07.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තමන් දැන් සංගම යුගයේ බ්‍රහමිණ්වරුන්ය කියා ඔබලාට සිහිපත් වුණු විට, ඔබගේ ඇස් වලට ස්වර්ණම යුගයේ ගස්වැල් පෙනෙන්න පටන් ගනීවි, එවිට ඔබට අසීමිත සතුටක් දැනේවි.

ප්‍රශ්නය:
මෙම ඥානය කෙරෙහි විශාල උනන්දුවක් ඇති දරුවන්ගේ ගති ලක්ෂණ මොනවාද ?

පිළිතුර:
ඔවුන් එකිනෙකා අතර නිතර කතා බහට ලක් වන්නේ ඥානය සම්බන්ධ කරුණු පමණයි. ඔවුන් අන් අය ගැන ඕපාදූප කතා කර කර සිටීමට කාලය වැය කරන්නේ නැහැ. ඔවුන් තනිවම ඥාන සාගරය හොඳින් මතගානවා.

ප්‍රශ්නය:
ඔය දරුවන් පමණක් දන්නා මෙම ලෝක නාටකයේ ඇති රහස කුමක්ද ?

පිළිතුර:
මෙම නාටකයේ වෙනස් නොවන එකම එක කෙනා ශිව බාබා පමණයි. මෙම පැරණි ලෝකයේ ජීවාත්මයන්ව නව ලෝකය වෙත ගෙන යාමට ඔවුන්ට කවුරුන්ව හෝ අවශ්‍ය වෙනවා. නාටකයේ මෙම රහස ගැන දන්නේ ඔය දරුවන් පමණයි.

ඕම් ශාන්ති.
මෙම ඉතාමත් සුබම සුබ වු මංගල යුගයේ දී පරමාත්ම පියා පැමිණ ඔය ආධ්‍යාත්මික දරුවන්ට කතා කරනවා. තමන් බ්‍රහමිණ්වරුන් බව ඔය දරුවන් තේරුම් ගෙන සිටිනවා. ඔය දරුවන් ඔබලා බ්‍රහමිණ්වරුන් යැයි කියා සලකනවාද, නැතිනම් එයත් අමතක වී යනවා ද ? බ්‍රහමිණ්වරුන් කිසිම විටෙක තම වංශය අමතක කරන්නේ නැහැ. ඉතින් ඔබලාත් තමන් බ්‍රහමිණ්වරුන් බව සිහියේ තබා ගත යුතුයි. මේ එක් කරුණ හෝ ඔබ මතක තබා ගත්තා නම් ඔබගේ බෝට්ටුව එතෙර වී යාවි. මේ සංගම යුගයේ දී ඔබලාට ඇහෙන්න ලැබෙන මේ දේවල් ගැන ඔබ සිතා බැලිය යුතුයි. ඥාන සාගරය මතගානවා කියන්නේ මෙන්න මේකයි. ඔබලා රුප් හා බසාන්ට් (ඥාන වැසි වස්සවන යෝගාවේ ප්‍රතිමුර්තියක්). ඔය ජීවාත්ම දැන් මෙම මුළු ඥාන සම්භාරයෙන්ම පිරී සිටිනා නිසා මෙම මිණිමුතු පමණයි ඔබගෙන් පිට විය යුත්තේ. තමන් සංගම් යුග බ්‍රහමිණ්වරුන් බව ඔය දරුවන් මතක තබා ගත යුතුයි. ඔබෙන් ඇතැම් අයට මේ කාරණයවත් තේරෙන්නේ නැහැ. තමන් සංගම් යුග බ්‍රහමිණ්වරුන් බව ඔය දරුවන්ට මතක් වුණු විට ඔබගේ ඇස් වලට ස්වර්ණමය යුගයේ ගස් වැල් පෙනෙන්න පටන් ගනීවි. ඔබට අසීමිත සතුටක් දැනේවි. පරමාත්ම පියා විසින් ඔබට පහදා දෙන සෑම දෙයක්ම ඔබ ඇතුලාන්තයෙන් නැවත නැවතත් ආවර්ජණය කරන්න. අපි දැන් සිටින්නේ සංගම් යුගයේ බව ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. සංගම් යුගයේ අධ්‍යයනයට කාලයක් ගත වෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට නාරායන වීම සඳහා එනම්, අපායේ වැසියෙකුගේ තත්ත්වයේ සිට දිව්‍යලෝකවාසී කෙනෙක් වීම සඳහා ඇති එකම එක අධ්‍යයනය මෙයයි. තමන් දැන් දේවතාවරුන්, දිව්‍යලෝකවාසීන් වෙනවාය යන්න සිහිපත් වීමෙන් ඔබට සතුටින් සිටිය හැකි වේවි. තමන් සංගම් යුග වැසියෙක් කියා සලකා ගෙන සිටිනා අයට පමණයි දිව්‍යලෝකවාසීන් බවටත් පත්විය හැක්කේ. මීට පෙර ඔබ අපායේ වාසය කරමින් අපිරිසිඳු ක්‍රියා කරනා විට ඔබ සිටියේ සම්පූර්ණයෙන්ම පිරිහුණු තත්ත්වයකයි. ඔබ දැන් ඒ සෑම දෙයක්ම නතර කළ යුතුයි. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් ඔබ දේවතා තත්ත්වයට, දිව්‍යලෝකවාසී තත්ත්වයට පත් විය යුතුයි. කෙනෙකුගේ බිරිඳක් මිය ගිය පසු ඔබගේ බිරිඳ කොහේද කියා ඔබ ඔහුගෙන් ඇසුවහොත් ඔහු කියාවි ඇය ස්වර්ගස්ථ වෙලා කියාලා. නමුත්, ස්වර්ගය යනු කුමක්දැයි කියා ඔහු දන්නේ නැහැ. ඇය ස්වර්ගයට ගියා නම් ඔහු ඒ ගැන සතුටු විය යුතුයි. ඔය දරුවන් දැන් මේ දේවල් ගැන දන්නවා. මේ ගැන ඇතුලාන්තයෙන් සිතා බලන්න සංගම යුගයේ සිටිනා අප දැන් පාරිශුද්ධ වෙමින් සිටිනවා. අපි අපේ දිව්‍යලෝක උරුමය පරමාත්ම පියාගෙන් දිනා ගනිමින් සිටිනවා. නිරතුරුවම මෙය තමාට මතක් කර ගන්න. ඔබ මෙය අමතක නොකළ යුතුයි. මායා ඔබට මෙය අමතක කරවා ඔබව සම්පුර්ණයෙන්ම කලියුග වැසියෙක් කරවනවා. ඔබගේ හැසිරීම් රටාව මුළුමනින්ම කලි යුග වු විට, ඔබගේ සතුටත් ස්ථාවර වන්නේ නැහැ. ඔබගේ මුහුණත් මලමිණියක මුහුණ වගේ වෙනවා. පරමාත්ම පියා කියනවා : රාග ගින්නේ අසුන් ගැනීමෙන් සෑම කෙනෙක්ම මලමිණි වී දැවී අළු වී යනවා. තමන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවාතවරුන් වන බව ඔබ දන්නා නිසා ඒ සතුට ඔබ තුළ තිබිය යුතුයි. මෙන්න මේ නිසා තමයි අතීන්ද්‍රීය සුවය ගැන දැන ගැනීමට නම් ගොපළු ගොපළියන්ගෙන් අහන්නයි කියා කියන්නේ. ඔබ ඔබගේම හදවතින් අහන්න: මම ඒ වින්දනයේ සිටිනවාද ? ඔබ සිටින්නේ දේව කාර්යයකයි. මෙම දේව කාර්යයේ ඔබ කරනා රාජකාරිය කුමක්ද ? පළමුවෙන්ම ඔබ ශුද්‍රයින්ගෙන් බ්‍රහමිණ්වරුන් වෙනවා. පසුව බ්‍රහමිණ්වරුන් දේවතාවරුන් වෙනවා. තමන් බ්‍රහමිණ්වරයෙක්ය යන්න කිසිම විටෙක අමතක කරන්න එපා. අනිත් භෞතික බ්‍රහමිණ්වරුන් තමන් බ්‍රාහ්මණ වංශයේ අයයි කියා ඉක්මනින්ම කියනවා. ඒ අය ඉපදුණේ මව් කුසකින්, නමුත් ඔබලා මුඛයෙන් උපන් අයයි. ඔය බ්‍රහමිණ්වරුන් තුළ මහා විශාල සතුටක් තිබිය යුතුයි. බ්‍රහ්ම භෝජන කියා දෙයක් ගැන සඳහන් වෙනවා. මිනිසුන්ට බ්‍රහ්ම භෝජන ආහාර වේලක් පිළිගැන්වුවහොත් තමන් පිරිසිඳු බ්‍රහමිණ්වරුන් අතින් පිසූ ආහාර වේලක් ආහාරයට ගන්නවායි කියා ඔවුන් සතුටට පත් වේවි. පිරිසිඳු සිතිවිලි, වචන හා ක්‍රියා ඔබට තිබිය යුතුයි. ඔබ කිසිම අපිරිසිඳු දෙයක් නොකළ යුතුයි. මෙයට කාලයක් ගත වෙනවා. කෙනෙක් ඉපදුණු ගමන්ම මේ තත්ත්වයට පත් වන්නේ නැහැ. එක් තත්පරයකින් ජීවන මුක්තිය කියා කියමනක් තිබෙනවා. ඉපදුණු සැනකින්ම පියාගේ උරුමය ඔබට හිමි වෙනවා. මේ ප්‍රජාපිතා බ්‍රහ්මා කියාත් ඒ බ්‍රහ්මා ශිවාගේ දරුවා කියාත් හඳුනා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව ඔබ තුළ දැඩි ශ්‍රද්ධාවක් ඇති වුණු සැනකින් ඔබ උරුමක්කරුවෙක් බවට පත් වෙනවා. කෙසේවෙතත්, ඉන් අනතුරුව ඔබ කුමන හෝ වැරදි ක්‍රියාවක් කළහොත් ඔබට දැඩි දඬුවම් විඳීමට සිදු වේවි. මිනිස්සු කාෂි වලදී නර බිලි ලෙස තමන්ව බිල්ලට දී ගන්නේ කෙසේදැයි කියා ඔබ අසා තිබෙනවා. ඒ දඬුවම විඳි පසු ඔවුන්ගේ ගිණුම පියවී යනවා. මුක්තිය ලබා ගැනීමට ඔවුන් එම ළිඳේ කිමිදෙනවා. එවන් කිසිවක් මෙහි නැහැ. ශිව බාබා ඔය දරුවන්ට කියනවා : නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. මෙය ඉතාමත් පහසුයි. ඒ වුණත් මායා දරුවන්ව අල්ලා ගෙන කරකවා අතහරිනවා. ඔබගේ යුද්ධය තමයි දිගම යුද්ධය. පැරණි අය බොහෝ සටන් කර තිබෙනවා. අළුතින් පැමිණෙන අයටත් මෙය විඳීමට සිදු වේවි. සොල්දාදුවන් යුද්ධයක දී මිය ගිය විට ඒ වෙනුවට තවත් කෙනෙක්ව ගන්නවා. මෙහිදීත්, ඇතැම් අය මිය ගියත් අපගේ ගණන එන්න එන්නම වැඩි වෙනවා. ගස විශාල ලෙස වර්ධනය විය යුතුයි. ඔය මිහිරිම දරුවන්ට පරමාත්ම පියා කියනවා: මම ඔබගේ පියා, උත්තරීතර ගුරුවරයා හා සත්ගුරු බව මතක තබා ගන්න. ඔබ ක්‍රිෂ්ණාට “පියා, ගුරුවරයා හෝ සත්ගුරු” කියා කියනා එකක් නැහැ. සෑම කෙනෙක්ටම යහපත සැලසීමට ඔබ තුළ ආශාවක් තිබිය යුතුයි. මහාරාතී දරුවන් සේවයේ නිරතව සිටිනා විට විශාල සතුටක් විඳිනවා; ආරාධනා ලැබෙනා සෑම තැනකටම ඔවුන් දිව යනවා. ප්‍රදර්ශන වැඩසටහන් වල සේවය කිරීමටත් සේවා කමිටු වල සාමාජිකයින් වීමටත් තෝරා ගන්නේ හොඳ දරුවන්ය. සේවයේ කාර්ය බහුලව සිටින්නයි කියා ඔය දරුවන්ට උපදෙස් දී තිබෙනවා. එවිට මිනිසුන් තේරුම් ගනීවි ඔබලා දේව කාර්යයක නිරත වී සිටිනා හොඳ දරුවන් බව. ඉතාමත් හොඳින් සේවය කරනා අය ගැන පරම පියාටත් ලොකු සතුටක් දැනෙනවා. ඔබගේම හදවතින් අසා බලන්න: මම සේවය කරනවාද ? දේවපියාගේ සේවයේ නිරත වෙනවා කියා කියනවා. පරමාත්ම පියා කරන්නේ කුමන සේවයද ? ඔහු සෑම කෙනෙක්ටම මෙම පණිවිඩය දෙනවා: මන්මනාභව! කල්පයේ මුල, මැද හා අග පිළිබඳ වු දැනුම ඔබගේ සිහියේ තිබෙනවා. ඔබලාව හඳුන්වන්නේ ස්ව දර්ශන චක්‍රධාරීන් ලෙසිනුයි. එමනිසා, ඔබ මේ සෑම දෙයක් ගැනම සිතා බැලිය යුතුයි. ස්ව දර්ශන චක්‍රය කවදාවත් නතර වන්නේ නැහැ. ඔබලා ජීවමය ආලෝක කුළුණුයි. ඔබව ඉතාමත් ඉහළින් වර්ණනා වී තිබෙනවා. අසීමිත පියාගේ වර්ණනාව ඔබ හොඳින් දන්නවා. ඔහු ඥාන සාගරයයි, පාරිශුද්ධකරුයි. ගීතාවේ දේශකයාණන් ඔහුයි. ඔහු ඥානයෙනුත් යෝග බලයෙනුත් තම කාර්යය ඉටු කර ගන්නවා. යෝග බලයේ ඉතාමත් ඉහළ බලපෑමක් තිබෙනවා. ඔබ දැන් හදාරණ පෞරාණික යෝගාව දැන් මහත් කීර්තියකට ලක් වී තිබෙනවා. සන්යාසීන් හතායෝගීන්ය ඔවුන්ට අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවන්න බැහැ. මෙම දැනුම ඇත්තේ එකම එක පරම පියාට පමණයි. ඔබ මෙම දැනුමින් උපත ලබනවා. මව හා පියා වන්නේ ගීතාවයි. ප්‍රධාන මවකුත් ප්‍රධාන පියෙකුත් සිටිනවා. ශිව බාබාගේ දරුවන් වීමත් සමඟ ඔබලාට මවක් හා පියෙක් අවශ්‍ය වෙනවා. මිනිස්සු මෙසේ ගායනා කළත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මෙහි අර්ථය ඉතාමත් ගැඹුරු දෙයක් බව පරමාත්ම පියා පහදා දී තිබෙනවා. “දෙවි පියාණන්” කියා කියනවා. ඉතින් එසේනම් ඇයි ඔබ, මව හා පියා කියන්නේ ? සරස්වතීත් මෙහි සිටියත් සැබෑම මව බ්‍රහ්මපුත්‍ර බව බාබා කියා තිබෙනවා. මහ සාගරය හා බ්‍රහ්මපුත්‍ර ගංගාව තිබෙනවා. පළමුවෙනිම සංගමය මෙම සංගමයයි. බාබා මොහුට ශරීරගත වෙනවා. මේවා ඉතාමත් සියුම් කරුණුයි. මේ කාරණා තම සිහියේ තබා ගන්නේ ඔබ අතුරින් ඉතාමත් සුළු පිරිසකුයි. ඒවා ගැන හිතන්නත් හැකියාව ඇත්තේ කිහිප දෙනෙකුටයි. පහළ තත්ත්වයක් දිනා ගැනීමට සිටිනා අයට ඇත්තේ ඉතාමත් කුඩා බුද්ධියක්. ඒත් පරමාත්ම පියා ඔවුන්ට කියනවා : තමන් ජීවාත්මයක් බව සලකන්න. මෙය පහසුයි, නේද ? ජීවාත්ම වන අපගේ පරමාත්ම පියා පරමාත්ම ජීවයයි. ඔහු ඔය ජීවාත්මයන්ට කියනවා : නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔබගේ පාප දුරු වී යාවි. ප්‍රධානම කරුණ මෙයයි. උදාසීන බුද්ධියක් ඇති අයට මෙම ගැඹුරු කරුණු තේරුම් ගන්න බැහැ. මෙන්න මේ නිසා තමයි ගීතාවේ සඳහන් වී තිබෙන්නේ: මන්මනාභව! ස්මරණ වන්දනාවේ නිරත වීම ඉතාමත් අපහසු කාර්යයක් කියා බාබාට ලියනා සෑම කෙනෙක්ම කියනවා. තමන්ට එය නිතරම අමතක වෙනවා කියලත් කියනවා. කුමන හෝ දෙයක් ඔවුන්ව රවටනවා. මෙය මායාත් දෙවියන්ගේ දරුවන් වන ඔය දරුවන් අතරත් සිදු වන බොක්සිං තරඟයක්. වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. බාබා කියනවා : ඔබගේ කර්මතීත් තත්ත්වය දිනා ගැනීමට ඔබ මායාව දමනය කළ යුතුයි. ඔබ පළමුවෙන්ම කර්ම සම්බන්ධතාවයකට පැමිණියා. පසුව කල්ප බාගයකින් අනතුරුව ඔබ ක්‍රම ක්‍රමයෙන් කර්ම බන්ධන වලට වැටුණා. පළමුව ඔබලා පාරිශුද්ධ ජීවාත්ම ලෙසින් සිටි කල ඔබගේ ක්‍රියාවන්හි කිසිම බන්ධනයක් තිබුණේ නැහැ. සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. එතැනින් සතුටේ සම්බන්ධතාවයන්ට පැමිණියා. සතුටු සම්බන්ධතාවයන්ගේ සිටි තමන් පසුව දුකින් පිරි බන්ධන වලට ලක් වුණා. ඔබ දැන් අනිවාර්යෙන්ම සතුටින් පිරි ලෝකයකට යාමටයි සිටින්නේ. ලෝකය අළුත්වට තිබුණු කල ඔබ පාරිශුද්ධව සිටියා. පාලකවරුන් ලෙසින් සිටියා. දැන් ඔබලා පැරණි ලෝකයේ අපිරිසිඳු අය බවට පත් වෙලා. දැන් ඔබලා දේවතාවරුන් බවට පත් වෙමින් සිටිනවා. එමනිසා, එය මතක තබා ගන්න. පරමාත්ම පියා කියනවා : මා සිහි කරන්න ඔබගේ පාප සියල්ල දුරු වී ගොස් ඔබ නැවතත් මා වෙතට පැමිණේවි. නිහඬ දේශය හරහා ඔබ සතුටේ දේශයට යාමටයි සිටින්නේ. පළමුව ඔබලා නිවහන බලා යා යුතුයි. පරමාත්ම පියා කියනවා : මා සිහිපත් කරන්න ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. පාරිශුද්ධකරු වන මා ඔබලාව පාරිශුද්ධ කරවනවා. එවිට ඔබට නිවහන බලා ආපසු යා හැකි වේවි. මේ ආකාරයෙන් තමාව අමතන්න: කල්පය දැන් අවසන් වේගෙනයි යන්නේ. අපි මේ තරම් උපත් ගණනක් ලබා තිබෙනවා. පරමාත්ම පියා දැන් අපිරිසිඳු අපව පිරිසිඳු කිරීමට පැමිණ සිටිනවා. පාරිශුද්ධ විය හැක්කේ යෝග බලයෙන් පමණයි. යෝග බලය ඉතාමත් ප්‍රසිද්ධයි. මෙය ඔබට ඉගැන්විය හැක්කේ පරමාත්ම පියාට පමණයි. මේ සඳහා ඔබගේ ශරීරයෙන් කිසිම දෙයක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මුළු දවස පුරාම මේ දේවල් ආවර්ජනය කරන්න. ඔබ කොහේ ගියත් හුදෙකලාව අසුන් ගෙන මේ කරුණු කාරණා කෙරෙහි සිහියෙන් සිටින්න. බැල්කනියකට ගියා නම් ඕනෑ තරම් හුදෙකලාව සිටිය හැකියි. කිසිම දෙයකට මෙහිදී ඔබ බිය විය යුතු නැහැ. ඒ දිනවල මුරලියට ඇහුම් කන් දීමෙන් අනතුරුව ඔබ කඳු ගැටයකට ගිහින් ඇසු සියලු දේ ආවර්ජනය කළා. දැනුමට කැමති අය තමන් එකිනෙකා අතර කතාබස් කරන්නේත් දැනුමට අදාල කරුණුයි. කිසිම ඥානයක් නොමැති නම් ඔවුන් අන් අය ගැන ඕපාදූප කතා කිරීමට පටන් ගන්නවා. ඔබගේ ප්‍රදර්ශන වැඩසටහන් වලදී බොහෝ පිරිසකට මෙම මාර්ගය පෙන්වා දීමට ඔබට හැකියි. ඔබගේ ධර්මය ඔබට මහත් සතුටක් ගෙන දෙන බව ඔබ දන්නවා. පියාව සිහිපත් කළ යුතු බව අන් ආගම් වල අයටත් පැහැදිලි කිරීම පමණයි කිරීමට ඇත්තේ. ඒ පුද්ගලයා මුස්ලිම් කෙනෙක්, මම මේ වගේ කෙනෙක් කියා ඔබ කවදාවත් නොසිතිය යුතුයි. නැහැ ඔබ සෑම කෙනෙක්ම ජීවාත්ම සත්තාවක්. අන් කෙනාවත් ඔබ ජීවාත්ම සත්තාවක් ලෙසින් දැකිය යුතුයි. ඒ ජීවාත්මයටත් ඔබ පැහැදිලි කළ යුතුයි. ඔබගේ ප්‍රදර්ශන වැඩසටහන් වලදී මෙය පැහැදිලි කර දිය යුතුයි. එමනිසා, මෙසේ පුහුණු කරන්න ජීවාත්ම සත්තාවක් වන මම මගේ සහෝදර ජීවාත්මයට පැහැදිලි කරමි. අපි දැන් අපේ උරුමය පරමාත්ම පියාගෙන් ලබා ගනිමින් සිටිනවා. ජීවාත්ම වන අප අපගේ සහෝදරයින්ට මෙම දැනුම දෙනවා කියා අපි සලකනවා. ඔබ දැන් පරමාත්ම පියා ළඟට පැමිණිය යුතුයි. ඔබ බොහෝ කාලයකට පෙර ඒ ශාන්ත දනව්වෙන් පැමිණ අපෙන් වෙන් වුණා. මෙහි ඇත්තේ මහා විශාල දුකක් හා නොසන්සුන්තාවයක්. පරමාත්ම පියා කියනවා : දැන් තමන් ජීවාත්මයක් බව සලකන්න එවිට ඔබට නම්, රූප හා ශරීර සියල්ල අමතක වී යාවි. අහවල් අහවල් කෙනා මුස්ලිම් කෙනෙක් කියා ඇයි ඔබ සිතන්නේ ? ඔහුත් ජීවාත්මයක් ලෙස සලකා ඔබ ඔහුට පැහැදිලි කර කියා දිය යුතුයි. ඒ ජීවාත්මය හොඳද නරකද කියා ඔබට තේරුම් ගත හැකියි. නරක බලපෑම් ඇති කරනා අයගෙන් ඈත් වී සිටින්නයි කියා ඔය ජීවාත්මයන්ට කියා තිබෙනවා. ඔබලා දැන් අසීමිත පියාගේ දරුවනුයි. ඔබ දැන් තම චරිත කොටස මෙහි රඟපා අවසන් කර නිවහන බලා යාමටයි සිටින්නේ. ඔබ පාරිශුද්ධ විය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම පරමාත්ම පියාව සිහි කළ යුතුයි. දැන් පාරිශුද්ධ වීමෙන් ඔබලා පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් වේවි. වචනයෙන්ම ප්‍රතිඥාවක් ගැනීමට ඇතැම් අයට සිදුවෙනවා. පරමාත්ම පියා කියනවා : ඔබත් ප්‍රතිඥාවක් ගත යුතුයි. පරමාත්ම පියා ඔබට බුද්ධිමත් ක්‍රම පෙන්වා දෙනවා. ඔය ජීවාත්මයන් මුලින්ම සහෝදරයන් ලෙස සිටියා. පසුව ශරීර වලට පැමිණියායින් අනතුරුව ඔබලා සහෝදර සාහෝදරියන් වුණා. සහෝදර සහෝදරියන් පාපයේ ගැලෙන්න හොඳ නැහැ. පරමාත්ම පියා සිහිකර පාරිශුද්ධ වීමෙන් ඔබ ලෝක පාලකවරුන් වෙනවා. මායාගෙන් පරාජය වුවහොත් නැවතත් අවදි වී සිහියෙන් සිටිය යුතු බව ඔබට පහදා දී තිබෙනවා. හොඳ සිහියෙන් සිටි තරමට ඔබගේ ලැබීම් වැඩි වේවි ලාභයක් හා අලාභයක් තිබෙනවා. කල්ප භාගයක් පුරාවට ලාභයකුත් ඉතිරි කල්ප භාගය පුරාවට රාවන්ගේ රාජ්‍යයේ දී අලාභයකුත් විඳීමට සිදු වෙනවා. ගිණුමක් තිබෙනවා: ජයග්‍රහණය ලාභය වන අතර පරාජය අලාභයයි. එමනිසා, තමාව පරික්ෂා කර බලන්න. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔය දරුවන් සතුටට පත් වෙනවා. අනිත් අය නිකම් මේ ගීත ගය ගයා සිටියත් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් සෑම දෙයක්ම කරන්නේ අවබෝධයකින් තොරවයි. ඔබ තව දුරටත් වන්දනාමාන ආදිය කරන්නේ නැහැ, නමුත් ගුණ ගයනවා. ඒ එකම එක පියාගේ ගුණ වර්ණනාව අමිශ්‍රයි. පරමාත්ම පියාම පැමිණ ඔය දරුවන්ට උගන්වනවා. ප්‍රශ්න ඇසීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. කල්පය ඔබගේ සිහියේ තබා ගන්න. මායාව දමනය කළ තමන් නැවතත් පරාජය වූයේ කෙසේද කියා තේරුම් ගන්න. පරමාත්ම පියා පහදා කියනවා : ඔබ දැන් පරාජය වුණා නම් සියගුණයක දඬුවම් විඳීමට ඔබට සිදු වේවි. පරමාත්ම පියා කියනවා: සත්ගුරු අපහාසයට ලක් වීමට ඉඩ තබන්න එපා. එසේ වුවහොත් ඔබට තත්ත්වයක් දිනා ගැනීමට නොහැකි වේවි. මෙය සත්‍ය නාරායන වීමේ සත්‍ය කතාන්දරයයි. වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඔවුන් ගීතාවේ කතාව සැබෑ නාරායනගෙන් වෙන් කරගෙන තිබෙනවා. මෙම ගීතාව සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන කෙනෙක් වීමේ කතාවයි. පරමාත්ම පියා කියනවා : සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන කෙනෙක් වීමේ කතාව මම ඔබට කියා දෙනවා. එය ගීතාව ලෙසිනුත් අමරණීයත්වයේ කතාව ලෙසිනුත් හඳුන්වනවා. ඔබට තෙවෙනි ඇස දෙන්නේ පරමාත්ම පියාම පමණයි. තමන් දැන් දේවතාවරුන් බවට පත් වෙමින් සිටිනා නිසා, එවන් ගුණධර්මත් තමන් ලඟ තිබිය යුතු බව ඔබලා දන්නවා. මේ ලෝකයේ කිසිම දෙයක් සදාතනිකව නොපවතින බව ඔබලා දන්නවා. වෙනස් නොවන එකම එක දෙය ශිව බාබා පමණයි; අන් සෑම කෙනෙක්ටම පහළට පැමිණීමට සිදු වෙනවා. ඔහු මෙම සංගම යුගයට පමණක් පැමිණෙන්නේ සෑම කෙනෙක්වම නැවතත් නිවහන වෙත ගෙන යාමටයි. මෙම පැරණි ලෝකයේ අයව නව ලෝකය වෙත ගෙන යාමටත් ඔබට කෙනෙක් අවශ්‍ය වෙනවා. මේ සියල්ල නාටකයේ රහස්. පරමාත්ම පියා පැමිණ අපව පාරිශුද්ධ කරවනවා. කිසිම ශාරීරික කෙනෙකුට දෙවියන් කියා කියන්න බැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා : දැන් මේ වර්තමානය වන විට සියලුම ජීවාත්මයන්ගේ පියාපත් සිඳී ගිහින්. ඒ නිසා ඔවුන්ට පියාසර කරන්න බැහැ. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබට ඥානයේ හා යෝගාවේ පියාපත් දීමටයි. යෝගා බලයෙන් ඔබගේ පාප පිළිස්සී ගොස් පසුව ඔබලා පින්වත් ජීවාත්ම බවට පත් වේවි. කෙසේවෙතත්, පළමුවෙන්ම ඔබ උත්සාහයක් දැරිය යුතුයි. එමනිසා, පරමාත්ම පියා කියනවා : නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. ඒ සිහි කිරීමේ වාර්තා සටහනකුත් පවත්වා ගන්න. හොඳ වාර්තාවක් ඇති අය එය හොඳින් සටහන් කර ගෙන හොඳ සතුටකින් නිතරම සිටීවි. අන් සෑම උත්සාහයක්මත් දරා නමුත් වාර්තා සටහන පවත්වා ගත්තේ නැතිනම්, ඔබට යෝග බලයෙන් තමාව පුරවා ගත නොහැකි වේවි. වාර්තා සටහනක් තබා ගැනීමෙන් ඔබ මහත් ලාභයක් ලබනවා. මේ වාර්තාවත් සමඟින්, ඥාන කරුණුත් සටහන් කර ගත යුතුයි. තමන් කොපමණ දුරක සේවය කරනවා ද කොපමණ දුරක සිහි කිරීමේ නිරත වෙනවා ද යන කරුණු දෙකම සම්බන්ධයෙන් ඔබ වාර්තාව තබා ගත යුතුයි. අවසානයේ දී වෙන කිසිම දෙයක් සිහි නොවනා තරමේ උත්සාහයක් ඔබ විසින් දැරිය යුතුයි. තමන් ජීවාත්මයක් වශයෙන් සැලකීමට දැන් උත්සාහ දරන්න එවිට ඔබ පින්වත් ජීවාත්මයක් බවට පත් වේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. හුදෙකලාව සිට ඥාන සාගරය මතගාන්න. සිහි කිරිමේ වන්දනාවේ නිරත වන්න. මායා දමනය කර ඔබගේ කර්මතීත් තත්ත්වයට ළඟා වන්න.

2. ඕනෑම කෙනෙකුට දැනුම දෙන විට, ඔබගේ බුද්ධියේ නිරන්තරයෙන් මෙම අවධානය තිබිය යුතුයි: ජීවාත්ම සත්තාවක් වන මම මගේ සහෝදර ජීවාත්මයට ඥානය දෙමි. සෑම කෙනෙකුගේම නම, රූපය හා ශරිරය අමතක කර දමන්න. පාරිශුද්ධත්වයේ ප්‍රතිඥාව ගෙන පාරිශුද්ධ වන්න; පාරිශුද්ධ ලෝකයේ පාලකවරයෙක් වන්න.

වරදානය:
ඔබ තමා කෙරෙහි කිසිදු ආශාවක් ඇති කර නොගෙන, පරමාත්ම පියා මෙන් අන්‍යයන් නගා සිටුවන සහ ප්‍රතිලාභ ලබා දෙන නිරන්තර දානපතියෙකු වේවා.

බ්‍රහ්ම පියා සේවය සඳහා තම කාලය කැප කළේය. ඔහු නිහතමානීව සිටි අතර දරුවන්ට ගෞරවය ලබා දුන්නේය. ඔහු සේවය කර උපයාගත් නම පවා අත්හැරියේය. ඔහු තම නම, ගෞරවය සහ ගෞරවය තුළින් සියල්ලන්ම නඟා සිටුවීමට සහ අන් අයට ප්‍රතිලාභ ලබා දෙන අයෙකු බවට පත්විය. ඔහු තමාගේම නම අත්හැර අන් අයගේ නම් ගෞරව සම්මානයට පාත්‍ර කළේය. ඔහු නිරතුරුවම තමාව සේවාධාරියෙකු ලෙස තබාගෙන දරුවන් තම මාස්ටර්වරුන් බවට පත් කළේය. තමාගේ සතුට ඇත්තේ දරුවන්ගේ සතුට තුළ යැයි ඔහු සැලකුවේය. පියා මෙන් ආශාවන් පිළිබඳ දැනුම නොදත් යනු කුල්මත් වූ යාචකයෙකු වීම, සැවොම උසස් කරවන සහ සැමට යහපත සළසන නිරන්තර දානපතියෙකු වීමයි. මෙසේ කරන විට ලොවට යහපත සළසන කාර්යයේ සීඝ්‍ර වේගයක් ඇති වනවා ඇත. සියලුම කසුකුසු සහ කථාන්දර(අවස්ථාවන්) අවසන් වනු ඇත.

පාඨය:
මෙම ඥානය, ගුණධර්ම සහ ධාරණාවෙහි සාගරයක්(සින්ධු) වන්න, සහ ඔබේ අවධානය තුළ තිතක්(බිංදුවක්) වන්න.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

දැන් ඔය දරුවන්, ඔබගේ ශ්‍රේෂ්ඨ සහ බලවත් සිතිවිලි තුළින් සකාශ් ලබා දිය යුතුයි. දුර්වල අයට බලය ලබා දෙන්න. කාලය, ඔබගේ උත්සාහය වෙනුවෙන්, අන් අයට සහයෝගය ලබා දීමට භාවිතා කරන්න. අන් අයට සහයෝගය ලබා දීම යනු තමන් වෙනුවෙන් රැස් කරගැනීමයි. දැන් ඔබ මුක්තිය ලබා නොගන්නා, නමුත් අන් අයට මුක්තිය ලබා දෙන, එවන් රැල්ලක් විහිදුවා හරින්න. ලැබීම, දීම තුළ මුසු වී තිබේ.