දී පැමිණෙන්නේ ශිව බාබාය. මෙය ක්‍රිෂ්ණා පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ව දහවලට ගෙන යාම සඳහා, පියා, ඥාන සාගරය, පැමිණෙන්නේ මිනිසුන් මෝහන්ධකාරය නම් නින්දේ සිටින විටයි. ඔහු පවසන්නේ මාව සිහිපත් කරන්න, මන්ද ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු බවට පරිවර්ථනය විය යුතුයි. පාරිශුද්ධකරුවා වන්නේ පියා පමණයි. ඔහු පැමිණි විට පමණයි, ඔහුට ඔබව ඇසෙන්නේ. ඔබගේ නඩු ඇසීම දැන් සිදු වීමටයි යන්නේ. පියා පවසන්නේ මා පැමිණ ඇත්තේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමටයි. මා ඔබට පිවිතුරු වීමට ඉතා පහසු ක්‍රමයක් පෙන්වා දෙමි. මෙකල විද්‍යාවට බොහෝ බලය තිබේ. පරමාණුක බෝම්බ ඉතා විශාල හඬක් නඟයි. ඔය දරුවන් නිහැඬියාවේ බලයෙන් විද්‍යාව ජය ගනී. නිහැඬියාවට යෝගාව යැයි ද කියයි. ඔය ජීව ඔබගේ පියාව සිහි කොට මෙසේ කීවේය බාබා, ඔබ පැමිණි විට, අපට ගොස් අපගේ නිහඬ දේශයේ වාසය කළ හැක. එබැවින් ඔය දරුවන්, ඔබගේ යෝගා බලයෙන්, එනම් නිහැඬියාවේ බලයෙන් විද්‍යාව ජයගනී. ඔබ නිහැඬියාවේ බලය ලබා ගනිමින් සිටියි. විනාශය, විද්‍යාව තුළින් සිදුවෙයි. ඔය දරුවන් නිශ්ශබ්දතාවය තුළින් ජය ගනී. භෞතික බලය ඇති අයට ලෝකය ජයගත නොහැක. මෙම කරුණු ඔබගේ ප්‍රදර්ශන වල ලියා පෙන්වන්න. දිල්ලියේ බොහෝ සේවය සිදු කළ හැක, මන්ද දිල්ලිය අගනුවර බැවිනි. ඔබගේ අගනුවර වන්නේද දිල්ලියයි. දිල්ලියට පරිස්ථාන් (සුරංගනාවන්ගේ දේශය) යැයි කියයි. පාණ්ඩවයන්ගේ බලකොටුවක් නොමැත. මිනිසුන් බලකොටුවක් තනන්නේ සතුරු ප්‍රහාර වලින් ආරක‍්ෂා වීමටයි. ඔබට බලකොටු ආදිය අවශ්‍ය වන්නේ නැත. නිහැඬියාවේ බලයෙන් ඔබ ඔබගේම රාජධානිය ස්ථාපනය කරන බව ඔබ දන්නවා. ඒ මිනිසුන්ට කෘත්‍රිම නිහැඬියාවක් තිබෙන අතර, ඔබට ඇත්තේ සැබෑ නිහැඬියාවයි. මෙසේ කියමනක් තිබේ දැනුමේ බලය සහ නිහැඬියාවේ බලය. දැනුම යනු අධ්‍යාපනයකි. ඔබට මෙම ඉගෙනුම තුළින් බලය ලැබෙයි. පොලිස් අධිකාරි තුමෙකුට විශාල බලයක් තිබේ. ඒ සෑම දෙයක්ම ඔබට දුක ගෙන දෙන භෞතික දේවල්ය. ඔබගේ සෑම කාරණාවක්ම ආධ්‍යාත්මිකයි. ඔබට සවන් දෙන අය සතුටට පත් වන අන්දමින්, ඔබගේ මුවින් පිටවන සෑම වචනයක්ම, පළමු පෙළේ මෙන්ම ඉතා මධුර විය යුතුයි. පියා දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නාය. ඔය දරුවන්ද ඒ අන්දමින්ම සෑම කෙනෙකුටම සතුට ලබා දිය යුතුයි. ඔබ ඔබගේ පවුල්වල උදවියට හෝ කිසිදු දුකක් අත්විඳීම සිදු නොකළ යුතුයි. ඔබ සෑම කෙනෙක් සමඟම විනයානුකූලව අන්තර් සම්බන්ධතා පැවැත්විය යුතුයි. ඔබගේ වැඩිහිටියන් සමග බොහෝ සෙනෙහසින් කටයුතු කරන්න. ඒවා අසන ඕනෑම කෙනෙක් සතුටට පත්වන අන්දමේ, බොහෝ මිහිරි, පළමු පෙළේ වචන ඔබගේ මුවින් පිට විය යුතුයි. ඔවුන්ට කියන්න ශිව බාබා මෙසේ පවසනවා මන්මනභව! උසස්ම උසස් කෙනා මමයි. මා සිහිපත් කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වෙයි. ඔබ බොහෝ සෙනෙහසින් යුතුව ඔවුන්ට කතා කළ යුතුයි. ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක් අසල සිටින්නේ නම්, ඔහුට කියන්න දාදාජී, ශිව බාබා මෙසේ පවසනවා මා සිහිපත් කරන්න. රුද්‍රා වශයෙන්ද හැඳින්වෙන ශිව බාබා, මෙම දැනුමේ යාග ගින්න නිර්මාණය කර තිබේ. දැනුමේ යාග ගින්න නිර්මාණය කළේ ක්‍රිෂ්ණා බව ඔබ කොහේවත් අසා නොමැත. මිනිසුන් කතා කරන්නේ රුද්‍රාගේ දැනුමේ යාග ගින්න ගැන පමණයි. රුද්‍රා, ශිව බාබා මෙම දැනුමේ යාග ගින්න නිර්මාණය කර ඇත. ඔහු ඔබට රාජධානියක් හිමිකර ගැනීම සඳහා, ඥානය සහ යෝගාව උගන්වයි. පියා මෙසේද පවසයි දෙවියන් කතා කරයි නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, මන්ද මෙය දැන් සෑම කෙනෙකුගේම අවසන් මොහොතයි. එය සෑම කෙනෙකුගේම විශ්‍රාමික අවස්ථාවයි. සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. කෙනෙක් මියැදෙන්නට ආසන්න වන විට, ඔහුට දෙවියන් සිහි කරන්නට කියා කියයි. දෙවියන්ම මෙහි පැමිණ පවසන්නේ මරණය ඔබ ඉදිරියේ සිටියි. කිසි කෙනෙකුට ඉන් බේරීමට නොහැක. පියා චක්‍රය අවසානයේ පැමිණ මෙසේ කියයි දරුවනි, මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් පිළිස්සී යයි. මෙයට කියන්නේ සිහිපත් කිරීමේ ගින්න කියාය. මෙම සිහිපත් කිරීමේ දී ඔබගේ පාපයන් පිළිස්සෙන බව පියා සහතික වනවා. ඔබගේ පාපයන් දුරුකිරීමට සහ ඔබට පිවිතුරු වීමට වෙනත් ක්‍රමයක් නොමැත. ඔබගේ හිස මත තිබෙන පාපයන්ගේ බර නිසා සහ ඔබට වෙනත් ලෝහ මිශ්‍ර වී ඇති නිසා, රත්තරං දැන් කැරට් 9ක් පමණක් වී තිබේ. රත්තරං වල කැරට් 9ක් පමණක් ඇති විට එයට කෘත්‍රිම රත්තරං යැයි කියයි. එය නැවතත් කැරට් 24හි රත්රං වන්නේ කෙසේද ? ඔය ජීව සත්තාවන් පිවිතුරු වන්නේ කෙසේද ? පිවිතුරු ජීවයකට පිවිතුරු ආභරණ ද දෙනු ලබයි. ඔබ ඔබගේ මිතුරන්, නෑදෑයින්ට ආදිය ඉතා සෙනෙහසින් යුතුව, සිනහ මුසු මුහුණින් සහ බොහෝ නිරහංකාරීව කතා කළ යුතුයි. මෙය එම මහාභාරත යුද්ධයම බව ඔවුන්ට විස්තර කර දෙන්න. මෙයට රුද්‍රාගේ දැනුමේ යාග ගින්න යැයි කියනු ලැබේ. අපට දැන් ලෝකයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ දැනුම පියා විසින් දෙනු ලබනවා. ඔබට මෙම දැනුම වෙනත් කිසිම තැනක ලබා ගත නොහැක. මා ඔබට පවසන්නේ සත්‍යයයි. ඔබ බොහෝ උපත් ගණනාවක්ම භක්තියේ යෙදී සිටියා. දැන් එය මෙම දැනුම ආරම්භ වීමට කාලයයි. භක්තිය රාත්‍රිය වන අතර දැනුම දහවලයි. ස්වර්ණමය යුගයේ භක්තිය නොමැත. ඔබට අවස්ථාවක් ලැබෙන ඕනෑම විටෙක ඔවුන්ට උපක්‍රමශීලීව කතා කළ යුතුයි. ඔබ ඊතලයක් විදීමට පෙර, කාලය සහ අවස්ථාව සලකා බැලිය යුතුයි. දැනුම දීම සඳහා ඔබ බොහෝ උපක්‍රමශීලී වීම අවශ්‍යයි. පියා සෑම කෙනෙකුටම වෙනස් ක්‍රමවේද ලබා දෙයි. පාරිශුද්ධත්වය ඉතා හොඳයි. ලක‍්ෂ්මි සහ නාරායන් පිදුම් ලබන්නට සුදුසුයි. ඔවුන් පිවිතුරුව සිටි අතර, පිදුම් ලබන්නට සුදුසු වූහ. ඉන්පසුව ඔවුන් අපවිත්‍ර වී පුදන්නන් බවට පත්විය. පිවිතුරු අය, අපවිත්‍ර අයව පිදීම, සුදුසු බව නොහැඟෙයි. සමහරු අපවිත්‍ර අයව හැරදමා පලා යති. වල්ලභචාරීන් (ක්‍රිෂ්ණාගේ බැතිමතුන් කොටසක්) කිසිවෙකුට ඔවුන්ගේ දෙපා ස්පර්ෂ කිරීමට ඉඩ නොදෙයි. මනුෂ්‍යයින් අපවිත්‍ර බව ඔවුන් විශ්වාස කරති. දේවාල වල, දේවතා ප්‍රතිමා ස්පර්ෂ කළ හැක්කේ බ්‍රහ්මණ පූජකයින්ට පමණයි. ශුද්‍ර මනුෂ්‍යයින්ට ප්‍රතිමා ස්පර්ෂ කිරීම තහනම් කර ඇත. ඒවා නැහැවීම ආදිය කිරීමට අවසර ඇත්තේ බ්‍රහ්මණ පූජකයින්ට පමණයි. අන් කිසිවෙකුට එහි යෑමට අවසර නැත. එහි බොහෝ වෙනසක් තිබේ ! එම බ්‍රහ්මිණ්වරුන් මව් කුසකින් උපත ලබන අතර, සැබෑ බ්‍රහ්මිණ්වරුන් වන ඔබ මුඛයෙන් උපන් අයයි. බ්‍රහ්මිණ්වරු වර්ග දෙකක් සිටින බව, ඔබට එම බ්‍රහ්මිණ්වරුන්ට ඉතා හොඳින් විස්තර කළ හැක එක වර්ගයක් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් පරම්පරාව වන අතර අනෙක් වර්ගය මව් කුසකින් උපන් අයයි. බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් පරම්පරාව වන බ්‍රහ්මිණ්වරු මුදුන් ගැටයයි. යාග ගින්නක් ඇති කරන විට, එය රැක බලා ගැනීමට බ්‍රහ්මිණ් පූජකයින් පත් කෙරේ. මෙම යාග ගින්න, ඥානය හා සම්බන්ධයි. ඔය බ්‍රහ්මිණ්වරුන්ට දැනුම ලබා දෙන අතර ඔබ ඉන්පසුව දේවතාවන් වෙයි. විවිධ කුල ගැන ඔබට විස්තර කර තිබේ. සේවය කළ හැකි දරුවන්, සෑම විටෙකම සේවය කිරීමට ලැදිය. ඕනෑම ස්ථානයක ප්‍රදර්ශනයක් ඇති විට, ඔවුන් සැනෙකින් එතැනට දිව යයි. ඔවුන් ගොස් මෙම දැනුමේ කරුණු විස්තර කර දිය යුතු බව ඔවුනට හැඟෙයි. ප්‍රදර්ශන වලදී ඉතා සීඝ්‍රයෙන් පුරවැසියන් බිහි කෙරෙයි. බොහෝ දෙනෙක් සිය කැමැත්තෙන්ම පැමිණෙයි. එබැවින් පැහැදිලිව විස්තර කළ හැකි දක‍්ෂ අය අවශ්‍යයි. කෙනෙක් සම්පූර්ණයෙන් විස්තර නොකළේ නම්, ’බ්‍රහ්ම කුමාරීන්ට ඇත්තේ මේ දැනුම ටික පමණද?‘ කියා මිනිසුන් කියාවි. එබැවින් සේවයට අපහාසයක් සිදුවෙයි. මේ නිසයි ඔවුන් විස්තර කරන විට, මඟ පෙන්වන්නන් දෙස බලා සිටීමට විපරමින් සිටින කෙනෙක් අවශ්‍ය වන්නේ. වැදගත් මිනිසුන් පැමිණෙන්නේ නම්, හොඳින් විස්තර කළ හැකි කෙනෙක් ඔවුන්ට කතා කළ යුතුයි. පැහැදිලිව විස්තර කළ නොහැකි අය, ඉවත් කළ යුතුයි. ඉතා හොඳින් අධීක‍්ෂණය කළ හැකි කෙනෙක් සිටිය යුතුයි. ඔබ මහාත්මයන්ටත් ආරාධනා කළ යුතුයි. බාබා අපට මෙසේ කියන බව ඔවුන්ට සරලව කියන්න මම උසස්ම උසස් දෙවියන්ය. මම පියා, නිර්මාණකරු වන්නෙමි. අන් සෑම කෙනෙක්ම නිර්මාණයේ කොටස්ය. ඔබට පියා ගෙන් උරුමයක් හිමි වනවා. සහෝදරයෙකුට තවත් සහෝදරයෙකුගෙන් කුමන උරුමයක් ලැබෙයිද ? වෙනත් කිසිවෙකුට ඔබට සතුටු දේශයේ උරුමය ලබා දිය නොහැක. එම උරුමය ඔබට ලබා දිය හැක්කේ පියාට පමණයි. සියලු දෙනාට විමුක්තිය ලබා දෙන්නේ පියා පමණයි. ඔබ ඔහුව සිහිපත් කළ යුතුයි. පියාම පැමිණ ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා. ඔහු බ්‍රහ්මාගේ ශරීරය මඟින් දිව්‍යලෝකය නිර්මාණය කරනවා. මිනිසුන් ශිවාගේ උපන්දිනය (ශිව ජයන්තිය) සමරන මුත් ඔහු කළේ කුමක්ද ? සෑම කෙනෙකුටම ඒ සියල්ලම අමතක වී තිබේ. ශිව බාබා පැමිණ ඔබට රාජයෝගා උගන්වා ඔබට ඔබගේ උරුමය ලබා දෙයි. භාරතය වසර 5000කට පෙර දිව්‍යලෝකය බවට පත් කෙරුණි. එය වසර සිය දහස් ගණනක කාරණයක් විය නොහැක. එය එසේ වූයේ නම්, කිසි දෙයක් නිවැරදිව ගණන් බැලීමට නොහැකි වනු ඇත. ඇත්ත වශයෙන්ම ස්වස්ථිකයේ සමාන කොටස් සතරක් තිබේ. සෑම යුගයක්ම වසර 1250 වෙයි. ගණනය කිරීමක් කළ හැක. ඒ මිනිසුන් මෙම ගණනය කිරීම් ගැන කිසිවක් නොදනී. ඒ නිසයි ඔවුන් සිප්පි කටු තරම් නොවටින බව කියැවෙන්නේ. පියා දැන් ඔබව දියමන්ති තරම් වටිනා අය බවට පත් කරවනවා. සෑම කෙනෙක්ම අපවිත්‍රයි ඒ නිසයි ඔවුන් දෙවියන්ව සිහි කරන්නේ. දෙවියන් පැමිණ ඔබට දැනුම දී ලස්සන කරවයි. ඔහු ඔය දරුවන්ව දැනුමේ මැණික් වලින් අලංකාර කරයි. ඉන්පසුව ටිකක් බලන්න, ඔබ කුමක් බවට පත්වනවාද කියා ඔබගේ අරමුණ සහ ඉලක්කය කුමක්ද ? භාරතය කිරුළු පැළඳ සිටි අන්දම ඔබට අමතකද ? මුස්ලිම් ජාතිකයින් දියමන්ති ආදිය විශාල ප්‍රමාණයක් සෝම්නාථ දේවාලයෙන් සොරකම් කර, ඒවා සියල්ලම ඔවුන්ගේ පල්ලි වල භාවිත කළා. දැන් කිසිවෙකුට ඒවාට වටිනාකමක් කියන්නට බැරිය. රජවරු පැළඳූ කිරුළු වල, විශාල මැණික් බොහෝ ප්‍රමාණයක් තිබිණි. සමහරුන්ට එක් ලක‍්ෂයක් වටිනා මැණික්ද, තවත් සමහරුන්ට ලක‍්ෂ පහක් වටිනා මැණික්ද තිබිණි. මෙකල බොහෝ කෘත්‍රිම දේවල් තිබේ. මේ ලෝකයේ තිබෙන කෘත්‍රිම සතුට වටින්නේ පැන්ස කිහිපයක් පමණක් වන අතර, අන් සෑම දෙයක්ම දුකකි. එබැවින් සතුට කපුටෙකුගේ අසුචි මෙන් බව සන්‍යාසීන් කියති. මේ නිසයි ඔවුන් ඔවුනගේ නිවෙස් සහ ව්‍යාපාර අත්හරින්නේ. කෙසේවෙතත්, ඔවුන්ද දැන් සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් වී තිබේ. ඔවුන් දැන් නගරවලට පැමිණ ඇති නමුත්, ඔබ ගොස් පැමිණිලි කරන්නේ කාටද ? රජුන් හෝ රැජිනියන් නොමැත. කිසිවෙකු ඔබට සවන් නොදෙනු ඇත. සෑම කෙනෙකුටම තමන්ගේම මත තිබෙන බවත්, ඔවුන්ට අවශ්‍ය දෙයක් කළ හැකි බවත්, මේ ලෝකය, සිතිවිලි වලින් නිර්මාණය වී ඇති බවත් ඔවුන් කියනු ඇත. පියා දැන් අප්‍රසිද්ධ වේශයකින් ඔය දරුවන්ට උත්සාහ දැරීමට දිරි ගන්වයි. ඔබ බොහෝ සතුට අත්විඳියි. අනෙක් ආගම් සියල්ලක්ම අවසානයේදී ව්‍යාප්ත වෙයි. එවිට යුද්ධ සහ බොහෝ ගැටුම් ඇති වෙයි. ඔබ චක්‍රයෙන් හතරෙන් තුනක්ම සතුටින් සිටියි. ඔබගේ දේවතා ධර්මය බොහෝ සේ ඔබට සතුට ලබා දෙන බව පියා කියන්නේ මේ නිසාය. මා ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවනවා. වෙනත් එකදු ආගමික නායකයෙක් වත් රාජධානියක් ස්ථාපනය කරන්නේ නැත. ඔවුන් කිසිම කෙනෙකුට විමුක්තිය ලබා දෙන්නේ නැත ඔවුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම් ස්ථාපනය කිරීමට පමණයි. අවසානය වන විට ඔවුන් සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් වන විට, ඔවුන්ව සම්පූර්ණයෙන්ම සතෝප්‍රධාන් කිරීමට පියා පැමිණිය යුතුයි. මිනිසුන් දහස් ගණනින් මෙහි පැමිනෙණ මුත් ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. මේ මේ කෙනාට ඉතා හොඳින් වැටහුණු බවත් ඔහු ඉතා හොඳ බවත් සමහර දරුවන් පියාට ලියයි ඔහුට කිසි දෙයක් වැටහී නැත. බාබා පැමිණ ඇති බවත් අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන බවත් ඔහුට වැටහුණේ නම්, ඔහු කුල්මත්භාවයට පත් වී, සැනෙකින් ටිකට් පතක් මිලදී ගෙන, ඒ මොහොතෙම මෙහි දිව එනු ඇත. කෙසේවෙතත්, ඔබ පියා මුණගැසීමට පැමිණෙන විට, ඔබගේ ගුරුවරයාගෙන් හැඳින්වීමේ ලිපියක්ද ඔබට තිබිය යුතුයි. ඔබ පියාව හඳුනාගත් පසු, ඔහුව මුණගැසීමට පැමිණීම පමා කළ නොහැක. ඔබට බොහෝ කුල්මත් බවක් ඇති වෙයි. මේ අන්දමින් කුල්මත් වන අය තුළ බොහෝ සතුට තිබෙයි. ඔවුන්ගේ නෑ මිතුරන් දෙසට ඔවුන්ගේ බුද්ධිය ඇදී නොයනු ඇත. කෙසේවෙතත්, ඔබගෙන් බොහෝ දෙනෙකුගේ බුද්ධිය දිගින් දිගටම එහෙ මෙහෙ සැරි සරයි. ඔබගේ පවුලේ අය සමග නිවසේ සිටින අතරම, නෙළුම් මලක් සේ පිවිතුරුව රැඳී සිට, පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. මෙය ඉතා පහසුයි. හැකිතාක් පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. ඔබට ඔබගේ රැකියාවෙන් නිවාඩු ගත හැක. එබැවින් දින දෙකක් ඔබගේ රැකියාවෙන් නිවාඩු ගෙන සිහිපත් කිරීමේ වන්දනාවේ අසුන් ගෙන සිටින්න. සිහිපත් කිරීමේ අසුන් ගැනීම සඳහා, ඔබ නැවත නැවතත් සිතිය යුත්තේ මම පියාගේ සිහිපත් කිරීමේ උපවාසයක සිටිමි. ඔබ එවිට බොහෝ උපයනු ඇත. ඔබගේ සියලු පාපයන්ද දුරු වනු ඇත. ඔබ පියාගේ සිහිපත් කිරීම තුළින් සම්පූර්ණයෙන්ම පිවිතුරු විය යුතුයි. කිසි කෙනෙකුට දවස පුරාම සිහිපත් කිරීමේ සිටිය නොහැක. මායා අනිවාර්යෙන්ම බාධක ඇති කරයි. කෙසේවෙතත්, මෙම උත්සාහය දැරිමෙනුයි ඔබ ජය ගන්නේ. සිතන්න අද මම දවස පුරාම වත්තේ අසුන්ගෙන පියාව සිහිපත් කරන්නෙමි. ආහාර ගන්නා විට දී පවා මා සිහිපත් කිරීමේ අසුන් ගන්නෙමි. මෙයට උත්සාහයක් ගැනීම අවශ්‍යයි. අපි අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. ඔබ උත්සාහ දරා අන් අයට මාර්ගය පෙන්විය යුතුයි. බැජය බොහෝ හොඳය. ඔබ එකිනෙකා සමඟින් මාර්ගයේ දී කතා බහ කරන්නේ නම්, බොහෝ දෙනෙක් එකතු වී ඔබට සවන් දෙනු ඇත. පියා පවසන්නේ මා සිහි කරන්න ! ඔවුන්ට මෙම පණිවිඩය ලැබුණු පසු, ඔබගේ වගකීමෙන් ඔබ නිදහස් වනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ රැකියාවෙන් නිවාඩු ගෙන, සිහිපත් කිරීමේ සිටීමට භාරයක් වන්න. මායා පරාජය කිරීම සඳහා, සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දරන්න.

2. ඔබගේ නෑ මිතුරන්ට බොහෝ සෙනෙහසින් යුතුව ඔබගේ මුවගේ සිනහවකින් යුතුව සහ බොහෝ නිරහංකාරීව සේවය කරන්න, නමුත් ඔබගේ බුද්ධියට ඔවුන් වෙතට ඇදී යාමට ඉඩ නොදෙන්න. බොහෝ සෙනෙහසින් යුතුව සියලු දෙනාටම පියාගේ හැඳින්වීම ලබා දෙන්න.

වරදානය:
ඔබ ඇවිදින විට මෙන්ම එහා මෙහා යන එන අතරතුර ඔබේ සුරදූත ස්වරූපයේ දර්ශන ලබා දෙන ප්‍රතිරුවක් බවට ඔබ පත් වේවා.

ආරම්භයේ දී, බ්‍රහ්ම බාබා ඇවිදිමින් එහා මෙහා යන එන අතරතුර, ඔහුව නොපෙනී ගොස් ශ්‍රී ක්‍රිෂ්ණා දර්ශනය විය. මෙම දර්ශනය ඔවුන්ට සියල්ල අත්හැරීමට හේතු විය. එබැවින් දැන්, එවැනි දර්ශන සහිත සේවාවක් කිරීම සක්‍රිය කරන්න. දර්ශනයක් දැකීමෙන් යම් දෙයක් ළගා කර ගැනීමක් ඇති වූ විට, ඔවුන්ට එසේ නොවී සිටීමට නොහැකි වනු ඇති බැවින් ඔබ දැන් ඔබේ ඇවිදින හා චලනය වන සුරදූත ස්වරූපයන්ගේ දර්ශන ඔවුන්ට ලබා දිය යුතුය. දේශන (භාසන්) දෙන බොහෝ දෙනෙක් සිටිති, නමුත් ඔබ අත්දැකීම් (භාෂණ) දෙන අය බවට පත්විය යුතුය. පරමාත්ම දෙවියන්ට අයිති ඒ අය ඔබ බව මිනිසුන්ට දැනෙන්නට පටන්ගනු ඇත.

පාඨය:
නිරතුරුවම අධ්‍යාත්මික සතුට අත්විඳින විට, ඔබ කිසිවිටෙක ව්‍යාකූල නොවනවා ඇත.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

දැන් ඔබගේ හදවතේ සුබ පැතුම්, සියලු ජීවාත්ම වෙතට ළගා කරවන්න. නිහැඩියාවේ බලය හෙළිදරව් කරන්න. සෑම බ්‍රහ්මින් දරුවෙකුටම නිහැඩියාවේ බලය තිබේ. ඔබගේ මනසේ සහ සිරුරේ මෙම බලයට මතු වීමට ඉඩ දෙන්න. ඔබගේ මනසේ සිතිවිලි තත්පරයකදි එක්තැන් කරගන්න, එවිට නිහැඩියාවේ බලයේ චිත්ත තරංග නොකඩවා ඉබේටම වාතාවරණයේ පැතිරී යයි.