06.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ගමනාන්තය ඉතා උසස්ය. එමනිසා, කාලය අපතේ නොහැර සතෝප්‍රධාන් වීමට උත්සාහ කරන්න.

ප්‍රශ්නය:
ඇතැම් දරුවන් ඉහළට එසවීම නොවෙන්නට ප්‍රධාන හේතුව කුමක්ද?

පිළිතුර:
ඉදිරියට යාමේදී සුළු හෝ අහංකාරයක් හෝ ඔබේ දක‍්ෂතාවය ගැන හිතීම හෝ මුරලිය අතපසු වීම හෝ බ්‍රහ්ම බාබාට අකීකරු වූ විට ඉහළට එසවීමේ තත්ත්වය පැවතිය නොහැකියි. ශාරීරික කෙනාගේ හදවතින් බැහැර වීමේ අර්ථය නම්, අශරීරික කෙනාගේ ද හදවතින් බැහැර වීමයි.

ඕම් ශාන්ති.
ඔබ දරුවන් ගීතය ඇසුවා. ඔබ දරුවන් කියනවා, කවුරු හෝ ඔබේ බුද්ධියට සැක සාංකා ඇතුල් කළාට ඔබ ඒවායින් නොසැලීම සහ මිනිසුන් මොනතරම් වැරදි දේ කිව්වත් ඔබේ බුද්ධියට සැක ඇතුල් නොකර දිගටම ශ්‍රීමත් පිළිපැදීම සිදුවේ කියා. පරම පියා ඔබට සෑම දිනකම විවිධ කරුණු විස්තර කරයි. සත් යුගයේ දී සිටියේ මිනිසුන් නව ලක‍්ෂයක් වන අතර අන් සියලු දෙනා විනාශ වී ඇත. ප්‍රඥාවන්ත අය සංඥා වලින් තේරුම් ගන්නවා සියලු ආගම් ඇත්තෙන්ම විනාශ වන බවත් යුද්ධයෙන් අනතුරුව එකම දේව ආගම පමණක් ස්ථාපනය වන බවත්. වටින බවට පත් වන අය මනුෂ්‍ය බවින් දේවත්වයට පත්වේ. පරම පියාට මිස වෙන කිසිවෙකුට මනුෂ්‍යයෙක් දෙවි දේවතා තත්ත්වයට වෙනස් කළ නොහැක. එමනිසා, ඔබ දරුවන් දැන් සිහිකළ යුතුයි ආපසු ගෙදර යා යුතු බව. කොහොමනමුත්, මායා ඔබට නැවත නැවතත් අමතක කරවයි. ඉතාම සෙනෙහසින් බාබා සිහිකර මෙහිදීම සතෝප්‍රධාන් බවට පත් වන්න. ඕනෑම වෙලාවක යුද්ධය පැනනැඟිය හැකියි. එයට නීති නැත. පාලනය කළ නොහැක. ඔවුන් මෙසේ කියයි ඇතැම් විට මහා යුද්ධය ආරම්භ වන අතර කිසිදින අවසන් නොවේ. හැම කෙනෙක්ම එකිනෙකා රණ්ඩු වන නිසා ඇයි අපි ස්මෘතියේ නොසිට විනාශයට පෙර තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් නොවන්නේ. ස්මෘති වන්දනා ගමනට පමණි මායා බාධා කරන්නේ. මේ නිසයි බාබා ඔබට කියන්නේ දිනපතා සටහන් තබා ගන්න කියා. තුන් හතර දෙනෙක් හෝ ලියන්නේ කලාතුරකිනි. අන් සැම දෙනා මුළු දවස පුරා ඔවුන්ගේ වැඩ වල යෙදේ. ඔබ දරුවන් දන්නවා නියතයෙන්ම ඔබ සතෝප්‍රධාන් බවට පත් විය යුතු බව. එමනිසා, ඔබ කොහේ සිටියත් උත්සාහය පවත්වා ගන්න. මෙකල, මිනිසුන් 100% ක් තමෝප්‍රධාන් නිසා පිංතූර ආදිය යොදාගෙන විස්තර ලබා දෙයි. මුලින්, ඔවුන් සාම දේශයේ සිට පැමිණෙන විට සතෝප්‍රධාන්ය. ඉන්පසු, ඔවුන් සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසුකර ගෙන විත් මෙකල සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් බවට පත් වී ඇත. බාබාගේ පණිවුඩය හැම කෙනෙකුටම මෙසේ කියන්න පරම පියා සිහි කළ විට ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වේ. විනාශය ඔබ ඉදිරියේ ම ඇත. සත් යුගයේ දී තිබුණේ එකම ආගමක් වන අතර අන් සියලු දෙනා සිටියේ නිර්වාණ දේශයේය. ඔබ දරුවන් එම පිංතූර ගැන අවධානයෙන් සිටිය යුතුයි. ලොකු පිංතූර වලින් පහසුවෙන් තේරුම් ගත හැකියි. සැම කෙනෙකුටම බාබාගේ පණිවුඩය දෙන්න. ප්‍රධාන පදය වන්නේ ‘‘මන්මනභාව්‘‘ ය. එනම්, ඔබ බොහෝ උත්සාහ දැරිය යුත්තේ අයනු ආයනු විස්තර කර දීම සඳහාය. අන් අයට තේරුම් කර දෙන අයද සිටින්නේ අනුපිළිවෙලිනි. ඔබ අසීමිත පරම පියාට ස්නේහවන්ත විය යුතුයි. ඔබේ බුද්ධියේ රැඳී තිබිය යුතුයි ඔබ කරන්නේ බාබාගේ සේවය බව. දෙවියන්ගේ උදව් කරුවන් වන්න. ඔවුන් ද මේ වචන භාවිත කළාට ඔවුන් ඒවායේ තේරුම නොදනී. බාබා දැන් ඔබ දරුවන්ගේ සේවය සඳහා පැමිණ සිටී. ඔහු ඔබව උසස් දෙවි දේවතාවන් බවට පත් කරවයි. අද අප බොහෝ දුප්පත් වී සිටී. සත් යුගයේ දී අප සියලු ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වන නමුත් මෙහිදී ඔවුනොවුන් සටන් වදී. විනාශය සිදු විය යුතු බව කිසිවෙක් නොදනී. ඔවුන් සාමය ගැන විශ්වාසය තැබුවත් සිටින්නේ සම්පූර්ණ අඳුරේය. කවුරු හෝ ඔවුන්ට විස්තර කර දිය යුතුයි. මෙම ඥානය පිටරට මිනිසුන්ටද දිය හැකියි. පිරිස වෙත ගොස් මෙසේ විස්තර කර දෙන්න මහාභාරත යුද්ධය කවුරුත් දන්නා අතර එයින් වියපත් ලෝකය විනාශ වෙයි. පරම පියා වන පරමාත්ම දෙවියන් ද දැන් මෙහි සිටී. ඔහු නියතයෙනම බ්‍රහ්මා තුළින් දෙව්ලොව ස්ථාපනය කරමින් සිටී. දැන් ඇත්තේ සංගම් යුගය නිසා ශංකර් තුළින් කළි යුගය විනාශ වෙයි. ස්වභාවික ව්‍යසන ද සිදුවේ. ඔවුන් කියන්නේ තෙවැනි ලෝක යුද්ධය අවසානය බවයි. අවසානයේ විනාශය සිදුවිය යුතුමයි. ඔබ දැන් හැම කෙනෙකුටම කියා දිය යුතුයි, අසීමිත පරම පියා සිහි කළ විට ඔවුන්ට විමුක්ති දේශයට යා හැකි බව. ඔවුන්ගේ ආගම් තුළ සිටිමින්ම බාබා සිහි කළහොත් එම ආගමේ එහෙම තැනක් ඔවුන්ට ලබා ගත හැකියි. ඔබ දන්නවා අසීමිත පියා ප්‍රජාපිතා බ්‍රහ්මා ගේ ශරීරය මඟින් ඔබට ඥානය දෙන බව. ඉක්බිතිව ඔබ අන් අයට විස්තර කර දිය යුතුයි. පින් ආරම්භ වන්නේ ගෙදරිනි. අවට සෑම කෙනෙකුටම මේ පණිවුඩය දෙන්න. අන් ආගම් වල අයටද බාබාව හඳුන්වා දෙන්න. බාහිරව සිටිනා සියලු මිනිසුන්ට සහ රජවරුන්ට පවා මේ ඥානය ලබා දෙන්න. ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. බාබා මෙසේ කියයි ඔබ ළඟ ත්‍රිමූර්ති, චක්‍රය සහ වෘක‍්ෂය පිංතූර ලෙස මුද්‍රණය කර තබා ගත හොත් ඔබ කොහේ හෝ යන විට ඒවා රැගෙන යා යුතුයි. ඔබට විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කළ නොහැකි නම්, කොටස් දෙකකින් මුද්‍රණය කරන්න. මෙම ත්‍රිමූර්ති, චක්‍රය සහ වෘක‍්ෂය පිංතූර වල සියලු ඥානය ඇත. ඉණිමඟේ ඥානය ද මෙම චක්‍රය තුළ අන්තර්ගත වෙයි. ඉණිමඟේ පිංතූරය ඔබ ගන්නා උපත් 84 ගැන මනා විස්තරයක් ලබා දෙයි. චක්‍රය තුළ සියලු ආගම් ද අන්තර්ගත වී ඇත. ඉණිමඟ පිංතූරයේ ඔබ සතෝප්‍රධාන් වී සිටින ආකාරයත් සතෝ, රජෝ සහ තමෝ තත්ත්වයන් තුළින් යාමේ දී පහළට වැටෙන ආකාරයත් පෙන්වයි. බාබා මෙසේ කියයි දැන් නිරතුරුවම මා පමණක්ම සිහිකරන්න. බාබා දවස පුරාම මේවා ගැන සිතා බලයි. ඔබලාගෙන් කවුරු හෝ නව ගොඩනැගිල්ලක් හදන විට අඩි 6 x අඩි 9 පිංතූර එල්ලා ගත හැකි ලෙස බිත්ති විශාල ලෙස සාදන්න. මේ සඳහා, බිත්තිය අඩු වශයෙන් අඩි 12ක් වත් විය යුතුයි. මෙකල, බොහෝ භාෂා ද ඇත. සියලු ආගම් වල අයට මේ සියල්ල තේරුම් කළ යුතු නිසා බොහෝ භාෂා වලින් පිංතූර සෑදිය යුතුයි. එවැනි අසීමිත බුද්ධියකින් නිර්මාණ කරන ක්‍රමයක් තිබිය යුතුයි. එසේ සේවය කිරීමේ රුචියක් ඇති කර ගන්න. යම් වියදමක් දැරිය යුතු වුවත් ඔබ ඉල්ලීම් කළ නොයුතුය. ඔබේ භාණ්ඩාගාරය නිතැතින් පිරී යයි. එය නාටකයේ නියමිතයි. මේ පිළිබඳව ඔබ දරුවන්ගේ බුද්ධිය ක්‍රියාත්මක විය යුතුයි. කොහොමනමුත්, ඇතැම් ළමයින් සුළු සේවයක් කර ඔවුන් ඉතා දක‍්ෂ යැයි සිතා කුල්මත් වේ. බාබා මෙසේ කියයි ඔවුන් ශත 25ක තරම් දෙයක් වත් ඉගෙන ගෙන නැත! ඉගෙනීම අතින් ඔවුන් එකිනෙකා විවිධ මට්ටම් වල සිටිනු ඇත. ඔවුන් කිසිවක් තේරුම් නොගනී. ඔවුන් මුරලියවත් හදාරන්නට රුචියක් නැත. ධනවත් වැසියන් සහ දුප්පත් වැසියන් යන සියලු දෙනා මෙහිදී නිර්මාණය වනු ඇත. ඇතැම් අය පරම පියාට පොරොන්දුවක් දී අනතුරුව ඔවුන්ගේ මුහුණු වල දැලි ගා ගනී. ඔවුන් මෙසේ කියයි බාබා, අපි පරාද වුණා. බාබා මෙසේ කියයි ඔබ පාබල සේනාවටත් අඩු, සතයක් නොවටිනා අයයි. එවැනි දරුවන් ලබා ගන්නේ කුමක් ද? සූර්ය වංශික රජ දහන දැන් ඉදිවෙමින් පවතී. බාබා සිහිකරන අය සතුටින් සිටී. ඔබට පරම පියාගෙන් ලැබෙන උරුමය සිහිකළත් විශාල යහපතක් සිදුවේ. මේ ඥානය උකහා ගෙන අන් අයවත් ඔබ හා සමාන කරන්න. ඒ තරම් සේවයක් කිරීමට දරුවන්ට නොහැකියි. ඔවුන් සුළු සේවයක් කර සමත් වේ යැයි සිතනවා. ඔවුන් ශරීර අවධානයට පත් වී පහළට වැටෙයි. ඔබ බ්‍රහ්ම බාබාට ගරු නොකරයි නම් ශිව බාබා මෙසේ කියයි එය මටද කරන නොසැලකිල්ලකි. බාප් සහ දාදා සිටින්නේ එකටමයි. ඔබේ සම්බන්ධය ඇත්තේ ශිව බාබා සමඟ යැයි නොසිතන්න. ඔබේ උරුමය ලබා ගත යුත්තේ ද මොහු මඟිනි. ඔබ ඔහු හා විශ්වාසවන්ත වී ඔහුගෙන් උපදෙස් ලබා ගන්න. ශිව බාබා මෙසේ කියයි මා උපදෙස් දෙන්නේ මෙම ශාරීරික කෙනා මඟිනි. බ්‍රහ්මා නොමැතිව ඔබ ශිව බාබාගෙන් උරුමය ලබා ගන්නේ කෙසේද? මේ පියාණෝ නැතිව ඔබට කිසිවක් ලබා ගත නොහැක. මේ නිසයි ඔබ බොහෝ ප්‍රවේසම් විය යුත්තේ. කිසිඳු හේතුවක් නැතිව සමහරු විනාශ වී යයි. ඔබ මෙම ශාරීරික කෙනාගේ හදවතින් පිට වූවොත් අශරීරික කෙනාගේ හදවතින්ද පිටවුණා වෙයි. මුරලියට කොහෙත්ම කන් නොදෙන, පරම පියාට ලිපි ලියන්නේ ද නැති බොහෝ අය සිටී. ඉතින් එවිට පරම පියා සිතන්නේ කුමක්ද? ගමනාන්තය ඉතා ඉහළය. දරුවන් ඔවුන්ගේ කාලය අපතේ නොහැරිය යුතුයි. තමා මහරතී යැයි සිතන අය ඉතා විශාල වැඩ වල දී උදව් කළ යුතුයි. එවිට පරම පියා බොහෝ සතුටු වී ස්තුති කරමින් මෙසේ කියයි බොහෝ මිනිසුන්ට මොහුගෙන් යහපතක් සිදුවේ. මිනිසුන් විශාල ලෙස ප්‍රදර්ශන වලට පැමිණෙයි. යටත් වැසියන් නිර්මාණය වෙයි. බාබා සේවාධාරී දරුවන් කෙරෙහි බලා පොරොත්තු තබයි. සූර්ය වංශික රජවරුන් සහ රැජිණියන් බවට පත් වූ අය පමණක් මෙම ඉන්ද්‍ර ප්‍රාසාදයට ආ යුතුයි. සේවය නොකරන අය වටින්නේ ද නැත. ඔබ ඉදිරියට යන විට කවුරු කුමන තත්ත්වයට පත් වී දැයි සියල්ල දැන ගත හැකිය. ඔබ දරුවන් හෙට දෙව්ලොව කුමරුන් වන බව පිළිබඳ බොහෝ කුල්මත් විය යුතුයි. ඔබ මෙහි පැමිණියේ රාජයෝගා හැදෑරීමටයි. ඔබ හරි හැටි නොහැදෑරුවොත්, ඔබ ලබන තත්ත්වය පහත්ය. බාබා සේවා පුවත් දැනගත යුතුය. බාබා අද මම මෙවැනි සේවයක් කළෙමි. ඔබ බාබාට ලියුමක් වත් ලියුවේ නැත්නම් බාබා කුමක් ද තේරුම් ගන්නේ? ඔබ මළා කියාය. බාබා සිහිකරන්නේ ඔහුව හඳුන්වාදෙමින් සේවය කරන දරුවන් පමණි. ශිව බාබා, බ්‍රහ්ම බාබා තුළින් ඔබ බ්‍රහ්ම කුමාරයන් හා කුමාරින්ට උරුමය දෙයි. ශිව බාබා බ්‍රහ්මිණ්වරු හදන්නේ බ්‍රහ්මා තුළිනි. අන් සියලු ආගම් දැන් තිබෙන නමුත් අත්තිවාරම වූ දේව ආගම අතුරුදන් වී ගොසිනි. මේ මුළු නාටකයම පූර්ව නියමිතය. ඉණිමඟ පිංතූරයේ සියලුම ආගම් දැක්වෙන්නේ නැත. මේ නිසයි ඔබ චක්‍රයේ පිංතූරය විස්තර කර දිය යුත්තේ. එහි සියල්ල පැහැදිලිව අඩංගුය. ඔබ විස්තර කර දිය යුතුයි සත්යුග දෙවි දේවතාවන් ඔටුණු දෙකක් සහිතව සිටි බව. මෙකළ කිසිවෙකුට පාරිශුද්ධිය උරුම නැත. එය ලැබිය හැකි කිසිවෙක් නැත. ඔබට ද නොහැකි වී ඇත. අප දැන් එම ආලෝකය සඳහා උත්සාහ දරන අයයි. මෙහි ශරීර පිරිසිඳු නැත. යෝගා බලයෙන් ජීවාත්ම සත්තාවන් ක්‍රමාණුකූලව පිරිසිඳු වන්නේ සම්පූර්ණ පාරිශුද්ධතාවයට පත් වන තෙක්ය. ඔබ සත් යුගයේ දී එම ඔටුන්න ලබයි. සත් යුගයේ ඔබ ඔටුණු දෙකක් සහිතව සිටිනා අතර භක්ති මාර්ගයේ ඇත්තේ එක ඔටුන්නකි. මෙහි කුමන ඔටුන්නක් වත් නැත. ඔබ පාරිශුද්ධත්වයේ ඔටුන්නක් සහිතව කෙසේ දක්වන්නද? එම ආලෝකය පෙන්වන්නේ කුමන ස්ථානයේ ද? ඔබ ඥානාන්විත වී ඇති නමුත්, ආලෝකයක් ලැබෙන්නේ සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත් වූ පසුය. සූක‍්ෂම ලෝකයේ දී ද ආලෝකය පෙන්විය යුත්තේ එවිටය. උදාහරණ වශයෙන්, සූක‍්ෂම ලෝකයේ දී මමා එසේ පිරිසිඳු සුරදූතිකාවක් ලෙස පෙන්වයි. එවිට පෙන්වන්නේ එක ඔටුන්නයි. කොහොමනමුත්, මෙකල එසේ ආලෝකයක් කෙසේ පෙන්වන්නද? ඔබ පාරිශුද්ධත්වයට පත් වන්නේ අවසානයේ දීය. ඔබ යෝගා ඉරියව්වේ සිටින විට ආලෝකය පෙන්වන්නද? ඔබ කෙනෙක්ගේ ආලෝකය අද පෙන්වුවත් හෙට ඔහු අපිරිසිඳු වී ආලෝකය නැති වේ. මේ නිසයි ආලෝකය පෙන්විය හැක්කේ ඔබ කර්මටීට් තත්ත්වයෙන් අවසානය සිදුවන විටයි. කොහොමනමුත්, ඔබ සම්පූර්ණත්වයට පත් වන විටම ඔබ සූක‍්ෂම ලෝකයට යැවේ. ආගමක් ස්ථාපනය කිරීමට මුලින්ම එන පිරිසිඳු ජීවාත්ම සත්තාවක් එම ආලෝකය සමඟ පෙන්විය හැකිය. එහෙත් ඔටුන්නක් නැතිවය. බාබා සිහිකිරීමෙන් ඔබද පිරිසිඳු වෙයි. ස්වදර්ශන චක්‍රය කැරකැවීමෙන් ඔබ රජකීය තත්ත්වය ලබයි. එහි උපදේශකයෝ නැත. මෙහි බොහෝ අයගෙන් උපදෙස් ගනී. එහිදී, සත් යුගයේ දී සියලු දෙනා සතෝප්‍රධාන්ය. මේ සියලු කරුණු තේරුම් ගත යුතුව ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාප්දාදාගෙන් ස්තූතියක් ලැබීමට නම්, ඔහුගේ උසස් ක්‍රියාවට ඔහුගේ උදව් කරුවෙක් විය යුතුයි. ඔබ කරන සේවාවන් ගැන බාබාට ප්‍රවෘත්ති දෙන්න.

2. ශරීර අවධානයට පත් වීම මඟින් කිසිඳු අගෞරවයක් නොපෙන්වන්න. වැරදි කුල්මත්භාවයක් තබා නොගන්න. ඔබේ කාලය අපතේ නොහරින්න. සේවධාරියෙකු වී සේවය සඳහා නව ක්‍රම නිර්මාණය කරන්න.

වරදානය:
දයාවේ සහ යහපත සැළසීමේ ඔබේ දැක්ම තුළින් නිරන්තරයෙන් ලෝකයට සේවය කරන ඔබ, ලෝක පරිවර්තකයෙකු වේවා.

ලෝකය පරිවර්තනය කරන්නන්ගේ සහ ලෝකයට සේවය කරන්නන්ගේ ප්‍රධානතම සුදුසුකම වන්නේ, ඔවුන් සතු දයාවෙන් සහ යහපත සැළසීමෙන් යුතු දැක්මයි; එමගින් ඔවුන් ලෝකය පරිපූර්ණ සහ ප්‍රීතිමත් තත්ත්වයකට පත් කරවයි. අන් අයට අහිමිව ඇති දේ - එනම්, ආධ්‍යාත්මික සතුට, සාමය, මෙම දිව්‍යමය ඥානය සහ සියලු බලයන් - ඔවුන් අන් අයට ලබා දෙන අතර, හිඟන්නන් වැනි තත්ත්වයක සිටින අයව සියලු අයිතිවාසිකම් හිමි අය බවට පත් කරවයි. මෙවැනි සේවකයින් තම සෑම තත්පරයක්ම, වචනයක්ම, ක්‍රියාවක්ම, සබඳතාවක්ම සහ සම්බන්ධතාවයක්ම සේවය කිරීම සඳහා යොදවයි. ඔවුන් දෙස බලන ආකාරය, ගමන් කරන ආකාරය, අන් අය සමඟ කටයුතු කරන ආකාරය සහ ආහාර ගන්නා ආකාරය තුළ පවා සේවය ගැබ්ව පවතී.

පාඨය:
ගෞරවය සහ පිළිගැනීම පිළිබඳ අපේක්ෂාවන් අත්හැර දමා, සීමා රහිත සේවයක් වෙනුවෙන් ඔබේ කාලය අර්ථවත් ලෙස යෙදවීම යනු අන් අයව ඉහළ නංවන අයෙකු බවට පත් වීමයි.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

අවසාන පරිසමාප්ති අවධියට ළඟා වීම සඳහා, ඔබව 'ආගන්තුකයෙකු' ලෙස සලකමින් ඉදිරියට ගමන් කරන්න. තමන්ව ආගන්තුකයින් ලෙස සලකන අය, භෞතික ශරීරය තුළ සිටියද 'අව්‍යක්ත' ස්ථිතිය තුළ රැඳී සිටින අතර, ඔවුන්ට කිසිවෙකු කෙරෙහි කිසිදු බැඳීමක් නොමැත. අපි මෙම පැරණි ශරීර තුළ සහ මෙම පැරණි ලෝකය තුළ සිටින ආගන්තුකයින් වෙමු. අපට මෙම ශරීර තව කෙටි කාලයක් සඳහා පමණක් භාවිතා කිරීමට සිදුවනු ඇත.