07.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ආදී සනාතන නාටකය පෙර නියම වූවකි. සිදුවෙමින් ඇති සියලු දසුන් චක්‍රයකින් පසු නැවතත් එලෙසම සිදු වෙයි. එමනිසා, සැම විට සැහැල්ලුවෙන් සිටින්න.

ප්‍රශ්නය:
දැන් මෙම ලෝකය තමෝප්‍රධාන් තත්ත්වයට පැමිණ ඇති බව පෙන්වන ලකුණු මොනවාද?

පිළිතුර:
දවසින් දවසම දිගින් දිගටම නොයෙකුත් ව්‍යසන සිදුවෙමින් කලබල ඇති වෙයි. සොරු මිනිසුන්ට පහර දී සියල්ල කොල්ලකයි. අකල් වැසි මඟින් බොහෝ හානි සිදු වේ. මේ සියලු ලකුණු වලින් පෙන්නුම් කරන්නේ ලෝකය තමෝප්‍රධාන් වී ඇති බවයි. එයින් දිගටම දුක ඇති වේ. ඔබ දරුවන් නාටකයේ රහස දනී. ඒ නිසා ඔබ කියන්නේ මෙය අළුත් යමක් නොවේ කියාය.

ඕම් ශාන්ති.
දැන් ඔබ දරුවන්ව ඥාන වැස්සෙන් නැහැවෙයි. දැන් ඔබ සැම සිටින්නේ සංගම යුගයේය. අන් සියලු මිනිසුන් සිටින්නේ කලි යුගයේය. වර්තමානයේ, ලොව මිනිසුන්ට විවිධ මතිමතාන්තර ඇත. ඔබ දරුවන්ට ඇත්තේ එකම දිශාවක් වෙත යොමු වීමකි. ඔබට උපදෙස් ලැබෙන්නේ එකම එක පරමාත්ම දෙවියන්ගෙන් පමණි. භක්ති මාර්ගයේ මිනිසුන් විවිධ පුද පූජා, වන්දනා ගමන් ආදියේ යෙදෙයි. ඔවුන් සිතන්නේ සත්‍ය දෙවියන් හමු වන්නේ එසේ කියාය. ඔවුන් කියන්නේ සත්‍යය ලැබිය හැකි මඟ භක්තියෙන් කියාය. එම නිසයි ඔවුන් විවිධ භක්ති කටයුතු කරනුයේ. ඔවුන්ගේ විශ්වාසය ඔවුන් අනාදිමත් කාලයක සිට භක්තියේ යෙදෙන බවයි. ඔවුන් සිතන්නේ නියතයෙන්ම එය හමු වන බවත් දෙවියන් කුමන හෝ ස්වරූපයකින් දැකිය හැකි බවත්ය. ඔහු කුමක් කරයිද? ඔහු සැමට ගැලවීම ලබා දෙන්නා නිසා නියතයෙන්ම විමුක්තිය ලබා දෙනු ඇත කියාය. ඔහු පාරිශුද්ධ කරුවානන්, ඥාන සාගරය ආදී ලෙසින් වර්ණනා කළත් ඔහු එන්නේ කෙසේ ද, කවදාද, ඔහු කවුද කියා කිසිවෙක් නොදනී. විමුක්තිය ඇත්තේ ඥානය තුළින් පමණි. අප අශරීරික ජීවාත්ම සත්ථාවන් වන්නා සේම පරමාත්ම දෙවියන්ද අශරීරික බව ඔවුන් දනී. ඉක්බිතිව අප ශරීර ගනී. අපි උත්තරීතර දනව්වේ පියා සමඟ වසමු. අප මෙහි නිවැසියන් නොවේ. ඔවුන් හරියටම ආදීතම ලෙස සිටිනා තැන කීමට නොදනී. ඔවුන් දෙව්ලොව යන බව සිතතත් කිසිවෙකුට කෙලින්ම දෙව්ලොව යා නොහැකියි. සමහරු කියන්නේ ඔවුන් සදාතන ආලෝකය තුළ ගිලෙන බවයි. එයද සාවද්‍යය. ඉන් කියැවෙන්නේ ජීවාත්ම සත්ථාවන් විනාශ වන බවයි. සදාකාලික විමුක්තියක් (මෝක‍්ෂය) තිබිය නොහැක. සදාතන පූර්ව නියමිත නාටකයක් ගැන කියැවෙන අතර ඉන් පෙන්නුම් කෙරෙන්නේ චක්‍රය දිගටම කරකැවෙමින් ඇති බවයි. ඉතිහාසයත් භූගෝලයත් දිගටම නැවත සිදුවෙයි. කොහොමනමුත්, ඒ කෙසේ වන්නේ දැයි ඔවුන් නොදනී. ඔවුන් චක්‍රය ද දෙවියන් ද ගැන නොදනී. එතරම්ම ඔවුන් භක්ති මාර්ගයේ රස්තියාදු වෙයි. ඔබ දන්නවා දෙවියන් කවුද කියා. ඔබ ඔහුට කියන්නේ ‘පියා‘ කියාය. එමනිසා, අප එක් එක් කෙනෙකුට භෞතික පියෙක් සිටිත්දීත් අප සිහිකරන්නේ අර එකම කෙනා හෙයින් බුද්ධිය තුළට ඇතුළු වන්නේ පියවරුන් දෙදෙනෙකු සිටින බවය - ලෞකික (මෙලොව තුළ) සහ පාරලෞකික (මෙලොවින් එහා) වශයෙනි. එම පාරලෞකික පියා හමුවීම සඳහා ඔවුන් බොහෝ සේ භක්ති කටයුතු සිදු කරයි. ඔහු වසන්නේ පාරලෞකිකව (මෙලොවින් එහා) ය. නියතයෙන්ම අශරීරික ලෝකයක් ඇත. ඔබ හොඳින්ම දන්නවා මිනිසුන් සිදු කරන සියලු දේ භක්ති මාර්ගයට අයත් බව. රාවණ් රාජ්‍යයේ දිගටම තිබෙන්නේ එකම භක්ති මාර්ගයම පමණි. එහි කිසිඳු ආධ්‍යාත්මික ඥානයක් තිබිය නොහැකිය. භක්තියෙන් ගැලවීමක් කිසිසේත්ම ලැබෙන්නේ නැත. මිනිසුන් සිහි කරන්නේ ගැලවීම ලබා දෙන පියාය. එමනිසා, ඔහු යම් විටෙක පැමිණ ගැලවීම ලබා දී ඇති බව නිසැකය. ඔබ දන්නවා මේ ලෝකය මුළුමනින්ම තමෝප්‍රධාන් බව. කලෙක එය සතෝප්‍රධාන් ව තිබිණ. දැන් එය තමෝප්‍රධාන්ය. බොහෝ ව්‍යසනයන් දිගටම සිදු වෙමින් ඇත. බොහෝ කලබල ද සියල්ල කොල්ල කන සොරු ද සිටිනු ඇත. මිනිසුන්ට පහර දී මුදල් කොල්ලකෑම් කරයි. ඔවුන් විවිධ ඖෂධ වර්ග යොදා මිනිසුන් සිහියෙන් තොර කරයි. මේ රාවණ් රාජ්‍යයයි. මෙය විශාල අසීමිත නාටකයයි. මුළු චක්‍රය වටා යාමට අවුරුදු 5000 ක් ගත වෙයි. නාටකයක් චිත්‍රපටයක් මෙනි. මෙයට නාටකයක් යැයි නොකියැ වේ. නාටකයක නළුවෙක් අසනීප වන කළ ඔහු වෙනුවට කෙනෙක් දැමිය හැකි වන නමුත් මෙහිදී එය සිදු කළ නොහැක. මෙම නාටකය සදාතනිකයි. එනම්, කෙනෙක් අසනීප වූ විට, ඔහුට එසේ අසනීප වීම නාටකයේ නියමිත බව කියැවෙයි. මෙම නාටකය සදාතනිකව දෛවෝපගත වූවකි. එකම නළුවන් චක්‍රයේ නැවත එයි. දැන් වැසි වැටෙමින් තිබෙනවා සේම නැවත චක්‍රයේ එම අවස්ථාවේදී ම වැස්ස වැටෙනවා ඇත. එසේ වනවා සේම එම ව්‍යසන ද එසේ ම සිදු වෙනවා ඇත. ඔබ දන්නවා මෙම ඥාන වැස්ස හැම කෙනෙකුටම නොවැටෙන බව. කොහොමනමුත්, ඥාන සාගරය වන ඔබේ පියා පැමිණ ඇති පණිවුඩය නියතයෙන්ම සෑම කෙනෙක් මතටම පතිත වනු ඇත. ඔබේ ප්‍රධාන විෂය යෝගාවයි. මෙම ඥාන වැස්ස ඔබට පමණක් වසින නමුත් අනෙක් භෞතික වැස්ස මුළු ලොවටම වසී. ඔබේ යෝගාවෙන් නිරතුරු සාමය ලැබේ. ඔබ සැමටම කියන්නේ දෙව්ලොව ස්ථාපනය කිරීම සඳහා පරමාත්ම දෙවියන් පැමිණ ඇති බවයි. එසේ වුවත්, බොහෝ අය කියන්නේ ඔවුන් දෙවියන් කියාය. ඉතින් ඔබ විසින් කාව විශ්වාස කරන්නද? මේ නිසයි පියා කියන්නේ බොහෝ අය අතරින් ඉතා ටික දෙනෙක් මතු වන බව. ඔබ අතරද පියා වන දෙවියන් පැමිණ ඇති බව තේරුම් ගන්නේ අනුපිළිවෙලින් ටික දෙනෙක් පමණි. ඔබ පියාගෙන් උරුමය ලබා ගත යුතුමයි. පියා විස්තර කර දී තිබෙනවා ඔබ කෙසේ පියා සිහිකළ යුතුද කියා. ඔබ ජීවාත්ම සත්ථාවක් බව සළකන්න. මිනිසුන් ශරීර අවධානයට පත් වී ඇත. පියා මෙසේ කියයි : මනුෂ්‍ය ජීව සත්ථාවන් සියලු දෙනාම අපිරිසිඳු තත්ත්වයට පත් වූ කල මම එමි. ඔබ එතරම්ම තමෝප්‍රධාන් බවට පත් වී ඇත! මා දැන් පැමිණ ඇත්තේ ඔබව සතෝප්‍රධාන් කිරීමටයි. කලින් පසුගිය චක්‍රයේ ද පැමිණ ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වූයේ කෙසේ ද කියා මා විස්තර කළා. මා සිහිකරන්න. එපමණයි! මා පැමිණියේ මා පිළිබඳවත් නිර්මාණය පිළිබඳවත් හඳුන්වා දීමටයි. රාවණ් රාජ්‍යයේ හැම කෙනෙකුම පියාව සිහි කරයි. ජීවාත්ම සත්ථාවන් ඔවුන්ගේ පියා සිහිකරයි. පියා අශරීරිකයි. ඔහු තිතකි. ඔහුට නමක් ද ඇත. ඔබ සැලිග්‍රෑම් යනුවෙන්ද පියා ශිවා යන නමින්ද හැඳින්වේ. නම් දී ඇත්තේ ඔබ දරුවන්ගේ ශරීර වලට වන අතර පියා උත්තරීතර ජීවාත්ම සත්ථාවයි. ඔහු ශරීරයක් ගත යුතුව නැත. ඔහු මොහු තුළට පැමිණ ඇත. මෙය බ්‍රහ්මාගේ ශරීරයයි. එයට නොවේ ශිවා යනුවෙන් හඳුන්වන්නේ. ඔබේ නම ජීවාත්ම සත්ථාව වන අතර ඔබ ශරීරයක් තුළට පැමිණෙයි. පරමාත්මය සියලු ජීවාත්ම සත්ථාවන්ගේ පියාය. එමනිසා, සෑම කෙනෙකුටම පියවරුන් දෙදෙනෙක් සිටී; අශරීරික සහ ශාරීරික ආදී වශයෙනි. එවිට මොහුට කියන්නේ අලෞකික සොඳුරු පියාය. දරුවන් බොහෝ සිටී. ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරීන් සහ කුමාරවරු බොහෝ සිටිනා නිසා මිනිසුන්ට මෙය තේරුම් ගත නොහැකිව තිබේ. ඔවුන්ට මෙය කුමනාකාරයේ ආගමක් දැයි තේරුම් ගත නොහැකිව ඇත. ඔබ දන්නවා ‘කුමාර හා කුමාරීන්‘ යන පද පවුල් මාර්ගයට අයත් බව. දෙමව්පියන්ද, පුතුන් හා දූවරුන්ද සිටී. භක්ති මාර්ගයේ දී ඔහු මෙසේ සිහි කෙරේ : මට මවත් ඔබයි පියාත් ඔබයි. ඔබ දැන් මව සහ පියා ලබා ඇති අතර ඔහු ඔබව හදා වඩා ගනී. සත් යුගයේ දී හදාවඩා ගන්නා කෙනෙක් නැත. එවැනි සඳහනක් නොකෙරේ. එම වචන ඇත්තේ මෙහිය. අන් පියවරු සීමිත වන අතර අර එකම කෙනා අසීමිත පියාය. මෙය අසීමිත හදාවඩා ගැනීමකි. මෙය ගැඹුරු රහසක් වන අතර තේරුම් ගැනීමට වටී. ඔබ කිසිවෙකුට කිසිවක් ගැන සම්පූර්ණ විස්තරය නොදේ. යම් විටෙක කෙනෙක් පළමු වරට මෙහි පැමිණ අප ගුරු දැකිය හැකි දැයි ඇසුව හොත් ඔහුට මෙසේ කියන්න: මෙය සිද්ධස්ථානයක් නොවේ. බලන්න දැන්වීම් පුවරුව දිහා. මෙහි ඇත්තේ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් ය. ඔවුන් සැවොම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ය. ඔබත් ඉන් කෙනෙකි. පරමාත්ම දෙවියන් ලෝකය නිර්මාණය කරන අතර ඔහු අපවද බ්‍රහ්මාගේ මුව කමල තුළින් නිර්මාණය කරයි. අප නව ලෝකයට අයත් වන අතර ඔබ අයත් වන්නේ වියපත් ලෝකයටයි. මෙම සංගම් යුගයේ දීයි අපව නව ලෝකයට අයත් වීම සිදු කෙරෙන්නේ. අන්තිම ඉහළ මනුෂ්‍යයින් බවට පත් වීමේ යුගය මෙයයි. ඔබ සංගම් යුගයේ සිටින අතර අන් සැම කෙනෙක්ම සිටින්නේ කළි යුගය තුළය. එය හරියටම බෙදා වෙන් කිරීමක් සේය. බලන්න දැන් බෙදා වෙන් කිරීම කොපමණද කියා! හැම ආගමික නායකයෙකුටම අවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ මිනිසුන් තබා ගනිමින් සම වූවන් හා අන් හැම කෙනෙක්ම ඔවුන්ගේ ආගම තුළ සතුටින් සිටීමටත් කිසිවෙක් රාජ්‍යයෙන් පිට නොවීමටත් ය. ඉස්සර, රජෙකුට ඔහුගේ වැසියන්ට අයිතිවාසිකමක් තිබුණි. රජ සැළකුවේ දෙමව්පියන් ලෙසත් ආහාර සපයන්නා ලෙසත්ය. තව දුරටත් එවැනි රජවරු රැජිණියන් නැත. හැම එකක්ම කැබලි වලට වෙන් වී ඇත. එතරම්ම ව්‍යසන සහ කලබල ඇත. හදිසි ගං වතුර සහ භූමිකම්පා සිදු වේ. මේ සියල්ල දුකින් මරණයට පත් වීමකි. ඔබ බ්‍රහ්මිණ්වරු පමණයි තේරුම් ගෙන සිටින්නේ සැවොම සොයුරන් බව. එමනිසා, ඔබ එකිනෙකා වෙත කිරි පැණි ලෙස ස්නේහයෙන් සිටිය යුතුයි. ඔබ එකම පියාගේ දරුවන්ය. එමනිසා, ඔබ අතර බොහෝ සෙයින් සෙනෙහස තිබිය යුතුයි. නියත සතුරන් වන බැටළුවා සහ සිංහයා රාම රාජ්‍යයේ දී එකම දියකඩකින් වතුර බොයි. මෙහි දැන් සෑම ගෙදරකම ඇත්තේ සන්ඩු සරුවල්ය. ජාතීන් අතර යුද්ධ ඇත. ඔවුන් අතරම වුවත් ඇතුළත කණ්ඩායම් අතරේද පරස්පර අදහස් ඇතිව ඔවුනොවුන් අතරම සටන් ඇතිවේ. ඔබ දැන් දන්නවා පියාගෙන් ඔබේ උරුමය බොහෝ වතාවක් ලබා ගත් බවත් ඉනික්බිතිව අහිමි කරගත් බවත්. එනම්, ඔබ රාවණ් ජය ගත්තත් නැවත ඔහු වෙතින් පරාජය ලබයි. අපි ලොව හිමිකරුවන් වන්නේ එකම පියාගේ ශ්‍රීමත් පිළිපැදීමෙනි. ඒ නිසයි ඔහුව ඉහළම ඉහළ දෙවියන් යනුවෙන් හඳුන්වන්නේ. ඔහුට කියන්නේ සැමටම සතුට දානය කරන්නා සහ දුක නිවන්නා කියාය. ඔහු දැන් සතුට කරා යන මාර්ගය පෙන්වමින් සිටී. ඔබ දරුවන් එකිනෙකා කිරි පැණි සේ සිටිය යුතුයි. ලෝකයේ මිනිසුන් ලුණුයි වතුරයි සේය. එකිනෙකා මරාගැනීමට වැඩි වේලාවක් නොයයි. ඔබ දරුවන් දේව දරුවන් වන අතර කිරියි පැණියි සේ විය යුතුය. පරමාත්ම දෙවියන්ගේ දරුවන් වන ඔබ දෙවි දේවතාවන්ටත් වඩා උසස්ය. එතරම්ම ඔබ පරමාත්ම පියාගේ උදව්කරුවන් බවට පත් වී ඇත. මිනිසුන් උසස් කිරීම සඳහා ඔබ ඔහුට උදව් වේ. එමනිසා, ඔබ හදවතින් දත යුතුයි ඔබද ඉතා උසස් මිනිසුන් බව. ඔබ තුළ දිව්‍යමය ගුණාංග තිබේද? යක‍්ෂ පුරුදු තිබෙන කෙනෙක්ව පියාගේ දරුවෙක් යැයි සැලකිය නොහැක. මේ නිසයි කියනුයේ සත් ගුරුට අවමන් කරන්නෙකුට අවසන් අරමුණ කරා යා නොහැකි බව. කලියුග ගුරුන් මිනිසුන්ට මෙය කියමින් බිය වද්දයි. එමනිසා, පියා ඔබ දරුවන්ට මෙසේ විස්තර කරයි : හොඳ වටිනා දරුවන් වන්නේ පියාගේ නම බබලවමින් කිරි පැණි සේ සිටින අයයි. බාබා සැම විට කියන්නේ මෙසේ ය : කිරියි පැණියි සේ සිටින්න. සටන් කරමින් ලුණුයි වතුරයි සේ නොවන්න. මෙහිදී තමයි ඔබ එසේ කිරි පැණි බවට පත් විය යුත්තේ. ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවන් නිසා එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහෙවන්ත විය යුතුයි. හැම කෙනෙක්ම ඔහුව සිහි කරන්නේ ඉහළම ආදරවන්තයා දෙවියන් බව නිසාය. එමනිසා, ඔබ එකිනෙකා බොහෝ ආදරවන්ත විය යුතුයි. එසේ නොවුනිනම්, ඔබ පියාගේ නම්බුව නැසුවා වෙයි. දෙවියන්ගේ දරුවන් ලුණුයි වතුරයි සේ විය හැක්කේ කෙසේද? ඔවුන් ඉහළ මට්ටමක් ලබන්නේ කෙසේද? පියා මෙසේ කියයි : එකිනෙකා කිරිපැණි සේ වසන්න. ලුණුයි වතුරයි සේ සිටියොත් ගුණාංග උකහා ගැනීමට නොහැකි වෙයි. ඉතින් ඔබ පියාගේ උපදෙස් නොපිළිපැද්දොත් ඉහළ තත්ත්වයක් ලබන්නේ කෙසේද? ශරීර අවධානයට පත් වීම මඟින් ඔබ එකිනෙකා අතර සටන් වදියි. ඔබ ජීවාත්ම සත්ථා අවධානයෙන් නම් ගැටුම් තිබිය නොහැකියි. ඔබට දේව පියාණන් මුණ ගැසී ඇති නිසා දිව්‍ය ගුණාංග උකහා ගත යුතුමයි. ඔබ ජීවාත්ම සත්ථාවන් පියා හා සමාන විය යුතුමයි. පරම පියා වෙත පාරිශුද්ධිය, සතුට හා සෙනෙහස තිබෙනවා මෙන් ඔබද එසේ ම විය යුතුයි. නැත්නම් ඔබට උසස් තත්ත්වයක් නොලැබෙනු ඇත. පියා සමඟ ඉගෙන, ඉහළ තත්ත්වයක් ලබන්න. බොහෝ අයට යහපත කරන අයට රජුන් රැජිණියන් බවට පත් විය හැකියි. අන් සැවොම දැසි දස්සන් බවට පත් වී යයි. ඔබට ම ඔබ කවුරු සේ වන්නේ දැයි තේරුම් ගත හැකියි. හොඳින් ඉගෙන ගන්නා කෙනෙකුට තේරුම් ගත හැකියි ඊට අනුරූපව ඔහු බාබාගේ නම බබලවන අකාරය. දේව දරුවන් බොහෝ ආදරවන්ත විය යුතුවා සේම ඔවුන් දකින හැම කෙනෙක්ම සතුටට පත් වෙයි. බාබාටද ඔවුන් ඉතා මිහිරි වෙයි. සියල්ලට ප්‍රථම කෙනෙකුගේ ගෙදර හදාගත යුතුයි - පළමුව පවුල ඊළඟට අන් අය. ඔබ ගෘහස්ථව සිටින අතරම නෙළුම් මලක් සේ පිරිසිඳුව සහ කිරි පැණි සේ එකට සිටිය යුතුයි. ඔබව දකින ඕනෑම කෙනෙක් මෙසේ කියයි: අහා මෙන්න දෙව්ලොව! ඥානය ලැබීමට පෙර බාබා එවැනි පවුල් දැක ඇත. විවාහක පුතුන් හය හත් දෙනෙක් එකම පවුලක් සේ, උදේ රැයින් අවදිව භක්ති කටයුතු වල යෙදේ. නිවස තුළ ඉහළම සාමය තිබුණි. ඔබ දේව පවුලට අයත්ය. හංසයින්ටත් පාත්තයින්ටත් එකට ජීවත් විය නොහැක. ඔබ හංසයින් බවට පත් වී ඔබ ලුණුයි වතුරයි සේ වුණොත් බාබා නොසතුටු වෙයි, නොකැමති වෙයි. පියා මෙසේ කියයි : ඔබ මගේ නම බොහෝ සෙයින් කෙලෙසා ඇත! ඔබ කිරි පැණි සේ නොසිටියොත් දෙව්ලොව දී ඉහළ තැනක් ලැබෙන්නේ නැත. බොහෝ දඬුවම් විඳීමට සිදු වෙයි. පියාට අයත් වීමෙන් පසුව ඔබ ලුණුයි වතුරයි සේ වුවොත් ඔබට සිය දහස් වාර දඬුවම් ලැබී ඔබට ලැබෙනා තත්ත්වය ගැන දර්ශන ද ලැබෙනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවන් වන හෙයින් ඔබ වඩාත් ආදරවන්ත විය යුතු බව කෙරෙහි සැම විට අවධානයෙන් සිටින්න. ලුණුයි වතුරයි සේ නොවන්න. පළමුව ඔබ හැදී අන් අයටද හැදෙන්නට ඉගැන්වීම් ලබා දෙන්න.

2. පියා පාරිශුද්ධිය, සතුට, සෙනෙහස සහ සියලු ගුණාංග වලින් යුතුවා සේම ඔබ ද පියා හා සමාන විය යුතුය. සත්ගුරුට නිග්‍රහ වන කිසිවක් නොකරන්න. ඔබේ හැසිරීමෙන් පියා ගේ නම බබළවන්න.

වරදානය:
පරම පියාව සහ ඔබගේ ලැබීම්, ඔබගේ අවධානයේ තබා ගැනීමෙන්, සෑම විටම එඩිතරකම සහ උද්යෝගය ඇතිව, ඔබ නිරන්තරයෙන් ස්ථාවරව සහ නොසැලි සිටිත්වා.

ඔබගේ උපතේ සිට පියාගෙන් ඔබට ලැබී ඇති සියලු ලැබීම් වල ලැයිස්තුවක් ඔබ ඉදිරියේ නිරතුරුවම තබාගන්න. ඔබගේ ලැබීම් වලට ස්ථිර වීමට සහ නොසැලී තිබීමට නම්, ඔබගේ එඩිතරකම සහ උද්යෝගයත් නොසැලී තිබිය යුතුයි. නොසැලී තිබෙනවා වෙනුවට ඔබගේ මනස විටෙක දගකාරකම් කරන්නේ නම් හෝ ඔබගේ මනෝ ස්ථිතියේ යම් දගකාරකමක් ඇත්නම්, එයට හේතුව වන්නේ ඔබ පරම පියාව සහ ඔබගේ ලැබීම් ඔබ ඉදිරියේ නිරන්තරයෙන් නොතැබීමයි. සියලු ලැබීම් වල අත්දැකීම නිරන්තරයෙන් ඔබ ඉදිරියේ සහ ඔබගේ අවධානයේ තිබෙන විට, සියලු බාධක අවසන් වී, ඔබට නව උනන්දුවක් සහ උද්යෝගයක් ඇති වී, ඔබගේ ස්ථිතිය නිරන්තර සහ නොසැලී තිබෙයි.

පාඨය:
ඕනෑම ආකාරයක සේවයක් සිදු කරන විට, නිරතුරුව තෘප්තිමත්ව රැදී සිටීම යනු හොද ලකුණු හිමිකර ගැනීමයි.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

ඔය බ්‍රහ්මින් දරුවෝ බොහෝ රාජකීයයි. අන් අය ඔබගේ මුහුණින් සහ හැසිරීමෙන් ඔබගේ ආචාරශීලිත්වය සහ අවංකකම අත්විදිය යුතුයි. රාජකීය ජීවාත්ම ආචාරශීලි බවේ දෙවගනන් බව කියයි. ඔවුන් කතා කරන පිළිවෙල, අන් අයට ගරු කරන අන්දම, ඇවිදින, කන බොන සහ සිදු කරන සෑම ක්‍රියාවක්ම ඔවුන්ගේ ස්වාභාවික ආචාරශීලී බව සහ අවංකකම හෙළිදරව් කරයි. ඔබ සත්‍යය ඔප්පු කිරීමට පිවිසෙන නමුත් ඔබට කිසිම ආචාරශීලී බවක් නොතිබීම සිදු නොවිය යුතුයි. මෙය නිවැරදි විය නොහැක.