06.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පැරණි ලෝකයේ කටු, නව ලෝකයේ මල් බවට වෙනස් කිරීමේ කාර්යය ඔය දක‍්ෂ උයන්පල්ලන්ට තිබේ.

ප්‍රශ්නය:
සංගම යුගයෙදී, ඔය දරුවන්, තමන්ට නිර්මාණය කරගන්නා වඩාත්ම උසස් භාග්‍යය කුමක්ද?

පිළිතුර:
ඔබ කටු වලින් සුවඳ මල් බවට වෙනස් වෙයි; ශ්‍රේෂ්ඨතම භාග්‍යය මෙයයි. ඔබට එක් හෝ දුර්ගුණයක් තිබේ නම්, ඔබ තවමත් කටුවකි. ඔබ කටු වලින් මල් බවට සම්පූර්ණයෙන්ම වෙනස් වූ විට පමණයි, ඔබ සතෝප්‍රධාන් දේවතාවන් බවට පත්වන්නේ. ඔය දරුවන් දැන් මෙහි පැමිණ සිටින්නේ, පරම්පරා 21කට ඔබගේ සූර්ය වංශික භාග්‍යය නිර්මාණය කර ගැනීමටයි.

ගීතය:
මා පැමිණියේ මගේ භාග්‍යය අවදි කරමිනි.

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුනා. මෙය සාමාන්‍ය ගීතයක්. ඔබ උයන්පල්ලන් වන අතර, පියා, උයනේ පාලකයාය. ඔය උයන්පල්ලන්, දැන් කටු, මල් බවට වෙනස් කළ යුතුයි. මෙම වචන ඉතාමත්ම පැහැදිලියි. ඔය බැතිමතුන් පරමාත්ම දෙවියන් වෙතට පැමිණ සිටියි. ඔබ සෑම කෙනෙක්ම බැතිමතෙක්ය. ඔබ මෙම ඥානය ඉගෙන ගැනීම සඳහා පරමාත්ම පියා වෙතට පැමිණ සිටියි. ඔබට නව ලෝකයේ අධිපතියන් විය හැක්කේ, මෙම ඥානය ඉගෙන ගැනීමෙන් පමණයි. ඔය බැතිමතුන් කියන්නේ: මා පැමිණියේ මගේ භාග්‍යය අවදි කරමින්ය. මගේ හදවතේ නව ලෝකයක් සාදා මා පැමිණියා. බාබා ඔබට සෑම දිනකම පවසන්නේ ඔබට ඔබගේ මිහිරි නිවස සහ මිහිරි රාජධානිය සිහිපත් කරන ලෙසයි. මෙය සිහි කළ යුත්තේ ඔය ජීවාත්මයයි. සෑම මධ්‍යස්ථානයකම, ඔබ සෑම කෙනෙක්ම, කටු වලින් මල් බවට වෙනස් වනවා. මල්ද අංකානුරූපයි. ශිවාට මල් පූජා කරයි. සමහරුන් එක් වර්ගයක මල්ද, තවත් සමහරු තවත් මල් වර්ගයක්ද ශිවාට පූජා කරති. දුගඳ ඇති මලක් සහ රෝස මලක් අතර, දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. මෙයද මල් උයනකි සමහරු පිච්ච මල් වන අතර, සමහරු චම්පා (මල් වර්ගයක්)ද, තවත් සමහරු රතන් ජෝති (ඉතාමත්ම සුවඳැති මලක්)ය සමහරු දුගඳ මල්ද වෙයි. වර්තමානයේ සෑම කෙනෙක්ම කටු බව ඔය දරුවන් දන්නවා. මෙම ලෝකය කටු කැලෑවක් වන අතර, නව ලොව මල් උයනේ සිටීමට, ඔබ මල් විය යුතුයි. මෙම පැරණි ලෝකයේ සිටින්නේ කටු පමණයි, එබැවින් ඔබ පැරණි ලෝකයේ කටු වලින් නව ලෝකයේ මල් බවට වෙනස් වීම සඳහා පියා වෙතට පැමිණ සිටින බව ඔබ ගායනා කරයි. ඔබ නව ලෝකය ස්ථාපනය කරන පරමාත්ම පියා වෙතට පැමිණ සිටියි. ඔබ කටු වලින් මල් බවට, එනම්, දේවතාවන් බවට වෙනස් විය යුතුයි. ගීතයේ අදහස බොහෝ පහසුයි! අප නව ලෝකය සඳහා අපගේ භාග්‍යය අවදි කරමින් පැමිණ සිටියි. නව ලෝකය, ස්වර්ණමය යුගයයි. සමහරුන්ගේ භාග්‍යය සතෝප්‍රධාන් වන අතර තවත් සමහරුන්ට එය රජෝ ද වෙනත් අයට තමෝ ද වෙයි. සමහරුන් සුර්ය වංශික රජවරු වන අතර, තවත් සමහරු ඔවුන්ගේ පුරවැසියන් වෙයි. ඇතමෙක් පුරවැසියන්ගේ සේවකයන්ද වෙයි. නවලොව රාජධානිය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. ඔබ පාසැලට යන්නේ ඔබගේ භාග්‍යය අවදි කිරීමටයි. මෙහි තිබෙන්නේ නව ලෝකය පිළිබඳ ප්‍රශ්නයකි. මෙහි, මෙම පැරණි ලෝකයේ, ඔබ කුමන භාග්‍යයක් නිර්මාණය කර ගන්නද? ඔබ නවලොව දේවතාවන්, සෑම කෙනෙක්ම ඔවුන්ගේ හිස නමමින් සිටි ප්‍රතිමාවන්ගේ දේවතාවන් වීමේ ඔබගේ භාග්‍යය නිර්මාණය කර ගනිමින් සිටිනවා. ඔබ පිදුම් ලබන්නට සුදුසු දේවතාවන්ව සිටි අතර, පසුව නැවත නැවතත් උපත් ගැනීමෙන්, ඔබ පුදන්නන් බවට පත් වූවා. ඔබ දැන් උපත් 21කට ඔබගේ උරුමය ලබනවා. මිනිසුන් පරම්පරා 21ක් ගැන කතා කරයි. පරම්පරාවක් යනු, විශ්‍රාමික විය පසු කරන තුරු, පවතින ජීවිතයකි. පියා ඔබට පරම්පරා 21කට ඔබගේ උරුමය ලබා දෙයි. ඔබ ඔබගේ යෞවනයේ, ළමා වියේ, හෝ ඔබගේ ජීවිතයේ මැද භාගයේදී අකල් මරණ අත් නොවිඳින බැවින්, එම ලෝකයට අමරණීය දේශය යැයි කියයි. මෙම ලෝකයට මරණයේ දේශය, රාවන්ගේ රාජධානිය යැයි කියයි. මෙහි සෑම කෙනෙක් තුළම දුර්ගුණ පවති. එක දුර්ගුණයක් හෝ තිබෙන කෙනෙක්, කටුවකි. එවිට උයන්පල්ලා, රාජකීය සුවඳ මල් නිර්මාණය කරන්නේ කෙසේද කියා නොදන්නා බව, පියා වටහාගනී. උයන්පල්ලා හොඳ නම්, ඔහු ඉතා හොඳ මල් සූදානම් කරනු ඇත. ඔබට අවශ්‍ය වන්නේ, ජයග්‍රාහී මාලාවේ ඇමිණීමට තරම් වටිනා මල්ය. දේවතා ප්‍රතිමා වලට පූජා කිරීමට ඉතා හොඳ මල් නෙලයි. එලිසබත් මහ රැජින මෙහි පැමිණෙන්නේ නම්, ඔබ නොම්මර එකේ මල් වලින් මල් මාලාවක් සූදානම් කර, ඇයට තිළිණ කරනු ඇත. මෙහි සිටින මනුෂ්‍යයින් තමෝප්‍රධාන්ය. ඔහු දෙවියන් යැයි විශ්වාස කර, මිනිසුන් ශිව දේවාලයකට යයි. ඔවුන් බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ට දේවතාවන් යැයි කියයි. ඔවුන් ශිවාට කියන්නේ දෙවියන් කියාය. ඔහු උසස්ම උසස් කෙනා බව, ඔවුන් පවසයි. ශිවා, තිත්ත මල් ආහාරයට ගෙන, මත් වන පානයක් පානය කළ බව, ඔවුන් පවසයි. ඔවුන් බොහෝ සෙයින් ඔහුට අපහාස කරයි. ඔවුන් ඔහුට දුගඳ මල් පූජා කරයි; පරම පියා, පරම ජීවාත්මයට ඔවුන් පූජා කරන්නේ මේවාය! ඔවුන් තමෝප්‍රධාන් කටු වලට නොම්මර එකේ මල් පුදන අතර, ශිවාගේ දේවාලයට ගෙන යන්නේ කුමක්ද කියා බලන්න! ඔවුන් ඔහුට පුදන්නේ කුමන ආකාරයේ කිරිද කියා බලන්න! එය කිරි 5% වන අතර 95% වතුරය. ඔබ දෙවියන්ට කුමන අන්දමේ කිරිද පූජා කළ යුත්තේ? ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ඔබට දැන් මේ සෑම දෙයක්ම ඉතා හොඳින් වැටහෙයි. ඔබගෙන්ද, ඉතා හොඳින් වටහා ගන්නා සමහරුන් සිටින අතර එබැවින් ඔවුන්ව මධ්‍යස්ථාන වල මූලිකයන් බවට පත් කරයි. ඉගෙනුම එකම වූවද, ඔබ සෑම කෙනෙක්ම එක හා සමාන නොවෙයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට වෙනස් වීමයි. කෙසේවෙතත්, ඔය ගුරුවරුන් අංකානුරූපයි. ජයග්‍රාහී මාලාවට ඇතුළු වීමේ ප්‍රධානතම පදනම වන්නේ මෙම ඉගෙනුමයි. එය සෑම කෙනෙකුටම එකම ඉගෙනුම වුවත්, ඔබ සමත් වන්නේ අංක පිළිවෙළටයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ ඉගෙනගන්නා තරම මතයි. ඇතමෙක් අටේ මාලාවට ඇතුළු වන අතර තවත් සමහරෙක් එකසිය අටේ මාලාවටද, තවත් සමහරෙක් දහසය දහස් එකසිය අටේ මාලාවටද ඇතුළු වෙයි. ගසක විවිධාකාර අතු මෙන්, මිනිසුන් ඔවුන්ගේ පෙළපත් ගස නිර්මාණය කරති. පළමුව එක් පත්‍රයක්ද, පසුව පත්‍ර දෙකක්ද වන අතර ඉන්පසුව එය දිගටම වර්ධනය වෙයි. මෙයද ගසකි. ක්‍රිපලානි පෙළපත් ගස මෙන්, පෙළපත් ගස් තිබේ. ඒ සෑම පෙළපත් ගසක්ම සීමිතය. මෙම පෙළපත් ගස අසීමිතයි. මෙහි පළමුවැන්නා කවුරුන්ද? ප්‍රජාපිතා බ්‍රහ්මාය. ඔහුට මීමුත්තා කියා කියන මුත් කිසි කෙනෙක් මෙය නොදනී. ලෝකයේ නිර්මාණකරු කවුරුන්ද කියා මනුෂ්‍යයින් නොදනී. ඔවුන් සෑම කෙනෙකුටම ඇත්තේ සම්පූර්ණයෙන්ම ගල් වූ බුද්ධීන්ය. ඔවුන් එසේ වන විට පමණයි, පියා පැමිණෙන්නේ. ඔබ මෙහි පැමිණ සිටින්නේ අහලියාගේ (සාපයකින් ගලක් බවට පත්වුණු ගැහැණියක්) මෙන් බුද්ධි ඇති අය ගෙන්, එනම්, ගල් බුද්ධි ඇති අයගෙන් දියමන්ති මෙන් බුද්ධි ඇති අය බවට පරිවර්ථනය වීමටයි. එබැවින් ඔබ මෙම ඥානය ධාරණය කරගත යුතුයි. පියාව හඳුනාගැනීමෙන් පසු, ඔබගේ ඉගෙනුම ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. නිදසුනක් වශයෙන්, ඔබ අද පැමිණ, හෙට ඔබගේ ශරීරය අත්හරින්නේ නම්, ඔබට කුමන තත්ත්වයක් හිමි කර ගැනීමට හැකි වෙයිද? ඔබ කිසිම දැනුමක් ලබා නොගන්නවා ඇති, ඔබ කිසි දෙයක් ඉගෙන නොගත් බැවින්, කුමන තත්ත්වයක් හිමි කර ගනීද? දැන් ඔවුන්ගේ සිරුරු අත්හරිනා අයට, දිනෙන් දින, කාලය කෙටි වන්නේය. ඔබ දැන් අළුත් සිරුරක් ගන්නේ නම්, ඔබට කුමක්ද කළ හැකි වන්නේ? ඔව්, ඔබගෙන් කිසිවෙකු ශරීරය අත්හරින්නේ නම්, ඔබ හොඳ නිවසක උපත ලබාවි. ඔය ජීවාත්ම, ඔබත් සමඟ සංස්කාර රැගෙන යන බැවින්, ඔබ පහසුවෙන් අවදි වී, ශිව බාබාව සිහිකිරීමට පටන් ගනිවී. ඔබ මෙම සංස්කාර ධාරණය කරගෙන නොමැති නම්, ඔබට කිසිම දෙයක් කිරීමට නොහැකි වෙයි; කිසි දෙයක් සිදු නොවෙයි. මෙම ඥානයට බොහෝ සූක‍්ෂම බවක් සහ ගැඹුරක් ඇති අතර, එය වටහා ගත යුතුයි. ඔය උයන්පල්ලන් ඉතා හොඳ මල් රැගෙන එයි, එබැවින් ඔබගේ ප්‍රශංසාව ගැයෙයි. මල් නිර්මාණය කිරීම, ඔය උයන්පල්ලන්ගේ කාර්යයයි. පියාව සිහිපත් කරන ආකාරයවත් නොදත් දරුවන් බොහෝ දෙනෙක් සිටිති. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ භාග්‍යය මතයි. එය ඔබගේ භාග්‍යයේ නොමැති නම්, ඔබ කිසිම දෙයක් වටහා ගන්නේ නැත. භාග්‍යවන්ත දරුවන් නිවැරදිව පියා හැඳිනගෙන, ඔහුව ඉතා හොඳින් සිහිකරයි. පියා සිහිකරනවාත් සමඟම ඔබ නවලොව ද සිහි කරයි. ගීතයේ ඔබ ගයන්නේ, ඔබ නව ලෝකයට නව භාග්‍යයක් නිර්මාණය කර ගැනීමට පැමිණ ඇති බවයි. උපත් 21කට, රාජධානියක ඔබගේ භාග්‍යය, ඔබ පියාගෙන් හිමි කර ගත යුතුයි. මෙම කුල්මත්භාවයේ සිටීමෙන්, මෙම සතුට රඳවා ගැනීමෙන්, සංඥාවකින් පමණක් ඔබට මෙම ගීත වටහා ගැනීමට හැකි වනු ඇත. පාසැලක වුවද, එය කෙනෙකුගේ භාග්‍යයේ නොමැති නම්, ඔහු අසමත් වෙයි. මෙම විභාගය ඉතාම ශ්‍රේෂ්ඨ එකකි. පරමාත්ම දෙවියන්ම මෙතැන අසුන්ගෙන ඔබට උගන්වයි. මෙම ඥානය, සියලුම ආගම් වල අයටයි. පියා පවසන්නේ : තමන් ජීවාත්මයක් බව සලකා, ඔබගේ පියා වන මා, සිහිපත් කරන්න. කිසිම ශාරීරික කෙනෙකුට දෙවියන් විය නොහැකි බව, ඔබ දන්නවා. බ්‍රහ්මා, විෂ්ණු හෝ ශංකර්ටවත් දෙවියන් විය නොහැක. ඔවුන් සූක‍්ෂම දේශයේ වාසය කරන දේවතාවන්ය. මෙහි සිටින්නේ මනුෂ්‍යයින් පමණයි; මෙහි දේවතාවන් නොමැත. මෙය මනුෂ්‍ය ලෝකයයි. ලක‍්ෂ්මි සහ නාරායන, දිව්‍යමය ගුණධර්ම ඇති මනුෂ්‍යයින් වන අතර, ඔවුන්ගේ ආගමට, දේවතා ධර්මය යැයි කියයි. ස්වර්ණමය යුගයේ දේවතාවන් සිටින අතර, සූක‍්ෂම දේශයේ, බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සිටියි. මිනිසුන් ගායනා කරන්නේ බ්‍රහ්මා දේවතාවන්ට නමස්කාර වේවා, විෂ්ණු දේවතාවන්ට නමස්කාර වේවා, කියාය. ඉන්පසුව ඔවුන් කියන්නේ: පරමාත්ම ජීවය, ශිවාට නමස්කාර වේවා, කියාය. ඔවුන් ශිවාට දේවතාවක් යැයි නොකියයි. මනුෂ්‍යයින්ට දෙවියන් විය නොහැක. මහල් තුනක් තිබෙන අතර අප සිටින්නේ තෙවැනි මහලේය. ස්වර්ණමය යුගයේ, එම දිව්‍යමය ගුණධර්ම ඇති දේවතාවන්, ඉන්පසුව රාක‍්ෂක ගති ඇති අය බවට පත් වෙයි. චන්ද්‍රයා, සූර්ය ග්‍රහණයට හසු වන ආකාරයෙන්ම, ඔවුන් මායාගේ ග්‍රහණයට හසුවන බැවින්, අවලස්සන වෙයි. එම කාරණාව සීමිත එකක් වන අතර මෙම කාරණාව, අසීමිත එකකි. මෙය අසීමිත දහවල හා රාත්‍රියයි. ඔවුන් බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය ගැනද සඳහන් කරති. ඔබ දැන් ඉගෙන ගත යුත්තේ එක් පියා සමඟ පමණක් වන අතර, අන් සියලුම දෙනා අමතක කළ යුතුයි. ඔබ පියා සමඟ ඉගෙන ගැනීමෙන් ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. මෙය සැබෑ ගීතා පාඨශාලාවයි. ඔබ පාඨශාලාවක, සදහටම ඉන්නේ නැත. භක්ති මාර්ගය, දෙවියන් වෙතට යන මාර්ගය බවත්, වැඩියෙන් භක්තියේ යෙදෙන තරමට, දෙවියන් වැඩියෙන් ඔවුන් සමඟ සතුටට පත් වී, ඔහු පැමිණ, ඔවුන්ගේ භක්තියේ ඵලය ඔවුන්ට ලබා දෙන බව, මිනිසුන් විශ්වාස කරති. දැන් මෙම දේවල් වටහා ගන්නේ ඔබ පමණයි. එක් දෙවියන් පමණක් සිටින අතර, ඔහු දැන් ඔබට ඵලය ලබා දෙනවා. වැඩියෙන්ම භක්තියේ යෙදී ඇත්තේ, පිදුම් ලබන්නට සුදුසු, සූර්ය වංශික ජීවාත්මයන්ය; ඔවුන් මෙහි පැමිණෙයි. ශිව බාබා වෙනුවෙන් අමිශ්‍ර භක්තියේ පළමුවෙන්ම යෙදුණේ ඔබයි. එබැවින් පළමු බැතිමතුන් වූයේ ඔබයි. ඉන්පසුව, පහළට එන අතර, ඔබ තමෝප්‍රධාන් විය. ඔබ චක්‍රයෙන් භාගයක්ම භක්තියේ යෙදුණි, ඒ නිසයි මෙම ඥානය ඔබට පළමුවෙන්ම දෙනු ලබන්නේ. කෙසේවෙතත්, ඔබද අංකානුරූපයි. මෙම ඉගෙනුමෙහිදී, ඔබ දුර වාසය කරන බැවින් දිනපතාම ඉගෙන ගත නොහැක යන නිදහසට කාරණාව ඔබට ලබා දිය නොහැක. ඔබගෙන් සමහරෙක් පවසන්නේ: ඔබ සැතපුම් 10ක් දුර සිටින බවයි, කෙසේවෙතත්, ඔබ බාබාගේ සිහිපත් කිරීමේ සිටිමින්, ඔබගේ මධ්‍යස්ථානයට සැතපුම් දහය ඇවිදගෙන ආවත්, ඔබට වෙහෙසක් නොදැනෙයි. ඔබ එහි යන්නේ එතරම් විශාල නිධන් ලබා ගැනීමටයි. දර්ශනයක් ලබා ගැනීමට, මිනිසුන් වන්දනා ගමන් යන්නේ පයින්ය; ඔවුන් බොහෝ දුෂ්කරතා විඳියි. මෙය, එකම නගරයක ප්‍රශ්නයකි. පියා පවසන්නේ : මා මෙතරම් දුරක සිට මෙහි පැමිණ සිටිමි, එවිට ඔබ කියන්නේ, ඔබගේ නිවස සැතපුම් 5ක් දුර බවයි! අපූරුයි! ඔබගේ නිධන් හිමි කර ගැනීමට ඔබ මෙහි දිව ආ යුතුයි. දර්ශනයක් ලබා ගැනීමට පමණක්, මිනිසුන් එතරම් ඈත අමරනාථ වලට යන නමුත්, අමරණීයත්වයේ අධිපති වන, අමරනාථ බාබාම, ඔබට ඉගැන්වීමට මෙහි පැමිණ සිටියි. ඔහු ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවීමට පැමිණ ඇත, එහෙත් ඔබ, දිගින් දිගටම නිදහසට කරුණු කියයි! ඕනෑම කෙනෙකුට අම්රිත් වේලාවේ පැමිණිය හැක. ඒ වෙලාවට කිසි බියක් ඇති කරගත යුතු නැත; ඔබගෙන්, කිසිවෙකු සොරකම් නොකරනු ඇත. ඔබ ආභරණ ආදිය පලඳින්නේ නම්, ඔවුන් එය පැහැර ගනු ඇත. සොරුන්ට අවශ්‍ය, භෞතික ධනය පමණයි. කෙසේවෙතත්, එය ඔබගේ භාග්‍යයේ නොමැති නම්, ඔබ බොහෝ නිදහසට කරුණු කියනු ඇත. ඔබ ඉගෙන ගන්නේ නැත්නම්, නැති කරගන්නේ ඔබගේම තත්ත්වයයි. පියා භාරතයට ඇතුළු වන්නේ එය දිව්‍යලෝකයක් කිරීමටයි. ඔහු ඔබට තත්පරයකදී ජීවන මුක්තිය ලබා ගැනීමේ මාවත පෙන්වා දෙයි, ඒ වුවද ඔබද යම් උත්සාහයක් දැරිය යුතුයි! ඔබ එකදු පියවරක්වත් නොගන්නේ නම්, ඔබ එහි ළඟා වන්නේ කෙසේද? මෙය, ජීවාත්ම සහ උත්තරීතර ජීවාත්මය අතර මුණගැසීම බව, ඔය දරුවන්ට වැටහෙයි. ඔබගේ දිව්‍යලෝකයේ උරුමය හිමි කරගැනීම සඳහා, ඔබ පියා වෙතට පැමිණ ඇත. නව ලොව ස්ථාපනය කෙරෙමින් පවතිනවා. ස්ථාපනය අවසන් වූ වහාම, විනාශය ඇරඹෙයි. මෙය, එම මහාභාරත යුද්ධයමයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා ඔබට ලබා දෙන, ඥාන නිධාන ලබා ගැනීම සඳහා, ඔබ මෙහි දිව ආ යුතුයි. මෙහිදී කිසිදු නිදහසට කාරණාවක් නොකියන්න. ඔබ පියාව සිහිකරමින් සැතපුම් 10ක් ඇවිද ආවත්, ඔබ වෙහෙසට පත් නොවෙයි.

2. ජයග්‍රාහී මාලාවට ඇතුළු වීමේ පදනම වන්නේ, මෙම ඉගෙනුමයි. මෙම ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න. කටු, මල් බවට වෙනස් කිරීමේ සේවයෙහි යෙදෙන්න. ඔබගේ මිහිරි නිවස මෙන්ම මිහිරි රාජධානිය ද සිහිපත් කරන්න.

වරදානය:
ඔබ සංගම යුගයේ වැදගත්කම දැනගෙන එක් ගුණයකින් ගිණිය නොහැකි ප්‍රතිලාභයක් ලබා ගෙන සියලු ලැබීම් වලින් පිරී යත්වා.

සංගම යුගයේ දී, බාප්දාදා ඔබට පොරොන්දු විය: එක් ගුණයක් දෙන්න, ඔබට සිය දහස් ගුණයක් ලැබෙනු ඇත. මේ කාලය ඉතාමත් උසස්ම කාලයයි, උසස්ම උපත සහ උසස්ම පදවි ඇති කාලය වන්නාක් මෙන්, ඔබට සියලු ලැබීම් අත්විඳිය හැක්කේ මේ කාලයේදී පමණි. මෙම කාලයේ දී, එය එකකට සිය දහස් ගුණයකින් නැවත පැමිණීම පමණක් නොව, ඔබට අවශ්‍ය විටෙක, අවශ්‍ය ආකාරයට, අවශ්‍ය ඕනෑම දෙයක්, පරමාත්ම පියා ඔබේ සේවකයාගේ ස්වරූපයෙන් ඔබට ලබා දීමට බැඳී සිටියි. ගිණිය නොහැකි වාර ගණනක් ප්‍රතිලාභ ඔබට ලැබෙන්නේ, වර්තමානයේ, ආශිර්වාද පිරිනමන්නා ඔබට අයිති බැවිනි. බීජය ඔබේ අතින් අල්ලාගෙන සිටින විට, තත්පරයකින් බීජයෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගෙන සියලු ලැබීම් වලින් පිරී යා හැකිය.

පාඨය:
කුමන තත්වයන් ඇති වුවද, ඒවා අත්හරින්න, නමුත් ඔබේ සතුට අත් නොහරින්න.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

සෑම කාර්යකින්ම සාර්ථකත්වය ලබා ගැනීමට ඇති වඩාත්ම ශ්‍රේෂ්ඨ බාහු වන්නේ සමගිය සහ ඒකාග්‍රතාවයයි. ඒකාග්‍රතාවය යනු, නිෂ්ඵල සහ පාපකාරී සිතිවිලි වලින් නිදහස් වීමයි. සමගිය සහ ඒකාග්‍රතාවය ඇති තැන, සාර්ථකත්වය ඔබගේ ගෙල වටා මල්දමයි. ආශිර්වාද පිරිනමන්නා, ඒක් යන වචනයට ප්‍රිය කරයි. ඒකායන කෙනාට විශ්වාසනීය වන්න (ඒක්වෘත). එක ශක්තියක් සහ එක්කෙනෙක් මත පමණක් විශ්වාසය තබන්න (ඒක් බල්, ඒක් බරෝසා) මෙයට අමතරව ඒකායන කෙනාගේ උපදෙස් පිළිපදින්න (ඒක්මත්), තමන්ගේ හෝ අන් අයගේ උපදෙස් පිළිනොපදින්න, නමුත් ස්ථාවර සහ නිරන්තර වන්න (ඒක්රාස්). වෙනත් පුද්ගලයන් හෝ දේපළ කෙරෙහි උනන්දුවක් නොතිබිය යුතුයි. එකමුතුකමට (ඒක්තා) සහ හුදකලාවට ප්‍රිය කිරීමට (ඒකාන්ත ප්‍රිය) එයම බලපායි.