06.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබාගේ දෘෂ්ඨිය සීමිතභාවය අසීමිතභාවය ආදී සියල්ලෙන් ඔබ්බට යනවා. ඒ වගේම ඔබත් ඒ සීමිතත්ත්වයෙන් ඔබ්බටත් (සත් යුගය) අසීමිතත්ත්වයෙන් ඔබ්බටත් යා යුතුයි (කලි යුගය).

ප්‍රශ්නය:
දැනුම නම් වූ මිණිමුතු හොඳින් ධාරණය කර ගත හැකි වන්නේ කුමන ආකාරයේ දරුවන් හට ද?

පිළිතුර:
තම බුද්ධිය නිතරම බාබා හා සම්බන්ධ කරගෙන සිටින දරුවන්. පාරිශුද්ධත්වයට පත් වන දරුවන් හට මෙම දැනුම නැමැති මිණිමුතු හොඳින් ලබා ගත හැකි වෙනවා. මේ සඳහා ඔබට පිරිසිඳු වූ භාජනයක් අවශ්‍ය වෙනවා. වැරදි ආකාරයේ සිතිවිලි ද දැන් නවතා දැමිය යුතුයි. බාබා සමඟ යෝග වීමෙන් එම බඳුන රත්රන් තත්ත්වයට පත් කර ගත් විට පමණයි එහි මිණිමුතු තැන්පත් කරලිය හැක්කේ.

ඕම් ශාන්ති.
ඒ ආධ්‍යාත්මික වූ පියා මෙහි අසුන්ගෙන ආධ්‍යාත්මික දරුවන් වූ ඔබ සියලුම දෙනා හට සෑම දිනකම දැනුම විස්තර කර දෙනවා. දරුවනි. ඔබ දන්නවා මෙම ලෝක නාටක චක්‍රය තැනී තිබෙන්නේ. දැනුම (ග්‍යාන්). භක්තිය (භක්ති) හා නිරාශාව (වෛරාග්) යන කොටස් හි සංකලනයක් ලෙසින් බව.මෙම දැනුම අනිවාරයයෙන්ම ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. දරුවති. ඔබ සිමිතත්වයෙන් හා අසීමිතත්වයෙන් ඔබ්බට යා යුතුයි. ඔබ මෙහි අරථය හොඳින් ගෙන භක්තිය හා නිරාශාව (වෛරාග්) යන කරුණු මත මෙය විස්තර කර දිය යුතුයි. දැනුම හඳුන්වන්නේ උදෑසන ලෙසයි. ඒ ආධ්‍යාත්මික පියා මෙහි අසුන්ගෙන ඔබට මෙය විස්තර දෙනවා. ප්‍රථමයෙන්ම දැනුම්.

තව ලෝකය පැමිණී කළ මෙහි භක්තිය හෝ අවිද්‍යාව යන දෙකම නැහැ. එය සීමිත වූ ලෝකයක් වන්නේ එහි සිටින්නේ මිනිසුන් ඉතා ස්වල්ප වශයෙන් වන හෙයිනි. පසුව කෙමෙන් කෙමෙන් එහි ජනගහනය වර්ධනය වනවා. භක්තිය ආරම්භ වන්නේ මෙම කල්පයෙන් භාගයක්ම පසු වූ පසුවයි. සන්යාසී ධරමය එහිදී හට ගන්නේ නැහැ එහි සන්යාසීන් හෝ එවැනි අත්හැරීම් සිදුකරන කිසිවෙකු නැහැ. ඉන්පසු තමයි මෙම ලෝක ජනගහනය කෙමෙන් කෙමෙන් වැඩි වන්නේ ජීවයන් තවමත් ඒ ඈත දනව්වේ සිට මෙහි පැමිණෙනවා; මෙහි තවමත් මෙම ව්‍යාප්ත වීම සිදුවනවා. එය සීමිතත්වයෙන් ආරම්භ වී පසුව අසීමිතත්වය කරා යනවා. බාබාගේ දෘෂ්ටිය ඒ සීමිතත්වයටත් අසීමිතත්වයටත් දෙකටම ගමන් කරනවා. ඔහු දන්නවා ඒ සීමිත දේශයේ සිටින්නේ දරුවන් බොහොම ස්වල්පයක් රාවණ්ගේ ලෝකයේහීදී. ජනගහනය බොහෝ වැඩි වනවා. දේශයේ බව අක්ෂයාව වන අතර අසත්‍ය දේශයේ දරුවන් බිලියන පහමාරක් පමණ සිටිනවා. තව ලක්ෂයෙහිත් බිලියන පහාමාරෙහිත් විශාල වෙනසක් තිබෙනවා. ඔබත් දැන් ඒ සීමිත හා අසීමිත තත්ත්වයන් අභිභවා යා යුතුයි. සත් යුගයේ ලෝකය ඉතාමත් පුංචියි. එහි කිසිම අත් හැරිමක් හෝ නිරාශාවක් හෝ ඇතිකර ගත යුතු නැහැ. අන් සියලුම ආගම් ආරම්භ වන්නේ තඹ යුගයේ සිටයි. සන්යාසී ධර්මයෙහිත් මිනිසුන් ඔවුන්ගේ නිවහන ඇතුළු සියලු ව්‍යාපාරයන් අත් හැර යනවා. ඔබ මේ සියල්ලම ගැන හොඳින් දැන ගත යුතුයි. මෙය හඳුන්වන්නේ හතා යෝගා නැතහොත් සිමිත වූ අත්හැරීම ලෙසයි. මෙහිදී තමයි ඔවුන් ඔවුන්ගේ නිවස හා ව්‍යපාරය අත්හැර දමා කැළයට යන්තේ. භක්තිය ආරම්භ වන්නේ තඹ යුගයේ සිටයි. එහිදී මේ කිසිම දැනුමක් ඔබට නැහැ.දැනුම යනු සත් යුගයෙහිදී හා රිදී යුගවලදී ඔබ ලබන්නා වූ සතුටයි. භක්තිය යනු අවිද්‍යාව හා දුක්ඛයයි. ඔබ විසින් මෙය හොඳින් විස්තර කර දිය යුතුයි. ඔබ සතුටේ හා දුකෙහි ඔබ්බට යා යුතුයි: සීමිත හා අසීමිත භාවයෙන් ඔබ්බට යා යුතුයි. අහස මෙන්ම සාගරයත් කෙතරම් දුරට දිවෙනවා දැයි සොයා බැලීමට මිනිසුන් වෙහෙස වනවා. ඔවුන් කෙතරම් උත්සාහ කළා වුවත් ඒවායේ සීමාවක් කරා යාමට ඔවුන්ට අපහසුයි. ඔවුන් ගුවන් යානා (රොකට්) ආදි, ආපසු ඒමේ ගමනටත් විශාල වශයෙන් ඉන්ධන අවශ්‍ය වන යානා වල නැගී මේවා සෙවීමට යනවා. ඔවුන් බොහෝ දුරට යනවා. නමුත් ඒ අසීමිත වූ ස්ථානය කරා යාමට ඔවුන්ට නොහැකියි. ඔවුන් යන්නේ සීමිත ස්ථානයකට පමණයි. නමුත් ඔබ සීමිත හා අසීමිත තත්ත්වයන් පවා අභිබවා යනවා. ඔබට දැන් තේරෙනවා මෙම ලෝකය පටන් ගන්නා විටදීම ඒ නව ලෝකයේ තිබුණේ සිමිත වූ තත්ත්වයක් බව එහි මිනිසුන් සිටියේ ඉතාම ස්වල්ප ප්‍රමාණයයි: එය හැඳින්වූයේ සත් යුගය ලෙසයි. දරුවනි. ඔබට මෙම නිර්මාණයෙහි මුලත් මැදත් අගත් පිළිබඳව සම්පූරණ දැනුම තිබිය යුතුයි. වෙත කිසිම කෙනෙක් හට මෙම දැනුම නැහැ. ඒ අසීමිතත්වයේ හා සිමිත තත්ත්වයේ සිටින පියා හැර වෙන කිසිම කෙනෙක් හට මෙය විස්තර කර දීමට බැහැ. වෙන කිසිම කෙනෙක් හට ඔබට මෙම දැනුම විස්තර කර දීමට බැහැ. බාබා මෙම නිරමාණයෙහි මුලත් මැදත් අගත් පිළිබඳව ඔබට විස්තර කර දෙනවා. පසුව ඔහු කියනවා ඔබ මෙම තත්ත්වයෙන් ඔබ්බට යා යුතු වන බව. එහි වෙන කිසිම දෙයක් හට ගන්තේ නැහැ. ඔබ කෙතරම් දුරට ගියා වුවත් එහි තිබෙන්නේ අහස පමණයි. එය හඳුන්වන්නේ සිමිත හා අසීමිත භාවය ලෙසයි. එහි සීමාව කරා යාමට කිසිම කෙනෙක් හට බැහැ. ඔවුන් කියනවා එය අප්‍රමාණ වූ දෙයක් කියා. අප්‍රමාණ වු දෙයක් යැයි කීම ඉතා පහසුයි නමුත් ඔබ එහි සීමාවන් ගැන දැන සිටිය යුතුයි. මේ කාලයේදී තමයි බාබා ඔබට මෙම දැනුම ලබා දෙන්නේ. බාබා කියනවා: මා ඒ සීමිත භාවය ගැනත් අසීමිත භාවය ගැනත් හොඳින් දන්නවා: අහවල් අහවල් ආගම අහවල් අහවල් කාලයේදී මෙහි ස්ථාපිත වු ආකාරය ගැන මා හොඳින් දන්නවා. ඔබගේ දෑස් ඒ සත් යුගයේ සීමිත වු තත්ත්වය කරා ඇදී යනවා.පසුව ඔබගේ දෑස් මේ අසීමිත වූ කලි යුගය කරා ඇදෙනවා. පසුව ඔබ කිසිම දෙයක් නොමැති වූ දනව්වක ඔබ්බට යනවා.පසුව ඒ චන්ද්‍රයාත් සූරයයාත් පසුකොට ඔබ ඔබගේ සාම දේශය ඔබගේ ඒ සුමිහිරි දේශය කරා දෑස යොමු කරනවා. එක් අතකින් සත් යුගයත් ඔබගේම සුමිහිරි වූ නිවහනයි. එහි සාමය මෙන්ම සතුටින් පිරි රාජ්‍යයේ වාසනාවත්. ඔබ අත් දකිනවා. ඔබ ඔබගේ නිවහනට ගිය කළ ඔබ ලබන්නේ සාමය පමණී.එහිදී සතුට ගැන සඳහන් වන්නේ නැහැ. දැන් ඔබ සාමය මෙන්ම සතුටද මෙහි ස්ථාපිත කරනවා. එහි සාමයත් සතුටේ රාජ්‍යයත් ඔබට දැක ගත හැකි වනවා. ඒ අශාරිරික ලෝකයේදී ඔබට සතුට ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඔබගේ රාජ්‍යය කල්ප භාගයක් තිස්සේ පැවතෙනවා. ඒ කල්ප භාගයෙන් පසු රාවණ් මෙහි පැමිණෙනවා. පාපයන් පහ තිසා මෙහි අසමගිය හට ගන්නවා. එහි කිසිම සාමයක් දැක ගත නොහැකියි. ඔබ අවුරුදු දෙදහස් පන්සියයක් තුළ මෙහි රාජ්‍යය කරනවා. ඒ අවුරුදු දෙදහස් පන්සියයෙන් පසු රාවණ්ගේ රාජ්‍යය මෙහි ස්ථාපිත වනවා. නමුත් ඔවුන් මෙම චක්‍රය අවුරුදු දස දහස් ගණන් තිබෙනවා යැයි ලේඛනගත කොට තිබෙනවා. ඔවුන් මිනිසුන්ව මෝඩයින් බවට පත් කොට තිබෙනවා. මෙම අවුරුදු පන්දහසෙන් වැඩි හරියකම දැකිය හැක්කේ මෝඩ බවයි. ඔවුන් ළඟ කිසිම විනීත භාවයක් නැහැ. ඒ දිව්‍යාංගනාවන් හට ඉතාමත් හොඳ දිව්‍යමය ගුණාංග තිබුණා. ඔවුන් දැන් එම විනීතභාවය ඔවුන් කෙරෙන් ඈත් කොට ගෙන තිබෙනවා. ඔවුන් දැන් කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඔවුන් වඩා පාපකාරි තත්ත්වයකට පත් වී තිබෙනවා. මුලදී. ඔබ මේ කිසිම දෙයක් දැන සිටියේ නැහැ. රාගය නම් වූ කඩුව පාවිච්චි කිරිමෙන් මිනිසුන් එකිනෙක් අසතුටට පත්කොට තිබෙනවා. මේ තිසා තමයි ඔවුන් සියලු දෙනා රාවණ්ගේ සමාජයේ කොටස්කරුවන් ලෙස හැඳින්විය හැක්කේ. රාමා විසින් වඳුරන්ගේ භට පිරිසක් ගෙන ගියා යැයි කතාවක් තිබෙනවා. රාම වත්ථු නම් දෙවියා අයත් වන්නේ රිදී යුගයටයි: එහි සිටි වඳුරන් පැමිණියේ කොහි සිටද? රාමාගේ සිතා පවා පැහැර ගෙන ගියා කියා ඔවුන් කියනවා. එහිදී මේ ආකාරයේ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. මේ කාලයේදී සජිවී වුත් සත්වයනුත් බොහෝ සෙයින් දැක ගත හැකියි. එය මිලියන 8.4 පවා ඉක්මවා යන අන්දමින් නොයෙකුත් ජාතීන් වැඩි වී තිබෙනවා දරුවනි. බාබා මෙහි හිඳගෙන මේ අසීමිත වූ සම්පූර්ණ නාටක චක්‍රය ගැනම කියා දෙනවා. දරුවන් සියලුම දෙනා දැන් දුර දක්නා අය බවට පත් විය යුතුයි. මුලදි. ඔබ මේ කිසිම දෙයක් දැන සිටියේ නැහැ. ඔබ සියලු දෙනා මනුෂ්‍යයන් වුවත් මෙම නාටකය කුමක්ද කියා දැනගෙන සිටියේ නැහැ. ඔබ දැන් දන්නවා ඒ උසස්තම වූ තැනැත්තා කවුද කියා. ඔහු තමයි ඒ උසස්තම වූ සත්‍යය වන්නේ. ඒ වගේම ඔවුන් ආගමික ශ්ලෝක ආදිය කියවමින් සිටිනවා. "ඔබගේ නාමය උත්තරිතරයි". මෙය ඔබගේ හැර වෙන කිසිම කෙනෙකුගේ බුද්ධියෙහි නොමැති වු දෙයකි. ඔබ සියලු දෙනාමත් සිටින්නේ අනුපිළිවෙලක් ඇතිවයි. බාබා මෙම සිමිත තත්ත්වය හා අසීමිත තත්ත්වය යන දෙකම ගැන ඔබට විස්තර කර දෙනවා. ඊට ඔබ්බෙන් වෙන කිසිම දෙයක් නැහැ එය තමයි ඔබ නැවතී සිටින ස්ථානය වන්නේ. එය බ්‍රහ්මාණ්ඩය ලෙසත් හඳුන්වනවා. ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ අහස නම් වූ මහා බූතය යටයි: එහි විශේෂයෙන් පෙනෙන යමක් තිබෙනවාද? ගුවන් විදුලියෙහි ඔවුන් " ආකාශ්වාතී" (අඹරෙන් ඇසෙන හඬ) යන පදය යොදා ගන්නවා. අහස (ආකාශ්) යන්න අප්‍රමාණ වූ දෙයකි: එහි අවසානය කරා ළඟා වීමට නොහැකියි. එසේනම් "ආකාශ්වාණී" යන නාමය යොදා ගැනීමෙන් මිනිසුන් අදහස් කරන්නේ කුමක්ද? මෙම මුඛයෙහි හිස් අවකාශයක් තිබෙනවා: මෙම හඬ පැමිණෙන්නේ මුඛයෙනි. මෙය සාමාන්‍ය දෙයක් මුඛයෙන් නැඟෙන මෙම ශබ්දය තමයි ආකාශ්වාණි ලෙස හඳුන්වන්නේ. බාබාත් මෙම මුඛයෙන් (ආකාශ්) කතා කළ යුතුයි. ඒ වගේම බාබා ඔහුගේ නොයෙකුත් රහස් පිළිබඳවත් ඔබට කියා තිබෙනවා. එය ඉතා පහසු දෙයක් යන විශ්වාසය ඔබට තිබෙනවා. ඔබජිවයක් වනවා සේම. බාබා තමයි උත්තරීතර වූ ජිවය වන්නේ. ඔහු තමයි උසස්තම වූ ජීවය වන්නේ. සෑම කෙනෙක් හටම ඔහුටම වෙන් වුණු කොටසක් රඟපෑමට තිබෙනවා. උසස්තම වූ කෙනා වන්නේ සත්‍යයයි. පසුව අපට ගෘහ ජීවිතය යනු කුමක්ද කියා දැක ගත හැකියි. මේ අනුපිළිවෙලකින් යුතු වූ මල්දම කෙතරම් කෙටිද බලන්න. නමුත් පසුව මෙම ජනගහනය කෙමෙන් වැඩිවන කළ එය තවත් විශාල වනවා. එය තමයි බිලියන පහමාරකින් යුතු වූ මල්දම වන්නේ. ඒ කියන්නේ සියලුම ජීවයන්ගේ මල්දමයි. මේ සෑම දෙයක්ම ඔබගේ අධ්‍යාපනය සඳහායි. බාබා විසින් ඉතා පැහැදිලි ලෙස කියා දෙන සියලු දේ ඔබගේ බුද්ධිය තුළට ගත යුතුයි. ඔබ නිරන්තරයෙන්ම මෙම වෘක්ෂය ගැන බාබා විසින් කරන විස්තර වලට සවන් දිය යුතුයි. මෙහි බීජය තිබෙන්නේ ගස මුදුනෙහියි. මෙය නානා ප්‍රකාර වූ වෘක්ෂයක්. එහි ආයු කාලය කොපමණද? මෙම වෘක්ෂය නිරන්තරයෙන්ම වර්ධනය වන්නා වූ ගසක්. මුළු දවස පුරාම ඔබගේ බුද්ධියෙහි මෙය රැඳී තිබිය යුතුයි. මෙම ලෝක වෘක්ෂයෙහි කාල සීමාව ඉතා නිවැරදියි. අවුරුදු පහකට මොහොතක් හෝ එය අඩු වීමට බැහැ. දරුවනි. දැන් ඔබගේ බුද්ධිය තුළ විශාල දැනුමක් ගැබ් වී තිබෙනවා. මේ නිසා තමයි ඔබ ස්ථිර තත්ත්වයක සිටින්නේ. ඔබ පාරිශුද්ධත්වයෙන් සිටින විට ස්ථිර තත්ත්වයක් ඇතිකර ගත හැකියි. මේ දැනුම උකහා ගැනීමට නම් ඔබට රත්රන් වු බඳුනක් අවශ්‍ය වනවා. (පිරිසිඳු බුද්ධියක්) එවිට එය බාබාට මෙන්ම පහසු වු ආකාරයෙන් සිදු කිරීමට ඔබටත් හැකි වනවා. එවිට ඔබත් දැනුමෙහි ස්වාමියෙක ලෙස හැඳින්විය හැකි වනවා. පසුව ඔබත් ඒ මල් දමෙහි කොටස් කරුවකු බවට පත් වනවා. ඔබගේ උත්සාහය අනුව අනුපිළිවෙලක් ඇතිව එය සිදු වනවා. බාබා හැර වෙන කිසිම කෙනෙකුට මෙය විස්තර කර දිය නොහැකියි. මෙම ජීවය විසින් තමයි ඔබට මෙය විස්තර කර දෙන්නේ. බාබා මෙය විස්තර කරන්නේ මෙම ශරීරය මාරගයෙනුයි. දිව්‍යාංගතාවකගේ ශරීරයෙන් නොවේ. බාබා එකම අවස්ථාවකදී පමණක් මෙහි පැමිණ ඔබගේ ගුරු බවට පත් වනවා. බාබා නැවතත් මෙම කොටස රඟ පෑ යුතුයි: අවුරුදු පන්දහසකට පසු ඔහු නැවතත් මෙම කොටසම රඟපානවා. බාබා කියනවා: මා තමයි උසස්තම තැනැත්තා. පසුව ඊට දෙවෙනි වන. මල් දමෙහි දෙවන බීජය දිස්වනවා. ආරම්භයේදී අධිරාජ්‍යයකු වූ ඔහු අවසානයේදී ආදී දේව් බවට පත් වනවා. මේ සෑම දැනුම් කරුණක්ම ඔබගේ බුද්ධියෙහි තිබෙනවා. ඔබ විසින් මෙම දැනුම කියා දෙන ඕනෑම කෙනෙක්. ඔබ විසින් කියන දෙය ඉතා සත්‍යය බව දැන පුදුමයට පත් වෙනවා. මෙම ලෝක වෘක්ෂයෙහි බීජය සම්පුරණ දැනුමෙන් පිරි අයෙක්. ඒ බීජය හැර වෙන කිසිම කෙනෙක් හට මෙම දැනුම දිය නොහැකියි. දරුවනි. ඔබ සියලු දේ හොඳින් ධාරණය කර ගත යුතුයි. නමුත් සමහර අවස්ථාවකදී ඔබට එය කිරීමට නොහැකි වනවා. එය ඉතා සරල දෙයක්:මෙහි කිසිම අපහසු භාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ සඳහා ප්‍රථමයෙන්ම ඔබට අවශ්‍ය වන්නේ ස්මරණයයි. එවිට ඒ පිරිසිඳු වූ භාජනයෙහි මේ සියලුම මිනිමුතු එක්කර ගැනීමට ඔබට හැකි වනවා. මේවා තමයි ඒ උසස්තම වූ මිනිමුතු වන්නේ. බාබාත් මැණික් වෙළෙන්දෙක්. ඔහු විසින් ලස්සන. වටිනා දියමන්ති දුටුවිට ඒවා පුළුන් කැබලිවල ඔතා රිදී බඳුනක දමා ඉතා ආරක්ෂා ලෙස තබනවා. ඒවා දකින සියලුම දෙනා කියන්නේ ඒවා පළමු පත්තියේ ඒවා බවයි. මෙහිදීත් සිදුවන්නේ මේ දෙයමයි. ලස්සන දේ ලස්සන ඇසුරුමක තැබූ විට තවත් ලස්සනයි. ඔබගේ දෙකන් වලින් මෙම දැනුමට සවන් දුන් පසුව තමයි ඔබට එය ධාරණය කර ගත හැකි වන්නේ. ඔබ පිරිසිඳුව සිටින කළ. ඔබගේ යෝගා බාබා හා තබා ගන්නා විට. එහි ඉතාමත් හොඳ ධාරණයක් ඇති වනවා. එසේ නැතිනම් සියලු දේ ගලා හැලෙනවා. ඔබගේ ජිවය ඉතාමත් පුංචී ජීවයක්. එහි විශාල දැනුමක් අන්තර්ගත වනවා. මෙම බඳුන ඉතා පිරිසිඳු අලංකාරත්වයෙන් යුතු වූ එකක් විය යුතුයි. වෙන කිසිම සිතිවිල්ලක් ඔබ තුළ තිබිය නොයුතුයි. වැරදි සිතිවිලි සියල්ල දැන් අවසන් විය යුතුයි. අනෙක් සියලුම දිශාවලින් ඔබගේ සම්බන්ධය නැති කර ලිය යුතුයි. මා සමඟ සම්බන්ධ වීමෙන් ඔබගේ බඳුන රන් බඳුනක් බවට පත් කර ගන්න. එවිට මේ සියලු මිනිමුතු එහි ඇසිරිය හැකි වනවා. එවිට ඔබටත් නිරන්තරයෙන් ඒවා අන් අය හට බෙදා හැරිමට හැකි වනවා. භාරතය හඳුන්වන්නේ නිරන්තරයෙන් අන් අය හට යමක් ලබා දෙන්නන් ලෙසයි. මිනිසුන් දානය සඳහා විශාල ධනයක් වැය කරනවා. කොහොම නමුත් මෙය තමයි ඒ සදාකාලික දැනුම නමැති මිනිමුතු නම් වූ දානය වන්නේ. ඔබ ඔබගේ ශරීරය ඇතුළු සියලු අවධානවලින් මිදී ඒ එකම තැනැත්තා සමඟ පමණක් සම්බන්ධය තබා ගත යුතුයි. ඒ එකම පියා හා පමණක් සම්බන්ධ වී සිටිම ඔබ විසින් හොඳ උත්සාහයක් දැරිය යුතු වනවා. බාබා ඔබට ඔබගේ ඉලක්කය හා අරමුණ කුමක්ද කියා කියනවා. නමුත් දරුවන් විසින් කළ යුතු කාරයය තමයි උත්සාහයෙහි යෙදීම. දැන් තමයි ඔබට උසස් තත්ත්වයක් ලැබිය හැකි වන්නේ ඔබ තුළ කිසිම ආකාරයක වැරදි සිතිවිල්ලක් නොතිබිය යුතුයි. බාබා. ඒ දැනුම් සාගරය. පමණයි ඒ සීමිත බවිනුත් අසීමිත බවිනුත් ඔබ්බෙහි සිටින්නේ. ඔහු මෙහි හිඳගෙන ඔබට සියලු දේ විස්තර කර දෙනවා. ඔහු කියනවා: බාබා ඔබ දෙස බලා සිටිනවා කියා සිතන්න. නමුත් බාබා සියලු සීමිත හා අසීමිත භාවයන්ගෙත් ඔබ්බට යනවා. බාබා වෙසෙන්නේ ඒ ඈත දනව්වෙහියි. ඔබත් එලෙසින්ම ඒ සීමිත හා අසීමිත භාවයන්ගෙන් ඔබ්බට යා යුතුයි. කිසිම ආකාරයක වැරදි සිතිවිලි ඔබ තුළ නොතිබිය යුතුයි. මේ සඳහා ඔබ විසින් උත්සාහ දැරිය යුතු වනවා. ඔබගේ පවුලෙහි ජීවත් වනවාත් සමඟම ඔබ තෙළුම් මලක් සේ ජිවත් විය යුතුය. ඔබගේ අත්වලට ක්‍රියා කිරිමට ඉඩ දෙන්න. හදවත ඒ ආදරවන්තයා සමඟ තබා ගන්න. ගෘහ ජීවිතයේ වෙසෙන බොහෝ දෙනා සිටිනවා. ගෘහ ජිවිතයේ සිටින අය තරම් උත්සාහයක් මධ්‍යස්ථානයේ සිටින දරුවන් විසින් කෙරෙන්නේ නැහැ. මධ්‍යස්ථාන ගෙනයන. මුරලි එක කියවන අය පවා වැටෙනවා නමුත් ඉගෙන ගන්නා අය තවත් ඉදිරියට යනවා. ඔබ මෙසේ ඉදිරියට යන කල ඔබට සියලු දේ හමු වෙනවා. බාබා කියන සියලු දේ නිවැරදියි. මා හට ඉගැන්වමින් සිටි ඔහු දැන් මායා විසින් ගිලගෙන තිබෙනවා. මායා විසින් මහාරාතී දරුවන්ව සම්පුර්ණයෙන්ම කා දමා තිබෙනවා; ඔවුන් තව දුරටත් මෙහි දැකිය නොහැකියි. ඔවුන් මායා හට ගොදුරු වූ ද්‍රෝහියන් බවට පත් වී සිටිනවා. විදේශයන්හි පවා. මිනිසුන් ද්‍රෝහීන් බවට පත් වෙනවා: ඔවුන් බලවත් වූ නගර සොයා යනවා. මරණය ඔවුන් ඉදරියෙහි තිබෙන නිසා. ඔවුන් බොහෝ බලවත් වූ තැනැත්තන් සොයා යනවා. ඔබ දැන් දන්තවා බෙහෙවින්ම බලවත් වූ එකම තැනැත්තා වන්නේ බාබා බව. බාබා තමයි සරව බලධාරි තැනැත්තා වන්නේ: ඔහු විසින් ඔබට හොඳින් උගන්වා ඔබව මේ මුළු ලෝකයේම පාලකයින් බවට පත් කරනවා. එහිදී ඔබ සියලුම දේ බාබාගෙන් ලබා ගන්නවා. එහිදී ඔබ විසින් උත්සාහ දැරූ කිසිම දෙයක් ඔබට නොලැබ් යන්නේ තැහැ. එහිදී ඔබට කිසිම දෙයක් නැති වන්නේ නැහැ. නමුත් ඔබ ඔබගේ තත්ත්වයන් ලබන්නේ ඔබ විසින් කර ඇති උත්සාහය අනුව අනුපිළිවෙලක් ඇතිවයි. බාබා හැර වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. සියලුම දෙනා භක්තිවන්තයින් පමණයි. ශංකරාචාරයා බඳු වු දක්ෂ ගුරුන් පවා සිටිනවා. බාබා ඔබට ඔවුන්ගේ ප්‍රශංසනීයත්වය ගැන කියා දෙනවා. ඔවුන්ගේ පාරිශුද්ධත්වයේ බලයෙන් ඔවුන් භාරතයට සහායක් වනවා. නමුත් එය සිදුවන්නේ ඔවුන් සතෝප්‍රධාන් තත්ත්වයේ සිටින විට පමණයි: දැන් ඔවුන් තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී තිබෙනවා. දැන් ඔවුන් ළඟ තිබෙන බලය කුමක්ද? ශංකරාචාරයා ඔහු විසින්ම පෙන්වනවා ඔහු වැඳුමිකරුවකු බව. ඔවුන් නොයෙකුත් ආකාරයේ පිළිම තබාගෙන ඒවාට වන්දනාමාන කරනවා. ඔබ වැඳුම් කරන්නන් ලෙසින් සිටියා නමුත් දැන් ඔබ නැවතත් උත්සාහකරන්නේ වැඳුම් ලබන්නන් බවට පත් වීමටයි. මේ සියලුම දැනුම දැන් ඔබගේ බුද්ධිය තුළ ගැබ් වී තිබෙනවා. ඔබ එය හොඳින් ධාරණය කරගෙන අන් අයටත් කියා දිය යුතුයි. ඒ වගේම බාබාගේ ස්මරණය ද තබා ගත යුතුයි. මේ මුළු වෘක්ෂයේම වැදගත්කම ගැන ඔබට විස්තර කර දෙන්නේ බාබා විසිනුයි. දරුවනි. ඒ වගේම ඔබ ඉතාමත් සුමිහිරි තත්ත්වයට ද පත් විය යුතුයි. මෙය සටනක්. මායාගේ නොයෙකුත් ආකාරයේ කුණාටු ඔබ වෙත එනවා. ඔබ ඒ සියල්ල ඉවසා දරා සිටිය යුතුයි. ඔබ බාබාගේ සිහියෙන් සිටින විට සියලු කුණාටු බාධක මඟ හරවා ලිය හැකියි. හතම්තායි නම් වූ නාට්‍යයක් තිබෙනවා: ඔවුන් මුඛයෙහි යම් ඇටයක් තැබූ කල මායා අතුරුදන් වී යනවා. ඒ ඇටය ගත් විගස මායා නැවතත් පැමිණෙනවා. "ටච් මි තොට්" කියා පැළයක් තිබෙනවා: ඔබ විසින් එය ස්පරශ කළ හොත් එය මැළ වී යනවා. මායා ඉතාමත් දක්ශ කෙනෙක් ඔබ මෙවන් වූ උසස් අධ්‍යාපනයක් කරන විට ඇය ඔබව එයින් අසමත් කරනවා. එමනිසා බාබා කියනවා: ඔබ සියලු දෙනා එකිනෙකා සහෝදරයන් සේ සිතුව හොත් ඔබට සියලු සිමිත දෙයින් මිදිය හැකියි කියා. කිසිම කෙනෙක් නැති කළ ඔබගේ දෑස් කිසිම කෙනෙක් වෙත යොමු වන්නේ නැහැ. ඔබ විසින් විශාල උත්සාහයක් දරණවා. ඔබ මෙයට සවන් දී පසුව සියලු බලාපොරොත්තු කඩ කරගන්නා තත්ත්වයට පත් නොවීය යුතුයි. සෑම චක්‍රයකදිම ඔබ විසින් උත්සාහ දරා ඔබගේ වාසනාව උරගා බලනවා. බාබා කියනවා: ඔබ විසින් ඉගෙන ඇති සියලු දේ අමතක කර දමන්න. පසුව ඔබ විසින් කවම දාකවත් සවන් දී නොමැති මෙයට සවන් දී එය සිහිපත් කරන්න. ඒ මාරගය හඳුන්වන්නේ භක්ති මාරගය ලෙසයි. ඔබ සියලු දෙනා රාජ රිශීන් අගුල විවෘත කරගත් අය: එම බලය සහිතව ඔබ විසින් මුරලි එක කියවිය යුතුයි. ඒ නොයෙකුත් රිශිව රුන් විසින් කියවන මුරලි (වැරදි දේ) මනුෂ්‍යයන්ගේම දේ පමණයි. මේ තමයි ඒ අසීමිත වූ පියාගේ මුරලි එක. සත් යුගයේදී හෝ රිදී යුගවලදී ඔබට මුරලි එක අවශ්‍ය වන්නේ නැහැ. එහිදී දැනුම හෝ භක්තිය හෝ කිසිම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ මෙම දැනුම ලබන්නේ බාබා විසින් සංගම් යුගයෙහිදී එය ඔබට ලබා දුන් පසුවයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධිය මඟින් මේ සියලු දැනුම් කරුණු ධාරණය කරගෙන අන් අය හටත් එය ලබා දෙන්න. ඒ අසීමිත තත්ත්වයේ මෙන්ම සීමිත තත්ත්වය ද අත්දකින්න. එවිට ඔබට අනවශ්‍ය වූ කිසිම සිතිවිල්ලක් නොඑයි. ජීවයන් වන ඔබ සියලුම දෙනා සහෝදරයන් යන හැඟීම තබා ගන්න.

2. මායාගේ කුණාටු වලින් බේරී සිටීමට නම්, බාබාගේ ස්මරණයෙහි ඇටයක් ඔබගේ මුඛය තුළ රඳවා ගන්න. ඔබ විසින් සියලුම දේ ඉවසා දරා සිටිය යුතුයි. ‘ටච් මී නොට්‘ (ඉක්මණින් මැලවෙන) ආකාරයේ මලක් බවට පත් නොවන්න. කිසිම විටෙක මායාට පරාජය නොවන්න.

වරදානය:
ඔබ නිරතුරුවම එක් අයෙකු කෙරෙහි සෙනෙහසින් බද්ධ වී එකම පරමාත්ම පියාණන්ට ඔබගේ උපකාරය ලබාදී සියලු ආකර්ශනයන්ගෙන් මිදෙත්වා.

එකම එක පරමාත්ම පියා කෙරෙහි ආදරයෙන් බැඳුණු දරුවන් සියලු ජයග්‍රහණ වලින් තෘප්තිමත්ව හා පූර්ණව සිටිති. වෙනත් ආකාරයේ උපකාරයකින් ඔවුන් ආකර්ෂණය කර ගත නොහැක. ඔවුන් පහසුවෙන්ම අත්දකින්නේ එකම එක පරමාත්ම පියාව මිස අන් කිසිවකුට නොවේ. එකම පරමාත්ම පියා ඔවුන්ගේ ලෝකය වන අතර ඔවුන් එකම පියා තුළ සියලු සබඳතාවල මිහිරියාව අත්විඳිති. ඔවුන් සඳහා, සියලු ජයග්‍රහණවල පදනම එකම එක පරමාත්ම පියා මිස වස්තු හෝ පහසුකම් නොවේ, එබැවින් ඔවුන් පහසුවෙන් ආකර්ෂණයන්ගෙන් නිදහස් වන්නේ එබැවිනි.

පාඨය:
පදාර්ථය පිරිසිදු කිරීමට ඔබට අවශ්‍ය නම්, සම්පූර්ණයෙන් බැඳීමෙන් මිදෙන්න.