07.02.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අසුන්ගෙන සිටින විට, ඇවිදින විට, සහ එහෙ මෙහෙ සැරි සරන විට, සිහි කිරීමේ
සිටීමට පුහුණු වන්න. ප්‍රධාන විෂයයන් දෙක වන්නේ ඥානය සහ යෝගාවයි. යෝගාව යනු සිහිපත්
කිරීමයි.
ප්‍රශ්නය:
දක‍්ෂ දරුවන්
කිසි විටෙක නොකියන වචන මොනවාද?
පිළිතුර:
දක‍්ෂ දරුවන් කිසි විටෙක ‘අපට යෝගාව උගන්වන්න!‘ යැයි නොකියයි. කෙනෙකුගේ පියාව සිහි
කිරීමට ඉගෙන ගත යුතුද? මෙය, ඔබ ඉගෙනගෙන ඉන්පසුව අන් අයට උගන්වන, පාසලකි. සිහිපත්
කිරීම සඳහා ඔබ විශේෂයෙන් අසුන් ගැනීමට අවශ්‍ය නැත. ක්‍රියා සිදුකරන විටදීද සිහිපත්
කිරීමේ සිටීමට ඔබ පුහුණු විය යුතුයි.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා මෙතැන අසුන්ගෙන ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙයි. ආධ්‍යාත්මික පියා ඔබට
මෙම රථය මගින් කතා කරන බව ඔය දරුවන් දන්නවා. දැන් ඔබලා ඔහුගේ දරුවන් නිසා, පියාගෙන්
හෝ කිසියම් සහෝදරයෙකුගෙන් හෝ සහෝදරියකගෙන් බාබාගේ සිහිපත් කිරීමේ අසුන්ගන්නේ කෙසේද
කියා විමසීම වැරදිය. ඔබ තව දුරටත් කුඩා දරුවන් නොවෙයි. ප්‍රධානතම දෙය වන්නේ
ජීවාත්මය බව ඔබ දන්නවා. එය අවිනාශී වන අතර, ශරීරය විනාශ වෙයි. වඩා ශ්‍රේෂ්ඨ වන්නේ
ජීවාත්මයයි. අවිද්‍යා මාවතේ, තමන් ජීවාත්මයක් බව හෝ තම ශරීරය තුළින් කතා කරන්නේ
ජීවාත්මය බව හෝ කිසිවෙකු නොදනී. ඔවුන් ශරීර අවධානයට පත් වී, ‘මෙය කරන්නේ මමයි‘ කියා
පවසයි. ඔබ දැන් ජීවාත්ම අවධානයට පත් වනවා. ඔබ දන්නවා මෙසේ කියන්නේ ජීවාත්මය බව මා
කතා කරන්නේ, එමෙන්ම ක්‍රියා සිදුකරන්නේ, මෙම සිරුර තුළිනි. ජීවාත්ම, පිරිමිය. පියා
පවසන්නේ ඔහුට බොහෝ වාරයක් මෙම වචන ඇසෙන බවයි ‘අපට යෝගාවේ අසුන්ගෙන සිටීමට කියා
දෙන්න!‘. ඔවුන් මෙසේ නිතර කියයි. ඔබ අසුන් ගෙන සිටින විට සහ තව කෙනෙක් ඔබ ඉදිරියේ
අසුන් ගන්නා විට, ඔබට සහ එම කෙනාට, බාබාගේ සිහිපත් කිරීමේ අසුන් ගැනීමේ අරමුණ තිබේ.
මෙම පාඨශාලාව එම කාරණය සඳහා පමණක්ම නොවෙයි. මෙම පාඨශාලාව තිබෙන්නේ ඉගෙන ගැනීමටයි.
ඔබ මෙහි පැමිණෙන්නේ, සිහිපත් කිරීමේ අසුන් ගැනීමට පමණක් නොවෙයි. පියා විස්තර කර
ඇත්තේ, ඔබ අසුන් ගෙන සිටින විට, ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඔබ පියාව සිහි
කළ යුතු බවයි. මෙම සිහිපත් කිරීමේ සිටීමට, ඔබ විශේෂයෙන් අසුන් ගැනීමට අවශ්‍ය නැත.
සමහරුන් රාමාගේ නම මතුරන්නට කියා අන් අයට කියයි. රාමා යන නම නොකියා, ඔහුව සිහිපත්
කිරීම කළ නොහැකිද? ඔබට ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විටද ඔහුව සිහි කළ හැක. ඔබ
ක්‍රියා සිදු කරන අතර, පියාව සිහි කළ යුතුයි. ආදරවන්තයින් එකිනෙකාව සිහි කිරීමට
විශේෂයෙන් අසුන් ගන්නේ නැත. ඔබ සෑම දෙයක්ම කරමින් ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදියද
කරගෙන යා යුතුයි. ඔවුන් සෑම දෙයක්ම කරමින් ඔවුන්ගේ ආදරවන්තයාව සිහි කරයි. ඔවුන් යම්
තැනකට ගොස් එකිනෙකා සිහි කිරීමට විශේෂයෙන් අසුන් ගන්නේ නැත. ඔය දරුවන් ගී ගයන විට
සහ කවි කියන විට, බාබා පවසන්නේ එය අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔවුන් කියන්නේ ඔහෝ
සාමය පිරිනමන්නාණෙනි! එබැවින් ඔවුන් නිසැකයෙන්ම, සිහිපත් කරනු ඇත්තේ ක්‍රිෂ්ණා නොව,
උත්තරීතර ජීවාත්මයයි. නාටකයට අනුව, ජීවාත්ම අසහනයට පත්ව ඇත, එමනිසා ඔහු සාමයේ,
සතුටේ සහ ඥානයේ සාගරය බැවින්, ඔවුන් පියාට කන්නලව් කරති. ප්‍රධානතම කරුණු දෙක වන්නේ
ඥානය සහ යෝගාවයි! යෝගා යනු සිහි කිරීමයි. රාජයෝගා යනුවෙන් හැඳින්වෙන ඔබගේ යෝගාවට
වඩා, ඔවුන්ගේ හතයෝගාව සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඔබට තිබෙන්නේ පියා සිහිපත් කිරීම
පමණයි. පියා මගින්, ඔබ පියාව හැඳිනගත් පසු, ඔබ ලෝකයේ ආරම්භය, මැද සහ අවසානයද දැන
ගන්නවා. ඔබට ඇති විශාලතම සතුට වන්නේ, දෙවියන් ඔබට ඉගැන්වීමයි. පළමුවෙන්ම ඔබට
දෙවියන්ගේ නිවැරදි හැඳින්වීම තිබිය යුතුයි. ජීවාත්මයක් තරුවක් වන සේම, දෙවියන්ද
තරුවක් වේ, එනම් ඔහුද ජීවාත්මයක් වේ, නමුත් ඔහු උත්තරීතර ජීවාත්මයයි යන්න කිසිම
කෙනෙක් නොදනී. ඔහුට උත්තරීතර ජීවාත්මය යැයි කියයි. ඔහු කිසි විටෙක පුනර්භවයක්
නොගනී. ඔහු උපත්, මරණ චක්‍රයට කිසි විටෙකත් ඇතුළු වන්නේ නැත. ඔහු ඉපදීම සහ නැවත
ඉපදීමට ඔබ්බෙන් සිටියි. ඔහුම පැමිණ, ඔහු පැමිණෙන ආකාරය විස්තර කරයි. භාරතයේ,
ත්‍රිමූර්තියේ වර්ණනාව තිබේ. ඔවුන් ත්‍රිමූර්තියේ පිංතූරයක් ද පෙන්වයි බ්‍රහ්මා,
විෂ්ණු සහ ශංකර්. ඔවුන්, ශිවා නම් උත්තරීතර ජීවාත්මයට නමස්කාර වේවා යැයි කියන
නමුත්, ඔවුන්ට උසස්ම-උසස් පියා අමතක වී තිබේ. ඔවුන් ත්‍රිමුර්තියේ ප්‍රතිරූපය පමණක්
තබා ඇත. කෙසේවෙතත්, ඔවුන්ට ඉහළින් ශිවා අනිවාර්යෙන්ම සිටිය යුතුයි, මන්ද ඔවුන්ගේ
නිර්මාණකරු ශිවා බව වැටහෙන ලෙසින්ය. කෙනෙකුට නිර්මාණය තුළින් කිසි විටෙක උරුමයක්
හිමි වන්නේ නැත. ඔබට බ්‍රහ්මාගෙන් කිසිම උරුමයක් නොලැබෙන බව ඔබ දන්නවා. විෂ්ණුව
පෙන්වා ඇත්තේ දියමන්ති සහ මැණික් සහිත කිරුළක් සමගිනුයි. ඔබව පැන්සයකින් පවුමක් බවට
පත් කරනු ලබන්නේ ශිව බාබා විසින්ය. ශිවාගේ ප්‍රතිරූපයක් නොමැති කමින් සෑම දෙයක්ම
ව්‍යාජ වෙයි. උසස්ම උසස් වන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය වන අතර මේ ඔහුගේ
නිර්මාණයයි. ඔය දරුවන්ට දැන් උපත් 21ක ඔබගේ දිව්‍යලෝකයේ උරුමය, පියාගෙන් ලැබෙනවා.
ඔබ එහි සිටින විට, ඔබගේ උරුමය ලැබුණේ ඔබගේ භෞතික පියාගෙන් බව ඔබට වැටහෙන නමුත්, එම
ප්‍රතිලාභය හිමි වූයේ අසීමිත පියාගෙන් බව ඔබ නොදනී. ඔබ මෙය දන්නේ දැන්ය. මෙකල ඔබගේ
ආදායම, උපත් 21කට පවති. ඔබ එහි සිටින විට, මේ කිසිවක් ගැන ඔබට අවධානයක් නොතිබෙයි.
මෙම ඥානයෙහි කිසිවක් ගැන අවධානයක් ඔබට එහිදි නොතිබෙයි. දේවතාවන්ට මෙන්ම ශුද්‍රයින්ට
ද මෙම ඥානය නොමැත. ඔය බ්‍රහමිණ්වරුන්ට පමණයි මෙම ඥානය තිබෙන්නේ. මෙම ඥානය
ආධ්‍යාත්මික ඥානයයි. කිසිම කෙනෙක් ආධ්‍යාත්මික, යන්නෙහි අරුත නොදනී. ඔවුන්
දර්ශනවාදයේ ආචාර්ය උපාධියක් ඇති අය, ගැන සඳහන් කරයි. ආධ්‍යාත්මික ඥානයේ ආචාර්ය
උපාධියක් ඇත්තේ පියාට පමණයි. පියාට ශල්‍යවෛද්‍යවරයා යැයි ද කියයි. මුනිවරු සහ
සන්යාසීන් ශල්‍යවෛද්‍යවරු නොවෙයි. වේද සහ ග්‍රන්ථ හදාරන අයට, වෛද්‍යවරු යැයි
නොකියයි. ඔවුන්ට එම නම්බු නාම ලබා දෙන නමුත්, ඇත්ත වශයෙන්ම ජීවාත්මයන්ට එන්නතක් ලබා
දෙන එක් ආධ්‍යාත්මික පියා පමණයි, ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරයා වන්නේ. එය භක්තියයි.
එබැවින් භක්තියේ වෛද්‍යවරුන්ට ඔබට ලබා දිය හැකි වන්නේ, ග්‍රන්ථ වල දැනුම පමණක්
බවත්, ඉන් කිසිම ප්‍රයෝජනයක් නොමැති බවත්, ඔබ ඔවුන්ට කිව යුතුයි. ඔබ අඛණ්ඩව පහළට ඇද
වැටෙයි, එබැවින් ඔවුන්ට වෛද්‍යවරු යැයි ආමන්ත්‍රණය කරන්නේ කෙසේද? වෛද්‍යවරු ඔබට
යහපතක් සිදු කළ යුතුයි. මෙම පියා, සදාතනික ඥානයේ ශල්‍යවෛද්‍යවරයාය. ඔබ යෝගා බලයෙන්
සදා නිරෝගී වෙයි. ඔය දරුවන් පමණයි මෙය දන්නේ! අන් අය මොනවද දන්නේ? ඔහුට සදාතනික
ශල්‍යවෛද්‍යවරයා යැයි කියයි. ජීවාත්ම වලින් දුර්ගුණ වල සියළු අපද්‍රව්‍ය ඉවත් කළ
හැකි බලය ඇත්තේ, පියාට පමණයි. ඔවුන්ව පිවිතුරු කර, ඔවුන්ට විමුක්තිය ලබා දිය හැක්කේ
ඔහුටම පමණයි. ඒකායන පියා පමණයි, සර්ව බලධාරි, පාරිශුද්ධකරුවා වන්නේ. කිසිම
මනුෂ්‍යයෙකුට සර්ව බලධාරි යැයි ආමන්ත්‍රණය නොකරයි. ඉතිං, පියා පෙන්වන බලය කුමක්ද?
ඔහු තමන්ගේම බලයෙන්, සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දෙයි. ඔහුට ආධ්‍යාත්මික ඥානාචාර්ය
යැයි කියයි. දර්ශනවාදයේ ආචාර්ය යැයි අමතන මනුෂ්‍යයින් බොහෝ දෙනෙක් සිටින නමුත්, එක්
ආධ්‍යාත්මික ආචාර්යවරයෙක් පමණයි සිටින්නේ. පියා දැන් පවසන්නේ තමන් ජීවාත්මයක් බව
සළකා, පියා වන මා සිහිපත් කර, පිවිතුරු වන්න. මා පැමිණියේ ලෝකය පිවිතුරු කිරීමටයි.
එබැවින් ඔබ අපවිත්‍ර වන්නේ ඇයි? පිවිතුරු වන්න! අපවිත්‍ර නොවන්න! ඔය සෑම
ජීවාත්මයකටම පියාගේ උපදේශය ලබා දී තිබේ තම පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, නෙළුම්
මලක් සේ පිවිතුරු වන්න. උපතේ සිටම පිවිතුරුව රැඳී සිටීමෙන්, ඔබ පිවිතුරු ලෝකයේ
අධිපතියන් බවට පත් වෙයි. ඔබ බොහෝ උපත් ගණනාවකම පාපයන් සිදු කරමින් සිටි අතර, දැන්
මා සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් පිළිස්සි යනු ඇත. පිවිතුරු ජීවාත්ම වාසය කරන්නේ
අශාරීරික ලෝකයේය. කිසිම අපවිත්‍ර කෙනෙකුට එහි යා නොහැක. අපට උගන්වන්නේ බාබා බව,
ඔබගේ බුද්ධියෙන් අනිවාර්යෙන්ම සිහි කළ යුතුයි. ශිෂ්‍යයෙක් කිසි විටෙක මෙසේ කියයිද?
මගේ ගුරුවරයාව සිහි කරන අන්දම මට කියා දෙන්න. සිහිපත් කිරීම ඉගැන්වීමට ඇති
අවශ්‍යතාවය කුමක්ද? කිසි කෙනෙක් මෙතැන (ගදීය මත) අසුන් ගෙන නොසිටියාට කම් නැත. ඔබ
කළ යුත්තේ පියා සිහිපත් කිරීම පමණයි. ඔබ දවස පුරාම ඔබගේ ව්‍යාපාරික කටයුතු වල
නියැලී සිටියි, එබැවින් ඔබට අමතක වෙයි. මේ නිසයි ඔබට මෙතැන අසුන් ගැනීමට සලස්වන්නේ.
අඩු තරමින් විනාඩි 10ක් හෝ 15ක් ඔවුන් සිහි කිරීමේ සිටියි. ඔබ සෑම දෙයක්ම කරන
අතරතුරදී වුවද, පියාව සිහිපත් කිරීමේ පුරුද්ද, ඔය දරුවන් තුළ ඇති කර ගත යුතුයි.
ඔබගේ ආදරවන්තයාව ඔබට මුණගැසෙන්නේ චක්‍ර්‍ර භාගයකට පසුවයි. ඔහු පවසන්නේ ජීවාත්මයෙන්
අපද්‍රව්‍ය ඉවත් වී, ඔබ ලෝකයේ පාලකයන් වීම සඳහා දැන් මා සිහිපත් කරන්න. එබැවින් ඔබ,
ඔහුව සිහි නොකරන්නේ මන්ද? විවාහ දින, මනාලියක් සහ ඇගේ මනාලයා අතර නූලක් ගැට ගසන
විට, ඔවුන් ඇයට කියන්නේ, ස්වාමියා ඇගේ ගුරු, ඇගේ දෙවියන් මෙන්ම ඇගේ සියළු දේම බවයි.
ඒ තිබියදී ඇය ඇගේ මිතුරන්, නෑදෑයින්, ගුරු ආදිය සිහිපත් කරයි. මෙය ශාරීරික සත්තාවන්
සිහි කිරීමයි. මෙම කෙනා සියළුම සැමියන්ගේ සැමියාය ඔබ ඔහු සිහි කළ යුතුයි. සමහරු
කියන්නේ ‘අපට හුදෙකලාවේ, යෝගාවේ අසුන් ගැනීමට කියා දෙන්න‘ නමුත් එමගින් කුමක්
සිදුවෙයිද? ඔබ මෙහි විනාඩි 10 ක් අසුන් ගෙන සිටියත්, ඔබ නිරන්තර සිහිකිරීමේ සිටිනවා
කියා සිතන්න එපා. භක්ති මාර්ගයේ ඔවුන් කවුරුන්ව හෝ වන්දනා කිරීමට අසුන් ගන්නා විට,
ඔවුන්ගේ බුද්ධිය බොහෝ සේ සැරිසරයි. දැඩි භක්තියේ යෙදෙන අයගේ එකම අභිප්‍රාය වන්නේ
දර්ශනයක් ලබා ගැනීමයි. ඔවුන්ට දර්ශනයක් ලැබීමට කෙතරම් මහත් ආශාවක් තිබේද යත්, ඔවුන්
එතැන අසුන් ගෙනම සිටියි. ඔවුන් එම ආශාවේ සිතිවිල්ලේ සම්පූර්ණ වශයෙන් ගිලී සිටින
අතර, ඔවුනට ඒ අනුව දර්ශනයක් ලබා දෙනු ඇත. මෙයට දැඩි භක්තිය යැයි කියනු ලබයි.
ඔවුන්ගේ භක්තිය, කන බොන අතර, එකිනෙකාව තමන්ගේ බුද්ධියේ තබා ගන්නා, ආදරවන්තයන්
දෙදෙනෙකුගේ භක්තිය මෙනි. එහි දුර්ගුණ පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. එය එකිනෙකාගේ ශරීර
වලට ඇති සෙනෙහසයි, එබැවින් ඔවුනට එකිනෙකා දෙස නොබලා සිටිය නොහැක. ඔහුව සිහිපත්
කිරීමෙන් ඔය දරුවන්ගේ පාපයන් දුරු වන බව, පියා ඔබට දැන් විස්තර කර දී තිබේ. බීජය
සිහිකිරීමෙන් ඔබට මුළු වෘක්ෂය මෙන්ම ඔබ උපත් 84ක් ගත් ආකාරය සිහිපත් කළ හැක. මෙය
විවිධ ආගම් වල වෘක්ෂයයි. භාරතය පෙර කල ස්වර්ණමය යුගයේ (Golden age) පැවති අතර එය
දැන් කලි යුගයේ (Iron age) පවතින බව, ඔබගේ බුද්ධියේ පමණක් තිබෙයි. මෙම ඉංග්‍රීසි
වචන ඉතාම හොඳයි ඒවායේ තේරුම ඉතා හොඳයි. ජීවාත්ම, රත්තරන් මෙන් වන අතර, පසුව ඒවා
තුළට අපද්‍රව්‍ය ඇතුළු වෙයි. ඒවා දැන් සම්පූර්ණයෙන් ව්‍යාජ බවට පත්ව තිබේ. ඒවාට කලි
යුගී යැයි කියයි. කලි යුගයේ ජීවාත්මයන්ගේ ආභරණද ඒ ආකාරයේමයි. පියා පවසන්නේ
පාරිශුද්ධකරුවා මමයි. එබැවින් නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න. ඔබ මට මෙසේ
කන්නලව් කරමින් සිටියා ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! මම සෑම චක්‍රයකදීම
පැමිණෙන්නේ ඔබට මෙම ක්‍රමය කියා දීමටයි මන්මනභව් සහ මධ්‍යජීභව්, එනම් දිව්‍යලෝකයේ
පාලකයන් වන්න. ඔබගෙන් ඇතැමෙක් පවසන්නේ, ඔබට යෝගාවේ බොහෝ සතුටක් ඇති නමුත් ඥානයෙහි
එතරම් සතුටක් නොමැති බවයි. ඔවුන් යෝගාවේ පමණක් සිට, පිටව යයි ඔවුන්ගේ කැමැත්ත
යෝගාවට පමණයි. ඔවුන් කියන්නේ මට අවශ්‍ය සාමය පමණයි. අච්චා. ඔබට ඕනෑම තැනක අසුන් ගෙන
පියා සිහිකළ හැකියි. ඔබ බාබා සිහි කිරීමෙන් සාම දේශයට යයි. ඒ සඳහා යෝගාව ඉගැන්වීම
පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට තිබෙන්නේ පියාව සිහිකිරීම පමණයි. තම මධ්‍යස්ථානයට ගොස්,
පැය භාගයක් හෝ විනාඩි 45 ක් සිහිපත් කිරීමේ අසුන් ගෙන සිටින බොහෝ දෙනෙක් සිටිති.
ඔවුන් පවසන්නේ මෙපමණයි මට ටික වෙලාවක් යෝගාවේ අසුන් ගෙන සිටීමට ඉඩ දෙන්න. එසේ
නොමැති නම් ඔවුන් කියන්නේ අපට යෝගාවේ අසුන් ගෙන සිටීමට බාබා වැඩසටහනක් දී තිබේ.
මෙහිදි, බාබා පවසන්නේ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර, සිහිපත් කිරීමේ සිටින්න.
කෙසේවෙතත්, සිහිපත් කිරීමේ නොසිටිනවාට වඩා, අසුන් ගෙන, සිහිපත් කිරීම හොඳයි. බාබා
ඔබට මෙසේ කිරීමට තහනම් කරන්නේ නැත. ඔබට අවශ්‍ය නම් මුළු රාත්‍රියේම අසුන් ගෙන සිටිය
හැක, කෙසේවෙතත්, රාත්‍රියේදී පමණක් ඔහුව සිහිකිරීමේ පුරුද්ද ඇති කර නොගත යුතුයි. ඔබ
සෑම දෙයක්ම කරන අතරතුරදීත් ඔහුව සිහි කිරීමේ පුරුද්ද ඇති කර ගත යුතුයි. ඔබ විශාල
උත්සාහයක් දැරිය යුත්තේ මෙයට පමණයි. බුද්ධිය නැවත නැවතත් වෙනත් දිශාවන් ඔසුසේ දිව
යයි. භක්ති මාර්ගයේදීද ඔවුන්ගේ බුද්ධිය එහෙ මෙහෙ දිව යන බැවින් ඔවුන් තමන්ව
කොනිත්තා ගනී. ඔහු (බාබා) කතා කරන්නේ සැබෑ බැතිමතුන් ගැනයි. එබැවින් මෙහිදීද ඔබ
තමන්ටම මෙසේ කතා කළ යුතුයි මම බාබාව සිහිපත් නොකළේ ඇයි? මා ඔහුව සිහි නොකරන්නේ නම්,
මා ලෝක අධිපතියෙකු වන්නේ කෙසේද? එම ආදරවන්තයින් එකිනෙකාගේ නමෙහි සහ රූපයේ සිරගත වී
සිටින අතර මෙහිදී ඔබ තමන් ජීවාත්මයක් බව සලකා, පියාව සිහිපත් කළ යුතුයි. ජීවාත්මය
වන මා, මෙම ශරීරයෙන් වෙන්ව සිටියි. ඔබ ශරිරයකට ඇතුළු වූ විට ඔබට ක්‍රියා කිරීමට
සිදු වෙයි. ඔබගෙන් බොහෝ දෙනෙක් තමන්ට දර්ශනයක් දැකීමට අවශ්‍ය බව කියයි. ඔබ කුමක
දර්ශනයක්ද දකින්නේ? එය තිතක් පමණයි. අච්චා, සමහරු පවසන්නේ ඔවුන්ට ක්‍රිෂ්ණාගේ
දර්ශනයක් දැකීමට අවශ්‍ය බවයි. ක්‍රිෂ්ණාගේ ප්‍රතිමා තිබේ. ජීවමාන නොවන දේ ඔබ ජීවමාන
ස්වරූපයකින් දකිනු ඇත. එහි ඇති ළුල ප්‍රයෝජනය කුමක්ද? දර්ශන දැකීමෙන් ඇති
ප්‍රයෝජනයක් නැත. ඔය ජීව සත්තාවන් පියා සිහිපත් කරන විට පිවිතුරු වෙයි. නාරායන්ගේ
දර්ශනයක් දැකීමෙන්ම පමණක් ඔබ නාරායන් මෙන් වන්නේ නැත. ඔබගේ අරමුණ සහ ඉලක්කය වන්නේ
ලක‍්ෂ්මි හෝ නාරායන් මෙන් වීමට බව ඔබ දන්නවා. කෙසේවෙතත්, ඉගෙන නොගෙන ඔබට ඔවුන් මෙන්
විය නොහැක. ඔබ ඉගෙන ගැනීමෙන් දක්ෂ වනවා. පළමුවෙන්ම ඔබගේ පුරවැසියන් නිර්මාණය
කරගන්න, ඉන්පසුව ඔබට ලක‍්ෂ්මි හෝ නාරායන් මෙන් විය හැක. මෙයට උත්සාහ දැරීම අවශ්‍ය
වනවා. ධර්මරාජ්ගෙන් දඬුවම් නොලැබීමට නම්, ඔබ ගෞරව සම්මාන සහිතව සමත් විය යුතුයි.
මෙම විශේෂ දරුවා සිටින්නේ ද ඔබ සමඟයි. ඔහුද පවසන්නේ ඔබට ඉතා ඉක්මණින් මට ඉදිරියෙන්
යා හැක. බාබා මත විශාල බරක් තිබේ. ඔහු දවස පුරාම බොහෝ දේ ගැන සිතා බැලිය යුතු වනවා.
ඔබට තරම් බාබාව සිහිපත් කිරීමට මට නොහැක. ආහාර ගන්නා වෙලාවට, මා ටිකක් ඔහු සිහිපත්
කිරීමට පටන් ගන්න නමුත් ඉන්පසුව අමතක වෙනවා. විටෙක මා සිතනවා, බාබා සමඟ මා
ඇවිදින්නට යා යුතු බව. එවිට, ඇවිදින අතරතුර මට අමතක වනවා. මෙම සිහි කිරීම බොහෝ
ලිස්සන සුළු දෙයකි. සිහි කිරීම නැවත නැවතත් ලිස්සා යයි. මේ සඳහා ඔබ විශාල උත්සාහයක්
දැරිය යුතුයි. සිහිපත් කිරීම තුළින් පමණයි ජීව සත්තාවන් පිවිතුරු වන්නේ. ඔබ බොහෝ
දෙනෙකුට උගන්වන්නේ නම්, ඔබ උසස් තත්ත්වයක් ලබා ගනු ඇත. මෙම ඥානය හොඳින් වටහා ගන්නා
අයට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට හැකි වෙයි. ප්‍රදර්ශන වලදී බොහෝ පුරවැසියන්
නිර්මාණය වනවා. ඔබගෙන් සෑම කෙනෙකුටම මිනිසුන් සිය දහසකට සේවය කළ හැකි වෙයි, එබැවින්
ඔබගේ අභ්‍යන්තර අවධිය ඒ අනුව විය යුතුයි. ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ විට,
ඔබගේ සිරුර මෙහි තව දුරටත් නොරැඳෙයි. ඔබ ඉදිරියට යත්ම, යුද්ධ වැඩි වන බව ඔබට
වැටහෙයි, එවිට බොහෝ මිනිසුන් ඔබ වෙතට දිගින් දිගටම පැමිණෙයි. ඔබගේ ප්‍රශංසාව එන්න
එන්නම වැඩිවෙයි. අවසානයේදී සන්යාසීන්ද පැමිණෙයි ඔවුන් පියා සිහිකිරීමට පටන් ගනීවි.
ඔවුන් විමුක්ති දේශයට යාමේ චරිත කොටස් රඟපානු ඇත. ඔවුන් මෙම ඥානය නොගනී. කෙසේවෙතත්,
ඔබගේ පණිඩිඩය සියළුම ජීවාත්මයන්ට ලැබිය යුතුයි. පුවත්පත් හරහා බොහෝ දෙනෙකුට මේ ගැන
දැන ගන්නට ලැබෙයි. ගම් බොහොමයක් තිබේ එහි සිටින සෑම කෙනෙකුටමද ඔබ පණිවිඩය ලබා දිය
යුතුයි. ඔබලා ශාස්තෘවරු මෙන්ම පණිවුඩකරුවන්ය. පියා හැර අන් කිසිවෙකු පාරිශුද්ධකරුවා
නොවෙයි. ආගමික ශාස්තෘවරු කිසි කෙනෙක්ව පාරිශුද්ධත්වයට පත් නොකරයි. ඔවුන්ගේ ආගම්
ව්‍යාප්ත විය යුතුයි. එබැවින් ඔවුන් කෙනෙකුට නිවසට මාර්ගය පෙන්වන්නේ කෙසේද? සියළු
දෙනාටම විමුක්තිය පිරිනමන්නා වන්නේ ඒකායන කෙනා පමණයි. ඔය දරුවන් අනිවාර්යෙන්ම
පිවිතුරු විය යුතුයි. පිවිතුරුව රැඳී නොසිටින බොහෝ දෙනෙක් සිටිති. විශාලතම සතුරා
වන්නේ රාගයයි. මේ මගින් හොඳ දරුවන්ද පහළට ඇද වැටෙයි. නරක ද්‍රිෂ්ඨිය ද රාගයේ
සලකුණකි. රාගය ඉතා විශාල යක්ෂයෙකි. පියා පවසන්නේ මෙය ජයගන්න, එවිට ඔබ ලොව ජයගනීවි.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ක්‍රියාවන්
සිදුකරන අතර, සිහිපත් කිරීමේ සිටීමේ පුරුද්ද ඇති කරගන්න. පියා සමඟ ආපසු නිවසට යාමට
සහ ඉන්පසුව පිවිතුරු නව ලෝකයේ පාලකයන් වීමට, ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි.
2. උසස් තත්ත්වයක්
හිමිකර ගැනීම සඳහා, ඔබ බොහෝ දෙනෙකුට සේවය කළ යුතුයි; ඔබ බොහෝ දෙනෙකුට ඉගැන්විය
යුතුයි. පණිවිඩකරුවන් වී, සෑම කෙනෙකුටම මෙම පණිවිඩය ලබා දෙන්න.
වරදානය:
ඔබ ස්නේහයේ
ඇකයේ හිදිමින් සම්පූර්ණ අභ්‍යන්තර සතුට සහ සියලු බල අත්විඳින නිවැරදි උත්සාහයක
නියැලෙන්නෙකු වේවා.
සැබෑ උත්සාහය දරන්නන්
වෙහෙස මහන්සි වී වැඩ කිරීම හෝ වෙහෙස තිබිය දී නිරන්තරව සෙනෙහසින් කුල්මත් වී සිටීම
අත්විඳින්නේ නැත. කැප වීම නිසා, ඔවුන්ගේ සිතිවිලි තුළ පවා, ඔවුන් අත්විඳින්නේ
බාප්දාදා විසින් තමන්ව චලනය කිරීමට සැලැස්වීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ පාද
වලින් නොව, සෙනෙහසේ ඇකයහි ගමන් කිරීමයි. සෙනෙහසේ ඇකයෙහි සියලු ලැබීම් අත්විඳීම
නිසා, ඔවුන් හුදෙක් ගමන් කරනවා පමණක් නොවෙයි, නමුත් ඔවුන් සතුට, අභ්‍යන්තර ප්‍රීතිය
සහ සියලු බල වල අත්දැකීම් තුළ නිරන්තරයෙන් පියාසර කරති.
පාඨය:
ඔබේ ශ්‍රද්ධා
විශ්වාසයේ පදනම ස්ථිර වූ විට, ඔබ ස්වභාවිකවම ඔබේ ජීවිතය උසස් ජීවිතයක් ලෙස
අත්විඳියි.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
විවිධත්වය තුළ
එකමුතුකම: බොහෝ රටවල්, බොහෝ භාෂා සහ බොහෝ පාට තිබෙන නමුත්, විවිධත්වයක් තිබෙන
නමුත්, ප්‍රායෝගිකව සියලු දෙනාගේ හදවත් තුළ එකමුතුකම තිබිය යුතුයි, මන්ද, සියලු
දෙනාගේ හදවත තුළ සිටින්නේ එක පියා වන අතර ඔබ සියලු දෙනාම අනුගමනය කරන්නේ එකම
ශ්‍රීමත්ය. ඔබට බොහෝ භාෂා තිබෙන නමුත් ඔබගේ හදවත් තුළ ඇති ගීතය සහ ඔබගේ හදවත තුළ
භාෂාව එකයි.