06.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔය ජීවාත්ම වලට ඔබගේ ශරීර ස්වරූපයෙන් සිංහාසන ලැබී ඇති සේම, තමන්ගේම
සිංහාසනයක් නොමැති පියා, මෙම දාදාගේ සිහසුනේ අසුන් ගෙන සිටිනවා.
ප්‍රශ්නය:
තමන්
දෙවියන්ගේ දරුවන් වීමේ අවධානයෙන් සිටින දරුවන්ගේ සලකුණු මොනවාද?
පිළිතුර:
ඔවුන්ට පියා වෙනුවෙන් සැබෑ සෙනෙහසක් තිබේ. දෙවියන්ගේ දරුවන් කිසිම විටෙක එකිනෙකා
සමඟ සණ්ඩු සරුවල් හෝ වාද කරන්නේ නැත. ඔවුන්ට කිසිම විටෙක අපවිත්‍ර ද්‍රිෂ්ඨියක්
තිබිය නොහැක. ඔවුන් බ්‍රහ්ම කුමර කුමරියන්, එනම්, ඔවුන් සහෝදර සහෝදරියන් වී ඇති
බැවින්, ඔවුන්ට අපවිත්‍ර ද්‍රිෂ්ඨියකින් එකිනෙකා දෙස බැලිය නොහැක.
ගීතය:
අහසේ ඇති ඔබගේ
සිහසුන අතහැර මහ පොළවට වඩිනු මැනවි.
ඕම් ශාන්ති.
බාබා දැන්
ඔහුගේ අහසේ ඇති සිහසුන අතහැර මෙම දාදාගේ සිරුර, ඔහුගේ සිහසුන කරගෙන ඇති බව ඔය
දරුවන් දන්නවා. ඔහු එම සිහසුන අතහැරියේ මෙහි පැමිණීමට වන අතර, ඔහු දැන් මෙහි අසුන්
ගෙන සිටියි. අහස නමැති පදාර්ථය, මනුෂ්‍ය ජීවයන්ගේ සිහසුනයි. ජීවාත්මයන්ගේ සිහසුන
වන්නේ, ඔය ජීවාත්ම, සිරුරු නොමැතිව වාසය කරන, ආලෝකයේ මහා පදාර්ථයයි. අහසේ තරු තිබෙන
සේම, ඔය කුඩා ජීවාත්ම එහි වාසය කරති. දිව්‍යමය දර්ශනයකින් තොරව ජීවාත්මයක් දැකිය
නොහැක. ජීවාත්ම, තරු මෙන් කුඩා බවත්, කුඩා ආලෝක තිත් මෙනි, යන දැනුම ඔය දරුවන්ට
දැන් තිබේ. පියා දැන් එහි සිහසුන අතහැර තිබේ. පියා පවසන්නේ : ඔය ජීවාත්මයන් ද එම
සිහසුන අතහැර, ඔබගේ සිරුරු, ඔබගේ සිහසුන් බවට පත් කර ගත යුතුයි. මටද අනිවාර්යෙන්ම
සිරුරක් අවශ්‍යයි. ඔබ, පැරණි ලෝකයට පැමිණෙන්නට කියා මට අඬ ගසයි. මෙවන් ගීතයක් තිබේ
: දුර ඈත වැසියා, විදේශ භූමියට පැමිණ ඇත. ඔය ජීවාත්ම මෙන්ම බාබා ද වාසය කරන ස්ථානය,
ජීවාත්මයන්ගේ නිවහනයි. ඉන්පසුව එහි සිට, බාබා ස්ථාපනය කරන දිව්‍යලෝකයට ඔබ යයි. පියා
දිව්‍යලෝකයට ඇතුලු වන්නේ නැත. ඔහු ශබ්දයෙන් එපිට විශ්‍රාමික තත්ත්වයේ සිටියි.
දිව්‍යලෝකයේදී ඔහුගේ අවශ්‍යතාවයක් නැත. ඔහු සතුට සහ දුක අත්විඳීම ඉක්මවා ගොස් ඇත.
ඔබ සතුට මෙන්ම දුකද අත්විඳියි. ඔය බ්‍රහ්ම කුමර කුමරියන් දැන් සහෝදර සහෝදරියන් වන
බව ඔබ දන්නා අතර, ඔබ කිසිම විටෙක එකිනෙකා කෙරෙහි අපවිත්‍ර ද්‍රිෂ්ඨියක සිතිවිල්ලක්
ඇති නොකර ගත යුතුයි. ඔබ සහෝදර සහෝදරියන් වන අතර, මෙතැන පෞද්ගලිකවම පියා ඉදිරියේ
අසුන් ගෙන සිටියි. පිවිතුරුව රැඳී සිටීමේ මෙම ක්‍රමය දෙස ටිකක් බලන්න! මෙම දේවල්
ආගමික ග්‍රන්ථවල සඳහන් කර නොමැත. සියල්ලන්ගේම පියා එක් කෙනෙක් වන අතර, එබැවින් ඔබ
සැවොම ඔහුගේ දරුවන්ය. ඔය දරුවන් කිසිම විටෙක එකිනෙකා සමඟ දබර හෝ වාද නොකළ යුතුයි.
වර්තමානයේ ඔබ දෙවියන්ගේ දරුවන් බව ඔබ දන්නවා. පෙර, ඔබ රකුසු දරුවන් විය. දැන් සංගම්
යුගයෙදී ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවන් වී ඇත. ඉන්පසුව ස්වර්ණමය යුගයෙදී ඔබ
දේවතාවන්ගේ දරුවන් වනු ඇත. ඔය දරුවන් දැන් මෙම චක්‍රය දන්නවා. ඔබ බ්‍රහ්ම කුමර
කුමරියන්ය. එබැවින් කිසිම විටෙක අපවිත්‍ර බැල්මක් තිබිය නොහැක. ස්වර්ණමය යුගයේ නරක
දැක්මක් නොමැත. අපවිත්‍ර බැල්ම තිබෙන්නේ රාවණගේ රාජධානියේ පමණයි. ඔය දරුවන් පියා
හැර, අන් කිසිවෙකු සිහි නොකළ යුතුයි. වැඩිම සෙනෙහස තිබිය යුත්තේ ඒකායන පියාට පමණයි;
මගේ වන්නේ එක් ශිව බාබා හැර අන් කිසිවෙකු නොවේ. පියා පවසන්නේ : දරුවනි, ඔබ දැන් ශිව
දේවාලයට යා යුතුයි. ශිව බාබා දිව්‍යලෝකය ස්ථාපනය කරනවා. චක්‍රයෙන් භාගයක්ම, ඔබ පහත්
තත්ත්වයට පත්වුණු, රාවණගේ රාජධානිය පවති. රාවණ කියන්නේ කවුරුන්ද හෝ ඔහුව
පුලුස්සන්නේ මන්ද කියා කිසි කෙනෙක් නොදනී. ඔවුන් ශිව බාබාවත් නොදනී. ඔවුන්
දේවතාවන්ගේ ප්‍රතිමා සරසා, ඒවාට වන්දනාමාන කර, ඉන්පසුව ඒවා ජලයේ ගිල්වන ආකාරයෙන්ම,
ඔවුන් ශිව බාබාගේ මැටි ලිංගම පිළිමයක් සාදා, එයට වන්දනා කර, ඉන්පසුව එම මැටි නැවතත්
මැටි සමඟ එකට මිශ්‍ර කරති. ඒ අන්දමින්ම ඔවුන් රාවණගේ පිළිරුවක්ද සාදා ඉන්පසුව එය
පුලුස්සා දමති. ඔවුන්ට කිසිම දෙයක් නොවැටහෙයි. ඔවුන් කියන්නේ එය දැන් රාවණගේ
රාජධානිය බවත්, රාමාගේ රාජධානිය ස්ථාපනය කළ යුතු බවත්ය. ගාන්දිජීටද රාම රාජ්‍යයක්
අවශ්‍ය විය. එබැවින් එයින් වැටහෙන්නේ මෙය රාවණගේ රාජධානිය බවයි. රාවණගේ රාජධානියේ,
රාගයේ කොත මත අසුන් ගැනීම නිසා, පිළිස්සුණු ඔය දරුවන් මතට, පියා පැමිණ, දැනුමේ
වර්ෂාව වස්සයි. ඔහු සෑම කෙනෙකුටම යහපතක් සිදු කරයි. අසාර පොළොව මත වර්ෂාව වැටෙන
විට, තණකොල වැඩෙන්නට පටන් ගන්නා සේම, ඔබට දැනුමේ වර්ෂාව නොතිබුණු නිසා ඔබ
සම්පූර්ණයෙන්ම අසාර විය. නැවත වරක් ඔබට දැනුම වස්සන අතර, එය තුළින් ඔබ ලෝකයේ
අධිපතියන් බවට පත් වෙයි. ඔය දරුවන් නිවෙස් වල ඔබගේ පවුලේ අය සමඟ ජීවත් වන නමුත්,
ඇතුලාන්තයේ ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. සමහර දුප්පත් දරුවන් ඉගෙන ගෙන නීතිඥයින්
බවට පත් වෙයි. එවිට ඔවුන් වැදගත් මිනිසුන් සමඟ එකට අසුන් ගෙන ඔවුන් සමඟ එකට කෑම බීම
ගනි. ග්‍රන්ථ වල බිල් (ගැමි ළඳ) ගේ කතාව තිබේ. වැඩියෙන්ම භක්තියේ යෙදී ඇති අය
පැමිණ, වැඩිම දැනුම ගන්නා බව ඔය දරුවන් දන්නවා. මුල්ම ආරම්භයේ සිට වැඩිම භක්තියේ
යෙදුණ අය වන්නේ අපයි. එබැවින් බාබා පළමුවෙන්ම අපව දිව්‍යලෝකයට යවයි. මේවා දැනුමින්
පිරි නිවැරදි දේවල්ය. පිදුම් ලබන්නට සුදුසු අයව සිටි අප, ඉන්පසුව වඳින්නන් බවට පත්
වූහ. අප අඛණ්ඩව පහළට පැමිණියා. ඔය දරුවන්ට සියලුම දැනුම විස්තර කරදෙයි. වර්තමානයේ
මුලු ලොවෙහි සියලු දෙනාම අදේවවාදීන්; ඔවුන් පියාව නොදනී. ඔවුන් නිකම්ම ‘නෙති, නෙති‘
(මෙයත් නොවෙයි එයත් නොවෙයි) කියති. ඔබ දියුණුවත්ම, සන්යාසීන් පැමිණ, අනිවාර්යෙන්ම
දේවවාදීන් බවට පත්වෙයි. එක සන්යාසී කෙනෙක් වුවත් මෙහි පැමිණෙන්නේ නම්, ඔහුගේ සෑම
අනුගාමිකයෙක්ම ඔහුව විශ්වාස නොකරනු ඇති. බ්‍රහ්ම කුමර කුමරියන් ඔහුට සූනියමක් කර
ඇති බව ඔවුන් කියයි. ඔවුන් එම සන්යාසීව ගදියෙන් ඉවත් කර, ඒ වෙනුවට ඔහුගේ
අනුගාමියෙක්ව එතැනට පත් කරාවි. එවන් බොහෝ සන්යාසීන් ඔබ වෙතට පැමිණි නමුත්, ඔවුන්
ඉන්පසුව අතුරුදහන් විය. මෙය ඉතාමත්ම ආශ්චර්යමත් නාටකයක්! ඔය දරුවන් දැන් මුල සිට
අවසානය තෙක් සෑම දෙයක්ම දන්නවා. තවද ඔබ දරණ උත්සාහයට අනුව අංක පිළිවෙලට මෙය ධාරණය
කරගනී. පියාට සම්පූර්ණ දැනුමම ඇති බැවින් ඔබටත් එය තිබිය යුතුයි. දිනෙන් දින බොහෝ
මධ්‍යස්ථාන නොකඩවාම විවෘත වනවා. ඔය දරුවන් බොහෝ සානුකම්පිත විය යුතුයි. පියා
පවසන්නේ : තමන්ට අනුකම්පා කරන්න. අනුකම්පා විරහිත නොවන්න. තමන්ට සානුකම්පිත වන්න.
කෙසේද? ඔහු අඛණ්ඩව මෙයත් විස්තර කරයි : පියා සිහිපත් කර, අපවිත්‍ර බවින් පිවිතුරු
වන්න. ඔබ නැවත අපවිත්‍ර වීමට කිසි විටෙක උත්සාහ නොදැරිය යුතුයි. ඔබගේ ද්‍රිෂ්ඨිය
ඉතාමත්ම යහපත් විය යුතුයි. බ්‍රහ්මිණ්වරු වන අප, පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය.
දෙවියන් අපව දරුකමට හදාගෙන තිබේ. අප දැන් සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට
පරිවර්ථනය විය යුතුයි. පළමුව අප සූක‍්ෂම දේශයේ වාසය කරන සුරංගනාවන් බවට පත් වෙයි.
ඔබ දැන් සුරංගනාවන් බවට පත් වනවා. සූක‍්ෂම දේශයේ රහස ඔය දරුවන්ට විස්තර කර දී තිබේ.
මෙහි ඇත්තේ ‘කතා නාදයකි‘. සූක‍්ෂම දේශයේ එය ‘චලන චිත්‍ර පටියකි‘. අශාරීරික ලෝකයේ
ඇත්තේ නිහඬ බව පමණයි. සූක‍්ෂම දේශය තිබෙන්නේ සුරංගනාවන්ටයි. අවතාරයකට ඡායා සිරුරක්
තිබේ. ජීවාත්මයකට අලුත් සිරුරක් නොලැබෙන විට, ඔහු එහෙ මෙහෙ සැරි සරයි. මෙයට
අවතාරයක් යැයි කියයි; ඔබට ඔබගේ භෞතික ඇස් වලින් එය දැක ගත හැක. තවද සූක‍්ෂම දේශයේ
වැසියන් වන, සුරංගනාවන් සිටිති. මෙම කාරණා වටහා ගත යුතුයි. ඔබට අශාරීරික ලෝකය,
සූක‍්ෂම දේශය සහ භෞතික ලෝකය පිළිබඳ දැනුම තිබේ. ඔබ එහෙ මෙහෙ ඇවිදින විට සහ ගමන් කරන
විට මේ සියලුම දැනුම ඔබගේ බුද්ධියේ තබා ගන්න. අප ආදිතම වශයෙන් අශාරීරික ලෝකයේ
වැසියන්ය. අපට දැන් සූක‍්ෂම ලෝකය හරහා ආපසු එහි යෑමට තිබේ. බාබා සූක‍්ෂම දේශය
නිර්මාණය කරන්නේ මෙකල පමණයි. පළමුව සූක‍්ෂම දේශය අවශ්‍ය අතර, ඉන්පසුව ශාරීරික ලෝකය
අවශ්‍යයි. එය දැන් සංගම යුගයයි. මෙයට දේවමය යුගය යැයි කියන අතර, නව ලෝකයට,
දේවතාවන්ගේ යුගය, දිව්‍යමය යුගය යැයි කියයි. ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි.
ඔබට අපවිත්‍ර දැක්මක් තිබේ නම් ඔබට උසස් තත්ත්වයක් හිමි කරගත නොහැක. ඔබ දැන්
බ්‍රහ්මිණ්වරුන්ය. ඔබ ආපසු නිවසට ගිය විට මෙය අමතක නොකළ යුතුයි. නරක ආශ්‍රයට ගිය
විට, ඔබට අමතක වෙයි. හංසයින් වන ඔබ, පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. ඔබට තව දුරටත්,
කිසිවෙකු වෙනුවෙන්, අභ්‍යන්තර බැඳීම්වල රැහැන් නොතිබිය යුතුයි. ඔබට බැඳීම්වල රැහැන්
තිබේ නම්, ඔබට බැඳීම් වල වැඳිරියක් යැයි කියයි. ඔබගේ ව්‍යාපාරය වන්නේ සැවොම
පිවිතුරු කිරීමයි. මෙම ලෝකය දිව්‍යලෝකය බවට පත් කරන්නේ ඔබයි. රාවණගේ රකුසු දරුවන්
සහ දෙවියන්ගේ දරුවන් වන ඔබ අතර විශාල වෙනසක් තිබේ. ඔබගේ ස්ථීතිය ස්ථාවර කර ගැනීම
සඳහා, ඔය දරුවන්, සෑම දෙයක්ම දකින අතර, නොදැක සිටීම, පුහුණු විය යුතුයි. තම බුද්ධිය
ස්ථාවරව සහ නොසෙලවී තබාගැනීමට, එඩිතරකම අවශ්‍යයි. අංගසම්පූර්ණ වීම උදෙසා උත්සාහයක්
දැරීමට අවශ්‍ය වෙයි. අංගසම්පූර්ණ වීමට ඔබට කාලයක් අවශ්‍යයි. ඔබගේ කර්මතීට් තත්ත්වයට
ඔබ පත් වූ විට පමණයි, මෙම ද්‍රිෂ්ඨිය ස්ථාවර වන්නේ. එතෙක්, එකක් නැතිනම් තවත්
ආකර්ෂණයක් තිබෙයි. ඔබ සම්පූර්ණයෙන්ම එය ඉක්මවා සිටිය යුතුයි. ඔබට අවහිර නොමැති
සම්බන්ධයක් අවශ්‍යයි. සෑම දෙයක්ම දකින අතර, ඔබ කිසි දෙයක් නොදැක්කා සේ විය යුතුයි.
මෙම පුහුණුව ඇති අයට පමණයි උසස් තත්ත්වයක් හිමි වන්නේ. අප තවමත් එම තත්ත්වයට පත් වී
නොමැත. සන්යාසීන්ට මෙම දේවල් වැටහෙන්නේ නැත. මෙහි ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ
දැන් පැරණි ලෝකය අතහැර ඇති බව ඔබ දන්නවා. ඔබට තිබෙන්නේ ඔබගේ මිහිරි නිහැඬියාවේ
නිවහනට ආපසු යෑමට පමණයි. මෙය ඔබගේ බුද්ධියේ තිබෙන සේ, වෙනත් කිසිවෙකුගේ බුද්ධියේ
නොමැත. ඔබ දැන් ආපසු නිවසට යා යුතු බව දන්නේ ඔබ පමණයි. ශිව දෙවියන් කතා කරයි.
පාරිශුද්ධකරුවා, විමුක්තිදායකයා මෙන්ම මඟපෙන්වන්නා ද ඔහුයි. මඟපෙන්වන්නා, ක්‍රිෂ්ණා
නොවෙයි. සෑම කෙනෙකුටම මෙම මාර්ගය පෙන්වන්නේ කෙසේද කියා ඔබ ඉගෙන ගන්නේ මේ කාලයේදීය.
මේ නිසයි ඔබට පාණ්ඩවයින් කියා නමක් පට බැඳී ඇත්තේ. පාණ්ඩව සේනාව ඔබයි. ඔබ දැන්
ජීවාත්ම අවධානයට පත් වී තිබේ. ඔබ ආපසු නිවසට යා යුතු බව, ඔබගේ පරණ සිරුරු අත්හළ
යුතු බව ඔබ දන්නවා. හැව අරින සර්පයා සහ ගුමු නද දෙන මීමැස්සාගේ නිදසුන් ඔබට අදාල
වන්නේ මෙකලයි. ඔබ දැන් ඒවායේ ප්‍රායෝගික ස්වරූපයන්ය. ඔවුනට මෙම ව්‍යාපාරය කළ නොහැක.
මෙම ලෝකය සොහොන් බිමක් බවත්, එය සුරංගනාවන්ගේ දේශය බවට පත් විය යුතු බවත් ඔබ
දන්නවා. ඔබට සෑම දිනයක්ම වාසනාවන්තයි. ඔය දරුවන් සෑම විටෙකම වාසනාවන්තයි. දරුවන්,
පාසැලක ලියාපදිංචි කරන්නේ බ්‍රහස්පතින්දා දිනකයි. මුල සිටම පැවති ක්‍රමය මෙයයි. ඔබට
දැන් උගන්වන්නේ වෘක‍්ෂයට අධිපතියාය. ගුරුගේ දශාව උපතෙන් උපතට ඔබ මත පවති. මෙම
දශාවන් අසීමිතයි. භක්ති මාර්ගයේ දශා සීමිතයි. දැන් අසීමිත දශා ඇති බැවින්, ඔබ පූර්ණ
වශයෙන් උත්සාහ දැරිය යුතුයි. ලක‍්ෂ්මි හෝ නාරායන බවට පත් වන්නේ එක් කෙනෙක් පමණක්
නොවෙයි; ඔවුන්ගේ පෙළපතද සිටියි. එහි බොහෝ දෙනෙක් අනිවාර්යෙන්ම පාලනය කරයි ලක‍්ෂ්මි
සහ නාරායනගේ සූර්ය වංශික පෙළපත තිබේ. මෙම දේවල් ඔබගේ බුද්ධියේ ඇත. ඔවුනට තම
අධිකාරිත්වයේ තිලකය ලැබෙන අන්දම සහ සූර්ය වංශික පෙළපතේ මිනිසුන්, චන්ද්‍ර වංශික
පෙළපතේ අයට තම රාජධානිය බාර දෙන අන්දම ගැන දර්ශන, ඔබගෙන් සමහර දරුවනට ලැබී තිබේ.
දෙමව්පියන්, දරුවාගේ දෙපා දොවා, ඔහුට අධිකාරිත්වයේ තිලකය සහ රාජධානියේ භාග්‍යය ලබා
දෙයි. මේ සෑම දර්ශනයක්ම නාටකයේ නියත වී තිබේ. ඔය දරුවන් මේ ගැන අවුලට පත් නොවිය
යුතුයි. පියාව සිහිපත් කර, ස්වදර්ශන චක්‍රධාරීන් වී, අන් අයවත් මෙය බවට පත් කරන්න,
එපමණයි. ඔබ බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් දරුවන්ය, ස්ව දර්ශන චක්‍රය බ්‍රමණය කරන, සැබෑ
බ්‍රහ්මිණ්වරුන්ය. ආගමික ග්‍රන්ථ වල ස්ව දර්ශන චක්‍රය භාවිත කිරීමේදී, විශාල ලෙස
ප්‍රචණ්ඩත්වය පෙන්වා තිබේ. පියා දැන් ඔය දරුවන්ට සත්‍ය ගීතාව පවසයි. එබැවින් ඔබ එය
කටපාඩමින් ඉගෙන ගත යුතුයි. එය ඉතා පහසුයි! ඔබගේ පූර්ණ සම්බන්ධතාවය තිබෙන්නේ ගීතාව
සමගයි. ගීතාවේ, දැනුම මෙන්ම යෝගාවද තිබේ. ඔබ නිර්මාණය කළ යුත්තේ එක පොතක් පමණයි.
ඔබත් යෝගාවේ පොත් වෙන් වෙන් වශයෙන් නිර්මාණය කළ යුත්තේ ඇයි? කෙසේවෙතත් මෙකල, යෝගාව
බොහෝ සේ ප්‍රසිද්ධයි. එබැවින් මිනිසුන්ට පැමිණ වටහා ගැනීම සඳහා විවිධ නම් යොදාගෙන
තිබේ. ඔවුන් යෝගාවේ සිටිය යුත්තේ ඒකායන පියා සමඟ බව, අවසානයේදී ඔවුනට වැටහෙයි. මෙයට
සවන් දෙන අය, එවිට ඔවුන්ගේම ආගම් වල, උසස් තත්ත්වයක් හිමි කර ගනීවි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. තමන්ට
අනුකම්පා කරන්න. ඔබගේ බැල්ම ඉතාමත්ම යහපත් සහ පිවිතුරු කරගන්න. දෙවියන් ඔබව දරුකමට
හදාගෙන ඇත්තේ, ඔබව සාමාන්‍ය මිනිසුන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කිරීමටයි. එබැවින්
ඔබ අපවිත්‍ර වීම ගැන කිසිදු සිතිවිල්ලක් ඇති නොකළ යුතුයි.
2. සම්පූර්ණ කර්මතීට්
තත්ත්වයක් ලබා ගැනීම සඳහා, නිරන්තරයෙන් සියල්ල අභිබවා සිටීම පුහුණු වන්න. මෙම පැරණි
ලෝකයේ සියල්ල දකින අතර, එය නොදැක සිටින්න. මෙය නිරතුරුවම පුහුණු වීමෙන්, ඔබ ඔබගේ
ස්ථීතිය ස්ථාවර කර ගනීවි.
වරදානය:
හැඩ ගැසීමේ
බලය, නිවැරදි වෙලාවට ඔබට සම්මාන ඇතිව සමත් වීමට මග පාදයි.
පරම පියාගේ සිහි
කිරීමෙන් සෑම පියවරක්ම තබන දරුවන්, සෑම පියවරකදි කෝටි ගුණයක ආදායමක් රැස්කර ගනී.
ඔබට කෝටි ගුණයක ආදායමක ආකරයක් ලැබෙන්නේ මෙම සංගම යුගයෙදි පමණයි. සංගම යුගය, රැස්කර
ගැනීමේ යුගයයි. ඔබට දැන් අවශ්‍ය පමණට රැස් කරගත හැක. එක පියවරක්වත්, එනම්, එක
තත්පරයක්වත් ඔබ කිසිවක් රැස් නොකර, ගෙවී නොයා යුතුයි, එනම්, එය අපතේ නොයා යුතුයි.
ඔබගේ සම්පත් ගබඩාව නිරන්තරයෙන් පුරවා තබාගන්න. ඔබගේ ලෝකය කෙබදු විය යුතුද යත්, එහි
කිසි අඩුවක් නොතිබිය යුතුයි, සංස්කාර එබදු විය යුතුයි. ඔබ දැන් එපමණින් පිරිපුන් සහ
සෑහිමට පත් වූ විට, අනාගතයේ ඔබ අනන්ත සම්පත් වල පාලකයෙක් වෙයි.
පාඨය:
ඕනෑම
අවස්ථාවකදි කලබල වනවා වෙනුවට, දැනුමින් පිරිපුන් ජීවාත්මයකගේ ආසනයේ අසුන්ගෙන
සිටින්න.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
ඔබගේ වදන් වල සෙනෙහස
මෙන්ම මිහිරි බවද තිබී, එනයින් ශ්‍රේෂ්ඨත්වය ද තිබිය යුතුයි. වදන් තුළ සත්‍යය තිබිය
යුතු අතර ඔබගේ ස්වරූපයේ නිරහංකාරකමද තිබිය යුතුයි. නිර්භීත වී අධිකාරිත්වයකින් කතා
කරන්න, නමුත් ඔබගේ වචන, විනය රීති මාලාවෙන් පිටතට නොයා යුතුයි. දෙකෙහි සමබරතාවයක්
තිබිය යුතුයි. සමබරතාවයක් ඇති තැන ඔබට විශ්මයන් දැකිය හැකි අතර එම වදන් දරුණු
නොවෙයි, ඒවායේ හඩ මිහිරි වෙයි. එබැවින් දැන් අධිකාරිත්වයේ සහ නිරහංකාරකමේ සමබරතාවයේ
විශ්මය පෙන්වන්න. පියාව හෙළිදරව් කරන ක්‍රමය මෙයයි.
මාතේශ්වරීජීගේ අමිල,
ශ්‍රේෂ්ඨ වදන්
කල්ප භාගයක් දැනුම
තිබෙන, බ්‍රහ්මගේ දහවල වන අතර
කල්ප භාගයක් භක්තිය,
බ්‍රහ්මගේ රාත්‍රිය තිබේ.
කල්පයෙන් භාගයක් එය
බ්‍රහ්මගේ දහවල වන අතර කල්ප භාගයක් එය බ්‍රහ්මගේ රාත්‍රියයි. දැන් රාත්‍රිය අවසන්
වී, දහවල පැමිණිය යුතුයි. පරමාත්ම දෙවියන් දැන් පැමිණ අන්ධකාරය අවසන් කර ආලෝකය ගෙන
ඒම ආරම්භ කරයි. දැනුම තුළින් ආලෝකය තිබෙන අතර භක්තිය තුළින් තිබෙන්නේ අන්ධකාරයයි.
ගීතයේ මෙසේ කියයි: මෙම පාපකාරී ලොවෙන් ඉවතට, හදවතට විවේකය සහ සහනය ඇති තැනකට අපව
ගෙන යන්න. මෙය සහනයක් නොමැති අවිවේකී ලෝකයකි. මුක්ති ස්ථිතිය තුළ විවේකය හෝ
අවිවේකයක් නැත. ස්වර්ණමය සහ රිදී යුග, විවේකය සහ සහනයේ ලෝක වන අතර සියලු දෙනාම එම
සතුටේ දේශය සිහි කරයි. එබැවින් ඔබ දැන් එම විවේකයේ සහ සහනයේ ලොවට යනවා. කිසිම
අපවිත්‍ර ජීවාත්මයකට එහි යා නොහැක. අවසානයේ ඔවුන් ධර්මරාජ්ගෙන් දඩුවම් විද ඉන්පසුව
සියලු කර්ම බන්දන වලින් නිදහස් වී ඉන්පසුව ඔවුන්ගේ පිවිතුරු සංස්කාර රැගෙන යයි,
මන්ද, අපවිත්‍ර සංස්කාර හෝ පාපයන් එහි නොමැත. ජීවාත්මයන්ට ඔවුන්ගේ සැබෑ පියාව අමතක
වූ විට, වංක ගිරිය තුළ, කලින් තීරණය වුනු, සදාතනික නාටකය, ජය සහ පරාජයේ ක්‍රීඩාව
තිබේ. මේ නිසයි අපි දැන් පරමාත්ම දෙවියන්, සර්ව බලධාරීගෙන් බලය ලබාගෙන, දුර්ගුණ
පරාජය කර, උපත් 21කට අපගේ රාජධානියේ භාග්‍යය හිමි කරගන්නේ. අච්චා. ඕම් ශාන්ති.