07.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ විශ්වාසය වර්ධනය වන්නේ දැනුම සහ යෝගාව තුළින්ය, දර්ශන ලැබීමෙන් නොව.
දර්ශන, නාටකයේ නියම වී ඇති නමුත් ඒවා කිසිවෙකුට සෙතක් සලසන්නේ නැත.
ප්රශ්නය:
ඔහුට
අනිවාර්යෙන්ම විශ්මයන් සිදුකළ හැකි නමුත්, පියා නොපෙන්වන බලය කුමක්ද?
පිළිතුර:
මිනිසුන් විශ්වාස කරන්නේ, දෙවියන්ට සියලුම බල ඇති නිසා, ඔහුට මිය ගිය අයට නැවත පණ
දිය හැකි බවයි. කෙසේවෙතත්, බාබා පවසන්නේ : මා මෙම බලය පෙන්වන්නේ නැත, නමුත් කෙනෙක්
දැඩි භක්තියේ යෙදෙන්නේ නම්, මා ඔහුට දර්ශනයක් පිරිනමනවා. මෙයත් නාටකයේ නියම වී
තිබේ. දර්ශන ලබා දීමේ විජ්ජාව පියාට තිබේ. මේ නිසයි නිවසේ අසුන් ගෙන සිටින විට
ඇතැම් දරුවන්ට බ්‍රහ්ම හෝ ශ්‍රී ක්‍රිෂ්ණාගේ දර්ශන ලැබෙන්නේ.
ගීතය:
අරුණලු උදයේ
මාගේ සිත් කවුළුව වෙතට කවුරුද ආවේ?
ඕම් ශාන්ති.
මෙම ගීතය සියලුම දරුවන්ගේ අත්දැකීමයි. සත්‍යයේ බොහෝ හමුවීමි තිබේ (සත්සංග).
විශේෂයෙන්ම භාරතයේ බොහෝ සත්සංග මෙන්ම බොහෝ විවිධ අදහස් සහ මත තිබේ. ඇත්ත වශයෙන්ම එම
හමුවීම් සත්සංග නොවෙයි. ඇත්තේ මෙම එක් සත්සංගය පමණයි. එහිදී ඔබ දකින්නේ
ශාස්තෘවරුන්, පණ්ඩිතයන් ආදීන්ගේ මුහුණු පමණයි. ඔබගේ බුද්ධිය ඔවුන් වෙතට ඇදී යනු ඇත.
කෙසේවෙතත්, මෙහි තිබෙන්නේ අසහාය කරුණකි. මෙම සත්සංගමය සිදුවන්නේ, එක් වරයි, සංගම
යුගයෙදී පමණයි. මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. අසීමිත පියාට ඔහුගේම කියා සිරුරක්
නොමැත. ඔහු පවසන්නේ : මා ඔබගේ අශාරීරික ශිව බාබාය. ඔබ වෙනත් සත්සංගමයන් වලට ගිය
විට, ඔබ බලන්නේ සිරුරු දෙස පමණයි. ඔබ ග්රන්ථ සිහි කර, ඉන්පසුව ඒවා පවසයි. ඔබ
උපතින් උපතට සවන් දෙමින් සිටි, බොහෝ විවිධ ග්රන්ථ තිබේ. මෙහි, මෙය දැන් අලුත්
දෙයකි. ඔය ජීවාත්ම, වටහා ගන්නේ ඔබගේ බුද්ධියෙනි. පියා පවසන්නේ : අහෝ මගේ බොහෝ
කාලයක් නැතිව සිට දැන් හමු වූ දරුවනේ! අහෝ මගේ සැලිග්රමයනි! බාබා වසර 5000කට පෙරද
මෙම සිරුර තුළින් ඔබට ඉගැන්වූ බව ඔය දරුවන් දන්නවා. ඔබගේ බුද්ධිය බොහෝ ඈතට යයි.
බාබා දැන් නැවතත් පැමිණ තිබේ. ‘බාබා’ යන වචනය බොහෝ මිහිරිය! ඔහු මවත් පියාත්ය. මෙයට
සවන් දෙන වෙනත් කෙනෙක් මෙසේ කියනු ඇත: ඔවුන්ගේ මවත් පියාත් කවුරුන්ද කියා මා දන්නේ
නැහැ. ඔහු සැබවින්ම දර්ශන ලබා දෙනවා. මිනිසුන් මෙයින් ව්‍යාකූලත්වයට පත්වනවා. ඔවුන්
විටෙක බ්රහ්මා ද තවත් විටෙක කිෂ්ණා ද දකින අතර, එය කුමක්ද කියා සිතමින් සිටියි.
නිවසේ අසුන් ගෙන සිටින විට බොහෝ මිනිසුන්ට බ්‍රහ්මාගේ දර්ශනයක් ලැබෙයි. කිසි කෙනෙක්
බ්‍රහ්මාට වඳින්නේ නැත; මිනිසුන් ක්‍රිෂ්ණා ආදින්ව වන්දනා කරයි. කිසිවෙක් බ්‍රහ්මාව
නොදන්නවා විය හැකි. ප්‍රජාපිතා බ්රහ්මා දැන් පැමිණ ඇත. මෙම කෙනා ප්රජාපිතායි.
පියා මෙතැන අසුන් ගෙන මුලු ලෝකයම අපවිත්‍ර බව පහදා දෙයි. එබැවින් මෙම කෙනාද ඔහුගේ
බොහෝ උපත් වල අවසන් උපතේදී අපවිත්‍ර වී තිබේ. පිවිතුරු කිසිවෙකු නැත. ඒ නිසයි ඔවුන්
ගංගා නදියේ හරිද්වාර්හි, කුම්බමේලා සහ මේලාවන් වලට යන්නේ. ඔවුන් එහි නෑමෙන්
පිවිතුරු වෙයි කියා ඔවුන් සිතනවා. කෙසේවෙතත්, එම ගංගා, පාරිශුද්ධකරුවන් නොවෙයි.
ගංගා හටගන්නේ සාගරයෙනි. ඇත්ත වශයෙන්ම දැනුමේ ගංගා වන්නේ ඔබයි. ඔබට වැදගත්කමක් ලබා
දෙයි. ඔය දැනුමේ ගංගාවන් සෑම තැනකම මතු වනවා. ඊතලයක් වැටුණු ස්ථානයේ, ගංගා නදිය
හටගත් බව පෙන්වා තිබේ. එය ඊතලයක් විදීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔය දැනුමේ ගංගා
බොහෝ විවිධ දේශයන් වලට යයි. ශිව බාබා පවසන්නේ : මා නාටකයේ බන්ධනයෙන් බැඳී සිටිමි.
සෑම කෙනෙකුගේම චරිත කොටස නියම වී තිබේ. මගේ චරිත කොටසද නියම වී තිබේ. මිනිසුන්
විශ්වාස කරන්නේ දෙවියන් බොහෝ බලවත් බැවින්, මලගිය ඇත්තන්ට ප්‍රාණය ලබා දිය හැකි
බවයි. ඒ සියල්ලක්ම බොරුය. මා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමට පමණයි. මා කුමන බලයක්
පෙන්වන්නද? දර්ශන පිරිනැමීමත් විජ්ජාවක්. මිනිසුන් දැඩි භක්තියේ යෙදෙන විට මා ඔවුනට
දර්ශනයක් ලබා දෙමි. නිදසුනක් වශයෙන්, මා ඔවුන්ට කාලිගේ ස්වරූපය පෙන්වනවා; ඔවුන් ඇගේ
පිළිරුව මතට තෙල් වත්කරයි. කෙසේවෙතත්, එවන් කාලි කෙනෙක් සැබවින් නොසිටියි. බොහෝ
මිනිසුන් කාලි වෙනුවෙන් දැඩි භක්තියේ යෙදෙයි. ඇත්ත වශයෙන්ම කාලි යනු ජගදම්බාය.
පෙන්වා ඇති ස්වරූපයක් කාලිට නොමැත. ඔවුන් දැඩි භක්තියේ යෙදෙන විට, බාබා ඔවුන්ගේ
භක්තියට ප්‍රතිලාභයක් ලබා දෙයි. රාගයේ කොතේ අසුන් ගැනීමෙන් ඔබ අවලස්සන විය. දැන්
දැනුමේ කොතේ අසුන් ගැනීමෙන් ඔබ ලස්සන වනවා. දැන් ජගදම්බා වී ඇති කාලි, දර්ශන ලබා
දෙන්නේ කෙසේද? ඇයගේ බොහෝ උපත් වල අවසන් උපතේදී ඇය දැන් මෙහි සිටියි. දේවතාවන් දැන්
නොමැත, එබැවින් ඔවුන් දර්ශන ලබා දෙන්නේ කෙසේද? පියා විස්තර කරන්නේ : දර්ශන ලබා දීමේ
යතුර, මා මගේ අතේ තබා ගන්නෙමි. තාවකාලික කාලයකට ඔවුන්ගේ ආශාවන් ඉටුකරලීම සඳහා මා
ඔවුන්ට දර්ශනයක් ලබා දෙන නමුත්, කිසි කෙනෙකුට එය තුළින් මාව හමු වීමට නොහැක. මා
කාලි ගේ නිදසුන පමණක් දුන් නමුත්, හනුමාන්, ගනේශ් වැනි තව බොහෝ නිදසුන් තිබේ.
සීක්වරුන්ට වුවත්, ගුරු නානක් වෙනුවෙන් බොහෝ භක්තියේ යෙදෙන විට, ඔවුන්ට ඔහුගේ
දර්ශනයක් ලබා ගත හැක. කෙසේ වුවත්, ඒ තිබියදී ඔවුන් දිගින් දිගටම පහළට පැමිණෙයි.
බාබා ඔය දරුවන්ට පවසන්නේ : බලන්න, අර කෙනා වන්දනා කරන්නේ ගුරු නානක්ව, නමුත් ඔහුට
දර්ශනයක් ලබා දෙන්නේ මමයි. ඔහු දර්ශන ලබා දෙන්නේ කෙසේද? දර්ශන පිරිනැමීමේ යතුර ඔහුට
නොමැත. මෙම බාබා (බ්රහ්මා) පවසන්නේ: අර බාබා (ශිව බාබා) මට ස්ථාපනයේ සහ විනාශයේ
දර්ශනයක් ලබා දුන්නේය. කෙසේවෙතත්, දර්ශනයක් තුළින් කිසි කෙනෙකුට සෙතක් සැලසෙන්නේ
නැත. එවන් දර්ශන ලැබුණු බොහෝ දෙනෙක් සිටි නමුත්, ඔවුන් දැන් මෙහි නොමැත. බොහෝ
දරුවන් කියන්නේ: මට දර්ශනයක් ලැබුණු පසු මා විශ්වාසය ඇති කරගන්නවා. කෙසේවෙතත්,
දර්ශන තුළින් විශ්වාසය වර්ධනය වන්නේ නැත. විශ්වාසය වර්ධනය වන්නේ, දැනුම සහ යෝගාව
තුළින්ය. මෙම දර්ශන ඔබට ලබා දෙන්නේ මා බව, වසර 5000කට පෙරද මා ඔබට කීවෙමි. මීරාටද
දර්ශනයක් පෙණුනි. එහිදී එතැනට ජීවාත්මය නොගියේය. නැත, කොහේ හෝ තැනක අසුන් ගෙන සිටින
විට ඔවුන්ට දර්ශනයක් ලබා ගත හැකි නමුත්, ඒ තුළින් මා ලබාගත නොහැක. පියා පවසන්නේ :
ඔබට යම් දෙයක් ගැන සැකයන් තිබේ නම් බ්‍රහ්මිණ් ගුරුවරුන්ගෙන් ඒ ගැන අසන්න. ඔය
දරුවන් අංකානුරූප බව ඔබ දන්නවා. ගංගාවන්ද අංකානුරූපයි. සමහරක්, ජලය එක තැන රැඳී
තිබෙන, පොකුණුයි; ඒ වුණත් බොහෝ විශ්වාසයෙන් සහ භක්තියෙන් මිනිසුන් එහි යයි. එය
භක්තියේ අන්ධ විශ්වාසයයි. කෙනෙකුට ඔහුගේ භක්තිය නතර කරන්නට කියා, කිසි විටෙක
නොකියන්න. ඔවුන් දැනුමේ මාවතට පැමිණෙන විට, ඔවුන් භක්තියේ යෙදීම ඉබේටම නතර කරයි.
බාබා නාරායනගේ බැතිමතෙක් විය. ලක්ෂ්මි, සේවිකාවක් මෙන්, නාරායනගේ දෙපා පිරිමදින
සැටි ඔහු පිංතූරයේ දුටු විට, ඔහු ඊට කිසිසේත් කැමැති නොවීය. ස්වර්ණමය යුගයේ එය එසේ
නොවෙයි. එබැවින්, ලක්ෂ්මිව සේවිකාවක් වීමෙන් නිදහස් කරන ලෙස, මා චිත්‍ර
ශිල්පියෙකුට කීවෙමි. බාබා බැතිමතෙක්ව සිටියා; ඔහුට දැනුම තිබුණේ නැත. සෑම කෙනෙක්ම
බැතිමතෙක්ය. අපි බාබාගේ දරුවන්ය, අප අධිපතියන්ය. මා ඔය දරුවන්ව බ්රහ්මාණ්ද් වල
අධිපතියන් බවටද පත් කරවන්නෙමි. ඔහු පවසන්නේ : මා ඔබට ඔබගේ රාජධානියේ භාග්‍යය ලබා
දෙන්නෙමි. එවන් බාබා කෙනෙක් ඔබ මින් පෙර කිසිදාක දැක තිබේද? එවන් පියෙක් ඉතා හොඳින්
සිහි කළ යුතුයි. ඔබගේ භෞතික ඇස් වලින් ඔබට ඔහුව නොපෙනෙයි. ඔබ ඔහු සමඟ යෝගාවේ සිටිය
යුතුයි. සිහිපත් කිරීම සහ යෝගාව ඉතා පහසුයි. ඔබ බීජය සහ වෘක්ෂය ගැන දැන සිටිය
යුතුයි. එම අශාරීරික වෘක්ෂයේ කොටසක් වී සිට, ඔබ ශාරීරික වෘක්ෂයේ කොටසක් බවට පත්
වී ඇත. බාබා ඔබට දර්ශන වල රහස් විස්තර කර දී තිබේ. ඔහු වෘක්ෂයේ රහස්ද ඔබට විස්තර
කර දී තිබේ. ඒ සමඟම කර්මය, උදාසීන කර්ම සහ පාප කර්ම වල න්‍යායද බාබා ඔබට විස්තර කර
දී ඇත. ඔබට තුන් දෙනාගෙන්ම ඉගැන්වීම් ලැබෙයි; පියා, ගුරුවරයා සහ ගුරුගෙන්. බාබා
පවසන්නේ : ඔබට උපත් 21 සදා සතුටින් සිටිය හැකි අන්දමේ, එවන් ඉගැන්වීම් සහ එවන්
ක්‍රියා, මා ඔබට දැන් කියා දෙමි. ගුරුවරයෙක් ඔබට ඉගැන්වීම් ලබා දෙන අතර, ගුරු
කෙනෙක් පාරිශුද්ධත්වය කියා දෙයි, එමෙන්ම ආගමික කතාපුවත්ද කියා දෙයි, නමුත් කිසි
දැනුමක් ධාරණය වන්නේ නැත. මෙහි පියා පවසන්නේ : ඔබගේ අවසාන සිතිවිලි ඔබව ඔබගේ
ගමනාන්තය කරා රැගෙන යයි. මිනිසුන් මිය යාමට ආසන්න වන විට, ඔවුන්ගේ බුද්ධිය ඔහු වෙතට
යෑම සඳහා, ඔවුන්ට රාමා යන නම ජප කිරීමට යැයි කියයි. පියා දැන් පවසන්නේ : ශාරීරික
ජීව සමඟ තිබූ ඔබගේ යෝගාව දැන් බිඳී ගොස් ඇත. මා දැන් ඔබට ඉතා හොඳ ක්‍රියා උගන්වමි.
ශ්‍රී ක්‍රිෂ්ණා ගේ පිංතූරය දෙස බලන්න ඔහු පැරණි ලොවට පයින් ගසමින් නව ලොවට පැමිණෙන
ආකාරය පෙන්වා තිබේ. ඔබද පැරණි ලෝකයට පයින් ගසමින් නව ලොවට යනවා. එබැවින් ඔබගේ දෙපා,
අපාය දෙසටත් ඔබගේ මුහුණු දිව්‍යලෝකය දෙසටත් තිබේ. මළ මිනියක් සොහොන් බිමකට රැගෙන යන
විට, එහි මුහුණ ඒ දිශාවටත් දෙපා අනෙත් දෙසටත් හරවනු ලබයි. මෙම පිංතූරය නිර්මාණය කර
තිබෙන්නේ ඒ ආකාරයටමයි. මමා, බාබා සහ ඔය දරුවන් පමණයි සිටින්නේ. ඔවුන්ගේ සිහසුන හිමි
කරගැනීමට, ඔබ මමා සහ බාබාව අනුගමනය කළ යුතුයි. රජ කෙනෙකුගේ දරුවන්ට රජකුමරුන් සහ
කුමරියන් යැයි කියයි. ඔබ අනාගත රජකුමර කුමරියන් වීමට යන බව ඔය දරුවන් දන්නවා. ඔබට
එවන් ක්‍රියා උගන්වන වෙනත් පියෙක්, ගුරුවරයෙක් හෝ ගුරු කෙනෙක් සිටිනවාද? ඔබට
සදාකාලිකවම සතුට ලැබෙයි. මෙය ශිව බාබාගෙන් ලැබෙන වරයකි. ඔහු ඔබට මෙම ආශිර්වාදය ලබා
දෙයි. අපට ඔහුගේ අනුකම්පාව ලැබෙනවා නොවෙයි. යමක් ඉල්ලීමෙන් පමණක් කිසිවක් සිදු
නොවෙයි. ඔබ සෑම දෙයක්ම ඉගෙන ගත යුතුයි. ඔබට ආශිර්වාද ලබා දීමෙන්ම පමණක්, ඔබ යමක්
බවට පත්වන්නේ නැත. ඔහුගේ උපදෙස් අනුගමනය කරන්න. දැනුම සහ යෝගාව ධාරණය කරගන්න. පියා
විස්තර කරදෙන්නේ : ඔබගේ මුවින් ‘රාමා, රාමා‘ කියා ජප කිරීම, නිකම් හඬ නැගීම පමණයි;
ඔබ සම්පූර්ණයෙන්ම ශබ්දය ඉක්මවා යා යුතුයි. ඔබ නිහඬව සිටිය යුතුයි. බොහෝ හොඳ නාටකද
නිර්මාණය වනවා. අධ්‍යාපනයක් නොලැබූ අයට බුද්දූන් (අහිංසක මෝඩයින්) යැයි කියයි. බාබා
පවසන්නේ : දැන් සෑම කෙනෙක්ම අමතක කර දමා, සම්පූර්ණ බුද්දු කෙනෙක් වන්න. මා ඔබට ලබා
දෙන උපදෙස් පිළිපදින්න. ඔය ජීවාත්ම, උත්තරීතර දේශයේ අශාරීරිකව වාසය කරයි. ඉන්පසුව
ඔබ මෙහි පැමිණ ශරීර ලබා ගත් පසු, ඔබට ජීවමාන ජීව, යැයි කියයි. ජීවාත්මය කියන්නේ: මා
මෙම සිරුර අතහැර, මගේ ඊළඟ එක ගැනීමටයි යන්නේ. පියා පවසන්නේ : මා ඔබට නොම්මර එකේ
ක්‍රියා උගන්වන්නෙමි. ගුරුවරයෙක් ඔබට උගන්වන විට, එය බලය විදහා පෑමක් නොවෙයි. ඔහු
ඔබට දර්ශනයක් ලබා දෙන විට, එයට විජ්ජාවක් යැයි කියයි. මනුෂ්‍යයින්ව දේවතාවන් බවට
පරිවර්ථනය කිරීමේ විජ්ජාව වෙනත් කිසිවෙකුට කළ නොහැක. බාබා ව්‍යාපාරිකයාද වෙයි; ඔහු
ඔබගේ සියලු පැරණි දේවල් අලුත් දෙවල් වලට හුවමාරු කරයි. මේ කෙනාට, පරණ යකඩ මුට්ටියක්
යැයි කියයි; ඔහුට වටිනාකමක් නැත. දැන් කාසි, තඹ වලින්වත් සාදන්නේ නැත. කෙසේවෙතත්,
එහි රත්තරන් කාසි තිබෙයි. සෑම දෙයක්ම මෙතරම් වෙනස් වී ඇති අන්දම පුදුමයක්! පියා
පවසන්නේ : මා ඔබට නොම්මර එකේ ක්‍රියා කිරීමට උගන්වනවා. ‘මන්මනභාව්’ වන්න! තවද, ඔබ
දිව්‍යලෝකයේ කුමරුන් බවට පත් කරවන ඉගෙනුමද තිබේ. අතුරුදහන් වී ඇති දේවතා ධර්මය දැන්
නැවත වතාවක් ස්ථාපනය වනවා. ඔබ කියන අලුත් දේවල් ගැන අසන විට, මිනිසුන් විශ්මයට පත්
වනවා. ඔවුන් විමසන්නේ: සැමියෙකුට සහ බිරිඳකට එකට වාසය කරමින් පිවිතුරුව රැඳී සිටීමට
හැකි වන්නේ කෙසේද? බාබා පවසන්නේ : ඔබට එකට වාසය කළ හැක. එසේ නැත්නම් ඔබ මෙය දැන
ගන්නේ කෙසේද? ඔබ දෙදෙනා අතර දැනුමේ අසිපත තිබිය යුතුයි. බොහෝ එඩිතරකම පෙන්විය
යුතුයි. පරීක්ෂණ ද ඇති වෙයි. මෙම දේවල් ග්රන්ථ වල සඳහන් කර නොමැති නිසා, මිනිසුන්
විශ්මයට පත් වෙයි. මෙහිදී ඔබ, මෙම උත්සාහය ප්‍රායෝගිකව කළ යුතුයි. පිවිතුරු
විවාහයක් පිළිබඳ කරුණ බලපාන්නේ මෙහිදීය. ඔබ දැන් පිවිතුරු වෙමින් සිටිනවා. එබැවින්
බාබා පවසන්නේ : ඔබගේ එඩිතරකම පෙන්වන්න. සන්යාසීන්ට මෙය ඔප්පු කර පෙන්විය යුතුයි.
සර්ව බලධාරී පියා මුලු ලොවම පිවිතුරු කරයි. පියා පවසන්නේ : ඔබට එකට වාසය කිරීමට
පුලුවනි, නමුත් පිවිතුරු දිවියක් ගත කරන්න. මේ සෑම දෙයක්ම පිවිතුරුව රැඳී සිටීමේ
ක්‍රමයි. මෙය තුළින් විශාල ප්‍රතිලාභයක් ලැබෙයි. ඔබට තිබෙන්නේ බාබාගේ උපදෙස්
පිළිපැද, එක උපතකදී පාරිශුද්ධව රැඳී සිටීමයි. මෙම දැනුම සහ යෝගාව තුළින් ඔබ උපත්
21කට සදා නිරෝගී වෙයි. මෙයට උත්සාහයක් අවශ්‍ය වෙයි. ශක්ති සේනාව ඔබයි. ඔබ මායා
ජයගෙන ඒ අනුව ලෝකය ජයගනී. ඔබගෙන් සෑම කෙනෙක්ම මෙය නොවනු ඇත. උසස් තත්ත්වයක් හිමි
කරගන්නේ උත්සාහ දරණ දරුවන්ය. ඔබ භාරතය පිවිතුරු කර, ඉන්පසුව භාරතය පාලනය කරයි. සටන්
කිරීමෙන් කිසිවෙකුට ලෝක ආධිපත්‍යය හිමි කර ගත නොහැක. මෙය විශ්මයකි. මෙකල ඔවුන් සෑම
කෙනෙක්ම එකිනෙකා සමඟ සටන් කරමින් තමන්වම විනාශ කරගනී. වෙඬරු පිඩ ලබන්නේ භාරතයයි.
මෙය සිදුකරවන්නේ, වන්දනීයත්වයට පාත්‍ර වන මව්වරුන්ය. ඔබගෙන් වැඩි දෙනෙක් මව්වරුන්ය.
බාබා පවසන්නේ : ඔබ උපතින් උපතට ගුරුන් අනුගමනය කරමින්, ග්රන්ථ හදාරමින් සිටියා. මා
ඔබට විස්තර කර දෙන්නේ දැන්ය. නිවැරදි දේ කුමක්ද කියා තමන්ම විනිශ්චය කරන්න!
ස්වර්ණමය යුගය ධාර්මිෂ්ඨ ලෝකයයි. එය අධර්මිෂ්ඨ කරවන්නේ මායාය. භාරතයේ ජනතාව දැන්
අධර්මිෂ්ඨ වී ඇත. ඔවුන් අධර්මිෂ්ඨ වී ඇති නිසා බලයක් ඉතිරි වී නොමැත. ඔවුන්
අධර්මිෂ්ඨ, දුෂ්ඨ, නිතී විරෝධී මෙන්ම වස්තු බංගත්වයට පත්ව සිටියි. බාබා අසීමිත
පියාය. එබැවින් ඔහු මෙම අසීමිත දේවල් ඔබට විස්තර කර දෙයි. ඔහු පවසන්නේ : මා ඔබව
නැවත වරක් ධාර්මිෂ්ඨ සහ වඩාත්ම බලසම්පන්න අය බවට, පත් කරවනවා. දිව්‍යලෝකය නිර්මාණය
කිරීම බලවත් කෙනාගේ කාර්යයයි. කෙසේවෙතත්, ඔහු අදෘෂ්‍යමානයි. ඔබ අදෘෂ්‍යමාන
සටන්කාමීන්ය. පියා තුළ ඔය දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහසක් තිබේ. ඔහු ඔබට උපදෙස් ලබා
දෙනවා. මෙම උපදෙස් තුළ, පියාගේ උපදෙස්, ගුරුවරයාගේ උපදෙස්, ගුරුගේ උපදෙස්,
රන්කරුවාගේ උපදෙස් සහ රෙදි අපුල්ලන්නාගේ උපදෙස් යන සියල්ල ඇතුලත්ය. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ පවුලේ
අය සමඟ නිවසේ වාසය කරන අතර, මෙම අවසන් උපතෙදී, පියාගේ උපදෙස් පිළිපැද, පිවිතුරු
දිවි පෙවෙතක් ගත කරන්න. මෙහිදී ඔබගේ එඩිතරකම පෙන්වන්න.
2. නිරන්තරයෙන්
ශ්‍රීමත් අනුගමනය කර, ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදු කරන්න. ශබ්දය ඉක්මවා යන්න. ඔබ මින් පෙර
හදාරා ඇති සහ අසා ඇති, සියලු දේ අමතක කර දමා, ඒකායන පියාව සිහිපත් කරන්න.
වරදානය:
ඔබ නොසැලෙන සහ
නිශ්චල බවට පත් වී, අහිතකර තත්ත්වයන් ඔබේ වාසනාව ලෙස සලකා ඔබේ විශ්වාසයේ අත්තිවාරම
ශක්තිමත් කර ගනීවා.
අහිතකර තත්ත්වයන්
පැමිණෙන විට, උස් පිම්මක් පනින්න, මන්ද, එම අහිතකර තත්ත්වයන් ඔබේ වාසනාවේ ලකුණකි.
ඒවා ඔබේ ඇදහිල්ලේ අත්තිවාරම ශක්තිමත් කිරීමට මාර්ගයයි. ඔබ එක් වරක් සහ සදහටම අංගාද්
මෙන් ශක්තිමත් වූ විට, එම පරීක්ෂණ පත්‍රිකා ද ඔබට ආචාර කරනු ඇත. පළමුව, ඔවුන්
බියජනක ස්වරූපයෙන් පැමිණෙන අතර පසුව ඔවුන් ඔබේ සේවකයන් ලෙස පැමිණෙනු ඇත. මහාවීර්
ලෙස ඔවුන්ට අභියෝග කරන්න. ජලය මත රේඛාවක් අඳින්න බැරි සේම, ඒ ආකාරයෙන්ම, කිසිදු
අහිතකර තත්ත්වයකට ඔබ, මාස්ටර් සාගරයන්ට පහර දිය නොහැක. ඔබේ මුල් අවධියේ රැඳී
සිටීමෙන්, ඔබ නොසැලෙන සහ නිශ්චල වනු ඇත.
පාඨය:
පැරණි වසරට
"ආයුබෝවන්" කියන අතරම, තිත්තභාවයටත් "ආයුබෝවන්" කියන්න.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ආශිර්වාද පිරිනමන්නා
සහ ආශිර්වාද ලබන්නා වන ඔබ අතර ඇති සබැදියාව, ඔබ ආදරණීය වීමේ පදනමට අනුව සමීප සහ
නිරන්තර නම් සහ ඔබ නිරතුරුව ඔබගේ ඒකාබද්ධ ස්වරූපයේ රැදී සිටින්නේ නම්,
පාරිශුද්ධත්වයේ ආරක්ෂක වියනක් ඉබේටම රැදී තිබෙයි. සර්ව බලධාරි පියා ඇති තැන, ඔබගේ
සිහිනෙන් වත් කිසිදු අපවිත්‍ර බවක් තිබිය නොහැක. පාරිශුද්ධත්වයේ සුහාග් (විවාහ වී
සිටීමේ තිලකය) ඉවත් වන්නේ ඔබ තනි වන විටයි.