06.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ගෙවත්තෙහි අයිතිකරුවා බාබාය. එමනිසා, නඩත්තු කරුවන් වන ඔබ ලස්සන සුවඳ හමන මල් ඔහු වෙත ගෙන ආ යුතුයි. ඔහු වෙත පරවුණු මල් ගෙන එන්න එපා.

ප්‍රශ්නය:
බාබා, දැකීමට කැමති කුමන දරුවන්ද, දැකීමට අකමැති කුමන ආකාරයේ දරුවන්ද?

පිළිතුර:
බාබා දැකීමට කැමති හොඳින් ඔහුගේ සේවය කරමින් අනෙක් කටු බවට පත් වී ඇති දරුවනුත් නිවැරදි කර ඔහු වෙත සුවඳ හමන මල් ගෙන එන දරුවන් හටයි. බාබාගේ දර්ශනය යොමු වන්නේ ඔවුන් වෙතයි. කොහොමනමුත්, කිලිටි වූ ආකල්ප ඇති, තමාගේම ඇස් රවටා ගන්නා දරුවන් දෙස ඇස් යොමු කිරීමට බාබා කැමති නැහැ. බාබා කියනවා : දරුවනි, ඔබ විසින්ම මල් බවට පත් වී අන් අයවත් මල් බවට පත් කරවන්න. මෙම ගෙවත්ත නඩත්තු කරන දක්ෂයන් ලෙස ඔබ හැඳින්විය හැක්කේ එවිටයි.

ඕම් ශාන්ති.
බාබා. මේ ගෙවත්තෙහි අයිති කරුවා මෙහි අසුන් ගෙන ඔහුගේ මල් දෙස බලා ගෙන සිටිනවා. මධ්‍යස්ථාන වල මල් වගේම ඒවායෙහි නඩත්තු කරුවනුත් සිටිනවා. නමුත් මෙහිදී ඔබගේම සුවඳ ලබා දිමට ඔබ එන්නේ එහි අයිතිකරුවා. ශිව බාබා හමුවටයි. ඔබ සියළු දෙනාම මල් එහෙම නේද? ඔබත් මෙය දන්නවා බාබාත් එය දන්නවා. මෙම කටු සහිත කැළයේ බීජය තමයි රාවන්. එනමුත් මේ සම්පූර්ණ වෘක්ෂයේම බීජය මොහු වුවත් මේ ලස්සන මල් වත්ත කටු වලින් පිරි කැලයක් බවට පත් කිරීමටත් අනිවාර්යයෙන්ම අයෙක් සිටිය යුතුයි. ඔහු තමයි රාවන් ලෙස හඳුන්වන්නේ ඉතින් දැන් ඔබම කල්පනා කර බලන්න බාබා පවසන සියළු දේ නිවැරදි ද නැතිද කියා.මෙම දිව්‍යාංගනාවන්ගේ මල් වත්තෙහි බීජය වන්නේ ඔබගේ පියායි. ඔබ දැන් එම දිව්‍ය තත්ත්වයට පත් වෙනවා. ඔබ සැවොම දන්නවා ඔබ කුමන ආකාරයේ පුෂ්පයක් ද කියා. මෙම මල් වත්තෙහි අයිතිකරුවාත් නිතරම මල් දෙස බැලීම සඳහා මෙහි පැමිණෙනවා. අනෙක් සියළු දෙනා එහි නඩත්තු කරුවන් පමණයි. නොයෙකුත් ආකාරයේ නඩත්තු කරුවන් සිටිනවා. සාමාන්‍ය මල් වතුවල පවා නොයෙකුත් ආකාරයේ නඩත්තු කරුවන් දක්නට ලැබෙනවා. සමහරු රුපියල් පන්සියයක පඩියක් ලබනවා තවත් සමහරු රුපියල් දාහක පඩියක් ලබනවා තවත් සමහරු රුපියල් දෙදහසක පඬියකුත් ලබනවා. උදාහරණයක් ලෙස මුහාල් වත්තෙහි නඩත්තු කරුවා ඉතා දක්ෂ විය යුතුයි. ඉතින් ඔහු ලබන පඩියත් ඉතා විශාල විය යුතුයි. මෙම ගෙවත්ත අසීමිත වු ගෙවත්තක් එම වත්තෙහි පවා නොයෙකුත් ආකාරයේ ගෙවතු නඩත්තු කරුවන් සිටිනවා. ඉතා හොඳ වූ ගෙවතු නඩත්තු කරුවන් සිටිනවා : ඔවුන් ඔවුන්ගේ ගෙවත්ත ඉතා අලංකාර ලෙස තනනවා. ඔවුන් ඉතා ලස්සන පැළ සිටුවනවා. ජනාධිපති මන්දිරයේ ඇති මුග්ගාල් වතු ඉතා ඉලංකාර ලෙස තනා තිබෙනවා. නමුත් මොහු තමයි මෙම අසීමිත වු ගෙවත්තෙහි පාලකයා වන්නේ. ඒ කටු සහිත කැළයෙහි අධිපති රාවන් වන අතර මේ ලස්සන මල් වත්තෙහි පාලකයා වන්නේ ශිව බාබායි. ඔබ මේ පියාගෙන් තමයි ඔබගේ උරුමය ලබා ගන්නේ. ඔබ රාවන් ගෙන් කිසිම උරුමයක් ලබන්නේ නැහැ. ඔහු ඔබට රිදවන එක පමණයි කරන්නේ. කෙනෙක් රිදවන විට අපි නිතරම සිහි කරන්නේ අපට සතුට ලබා දෙන අයෙක් පිළිබඳවයි. ඉතින් ඔහු තමයි ඔබට නිරන්තර සතුට ලබා දෙන එකම සතුට ලබා දෙන්නා. මෙම ගෙවත්ත නඩත්තු කරන ඔබ නොයෙකුත් ආකාරයේ අය සිටිනවා. ඉතින් මෙම ගෙවත්තෙහි පාලකයා නිතරම මෙහි පැමිණ බලන්නේ ඔවුන් විශාල මල් වතු ද කුඩා මල් වතු ද වවන්නේ. ඒ වගේම ඔහු බලන තවත් දෙයක් තමයි කවුද තමන් මොන ආකාරයේ මලක්ද යන සැළකිල්ලෙන් සිටින්නේ යන්නයි. සමහර විට ඉතාමත් හොඳ වැවිලි කරුවන් මෙහි එනවා. ඔවුන් ගෙනෙන මල් සැමවිටම අලංකාරය සඳහා යොදා ගත හැකි මල් ඉතින් මෙහි පාලකයා ඉත් සතුටු වෙනවා. අහා මේ නඩත්තු කරුවා ඉතා අගනේයි. ඔහු ඉතා හොඳ මල් මෙහි ගෙනැවිත් තිබෙනවා. මේ පියා ඔබගේ අසීමිත වූ පියාණන් නිසා ඔහු උගන්වනු ලබන සියළු දේත් අසීමිතයි. දරුවනි ඔබගේ හදවත දන්නවා ඔබගේ පියා ඔබට කියන්නේ සම්පුර්ණ සත්‍යය බව. කල්ප භාගයක් මුළුල්ලෙහි රාවන්ගේ රාජ්‍යය මෙහි තිබෙනවා. මේ ලස්සන මල් වත්ත රාවන් විසින් කටු සහිත කැළයක් බවට පත් කර තිබෙනවා. එම කැලයෙහි කටු මිස වෙන කිසිම දෙයක් නැහැ එම නිසා එය රිදවීමක් හෝ දුකක් හෝ පමණයි ලබා ගත්තේ. මල් වත්තක් මධ්‍යයේ කිසිසේත් කටු තිබීමට බැහැ. එක් කටුවක් හෝ තිබීමට බැහැ. දරුවනි. ඔබ දන්නවා රාවන් තමයි ඔබ ශරීර අවධානයට පත් කරන්නේ කියලා. මේ සෑම කටුවකින්ම විශම කටුව වන්නේ ශරීර අවධානයයි. පසුගිය රාත්‍රියෙහිදි බාබා ඔබට කිව්වා සමහරුන්ගේ දර්ශනය ඉතා රාගාධිකයි. තවත් සමහරුන්ගේ දර්ශනය මඳක් රාගාධිකයි කියා. නවකයින් මෙහි පැමිණි විට ඔවුන් තරයේ අදිටන් කර ගන්නවා තවත් පාපයෙහි නොයෙදී පිරිසිඳු ජිවිතයක් ගත කිරිමට සොහොනක සොහොන් පල්ලෙක් අත් දකින අප්‍රියාවක් ඔවුන් එම අවස්ථාවේදී අත් දකිනවා. කොහොම නමුත් ඔවුන් නැවත නිවසට වැදුනු කළ නැවතත් සිටි තත්ත්වයටම පත් වෙනවා. ඔවුන්ගේ දර්ශන අපිරිසිඳු වු දර්ශනයක් බවට පත් වෙනවා. ඔබ බොහෝ මල් ඉතා ලස්සන යැයි සිතා ඒවා එහි අයිති කරුවා වෙත ගෙනැවිත් කියනවා: බාබා. මොහු ඉතාමත් හොඳ පුෂ්පයක්. තවත් සමහර අය පැමිණ බාබා හට පවසනවා : බාබා මොහු මේ මේ ආකාරයෙන් යුතු වූ පුෂ්පයක් කියා. ඇත්තෙන්ම ඔබ අයිතිකරුවා වෙත සෑම දෙයක්ම පැවසිය යුතුයි. බාඛා සැමගේම හදවත් ගැන දන්නවා කියා දෙයක් නැහැ. ඔබ සැම කෙනෙකුගේම චරිතය ගැන පැවසිය යුතුයි. බාබා මොහුගේ දර්ශනය එතරම් හොඳ නැහැ. මොහුගේ චරිතය රාජකීය වූ චරිතයක් නොවේ. මොහුගේ දර්ශනය වෙනස් වී ඇත්තේ සියයට දහයක් විස්සක් පමණයි. ඔබගේ ඇස් තමයි ඔබ රවටන ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ, ඔබ මෙම වත්තෙහි පාලකයා වෙත සෑම දෙයම පැවසිය යුතුයි. බාබා ඔබ සැමගෙන්ම අසනවා: මට කියන්න ඔබ විසින් ගෙනැවිත් ඇත්තේ මොන ආකාරයේ මල්ද? රෝස පිච්ච ඒ වගේම මිනිමල් පවා මෙහි ගෙනැවිත් තිබෙනවා. ඔවුන් මෙහිදි නම් හොඳ ප්‍රාණවත් ලෙස සිටිනවා නමුත් ගෙදර ගියායින් පසු ඔවුන් නැවතත් පරෙවනවා. බාබා සෑම කෙනෙක්ම දෙස බලනවා ඔවුන් කුමන ආකාරයේ මලක්ද කියා. සමහර අවස්ථා වලදී මායා කෙතරම් බලවත් වනවාද කියතොත් නඩත්තුකරුවන් හට පවා වැරෙන් පහර දීම නිසා ඔවුනුත් සමහර අවස්ථා වලදී කටු බවට පත් වෙනවා. ඉතින් මෙම වත්තෙහි පාලකයා පැමිණි කළ ඔහු ඔබ විසින් තනන ලද වත්ත දෙස ප්‍රථමයෙන්ම ඇස යොමා පසුව එය අලංකාර කරනවා. ඔහු කියනවා: දරුවනී. සැළකිල්ලෙන් සිටින්න. ඔබගේ සියළු දුර්වලතා නැති කර ගන්න. එසේ නැතහොත් ඔබ බොහෝ සෙයින් පසුතැවිලි විය යුතුයි. බාබා මෙහි පැමිණ සිටින්නේ ඔබ ලක්ෂ්මි හා නාරායන් තත්ත්වයට පත් කිරිමටයි. කොහොම නමුත් ඒ වෙනුවට ඔබට සේවකයන් වීමට අවශ්‍ය ද? ඔබ ඔබ ගැනම කල්පනා කර බැලිය යුතුයි. ඔබට උසස් ශක්තිමත් අය බවට පත් වීමට අවශ්‍යද? ඔබ දන්නවා රාවන් තමයි මේ කටු සහිත කැළයේ අධීපති ඵ් වගේම මෙම ලස්සන මල් වත්තෙහි අධිපති රාමා බවත් දන්නවා. බාබා මෙහි අසුන් ගෙන ඔබට සියළු දේ විස්තර කර දෙනවා. බාබා තවමත් පාසල් අධ්‍යාපනය අගය කරනවා. එම අධ්‍යාපනයත් හොඳ වන්නේ එමගින් ඔබ යම්කිසි දෙයක් ලබන නිසයි. මෙයත් පාසලක් වන අතර ඔබට ඉලක්කයක් හා අරමුණකුත් තිබෙනවා. අනෙකුත් සත්සත් පන්තිවල ඔවුන්ට ඉලක්කයක් හෝ අරමුණක් තිබෙනවාද? නමුත් ඔබට නම් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට නාරායන් බවට පත් වීමේ අරමුණ හා ඉලක්කය තිබෙනවා. භක්ති මාර්ගයෙහිදී නම් ඔවුන් සත්‍ය නාරායන් බවට පත් විමේ කථාන්තරය බොහෝ අවස්ථා වල ඇහුම්කන් දෙනවා. ඔවුන් මාසයක් පතා බ්‍රහ්මින් සාදුවරයකුට ආරාධනා කොට ගීතාව කියවා ගන්නවා. දැන් කාලයේ නම් සෑම කෙනෙක්ම ගීතාව කියවනවා. ඔවුත් කිසිම කෙනෙක් නියම බ්‍රහ්මින් තත්ත්වයේ නැහැ. ඔබ පමණයි ඒ සත්‍ය පියාගේ සත්‍යම වූ බ්‍රහ්මින් දරුවන් වන්නේ. ඔබ තමයි සත්‍ය කථාන්තරය එළි දක්වන්නේ. සත්‍ය නාරායන්ගේ කතාව මෙන්ම අමරණීයත්වයේ කතන්දරයත් තෙවැනි ඇසෙහි කථාන්තරයත් වශයෙන් කතා තිබෙනවා. දෙවියන් විසින් කියා ඇති කියමන තමයි : දෙවියන් කියනවා. මා ඔබ රජවරුන්ගෙන් රජවරුන් බවට පත් කරනවා යන්නයි. මිනිසුන් ගීතාව කියවමින් සිටියා වුවත් කිසිම කෙනෙක් තවමත් එම තත්ත්වයට පත්වී තිබෙනවාද? රජවරුන්ගේත් රජවරුන් බවට පත් කරනවා යනුවෙන් පවසන තවත් අය සිටිනවාද. නමුත් ඔහු මෙම තත්ත්වයට පත් වන්නේත් නැහැ. ඔබ මෙවැනි දෙයක් මීට පෙර අසා තිබෙනවාද? මොහු තමයි මේ සියළුම දේ දරුවන් හට ඉගැන්වීමට හැකි ඔබගේ එකම පියා දරුවනි, ඔබ දන්නවා ඔබ මේ ගෙවත්තෙහී පාලකයා ළඟට පැමිණෙන්නේ නැවුම් බවක් ලැබීමට බව. ඔබ එහි නඩත්තුකරුවන් වනවාත‍් සමඟම එම මල් බවටත් පත් වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම මෙහි නඩත්තුකරුවෙක් බවට පත් විය යුතුයි. නොයෙකුත් ආකාරයේ නඩත්තුකරුවන් සිටිනවා. ඔබ කිසිම ආකාරයක සේවයක් නොකළ හොත් ඔබ ලස්සන මලක් වන්නේ කෙසේද? ඔබ සැවොම ඔබෙන්ම ප්‍රශ්න කළ යුතු යි මා මොන ආකාරයේ මලක්ද මොන ආකාරයේ නඩත්තු කරුවෙක්ද කියා. දරුවනි. ඔබ මෙම දැනුම් සාගරය නැවත නැවතත් ආවර්ජනය කර බැලිය යුතුයි. ගුරුවරුන් දන්නවා මෙහි නොයෙකුත් ආකාරයේ නඩත්තු කරුවන් සිටිනවා කියලා. සමහර වගා කරුවන් ලස්සන ගෙවත්තක් සමඟ මෙහි පැමිනෙනවා. ඔබ හොඳ ගෙවතු අයිති කරුවෙක් නම් ඔබ හොද ගෙවත්තක් නිර්මාණය කරනවා. ඔබ මෙහි ලස්සන මල් ගෙන ආ විට සැමගේම සිත් සතන් සතුටට පත් වෙනවා. කොහොම නමුත් සමහරු ගොතන්නේ ඉතා ළාබ මල්. ගෙවත්තෙහි අයිති කරුවා දන්නවා ඔවුන් මොනවාගේ තත්ත්වයක් ද ලබන්නේ කියා. තවමත් කාලය ඉතිරි වී තිබෙනවා. සෑම කටුවකටම මලක් බවට පත් වීමට යම් කාලයක් ගත වෙනවා. නමුත් සමහරුන්ට මලක් වීමටවත් අවශ්‍ය නැහැ. ඔවුන් කටු ලෙසම සිටිමට කැමතියි. ඔවුන්ගේ දර්ශන හා ආකල්පයන් ඉතා කිළිටියි. ඔවුන් මෙහි පැමිනෙන විට හෝ ඔවුන් තුල කිසිම සුගන්ධයක් නැහැ. මෙම මල් වත්තෙහි අයිති කරුවා ඔහු ඉදිරියෙහි මල් තිබෙනවා දැකීමට හරිම කැමතියි. ඔහු ඒවා දකින විට බොහෝ සතුටු වෙනවා. ඔහු කෙනෙකුගේ ආකල්පයත් කිලිටි වු අවස්ථාවක එදෙස බැලීමට හෝ අකමැතියි. මේ නිසා තමයි ඔහු සෑම කෙනෙක්ම විභාග කර බලන්නේ ඔබ කුමන ආකාරයේ මලක් ද කියා. ඔබ මොන තරම් සුවඳක් විහිදුවනවාද? ඔබ දැන් කටුවකින් මලක් බවට පත් වෙලාද? ඔබගෙන්ම අසා දැන ගත හැකියි ඔබ කෙතරම් දුරට මලක් බවට පත් වී තිබෙනවාද එසේ නැති නම් තවමත් උත්සාහ කරනවාද කියලා. සමහරු නැවත නැවතත් කියනවා බාබා මට ඔබ අමතක වෙනවා කියලා. ඔවුන්ට බාබා හට සම්බන්ධ වීමට බැහැ. කොහොම නමුත් ඔබ බාබා සිහි නොකළ හොත් ඔබ මලක් බවට පත්වන්නේ කෙසේද? බාබා සිහි කරන්න එවිට ඔබගේ සියළු පාපයන් ඉන් අවසන් වී ඔබ මලක් බවට පත් වී අන් අයවත් මල් බවට පත් කළ හැකි තත්ත්වයකට පත් වීමට ඔබට හැකි වනවා. ඔබ ගෙවත්ත නඩත්තු කරන්නා ලෙස හැඳින්විය හැක්කේ එවිටයි. බාබා නැවත නැවතත් ඔවුන් ගෙන් අසනවා. මෙහි සිටින ඔබ එවැනි නඩත්තු කරුවෙක්ද? ඔබට ඇයි මෙම තත්ත්වයට පත් වීමට නොහැක්කේ ඔබ ඔබගේ බැඳීම් වලින් මිදීම පමණයි කළ යුත්තේ. ඔබ තුළ ඇතුලාන්තයෙන් ශක්තිය තිබිය යුතුයි. ඒ වගේම සේවය සඳහා උද්යෝගය තිබිය යුතුයි. දැන් ඔබේ පියාපත් දිග හැරීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ බොහෝ සෙයින් සෙනෙහස දක්වන අයෙක් ඔබ විසින් අමතක කරනවාද? ඔබ මලක් බවට පත් වී අන් අයවත් මල් බවට පත් කරවන තුරු ඔබ උසස් ස්ථානයක් හිමි කර ගන්නේ කෙසේද? බාබාගේ සේවය මගින් ඔබට උපත් විසි එකක් සඳහා උසස් ස්ථානයක් හිමි කර ගත හැකියි. අධිරාජ්‍යයින් රජවරුන් ඵ් වගේම බොහෝ ධනවත් වූ සේවකයන් පවා එහි සිටිනවා. ඉන්පසු අනුපිළිවෙලින් බොහෝ ධනවත් නොවන සේවකයනුත් සේවකයනුත් පැමිනෙනවා. ඉතින් ඔබ දැන් කුමන තත්ත්වයකට ද පත් වීමට යන්නේ. කල්පයක් කල්පයක් පාසා ඔබ ඔබ විසින් කරන ලද උත්සාහයට අනුව යම් ස්ථානයක් ලබා ගන්නවා. ඔබ දැන් සම්පූර්ණ බලය සහිතව උත්සාහ දැරිය යුතුයි. ඔබ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් තත්ත්වයට පත් විය යුතුයි. හොඳින් උත්සාහ දරන සියළු දෙනා මෙය පුහුණුවට යොදවනවා. ඔබ සෑම දිනකම ඔබගේ ලාභාලාබ ගිණුව පරික්ෂා කර බැලිය යුතුයි. සෑම අවුරුද්දකම දොළොස්වන මාසය වන තුරු සිටීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ ඔබගේ කුසලතාවන් සෑම දිනකම පරික්ෂා කර බැලිය යුතුයි. ඔබ කිසිම පාඩුවක් ඇති කර නොගත යුතුයි. එසේ නැතහොත් ඔබ තුන්වන පන්තියට වැටෙනවා. පාසලක වුවත් අනුපිළිවෙලක් තිබෙනවා සුමිහිරි, සුමිහිරි දරුවනි. ඔබ දන්නවා මේ ලෝක බීජය වන ඔහු පැමිණි විට අප සැමටම බ්‍රහස්පති ග්‍රහයා ලබනවා කියලා. ඉන්පසු රාවන් පැමිණි විට අපි නැවතත් නරක ග්‍රහයන් ලබනවා. එකක් උසස්තම දෙය වන අතර අනෙක පහත්ම ග්‍රහයායි. මේ ශිවාගේ පන්සල වැනි වූ ලස්සන යුගය දැන් ගණිකා මඩමක් බවට පත් වී තිබෙනවා. දරුවනි. දැන් ඔබට ලබා තිබෙන්නේ බ්‍රහස්පති ග්‍රහයායි. මුලදීම නම් මෙම ගස නවතාවයකින් තිබෙනවා නමුත් පසුව එහි වයස යන විට එය පැරණි වෙනවා. මේ ගෙවත්තෙහි අයිතිකරුත් එහි නඩත්තු කරුවන් වන ඔබත් දිගින් දිගටම දියුණුවට පත් වෙතවා. ඔබ සෑම කෙනෙක්ම බාබා හට මලක් ගෙන ආ යුතුයි. සමහර අවස්ථා වලදී බලාපොරොත්තු රහිතව ඉතා ලස්සත වූ මල් බාබා ඉදිරියට පැමිනෙනවා. සමහර දුවරුන් මෙහි ඒමට දක්ෂ ක්‍රම අනුගමනය කරනවා. බාබා කියනවා: ඔබ විසින් ලස්සන මල් ගෙනැවිත් තිබෙනවා. සමහර අවස්ථාවලදී එහි නඩත්තු කරුවන් දෙවන පත්තියට වැටෙනවා ඒ මල් ඊටත් වඩා ලස්සන වනවා. ඉතින් ඒ ලෝක පාලකයන් වීමට යන ඔවුන් ශිව බාබා ඉදිරියට පැමිණීම බලාපොරොත්තු රහිතව සිදුවන දෙයක්. ඔවුන් ගෙදරදී බැට කන විට ඔවුන් බාබා හට ආරක්ෂා කර ගන්නැයි කියනවා. ඔවුන් තමයි නියම ද්‍රව්පතින් ලෙස හැඳින්විය හැක්කේ. අතීතයේ සිදු වූ දේ කෙසේ හෝ නැවතත් සිදු විය යුතුයි. ඔබ කෑ ගසමින් සිටි නිසා දැන් බාබා මෙහි පැමිණ ඔබට ආරක්ෂාකාරීව සිටීමට නොයෙකුත් උපාය මාර්ග පෙන්වා දෙනවා. මෙසේ මෙම දැනුම අන් අයටත් ලබා දිය යුතුයි. ඔබ තමයි මෙම දැනුම අන් අයට දෙන කුරුමිණියන්. ඔවුන් එවිට හැඳින්විය හැක්කේ කුහුඹුවන් ලෙසයි. නිරන්තරයෙන්ම ඔවුන්ට මෙම දැනුම මුමුනන්න. ඔවුන්ට කියන්න දෙවියන් කියනවා කියා: රාගය තමයි ඔබගේ පරම හතුරා. එම රාගය පරාජය කිරීමෙන් ඔබට මෙම ලෝකයේ පාලකයන් බවට පත් විය හැකියි. සමහර විට අහිංසක අයගේ වචන ඔවුන්ගේ සිත් තුලට කා වැදී ඔවුන් කියනවා: ඔව් ඔබට යන්න අවසරයි කියලා. ඔබ දිව්‍ය තත්ත්වයට පත් කරන ඔහු ලඟට ඔබට යා හැකියි. එය මාගේ වාසනාවෙහි නැහැ නමුත් ඔබට එහි යාමට පුළුවන් ද්‍රව්පතින් මෙලෙස කෑ ගසනවා. බාබා කියනවා: මෙම දැනුම ඔවුන්ට මුමුණන්න. කොහොම නමුත් සමහර ගැහැණුත් සිටිනවා. ඔවුන් හඳුන්වන්නේ සුප්නාකා හා පුට්නා (පාපයෙන් පිරි ස්ත්‍රීත්) ලෙසයි. පුරුෂයින් ඔවුන්ට මෙම දැනුම දෙන විට ඔවුන් කුහුඹුවන් වැනියි. ඔවුන්ට පාපයෙන් තොරව ජිවත් විය නොහැකියි. ඇසීමට හෝ නොහැකි ආකාරයේ දේවල් බාබා වෙත එනවා. සමහර කුමාරින් පවා කටු බවට පත් වෙනවා. මේ නිසා තමයි බාබා කියන්නේ: ඔබගේ කේන්ද්‍රය ගැන මට කියන්න. (ජීවිත කතාව). ඔබ එය පියා හට නොපවසා හංගාගාගෙන සිටිය හොත් එය තවත් දරුණු අතට හැරෙනවා. ඔබ කිසිම විටෙක බොරු නොකළ යුතුයි. ඔබගේ ආකල්පයත් එවිට තවත් නරක් වේවි. කොහෝම නමුත් බාබා හට පැවසීමෙන් ඔබ ආරක්ෂා විය හැකියි. ඔබ සත්‍යයම පැවසිය යුතුයි. එසේ නැතහොත් ඔබ බොහෝ සෙයින් පිඩා විඳීමට සිදු වනවා. බාබා කියනවා: පාපයෙහි ගැලෙන අයගේ මුහුණු කැත වනවා. අපිරිසිඳු වනවා යනු ඔබගේ මුහුණ කැත කර ගැනීමක්. ක්‍රිෂ්ණා හඳුන්වන්නේ ශ්‍යාම් සුන්දර ලෙසයි. ඔවුන් ක්‍රිෂ්ණාව අඳුරු ස්වරූපයකින් පෙන්වනවා. ඔවුන් රාමා හා නාරායන් පවා අවලස්සන මිනිසුන් ලෙස පෙන්වා තිබෙනවා. ඔවුන් කිසිම දෙයක් තේරුම් ගෙන නැහැ. නමුත් ඔබට නම් නාරායන්ගේ ලස්සන පින්තුරයක් තිබෙනවා. මෙය තමයි ඔබගේ ඉලක්කය හා අරමුණ. ඒ අවලස්සන නාරායන් බවට පත් වීමට ඔබ කිසිසේත් කැමති නැහැ. පන්සල් වල පෙන්වා තිබෙන නාරායන්ගේ ස්වරූපය සම්පුරණ වැරදි දෙයක්. පාපයෙහි ගැලීම නිසා තමයි ඔවුන්ගේ මුහුණු අවලස්සන වූ වේ. දැන් මගේ දරුවන් මෙම කලි යුගයෙන් මිදි සත් යුගය වෙත යා යුතුයි. භාරතය අනිවාර්යයෙන්ම " රත්නන් කුරුල්ලා" බවට පත් විය යුතුයි. කාලි දෙවියන් කල්කථාවෙහි කාලී ලෙස හඳුන්වනවා. ඔවුන් ඇසීමට වත් නොහැකි ආකාරයේ භයානක පින්තූරයක් කාලී වෙනුවෙන් නිරර්මාණය කර තිබෙනවා. බාබා කියනවා: දැරුවනි, ඒ සියළුම දේ අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔබ දැන් මෙම දැනුම ලබා තිබෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ පියාපත් දිග හැරීමට දැන් උත්සාහ දරන්න. සියලු බන්ධන වලින් මිදී දැන් දක්ෂ වතුකාරයෙක් වන්න. කටු මල් බවට පත් කිරීමෙහි සේවයෙහි යෙදෙන්න.

2. ඔබ කෙතරම් දුරට සුවඳවත් වි තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. ඔබගේ ආකල්පයන් පිරිසිඳුද? ඔබගේ ඇස් ඔබ රවටනවාද? ඔබගේම චරිතය පිළිබඳව වාර්තාවක් තබාගෙන ඔබගේ සියලු දුර්වලතා මඟ හරවා ගන්න.

වරදානය:
ඔබ ස්වාධිපත්‍යයට අයිතියක් ඇති කුල්මල්භාවයෙන් හා ශ්‍රද්ධා විශ්වාසයෙන් නිරන්තරයෙන් බලවත් වූ පහසු සහ නිරන්තර යෝගීවරයෙකු වේවා.

ස්වාධිපතියෙකු වීම යන්නෙන් අදහස් වන්නේ සිතිවිලි වලින් පවා රැවටිය නොහැකි ලෙස ඔබේ සියලු භෞතික ඉන්ද්‍රියන් මත පූර්ණ පාලනයක් තිබීමයි. ඔබට සමහර විට සුළු හෝ ශරීර අවධානයක් තිබේ නම්, ඔබ බලය හෝ කේන්තිය භාවිත කරයි, නමුත් ස්වාධිපත්‍යය දරන, තමන්ටම ස්වාමියෙකු වන අය නිරන්තරයෙන් නිරහංකාර වන අතර ඔවුන් නිරන්තරයෙන් නිහතමානීව සේවය කරයි. එබැවින්, ඔබම ස්වාමියෙකු, ස්වාධිපතියෙකු වීමේ කුල්මත්භාවයෙන් හා විශ්වාසයෙන් බලවත් වන්න: එවිට ඔබ පහසුවෙන්ම පහසු, නිරන්තර යෝගීවරයෙකු වන අතර මායා ජය ගන්නෙකු හා ලෝකය ජය ගන්නෙකු වනු ඇත.

පාඨය:
ප්‍රදීපාගාරයක් වී ඔබේ මනසින් සහ බුද්ධියෙන් ආලෝකය විහිදුවාලීමෙහි කාර්යබහුල වන විට ඔබ කිසිම දෙයකට බිය නොවනවා ඇත.