06.12.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් සිටින්නේ සුබම සුබදායක සංගම යුගයේය. ඔබ මෙහි සිටිද්දීම නව ලෝකය සිහිපත් කරමින් තමන්ගේ ජීවාත්ම පාරිශුද්ධ කළ යුතුව ඇත.

ප්‍රශ්නය:
පරම පියා විසින් ඔබේ බුද්ධියේ අගුල විවර කිරීම සඳහා කිනම් අවබෝධයක් ඔබට ලබා දී තිබේද?

පිළිතුර:
පරම පියා ඔබට සදාතනික අවබෝධයක් දී තිබෙයි. ගොඩ්රිජ් අගුලෙන් වැසී ඇති ඔබේ බුද්ධිය එයින් විවෘත වී ඇත. ඔබේ බුද්ධි ගල් බවෙන් දිව්‍යමය බවට වෙනස් වී ඇත. මෙම නාටකයේ නළුවන් වන ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ සදාතනික චරිත කොටස රඟපාන නළුවන්ය යන අවබෝධය පරම පියා ඔබට දී ඇත. පෙර චක්‍රයේ ඔබ ඉගෙන ගත් තරමටම, දැනුදු එලෙසම ඉගෙන ගනීවි; ඔබේ උරුමය ලබන්නට ඔබ උත්සාහ දරාවි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි ඉඳිමින් ඔබ ආධ්‍යාත්මික දරුවන්ට උගන්වනවා. ඔහු අපගේ පියා වූ මොහොතේ සිට ඔහු ගුරුවරයාත් වූවා. එසේම සත්ගුරු ගේ ස්වරූපයෙනුත් ඔහු අපට දැනුම ලබා දෙනවා. ඔහු පියා, ගුරුවරයා සහ සත්ගුරු වූ කල ඔහු කුඩා දරුවෙක් නොවනු ඇතැයි ඔය දරුවන් දන්නවා. ඔහු අති උසස් ශ්‍රේෂ්ඨතම කෙනා වේ. ඔබ සැවොම ඔහුගේ දරුවන් යන්න පියා දනී. නාටක සැලැසුම අනුව. ඇවිත් ඔබව පිවිතුරු ලොවකට අරන් යන්න කියා ඔහුට ඔබ කන්නලව් කළා. නමුත් ඒ ගැන කිසිම වැටහීමක් නොතිබුණී. දැන් ඔබට වැටහෙනවා. ස්වර්ණම යුගයට තමයි පවිත්‍ර ලෝකය කියන්නේ සහ යකඩ ලොවටයි අපවිත්‍ර ලෝකය කියන්නේ. ඔබ මෙසේත් කියනවා: මේ රාවණ සිර කුටියෙන් අපව නිදහස් කරන්න! සියලු දුකෙන් අපව මුදවා අපගේ සාම දේශයට සහ සතුටු දේශයට ආපසු අරගෙන යන්න. නම් දෙකම බොහෝම හොඳයි. මුක්තිය සහ ජීවන් මුක්තිය, එසේ නැත්නම්, සාම දේශය සහ සතුටු දේශය! අන් කිසිවකුගේත් නොව ඔය දරුවන්ගේ බුද්ධිය පමණයි දන්නේ සාම දේශය හෝ සතුටු දේශය ඇත්තේ කොහේද කියා; ඔවුන් මුළුමනින්ම මෝඩයින් වී සිටී. ඔබේ අරමුණ සහ ඉලක්කය නුවණැත්තන් වීමයි. එම ඥානවන්ත (ලක්ෂ්මි සහ නාරායන) බවට පත්වීමයි එම මෝඩයින්ගේ අරමුණ සහ ඉලක්කය. මෙහිදී ඔබේ ඉලක්කය සහ පරමාර්ථය කුමක්ද කියා ඔබ සැමටම උගන්වන්න. එය මනුෂ්‍යයාගෙන් දේවතාවන් බවට පත්වීමයි. මෙය මනුෂ්‍ය ලොවයි. එවිට එය දේවතාවන්ගේ ලොවයි. ස්වර්ණම යුගය දේවතාවන්ගේ ලොවයි. එමනිසා, සැබැවින්ම යකඩ යුගය මනුෂ්‍යයන්ගේ වේ. දැන් අප සිටින්නේ මනුෂ්‍යයාගෙන් දේවතාවන් වීමට සිටින නිසා, අප සිටින්නේ අති උසස් සංගම යුගයේය. ඒ අය දේවතාවරුන්ය. මේ අය මනුෂ්‍යයන්ය. දේවතාවරු නුවණැත්තන්. ඔවුන්ව මේ නුවණැත්තන් කළේ පරම පියායි. ඔහු ලොවේ ස්වාමියා (විශ්වනාථ) වේ. ඔහු කිසිදා ලෝක අධිපති බවට පත් නොවූවත් මෙම ප්‍රශස්තිය ඇත. අසීමිත සතුට දෙන එකම කෙනා අසීමිත පියා වේ. නව ලොවේ අසීමිත සතුට ඇත. එවිට පරණ ලොවෙහි අසීමිත දුක ඇත. ඔබේ ඉදිරියේ එම දේවතාවරුන්ගේ චිත්‍ර ඇත. ඔවුන්ගේ වර්ණනා ඇත. මෙකල, පංචමහා භූතයන්ට පවා වැඳුම් පිදුම් කරති. ඔබ දැන් සිටින්නේ අති උසස් වූ සංගම යුගයේ කියා පරම පියා පැහැදිලි කරයි. ඔබ සෑම දෙනාමත් අනුපිළිවෙලින් ඔබේ උත්සාහයට අනුව වටහා ගත්තේ, ඔබේ එක් පයක් දිව්‍ය ලෝකයේත් අනෙක් පය අපායේත් ඇති බවයි. ඔබ මෙහි සිටියා වුවත්, ඔබේ බුද්ධිය ඇත්තේ නව ලොවෙහිය. එමනිසා, ඔබ සිහිපත් කළ යුත්තේ ඔබව නව ලොවට යවනා ඒකායන තැනැත්තාවයි. පරම පියාගේ ස්මරණයෙන් පමණයි ඔබ පාරිශුද්ධ වන්නේ. ශිව බාබා මෙහි ඉඳිමින් මෙය පැහැදිලි කරයි. ඔවුන් නිසැකවම ශිවාගේ උපත සමරති. එහෙත් ඔහු ආවේ කවදාද, ඇවිත් කළේ මොනවාද, කියා ඔවුන් නොදනී. ඔවුන් ශිව රාත්‍රිය සමරනවා එසේම ක්‍රිෂ්ණ ජයන්තියත් සමරනවා. ඔවුන් ක්‍රිෂ්ණා උදෙසා යොදන වචන ශිව බාබාට යොදන්නේ නැත. ඔවුන් "ශිව්රාත්‍රී" කීවත් පවා එහි අර්ථය ඔවුන්ට නොවැටහේ. එහි අර්ථය ඔය දරුවන්ට පැහැදිලි කර තිබෙයි. යකඩ යුග අවසානයේදී අසීමිත දුක තිබෙයි. ස්වර්ණම යුගයෙහි අසීමිත සතුට ඇත. ඔය දරුවන්ට දැන් මේ දැනුම ලැබී ඇති අතර චක්‍රයේ මුල, මැද සහ අගත් දැන සිටිනවා. චක්‍රයකට පෙර මෙය ඉගෙන ගත් අයම දැන් ඉගෙන ගනීවි. එවිට ඔවුන් මොන උත්සාහයක් කළාද නැවතත් එසේම උත්සාහ කර, ඒ අනුව තනතුරක් ලබා ගනීවි. මුළු චක්‍රයම ඔබේ බුද්ධියෙහි ඇත. උසස්ම තනතුරු ලද අයත් ඒ වාගේම පහළට පැමිණී අයත් ඔබම වේ. පරම පියා පැහැදිලි කළා, රෝසරියේ සිටින සෑම මනුෂ්‍යයකුගේම ජීවාත්ම සියල්ලන්ම පාහේ අනුපිළිවෙලින් පහළ බසිනා බව. සෑම නළුවෙක්ම තමාට අදාල චරිත කොටස ලබයි- සෑම මොහොතේම කුමක් හෝ චරිත කොටසක් සෑම දෙනාම රඟපායි. පරම පියා මෙහි ඉඳිමින් පැහැදිලි කරන්නේ සදාතනිකව නිර්මිත වූ නාටකය ගැනයි. පරම පියා පැහැදිලි කළ දේ, දැන් ඔබේ සහෝදරයන්ට ඔබ පැහැදිලි කරන්න ඕන. සෑම වසර 5000 කට වරක් පරම පියා පැමිණ අපට පැහැදිලි කරන බව ඔබේ බුද්ධියෙහි ඇත. ඉන්පසු අපගේ සහෝදරයන්ටත් අප පැහැදිලි කරන්න ඕන. ජීවාත්ම යැයි සැලකූ කල සියල්ලෝම සහෝදරයන් වේ. පරම පියා කියයි : ඔබව අශාරීරික ජීවාත්ම යැයි දැන් සලකාගත යුතුයි. ජීවාත්ම පාරිශුද්ධ වීම සඳහා තම පියා සිහිපත් කරන්න ඕන. ජීවාත්ම පාරිශුද්ධ වූ කල ඔවුන්ට පිවිතුරු ශරීර ලැබේ. ජීවත්මයක් අපවිත්‍ර වේද. ඔහුගේ ආභරණත් (ශරීරය) අපවිත්‍ර වේ. සැවොම අනුක්‍රමිකවයි සිටින්නේ. කෙනෙකුගේ හැඩරුව සහ ක්‍රියාකාරකම් තව කෙනෙක් සමඟ එක හා සමානව නොතිබේ. සෑම කෙනාම තමන්ට අදාල අනුක්‍රමික චරිත කොටස කරනවා. සුළුවෙන් වත් වෙනසක් සිදුවිය නොහැක. ඔබට පෙර දින දුටු නාටකයේ එම දර්ශනයම පසුදාත් දැකගත හැක; එම දේම නැවත දැක්වේවි. ඊයේ සහ අද දිනයේ අසීමිත නාටකය මෙය වේ. ඔබ කෙසේ රාජධානියක් අත්කරගත්තේ ද සහ කෙසේ එම රාජධානිය ඔබ නැති කරගත්තේ ද කියාත් ඊයේ ඔබට පැහැදිලි කළා. අද‚ රාජධානියක් අත්කර ගැනීම සඳහා වූ මෙම දැනුම දැන් ඔබ වටහාගත්තා. අද, භාරතය පරණ අපායකි. එවිට හෙට එය නව දිව්‍ය ලොවක් වෙනවා. දැන් ඔබ නව ලොවට යාමට සිටින බව ඔබේ බුද්ධිය දනී. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් උසස් වෙනවා. අනිවාර්යෙන්ම උසස් අය ජීවත් වෙන්නේ උසස් ලෝකයේය. ලක්ෂ්මි සහ නාරායන උසස් අයයි. එමනිසා, ඔවුන් දිව්‍යලෝකයේයි ජීවත් වුණේ. දූෂිත අය අපායෙහි ජීවත් වේ. දැන් මෙහි වැදගත්කම ඔබට වැටහෙනවා. මෙම අසීමිත නාටකය ඉතා පැහැදිලිව වටහාගත් විට පමණයි ඔබේ බුද්ධිය තුළ මෙය රැඳී තිබෙන්නේ. ඔවුන් ශිව රාත්‍රිය සමරනවා. නමුත් ඔවුන් ඒ ගැන කිසිවක් නොවෙයි දන්නේ. එමනිසා, ඔය දරුවන් ප්‍රබෝධමත් වී අන් අයවත් ප්‍රබෝධ කරන්න ඕන. ඔබ දැන් මේ දැනුම ලබා සිටිනවා ඉන්පසු ඔබට සත්ගතිය ලැබෙනවා. පරම පියා කියනවා : මා දිව්‍ය ලොවට ඇතුල් වන්නේ නැහැ. මගේ චරිත කොටස මේ ලෝකය අපිරිසිඳු බවෙන් පිරිසිඳු කිරීමයි. එහි ඔබට අප්‍රමාණ සේ ධනවස්තු තිබෙයි එහෙත් මෙහි, ඔබ දරිද්‍ර වි සිටී. එම නිසායි, ඔබ පියාට ඇවිත් ඔබට අසීමිත උරුමය දෙන්නට එන්න කියා කන්නලව් කළේ. ඔබ සෑම චක්‍රයේම අසීමිත උරුමය ලබයි. එසේම සෑම චක්‍රයේම ඔබ දරිද්‍රතාවයට පත්වෙයි. ඔබ පැහැදිළි කිරිමට පින්තූර භාවිත කරන්නේ නම් ඔවුන්ට වටහාගැනීමට හැකිවේවි. ප්‍රධාන දේවතාවරුන් වන ලක්ෂ්මි සහ නාරායන උපත් 84ක් ගනිමින් සාමාන්‍ය මිනිසුන් බවට පත්විය. දැන් මෙම දැනුම ඔය දරුවන්ට ලැබී ඇත. ඔබ දන්නවා වසර 5000කට පෙර ආදී සනාතන දේවි දේවතා ධර්මය තිබුණු බව. දේවතා ලෝකයටයි වයිකුන්ත් සහ පාරාදීසය කියාත් කීවේ. දැන් ඔබ භාරතයට එම නම් කියන්නේ නැහැ. දැන් මෙය යක්‍ෂ ලොවයි. දැන් මේ යක්‍ෂ ලොවේ අවසානය සහ දේවතා ලොවේ ආරම්භයයි. ඔය දරුවන්ට මේ දේවල් දැන් වැටහෙයි. අන් කිසිවකුගේ මුවින් මේ දේවල් ඔබට ඇසිය නොහැක. පරම පියා ඇවිත් මේ කෙනාගේ මුඛය පාවිච්චි කරයි. කාගේ මුඛය ඔහු භාවිත කරයිද යන්න මිනිසුන්ට නොවැටහේ. පරම පියා පදවන්නේ කවුරු තුළට ඇවිත් ද? ඔබ ජීවාත්මයන් ගමන් කරන්නේ ඔබේම ශරීර තුළිනී. ශිව බාබාටම අයිති රථයක් නොතිබේ. අනිවාර්යෙන් ඔහුට මුඛයක් අවශ්‍යයි. නැතිනම්, ඔහු ඔබට රාජයෝග උගන්වන්නේ කොහොමද? ඔහු පෙළඹවීමක් තුළින් නොවෙයි උගන්වන්නේ. එබැවින් මේ සියලු කරුණු ඔබේ හදවතේ සටහන් කරගන්න. දෙවියන්ගේ බුද්ධියෙහි තිබෙන සියලු ඥානය ඔබේ බුද්ධි තුළත් රැඳිය යුතුයි. මෙම ඥානය ඔබේ බුද්ධි ධාරණය කරගන්න ඕන. ඔබේ බුද්ධිය හොඳින් නේද?යැයි අසනවා. බුද්ධිය ඇත්තේ ජීවාත්මය තුළයි. ජීවාත්ම වටහාගන්නේ තම බුද්ධි තුළිනී. ඔබේ බුද්ධි ගල් කළේ කවුද? ඔබේ බුද්ධි ඒ බවට පත්කළේ රාවණ යැයි දැන් ජීවාත්මයන් තම බුද්ධියෙන් වටහාගනී. ඊයේ ඔබ මෙම නාටකය ගැන දැන සිටියේ නැහැ; ගොඩ්රිජ් ලොක් වලින් ඔබේ බුද්ධි වසා තිබුණා. එහි "God" යන වචනය ඇත. පරම පියා දුන් බුද්ධිය තමයි ගල් බුද්ධිය බවට වෙනස් වී ඇත්තේ. ඉන්පසු පරම පියා නැවත ඇවිත් එම අගුල් විවෘත කරයි. ස්වර්ණම යුගයෙහි සෑම දෙනාටම දිව්‍යමය බුද්ධියක් ඇත. පරම පියා ඇවිත් සැමට යහපත සලස්වයි. සෑම දෙනාගේම බුද්ධිය අනුක්‍රමිකව විවෘත වෙයි. ජීවාත්ම දිගටම එකිනෙකා පසුපස බැස එයි. කිසිම කෙනෙක් ඉහළ රැඳී සිටිය නොහැක. එහි අපවිත්‍ර කෙනෙකුට සිටිය නොහැක. පරම පියා ඔබව පාරිශුද්ධ කර නැවත එම පාරිශුද්ධ ලොවට රැගෙන යයි. එහි සිටින සියලු ජීවාත්ම පාරිශුද්ධව සිටී. එය අශාරීරික ලොවයි. ඔය දරුවන්ට දැන් සියල්ල වැටහී ඇත. එමනිසා, ඔබේ නිවස දැන් ඉතා සමීපව ඇති බව දැනෙයි. ඔබේ නිවසට ඔබ බොහෝ සෙනෙහස දක්වයි. ඔබට තරම් අන් කිසිම කෙනෙකුට එම නිවස කෙරෙහි සෙනෙහස නොතිබෙයි. කෙසේවෙතත්, ඔබත් අනුපිළිවෙලින් සිටින්නේ. පරම පියාට සෙනෙහස දක්වන්නත් එම නිවසටත් සෙනෙහස දක්වති. විශේෂ ආදරණීය දරුවනුත් සිටිනවා. හොඳ උත්සාහ දරා විශේෂ දරුවන් බවට පත්වන අය උසස් තනතුරක් ලබන බව ඔබ වටහාගත්තා. ඔබට මහළු ශරිරයක් හෝ තරුණ ශරීරයක් තිබෙද්දෙන්, එය ඒ මත නොවෙයි ඇත්තේ. ඥානය සහ යෝගාවෙන් දක්‍ෂ අය තමයි ජ්‍යේෂ්ටයින් වන්නේ. ඥානයෙන් යෝගාවෙන් දක්‍ෂ බොහෝ තරුණ දරුවන් සිටිනවා. ඉතින් ඔවුන් වැඩිහිටියන්ට උගන්වයි. එසේ නැත්නම්, සාමාන්‍යයෙන් නීතිය වන්නේ වැඩිහිටියන් බාලයන්ට උගැන්වීමයි. මෙකල කුරුමිට්ටන් ද සිටිනවා. ඇත්තෙන්ම, සියලු ජීවාත්ම කුරුමිට්ටන් ය. ජීවාත්මය ඉතාමත් කුඩා තිතක් වේ. එහි බර කිරන්නේ කොහොමද? හුදෙක් එය තරවකි. "තරුවක්" කීවොත් මිනිස්සු බලන්නේ උඩයි. ඔබ "තරුවක්" යන වචන ඇසූ පමණින් බලන්නේ ඔබ දෙසයි. ඔබයි මිහිපිට තාරකා, එවිට, ඒවා අහසේ තාරකාවන්ය. ඒවා අප්‍රාණික වන අතර ඔබ ප්‍රාණවත් ය. එම තාරකා කිසිදා වෙනස් වන්නේ නොවේ. ඔබ තාරකා උපත් 84ක් ගනී. ඔබ එවන් විශාල චරිත කොටස් රඟපානවා. ඔබේ චරිත කොටස් ඔබ රඟපාන අතරේ ඔබේ බැබළීම උදාසීන බවට පත්වෙයි. ඔබේ බැටරිය විසර්ජනය (discharge) වේ. ඔබ ජීවාත්ම සම්පූර්ණයෙන් උදාසීන වූ විට පරම පියා පැමිණ ඔබට මෙම දැනුම නොයෙකුත් ආකාරයෙන් පැහැදිලි කරදෙයි. ඔබ ජීවාත්මයන් තුළ තිබූ ශක්තිය දැන් සම්පූර්ණයෙන් පාවිච්චි කර ඇත. දැන් පරම පියා කෙරෙන් ඔබව බලයෙන් පුරවා ගන්න වෙයි. දැන් ඔබේ බැටරිය නැවත බලගැන්වීම (රීචාර්ප්) කරන්න වෙයි. මෙහිදී මායා බොහෝ බාධා ඇති කරයි. ඔබේ බැටරිය රීචාර්ජ් කිරීමෙන් ඇය ඔබව වලක්වන්න වෑයම් කරයි. ඔබ ජීවමාන බැටරි ය; ඔබ දන්නවා පරම පියා සමඟ යෝග කිරීමෙන් ඔබ සතෝප්‍රධාන් වනවා කියා. දැන් ඔබ තමෝප්‍රධාන් වී සිටින්නේ. ඒ සීමා සහිත ඉගෙනීම සහ මේ අසීමිත ඉගෙනීම අතර ඇත්තේ එවන් විශාල වෙනසකි! සියලු ජීවාත්මයන් ඉහළට යන්නේ අනුක්‍රමිකවයි. ඉන්පසු ඔවුන්ට නියමිත වේලාවට තම චරිත කොටස් කිරීමට පහළ බසී. සෑම කෙනෙකුටම රඟපෑමට තමන්ට අදාල අවිනාශී චරිත කොටස් ඇත. ඔබ කොපමණ වාරයක් ඔබේ උපත් 84හි චරිත කොටස් රඟපා තිබෙනු ඇත්ද? කොපමණ වාරයක් ඔබේ බැටරිය බලගැන්වීත් පසුව බැටරිය විසර්ජනය වීත් ඇත් ද? ඔබේ බැටරිය විසර්ජනය වූවාම එය නැවත බලගැන්වීමට ප්‍රමාද වන්නේ ඇයි? ඊට හේතුව නම් මායා ඔබේ බැටරිය රීචාරප් කිරීමට ඉඩ නොදීමයි. මායා ඔබේ බැටරිය රීචාර්ජ් කිරීමට අමතක කරවයි. ඇය ඔබේ බැටරිය යළි යළි ඩිස්චාර්ජ් කරවයි. ඔබ පරම පියා සිහිපත් කිරීමට උත්සාහ කරනවා නමුත් එසේ කිරීමට නොහැකි වෙයි. බැටරිය රිචාර්ජ් කර ඔවුන්ගේ සතෝප්‍රධාන් තත්ත්වයට ළඟා වූවන් ගේ බැටරිය පවා මායා ඩිස්වාර්ප් කරාවි. ඇය ඔවුන් ලවා වැරැදි කරන්නට සලස්වා ඉක්මණීන් ඔවුන්ගේ බැටරි ඩිස්ටාර්ප් කර දමයි. මෙසේ අවසානය දක්වා සිදුවේවි. ඉන්පසු සටන අවසානයේ දී, සියල්ල අවසන් වූ විට ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ බැටරිය කොපමණ බලයෙන් පුරවා ඇත්ද ඒ අනුව තත්ත්වයක් අත්කරගන්නවා ඇත. සියලු ජීවාත්මයන් පරම පියාගේ දරුවන් වේ. පරම පියා ඇවිත් ඔවුන් සියලු දෙනාගේම බැටරිය චාර්ප් කිරීමට පොළඹවනවා. නිර්මාණය වී තිබෙන මෙම නාටකය ඉතා ආශ්චර්යමත්ය! ඔබ යෝගා කිරීමට උත්සාහ කරද්දී නැවත නැවත ඔබ ඔහුගෙන් ඈත් වෙයි. ඒ නිසා ඔබට බොහෝ සේ පාඩු වී ඇත. ඔබව පොළඹවන්නේ උත්සාහ කිරීමටයි. ඈත් වීමට නොවෙයි. සෑම චක්‍රයේම, ඔබ උත්සාහ කරමින් සිටින අතරේ නාටකය අවසන් වෙයි. ඔබ කළ උත්සාහයට අනුව අනුක්‍රමිකව ඔබේ චරිත කොටස ද අවසන් වෙයි. නොකඩවා ඔබ ජීවාත්මයන් ගේ රෝසරි මාලය සෑදීමට සිදුවේ. රුද්‍රාක්‍ෂ මාලය සහ විශ්ණු මාලය ගැන ඔය දරුවන් දන්නවා. ප්‍රථම අංකයේ තබනුයේ ඔහුගේ රෝසරියයි. පරම පියා දිව්‍යලෝකය නිර්මාණය කරයි. රුද්‍රා රෝසරිය (සියලු ජීවාත්ම) ඇත්තාක් සේ රුන්දා රෝසරියත් (විශ්ණු) ඇත. බ්‍රහමින් රෝසරිය නම් දැන් සෑදිය නොහැක. මන්ද, දිගටම වෙනස් වීම සිදුවන නිසාවෙනී. රුද්‍රා රෝසරිය නිර්මාණය වූ විට එය නිමාවට පත්වෙයි. බ්‍රහමින් රෝසරිය තිබේවි නමුත් තවමත් නිර්මාණය කළ නොහැකිව ඇත. ඇත්තෙන්ම ඔබ සැම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ය. ශිව බාබාගේ දරුවන්ගේ රෝසරිය ඇත. විශ්ණුගේ රෝසරිය ඇත. ඔබ බ්‍රහමින්වරු වී සිටිනවා. එමනිසා, ශිවා උදෙසා රෝසරියක් අවැසියි. එසේම බ්‍රහ්මා උදෙසාත් රෝසරියක් අවැසියි. මේ සියලු දැනුම අනුක්‍රමිකව ඔබේ බුද්ධියෙහි රැඳී තිබෙයි. සැවොම මෙයට සවන් දෙයි. නමුත් ඇතැම් අයගේ කන් වලින් එවෙලෙහිම ඉවත් වී යයි: සරළව ඔවුන් සවන්දෙන්නේ නැත. ඇතැම් අය ඉගෙන ගන්නේ පවා නැත. ඔවුන්ට උගන්වන්න පරමාත්ම දෙවියන් ඇවිත් සිටිනවා කියා ඔවුන් දන්නේ නැහැ. ඔවුන් ඉගෙන ගන්නේ ම නැහැ. මෙම ඉගෙනුම ඔබ ඉගෙන ගත යුත්තේ බොහෝම සතුටිනී. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ සතෝප්‍රධාන් වන තෙක්ම ස්මරණ වන්දනාවේ සිටීම මගින් ඔබ විසින් ජීවාත්මය නොහොත් බැටරිය රී චාර්ජ් කර ගත යුතුයි. ඔබේ බැටරිය ඩිස්චාර්ජ් වන ආකාරයට ඔබ නොසැලකිලිමත් නොවිය යුතුයි.

2. සුවිශේෂ ආදරණීය දරුවකු වීම සඳහා ඔබ පරම පියාට සේම නිවසටත් සෙනෙහස දැක්විය යුතුයි. ඔබ දැනුමෙහි සහ යෝගාවෙහි කුල්මත් වී සිටිය යුතුයි. පරම පියා විසින් ඔබට පැහැදිලි කරනා සැමෙකක්ම ඔබේ සහෝදරයන්ට පැහැදිලි කර දිය යුතුයි.

වරදානය:
එකම එක පරමාත්ම පියා ඔබේ ලෝකය කර ගැනීමෙන් ඔබ ඕනෑම කර්ම බන්ධනයකින් නිදහස් වී ඒ ඒකායනය වෙත ආකර්ෂණය වී සිටිත්වා.

එකම එක පරමාත්ම පියාට මිස අන් කිසිවකුට අයත් නොවීම පිළිබඳ අත්දැකීමෙහි නිරතුරුවම රැඳී සිටින්න. සරළවම, "එකම එක බාබා මගේ ලෝකය වන අතර වෙනත් ආකර්ෂණයක්, කර්ම බන්ධනයක් නැත". ඔබගේ දුර්වල සංස්කාරයන්ගේ බන්ධනයක් නොවේවා. ඕනෑම කෙනෙකුට “මගේ” යැයි යම් අයිතියක හැගීමක් ඇති අයට කෝපයක් හෝ උඩඟුකමක් ඇති විය හැකි අතර එයද කර්ම බන්ධනයකි. කෙසේවෙතත්, බාබා ඔබේ ලෝකය වන විට, ඔබට මෙම අවබෝධය ඇති විට, "මගේ, මගේ" සියල්ල "මගේ බාබා" තුළ මුසු වී ඔබ පහසුවෙන් කර්ම බන්ධන වලින් නිදහස් වේ.

පාඨය:
ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් යනු අසීමිත ආකල්පයක් සහ දැක්මක් ඇති අයෙකි.