06.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අම්රිත් වේලාව ඉතාමත්ම හොඳයි. එබැවින් උදේ පාන්දරින්ම අවදි වී, හුදෙකලාව
අසුන්ගෙන, බාබා සමඟ මිහිරි කතා බහක යෙදෙන්න.
ප්‍රශ්නය:
ඔබට නිරන්තර
යෝගියෙක් වීමට බොහෝ සේ උපකාරී වන දැනුම කුමක්ද?
පිළිතුර:
නාටකය පිළිබඳ දැනුම. කුමක් සිදුවුවත් එය නාටකයේ නියමිත වී තිබේ. ඔබගේ ස්ථීතිය
සුළුවෙන්වත් චංචල නොවිය යුතුයි. අවස්ථාව කෙබඳු වුවත්, භූමිකම්පාවක් තිබුණත්,
ව්‍යාපාරයේ පාඩු සිදු වුවත්, ඔබ තුළ කිසිම දෙයක් පිළිබඳව සුළු හෝ සැකයක් මතු නොවිය
යුතුයි. මෙයට, මහාවීරයෙක් (එඩිතර සෙබලෙක්) වීම යැයි කියයි. නාටකය පිළිබඳව නිවැරදි
දැනුම නොමැති නම්, ඔබ දිගටම කඳුළු සලයි. නාටකය පිළිබඳ දැනුම තිබීම, ඔබට නිරන්තර
යෝගියෙක් වීමට බොහෝ සේ උපකාරී වෙයි.
ගීතය:
ශිවාට නමස්කාර
වේවා.
ඕම් ශාන්ති.
එය දැන්
අපවිත්‍ර ලෝකයේ අවසානය බව, ඔය දරුවන්ට ඉතා හොඳින් වැටහෙයි. එය දැන් පිවිතුරු ලෝකයේ
ආරම්භයයි. මෙය දන්නේ ඔය දරුවන් පමණයි. මෙම උපදෙස් හෝ ශ්‍රීමත් ලැබෙන්නේ ඔය දරුවන්ට
පමණයි. ඔබට මෙය ලබා දෙන්නේ කවුද? උසස්ම-උසස් පරමාත්ම දෙවියන්ය. ඔබ අපවිත්‍ර බවින්
පිවිතුරු විය යුතු බව, ඔහු අඛණ්ඩව ඔබට පහදා දෙයි. මෙම දැනුම ඔබටයි. අන් සෑම කෙනෙක්ම
අපවිත්‍රයි. මෙම අපවිත්‍ර ලෝකය අනිවාර්යෙන්ම විනාශ වීමටයි තිබෙන්නේ. පාපයේ ගැලෙන
අයට අපවිත්‍ර යැයි කියයි. පියා පහදා දෙන්නේ ඔබ උපතින් උපතට එකිනෙකාට දුක ගෙන දී ඇත.
ඔබ එහි ආරම්භයේ සිට මැද තුළින් අවසානය තෙක්ම දුක් අත්විඳ ඇත්තේ මේ නිසාය. ඔබ දිගින්
දිගටම එකිනෙකාව අපවිත්‍ර කරයි. ඔවුන් අපවිත්‍ර බව හඬ නැඟුවත් ඔවුන්ගේ බුද්ධිය තුළ
මෙය මුළුමනින්ම සනිටුහන් වන්නේ නැත. ඔවුන් අඬ ගසන්නේ ’පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු
මැනවි’ එනමුත් ඔවුන් අපවිත්‍ර වීම නතර නොකරයි. ඒ සියල්ල, පිවිතුරු වීම ගැන බව, ඔබට
දැන් වැටහෙයි. මේ සියලු දේ විස්තර කළ හැකි කෙනෙක් ඔබට අවශ්‍යයි. මෙය විස්තර කළ
හැක්කේ, ඒකායන කෙනාට පමණයි. ඒ කිසිම ගුරූ කෙනෙකුට, කිසි කෙනෙක්ව පිවිතුරු කළ නොහැක.
ඔබ පාරිශුද්ධ විය යුතුයි, එක් උපතකට පමණක් නොවෙයි, නමුත් උපතින් උපතට. ඔබගෙන්
දැනුමින් සපිරි අය, වේගයෙන් ඉදිරියට යයි. මෙය නාටකයට අනුව තීරණය වී තිබේ. ඒ සමඟම ඔබ
බොහෝ සේ එඩිතරද විය යුතුයි. එය සිදුවිය හැකි වන්නේ, පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන්
පමණයි. පියා මෙතැන අසුන්ගෙන, ඔබට ඉතා හොඳින් විස්තර කර දෙයි. බාබා පවසන්නේ හිමිදිරි
උදෑසනින් අවදි වී, බාබා සිහි කරන්න. එය සිහිපත් කිරීමේ සිටීමට ඉතා සුන්දර වේලාවක්
එයට අරුණෝදය යැයි කියයි. භක්ති මාර්ගයේ මිනිසුන් පවසන්නේ අහෝ සිත, හිමිදිරි හෝරාවේ
දෙවියන් සිහි කරන්න! පියාද පවසන්නේ උදේ පාන්දරින් අවදි වී පියාව සිහිපත් කරන්න,
එවිට ඉන් ඔබ විශාල ආශ්වාදයක් ලබයි. ඔබ පියාගේ සිහිපත් කිරීමේ අසුන්ගෙන සිටින විට,
අන් අයට විස්තර කර දෙන අන්දම ගැන, සිතිය යුතුයි. අම්රිත් වේලාවේ වාතාවරණය ඉතා
පිවිතුරුයි. දිවා කාලයේ ඔබ ඔබගේ දවසේ වැඩ කටයුතු වල යෙදී සිටිනවා. මැදියම් රැය වන
තුරු, අපවිත්‍ර වාතාවරණයක් පවති. තාපසයන්, පූජකයන් සහ බැතිමතුන් යන සියලු දෙනා,
භක්තියේ යෙදෙන්නේ හිමිදිරි හෝරාවේය. ඇත්ත වශයෙන්ම ඔවුන්ට මුළු දවස පුරාම වුවත්
සිහිපත් කිරීමේ සිටිය හැක. ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වල ඔවුන් නිරත වී සිටියද,
ඔවුන්ගේ බුද්ධිය, ඔවුන් වන්දනා කරන දේවතාව සමඟ යෝගාවේ සම්බන්ධ වී තිබෙයි.
කෙසේවෙතත්, කිසිවෙකුට එසේ රැඳී සිටීමට නොහැක. භක්ති මාර්ගයේදී, ඔවුන් දර්ශනයක් ලබා
ගැනීමට උත්සාහ දැරුවද, ඔවුන්ට කිසි දෙයක් ලැබෙන්නේ නැත. වන්දනාමාන ආදිය කරන අතරතුර
ඔවුන් තමෝප්‍රධාන් විය යුතුයි. භක්ති මාර්ගයේ පවා ඔවුන් ශිවාට යාගයක් පුද කරයි.
ඔවුන් එයට කියන්නේ, කාශිහි, තමන්ව බිලි දීම කියාය ඔවුන් ශිවා සිහි කරමින් ලිඳක්
තුළට පනියි. එය ශිවාට කරන පූජාවයි. එය, භක්ති මාර්ගයේ කරන පූජාවයි. මෙය, දැනුම
මාවතේ කරන කැප කිරීමය. එය අපහසු වන අතර, මෙයද අපහසුයි. භක්ති මාර්ගයේ එය තුළින්
කිසිම ප්‍රයෝජනයක් නැත. එය දැනුම නොවෙයි. එය ජීවාත්මයක්, ඔහුගේ සිරුර නසා ගන්නා
සේය. තවද, ජීවාත්මයක්, උත්තරීතර ජීවාත්මය බවද ඔවුන් පවසයි. ජීවාත්ම අවධානයෙන්
සිටින්නේ ඒකායන පියා පමණක් වන අතර, ඔහු පමණක් උත්තරීතර ජීවය බව, ඔහු ඔය දරුවන්ට
පහදා දෙයි. මා වන ජීවය, උත්තරීතර ජීවය බව පැවසීම, විශාලතම බොරුවයි. එය කිසිසේත්
සිදු විය නොහැක්කක්! පරම පියා පවසන්නේ මා පැමිණෙන්නේ අපවිත්‍ර අය පිවිතුරු කිරීමට
පමණයි, එබැවින් මා දැන් ඔබව පිවිතුරු කරනවා. කෙසේවෙතත්, නාටකයේ සිදුවීමට ඇති ඕනෑම
දෙයක් සිදුවෙයි. නිදසුනක් ලෙසින්, භූමිකම්පාවක් සිදුවන්නේ නම්, හෝ වහලේ කඩාගෙන
වැටෙන්නේ නම්, එය ඉරණම බව කියයි. එය පෙර චක්‍රයේද ඒ අන්දමින්ම සිදුවිය. ඒ නිසා
සුළුවෙන්වත් චංචල වීමට අවශ්‍ය නැත. ඔබ නාටකය ගැන බොහෝ ස්ථාවරව රැඳී සිටිය යුතුයි.
මෙයට, එඩිතර සෙබළෙක් වීම යැයි කියයි. මිනිසුන් බොහොමයකට හදිසි අනතුරු ආදිය
සිදුවෙයි. ඔවුන්ගෙන් කවරෙකු වුවද ආරක්ෂිතද? එය නාටකයේ නියම වී තිබේ. නාටකයේ ඔවුන්ගේ
චරිත කොටස් එබඳුය. නාටකය නොතේරෙන අය, සිරුරු සිහිපත් කරමින් දිගටම කඳුළු සලයි.
ඔවුන්ට කිසි විටෙක ශිව බාබාව සිහි කළ නොහැක, මන්ද, ඔවුන් ශිව බාබාට සෙනෙහස නොදක්වන
බැවින්. ඔවුන්ට එම සත්‍ය සෙනෙහස නොමැත. පියා කෙරෙහි පූර්ණ සෙනෙහසක් තිබිය යුතුයි.
සෑම චක්‍රයකදීම, ශිව බාබා කෙරෙහි සෙනෙහසින් යුතු බුද්ධි ඇති අය බවට ඔබ පත් වෙයි.
දේවතාවන්ට, පියා කෙරෙහි සෙනෙහින් යුතු බුද්ධි ඇති අය, යැයි ඔබ නොකියයි. මෙකල සෙනෙහස
තිබීමෙන්, ඔවුන් එම තත්ත්වය ලබා ගත්තා. එහිදී ඔවුන් කිසි දෙයක් නොදනී. ඔහු කෙරෙහි
සෙනෙහස තිබීම සඳහා, චක්‍රය පුරාවටම, ඔබ ශිව බාබා පිළිබඳව කිසිම දෙයක් නොදනී. පියා
දැන් ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දී ඇත. පියා පවසන්නේ දැන් අන් සෑම කෙනෙකුගෙන්ම ඉවත්
වී, මාහට පමණක් ඔබව සම්බන්ධ කරගන්න. මෙය නියත වශයෙන්ම විනාශයේ කාලයයි. ඔය දරුවන්
මෙය දන්නා නමුත් මිනිසුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේය. ඔබ පියාගෙන් ඔබගේ සම්පූර්ණ
උරුමය හිමි කරගත යුතු බව, ඔබට දැන් වැටහෙයි. සිහිපත් කිරීමේ නොසිට, ඔබට සතෝප්‍රධාන්
විය නොහැක. ශල්‍ය වෛද්‍යවරයෙක් වී, තමාගේම රෝගය පරීක්ෂා කර බලන්න. ශ්‍රීමත් අනුගමනය
කර, ඔබ තුළ පියා කෙරෙහි කෙතරම් සෙනෙහසක් තිබේද කියා බලන්න. අම්රිත් වේලාවේ පියාව
සිහිපත් කිරීම හොඳය. හිමිදිරි උදෑසන හෝරාවන් ඉතා හොඳයි. එම වෙලාවට මායාගේ කිසිදු
කුණාටුවක් නොතිබෙයි. මධ්‍යම රාත්‍රිය තෙක් තපස්යාවේ සිටීමේ කිසිදු ඵලයක් නැත, මන්ද,
එම වේලාව ඉතා අපිරිසිඳු බැවින්. එම වෙලාවේදී වාතාවරණය ඉතාමත්ම නරකයි. එබැවින් ඔබ
එය, පෙව 1.00 පසුවන තෙක් තැබිය යුතුයි. පෙ.ව 1.00 පසු වූ පසු වාතාවරණය හොඳයි. පරම
පියා පවසන්නේ ඔබගේ එය, පහසු රාජයෝගාවයි. එබැවින් ඔබට සැප පහසුවෙන් අසුන් ගත හැක.
බාබා, ඔහු බාබාට කතා කරන අන්දම ගැන ඔහුගේම අත්දැකීම ඔබට පවසයි බාබා, මෙම නාටකය
කෙතරම් ආශ්චර්යමත්ද! ඔබ පැමිණ, අපවිත්‍ර අයව පිවිතුරු කරන අන්දම බලන්න! බලන්න, ඔබ
මුළු ලෝකයම වෙනස් කරන අන්දම! එය මහා විශ්මයකි! පියාට මෙම සිතිවිලි ඇති වන
ආකාරයෙන්ම, මනුෂ්‍ය ඔරුව එතෙරට ගෙන යන්නේ කෙසේද පිළිබඳ සිතිවිලි, ඔය දරුවන්ටද තිබිය
යුතුයි. පියා පවසන්නේ ඔබ දිගින් දිගටම කන්නලව් කරයි අහෝ පාරිශුද්ධකරුවාණෙනි වඩින්න!
දැන් මා පැමිණ ඇති බැවින්, අපවිත්‍ර නොවන්න! අපවිත්‍ර වී ඉන්පසුව ඇවිත් රැස්වීමේ
අසුන් ගන්න එපා. එසේ වුවහොත් ඔබ වාතාවරණය අපවිත්‍ර කරයි. බාබාට දැනගන්නට ලැබෙනවා.
දිල්ලියේ සහ බොම්බායේ, පාපයේ ගැලෙන අය, පැමිණ එහි අසුන් ගනි. අසුරයන් පැමිණ, බාධක
ඇති කිරීමට අසුන්ගත් බව, සිහිකර තිබේ. පාපයේ ගැලෙන අයට අසුරයන් යැයි කියයි ඔවුන්
වාතාවරණය කිලිටි කරයි. ඔවුන්ට ලැබෙන දඬුවම් බොහෝ දැඩිය. බාබා සෑම දෙයක්ම විස්තර
කරයි. කෙසේවෙතත්, ඔවුන් තමන්ට පාඩුවක් සිදු නොකර සිටින්නේ නැත. ඔවුන් බොරු පවා
කියයි. ඔවුන් සැනෙකින් බාබාට ලියා මෙසේ පැවසිය යුතුයි බාබා, මා මෙම වරද සිදු කළා.
කරුණාකර මට සමාවන්න! ඔබගේ පාපයන් ගැන ලියන්න. එසේ නැත්නම් එම පාපයන් වැඩිවී, ඔබ
අපායේ අන්ත අගාධයේ නතර වෙයි. ඔවුන් පැමිණෙන්නේ යමක් ලබා ගැනීමටයි, නමුත් ඇත්ත
වශයෙන්ම ඔවුන් සිදුකර ගන්නේ තමන්ට පාඩුවකි. මෙයත් නාටකයේ කොටසකි. එවන් අසුරයන් පෙර
චක්‍රයේදී සිටියා ඔවුන් තවමත් සිටිනවා. ඔවුන් අමෘතය පසෙකට දමා, විෂ පානය කරයි.
ඔවුන් තමන්ට හානියක් සිදුකර, වෙනත් අයටද පාඩු සිදුකරයි ඔවුන් වාතාවරණය නරක් කරයි.
සියලුම ගුරුවරු එක හා සමාන නැත. ඇතුන් පිට යන්නන්, අශ්වාරෝහකයන් සහ පාබල අය සිටියි.
ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. ඔබට පරමාත්ම පියාව මුණගැසී ඇත ඔබට තවත් අවශ්‍ය
මොනවාද? ඔව්, ඔබ අනිවාර්යෙන්ම ඔබගේ දරුවන් ආදිය රැක බලා ගත යුතුයි. ඔවුන් සියලු
දෙනාම බාබාට අයත් කියා සිතා, එබැවින් ඔබට මෙසේ කිව හැකි යැයි නොසිතන්න බාබා, ඔබ
ඔවුන්ව රැකගන්න! මම දැන් අයත් ඔබටයි. පියා විස්තර කරන්නේ ඔබගේ නිවසේ පවුලේ අය සමඟ
වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් පිවිතුරු වන්න. අපවිත්‍ර ක්‍රියා සිදු නොකරන්න.
පළමුවැන්න රාගයයි. ද්‍රෞපදී, ආරක්ෂාව ඉල්ලමින් හඬ නැඟුවේ මේ නිසාය. ඇයගේ හඬට සවන්
දිය හැකි පියා පැමිණි විට, ඇය හඬ නැඟුවේය. ඔහු පැමිණීමට පෙර කිසි කෙනෙක් ආරක්ෂාව
(පාරිශුද්ධත්වය උදෙසා) ඉල්ලා හඬන්නේ නැත. ඔවුන් අඬ ගසන්නේ කාටද? ඔවුන් අඬ ගසන්නේ,
බාබා පැමිණ ඇති නිසාය. ඔවුන් අපවිත්‍ර බවින් පිවිතුරු වූ පසු, යන්නේ කොහාටද? ඔවුන්
ආපසු නිවසට යා යුතු අතර ඒ සඳහා කාලය මෙයයි. සියල්ලන්ට විමුක්තිය පිරිනමන්නා මෙන්ම
මුක්තිදායකයා එක්කෙනෙකි. මෙහි දුක තිබේ. කිසිම තාපසයෙකුට හෝ පූජකයෙකුට මෙහි සතුටින්
සිටිය නොහැක. සෑම කෙනෙකුටම එක් හෝ තව දුකක් හෝ රෝග ආදිය තිබේ. අන්ධ සහ කොර වූ
ගුරූන් පවා සිටියි. ඔවුන් එසේ අන්ධ සහ කොර වීමට, නිසැකවම එවන් ක්‍රියා සිදු කරන්නට
ඇති. ස්වර්ණමය යුගයෙදී, අන්ධ හෝ කොර වූ කිසිවෙක් නොසිටියි. මිනිසුන්ට මෙය වැටහෙන්නේ
නැත. පැමිණ මෙය පහදා දෙන්නේ පරමාත්ම පියා පමණයි. දැනුමේ මහා සාගරය මෙන්ම
පාරිශුද්ධකරු වන්නේ පරම පියා පමණයි. ඉතිරි සියලු දේ භක්තියයි. බන්දන සහිත දිවියකට
පහළට පැමිණීමට උපත් 84ක් ගත වෙයි. ඉන්පසුව, ජීවන මුක්ති දිවියක් තුළට යෑමට ගත වන්නේ
තත්පරයක් පමණයි, නමුත් ඒ ඔබ එම කෙනාගේ උපදෙස් පිළිපැද, ඔහු සිහිපත් කළොත් පමණයි! එය
අංකානුරූපයි. ඔවුන් පවසන්නේ අහවල් කෙනා අපගේ ගුරුවරයා වශයෙන් පැමිණෙන්නේ නම් හොඳයි.
ඔවුන් දුර්වල නිසයි, මාස දෙකක් හෝ හතරකට ඔවුන් වෙතට ගුරුවරයෙක් එවන ලෙස ඉල්ලීමක්
කරන්නේ. බාබා පවසන්නේ මෙයත් වරදකි. බාබා ඔබට බොහෝ පහසු දෙයක් පවසන විට, ඔබගේ
ගුරුවරයාව ඔබ සිහි කරන්නේ ඇයි? පියාව සිහිපත් කර, ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කරන්න,
එපමණයි! තවද මෙය අන් අයටත් විස්තර කර දෙන්න. එපමණයි! ගුරුවරයා පැමිණ කුමක් කරන්නද?
මෙය තත්පරයක කරුණක් පමණයි. ඔබගේ ව්‍යාපාරවල නියැලීම නිසා ඔබට එසේ කිරීමට අමතක වෙයි.
එවිට පවා ගුරුවරයාද කියන්නේ මන්මනාභව! සමහර නූගතුන්ට කිසි දෙයක් නොවැටහෙන අතර,
ඔවුන්ට හොඳ ගුරුවරයෙක් අවශ්‍ය බව කියයි. ඔබටද ඥානය ලැබී තිබේ. පියා සහ උරුමය සිහි
කරන්න! ශරීර අවධානය අත්හරින්න! ’මේ මගේ මධ්‍යස්ථානයයි.’ ’අරක ඒ කෙනාගේ
මධ්‍යස්ථානයයි.’ ’මේ ශිෂ්‍යයා එහි යන්නේ ඇයි?’ මේ සියලු දේවල් ශරීර අවධානයයි.
සියලුම මධ්‍යස්ථාන අයත් වන්නේ ශිව බාබාටයි ඒවා ඔබගේ නොවෙයි. අහවල් කෙනා ඔබගේ
මධ්‍යස්ථානයට පැමිණෙන්නේ නැති බව ඔබට දැනෙන්නේ ඇයි? ඔහුට ඕනෑම තැනකට යා හැක. බාබා
සෑම විටෙකම පවසන්නේ කිසිම කෙනෙකුගෙන් කිසි දෙයක් ඉල්ලන්න එපා. ඔබ බීජ වපුරන්නේ
නැත්නම්, ඔබට කුමක් ලැබෙයිද කියා, ඔබට වටහාගත හැක. භක්ති මාර්ගයේදීද ඔවුන් දන් දී,
පුණ්‍යකර්ම සිදු කරයි. භක්ති මාර්ගයේදී ඔබ දෙවියන් වෙනුවෙන් සෑම දෙයක්ම කරන්නේ
වක්‍රානුසාරයෙනි. මිනිසුන් සන්යාසීන්ට බොහෝ දන් දෙයි. සාමාන්‍යයෙන් දන් දෙන්නේ
දුප්පතුන්ටයි, ධනවතුන්ට නොවෙයි. හොඳම දේ වන්නේ ආහාර දන් දීමය. ඔබ දන් දෙන විට, ඔබගේ
මතු භවයෙදි එහි ඵලය ලැබෙන බව, පියා විස්තර කර දෙයි. පරමාත්ම දෙවියන් සෑම කෙනෙකුටම
එහි ඵලය ලබා දෙයි. තාපසයන්ට සහ පූජකයන්ට, කිසි ප්‍රතිලාභයක් ආපසු දිය නොහැක. එය ලබා
දෙන්නේ ඒකායන පියා පමණයි. ඔහුට ඕනෑම කෙනකුගේ මාර්ගයෙන් එය ලබා දිය හැක. පියා විස්තර
කර දෙන්නේ ඔබ දෙවියන්ගේ නාමයෙන් දෙන අතර, එහි ප්‍රතිලාභය ඔබගේ මතු භවයෙදී ඔබට
ලබාදීමට ඔහු වග බලා ගනී. මා දැන් ඔබ වෙතට ඍජුවම පැමිණ සිටියි. දැන් උපත් 21කට ඔබට
ප්‍රතිලාභය ලැබෙයි. මරණය ඔබ ඉදිරියේ සිටගෙන සිටිනවා! මරණය ඔබ අත ලඟ බවත්, එබැවින්
ඔබ සතු සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කළ යුතු බවත්, භක්ති මාර්ගයේදී ඔබට
පැවසුවේ නැත. ඔබට එසේ නොකීවේය. පරමාත්ම පියා, දැන් ඔබට පහදා දෙයි අවශ්‍ය ඕනෑම
කෙනෙකුට මෙම ආධ්‍යාත්මික රෝහල ආරම්භ කළ හැක. ඇතැම් මිනිසුන් පවසන්නේ, ඔවුන්
ගොඩනැගිල්ලක් තනා දෙන අතර, ඔබට එහි මෙම රෝහල විවෘත කළ හැකි බවත්ය. පියා පවසන්නේ ඔබ
අද ගොඩනැගිල්ලක් තනා, හෙට මියැදෙන්නේ නම්, සෑම දෙයක්ම අවසන් වන බවයි. ශරීරයට
සහතිකයක් නැත. ඔබට දැන් තිබෙන නිවසේ, ආධ්‍යාත්මික රෝහලක් සහ ආධ්‍යාත්මික කොලිජීයක්
විවෘත කළ හැකි, එක් කාමරයක් තබා ගන්න. ඔබ බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරන විට, ඔබට
බොහෝ උසස් තත්ත්වයක් හිමි වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත්
අනුගමනය කර, මෙම විනාශ කාලයේදී, ඒකායන පියා කෙරෙහි ඔබට සත්‍ය සෙනෙහසක් තිබේද කියා,
තමාව පරීක්ෂා කර බලන්න: මා සෑම කෙනකුගෙන්ම ඉවත් වී, ඒකායන කෙනාට පමණක් මාව සම්බන්ධ
කර තිබේද? මා යම් කිසි පාපකාරී ක්‍රියා සිදුකර ඒ අනුව අසුරයෙක් වන්නේද? මේ අන්දමින්
තමාව පරීක්ෂා කර, තමන්ව පරිවර්ථනය කරගන්න.
2. ඔබගේ සිරුරට
සහතිකයක් නැත. එබැවින් ඔබට ඇති සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කරන්න. ඔබගේ
ස්ථීතිය නිරතුරුවම ස්ථාවරව සහ නොසෙලවී තබා ගැනීමට, ඔබගේ බුද්ධිය තුළ නාටකය පිළිබඳ
වටහාගැනීම ඉතා හොඳින් තබාගෙන, ඉදිරියට යන්න.
වරදානය:
ඔබ කැපවීමෙන්,
මෙන්ම නැවත නැවතත් පරාජය වීම ද නවත්වා ජයග්‍රාහී මාස්ටර් සර්වබලධාරියෙකු වේවා.
සෑම සිතිවිල්ලක්ම
නිර්මාණය කර සෑම ක්‍රියාවක්ම කරමින් ඔබ ජයග්‍රාහී මැණිකක් ලෙස සලකන අතර ඔබ කිසි
විටෙකත් පරාජය නොවනු ඇත. මාස්ටර් සර්වබලධාරි අධිකාරියකට කිසි විටෙකත් පරාජය කළ
නොහැක. ඔබ නැවත නැවතත් පරාජයට පත් වුවහොත්, ඔබට ධර්මරාජ විසින් දඬුවම් ලැබීමට
සිදුවනු ඇත. පරාජයට පත් වූවන්ට අනාගතයේදී මල්මාලා සෑදීමට සිදුවනු ඇත; ඔවුන්ට තඹ
යුගයේ සිට බොහෝ පිළිම වලට මල්මාලා පළඳවන්නට සිදුවනු ඇත. එබැවින්, පරාජයට පත් වීම
වෙනුවට, ඔබම කැප වී ඔබේ පරිපූර්ණ ස්වරූපය අනුගමනය කිරීමට පොරොන්දු වන්න, එවිට ඔබ
ජයග්‍රාහී වනු ඇත.
පාඨය:
"සමහර විට" යන
වචන දුර්වලකම පෙන්නුම් කරන අතර එබැවින්, ‘මම එය සමහර විට කරාවි නොව ඔබ එය දැන් කළ
යුතුය.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
මම මෙම අසීමිත
වේදිකාවේ ක්‍රීඩකයෙක්මි. ක්‍රීඩකයෙකුගේ අවධිය ඔබට නිරන්තරයෙන් සතුටින් සිටීමේ
අත්දැකීම ලබා දෙයි. තත්ත්වය කුමක් වුවත්, ලෝකයේ මිනිසුන් එය විපතක් යැයි කියනු ඇත,
නමුත් නිරන්තරව ක්‍රීඩාවක් කරන සහ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස සියල්ල දකින ක්‍රීඩකයෙකු
එම විපත ක්‍රීඩාවක් ලෙස සලකන අතර ඉවසීමේ බලයෙන් එය විනෝදාස්වාදයක් ලෙස අත්විඳිනු
ඇත.