06.07.25    Avyakt Bapdada      Sinhala Murli     18.01.2006    Om Shanti    Madhuban


සිතිවිලි, කාලය සහ වචන ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමයකින් සාර්ථකත්වයේ උත්සවය සමරන්න. අධෛර්යයට පත් ජීවාත්ම තුළ බලාපොරොත්තුවේ පහන දල්වන්න.


අද සෙනහසේ දිනයයි. සෑම තැනකම සිටින ඔබ සියලු දරුවන් සෙනහසේ සාගරයේ ඒකාබද්ධ වී ඇත. මෙම සෙනෙහස ඔබව පහසු යෝගියෙකු කරවයි. සෙනෙහස යනු ඔබව අනෙකුත් සියලු ආකර්ෂණයන්ගෙන් ඔබ්බට ගෙන යන දෙයකි. උපතේ සිටම ආශිර්වාදයක් ලෙස සෙනහසේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ඇත. පරිවර්තනය කිරීමට සෙනහසට බලය ඇත. ඉතින්, අද, බාබා සෑම තැනකම දරුවන් වර්ග දෙකක් දුටුවේය. සියල්ලෝම ආදරණීය දරුවන්, නමුත් එක් වර්ගයක් ආදරණීය දරුවන් වන අතර අනෙක් වර්ගය ආදරයෙන් ගිලී සිටින දරුවන් (ලව්ලීන්) වේ. සෙනහසින් ගිලී සිටින දරුවන් ස්වයංක්‍රීයව සහ ඔවුන්ගේ සෑම සිතුවිල්ලකින්ම, හුස්මකින්, වචනයකින් සහ ක්‍රියාවකින්ම පියාට පහසුවෙන් සමාන වේ. ඇයි?පියා ඔබ දරුවන්ට බලවත් වීමේ ආශිර්වාදය ලබා දී ඇති නිසා. අද දිනය සිහිපත් කිරීමේ සහ බලයේ දිනය ලෙස හැඳින්වේ. ඇයි? මේ දිනයේ පියා තමා කොඳු නාරටිය බවට පත් කර ගත් අතර ආදරයෙන් ගිලී සිටින දරුවන් ලෝක වේදිකාවේ දී හෙළි කළේය. ශාරීරික ස්වරූපයෙන්, ඔහු දරුවන් හෙළි කළ අතර පසුව ඔහුම අව්‍යක්ත ස්වරූපයෙන් සහකරුවෙකු බවට පත්විය.

මෙම සිහිපත් කිරීමේ සහ බලයේ දිනයේ දී, බාප්දාදා දරුවන්ව මාස්ටර් බවට පත් කර, මාස්ටර් සර්වබලධාරී දරුවන්ට සර්වබලධාරී අධිකාරී පියා හෙළිදරව් කිරීමේ කාර්යය භාර දුන්නේය. මෙය දුටු පියා සතුටු වේ, මන්ද සියලුම දරුවන් පියා හෙළිදරව් කිරීමේ මෙම කාර්යයේ කාර්යබහුල වන අතර ලෝකයට ප්‍රතිලාභ ලබා දීම සහ ලෝකය ඔවුන්ගේ ධාරිතාව හා ශක්තිය අනුව පරිවර්තනය කිරීමේ කාර්යෙ යෙදී ඇති බැවිනි. ඔබ පියාගෙන් ලැබුණු සියලු බලතල වල උරුමය ඔබ වෙනුවෙන් සහ ලෝකයේ ජීවාත්ම සඳහා භාවිත කරයි. බාප්දාදා මිලියන මිලියන ගණනක සුභ පැතුම් මුළු හදවතින්ම පිරිනමනවා. එවැනි මාස්ටර් සර්වබලධාරී අධිකාරීන් , සැම අතින්ම දක්ෂ සේවාදායක, ඔබේ උනන්දුව සහ උද්යෝගය පියාට සමානව තබා ගන්නා පරාර්ථකාමී සහ අසීමිත සේවාදායක වන ඔබ දරුවන්ට. සුභ පැතුම්. සුභ පැතුම් මේ දේශයේ සහ විදේශයන්හි - මෙම දේශයේ දරුවන් දෙවෙනි නොවන අතර විදේශයන්හි දරුවන් ද දෙවෙනි නොවේ. බාප්දාදා තම හදවතින් එවැනි දරුවන්ගේ ප්‍රශංසාව ගායනා කරන අතර, "වා දරුවෙනි! වා !” ගීතය ද ගායනා කරයි. ඔබ සැම වාහ්, වාහ් (පුදුමාකාර) දරුවන් නේද? ඔබ ඔබේ දෑත් වනනවා. ඉතා හොඳයි. බාප්දාදාට පිරිසිදු ආඩම්බරයක් තිබෙනවා. ඔහු තම දරුවන් ගැන ආඩම්බර වන්නේ, මෙම ලොකයේ කිසිම පියෙකු නෑ මුළු චක්‍රය පුරාවටම, සෑම දරුවෙකුම ස්වයං-ස්වෛරී රජෙකු වන. ඔබ සැම ස්වයං-ස්වෛරී රජවරු නේද? ඔබ යටත්වැසියන් ද? එහෙමද ? බොහෝ දරුවන් බාබා සමඟ සංවාදයක යෙදෙන විට බාබාගෙන් අසයි: “අපි අනාගතයේදී කුමක් වනු ඇත් ද යන්න පිළිබඳ දර්ශනයක් අපට පෙන්වන්න.” බාප්දාදා පවසන්නේ කුමක්ද ? වැඩිහිටි දරුවන් පවසන්නේ මව ජගදම්බා සියලුම දරුවන්ට දර්ශනයක් දුන් බවයි. එබැවින්, අපට දර්ශනයක් දෙන්න. බාප්දාදා පවසන්නේ ඔහු ඔබ සෑම දරුවෙකුටම අද්විතීය කැඩපතක් ලබා දී ඇති බවත්, එම කැඩපතෙන් අනාගතයේදී ඔබ කවුරුන්ද යන්න පිළිබඳ දර්ශනයක් ඔබට දැක ගත හැකි බවත්ය. ඔබ මෙය දන්නවාද? ඔබ ළඟ ඒ කැඩපත තිබේද? ඔබ දන්නවාද කුමන කැඩපතද? පළමු පේළියේ වාඩි වී සිටින අය එය දැන සිටිය යුතුය! ඔබ දන්නවාද? එම කැඩපත වර්තමාන කාලයේ ස්වයං-ස්වෛරී අවධියේ කැඩපතයි. ඔබ වර්තමානයේ ස්වයං-ස්වෛරීයෙකු වන තාක් දුරට, ඔබ ලෝක රාජධානියට අයිතියක් ඉල්ලා සිටිනු ඇත. දැන්, ඔබ නිරන්තර ස්වයං-ස්වෛරීයෙකු දැයි බැලීමට කැඩපතකින් ඔබ දෙස බලන්න. නැතහොත්, ඔබ සමහර විට යැපෙන අතර තවත් විටෙක ඔබට අයිතියක් තිබේද? ඔබ සමහර විට යැපෙන බවත් සමහර විට අයිතියක් ඇති බවත් සමහර විට ඔබේ ඇස් ඔබව රවටන බවත් සමහර විට ඔබේ මනස ඔබව රවටන බවත් සමහර විට ඔබේ මුඛය ඔබව රවටන බවත් සමහර විට ඔබේ කන් පවා ඔබව රවටන බවත් ? ඔබ නාස්තිකාර දේ වලට සවන් දීමට උනන්දු වන බවත් ඔබේ භෞතික අවයව වලින් එකක් ඔබව රවටන්නේ නම්, ඒවා ඔබව පාලනය කරන්නේ නම්, එයින් ඔප්පු වන්නේ ඔබට පියාගෙන් ආශීර්වාදයක් ලෙස සහ සියලු බලතලවල උරුමයක් ලෙස ලැබුණු පාලන බලය හෝ පාලන බලය නොමැති බවයි. නිකමට හිතන්න: තමන්ව පාලනය කරගන්න බැරි කෙනෙක් කොහොමද ලෝකය පාලනය කරන්නේ? කැඩපතෙන් ඔබේ වර්තමාන ස්වයං-ස්වෛරී අවධිය පරීක්ෂා කරන්න. ඔබ සැමට කැඩපතක් ලැබී තිබෙනවා නේද? ඔබට මෙම කැඩපත ලැබී තිබෙනවා නම්, ඔබේ දෑත් ඔසවන්න! කැඩපතේ කිසිදු පැල්ලම් නොමැතිද? කැඩපත පැහැදිලිද?

බාප්දාදා ඔබ සියලු දරුවන්ට ස්වයං-ස්වෛරී වීමේ ගෞරවය ලබා දී ඇත. ඔබ සියලු දරුවන් පියාගෙන් මාස්ටර් සර්වබලධාරී අධිකාරියේ පදවිය ලබාගෙන ඇත. බලතල ඇති මාස්ටර් කෙනෙක් පමණක් නොව, සියලු බලතල ඇති මාස්ටර් කෙනෙක්. ඔවුන්ගේ හදවතට දැනෙන සංවාද වල දී, සමහර දරුවන් පවා මෙසේ පවසති: "බාබා, ඔබ මට සියලු බලතල ලබා දී ඇත, නමුත්, සමහර විට, මෙම විශේෂිත බලතල නියම වේලාවට ක්‍රියාත්මක නොවේ." ඔවුන් වාර්තා කරන්නේ එම බලතල නියම වේලාවට මතු නොවන බවත්; කාලය ගෙවී ගිය පසු ඒවා මතු වන බවත්ය. එයට හේතුව කුමක්ද? ඔබ යම් බලයක් ඉල්ලා සිටින විට, ඔබ ඔබේ ආසනයේ මාස්ටර් ලෙස වාඩි වී සිටිනවාද යන්න පරීක්ෂා කරන්න. යමෙකු තම ආසනයේ වාඩි වී නොමැති නම්... එම ආසනය (තනතුර) නොමැති කෙනෙකුගේ නියෝග වලට කිසිවෙකු කීකරු නොවනු ඇත. “මම ස්වයං පරමාධිපතියෙක්, මම මාස්ටර් සර්වබලධාරියෙක්, මට පියාගෙන් උරුමය සහ ආශිර්වාදය සඳහා අයිතියක් තිබෙනවා”: මෙම ආසනයේ වාඩි වී පසුව නියෝගය නිකුත් කරන්න. “මට කුමක් කළ හැකිද? මට මෙය කළ හැක්කේ කෙසේද? මට මෙය කළ නොහැක.” ඔබ ඔබේ අසුනෙන් බැස ආ පසු නියෝගයක් නිකුත් කළහොත්, කිසිවෙකු ඔබට කීකරු වන්නේ කෙසේද? අද ලෝකයේත්, යමෙකු අගමැතිවරයෙකු වී ඔහුගේ අසුනේ වාඩි වූ විට, සෑම කෙනෙකුම ඔහුගේ නියෝගවලට කීකරු වේ. ඔහු තම අසුන අතහැර දැමුවහොත් කිසිවෙකු ඔහුට කීකරු වේවිද? එබැවින් පරීක්ෂා කරන්න: "මම මගේ අසුනේ වාඩි වී සිටිනවාද? මම අයිතියක් ඇති කෙනෙකු ලෙස නියෝගයක් නිකුත් කරනවාද?" පියාණන් සෑම දරුවෙකුටම එම අධිකාරිය ලබා දී ඇත. ඔබට දේව බලය ඇත. ඔබට කිසිදු ජීවාත්මයක බලයක් හෝ කිසිදු ශ්‍රේෂ්ඨ ජීවාත්මයක අධිකාරියක් ලැබී නැත; ඔබට පරමාත්ම දෙවියන්ගේ අධිකාරියක් ඇත. එබැවින්, ඔබ ඔබේ අධිකාරියේ සහ ඔබේ අයිතියේ අවධියේ ස්ථාවරව සිටින විට ඕනෑම බලයක් ඇණවුම් කරන්න, එවිට එම බලය මෙසේ කියනු ඇත, "ඔව්, මගේ ස්වාමීනි! ඔව්, මගේ ස්වාමීනි!" සියලු බලතල ඉදිරියේ, මායා, පංච මහා භූතයන්ගේ නම්, සංස්කාර සහ ස්වභාවධර්මය සියල්ල සේවකයින් බවට පත්වනු ඇත. ඔවුන් ඔබ එනතුරු බලා සිටිනු ඇත, ස්වාමීනි. "ස්වාමීනි, අපට නියෝගයක් දෙන්න!"

මේ බලයේ දවස නේද? ඉතින් බාප්දාදා ඔබලාට තියෙන බලතල සංශෝධනය කරන්න කියලා දරුවන්ව පොළඹවනවා. ඔහු ඔබට මෙය අවධාරණය කරනවා. අවශ්‍ය වෙලාවක දී , ඔබ බල රහිත වෙන්නේ ඇයි? බාප්දාදා දැක තියෙනවා බොහෝ දරුවන්ට කාන්දුවක් තියෙනවා කියලා. මේ කාන්දුව නිසා, බලතල අඩු වෙනවා; කාන්දු වීම ප්‍රධාන වශයෙන් දේවල් දෙකකින් සිදු වෙනවා, ඒවා නම්: සිතුවිලි සහ කාලය නාස්ති කිරීම. ඒක නරක නැහැ, නමුත් ඒක නාස්තිකාරයි. ඒ කාලේ ඔබ කිසිම නරක දෙයක් කරන්නේ නැහැ, නමුත් ඔබ තවමත් රැස් කරගන්නේ නැහැ. අද ඔබ කිසිම නරක දෙයක් කරලා නැහැ කියලා විතරයි පේන්නේ. කෙසේ වෙතත්, ඔබ හොඳ දෙයක් රැස් කළාද? ඔබ කිසිම දෙයක් නැති කරගත්තේ නැහැ, නමුත් ඔබ කිසිම දෙයක් උපයා ගත්තාද? ඔබ කිසිම දුකක් ඇති කළේ නැහැ, නමුත් කී දෙනෙකුට සතුට දුන්නාද? ඔබ කිසිවෙකු සාමයෙන් තොර කළේ නැහැ, නමුත් ඔබ සාමයේ කම්පන කොපමණ පතුරුවලාද? සාමයේ දූතයෙකු බවට පත්වීමෙන් පසු, ඔබෙ පරිසරය, ඔබේ මුඛය සහ ඔබේ කම්පන හරහා කී දෙනෙකුට සාමය දුන්නාද? ඔබට රැස් කර ගැනීමට ඇත්තේ ඉතාමත් උසස් කරුණාවන්ත යුගයේ මෙම කෙටි කාලය පමණක් බව ඔබ දන්නවා. "දැන් නොවේ නම්, කිසිදාක නැත"; සෑම මොහොතකම මෙය මතක තබා ගන්න. "එය සිදුවනු ඇත, මම එය කරන්නෙමි..." දැන් නොවේ නම්, කිසිදාක නැත. මෙය බ්‍රහ්ම පියා කළ දැඩි උත්සාහයයි, ඔහු අංක එකේ ගමනාන්තයට ළඟා වූයේ එලෙසිනි. ඉතින්, මෙම බල දිනයේ දී, පියා ඔබට ලබා දුන් බලතල ඔබට මතක ඇති, නේද? ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමයක් සාදන්න: සිතුවිලි ඉතිරි කිරීම, කාලය ඉතිරි කිරීම, වචන ඉතිරි කිරීම, නිවැරදි නොවන වචන, සාවද්‍ය, නාස්තිකාර වචන ඉතිරි කිරීම.

බාප්දාදාට ඔබ සියලු දරුවන් ඔබේ බල ආසන වල නිරන්තරයෙන් වාඩි වී සිටින ස්වයං-ස්වෛරී රජවරුන් ලෙස දැකීමටයි අවශ්‍ය. ඔබ මෙයට කැමතිද? ඔබ මෙම ස්වරූපයට කැමතියි නේද? බාප්දාදා රූපවාහිනියේ ඕනෑම දරුවෙකු දකින සෑම විටම, ඔහු එම දරුවා මෙම ස්වරූපයෙන් දැකීමට කැමතියි. බාප්දාදාට ස්වභාවික රූපවාහිනියක් තිබේ. ඔහුට එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැත. ඔහුට සෑම තැනකම එකවර දැකිය හැකිය. සෑම කොනකම සිටින සෑම දරුවෙකුම ඔහුට දැකිය හැකිය. ඉතින්, මෙය කළ හැකිද? හෙට සිට, බාබා ඔහුගේ රූපවාහිනිය ක්‍රියාත්මක කළහොත්, ඔහුට දැකිය හැක්කේ කුමක්ද? ඔබ ඔබේ දේවදූත ඇඳුමෙන්. දේවදූත ඇඳුමක් යනු දිලිසෙන ඇඳුමකි. එය ආලෝකයේ දිලිසෙන ඇඳුමකි. ශරීර අවධානයෙ මඩ ඇඳුම අඳින්න එපා. ඔබට දිලිසෙන ඇඳුම් ඇති විට, ඔබ සාර්ථකත්වයේ තරු වේ. බාප්දාදාට මේ වගේ ඔබ එක් එක් අයගේ දර්ශනයක් දැකීමට අවශ්‍යයි. ඔබ මෙයට කැමතියි, නේද? ඔබ මඩ ඇඳුමක් ඇඳ සිටියා නම්, ඔබ මඩ මෙන් වනු ඇත, නේද? පියා අශරීරව සිටින්නා සේම, බ්‍රහ්ම පියා ද දීප්තිමත් ඇඳුමකින් සැරසී සිටී; ඔහු දේවදූතයෙකි. පියා අනුගමනය කරන්න. භෞතික ආකාරයකින්, ඔබේ ඇඳුම් මඩෙන් වැසී ගිය විට හෝ පැල්ලම් වූ විට ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඒවා වෙනස් කරනවා නේද? එලෙසම, ඔබට නිරන්තරයෙන් දිලිසෙන, දේවදූත ඇඳුමක් තිබේදැයි පරීක්ෂා කරන්න. සෑම දරුවෙකුම රජ දරුවෙකු බවට පියාට පිරිසිදු ආඩම්බරයක් ඇත. එබැවින් එම ස්වරූපයෙන් සිටින්න. රජෙකු මෙන් ජීවත් වන්න. එවිට මායා ඔබේ සේවකයා බවට පත් වී ඔබට සමුදීමට පැමිණෙනු ඇත. ඇය චක්‍රයෙන් අඩක් සමුගැනීමට පැමිණෙනු ඇත; ඇය ඔබට පහර දෙන්නේ නැත. බාප්දාදා සැමවිටම පවසන්නේ: පියාට කැප වන අය කිසි විටෙකත් පරාජය කළ නොහැක. ඔබ පරාජය වුවහොත්, ඔබ කැප වී නැත.

දැන්, ඔබ සැමට රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. රැස්වීම් සඳහා දිනයක් නියම කර ඇත, එසේ නොවේද? ඉතින් මෙවර, බාප්දාදා සේවා සැලසුම් සකස් කිරීමේ රැස්වීමක් දැකීමට කැමති නැත. ඔබට සේවා සැලසුම් සකස් කළ හැකිය, නමුත් ඔබේ රැස්වීම් වල සාර්ථකත්වයේ උත්සවය සඳහා සැලසුම් ද සකස් කළ හැකිය. ඔබට බොහෝ උත්සව තිබේ; දැන් සාර්ථකත්වයේ උත්සවය සඳහා දිනයක් නියම කරන්න. සමහර විට ඔබ සෑම කෙනෙකුටම මෙය විය හැක්කේ කෙසේදැයි සිතමින් සිටිනවා විය හැකිය. බාප්දාදා පවසන්නේ අවම වශයෙන් ජයග්‍රහණ 108 ක් සාර්ථකත්වයේ ප්‍රතිමූර්ති බවට පත්වීමේ උත්සවය සැමරීමට ඉඩ දෙන්න කියායි. ඒවා උදාහරණ බවට පත්වීමට ඉඩ දෙන්න. එය කළ හැකිද? කතා කරන්න! ඉදිරි පේළියේ සිටින අය, කතා කරන්න! එය කළ හැකිද? ඔබට පිළිතුරු දීමට ධෛර්යයක් නැත. ඔබ තවමත් එය කරයිද නැද්ද යන්න ගැන සිතනවාද? සියල්ල ධෛර්යයෙන් සිදුවිය හැකිය. දාදී අපට කියන්න: 108 සාර්ථකත්වයේ ප්‍රතිමූර්ති බවට පත්විය හැකිද? (ඔව්, ඔවුන්ට නිසැකවම එය විය හැකිය. සාර්ථකත්වයේ උත්සවය සැමරිය හැකිය.) බලන්න, දාදීට ධෛර්යය ඇත. ඇය ඔබ සැම වෙනුවෙන් ධෛර්යය පවත්වා ගනිමින් සිටී. එබැවින්, සහයෝගයෙන් කටයුතු කරන්න. ඉතින්, බාප්දාදාට සිදුවන රැස්වීම පිළිබඳ වාර්තාවක් අවශ්‍ය වනු ඇත. පාණ්ඩවවරුනි, කතා කරන්න! ඔබ නිහඬව සිටින්නේ ඇයි? ඔබ නිහඬව සිටින්නේ ඇයි? ඔබට මෙම ධෛර්යය නැත්තේ ඇයි? ඔබ එය ප්‍රායෝගිකව කිරීමෙන් මෙය නිරූපණය කරනු ඇත? එය එසේද? එය හොඳයි. ඔබට අවම වශයෙන් ධෛර්යය පවත්වා ගත හැකිද? ඔබට ධෛර්යය ඇති බව විශ්වාස කරන ඔබ සහ මෙය ප්‍රායෝගිකව පෙන්නුම් කරන අය, ඔබේ දෑත් ඔසවන්න! ඔබ එය කරයිද? සංස්කාර ඉතිරි නොවේද? කිසිදු දුර්වලතාවයක් ඉතිරි නොවේද? අච්චා, මධුබන්හි අය පවා තම දෑත් ඔසවති! වාහ්! සුභ පැතුම්! සුභ පැතුම්! අච්චා, එවිට 108 පහසුවෙන් සූදානම් වනු ඇත. බොහෝ දෙනෙක් අත් ඔසවා ඇත්නම්, 108 විශාල දෙයක් නොවේ. ඔබ ද්විත්ව විදේශිකයන් කරන්නේ කුමක්ද? ඔව්, දාදී ජන්කි සවන් දෙයි. ඇය යමක් කියන්නට උනන්දුයි. අපි විදේශයන්ගෙන් ජපමාලය දෙස ද බලමු. ඒක හරිද? ඔබේ දෑත් ඔසවන්න! අච්චා, අද මෙහි ද්විත්ව විදේශිකයන් කී දෙනෙක් සිටීද? (200). ඔවුන්ගෙන් 108 දෙනෙක් සූදානම් වනු ඇත. ඒක හරිද? මෙහි, "මම පළමුව" යැයි කියන්න. මෙහි, අන් අය දෙස නොබලන්න. "මම පළමුව". වෙනත් දේ වල දී "මම" යැයි නොකියන්න, නමුත් මේ සඳහා "මම" යැයි නිසැකවම කියන්න. බාප්දාදා ඔබට තවත් වැඩ දීමට යයි.

අද බලයේ දිනයයි, ඒ නිසා ඔබට බලය තිබෙනවා. බාප්දාදාට අද්විතීය දීපාවලියක් සැමරීමට අවශ්‍යයි. ඔබ බොහෝ වාරයක් දීපාවලි සැමරුවා, නමුත් බාප්දාදාට අද්විතීය දීපාවලියක් සැමරීමට අවශ්‍යයි. ඔහු ඔබට ඒ ගැන පැවසිය යුතුද? ඔහු ඔබට පැවසිය යුතුද? ඔහු කළ යුතුද? හරි. ඔබට වර්තමාන කාලය දැකිය හැකිය. දිනෙන් දින, සෑම තැනකම සිටින මිනිසුන් තුළ බලාපොරොත්තු සුන්වීම බොහෝ සෙයින් වැඩි වෙමින් පවතී. ඉතින්, ඔබ ඔබේ මනසින්, වචන වලින් හෝ සබඳතා සහ සම්බන්ධතා හරහා ඔවුන්ට සේවය කළත්,බාප්දාදාට අවශ්‍ය වන්නේ බලාපොරොත්තු රහිත මිනිසුන් තුළ බලාපොරොත්තුවෙ පහන දල්වන්න. බලාපොරොත්තුවේ පහන් සෑම ජීවාත්මයක් තුළම දල්වන්න. බාප්දාදාට අවශ්‍යයි මෙ දීපාවලීට බලාපොරොත්තුවේ පහන්. එය කළ හැකිද? අවම වශයෙන්, මෙම බලාපොරොත්තුවේ පහන් පරිසරයෙ දැල්වුවහොත්, ලෝක පරිවර්තනය බොහෝ දුරට පැමිණේවි. එවිට, රන් උදෑසන පැමිණෙනු ඇත. කිසිවක් සිදුවිය නොහැකි බවට ඇති බලාපොරොත්තු සුන්වීම දැන් අවසන් විය යුතුය. බලාපොරොත්තුවේ පහන් දල්වන්න. ඔබට මෙය කළ හැකිය, නොහැකිද? මෙය පහසුද දුෂ්කරද? එය පහසුද? මෙය කරන අය, ඔබේ දෑත් ඔසවන්න! ඔබ එය කරනු ඇත? ඔබ බොහෝ පහන් දල්වන්නේ නම්, එවිට දීපාවාලියක් ඇති වේ. කම්පන එතරම් බලවත් කරන්න. හරි, ඔබට ඒවා වෙත ළඟා විය නොහැක, නමුත් ආලෝකයක් සහ බලයක් ඇති නිවසක් බවට පත් වී කම්පන බොහෝ දුරට පැතිරවිය හැකිය. විද්‍යාවට ප්‍රදීපාගාරයකින් ආලෝකය බොහෝ දුරට යැවිය හැකි බැවින්, ඔබට එම කම්පන පැතිරවිය නොහැකිද? මෙම අධිෂ්ඨානශීලී සිතුවිල්ල තබා ගන්න: "මම එය කළ යුතුයි." එය කිරීමට කාර්යබහුල වන්න. ඔබ ඔබේ මනස කාර්යබහුලව තබා ගන්නේ නම්, ඔබට ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර ජීවාත්මයන්ටද ප්‍රතිලාභ ලැබෙනු ඇත. ඇවිදින අතරතුර සහ ගමන් කරන අතරතුර, ඔබ නිසැකවම ලෝකයට ප්‍රතිලාභ ලබා දිය යුතු බවට දැනුවත්භාවය ඇති කර ගන්න. මෙම ආකල්පය පරිසරයට පැතිරෙනු ඇත, මන්ද කාලයට අනුව, සියල්ල හදිසියේම සිදුවනු ඇත. ඔබේ සහෝදර සහෝදරියන් "ඔබ අපට නොකියන්නේ ඇයි?" යනුවෙන් පැමිණිලි කිරීම නොවිය යුතුය. සමහර දරුවන් සිතන්නේ ඔවුන් අවසානයේ මෙය කරනු ඇති බවයි, නමුත් ඔබ එය අවසානයේ කළහොත් ඔවුන් ද පැමිණිලි කරනු ඇත. ඔබ ඔවුන්ට කලින් පවසා තිබුණා නම්, ඔවුන් යමක් කරනු ඇති බවට ඔවුන් පැමිණිලි කරනු ඇත. එබැවින්, ඔබේ සෑම සිතුවිල්ලකින්ම බාප්දාදාගෙන් ආලෝකය ලබා ගැනීම දිගටම කරගෙන යන්න, සහ ප්‍රදීපාගාරයක් ලෙස, ආලෝකය ලබා දීම දිගටම කරගෙන යන්න. ඔබේ කාලය නාස්ති නොකරන්න. ඔබ බොහෝ සටන් කරන බව බාප්දාදා දුටු විට, ඔහු එයට කැමති නැත. මාස්ටර් සර්වබලධාරී අධිකාරියක් සහ සටන් කිරීම! එබැවින්, රජවරුන් වන්න, සාර්ථකත්වයේ ප්‍රතිමූර්ති බවට පත් වන්න. සියලු බලාපොරොත්තු සුන්වීම් අවසන් කර බලාපොරොත්තුවේ පහන් දල්වන්න. අච්චා.

දරුවන්ගේ ආදරණීය ස්මරණයේ මල්මාලා රාශියක් බාප්දාදා වෙත ළඟා වී ඇත. බාප්දාදා ස්මරණය එවූ අයව පෞද්ගලිකව තමන් ඉදිරියේ දකින අතර, එම ස්මරණයට ප්‍රතිචාර වශයෙන්, තම හදවතින් ආශිර්වාද සහ හදවතින් ආදරය ලබා දෙමින් සිටියි. අච්චා.

පළමු වතාවට ආපු අය නැගිටින්න! ඒක හොඳයි. හැම රැස්වීමකදීම බහුතරයක් අලුත් අය බව දැකලා තියෙනවා. ඉතින්, ඔබලා සේවය වැඩි කරලා තියෙනවා, එහෙම නේද? ඔබ මෙච්චර දෙනෙකුට පණිවිඩය දීලා තියෙනවා. ඔබට පණිවිඩය ලැබිලා තියෙන විදියටම, ඔබ සංඛ්‍යාව දෙගුණ කරන්න කියලත් පණිවිඩය දෙන්න ඕන. ඒ අයටත් වටිනාකමක් දෙන්න. ඒක හොඳයි. හැම විෂයකින්ම තව ගොඩක් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට යන්න. ඒක හොඳයි.

අච්චා. දැන් ඔබේ අරමුණ තබා ගන්න, ඇවිදින අතරතුර, ඔබේ මනසින්, ඔබේ වචනවලින් හෝ ඔබේ ක්‍රියාවෙන් සේවය කිරීම නතර නොකළ යුතුය. ඔබ ස්මරණය පවා නතර නොකළ යුතුය. ස්මරණය සහ සේවය නිරන්තරයෙන් එකට පවතී.ස්මරනය සහ සේවය යන දෙකෙහිම ඔබ කාර්යබහුලව තබා ගන්න. ඔබ නිදහස්ව සිටින විට, මායාට පැමිණීමට අවස්ථාවක් තිබේ. මායාට දුරින් පවා ඔබ වෙත පැමිණීමට ධෛර්යයක් නොමැති තරමට කාර්යබහුලව සිටින්න. එවිට ඔබට පියාට සමාන වීමේ ඔබ තබා ගත් ඉලක්කය පහසුවෙන් ඉටු කර ගැනීමට හැකි වනු ඇත. ඔබට වෙහෙසීමට සිදු නොවනු ඇත. ඔබ සෙනහසෙ ප්‍රතිමූර්තියක් ලෙස පවතිනු ඇත. අච්චා.

බාප්දාදාගේ ඇස්වල මුසු වූ ආලෝකමත් ඇස් වන ඔබ දරුවන්ට, පියාගේ සියලු දේපළවලට අයිතියක් ඇති උසස් ජීවාත්මයන්ට, උනන්දුවෙ සහ උද්‍යෝගයේ පියාපත් සමඟ නිරන්තරයෙන් පියාසර කරන සහ අන් අයව පියාසර කරවන සියලුම මහාවීර් සහ මහාවර්ණි දරුවන්ට, එකම පියා ඔවුන්ගේ මුළු ලෝකයම යන ගැඹුරු සෙනහසින් ඇලුම් කරන දරුවන්ට, ආදරයේ ගිලී සිටින, එනම්, පියාට පහසුවෙන් සමාන වන, කෝටි සංඛ්‍යාත ආදරණීය සහ ආදරයේ ගිලී සිටින එවැනි දරුවන්ට ආදරය, ස්මරණය සහ නමස්තේ. අච්චා.

වරදානය:
ඔබ සැබෑ සේවාදායකයෙකු වී ඔබගේ සෑම ක්‍රියාවකින්ම සහ විශේෂත්වයකින්ම පිරිනමන්නා හෙළි කරත්වා.

සැබෑ සේවාධාරීන් තම සහයෝගය ලබා දෙන විට ජීවාත්මයක් ඔවුන් තුළ සිරවීමට කිසි විටෙකත් ඉඩ නොදේ. ඔවුන් සෑම කෙනෙකුටම පියා සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකියාව ලබා දෙනු ඇත. ඔවුන්ගේ සෑම වචනයක්ම සෑම කෙනෙකුටම පියා සිහිපත් කරවනු ඇත. පියා ඔවුන්ගේ සෑම ක්‍රියාවකින්ම දෘශ්‍යමාන වනු ඇත. ඔවුන්ගේ විශේෂත්වය නිසා යමෙකු ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති බව ඔවුන් කිසි විටෙකත් නොසිතනු ඇත. පියා නොව අන් අය ඔබව දුටුවහොත්, එය සේවයක් නොවේ, එය ඔවුන්ට පියා අමතක කරවයි. සැබෑ සේවාධාරීන්, සෑම කෙනෙකුටම තමන්ට නොව සත්‍යයට සම්බන්ධ වීමට හැකියාව ලබා දෙයි.

පාඨය:
ඕනෑම ආකාරයක ඉල්ලීමක් කරනවා වෙනුවට, නිරන්තරයෙන් සතුටින් සිටින්න.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් බවට පත් වන්න.

උසස් වාසනාවේ රේඛාවක් ඇඳීමේ පදනම වන්නේ උසස් සිතිවිලි සහ උසස් ක්‍රියාවන් ය. ඔබ භාරකාර ජීවාත්මයක් හෝ සේවාධාරී ජීවාත්මයක් වුවද, දෙදෙනාටම මෙම පදනම මත අංකයක් ලබා ගත හැකිය. දෙදෙනාටම තම වාසනාව නිර්මාණය කිරීමට පූර්ණ අවස්ථාවක් තිබේ. තමන්ට අවශ්‍ය තරම් වාසනාව නිර්මාණය කිරීමට කැමති ඕනෑම කෙනෙකුට එය කළ හැකිය.