06.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම අධ්‍යයනය ඔබගේ අනාගත උසස් වංශයට යාමට ඇති පදනමයි. යාචකයින් වන ඔබට රාජකුමාරයින් විය හැක්කේ මෙම ඉගෙනීමෙන් පමණයි.

ප්‍රශ්නය:
රන් හැන්දක් කටට ගැනීමට ඔබට හැකි වන්නේ කුමන ක්‍රම දෙක මගින්ද ?

පිළිතුර:
එකක් භක්ති මාර්ගයේ දාන මාන දීම් හා පින්දහම් කිරීමයි. අනික මෙම දැනුම හැදෑරීමයි. භක්ති මාර්ගයේ දානමාන දී පින්දහම් කළ විට ඔබ රජකෙනෙකුට හෝ ධනවත් පුද්ගලයෙකුට දාව උපත ලබනවා. කෙසේවෙතත්, එය සීමිත කරුණක්. මෙම දැනුම හැදෑරීමෙන් ඔබට රන් හැන්දක් කටට ගත හැකි වෙනවා. මෙම කරුණ අසීමිතයි. භක්ති මාර්ගයේ ඉගෙනීමෙන් අධිරාජ්‍යයක් දිනා ගත හැකි වන්නේ නැහැ. මෙහිදී කෙනෙක් හොඳින් ඉගෙන ගත් තරමට උසස් තත්ත්වයක් ද හිමි කර ගනු ඇත.

ඕම් ශාන්ති.
අධ්‍යාත්මික පියා මෙහි සිට ඉතාමත් ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට කරුණු පහදා දෙනවා. මෙය හඳුන්වන්නේ ආධ්‍යාත්මික දැනුම කියලයි. පරමාත්ම පියා පැමිණ භාරතයේ ඔය දරුවන්ට දැන් තමන් ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්නයි කියා කියනවා. පියා විශේෂයෙන්ම මෙම අණ නිකුත් කර තිබෙනවා. එමනිසා ඔබ ඔහුට ඇහුම් කන් දිය යුතුයි. එහෙම නේද? ඉහළම ඉහළ පියාගේ ශ්‍රීමත් උපදේශ ඉතාමත් ප්‍රසිද්ධයි. ශිව බාබාට පමණයි ශ්‍රී ශ්‍රී කියා කිව හැක්කේ කියා ඔය දරුවන් දන්නවා. ඔහු අපවත් ශ්‍රී ශ්‍රී කරවනවා. ශ්‍රී යනු උසස් බවයි. ලක්ෂ්මි හා නාරායන්ව ඒ තත්ත්වයට පත් කෙරෙව්වේ පරමාත්ම පියා බව ඔය දරුවන් දන්නවා. අපි දැන් නව ලෝකය සඳහා ඉගෙන ගන්නවා. නව ලෝකය දිව්‍ය ලෝකය කියාත් අමරණියත්වයේ දේශය කියාත් හඳුන්වනවා. එය වර්ණනා කිරීමට නම් කිහිපයක්ම යොදා ගන්නවා. මිනිස්සු දෙව්ලොවත් අපායත් ගැන ගතා කරනවා. අහවල් අහවල් කෙනා ස්වර්ගස්ත වුණා කියා මිනිස්සු කියනවා. එමනිසා, ඉන් අදහස් වන්නේ ඔවුන් තවමත් අපායේ වාසීන් බවයි. දිව්‍ය ලෝකය කුමක්ද අපාය කුමක්ද නැතිනම් නව ලෝකය කුමක්ද පැරණි ලෝකය කුමක්ද යන මූලික අවබෝධයවත් මිනිසුන්ට නැහැ. ඔවුන්ට ඒ කිසිවක්ම තේරෙන්නේ නැහැ. සෑම තැනකම ඇත්තේ බාහිර ආටෝපයයි. ඔය දරුවන් අතරිනුත් අතලොස්සක් පමණයි තමන්ට උගන්වන්නේ පරමාත්ම පියාම පමණක් බව තේරුම් ගෙන සිටින්නේ ඔබ මෙහි පැමිණ සිටින්නේ ලක්ෂ්මි හෝ නාරායන් වීමටයි. අපි යාචකයින්ගෙන් රාජකුමරින් වෙන්නම් පළමුව අප ගිහින් රාජකුමාරවරුන් වෙන්නම්. මෙය අධ්‍යයනයකි. නීතිඥයෙක් වීමට ඉගෙන ගන්නා විට අනාගතයේ සාදනා නිවස හෝ කිරීමට බලාපොරොත්තු වන එක් එක් වැඩකටයුතුත් ඔබගේ සිහියේ තිබෙනවා. තම තමන්ගේ රාජකාරි ගැන සෑම කෙනෙක්ම දැනුවත්. මෙම දැනුමින් ඔය දරුවන් උසස් පවුල් වල උපත ලබනවා. වැඩි වැඩියෙන් ඉගෙන ගත් තරමට ඔබ ඉපදීමට සිටිනා පවුල ද ඒ තරම් උසස් පවුලක් වේවි. රජකෙනෙකුට දාව උපත ලබා පසුව ඔබ රාජ්‍ය පාලනය භාරගනීවි. රන්වන් හැන්දක් කටේ අරන් කියා කියනවා. පළමුව, ඔබට රන්වන් හැන්දක් ලැබෙන්නේ මෙම දැනුම හැදෑරීමෙනුයි. දෙවනුව විශාල දාන මානාදිය දී පින්දහම් කළ විට ඔබ රජකෙනෙකුට දාව උපත ලබනවා. ඒ වුණත් එම කරුණ සීමිතයි. මෙහි මෙම කරුණ අසීමිතයි. සියල්ල ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න. කිසියම් දෙයක් නිවැරදිව තේරුම් ගත නොහැකි නම් ඒ ගැන අසා දැන ගත හැකියි. බාබාගෙන් ඇසිය යුතු දේවල් සටහන් කර තබා ගන්න. ප්‍රධානම දෙය පරමාත්ම පියාව සිහි කිරීමයි. කුමන හෝ සැකයක් තිබෙනවා නම් බාබා එය නිවැරදි කරාවි. භක්ති මාර්ගයේ දන් දීම් හා පින්දහම් කිරීම් තුළින් ඔබ ධනවත් පුද්ගලයෙකුට දාව උපත ලබනා බව ඔය දරුවන් දන්නවා. කිසියම් කෙනෙක් කිසියම් වැරදි දෙයක් කළ විට එයට සරිලන උපතක් ලබනවා. බාබා ලඟට පැමිණෙන ඇතැම් අය තුළ මහා විශාල කර්ම බන්ධන තිබෙනවා. ඒ ගැන අහන්නවත් එපා. ඒ සියළුම කර්ම බන්ධන පැමිණෙන්නේ අතීතයෙනුයි. ඇතැම් රජවරුන්ට ඉතාමත් දරුණු කර්ම බන්ධන තිබෙනවා. ලක්ෂ්මි හා නාරායන්ට කිසිම බන්ධනයක් නැහැ. එහි නිර්මානය සිදුවන්නේ යෝග බලයෙනුයි. යෝග බලයෙන් අපට රාජ්‍යයක් දිනා ගත හැකි නම් ඒ ආකාරයෙන්ම දරුවන් උපදින්න බැරිද? ඔවුන්ට කලින්ම ඒ ගැන පේන්න පටන් ගන්නවා. එය එහිදී ඉතාමත් සාමාන්‍ය දෙයක්. ලොකු සතුටකින් බැන්ඩ් ගහන්න පටන් ගන්නවා. මහළු පුද්ගලයෙක් කුඩා දරුවෙක් වෙලා කුඩා දරුවෙකුට ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුටත් වඩා වැඩි ගරු සැලකිල්ලක් දක්වන්නේ ඒ පුද්ගලයින් පවා ජීවිතයේ විවිධ අවධින් පසු කර මහළු වියට පත්වන නිසායි. පාප ගැන ඔවුන් සියල්ලම දන්නවා නමුත් කුඩා දරුවෙක් ඒ කිසිවක් ගැන දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් එවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ටත් වඩා ශ්‍රේෂ්ඨයි කියා කියන්නේ. එහි (ස්වර්ණමය යුගයේ) සිටිනා සෑම කෙනෙක්ම ශ්‍රේෂ්ඨයි. ක්‍රිෂ්ණා පවා හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ලෙසිනුයි. එවන් ශ්‍රේෂ්ඨ උත්තමයින් සිටින්නේ ස්වර්ණමය යුගයේ පමණයි. එවන් කිසිම කෙනෙක් මෙහි සිටින්න බැහැ. ඔය දරුවන් නව ලෝකයේ උපත ලැබීමට යන නිසා දැන් ඇතුලාන්තයේ විශාල සතුටකින් සිටිය යුතුයි. මෙම පැරණි ලෝකය විනාශ වීමටයි යන්නේ. නිවසක් පැරණි වුණු විට තමන් දැන් නව නිවසකට යනවාය යන හැඟීමෙන් ඔබලා සතුටු වෙනවා. කිරිගරුඬ වීදුරු ගල් අල්ලා සෑදූ ලස්සන ගෙවල් තිබෙනවා. ජෛන ආගමිකයින්ට විශාල ධනස්කන්ධයක් තිබෙනවා. ඔවුන් තමන් ඉතාමත් උසස් කුලයකින් පැවත එන්නන් වශයෙන් සළකනවා. මෙහි කිසිම උසස් පැළැන්තියක් නැහැ. විවාහ සහකරුවෙක් සොයනා විට කුළය බලනවා. එහි කුලමල හේදයක් නැහැ. ඇත්තේ එකම එක දේවතා කුලය පමණයි. මේ සඳහා සංගම යුගයේදී ඔබ විසින් පුහුණු කළ යුතු දේ නම්: අප සෑම කෙනෙක්ම ජීවාත්මයනුයි. එකම එක පියාගේ දරුවනුයි. පළමුව ජීවාත්ම සත්තාවත් දෙවනුව ශරීරයත් තිබෙනවා. ලෝකයේ සිටිනා සෑම කෙනෙක්ම සිටින්නේ ශාරීරික අවධානයෙනුයි. ඔබ දැන් ජීව අවධානයට පත් විය යුතුයි. ඔබගේ පවුල් වල අය සමඟ නිවසේ ජීවත් වන අතර ඔබගේ අභ්‍යන්තර තත්ත්වය බලවත්ව තබා ගත යුතුයි. බාබාට දරුවන් රාශියක් සිටිනවා. එය ලොකු පවුලක්. ඔහුට නොයෙකුත් වගකීම් තිබෙනවා. මොහුත් උත්සාහ දැරිය යුතුයි. මම සන්යාසීවරයෙක් නොවෙයි. පරමාත්ම පියා මොහුට ඇතුළු වෙලා. බ්‍රහ්ම, විශ්නු හා සංකර් ගේ රූප තිබෙනවා. ඒ අතරින් උසස්ම වන්නේ බ්‍රහ්මායි. ඉතින් ඔබ ඔහුව ඉවත් කළහොත් පියා ඇතුළු වන්නේ කාටද? බ්‍රහ්මා අළුතින් උපන් කෙනෙක් නොවෙයි. ඔහුව හදාගන්නේ කෙසේද ඔබලා බ්‍රහමින්වරුන් වන්නේ කෙසේද කියා ඔබට දැක බලා ගත හැකියි. මේ දේවල් ගැන දන්නේ ඔබ පමණයි. අනිත් අය මොනවාද දන්නේ? ඔවුන් කියනවා: එක් කාලෙක මැණික් වෙළෙන්දෙක් ලෙස සිටි කෙනාට දැන් ඔබ බ්‍රහ්මා කියනවා… මෙතරම් විශාල බ්‍රහමිනේවරුන් පිරිසක් සෑදෙන්නේ කොහොම ද කියා එවන් අයට තේරෙනවාද? සෑම කරුණක්ම ඉතාමත් පැහැදිලිව තේරුම් කර කියා දිය යුතුයි. මේ සෑම දෙයක්ම ඉතාමත් ගැඹුරු කරුණුයි. මේ බ්‍රහ්මා භෞතිකයි (ව්‍යක්ත්) ඒ කෙනා (සූක්ෂම කලාපයේ සිටින්නා) සූක්ෂමයි (අව්යක්ත්) මෙම බ්‍රහ්මා පාරිශුද්ධ වී ඒ අව්යක්ත් බ්‍රහ්මා වෙනවා. මොහු කියනවා: මම මේ කාලයේ පාරිශුද්ධ නැහැ. මම ඔහු සේ පාරිශුද්ධ වෙමින් සිටිනවා. ප්‍රජාපිතා (ප්‍රජාවගේ පියා) සිටිය යුත්තේ මෙහියි. ඔහු වෙන කොහින් එන්නද? පියාම පැහැදිලි කර කියා දෙනවා: මම අපිරිසිදු ශරීරයකට ඇතුළු වෙනවා. අනිවාර්යෙන්ම මොහු ප්‍රජාපිතා විය යුතුයි. සූක්ෂම කලාපයේ සිටින්නාව එසේ හැඳින්විය නොහැකියි. එහි අය කරන්නේ මොනවාද? මොහු පිරිසිදු වන්නේ තනිවමයි. මොහු උත්සාහ දරන්නාක් සේ ඔබත් ඔබගේම ස්වාධීන උත්සාහය දරා පාරිශුද්ධ විය යුතුයි. ඔබලා ලෝක පාලක වරුන් වෙනවා. දෙව්ලොව හා අපාය සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. දැන් සෑම දෙයක්ම කොටස් කොටස් වලට බෙදී ගිහින්. ඔබගේ රාජ්‍ය තිබුණේ මීට වසර 5000 කට පෙරයි. කෙසේවෙතත්, ඒ මිනිස්සු වසර සිය දහසක් ගැන කතා කරනවා මීට කල්පයකට පෙර මේ දේවල් තේරුම් ගත් අය පමණයි නැවතත් මේවා තේරුම් ගන්නේ. මුස්ලිම්වරුන් , පාසීන් ආදි සෑම ආකාරයකම මිනිස්සු මෙහි පැමිණෙනවා. ඔවුන් මුස්ලිම්වරුන් විය හැකියි. නමුත් පසුව ඔවුන් හින්දුවරුන්ට මෙම දැනුම දේවි. ඒක මහා පුදුමයක්. තවත් උදාහරණයක් ලෙස කිවහොත් සීඛි ධර්මයට අයිති අයත් රාජයෝගාව උගන්වනවා. දේවතා ධර්මයෙන් අනික් ආගම් වලට ගිය අය නැවතත් තම දේවතා ධර්මයටම පැමිණේවි පැළය පැළ වෙමින් පවතිනවා. ක්‍රිස්තියානුවන් හා පාසීන් ඔබ ලඟට පැමිණෙනවා. බෞද්ධයනුත් පැමිණේවි. කාලය තව තවත් ලං වෙන්න වෙන්න ඔබගේ නම සෑම තැනකම රැව් පිළිරැව් දේවි. එක් දේශනයකින් බොහෝ දෙනෙක් ඔබ ලඟට පැමිණේවි. මෙය තමන්ගේ සැබෑම ධර්මය බව ඔවුන්ට සිහිපත් වේවි. අපේ ධර්මයට අයිති අය අනිවාර්යෙන්ම නැවතත් මෙහි පැමිණේවි. වසර සිය දහසක කථාවක් එහි නැහැ. පරමාත්ම පියා මෙහි සිට කරුණු පහදා දෙනවා: ඊයේ ඔබ දේවතා වංශයට අයිතිව සිටියා. දැන් නැවතත් වතාවක් දේවතාවරුන් වීමේ තම උරුමය ඔබලා පියාගෙන් දිනා ගනිමින් සිටිනවා. සැබෑම පාන්දවයින් ඔබලායි. පාන්දවයින් මග පෙන්වන්නනුයි ඒ මග පෙන්වන්නන් භෞතිකයි. ඔය බ්‍රහමින්වරුන් ආධ්‍යාත්මික මග පෙන්වන්නනුයි. ඔබලා දැන් අසීමිත පියාගෙන් ඉගෙන ගන්නවා. මේ සම්බන්ධයෙන් ඔබ තුළ විශාල කුල්මත් බවක් තිබිය යුතුයි. අපගේ අසීමිත උරුමය හිමි කර ගත හැකි පරමාත්ම පියා ලඟට දැන් අපි යනවා. ඒ පරමාත්ම පියා අපේ ගුරුවරයාත් වෙනවා. මෙහෙට මේස, පුටු අවශ්‍ය නැහැ. ඔබ ලියා ගන්නා සෑම සටහනක්ම ඔබගේම උත්සාහයටයි. ඇත්තටම කියනවා නම් මේ සියල්ල අවබෝධ කර ගත යුතු කරුණුයි. ශිව බාබා පෑන් වලින් ලියන්නේ නැහැ. ඔහු ඔබට ලිවීමට ගන්නේ පැන්සලක් රතු අකුරින් ලියවුණු ලියුම ඔබට ඇවිත් තිබෙන්නේ ශිව බාබාගෙන් කියා එවිට ඔබ දැන ගන්නවා. පරමාත්ම පියා: අධ්‍යාත්මික දරුවනි කියා ලියනවා. ඒ ඔබගේ අධ්‍යාත්මික පියා කියා එවිට ඔය දරුවන්ටත් තේරෙනවා. ඔහු තමයි ඉහළම ඉහළ කෙනා. ඔබ ඔහුගේ උපදෙස් අනුගමන කළ යුතුයි. පරමාත්ම පියා කියනවා: ඔබගේ ලොකුම සතුරා රාගයයි. එය මුල සිටන් අග දක්වාම ඔබට වද දෙනවා. ඒ භූතාත්මයට හසු වන්න එපා. පාරිශුද්ධව සිටින්න. මිනිස්සු අහෝ පාරිශුද්ධකරුවාණනි කියා කන්නලව් කරනවා. පාලනය සඳහා ඔබට ලොකු ශක්තියක් ලැබෙනවා. එවිට කාටවත් ඔබව යටත් කර ගන්න බැහැ. ඔබ ඉතාමත් සතුටු වෙනවා. එමනිසා, මෙම ඉගෙනීමට ඔබ ලොකු අවධානයක් යොමු කළ යුතුයි. අපි අපේ රාජ්‍යය දිනා ගන්නවා. ඔබ සිටියේ කොයි තත්ත්වයේද පත්වන්නේ කුමන තත්ත්වයකටද කියා ඔබ දන්නවා. දෙවියන්ගේ කියමන නම් මම ඔබට රාජයෝගාව උගන්වා ඔබව රජවරුන්ගේත් රජවරුන් කරවමි. පරමාත්ම දෙවියන් කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජීවාත්මයන් අහෝ බාබා කියා කන්නලව් කරනවා. එමනිසා, ඔහු පැමිණෙන්නේ කෙසේද කවදාද කියා ඔවුන් දැන ගත යුතුයි. නාටකයේ මුල, මැද හා අග ගැනත් එහි කාලපරාසය ගැනත් දන්නේ මිනිසුන් පමණයි. මේ ගැන දැන ගැනීමෙන් ඔබලා දේවතාවරුන් වෙනවා. ඥානය ඇත්තේ විමුක්තිය ලැබීමටයි. දැන් මේ ඇත්තේ කලි යුගයේ අවසානයයි. සෑම කෙනෙක්ම සිටින්නේ පරිහාණි අවධියකයි ස්වර්ණමය යුගය විමුක්තියයි. බාබා පැමිණ සිටින්නේ සෑම කෙනෙකුටම විමුක්තිය ලබාදීමට බව ඔබ දැන් දන්නවා. ඔහු පැමිණ සිටින්නේ සෑම කෙනෙක්වම අවදි කරවීමටයි. මෙය සොහොන් බිමක් නොවෙයි. නමුත් සෑම කෙනෙක්ම සිටින්නේ ඝන අන්ධකාරයේයි. එමනිසා, ඒ අයව අවදි කරවීමට ඔහු පැමිණෙනවා. තද නින්දෙන් අවදිවන දරුවන් තමන් ශිව බාබාගේ දරුවන් වන නිසා කිසිම දෙයක් සම්බන්ධයෙන් කණස්සල්ලට පත් නොවිය යුතු බව දැන ගෙන මහා සතුටක් විඳිනවා. පරමාත්ම පියා අපව ඇඬීම කියා දෙයක් ගැන සඳහනක්වත් නැති ලෝකයක පාලකවරුන් කරවනවා. මෙය අඬනා ලෝකයයි. එය ප්‍රමෝදයේ ලෝකයයි. බලන්න පින්තූර වල ඔවුන්ගේ මුහුණු කෙතරම් සතුටකින් පිරී ඉතිරී තිබෙනවාද කියලා. ඔවුන්ගේ හැඩරුව ඒ ආකාරයෙන්ම මෙහි හදන්න බැහැ. ඔවුන්ගේ හැඩරුව මේ මේ වගේ විය හැකියි කියා ඔබට සිතා ගත හැකියි. තමන් දැන් අමරණිය දේශයේ අනාගත රජකුමාරවරුන් වීමට සිටිනා බව ඔය සුමිහිරි දරුවන්ට දැන් මතකයි. මෙම මරණිය දේශය පිදුරු ගොඩ, ගිණි ගත යුතුයි. සිවිල් යුද්ධයකදී තමන් මරන්නේ කාවද කියාවත් නොදැන ගෙන මිනිසුන් ඝාතනයට ලක් කෙරෙනවා. ඒ දුක් අඳෝනා වලින් පසුව ජයඝෝෂා නැඟේවි. ඔබ ජය ගෙන අන් සෑම කෙනෙක්ම විනාශ වී යාවි. ඔබ රුද්‍රා මාලාවේ ඇමිණී පසුව විශ්නු මාලාවේ පබුළුවක් වේවි. ඔබ දැන් නිවහන බලා යාමට උත්සාහ දරනවා. භක්තිය මහා ඉහළින් පැතිරිලා. අප්‍රමාණ කොල ගණනාවක් ඇති ගසක් සේ භක්තිය දැන් පැතිරිලා තිබෙනවා. බීජය ඥානයයි. ඒ බීජය ඉතාමත් කුඩායි. බීජය බාබායි. මෙම බීජය වැඩෙන්නේ කෙසේද පෝෂණය වන්නේ කෙසේද හා විනාශ වන්නේ කෙසේද කියා ඔබ දන්නවා. විවිධාකාර ආගම් වලින් සැදී උඩු යටිකුරු වුණු ගස මෙයයි. ලෝකයේ සිටිනා එකම එක කෙනෙක් වත් මේ ගැන දන්නේ නැහැ. තම පාප දුරු වී යන තරමට පරමාත්ම පියාව සිහි කිරීමට ඔය දරුවන් දැන් විශාල උත්සාහයක් දැරිය යුතුයි. ගීතාව කියවනා අය කියනවා: මන්මනාභව.. සෑම ශාරීරික ආගමක්ම අතහැර දමා ජීවාත්ම සන්තාවක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න කෙසේවෙතත්, එහි සැබෑම අරුත කාටවත් තේරෙන්නේ නැහැ. ඒ භක්ති මාර්ගයයි. මෙය ඥාන මාර්ගයයි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. එහි කණස්සළු වීමට කිසිම දෙයක් නැහැ. දැනුමින් ටිකකට හෝ ඇහුම් කන් දුන් පුරවැසියන්ගෙන් කෙනෙක් වේවි. දැනුම කිසි විටෙක විනාශ වී යන්නේ නැහැ. මෙය නිවැරදිවම අවබෝධ කරගෙන උත්සාහ දරන්නන් ඉහළ තත්ත්වයක් දිනා ගනීවි. අප නව ලෝකයේ රාජකුමාරවරුන් වීමට යන බව ඔබගේ බුද්ධියට දැන් වැටහෙනවා. තම විභාග වලින් සමත් වුණු විට සිසුන් සතුටට පත් වෙනවා. ඔබලා ඒ වගේ දහස් ගුණයක අතීන්ද්‍රිය සුවයක් විඳිය යුතුයි. ඔබලා මුළු ලෝකයේම පාලකවරුන් වෙනවා. කිසිම සිදුවීමකදී ඔබ මූණ එල්ලා නොගත යුතුයි. තම බ්‍රහමින් ගුරුවරිය සමඟ ඔබට ඉදිරියට යා නොහැකි වූ විට ඔබ පියා සමග අමනාප වෙනවා. එසේ කරනවා වෙනුවට ඔබගේ බුද්ධියේ යෝගාව පියා වෙත සම්බන්ධ කරවා ගන්න ලොකු සෙනෙහසකිනේ ඔහුව සිහි කරන්න. බාබා, මම දිගින් දිගටම ඔබව සිහි කර නැවත නිවහන වෙත යාමට එන්නම්. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම දෙයක් ගැන දුක් නොවන්න. සෑම විටම ප්‍රමෝදමත්ව සිටින්න. තමන් ශිව බාබාගේ දරුවන් බවත් පරම පියා පැමිණ සිටින්නේ ඔබව ලෝක පාලකවරුන් කරවීමට බවත් සෑම විටෙකම සිහියේ තබා ගන්න.

2. ස්ථාවර ස්ථිතියකින් නිරන්තරව සිටීමට නම් ජීව අවධානයට පත් වීමට උත්සාහ දරන්න. මෙම පැරණි නිවහනට ඇති සෑම බැඳීමකින්ම මිදෙන්න.

වරදානය:
ඔබ ඔබේ බුද්ධිය මතගෑමේ බලයෙන් බලවත් කර, සර්වබලධාරී අධිපතියෙකු බවට පත් වේවා.

ඔබේ බුද්ධිය දිව්‍යමය බවට පත් කිරීමට මතගෑමේ බලය පෝෂණය ලබා දෙයි. භක්ති මාර්ගයේ මිනිසුන් මතක තබා ගැනීම පුරුදු කරන ආකාරයටම, මෙම දැනුම තුළ, මතගෑමේ බලය ඇත. මෙම බලය භාවිත කිරීමෙන් ඔබ සර්වබලධාරී අධිපතියෙකු බවට පත්වනු ඇත. සෑම දිනකම අම්රිත් වේලාවේදී, ඔබේ එක් ගරු නාමයක් ඔබේ දැනුවත්භාවයට ගෙන, එය දිගටම කරගෙන යන්න. මෙම මතගෑමේ බලය සමඟ ඔබේ බුද්ධිය බලවත් වනු ඇත. මායාට බලවත් බුද්ධියකට පහර දිය නොහැක - එයට බලපෑම් කළ නොහැක. පළමුවෙන්ම මායා ඔබේ දිව්‍ය බුද්ධිය නාස්තිකාර සිතිවිලි ඊතලයකින් දුර්වල කරයි. මෙම දුර්වලතාවයෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට මාර්ගය වන්නේ මතගෑමේ බලය භාවිත කිරීමයි.

පාඨය:
කීකරු දරුවන් ආශිර්වාද ලැබීමට සුදුසු වන අතර එම ආශිර්වාදවල බලපෑම ඔබේ හදවත නිරන්තරයෙන් තෘප්තිමත්ව තබයි.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

නිරතුරුවම අසීමිත ජීව අවධාන දැක්මක් සහ ඔබගේ සම්බන්ධතාවල සහෝදරත්වයේ ආකල්පයක් පවත්වා ගන්න, එමෙන්ම සියලු ජීවාත්ම වෙනුවෙන් සුබ පැතුම් ඇති කරගන්න, එවිට ඔබට අනිවාර්යෙන් එහි ඵලය ලැබෙයි. එබැවින් උත්සාහ දැරීමෙන් වෙහෙසට පත් නොවන්න. අධෛර්යමත් නොවන්න. ඔබගේ බුද්ධිය තුළ විශ්වාසය තබාගෙන ‘මගේ’ යන අවධානයෙන් ඈත්ව සිටින්න, එවිට ඔබ නොකඩවා ජීවාත්මයන්ට සාමයේ සහ බලයේ සහයෝගය ලබා දෙයි.