06.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියාව සිහි කිරීමට උත්සාහ දරන්න. ඔබ දිගින් දිගටම පාරිශුද්ධ වේවි. පරමාත්ම
පියා දැන් ඔබට උගන්වන අතර පසුව ඔහු ඔබව ආපසු ගෙන යාවි.
ප්රශ්නය:
ඔබ සෑම
කෙනෙකුටම දෙන පණිවිඩය කුමක්ද?
පිළිතුර:
ඔබ දැන් නිවස බලා යා යුතුයි. එමනිසා, පාරිශුද්ධ වන්න. පාරිශුද්ධකරු වන පරමාත්ම පියා
කියන්නේ : මා සිහි කරන්න ඔබ පාරිශුද්ධ වේවි. සෑම කෙනෙක්ටම මෙම පණිවිඩය දෙන්න.
පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට තමන්ගේම හැඳින්වීම ලබා දී තිබෙනවා. දැන් ඔහුව එළිදරව්
කිරීම ඔබගේ රාජකාරියයි. පියාව පෙනෙන්නේ දරුවාගෙනුයි කියා කියනවා.
ගීතය:
ඔබගේ මාවතේ
ජීවත් වන්නයි ඔබගේ මාවතේ මියැදෙන්නයි.
ඕම් ශාන්ති.
ගීතයේ අර්ථය ඔය දරුවන් අසා තිබෙනවා: බාබා, අපි ඔබගේ රුද්‍ර මාලාවේ ඇමිණෙන්නම්. මෙම
ගීතය ලියැවී තිබෙන්නේ භක්ති මාර්ගයේදීයි. දාන මාන දීම්, තපස් රැකීම්, වන්දනා කිරීම්
ආදී සියල්ල අදාල වන්නේ භක්ති මාර්ගයටයි. භක්තිය අයත් වන්නේ රාවණ රාජ්‍යයට වන අතර
ඥානය අයත් වන්නේ රාම රාජ්‍යයටයි. ගියාන් යනු ඥානයයි. හැදෑරීමයි. භක්තිය ඉගෙනුමක්
කියා හඳුන්වන්නේ නැහැ. භක්තියේදී අහවල් කෙනෙක් බවට පත් වෙනවායි කියා අරමුණක් නැහැ.
භක්තිය ඉගෙනුමක් නොවෙයි. රාජයෝගාව ඉගෙන ගැනීම හැදෑරීමකුයි. පාසලක දී ඔබ එක් තැනක
ඉඳගෙන ඉගෙන ගන්නවා. නමුත් භක්තියේදී කෙරෙන්නේ දොරක් දොරක් ගානේ රස්තියාදු වීමයි.
ඉගෙනුම යනු ඉගෙනුමයි. එමනිසා, ඔබ හොඳින් ඉගෙන ගත යුතුයි. තමන් ශිෂ්‍යයින් බව ඔය
දරුවන් දන්නවා. ශිෂ්‍යයින් ලෙස තමන්ව නොසලකනා අය රාශියක් සිටිනවා. මන්ද, ඔවුන්
කිසිවක්ම ඉගෙන ගන්නේ නැහැ. පරමාත්ම පියා, පියා ලෙස සලකන්නෙත් නැහැ. ශිව් බාබා
විමුක්තිය දානය කරන්නා ලෙස සලකන්නේත් නැහැ. මෙහි සිටිනා ඇතැම් අයගේ සිහියට කිසිම
දෙයක් ඇතුළු වන්නේ නැහැ. රාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතින අතර එහි සෑම වර්ගයකම පිරිස
සිටිය යුතුයි. පරමාත්ම පියා පැමිණ සිටින්නේ අපිරිසිඳු ඔබව පාරිශුද්ධ කරවීමටයි. ඔබ
පරමාත්ම පියාට කන්නලව් කළා: අහෝ පාරිශුද්ධකරුවාණනි, වඩිනු මැනව! පරමාත්ම පියා
කියනවා: දැන් පාරිශුද්ධ වන්න! සෑම කෙනෙකුටම ඔබ පරම පියාගේ පණිවිඩය දිය යුතුයි:
පරමාත්ම පියාව සිහි කරන්න! මේ වන විට භාරතය ගණිකාවාසයක් වෙලා. නමුත් ඒ කාලයේ එය
ශිව දේවාලයක්. කිරුළු දෙකම දැන් එයට නැහැ. මේ ගැන දන්නේ ඔය දරුවන් පමණයි.
පාරිශුද්ධකරු වන පියා කියනවා : දැන් මා සිහි කරන්න ඔබ අපිරිසිඳු බවින් පාරිශුද්ධ
වේවි. උත්සාහය අවශ්‍ය වන්නේ එම සිහි කිරීමට පමණයි. ස්මරණයේ නිරතව සිටින්නන්
සිටින්නේ ඉතාමත් ටික දෙනයි. භක්ති වන්තයින්ගේ රෝසරිය සෑදෙන්නේ ටික දෙනෙකුගෙන්.
විවිධ නම් ඇති බැතිමතුන් සිටිනවා: ධාන භාගත්, නාරද සහ මීරා ආදී අය. සෑම කෙනෙක්ම
මෙහි පැමිණ ඉගෙන ගන්නේ නැහැ. මීට කල්පයකට පෙර ඉගෙනගත් අයම තමයි නැවතත් පැමිණෙන්නේ.
ඔවුන් කියාවි: බාබා, අපි ඔබව කල්පයකට පෙර දී මුණ ගැසුණා. අපි මෙහි පැමිණියේ ඉගෙන
ගැනීමටයි; ස්මරණ වන්දනාව ගැන ඉගෙන ගැනීමටයි. පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ ඔය
දරුවන්ව ආපසු නිවස වෙත ගෙන යාමටයි. ඔහු පැහැදිලි කර කියනවා : ඔය ජීවාත්මයන්
අපිරිසිඳුයි ඒ නිසා තමයි ඔබව පාරිශුද්ධ කරවන්නැයි කියා ඔබ මට කතා කළේ. පියා කියනවා
: දැන් මා සිහි කර පාරිශුද්ධ වන්න! පරමාත්ම පියා ඔබට උගන්වා ඔබව ආපසු කැඳවා ගෙන
යනවා. ඔය දරුවන් තුළ ලොකු සතුටක් තිබිය යුතුයි. මේ ඔබට කියන්නේ පරමාත්ම පියායි.
ක්‍රිෂ්ණාට පියා කියන්නේ නැහැ. ක්‍රිෂ්ණාට පාරිශුද්ධකරු කියා කියන්නේත් නැහැ.
පරමාත්ම පියා කවුද, ඔහු දැනුම දෙන්නේ කෙසේද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියා තම
හැඳින්වීම දෙන්නේ ඔය දරුවන්ට පමණයි. අළුත් දරුවන්ව ඔහු කෙළින්ම මුණ ගැසෙන්නේ නැහැ.
පරමාත්ම පියා කියනවා : පිරිමි දරුවා පියාගේ කැඩපතයි. පරමාත්ම පියාව එළිදරව් කරන්නේ
ඔය දරුවන් පමණයි. බොහෝ කාලයක් තිස්සේ බාබා අළුත් දරුවන් රැසක් මුණ ගැසුණු නමුත්
පියා අළුත් දරුවන් මුණ ගැසී කතා බහ කළ යුත්තේ නැහැ. ඒ කාලයේ එය නාටකයේ තීරණය වී
තිබුණා. බොහෝ දෙනෙක් පැමිණියා. හමුදා සේවයේ නිරතව සිටිනා අයවත් ඔබ නඟා සිටුවිය
යුතුයි කියා බාබා කියා තිබෙනවා. ඔවුන්ටත් ඔවුන්ගේ රාජකාරි තිබෙනවා. නැතිනම් සතුරෙක්
පැමිණ පහර දීමට පටන් ගනීවි. ඔවුන් කළ යුත්තේ පරමාත්ම පියාව සිහිපත් කිරීම පමණයි.
සටන් බිමේ මිය යන සොල්දාදුවෙක් ස්වර්ගයට යනවායි කියා ගීතාවේ සඳහන් වී තිබෙනවා.
කෙසේවෙතත්, එහෙම නිකම් ලේසියෙන් ස්වර්ගයට යන්න බැහැ. ස්වර්ගය ස්ථාපනය කරනා කෙනා
මෙහි පැමිණි පසු පමණයි ඕනෑම කෙනෙකුට එහි යා හැකි වන්නේ. ස්වර්ගය කියන්නේ මොකක්ද
කියාවත් බෙහෝ දෙනා දන්නේ නැහැ. ඔය දරුවන් දැන් පස්පව්, රාවණට විරුද්ධව සටන්
කරමිනුයි සිටිනේනේ. පරමාත්ම පියා කියනවා : ඔබ අශාරීරික වේවා. වෙන කිසිම කෙනෙක් මෙසේ
නොකියනු ඇත: තමා ජීවාත්මයක්ය කියන විශ්වාසයේ සිටිමින් මා සිහි කරන්න. එකම එක පියා
හැරෙන්න වෙන කිසිම කෙනෙකුට සියලු බල ඇත්තා කියා කිව නොහැකියි. බ්රහ්මා, විෂ්ණු හෝ
ශංකර්ට ඔබ එසේ කියන්නේ නැහැ. සියලු බල ඇත්තා වන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. ඔහු
ලෝක බලවතායි. ඥාන සාගරය කියා හඳුන්වන්නේත් එකම එක පරමාත්ම පියාම පමණයි. ඒ සාදු
සන්යාසිවරුන් ග්රන්ථ වලට අධිපතියන් පමණයි. ඔබ ඔවුන්ට භක්තියේ අධිපතීන් කියාවත්
කියන්නේ නැහැ. ඔවුන් ග්රන්ථ වලට අධිපතීන් පමණයි. ඔවුන්ට සියල්ල රඳා පවතින්නේ
ග්රන්ථ මතයි. තමන් කළ භක්තියේ ඵලය දෙවියන් විසින් දේවි කියා ඔවුන් විශ්වාස කරනවා.
භක්තිය ඇරඹුණේ කවදාද, එය අවසන් වන්නේ කවදාදැයි කියා ඔවුන් දන්නේ නැහැ. තමන්ගේ
භක්තිය ගැන දෙවියන් සතුටු වෙනවා කියා බැතිමතුන් විශ්වාස කරනවා. පරමාත්මය මුණ ගැසීමට
ඔවුන් තුළ ආසාවක් ඇති නමුත් කාගේ වන්දනාව සම්බන්ධයෙන්ද ඔහු සතුටු විය යුත්තේ? ඔහු
අනිවාර්යෙන්ම සතුටු වේවි. නමුත් ඒ ඔබ ඔහුවම පමණක් වන්දනා කළහොත් පමණයි. ඔබ ශංකර්ව
වන්දනා කළා නම් පියා සතුටු වන්නේ කොහොමද? හනුමාන්ව වන්දනා කළයි කියා පරමාත්ම පියා
සතුටු වේවිද? ඔවුන් කරන්නේ දර්ශන ලැබීම පමණයි. වෙන කිසිවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ.
පරමාත්ම පියා කියනවා : මම ඔවුන්ට දර්ශන දුන්නත් ඒ කිසිම කෙනෙකුට පැමිණ මා මුණ
ගැසෙන්න බැහැ. නැහැ, ඔබ පමණයි පැමිණ මා මුණ ගැසෙන්නේ. බැතිමතුන් භක්තියේ යෙදෙන්නේ
දෙවියන් මුණ ගැසීමටයි. ඔවුන් කියනවා: දෙවියන් කුමන ස්වරූපයකින් පැමිණ අපව මුන
ගැසෙයි ද කියා අපි දන්නේ නැහැ. එමනිසා, එය අන්ධ විශ්වාසයයි. ඔබ දැන් පරමාත්ම පියාව
මුණ ගැසිලයි සිටින්නේ. අශාරීරික පියා ශරීරයක් ගත් විට පමණයි තම හැඳින්වීම ඔබට ලබා
දීමට ඔහුට හැකිවන්නේ. ඔහු කියනවා : මම ඔබගේ පරම පියායි. මීට වසර 5000කට පෙරදී මම
ඔබට අධිරාජ්‍ය යේ වාසනාව හිමි කර දුන්නා. පසුව ඔබ උපත් 84ක් ගත්තා. මෙම ලෝක චක්‍රය
දිගටම කැරකෙනවා. තඹ යුගය ඇරඹුණායින් පසුවයි අනිකුත් ආගම් පැමිණියේ. සෑම ආගමික
නායකවරයෙක්ම පැමිණෙන්නේ තමන්ගේ ආගම ස්ථාපනය කිරීමටයි. ඔවුන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ
කවුදැයි කියා බැලීමේ ප්‍රශ්නයක් නැහැ. එය කාගේවත් ශ්‍රේෂ්ඨත්වය වන්නේත් නැහැ.
පරමාත්ම පියා බ්‍රහ්මාට ඇතුළු වුණු විට පමණයි ඔහුත් ශ්‍රේෂ්ඨ වන්නේ. ඔහු තමන්ගේ
පාඩුවේ තම ව්‍යාපාර කරගෙන ගිය කෙනෙක්; පරමාත්ම දෙවියන් තමාගේ ශරීරයට ඇතුළු වේයැයි
කියා ඔහු දැන ගෙන සිටියේ නැහැ. පියාම ඔහුට ඇතුළු වී තමන් ඇතුළු වූයේ කෙසේද කියා
පැහැදිලි කළා. ඔහු කිව්වා: බලන්න ඔබට අයිති දේ මගේ වන්නේ කොහොමද මට අයිති දේ ඔබගේ
වන්නේ කොහොමද කියලා. ඔබගේ සිතෙන් කයෙන් ධනයෙන් ඔබ මගේ සහායකයා වන අතර ඒ වෙනුවට ඔබට
ලැබෙන්නේ මෙන්න මේ දෙයයි. පරමාත්ම පියා කියනවා : තමාගේ උපත් ගැනවත් දන්නේ නැති
සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයටයි මම ඇතුළු වන්නේ. කොහොමනමුත්, මම කවදා කොහොම එනවාදැයි
කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා මෙම සාමාන්‍ය ශරීරයට ඇතුළු වූයේ
කෙසේදැයි කියා ඔබට දැන් දැක ගත හැකියි. මෙම ශරීරය හරහා ඔහු අපට ඥානය හා යෝගාව ගැන
උගන්වනවා. දැනුම ඉතාමත් පහසුයි. අපායේ දොරටු වැසී ගොස් දෙව්ලොව දොරටු විවර වන්නේ
කෙසේදැයි කියා දන්නේ ඔබ පමණයි. රාවණ රාජ්‍යය ඇරඹෙන්නේ තඹ යුගයත් සමඟයි. අපායේ දොරටු
විවර වන්නේ එතැනදීයි. පැරණි ලෝකයේත් නව ලෝකයේත් කාල පරාසය එක සමානයි. පරමාත්ම පියා
කියනවා : මම දැන් කරන්නේ අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත් වීමේ මාර්ගය ඔය
දරුවන්ට පෙන්වා දීමයි : පියාව සිහි කරන්න උපත් ගණනාවක පාප සියල්ල දුරු වී යාවි. මෙම
උපතේදී ඔබ විසින් කළ සෑම පාපයක් ගැනම කිව යුතුයි. මෙම උපතේ දී කළ පාප මොනවාදැයි
කියා ඔබට මතකයි නේද? ඔබ කළ පින් දහම් මොනවාද, දුන් දාන මාන මොනවාද කියා ඔබ දන්නවා
නේද? මොහු තම ළමා කාලය ගැන දන්නවා. ක්‍රිෂ්ණා ශ්‍යාම් සුන්දර්(අවලස්සන සහ ලස්සන
කෙනා) කියා හඳුන්වනවා. මෙහි අර්ථය වෙන කිසිම කෙනෙකුගේ සිහියට ඇතුළු වන්නේ නැහැ.
ඔහුගේ නම ශ්‍යාම් සුන්දර් නිසා තද නිල් පාටින් ඔහුගේ පිළිම හදනවා. රගුනාථ දේවාලය,
හනුමාන් දේවාලය දෙස බලන්න. සෑම කෙනෙකුටම සාදා ඇත්තේ අවලස්සන ප්‍රතිමායි. මෙය
අපිරිසිඳු ලෝකයයි. අවලස්සන බවින් ලස්සන වීම කෙරෙහි ඔය දරුවන් දැන් සැලකිලිමත් වී
සිටිනවා. එමනිසා, මෙය කිරීමට නම් පරමාත්ම පියාව සිහි කරමින් සිටින්න. පියා කියනවා:
මේ ඔබගේ අවසන් උපතයි. මා සිහි කරන්න ඔබගේ පාප දුරු වී යාවි. පරමාත්ම පියා පැමිණ
සිටින්නේ ඔබව ආපසු ගෙන යාමටයි කියා ඔබ දන්නවා. එමනිසා, අනිවාර්යෙන්ම ඔබ ඔබගේ ශරීරය
මෙහි හලා දමා යා යුතුයි. ශරීරයත් සමඟ ඔහු ඔබව ආපසු ගෙන යන්නේ නැහැ. අපිරිසිඳු අයට
එහි යන්න බැහැ. එමනිසා, පරිශුද්ධ වීමේ මඟ පියා විසින් අනිවාර්යෙන්ම ඔබට පෙන්වාවි.
ඔහු කියනවා : මා සිහි කරන්න. ඔබගේ පාප දුරු වී යාවි. භක්ති මාර්ගයේ අය සිටින්නේ
අන්ධ විශ්වසයකයි. ශිව්කාෂි ගැන කතා කරනවා. ඒ වගේම ශිවා ගංගා නදිය ගෙනාවා. භගීරථයෙන්
ගංගා නදිය මතු වුණා වැනි කතන්දර රැසක් මිනිස්සු කියනවා. කෙනෙකුගේ හිසෙන් වතුර මතු
වන්නේ කෙසේද? කොණ්ඩයෙන් ගංගාවන් මතු වන්න නම් භගීරථ සිටින්නේ කඳු මුදුන් වලද?
වැස්සට වතුර උරාගෙන ඇත්තේ මහ සාගරයෙනුයි. පසුව ඒ වතුර සෑම තැනකටම යනවා; සෑම තැනකම
ගංගා තිබෙනවා. කඳුමුදුන් වල ඇති ජලය මිදී අයිස් වෙනවා. ඒ හිම කැට දිය වී පසුව ගංගා
වී ගලනවා. කදුමුදුන් වල ඇති ගල් ගුහා වලින් ගලනා ජලයත් ලිං පුරවනවා. ඒවාත් රඳන්නේ
වැසි ජලය මතයි. වැස්ස නැති විට ළිං හිදෙනවා. ඔබ දැන් කියනවා: බාබා, අපව පාරිශුද්ධ
කරවා දෙව්ලොවට යවන්න. මිනිස්සු ආසා කරන්නේ දෙව්ලොවට, ක්‍රිෂ්ණා දේශයට යාමටයි.
විෂ්ණු දේශය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ක්රිෂ්ණ බැතිමතුන් කියනවා: මම කොහේ
බැලුවත් මට පෙනෙන්නේ ක්රිෂ්ණාවයි කියලා. කෙසේවෙතත්, දෙවියන් සෑම තැනකම සිටිනවායි
කියා ඔවුන් කියනවා නම් තමන් බලන බලන තැන පෙනෙන්නේ දෙවියන්වයි කියා ඇයි ඔවුන්
කියන්නේ නැත්තේ? මෙන්න මේ නිසා තමයි සෑම කෙනෙක්ම පරමාත්ම ජීවයේ ස්වරූපයක් කියා ඒ
පරමාත්ම ජීවයේ(දෙවියන්) බැතිමතුන් කියන්නේ. ඔහු මෙම මුළු නාටකයම සිදු වීමට ඉඩ
සලසයි. මෙම අපූරු ජවනිකාව නිර්මාණය කිරීමට දෙවියන් වෙනම වේෂයක් ගත්තායි කියාත්
ඔවුන් කියනවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම චරිත කොටසක් රඟදක්වාවි. පරමාත්ම දෙවියන්ගේ
දෙව්ලොව දෙස මඳක් බලන්න. එහි කිසිම දුහුවිල්ලක් නැහැ. මෙහි අපිරිසිදු කිළිටම ඇරෙන්න
වෙන කිසිවක් නැහැ. මෙහි මිනිස්සු පරමාත්ම දෙවියන් සෑම තැනකම සිටිනවා, සෑම කෙනෙකුටම
සතුට ලබා දෙන්නේ ඔහුයි කියා කියනවා. දරුවෙක් ලැබුණහොත් ඔවුන් සතුටු වෙනවා. නමුත් ඒ
දරුවා මිය ගියහොත් දුක් වෙනවා. දෙවියන් ඔබට යමක් දී පසුව එය ආපසු ගන්නවා. ඉතින් ඇයි
ඒකට අඬන්නේ? ස්වර්ණමය යුගයේදී අඬන්නයි කියා දුකක් එන්නේ නැහැ. බැඳීම ජය ගත් රජ
කෙනෙකුගේ ආදර්ශය තිබෙනවා. ඒ සියල්ල බොරු; ඒවායේ කිසිම අර්ථයක් නැහැ. ස්වර්ණමය යුගයේ
කිසිම සාදු සන්යාසිවරයෙක් නැහැ. එවන් දේවල් මෙහි දී සිදු වෙන්න බැහැ; බැඳීම දමනය
කරගත් රජ කෙනෙක් මෙහි සිටින්න බැහැ. පරමාත්ම දෙවියන් කියනවා : යාදවයින්, කවුරවයින්
හා පාන්දවයින් දැන් මොනවාද කරන්නේ? ඔබගේ යෝගාව පියා සමඟයි. පරමාත්ම පියා කියනවා :
මම භාරතය දෙව්ලොවක් බවට පත් කරවන්නේ ඔය දරුවන් මඟිනුයි. දැන් පාරිශුද්ධ වන අය
පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් වෙනවා. ඔබට මුණ ගැසෙනා සෑම කෙනෙක්ටම කියන්න පරමාත්ම
දෙවියන් පවසනා බව: නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න! මට පමණක් ආදරය කරන්න! වෙන
කිසිම කෙනෙක්ව සිහි කරන්න එපා! අමිශ්‍ර ස්මරණයක් කියන්නේ එවන් සිහි කිරීමකුයි. මේ
සඳහා පැන් පූජා කිරීම් ආදිය කළ යුත්තේ නැහැ. එවැනි දේ ඔබ කළේ භක්ති මාර්ගයේදීයි.
දෙවියන්වත් සිහි කළා. ගුරුන් කියාවි: මා සිහි කරන්න. ඔබගේ සැමියාව සිහි කරන්න එපා
කියලා. බාබා ඔය දරුවන්ට බොහෝ දේ පැහැදිලි කර කියා දෙනවා. ඔහු විසින් පැහැදිලි කරනා
ප්‍රධානම කරුණ නම් : නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න කියා බාබා කියනවාය කියන
පණිවිඩය සෑම කෙනෙක්ටම ලබා දීමයි. බාබා යනු පරමාත්ම දෙවියනුයි. පරමාත්ම දෙවියන්
අශාරීරිකයි. ක්‍රිෂ්ණාට සෑම කෙනෙක්ම දෙවියන් කියා කියන්නේ නැහැ. ක්‍රිෂ්ණා දරුවෙක්.
ශිව් බාබා මොහු තුළ සිටියේ නැතිනම් ඔබ අද මෙහි සිටීවිද? ශිව් බාබා ඔබව තමාට අයිති
කරවා ගෙන තියෙන්නේ මොහු හරහායි. එමනිසා, මොහු මවත් පියාත් වෙනවා. භෞතික ස්වරූපයෙන්
මවකුත් අවශ්‍ය වෙනවා. ඔහු (ශිව් බාබා) පියායි. එමනිසා, මේ දේවල් ඉතාමත් හොඳින්
ධාරණය කර ගන්න. කිසිම කරුණක් සම්බන්ධයෙන් ඔය දරුවන් පටලැවිල්ලට පත් නොවිය යුතුයි.
දැනුම හැදෑරීම කිසිම විටෙක නතර කරන්න එපා. ඇතැම් දරුවන් නරක ඇසුරේ බලපෑමට හසු
වෙනවා. පසුව ඔවුන් මූණ එල්ලා ගෙන බුම්මාගෙන තමන්ගේම කියා පාඨශාලාවක් ආරම්භ කර
ගන්නවා. කවුරු හෝ කෙනෙක් සමඟ අමනාප වී ඔවුන් තමන්ගේම මධ්‍යස්ථාන පිහිටුවා ගන්නවා.
ඒක මහා මෝඩකමක්. බුම්මාගෙන ඉන්නා අය මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සුදුස්සෙක් වන්නේ
නැහැ. ඔවුන්ගේ ශාරීරික අවධානය ඔවුන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්නේ නැහැ. සිතේ ඇති
එදිරිවාදිකම නිසා ඔවුන්ගේ සිතට නිරතුරුවම ඇත්තේ ඒ එදිරිවාදිකමයි. ඒනිසා, ඔවුන්ට
කිසිම කෙනෙකුට කිසිම දෙයක් පැහැදිලි කර දීමටවත් හැකි වන්නේ නැහැ. ඔවුන්ගෙන් දැනුම
ගන්නා අය ඔවුන්ටත් වඩා වේගයෙන් ඉදිරියට යන අතර ඔවුන් ඇද වැටෙන සිදුවීමුත් සිදු
වෙනවා. තමන්ගේ තත්ත්වයට වඩා තවත් කෙනෙකුගේ තත්ත්වය ඉහළ බව කෙනෙකුට අවබෝධ කර ගත
හැකියි. ඇතැම් අවස්ථා වලදී ශිෂ්‍යයා රජ කෙනෙක් වී ගුරුවරයා දාසයෙක් වෙනවා. උත්සාහ
දරා පරමාත්ම පියාගේ ගෙල වටා රැඳි මාලාවේ ඇමිණෙන මලක් වෙන්න. බාබා මම ජීවතුන් අතර
සිටිනා තුරාවට ඔබටමයි අයිති. පරමාත්ම පියාව සිහි කිරීමෙන් පමණයි ඔබගේ බෝට්ටුව එතෙර
වී යන්නේ. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම
කාරණයක් සම්බන්ධයෙන් කිසිම කලබලයක් ඇති කර ගන්න එපා. අන් අය සමඟ අමනාප වී තමන්ගේ
ඉගෙනීම නතර කර ගන්න එපා. අමනාපකම් ශාරීරික අවධානයයි. නරක ඇසුරේ බලපෑමට යට නොවී
සිටීමට තමාට අනතුරු අඟවා ගන්න. තම හැසිරීමෙන් පරමාත්ම පියාව එළිදරව් වන තරමට
පාරිශුද්ධ වන්න.
2. තම සිහියේ පරමාත්ම
පියා කෙරෙහි සෙනෙහස රඳවා ගනිමින් අමිශ්‍ර ස්මරණයක නිරතව සිටින්න. ඔබගේ ශරීරයෙන්,
මනසින් හා ධනයෙන් පියාගේ පූර්ණ සහායකයෙක් වන්න.
වරදානය:
සියලු රහස්
දන්නා කෙනෙකු වී, නොබැඳිව සහ ළබැඳිව සිටීමේ රහස දැන ගැනීමෙන් නිරන්තරයෙන් සතුටින්
සිටින්න.
තම පවුල් සමඟ නිවසේ
ජීවත් වන අතරතුර නොබැඳිව සහ ළබැඳිව සිටීමේ රහස දන්නා දරුවන්, තමන් ගැනම සතුටු වන
අතර ඔවුන් තම පවුල් සතුටින් තබා ගනී. ඒ සමඟම, ඔවුන්ට සැබෑ හදවත් ඇති නිසා ස්වාමී ද
ඔවුන් ගැන නිරන්තරයෙන් සතුටු වේ. මෙම රහස දන්නා සහ නිරන්තරයෙන් සතුටින් සිටින එවැනි
දරුවන්, තමන්ට හෝ වෙනත් කිසිවෙකුට කිසිවෙකු උපදේශකයා කර ගැනීමට අවශ්‍ය නැත, මන්ද,
ඔවුන්ට තමන්ගේම තීරණ ගත හැකිය. එබැවින්, ඔවුන්ට කිසිවෙකු තම උපදේශකයා, නීතිඥයා හෝ
විනිශ්චයකරු කර ගැනීමට අවශ්‍ය නැත.
පාඨය:
සේවය කිරීමෙන්
ඔබට ලැබෙන ආශිර්වාද ඔබගේ යහපත් සෞඛ්‍යයේ පදනමයි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ඔබ සිරුර තුළ සිටියදී
හුස්ම ගැනීමට අවශ්‍යයි, මන්ද, ඔබට හුස්ම ගැනීමට නොහැකි නම් ඔබ ජීවමානව නැත. ඒ
අන්දමින්ම, බ්‍රහ්මින් දිවියේ හුස්මය, පාරිශුද්ධත්වයයි. උපත් 21කට ඔබගේ ප්‍රතිලාභයේ
පදනම, පාරිශුද්ධත්වයයි. ජීවාත්මයක්, පරමාත්ම ජීවය හමුවීමේ පදනම, පිවිතුරු
බුද්ධියකි. සංගම යුගී ලැබීම් වල පදනම සහ අනාගත වන්දනීය තත්වයක පදනම,
පාරිශුද්ධත්වයයි. එබැවින් ආශිර්වාදයක් ලෙස පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.