07.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සැම දෙනාම එකිනෙකාගේ ආධ්‍යාත්මික සහෝදරයන්ය. එකිනෙකා වෙනුවෙන් ඔබට තිබිය යුත්තේ අප්‍රමාණ සෙනෙහසයි. උතුරා යන සෙනෙහසේ ගඟුළු බවට පත්වන්න. කිසිදා රණ්ඩු සරුවල් හෝ ආරවුල් ඇතිකර ගන්න එපා.

ප්‍රශ්නය:
ආධ්‍යාත්මික පියා බොහෝ සෙයින් සෙනෙහස දක්වන්නේ කිනම් දරුවන්ට ද?

පිළිතුර:
1) ඔහු සෙනෙහස දක්වන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් ලොවට යහපත සලස්වන දරුවන්ටයි. 2) කිසිවිට අන් අයට කටු වලින් නොඅනිනා මල් බවට පත් වූවන්. අන් අය සමඟ ජීවත් වෙමින් කිසිවිට බුම්මන පුරුද්ද නැති දරුවන් පරම පියාගේ සෙනෙහසට පාත්‍ර වේ. ශරීර අවධානයට පත්ව තමන් අතරේ ආරවුල් ඇති කරනා, ලුණු වතුර මෙන් වූවත් හට පරම පියාගේ ගරුත්වය අහිමි වේ. ඔවුන් පරම පියාව අවමානයට ලක් කරනා අය වේ.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික දරුවන් ආධ්‍යාත්මික පියාට සෙනෙහස පාන අයුරින්මයි ආධ්‍යාත්මික පියාත් ඔබ ආධ්‍යාත්මික දරුවන්ට සෙනෙහස පාන්නේ. හේතුව, ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් මුළු ලොවටම යහපත සලස්වනවා. යහපත සලස්වන සියල්ලන්ම සෑම කෙනෙකුගේම සෙනෙහසට ලක්වෙති. ඔබ සැවොම එකිනෙකාගේ සහෝදරයන් වන නිසා, ඔබ එකිනෙකාගේ සෙනෙහසට ද ලක් වෙයි. පරම පියාගේ ද දරුවන් වූ ඔබලා අතරේ ඇති සෙනෙහස තරම් පිටත මිනිසුන් අතරේ එපමණට සෙනෙහසක් නොතිබෙනු ඇත. ඔබද එකිනෙකාට බොහෝ ද සේ සෙනෙහස පෑ යුතුයි. මෙහි සහෝදරයන් අතරේ ආරවුල් ඇතිවේ නම්, එකිනෙකා කෙරෙහි සෙනෙහස නොමැති නම්, ඔවුන් සහෝදරයින් නොවේ. එකිනෙකා වෙනුවෙන් සෙනෙහස තිබිය යුතුයි. පරම පියා සෙනෙහස පාන්නේ ජීවාත්මයන්ටයි. එබැවින් ජීවාත්මයනුත් එක්කෙනාට සෙනෙහස පෑ යුතුයි. ස්වර්ණම යුගයෙහි සියලු ජීවාත්ම එකිනෙකා හා සෙනෙහසින් සිටියි. මන්ද ඔවුන්ගේ ශරීර අවධානය බිඳී තිබේවි. සහෝදරයන් වු ඔබලා ඒකායන පියාගේ ස්මෘතියෙන් සමස්ත ලොවටම යහපත සලස්වයි. පරම පියා ඔබව ශරීර අවධානයෙන් ජීව අවධානයට පත් කරන්නේ එම නිසායි. භෞතික සහෝදරයන් තම ධනයේ පංගුව උදෙසා ඔවුන් අතරේ රණ්ඩුසරුවල් කරති. එලෙස රණ්ඩුසරුවල් හෝ ආරවුල් කරගැනීමක් මෙහි නැත. ඔබ සෑම දෙනාම ඍජු සම්බන්ධතාවයක් තබාගන්න ඕන. මෙය අසීමිත කාරණාවකි. ඔබ පරම පියාගෙන් ඔබේ උරුමය ලබාගත යුත්තේ යෝග බලයෙනී. භෞතික පියාගෙන් භෞතික උරුමය ලබනවා. එහෙත්, ආධ්‍යාත්මික දරුවන් ආධ්‍යාත්මික උරුමය ලැබ ගන්නේ ආධ්‍යාත්මික පියාගෙනී. ඔබ සෑම කෙනෙක්ම ඔබේ උරුමය පරම පියාගෙන් කෙලින්ම ලබාගන්න ඕන. ඔබ බෙහෙවින් පුද්ගලිකව පරම පියාව සිහිපත් කරයිද, බොහෝ සේ උරුමය ඔබ ලබා ගනීවි. ඔබලා තමන් අතරේ රණ්ඩු සරුවල් කරනවා දුටුවොත් පරම පියා අසාවි: ඔබලා අනාථයින් ද? ආධ්‍යාත්මික සහෝදරයන් කිසිසේත් තමන් අතරේ ආරවුලක් සිදු නොකළ යුතුයි. සහෝදරයන් වශයෙන් සිටින ඔබ අතරේ ආරවුල් ඇත්නම්, සෙනෙහස නොතිබේ නම්, එවිට ඔබ රාවණට අයත් අය වශයෙන් සැලකේ. ඒ සියල්ලන්ම යක්‍ෂ දරුවන්. ඒ හැටියට, ඔබත් ශරීර අවධානයෙන් රණ්ඩු සරුවල් වෙද්දී යක්‍ෂ දරුවන් සහ දේව දරුවන් අතරේ වෙනසක් ඒ නැතිවාක් සේය. ජීවාත්මයන් ඔවුන් අතරේ රණ්ඩු සරුවල් නොවෙති. එමනිසා, පරම පියා කියනවා: සුමිහිරි දරුවනී. එකිනෙකා හා ලුණු වතුර මෙන් නොසිටින්න. ඔබ එසේ වන විටයි. පරම පියා ඔබට පහදා දෙන්නේ. පරම පියා ඔබව ශරීර අවධානයේ සිටින දරුවන්, ඔහුගේ දරුවන් නොවෙයි රාවණගේ දරුවන් කියා කියන්නේ එවිටයි. මන්ද, ඒ ඔබ එකිනෙකා සමඟ ලුණු වතුර මෙන් සිටින නිසායි. ඔබ කිරියි පැණීයි වාගෙයි උපත් 21ක්ම සිටියේ. මෙවෙලෙහි, ඔබ ජීව අවධානයෙන් සිටින්න ඕන. ඔබ එකිනෙකා එකමුතුව නොසිටියේ නම්, එවිට තමන් රාවණගේ සමූහයට අයත් වූවත් ලෙස සලකාගත යුතුයි. ඔබ ලුණු වතුර මෙන් සිටියොත් පරම පියාගේ ගෞරවයට හානියක් ඔබ කරන්නේ. ඔබ දෙවියන්ගේ දරුවන් යැයි ඇමතුවත්, ඔබ තුළ යක්‍ෂ ගතිගුණ වේනම්, ඔබ සිටින්නේ ශරීර අවධානයෙනී. ජීව අවධානාත්මකව සිටින දරුවන් තුළ දිව්‍ය ගුණධර්ම තිබේ. මෙහිදී ඔබ දිව්‍ය ගුණධර්ම උකහාගත් විට, පරම පියා ඔබව ඔහු හා රෑගෙන යාවි. එවිට ඔබ එම සංස්කාරත් ඔබ සමඟ ගෙන යාවි. ශරීර අවධානයෙන් ලුණු වතුර මෙන් සිටිනා දරුවන් ගැන පියා දන්නවා. ඔවුන්ට දෙවියන් ගේ දරුවන් කියා කිව නොහැකියි. ඔවුන් තමන්ටම පාඩු ඇති කරගනී. ඔවුන් මායාට යට වී සිටින්නේ; ඔවුන් එකිනෙකා හා ලුණු වතුර මෙන් එනම් ගැටුම් ඇති කර ගනිමින් සිටින්නේ. ඇත්ත වශයෙන්ම මුළු ලොවමත්, ලුණු වතුර මෙන් තමයි සිටින්නේ, ඉතින්, දෙවියන්ගේ දරුවන් පවා එසේ සිටී නම් ඔවුන්ගේ වෙනස කුමක්ද? ඔවුන් පරම පියාව අපකීර්තියට පත් කරයි. එලෙස ලුණු වතුර මෙන් වුවන්ට පරම පියා අපකීර්තියට පත් කරන්නන්ට තම අරමුණ කරා යාමට නොහැකි වේ. ඔවුන්ට අදේව වාදීන් යැයි ද කිව හැකියි. දැහැමි දරුවන් කිසි විට එකිනෙකා හා සටන් නොකරති. ඔබ අතරේ ද ආරවුල් වීමක් සිදු නොවිය යුතුයි. මෙහිදී, ඔබ එකිනෙකා සමඟ සෙනෙහසින් ජීවත් විය යුතු අන්දම ඉගෙන ගන්න ඕන. එවිට උපත් 21ක් සඳහා එම සෙනෙහස ඔබට ලැබේවි. තමන්ව පරම පියාගේ දරුවන් යැයි කියා ගත් පසුව ද ඔබ සහෝදරයන් බවට පත් නොවන්නේ නම්, එවිට ඔබ යක්‍ෂ දරුවන් වේ. ඔබට පහදා දීම සඳහායි පරම පියා මුරළිය පවසන්නේ. කොහොම වෙතත්, ශරීර අවධානයේ සිටින හේතුවෙන්, සමහරුන්ට, පරම පියා තමන්ටයි මෙසේ කියන්නේ යන අවබෝධය පවා නොතිබේ. මායා ඉතාමත් දක්‍ෂයි. මීයෙක් හපා කන විලසින්ම ඒ බව ඔබට දැනෙන්නේ වත් නැත. ඉතින්, මායාත් ඉතා සුමිහිරි ලෙස පිඹ ඔබව සපා කන්නේ ඒ ඔබට නොදැනෙන විලසටයි. එකිනෙකා හා බුම්මා ගැනීම යක්‍ෂ සමුහයේ වැඩකි. බොහෝ මධ්‍යස්ථාන වල දරුවන් එලෙස ලුණු වතුර මෙන් සිටී. කිසිම කෙතෙක් නොවෙයි තවම පරිපූර්ණ වූයේ, මායා නොකඩවාම යුද්ධ කරයි. මායා ඔබට පහර දෙන්නේ එසේ නොදැනෙන විලසටයි. ඔබ එකිනෙකාට හදවතින්ම සෙනෙහස දක්වනවා ද නැද්ද යන්න ඔබේ හදවතෙන් විමසන්න. ඔබ ස්නෙහ සාගරයේ දරුවන් වූ බේ හෙයින් ඔබ සෙනෙහස උතුරා ගලායන ගඟුළු බවට පත් වෙන්න ඕන. රණ්ඩු සරුවල් සහ ආරවුල් කරනවා වෙනුවට එසේම නරක සහ වැරැදි දේ කීම වෙනුවට කිසිවක් නොකියා සිටීම වඩාත් හොඳ වේ. නපුරු දේ නොඅසන්න! කිසියම් කෙනෙකුට කෝපයේ සලකුණ තිබේද එහි සෙනෙහස නොමැත. එමනිසායි බාබා කියන්නේ: දිනපතා ඔබේ වාර්ථා සටහන ලියන්න. ඔබේ නපුරු හැසිරිම නැවත හදාගත නොහැකි වේනම්, එහි ප්‍රතිවිපාක කුමක් වේද? මොන තත්ත්වයක් ඔබ ලබාවිද? පරම පියා පැහැදිලි කරයි: කෙනෙකු සේවය නොකරයි නම් ඔහුගේ තත්ත්වය කුමක් වනු ඇත්ද? ඔහුගේ තත්ත්වය අඩු වනු ඇත. සැමටම දර්ශන ලැබේවි. ඔබත් ඔබේ ඉගෙනුමේ දර්ශනය ලබනවා ඇත. දර්ශන ලබා ගැනීමෙන් අනතුරුවයි ඔබ පරිවර්ථනය වන්නේ. පරිවර්ථනය වූවායින් පසුව ඔබ නව ලොවට යනවා ඇත. අවසානයේදී, ඔබට සියල්ලේම දර්ශන ලැබේවි. කවුරුත් සමත් වේද කොපමණ ලකුණු ඇතිව සමත්වේද යන්න. එයින් පසුවයි හැඩිම් වැළපීම් තිබෙන්නේ දඬුවම් විඳින්න සිද්ධ වේවි. එසේම ඔබ බාබාට සවන් නොදුන් හේතුවෙන් පසුතැවීම් ද ඇතිවේවි. බාබා නැවත නැවත ඔබට පැහැදිලි කරනවා: ඔබ තුළ යක්‍ෂ ගති පැවැතුම් නොතිබිය යුතුයි. දිව්‍යමය ගුණධර්ම ඇත්තන් අන් අයවත් තමන් සේ කළ යුතුයි. පරම පියා සිහිපත් කිරිම ඉතා පහසුයි. ඇල්ෆා සහ බීටා. ඇල්ෆා යනු බාබා. බීටා යනු අධිරාජ්‍යයයි. එබැවින් දරුවන්ට කුල්මත් බව තිබෙන්න ඕන. ඔබ ලුණු වතුර මෙන් සිටින්නේ නම්, දෙවියන්ගේ දරුවන් යැයි සැලකිය හැක්කේ කෙසේ ද? බාබා සිතන්නේ ඔබ යක්‍ෂ දරුවන් වීලා, ඔබව මායා නාසයෙන්ම අල්ලාගන්නට ඇතැයි කියායි. ඔවුන්ගේ තත්ත්වය චලිත වෙමින් තිබෙන බව පවා ඔවුන්ට නොතේරෙයි. ඔවුන්ට ඉතාමත් සෙනෙහසෙන් උගන්වන්නට ඔය දරුවන් උත්සාහ කළ යුතුයි. එහි සෙනෙහසේ දැක්ම තිබෙත්වා. පරම පියා සෙනේහ සාගරය වූ නිසා ඔහු වූ ඔබව ආකර්ශණය කරයි. ඔබද සෙනේහ සාගරයන් වෙන්න ඕන. පරම පියා ඔය දරුවන්ට බොහෝ සෙනෙහසෙන් යුතුව පැහැදිලි කරනවා එසේම හොඳ මාර්ගයන් ලබා දෙනවා. දෙවියන්ගේ මාර්ග අනුගමනය කිරීම මගින් ඔබ මල් බවට පත් වෙනවා. ඔහු ඔබට සියලු ල් ගුණධර්මයන් ලබා දෙනවා. දෙවි දේවතාවරුන්ට සෙනෙහස ඇත. එමනිසා, ඔබ එම තත්ත්වය මෙහිදී සාදා ගන්න ඕන. මෙකල ඔබට ඥානය තිබෙයි. නමුත් ඔබ දේවතාවරු වන විට මෙම ඥානය ඔබට නොතිබේවි; එහි දිව්‍යමය සෙනෙහස පමණයි තිබෙන්නේ. එමනිසා ඔය දරුවන් දැන්ම දිව්‍ය ගුණධර්ම ධාරණය කර ගන්න ඕන. ඔබ දැන් වන්දනීයත්වයට පත්වීම සඳහා උත්සාහ කරමින් සිටිනවා. දැන් ඔබ සිටින්නේ සංගම යුගයේයි. භාරතයට පරම පියා පැමණෙයි. එමනිසා, මිනිසුන් ශිව ජයන්තිය සමරති. ඔහු පැමිණෙන්නේ කවදාද හෝ ඔහු හෝ කුමක් කරයිද යන්න ඔවුන් නොදනී. මෙකල ඔය දරුවන් ඔබේ උත්සාහය අනුව අනුක්‍රමිකව මෙය දනී. නොදන්නා අයට මේ දේ කා හටවත් පැහැදිලි කිරීම කළ නොහැකි වේ එවිට ඔවුන්ගේ තත්ත්වය බාල වෙයි. පාසල් වල ඉගෙන ගන්නා ඇතැම් අයගේ හැසිරීම් නොහොඳ වීත් ඇතැම් අයගේ සැම විටම හොඳ වීත් තිබෙයි. ඇතැම් අය දිනපතා පැමිණෙයි. ඇතැම් අය නොපැමිණ සිටියි. මෙහිදී සෑම විටම පියා ස්මරණය කරන අය සහ ස්වදර්ශන චක්‍රය කරකවන අයට තමයි පැමිණීම (present) ඇතැයි කියන්නේ. පරම පියා කියනවා: ගමන් කරන අතරේ දී තමන් ස්වදර්ශන චක්‍රධාරීන්ය යනුවෙන් සලකන්න. මෙය ඔබ අමතක කළොත් ඔබ නොපැමිණී (absent) බවට සැලකේ. ඔබේ පැමිණීම සැම විටම ඇත්නම් පමණයි ඉහළ තනතුරක් ඔබට ලැබෙන්නේ. ඔබ අමතක කරනවා නම් එවිට ඔබට පහත් තනතුරක් තමයි ලැබෙන්නේ. කාලය තවමත් තිබෙන බව පියා දනී. බුද්ධියෙහි ස්වදර්ශන චක්‍රය කරකවමින් තිබෙන අය ඉහළ තනතුරක් ලබනා අය වේ වේ. මෙසේ කියා තිබේ: ශිව් බාබාගේ ස්මරණය ඇතිව, ඔබේ මුවෙහි ඥානාමෘතය ඇතිව ඉන්පසු ඔබේ ශරීරයෙන් ඔබ මිදෙන්න කියා. යම් දෙයක් කෙරෙහි ඔබට සෙනෙහස තිබේ නම්, නොකවඩා අවසානය මොහොතේ දීත් ඔබ එය සිහිපත් කරාවි. ආහාර වලට කෑදරකමක් තිබේ නම්, එවිට මරණ මරණ මංචකයේදීත් ඔබට එය කෑමට අවැසිව නොකඩවා ඒ දේ සිහිපත් කරාවි. එවිට ඔබේ තත්ත්වය නැතිවී යනු ඇත. පරම පියා කියයි: ස්වදර්ශන චක්‍රය කරකවමින් මිය යන්න. අන් කිසිවක් සිහිපත් නොකරන්න. ජීවාත්මයන් මොනම සම්බන්ධතාවයක් වත් නැතිව පැමිණී ආකාරයෙන්ම ආපසු යා යුතු වේ. තන්හාවත් සුළු පටු දෙයක් නොවෙයි. යම් දෙයකට තන්හාව ඇත්නම් එය මැරෙන මොහොත් දක්වාම ඔබ එය මතක් කරමින් සිටියි. එවිට එය නොලැබුණොත් එම ආශාවත් සමඟ ඔබ මිය යනවා ඇත. එබැවින්, ඔය දරුවන්ට මොනම තන්හාවක් හෝ නොතිබිය යුතුයි. පරම පියා බොහෝ සේ පැහැදිලි කළා, එහෙත් එය තේරුම් ගන්නා අය පමණක් තේරුම් ගනීවි. ඔබේ හදවතෙහි බාබාගේ ස්මෘතිය බාබා ඕ බාබා! යැයි බාබාගේ ස්මෘතියෙහි ගැලී තිබෙත්වා. බාබා, බාබා! කියා කීමට අවශ්‍ය නැත. එම නිහඬ මැතිරීම නොකඩවා ඇතුලාන්තයෙන් තිබෙත්වා. පරම පියාගේ ස්මෘතියෙහි සහ කර්මාතීත් තත්ත්වයෙහි ඉඳිමින් එම ශරීර අත්හල විට පමණයි ඔබට ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට හැකිවනුයේ. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙත් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උතුරා ගලා යන ස්නේහ ගංගාවක් වන්න. සැම කෙරෙහි ම සෙනෙහසේ දැක්ම තිබෙත්වා. කිසිසේත් වැරැදි වචන පාවිච්චි නොකරන්න.

2. කිසිම දෙයකට කෑදර නොවෙන්න. ස්ව දර්ශන චක්‍රධාරියෙක් වන්න. එය පුහුණු වු විට අවසානයේ දී කිසිවක් ඔබට සිහිපත් නොවේ.

වරදානය:
ඔබ පැරණි ශරීර වල සහ පැරණි ලෝකයේ සියලු ආකර්ෂණයන්ගෙන් පහසුවෙන් සහ නිරතුරුව දුරස්ව සිටින රාජ ඍෂිවරයෙක් වේවා.

රාජ ඍෂි යනු එක් අතකින් සියලු ලැබීම් වලට අයිතියක් ඇත්තෙකුගේ කුල්මත්භාවයෙන් සිටින සහ අනෙක් අතට අසීමිත නිරාශාවේ ආධ්‍යාත්මික කුල්මාභාවයෙන් සිටින අයෙකි. මෙම වර්තමාන කාලයෙහි ඔබ මෙම කරුණු දෙකෙහිම පුහුණුව දිගටම වැඩි කළ යුතුව තිබේ. නිරාශාව යන්නෙන් අදහස් කරන්නේ ඉවත්වීම නොවේ, නමුත්, සියලු ලැබීම් තිබියදී කිසිදු සීමිත ආකර්ෂණයකට ඔබේ මනස හෝ බුද්ධිය ආකර්ෂණය කර ගැනීමට ඉඩ නොදී සිටීමයි. ඔබේ සිතිවිලි වලින් පවා අංශු මාත්‍රයකවත් යැපීමක් නොතිබිය යුතුය. මෙය රාජ ඍෂිවරයෙක්, එනම්, අසීමිත නිරාශාව ඇති අයෙක් වීම ලෙස හැදින්වේ. එනම්, පැරණි සිරුරු, භෞතික පැරණි ලෝකය, ද්‍රව්‍යමය සැපපහසුකම් සඳහා ඇති දළ හැඟීම් සහ ආශාවන් යන සියලු ආකර්ෂණයන්ගෙන් නිරන්තරයෙන් හා පහසුවෙන් ඈත් වී සිටීමයි.

පාඨය:
විද්‍යාවේ පහසුකම් භාවිතා කරන්න, නමුත් ඒවා ඔබේ ජීවිතයට ආධාරකයක් වීමට ඉඩ නොදෙන්න.

මාතේශ්වරීජී ගේ සුමිහිරි උසස් වදත්.

මෙම සංගම යුගයේ මහාභාරතය ප්‍රායෝගිකව නැවත සිදුවෙමින් පවතී.

බලන්න. ඔවුන් කියනවා කුරුක්‍ෂේත්‍රයෙහි කෞරවයන් සහ පාණ්ඩවයන් අතර යුද්ධයක් ඇති වූ බව. පාණ්ඩවයන්ගේ මිත්‍රයා වූ ශ්‍රී ක්‍රිෂ්ණා විසින් ඔවුන්ට මඟ පෙන්වා ඇති බවත් පෙන්වා තිබෙනවා. ඉතින්, අනිවාර්යෙන්ම පදාර්ථයේ ස්වාමියා සමඟ සිටින පාර්ශවය තමයි ජය ගන්නේ. බලන්න, ඔවුන් සෑම දේම මොනතරම් ව්‍යාකූල කර තිබෙනවා ද කියා. මුලින්ම ඔබ තේරුම් ගත යුතු වන්නේ පදාර්ථයේ ස්වාමියා ශ්‍රී ක්‍රිෂ්ණා නොවන බවයි. පදාර්ථයේ ස්වාමියා පරමාත්මයයි. එහෙත්, ශ්‍රී ක්‍රිෂ්ණා ස්වර්ණම යුගයේ ප්‍රථම දේවතාවයි. ඉතින්, පාණ්ඩවයන්ගේ සහකාර රථාචාර්යයා දෙවියන් වේ. ශ්‍රී ක්‍රිෂ්ණා නොවෙයි. අප දරුවන් හට හිංසනය ඉගැන්වීමට දෙවියන්ට නොහැකි සේම, පාණ්ඩවයනුත් දරුණු සටනක යෙදී ස්වාධිපත්‍යය ලබාගන්නේ ද නැත. මේ ලෝකය කර්මක්‍ෂේත්‍රයකි. එහි මිනිස්සු තම ක්‍රියා වලින් කිනම් වර්ගයේ බීජ වපුරයි ද, ඒ අනුව යහපත් හෝ අයහපත් ඵල ලබා ගනී. මේ කර්ම ක්‍ෂේත්‍රය මත පාණ්ඩවයන් සහ ශක්තී අවතාරයන් වූ භාරත මව්වරුන් පෙනී සිටිනවා. දෙවියන් භාරත දේශයට පැමිණෙනවා, එමනිසායි, භාරතය අවිනාශී දේශය යැයි හැඳින්වෙන්නේ. පරමාත්ම දෙවියන් විශේෂයෙන් භාරත දේශයට පැමිණීමට හේතුව අධර්මිෂ්ඨතාවයේ ව්‍යාප්තිය ඇති වූයේ භාරතයෙනී. මෙහි තමයි දෙවියන් යෝග බලයෙන් කෞරවයන්ගේ රාජධානිය විනාශකර දමා, පාණ්ඩවයන්ගේ රාජධානිය ස්ථාපනය කළේ. ඉතින්, දෙවියන් පැමිණ තමයි ධාර්මිෂ්ඨ රාජධානියක් ස්ථාපිත කළේ. එනමුත් භාරත මිනිස්සු ඔවුන්ගේ උතුම් ධර්මය සහ උසස් ක්‍රියා අමතක කර තමන්ට හින්දූන් යැයි කියා ගත්තා. තමන්ගේ ආදී ධර්මය නොදත් හේතුවෙන් එම අසරණයින් වෙනත් ආගම් වලට හැරී ගියා. මෙය අසීමිත ස්වාමියා විසින්ම අපට කී අසීමිත ඥානයයි. ඔවුන් නියම ධර්මය අමතක කර සීමිත දේවල් තුළ පැටළී සිටිනවා. මෙයටයි ධර්මයේ අන්තිම අපකීර්තිය කියන්නේ. මන්ද, අනෙකුත් සියලු ආගම් පදාර්ථයටයි අයත් වන්නේ. කෙසේවෙතත්, තමා පිළිබඳ වූ ධර්මයයි මුලින්ම තිබෙන්න ඕන. ඉතින්, සෑම කෙනෙකුගේම තමා පිළිබඳ මුල්ම ධර්මය: මම සාමකාමී ජීව සත්තාවක්මි: එවිට පදාර්ථයේ (ශරීරයේ) ධර්මය නම් දේවතා ධර්මයයි. තිස්තුන් කෝටියක භාරත වැසියන් දේවතාවරුන් වේ. මෙන්න මේ නිසායි දෙවියන් කියන්නේ: ගණන් කළ නොහැකි තරමින් යුත් මේ සියලුම ශාරීරික ධර්මයත් අත්හරින්න, අනෙකුත් ආගම් සියල්ලක්ම අත්හරින්න. බොහෝ සේ විප්ලව ඇති වුයේ එම සීමිත ආගම් නිසාවෙනී. එමනිසා, දැන් එම සීමිත ආගම් වලින් ඉවතට යන්න, අසීමිතයට යන්න. ඔබ ඒ සර්ව බලධාරී දෙවියන් වූ අසීමිත පියා සමඟයි යෝග කළ ඒ යුත්තේ. එමනිසායි, සර්ව බලධාරී පදාර්ථයේ ස්වාමියා ශ්‍රී ක්‍රිෂ්ණා නොව, පරමාත්මය වන්නේ. ඉතින්, කල්ප කාලයකට පෙර ද, ජයග්‍රාහී පාර්ශවය පදාර්ථයේ ස්වාමියා වූ දෙවියන්ව පුද්ගලිකව තබා ගැනීම පිළිබඳව සිහිපත් කර ඇත. අච්චා.