06.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනේ, සිහි කිරීමේ බලයෙන් ඔබගේ බුද්ධිය පිරිසිදු වෙයි, එමෙන්ම ඔබ දිව්‍යමය ගුණධර්මද ධාරණය කරගනි. එබැවින් හුදකලාව අසුන්ගෙන ඔබ කෙතරම් දිව්‍යමය ගුණධර්ම වර්ධනය කර තිබෙනවාද කියා, තමන්ගෙන් විමසන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන්ට නොතිබිය යුතු මහා රකුසු දුර්වලතාවය කුමක්ද?

පිළිතුර:
කෙනෙකුට රළු හෝ සැර අන්දමකින් කතා කිරීම ඉතා විශාල, රකුසු දුර්වලතාවයකි. මෙය නපුරු භූතාත්මයක් ලෙසත් හැදින්වෙයි. මෙම නපුරු භූතාත්මය කෙනෙක් තුළට ඇතුළු වූ විට එය බොහෝ හානි සිදු කරයි, එබැවින් ඔබ ඉන් ඉවතට පිය නැගිය යුතුයි. හැකි තාක් දුරට මෙය පුහුණු කරන්න: මා දැන් ආපසු නිවහනට ගොස් නව රාජධානියට යා යුතුයි. මේ ලෝකයේ සෑම දෙයක්ම දකින අතර කිසිවක් නොදකින්න.

ඕම් ශාන්ති.
ඔබ තම ශරීර හළා දමා ඉන්පසුව පෙරලා නිවහනට යා යුතු බව පරම පියා මෙහි අසුන්ගෙන ඔබට විස්තර කර දෙයි. තවද ඔබ මෙම ලෝකය අමතක කළ යුතුයි. මෙයත් පුහුණුවක්. ශරීරයේ සංකූලතා තිබෙන විට ඔබ තම ශරීරය මෙන්ම ලෝකයත් අමතක කිරීමට තැත් කළ යුතුයි. අමතක කිරීමේ පුහුණුව උදෑසන සිදු කළ යුතුයි. “මා දැන් ආපසු නිවහනට යා යුතුයි, එපමණයි.” ඔබ මුඵ ලෝකයම අතහැර ආපසු නිවහනට යා යුතු බවට දැනුම ඔය දරුවන්ට ලැබී තිබේ. බොහෝ දැනුම අවශ්‍ය නැහැ. ඔබ එම සැලකිලිමත්බව පවත්වා ගැනීමට තැත් කළ යුතුයි. ඔබගේ සිරුරු නිසා ඔබට කෙතරම් අපහසුතා තිබුණත්, මෙය පුහුණු කරන්නේ කෙසේද කියා ඔබට විස්තර කර දී තිබේ. ඔබ නොසිටිනවා වැනිය. මෙයත් හොද අභ්‍යාසයක්. දැන් ඉතිරි වී ඇත්තේ කෙටි කාලයක් පමණයි. අප දැන් ආපසු නිවහනට යා යුතුයි. ඔබට පරම පියාගේ උදව් මෙන්ම මෙම කෙනාගේ උදව්ද තිබෙනවා. ඔබට අනිවාර්යෙන් උදව් ලැබෙනවා, නමුත් ඔබත් උත්සාහ දැරිය යුතුයි. ඔබට කුමක් පෙනුනත් එය නොතිබෙයි. ඔබ දැන් ආපසු නිවහනට යා යුතුයි. ඉන්පසුව ඔබගේ රාජධානියට ඔබ යා යුතුයි. අවසානයේ ඉතිරි වන්නේ මේ දෙක පමණයි: ඔබ යා යුතුයි, ඉන්පසුව පැමිණිය යුතුයි. ඔබ ස්මරණයේ සිටීමෙන් ඔබට වද දුන් ශාරීරික රෝග ඉබේටම අඩු වන අතර සතුට පමණක් ඉතිරි වන බව දැක තිබේ. සතුට තරම් පෝෂණයක් නැත. එබැවින් ඔය දරුවන්ට මෙය පහදා දිය යුතුයි: දරුවනේ, ඔබ දැන් ආපසු නිවහනට යා යුතුයි. ඔබගේ මිහිරි නිවහනට ඔබ යා යුතුයි. ඔබ මෙම පැරණි ලෝකය අමතක කළ යුතුයි. මෙය ස්මරණ වන්දනා ගමන ලෙස හැදින්වෙයි. මේ ගැන ඔය දරුවන් දන්නේ දැන් පමණයි. පරම පියා සෑම කල්පයකදීම පැමිණෙයි. ඔහු එකම දේ පවසයි, එනම්, තව කල්පයකට පසුව ඔහු නැවත ඔබව මුණ ගැසෙන බව. පරම පියා පවසන්නේ : ඔබ දැන් කුමන දේකට සවන් දුන්නත්, කල්පයකට පසුව ඔබ එම දේටම නැවතත් සවන් දෙයි. පියා මෙසේ පවසන බව ඔය දරුවන් දන්නවා : මා සෑම කල්පයකම පැමිණ ඔය දරුවන්ට මාර්ගය පෙන්වනවා. ඔය දරුවන්ගේ යුතුකම වන්නේ එම මාර්ගය අනුගමනය කිරීමය. පියා පැමිණ ඔබට මාර්ගය පෙන්වා ඔබව ඔහු සමග රැගෙනත් යයි. ඔහු ඔබට මාර්ගය පෙන්වා දෙනවා පමණක් නොවෙයි, නමුත් ඔහු ඔබව ඔහු සමග රැගෙනද යයි. අවසානයේ මෙම පිංතූර ආදියෙන් ප්‍රයෝජනයක් නොවන බවත් ඔබට විස්තර කර දී තිබෙනවා. පියා ඔහුගේම හැදින්වීම ඔබට ලබා දී තිබේ. පියාගේ උරුමය වන්නේ අසීමිත ආධිපත්‍යය බව, ඔය දරුවන්ට වැටහෙයි. පෙර දින දේවාල වලට ගොස් මෙම දරුවන්ගේ (ලක්ෂ්මි සහ නාරායන) ප්‍රශංසා ගීත ගායන කළ අය - බාබා කොහොමත් ඔවුන්ව අමතන්නේ “දරුවනේ, දරුවනේ” කියාය - ඔවුන් බොහෝ ශ්‍රේෂ්ඨ බව කියමින් ගීත ගායනා කළ අතර ඔවුන් දැන් නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට උත්සාහ දරමින් සිටිනවා. මෙය ශිව බාබාට අළුත් දෙයක් නොවෙයි. එය ඔය දරුවන්ට අළුත් දෙයක්. සටන් බිමක සිටින්නේ ඔය දරුවන්ය. නිෂේදනීය සහ නිෂ්ඵල සිතිවිලි කරදර කරන්නේ ඔබටයි. මෙම කැස්සත්, ඔහු විදිය යුතු, ඔහුගේ කර්මික ගිණුමක්. බාබා සිටින්නේ සතුටු මනෝ ස්ථිතියකයි. මෙම කෙනා කර්මතීට් විය යුතුයි. පරම පියා සෑම විටකම සිටින්නේ කර්මතීට් ස්ථිතියකයි. මායාගේ කුණාටු ආදිය සහ කර්මයේ විදවීම අත්විදින්නේ මම සහ ඔය දරුවන්ය. මෙය විස්තර කර දිය යුතුයි. පරම පියා ඔබට මාර්ගය පෙන්වයි. ඔහු ඔය දරුවන්ට සෑම දෙයක්ම විස්තර කර දෙයි. මෙම රථයට යම් දෙයක් සිදු වූ විට, දාදාට යමක් සිදු වී ඇති බවට හැගීම ඔබට ඇති වෙයි. බාබාට කිසිවක් සිදු වන්නේ නැහැ; එය සිදු වන්නේ මේ කෙනාටය. මෙම දැනුම මාර්ගයේ අන්ධ විශ්වාසය නොමැත. ඔහු ඇතුළු වන්නේ කුමන ශරීරයටද කියා පරම පියා පහදා දෙයි. ඔහුගේ බොහෝ උපත් වල අන්තිම උපතේ අවසානයේ මා මෙම අපවිත්‍ර සිරුර තුළට ඇතුළු වනවා. අනෙක් දරුවන් මෙන්ම ඔහුත් දරුවෙක් බව, දාදාටද වැටහෙයි. දාදා පවා උත්සාහ දරන්නෙක්; ඔහු අංග සම්පූර්ණ නැත. ප්‍රජාපිතා බ්‍රහ්මගේ ඔය සියලුම බ්‍රහ්මින් දරුවන් විෂ්ණු තත්ත්වය හිමි කරගැනීමට උත්සාහ දරමින් සිටියි. ඔබ ලක්ෂ්මි සහ නාරායන කීවත්, විෂ්ණු කීවත් එය එකයි. පියා ඔබට විස්තර කර දී ඇති අතර පෙර ඔබට කිසිවක් වැටහුනේ නැත. ඔබ බ්‍රහ්ම, විෂ්ණු හෝ ශංකර් පිළිබදව හෝ තමන් පිළිබදව වත් වටහාගෙන සිටියේ නැත. දැන් ඔබ පරම පියාව සහ බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ව දකින විට, මෙම බ්‍රහ්ම තපස්යාවේ සිටින බව ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. ඔහු සිටින්නේ එම සුදු පැහැති ඇදුමින්මයි. ඔබට කර්මතීට් ස්ථිතිය ඇති වන්නේ මෙහිදිය. ඔබට කල් තියා දර්ශන ලැබෙයි: මෙම බාබා සුරදූතයෙක් බවට පත්‍ වෙයි. ඔබත් අංක පිළිවෙලට ඔබගේ කර්මට් ස්ථිතිය අත්කරගෙන, සුරදූතයන් වන බවත් ඔබ දන්නවා. ඔබ සුරදූතයන් බවට පත් වූ විට යුද්ධය ආරම්භ වන බව ඔබට වැටහෙයි. මෙවන් කියමනකි: “දඩයමට මරණය සහ දඩයක්කරුට සතුට.” මෙය ඉතා උසස් ස්ථිතියකි. ඔය දරුවන් මෙම දැනුම ධාරණය කරගත යුතුයි. ඔබ චක්‍රය වටා යන බවට විශ්වාසය ඔබට තිබේ. වෙනත් කිසිවෙකුට මෙම දේවල් වටහාගත නොහැක. මෙය අළුත් දැනුමක් වන අතර පියා ඔබට සිහි කිරීම උගන්වන්නේ ඔබට පිවිතුරු වීම සදහාය. ඔබට පියාගෙන් උරුමය හිමි වන බවත් ඔබට වැටහෙයි. ඔබ සෑම කල්පයකදීම පරම පියාගේ දරුවන් බවට පත් වෙනවා. ඔබ උපත් 84හි චක්‍රය වටා ගොස් තිබේ. ඔවුන් ජීවාත්ම බවත්, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පියා බවත්, ඔවුන් දැන් එම පියාව සිහි කළ යුතු බවත්, ඕනෑම කෙනෙකුට විස්තර කර දෙන්න. ඔවුන් දිව්‍යමය රජකුමරුන් විය යුතු බවත් ඔවුන්ද එතරම්ම උත්සාහයක් දැරිය යුතු බවත් එවිට ඒ මිනිසුන්ගේ බුද්ධියට ඇතුළු වෙයි. ඔබ සියලුම දුර්ගුණ ආදිය අත්හැරිය යුතුයි. පියා විස්තර කරයි : ඔබලා සහෝදර සහෝදරියන් බවවත් සලකන්න එපා, නමුත්, ඔබ සහෝදරයන් බව සලකා, පියාව සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් අහෝසි වෙයි. වෙනත් අපහසුතාවයක් නැත. අවසානයේදි වෙනත් කිසි දේකට අවශ්‍යතාවයක් නොතිබෙයි. ඔබ කළ යුත්තේ පරම පියාව සිහි කිරීම පමණයි. ඔබ දේවවාදීන් විය යුතුයි. ඔබ ඔවුන් මෙන් සියලු ගුණධර්ම වලින් පිරිපුන් විය යුතුයි. ලක්ෂ්මි සහ නාරායනගේ පිංතූරය ඉතාම නිවැරදිය. පියාව අමතක කිරීමෙන්, ඔබට දිව්‍යමය ගුණධර්ම ධාරණය කිරීමටත් අමතක වෙයි. දරුවනේ, හුදකලාව අසුන්ගෙන මේ ගැන සිතා බලන්න: “මා බාබාව සිහිකර ඔවුන් මෙන් විය යුතුයි. මා එම ගුණධර්ම උකහා ගත යුතුයි.” එය ඉතා සුළු දෙයක්. ඔය දරුවන් බොහෝ උත්සාහ දැරිය යුතුයි. සමහර දරුවන් බොහෝ ශරීර අවධානයට පත් වෙයි! පියා පවසන්නේ : ඔබ ජීවාත්ම අවධානයට පත් වේවා! ඔබ ඔබගේ උරුමය පියාගෙන් හිමි කර ගත යුතුයි. ඔබ පියාව සිහි කරන්නේ නම් කසල ඉවත් වෙයි. බාබා දැන් පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. ඔහු බ්‍රහ්මගේ මාර්ගයෙන් නව ලෝකය ස්ථාපිත කරයි. එම ස්ථාපනය සිදු වන බව ඔය දරුවන් දන්නවා. මෙතරම් සරළ කාරණාවක් ඔබගෙන් ලිස්සා ඉවතට යයි. ඉන්නේ එක් ඇල්ෆා පමණක් වන අතර ඔබට ආධිපත්‍යය හිමි වන්නේ එම අසීමිත පියාගෙන්ය. පියාව සිහි කිරීමෙන් ඔබට නව ලෝකය සිහි වෙයි. අහිංසක කුදු වූ මව්වරුන්ටත් ඉතා හොද තත්ත්වයක් හිමි කරගත හැක. ඔබ කළ යුත්තේ තමන් ජීවාත්ම බව සලකා, පියාව සිහි කිරීම පමණයි. පියා ඔබට මාර්ගය පෙන්වා දී තිබේ. ඔහු පවසන්නේ : ඔබ ජීවාත්ම බවට විශ්වාසය ඇති කරගන්න. ඔබට පරම පියාගේ හැදින්වීම ලැබී තිබෙනවා. ඔබ උපත් 84 අවසන් කර ඇති බවත් ඔබ දැන් නිවහනට ගොස් ඉන්පසුව දෙව්ලොව ගොස් ඔබගේ චරිත කොටස් රගපාන බව ඔබගේ බුද්ධියේ දැන් සනිටුහන් වී තිබේ. මෙම ප්‍රශ්නය පැන නගින්නේ නැත: මා බාබාව සිහි කළ යුත්තේ කොහේද? මා ඔහු සිහි කරන්නේ කෙසේද? ඔබ පියාව සිහි කළ යුතු බව ඔබගේ බුද්ධිය තුළ තිබේ. පියා කොහේ ගියත් ඔහුගේ දරුවන් කොහොමත් ඔබලාය. ඔබ අසීමිත පියාවයි සිහිපත් කළ යුත්තේ. ඔබ මෙහි අසුන් ගන්න විට ඔබට පියාව පෞද්ගලිකව මුහුණට මුහුණලා හමුවන නිසා ඔබ ආනන්දය අත්විදියි. ශිව බාබාගේ උපත තිබිය හැක්කේ කෙසේද පිළිබදව මිනිසුන් අවුලට පත්ව සිටියි. එය ශිව රාත්‍රිය ලෙස හදුන්වන්නේ මන්ද කියා ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ශ්‍රී ක්‍රිෂ්ණාගේ උපත රාත්‍රියේ සිදු වූ බව ඔවුන්ට වැටහෙයි, නමුත් එය මෙම රාත්‍රිය (සීමිත) පිළිබද කරුණක් නොවෙයි. කල්ප භාගයක රාත්‍රිය අවසන් වෙයි, එබැවින් නව ලෝකය ස්ථාපිත කිරීමට පරම පියා එවිට පැමිණිය යුතුයි. එය ඉතා පහසුයි. මෙය ඉතා පහසු බව ඔය දරුවන්ටද වටහාගත හැක. ඔබ දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගත යුතුයි. එසේ නැත්නම් සිය ගුණයක පාපයන් එක් රැස් වෙයි. මට අපහාසයක් සිදුවීමට හේතු වන අයට උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැක. ඔබ පියාට අපහාසයක් සිදු කරන්නේ නම් ඔබගේ තත්ත්වය විනාශ වෙයි. ඔබ බොහෝ මිහිරි විය යුතුයි. රළු ලෙස කතා කිරීම දිව්‍යමය ගුණධර්මයක් නොවෙයි. එය රකුසු ගතියක් බව ඔබ වටහාගත යුතුයි. ඔබ සෙනෙහසින් පහදා දිය යුතුයි: එය දිව්‍යමය ගුණධර්මයක් නොවෙයි. කලි යුගය අවසානයකට පැමිණෙන බව ඔය දරුවන් දන්නවා. මෙය සංගම යුගයයි. මිනිසුන් කිසි දෙයක් දන්නේ නැත. ඔවුන් කුම්භකර්ණ නින්දේ නිදා සිටියි. ඔවුන්ට තව වසර 40,000ක් තිබෙන බවත් ඔවුන් දිගටම ජීවත් වී සතුට අත්විදින බවත් ඔවුන් විශ්වාස කරයි. ඔවුන් දිනෙන් දින වැඩි වැඩියෙන් තමෝප්‍රධාන් වන බව, ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔය දරුවන්ට විනාශයේ දර්ශන ලැබී තිබේ. ඔබ තව දියුණු වත්ම ඔබට බ්‍රහ්ම සහ ශ්‍රී ක්‍රිෂ්ණාගේ දර්ශනත් ලැබෙයි: බ්‍රහ්ම වෙතට යාමෙන්, ඔබ එම කෙනා මෙන් දිව්‍යලෝකයේ රජකුමරෙක් වෙයි. මේ නිසයි මිනිසුන්ට සාමාන්‍යයෙන් බ්‍රහ්ම සහ ශ්‍රී ක්‍රිෂ්ණා යන දෙදෙනාගේම දර්ශන ලැබෙන්නේ. සමහරුන්ට විෂ්ණුගේ දර්ශනයක් ලැබෙයි, නමුත් ඔවුන්ට එම දර්ශනයෙන් එතරම් වටහාගැනීමට හැකි වන්නේ නැහැ. නාරායනගේ දර්ශනයක් ලැබීමෙන් ඔවුන්ට යම් දෙයක් වැටහෙයි. අප මෙහි පැමිණෙන්නේ දේවතාවන් වීමටයි. ඔබ දැන් ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබද පාඩම ඉගෙන ගන්නවා. ඔබට පාඩමක් උගන්වන්නේ ඔබට සිහි කිරීමේ සිටීමට හැකි වීමටයි. ඉගෙන ගන්නේ ජීවාත්මයි. ශරීර පිළිබද අවධානය ඉවත් කෙරෙනවා. සෑම දෙයක්ම සිදු කරන්නේ ජීවාත්මයි. සෑම ජීවාත්මයක් තුළම හොද සහ නරක සංස්කාර තිබේ. ඔය මිහිරිතම දරුවන්ද වසර 5000කට පසුව පැමිණ මාව මුණ ගැසී ඇත. ඔබ ඒ අයමයි. ඔබට තිබෙන්නේ එම මුහුණුවරමයි. ඔබ වසර 5000කට පෙර සිටි ඒ අයමයි. තවද ඔබ මෙසේද පවසයි: “ බාබා, වසර 5000කට පසුව පැමිණ, අපව මුණ ගැසී ඇති ඔබ, එම කෙනාම වන අතර, ඔබ අපව දැන් මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කරනවා. අප දේවතාවන්ව සිටි අතර පසුව අප රකුසන් විය.” ඔබ දේවතාවන්ගේ ප්‍රශංසා ගීත ගායනා කරමින් තමන්ගේ දුර්ගුණ ගැන කතා කරමින් සිට ඇත. ඔබ දේවතා ලෝකයට යා යුතු බැවින් ඔබ දැන් නැවතත් දේවතාවන් විය යුතුයි. එබැවින් දැන් ඉතා හොදින් උත්සාහ දරා උසස් තත්ත්වයක් හිමි කර ගන්න. ගුරුවරයෙක් සියලු දෙනාටම ඉගෙන ගන්නා ලෙස පවසන අතර මෙසේ කියයි: ඔබ හොද ලකුණු ගෙන සමත් වුනොත් මගේ නම කීර්තිමත් වන අතර ඔබගේ නාමයත් කීර්තිමත් වෙයි. බොහෝ දරුවන් පවසන්නේ: “බාබා, මා ඔබ වෙතට පැමිණෙන විට, ඇතුලාන්තයෙන් කිසිදෙයක් මතු වන්නේ නැහැ; මට සෑම දෙයක්ම අමතක වෙයි.” ඔබ බාබා වෙතට පැමිණි සැනින්ම, ඔබ නිහඩ වෙයි. මේ ලෝකය අවසන් වී ඇති සේය. ඉන්පසුව ඔබ නව ලෝකයට යයි. එය ඉතාම ලස්සණ නව ලෝකයක් වෙයි. සමහරුන්ට සාම දේශයේ විවේකය ලැබෙයි. සමහරුන්ට කිසිම විවේකයක් ලැබෙන්නේ නැහැ; ඔවුන්ට චක්‍රය වටේටම යන චරිත කොටස් තිබේ. කෙසේවෙතත්, ඔවුන් තමෝප්‍රධාන් වීමෙන් සහ දුක් විදීමෙන් නිදහස් වෙයි. ඉන්පසුව ඔවුන්ට එහිදි සාමය සහ සතුට ලැබෙයි. එබැවින් ඔබ ඉතා හොදින් උත්සාහ දැරිය යුතුයි. ඔබට දෛවෝපගත වී ඇති ඕනෑම දෙයක් ඔබට හිමි වෙයි කියා නොසිතන්න. නැහැ, ඔබ උත්සාහ දැරිය යුතුයි. රාජධානියක් ස්ථාපිත වන බව වටහාගත හැක. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් අපි, අප වෙනුවෙන් රාජධානියක් ස්ථාපිත කරනවා. අපට ශ්‍රීමත් ලබා දෙන බාබා, කිසිම විටෙක රජෙක් ආදිය වන්නේ නැත. ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් අප එය බවට පත් වනවා. මෙය යම් අළුත් දෙයක්. මින් පෙර කිසිවෙක් කිසිදා මෙය අසා හෝ දැක නැහැ. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ පාරාදීසියේ ආධිපත්‍යය ස්ථාපිත කරන බව, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. අපි එම රාජධානිය ගණන් කළ නොහැකි වාර ගණනාවක් ස්ථාපිත කර තිබේ. අප එය හිමි කරගෙන ඉන්පසුව එය අහිමි කරගනී. මෙම චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වෙයි. ක්‍රිස්තියානි පූජකයන් ඇවිදින්නට යන විට ඔවුන් වෙනත් මිනිසුන් දෙස බැලීමට පවා ප්‍රියා නොකරයි. ඔවුන් ක්‍රිස්තු තුමාගේ ස්මරණයේ පමණක් සිටියි. ඔවුන් නිහඩව අවට ඇවිදියි. ඔවුන්ට එම වැටහීම තිබේ. ඔවුන් බොහෝ සේ ක්‍රිස්තුතුමාව සිහි කරයි; ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනයක් නිසැකව ලැබෙන්නට ඇති. සියලුම පූජකයන් එසේ නොවෙයි; ඔවුන් කෝටි ගණනකින් අතලොස්සකි. ඔබ අතරද එසේමයි. ඒ ආකාරයෙන් ස්මරණයේ සිටින්නේ කෝටි ගණනකින් අතලොස්සක් පමණයි. එය තැත් කර බලන්න. වෙනත් කිසිවෙක් දෙස නොබලන්න. පරම පියාව සිහි කිරීමෙන් සහ නොකඩවා ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කිරීමෙන් ඔබට බොහෝ සතුට ලැබෙයි. දේවතාවන් ශ්‍රෙෂ්ඨ බවත් මනුෂ්‍යයන් දූෂිත බවත් කියයි. මෙකල, කිසි කෙනෙක් දේවතාවක් නොවෙයි. භාරතය ගැන කියා තිබෙන්නේ: කල්ප භාගයක් එය දහවල වන අතර කල්ප භාගයක් එය රාත්‍රියයි. පියා පවසන්නේ : මා පැමිණ සියලු දෙනාටම විමුක්තිය පිරිනමනවා. වෙනත් ආගම් වලට අයත් අය, ඔවුන්ගේම කාලයේ තමන්ගේ ආගම ස්ථාපිත කිරීමට පැමිණෙයි. මෙහි පැමිණෙන සියලු දෙනාම මෙම මන්ත්‍රය ඔවුන් සමග පෙරළා රැගෙන යයි: ඔබ පියාව සිහිපත් කළ යුතුයි. ඔහුව සිහිපත් කරන අය, ඔවුන්ගේම ආගම්වල උසස් තත්ත්වයක් ලබා ගනී. ආධ්‍යාත්මික කලාගාරයක් හෝ කොලිජීයක් විවෘත කිරීමට ඔය දරුවන් උත්සාහ දැරිය යුතුයි. මෙසේ ලියන්න: ඔබට තත්පරයකදි දිව්‍යලෝක රාජධානිය හිමි කරගත හැක්කේ කෙසේද කියා පැමිණ විමසන්න. පරම පියාව සිහි කරන්න, එවිට ඔබට පාරාදීසියේ ආධිපත්‍යය හිමි වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඒකායන පියාව පමණක් සිහි කරන්න. සෑම දෙයක්ම දකින අතර කිසි දෙයක් නොදැක සිටීම පුහුණු වන්න. හුදකලාවේ අසුන් ගෙන, තමන්ව පරීක්ෂා කර බලන්න: මා කොතෙක් දුරට දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගෙන තිබෙනවාද?

2. පරම පියාට අපහාසයක් සිදුවන ආකාරයේ ක්‍රියා සිදු නොකරන්න. දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. ඔබගේ බුද්ධිය තුළ මෙය රදවා තබාගන්න: මා දැන් ආපසු නිවහනට ගොස් ඉන්පසුව රාජධානියට යා යුතුයි.

වරදානය:
සේවය වෙනුවෙන් ඔබට සියලු දෙනාගේ සුබ පැතුම් වල එකතුව තිබීමෙන්, ඔබට බලවත් ඵල ලැබී, ඒ අනුව ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.

ඔබ කුමන සේවයක් සිදු කළත්, එය සියලු දෙනාගේ සහයෝගයේ හැගීම්, සතුටේ හැගීම් සහ සුබ පැතුම් වලින් පිරි තිබිය යුතුයි, එවිට සියලුම කාර්යයන් පහසුවෙන් සාර්ථක වෙයි. පෙර කල, ඕනෑම කෙනෙක් විශේෂ කාර්යයක් සිදු කිරීමට පිටත්ව යන විට, ඔහු යන්නේ පවුලේ සියලු දෙනාගේ ආශිර්වාද ඇතිවයි. එබැවින් වත්මන් සේවයට මෙම එකතුව අවශ්‍යයි. ඕනෑම කාර්යයක් ආරම්භ කිරීමට පෙර, සියලු දෙනාගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් අරගන්න. සියලු දෙනාගේ තෘප්තියේ බලයෙන් ඔබව පුරවාගන්න, එවිට බලවත් ඵල ඉස්මතු වෙයි.

පාඨය:
“එහෙයි, මගේ ස්වාමී” කියා පියා පවසන සේම, ඔබත් “ එහෙයි මගේ ස්වාමී! එහෙයි මගේ ස්වාමී!” කියා පැවසූ විට, ඔබ පුණ්‍යකර්ම රැස් කරගනී.