07.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ වන්දනාකරුවන් ව සිට දැන් වන්දනාවට සුදුසු අය බවට පත් වෙති. වන්දනීය පියා
ඔබවද ඔහු සේම වන්දනීය බවට පත් කරවීමට පැමිණ ඇත.
ප්‍රශ්නය:
ඔබ දරුවන් තුළ
තිබෙන අධිෂ්ඨානශීලී ශ්‍රද්ධා විශ්වාසය කුමක් ද?
පිළිතුර:
ඔබ ඔබේ සම්පූර්ණ උරුමය ඔහුගෙන් ලබා ගන්නා තෙක්, පියා අත නොහැරීමේ අධිෂ්ඨානශීලී
ශ්‍රද්ධා විශ්වාසය ඔබට ඇත. එනම්, බාබා ගැන සිහිය ඇතිව ඔබ ශරීරය අත හැර ඔහු සමඟම
ගෙදර යන බවයි. බාබා අපට ගෙදර යාමට පහසු ක්‍රමය පෙන්වා දෙයි.
ගීතය:
ශිවාට නමස්කාර
වේවා ...
ඕම් ශාන්ති.
බොහෝ මිනිසුන්
“ඕම් ශාන්ති” කියයි. ඔබ දරුවන් ද “ඕම් ශාන්ති” කියයි. අභ්‍යන්තර ගත ජීවය ද “ඕම්
ශාන්ති” කියයි. කොහොමනමුත්, ජීවාත්ම ඔවුන් පිළිබඳව නිරවද්‍යවම දන්නේ නැත, පියාව
දන්නේ ද නැත. ඔවුන් පියාට අඬගැසුවද, ඔහු මෙසේ කියයි මා කවුද? මා කුමක් කරන්නේ දැයි
කිසිවෙක් නොදනී. ඔබ කවුදැයි ඔබ නොදැන සිටියා සේම ඔබ කොහෙන් පැමිණියා දැයි නොදනී.
ජීවාත්ම වූ කලී පුරුෂ වේ. ඔවුන් පුතුන් ය. පියා වූ කලී උත්තරීතර ජීවයයි, ඒ නිසා
ඔවුනොවුන් අතර ජීවයන් සහෝදරයින් වේ. ඔවුන් ශරීරයකට ඇතුළු වූ කළ සමහරුන් පිරිමි වන
අතර සමහරුන් ගැහැණු වේ. කොහොමනමුත්, කිසිම මනුෂ්‍යයෙක් ජීවාත්ම යනු කුමක් දැයි
හරියටම නොදනී. ඔබ දරුවන් දැන් මේ ඥානය ලබා ගන්නවා සේම එය ඔබ සමඟ රැගෙන යයි. එහිදී,
ඔබට ජීවාත්මය ගැන ඥානය තිබෙනවා සේම ඔබ පරණ ශරීරයක් අතහැර අළුත් එකක් ගන්නා බවද දනී.
ඔබ ජීවාත්මය පිළිබඳ හඳුනා ගැනීම රැගෙන යයි. පෙරදී ඔබ එය කුමක්ද වත් දැන නොසිටියේය.
ඔබ කොතෙක් කල් මේ කොටස රඟපෑවා දැයි වත් දැන නොසිටියේය. දැන් වුවද බොහෝ අය ඔවුන් ගැන
සම්පූර්ණයෙන් ම දැනුවත් නැත. ඔවුන් දන්නේ ඔවුන්ගේ දළ ස්වභාවය වන අතර විශාල ලිංගම්
ස්වරූපයක් ද සිහියට නගා ගනී. ‘ජීවාත්මයක් වු මම, ආලෝක තිතකි. පියා ද ආලෝක තිතකි‘
යන්න දැනුවත් වෙමින් සිහි එලවා ගැනීම කරන්නේ ඉතා ටික දෙනෙකි. සෑම කෙනෙක්ගේ ම
බුද්ධිය ඇත්තේ අනුපිළිවලිනි. ඇතැම් අය හොඳින්ම දැනගෙන අන් අයට තේරුම් කර දීම පටන්
ගනී. ඔබ මෙසේ විස්තර කරයි ඔබ ජීවාත්මයක් යැයි සළකමින් පියා ගැන සිහි එලවා ගන්න.
පිරිසිඳු කරන්නා ඔහු පමණි. මිනිසුන් ජීවාත්ම ගැන නොදන්නා නිසා එය තේරුම් කර දිය
යුතුව ඇත. ඔවුන් එකිනෙකා එසේ ජීවාත්මයන් බව නිසැකව දැන ගත්විට පමණි පියා ගැන
දැනුවත් විය හැක්කේ. ඔවුන්ට පියා ගැන හරියටම දැන ගත නොහැක්කේ ද ඒ නිසාය. ඔබ දරුවන්
දැන් දන්නවා අප ආලෝක තිත් බව. සෑම කුඩා ජීවාත්මයකම උපත් 84 ක කොටස වාර්තා ගත වී ඇත.
එය ද තේරුම් කර දිය යුතුව ඇත. නොඑසේ වී නම් ඔවුන් මේ ඥානය ඉතා හොඳයි, දෙවියන් වෙතට
හොඳ පාරක් පෙන්වා දී ඇත යනුවෙන් දොඩමින් සිටී. කොහොමනමුත්, ‘මම කවුද?‘ හෝ ‘දෙවියන්
කවුද‘ යන්න නොදනී. සමහර අය හොඳයි කියනවාට අමතරව ඔබ ඔවුන් අදේවවාදීන් කරනවා යැයි ද
කියයි. ඔබ දන්නවා මේ ඥානය වෙන කෙනෙකුට නැති බව. ඔබ මෙසේ තේරුම් කරයි අප දැන්
වන්දනීය බවට පත් වෙමින් සිටී, අප තව දුරටත් කිසිවෙකුට වන්දනා කරන්නේ නැත, මක් නිසාද
අප ඉහළම ඉහළ වන්දනීය දෙවියන් වන අයගේ දරුවන් වන හෙයිනි. ඔහු අත්‍යන්තයෙන් ම වන්දනීය
වූ උසස් ම පියාය (පිතා ශ්‍රී). ඔබ දරුවන් දැන් දන්නවා පියා අපව ඔහු වෙතට ලබාගෙන
උගන්වන බව. එම කෙනා පමණි, උසස් ම උසස් හා වන්දනීය වන්නේ. ඔහුට මිස වෙන කිසි කෙනෙකුට
අපව වන්දනීය බවට පත් කරවිය නොහැක. වන්දනාකරුවන් නියතවම අන් අයද වන්දනාකරුවන් බවට
පත් කරවයි. ලෝකයේ අන් හැම කෙනෙක් ම වන්දනාකරුවන් වෙයි. අප දැන් වන්දනීය කෙනා
සොයාගෙන ඇති අතර ඔහු අපව ඔහුට සමාන ලෙස සකසයි. ඔහු අපගේ වන්දනාව අවසාන කර ඇත. ඔහු
අපව ඔහු සමඟම ගෙන යයි. මෙය කිලුටු වූ ලෝකයකි. මෙය මරණයේ දේශයයි. රාවණ් රාජ්‍ය බිහි
වන කළ භක්තියද ආරම්භ වේ. ඔබ වන්දනීය බවේ සිට වන්දනා කරුවන් බවට පත් වේ. ඉනික්බිතිව
පියා පැමිණිය යුතුයි ඔබව වන්දනාකරුවන් බවේ සිට වන්දනීය බවට පත් කරවීමට. ඔබ දැන්
වන්දනීය දෙවි දේවතාවුන් බවට පත් වෙමින් සිටී. හැම ජීව ආත්මයක් ම ශරීරය මඟින් තම
කොටස රඟපායි. පියා ඔබව පාරිශුද්ධියට පත් කරමින් වන්දනීය දෙවි දෙවතාවුන් බවට හරවයි.
ඒ නිසා ඔබට මෙම මාර්ගය ලබා දී ඇත පියා සිහි කරන්න, එවිට ඔබ වන්දනාකරුවන් බවින්
වන්දනීය බවට පත් වේ, මක් නිසාද සියලුම දෙනා පියාට වන්දනා කරන හෙයිනි. කල්ප බාගයක්
වන්දනාකරුවන් ව සිටි අය ඊළග කල්ප බාගයට වන්දනීය බවට පත් වේ. මෙය ද නාටකයේ කොටසකි.
කිසිවෙක් නාටකයේ මුල, මැද හෝ අග නොදනී. ඔබ දරුවන් මෙය පියා ගෙන් දැනගෙන අන් අයට
තේරුම් කර දෙයි. මුලින් හා ප්‍රධාන ලෙස ඔබ තේරුම් කර දිය යුත්තේ මෙයයි ඔබ
ජීවාත්මයක්, තිතක් බව සලකන්න. ජීවාත්මන්ගේ පියා වු කලී අශරීරික කෙනාය. ඔහු
ඥාන-පූර්ණ කෙනාය. ඔහු මෙහි විත් අපට උගන්වයි. ඔහු ලෝකයේ මුල, මැද, අග පිළිබඳ රහස්
කියා දෙයි. ඔහු එන්නේ එක වතාවයි. ඔබ ඔහුව තේරුම් ගත යුත්තේ එක වතාවයි. ඔහු එන්නේ මේ
සංගම් යුගයේදී පමණයි. ඔහු පැමිණ ජරාජීර්ණ අපිරිසිඳු ලෝකය පිරිසිඳු කරයි. දැන් නාටක
සැලසුම අනූව පියා පැමිණ ඇත. මෙය අරුමයක් නොවේ. මම චක්‍රයෙන් චක්‍රය මෙසේ එමි. එහි
තත්පරයක හෝ වෙනසක් තිබිය නොහැක. ඔබ හැම දරුවෙක්ම බාබා සත්‍ය ලෙසම පැමිණ ඔබට සත්‍ය
ඥානය දෙමින් සිටින බව හදවතින් ම දනී. ඉනික්බිතිව නැවත චක්‍රයකින් පියා නැවත පැමිණිය
යුතුයි. ඔබ දැන් පියා ගැන දත් දෙය ඊළඟ කල්පයේ දී ද දැන ගැනීමට පැමිණේ. ඔබ මේ
ජරාජීර්ණ ලෝකය විනාශ වෙමින් යන බවද ඔබ සත් යුගයට ගොස් කොටස් රඟපාන බවද දනී. ඔබ සත්
යුග දෙව්ලොව වාසීන් බවට පත් වනු ඇත. ඔබේ බුද්ධියට මෙය සිහිපත් වෙනවා නේද? එයින් ඔබ
සතුටින් සිටිනවා නේද? මේ ඔබේ ශිෂ්‍ය ජීවිතයයි. ඔබ ඉගෙන ගන්නේ දෙව්ලොව වාසීන්
වීමටයි. ඔබේ සතුට මේ ඉගෙනීම අවසන් වන තෙක් ස්ථාවරව තිබිය යුතුයි. විනාශය සඳහා සියලු
දේ සම්පාදනය වන තෙක් මෙම ඉගෙනීම සිදුවනු ඇතැයි පියා විස්තර කරයි. ඔබ දන්නවා නියත
වශයෙන් ම සියල්ල ගිණිගත යුතු බව. ඒ සඳහා සියල්ල සූදානම් වෙමින් ඇත. ඔවුන් සියලු
දෙනා එකිනෙකා කෙරෙහි තරහින් පසු වේ ... අහෝ ! සෑම තැනම විවිධ වර්ගයේ හමුදා ඇත.
ඔවුන් සියලු දෙනා සටනට සුදානම් වේ. යුද්ධයේ පුළිඟුව දැල්වීමට විවිධ ක්‍රම ඇත. ගිය
කල්පයේ ලෙසම විනාශය සිදුවිය යුතුය. ඔබට එය දැකිය හැකිය. මින් පෙරද එක පුළිඟුවකින්
මහා යුද්ධ වූ බව ඔබ දැක ඇත. ඔවුන් එකිනෙකාට මහා බෝම්බ පිපිරවීමට තර්ජනය කරයි. මරණය
පැමිණි විට මරණය හමුවේ තවත් බෝම්බ මිස වෙන තෝරාගැනීමක් නැත. පසුගිය යුද්ධයේ ද බෝම්බ
භාවිත විය. ඉරණම එය විය. දැන් එවැනි බෝම්බ දහස් ගණනක් ඇත. ඔබ නියත වශයෙන් ම තේරුම්
කර දිය යුතුයි අප සියලු දෙනා ගෙදර ගෙන යාමට පියා පැමිණ ඇති බව. සැම දෙනාම අඬගහමින්
සිටී පාරිශුද්ධකරුවාණනි! පැමිණෙන්න...! අප මේ කිලිටි ලෝකයෙන් පිරිසිඳු ලෝකයට ගෙන
යන්න. ඔබ දරුවන් දන්නවා පිරිසිඳු ලෝක දෙකක් ඇති බව මුක්තිය හා ජීවන් මුක්තියයි. සෑම
ජීවාත්ම දරුවෙක් ම පිරිසිඳු වී විමුක්ති දේශයට යනු ඇත. මරණයේ දේශය නම් වූ මෙම දුක්
ලෝකය විනාශ වනු ඇත. මුලින් ද ඔබ අමරණීය දේශයේ සිටියා. ඉනික්බිතිව චක්‍රයේ ගමන් කරන
විට මරණයේ දේශයට ලඟා වේ. දැන් නැවත අමරණීය දේශය ඉදිවෙමින් පවතී. එහි අකල් මරණ නැත.
අමරණීය දේශය යැයි කියන්නේ එහෙයිනි. ආගමික ලේඛණ වල මෙය තිබුණත් එහි සැබෑ තේරුම
නොදනී. තවද ඔබ දන්නවා බාබා පැමිණ ඇති බවත් මරණයේ දේශය විනාශ විය යුතු බවත්. මෙය
100% ක්ම නිවැරදිය. පියා විස්තර කරයි ඔබ යෝගා බලෙන් පිරිසිඳු විය යුතුය. මාව සිහිකළ
විට පාප දුරුවනු ඇත. කොහොමනමුත්, මෙයවත් සිහිගන්වා ගැනීමට බොහෝ දරුවන්ට හැකි වී
නැත. පියාගෙන් රජදහන නම් වූ උරුමය ලබා ගැනීමට නම් යම් උත්සාහයක් දැරිය යුතුයි. හැකි
පමණ සිහි එලවා තබා ගන්න. ඔබම පරික‍්ෂා කරන්න මට කොපමණ වේලාවක් සිහි එලවා ගෙන සිටිය
හැකි ද? තව කී දෙනෙකුට මම මෙය කියම් ද? ’මන්මනභාව්‘ යනු කියවමින් සිටිය යුතු
මන්ත්‍රයක් නොවේ. එය වූ කලී පියා පිළිබඳ එළඹ සිටි සිහියෙන් යුක්ත වීමයි. ශරීර
අවධානයෙන් මිදෙන්න. මේ ශරීරය ඔබේ රථයයි. ඔබ කොතෙක් වැඩ කරනවාද? ඔබ නැවත සත් යුග
දෙවි දේවතාවුන් ගේ අත්දැකීම් ලබමින් එහි පාලනය ගෙන යයි. එවිට ඔබ ප්‍රායෝගික ලෙසම
ආත්ම අවධානයෙන් යුක්ත වේ. කෙනෙක් මෙසේ කියයි ‘මගේ මේ ශරීරය වියපත් ව ඇත. මා මෙය අත
හැර අළුත් එකක් ගනිමි.‘ එහිදී දුකක ප්‍රශ්නයක් නැත. මෙහි මිනිසුන් ශරීරය අත් නොහැර
සිටීම සඳහා දොස්තරලාගෙන් බෙහෙත් ගනිති. ඔබ දරුවන් අසනීප අවස්ථාවලදී පවා ශරීරය
පිළිබඳ නොසැලි සිටින්න. ඔබ පියාගෙන් උරුමය ලබා ගත යුත්තේ මෙම ශරීරය තුළ සිටිමින්
මය. ශිව බාබා පිළිබඳ සිහි එලවා ගැනීම තුළින් පාරිශුද්ධතාව ලැබේ. උත්සාහය යනු එයයි.
කොහොමනමුත්, පළමුවෙන්ම ජීවාත්මය යන්න දැන හඳුනාගත යුතුයි. ප්‍රධාන කාරණය වන්නේ ඔබ
සිහි එලවා ගැනීමේ වන්දනාව තුළ සිටීමයි. එම එළඹ සිටි සිහියෙන් ම අපි අපේ නිවහන වන
ආත්ම ලෝකයට නැවත යනු ඇත. ඒ අපේ සාම දනව්වයි. සාම දනව්ව සහ සතුටේ දනව්ව දැන හඳුනා
සිහි එලවා ගන්නේ ඔබ පමණි. වෙන කිසිවෙකුට මෙම ඥානය නැත. පියාගෙන් මෙම උරුමය කල්පයකට
පෙර ම ලබාගත් අය නැවත එය ලබා ගනු ඇත. ප්‍රධාන වන්නේ සිහිඑලවා ගත් වන්දනා ගමනයි.
භක්ති මාර්ගයේ ගිය වන්දනා ගමන දැන් අවසානයට පැමිණ ඇත. භක්ති මාර්ගයම අවසාන වී ඇත.
භක්ති මාර්ගය යනු කවරේද? මෙය තේරුම් ගත හැක්කේ ඥානය ඇති විට පමණි. ඔවුන් සිතන්නේ
භක්තියෙන් දෙවියන් හමුවිය හැකි බවයි. භක්තියේ ප්‍රතිඵලය වශයෙන් දෙවියන් අපට දෙන දෙය
ඔවුන් තේරුම් නොගනී. ඔබ දරුවන් දන්නවා දැන් පියා නියත වශයෙන් ම ඔබට දෙව්ලොව රජදහනේ
උරුමය දෙන බව. ඔබ සැමට ඔබේ දෙව්ලොව උරුමය ලබා දේ. රජ, රැජින සහ යටත් වැසියන් සියලු
දෙනා දෙව්ලොව වැසියන් වේ. පියා මෙසේ කියයි අවුරුදු 5000 කට පෙර මා ඔබව දෙව්ලොව
වැසියන් කරවූවා. මම නැවතත් ඔබව එසේ කරවමි. ඉනික්බිතිව ඔබ නැවත මෙවැනි උපත් 84 ක්
ගනු ඇත. එය බුද්ධියේ තබා ගන්න! එය අමතක නොකරන්න! පියා වෙත ඇති ලෝකයේ මුල, මැද, අග
පිළිබඳ ඥානය කුල දරුවන්ගේ බුද්ධිය තුළටද කාන්දු වේ. අප උපත් 84 ක් ගන්නේ කෙසේ ද? අප
පියාගෙන් උරුමය ඉල්ලමු. මීට පෙර බොහෝ වතාවත් එය පියාගෙන් ලබා ගෙන ඇත. පියා මෙසේ
කියයි ඔබ පළමුව කළ ලෙසම නැවත ඉල්ලුම් කරන්න. පියා දිගටම හැම කෙනෙකුටම උගන්වයි. ඔහු
දිගටම අනතුරු අඟවමින් දිව්‍යමය ගුණාංග ඇති කර ගැනීමට ඔබව යොමු කරයි. ඔබ නොබැඳි
නිරීක‍්ෂකයකුසේ පරීක්ෂාවට ලක් කර ඔබේ උත්සාහය කෙබඳු දැයි බලන්න, ඔබ සමහරු හිතනවා ඔබ
හොඳින් උත්සාහ කරනවා කියා. සමහරු සිතනවා ‘මම ප්‍රදර්ශන ආදිය සූදානම් කරනවා, පියා ආ
බව අන් අයට කියා දෙනවා‘ කියා. ඒ දුකට පත් අය ඉන්නේ ගැඹුරු අවිදු අඳුරකය. ඔවුන් මේ
ඥානය තේරුම් නොගනී. ඒ නිසා ඔවුන් සිතන්නේ භක්තිය ඉතා උසස් කියාය. ඔබටත් පෙරදී මේ
ඥානය තිබුණා ද? ඔබ දැන් දන්නවා පියා ඥාන සාගරය බව. ඔබේ භක්තියේ ඵලය ලබා දෙන කෙනාද
ඔහු ම වේ. බොහෝ භක්ති කරපු අය ඵලය වැඩි වශයෙන් ලබයි. හොඳින්ම ඉගෙන ගන්නේ ඔවුන්ම වන
අතර ඉතා උසස් තත්ත්වයක් ද ලබයි. මේවා එතරම්ම මිහිරි කාරණාය. මේවා කෙතරම් පහසු ද යත්
වියපත් මව් වරුන්ටද තේරුම් කර දිය හැකිය. ඔබ ජීවාත්මයක් ලෙස සලකමින් පියා (සත්‍යය)
පිළබඳ එළඹ සිටි සිහියෙන් සිටින්න. ඉහළම ඉහළ දෙවියන් ශිවාය. උත්තරීතර ජීවය වූ ශිවාට
නමස්කාර වේවා යැයි කියැවේ. පියා මෙසේ කියයි ඔබේ පව් අහවර වීමට මා පමණක් ම ගැන
නිරතුරුව සිහි එලවා ගන්න. එපමණයි! ඔහු ඔබට වෙනත් අපහසුවක් නොකරයි. ඔබ තව දුරටත්
දියුණු වන විට ශිව බාබා පිළිබඳ සිහි එලවා ගැනීම ඇරඹෙනු ඇත. අපි අපේ උරුමයේ අයිතිය
ඉල්ලා ගත යුතුයි. අප ජීවතුන් අතර සිටිය දීම නියත ලෙසම මෙම උරුමය පියාගෙන් ලබා ගත
යුතුය. ශිව බාබා පිළිබඳ සිහියෙන් ම ශරීර අතහරිනා අය එම සංස්කාර ඔවුන් සමඟ ගෙන යනු
ඇත. ඔවුන් නියත වශයෙන්ම දෙව්ලොව වෙත යනු ඇත. ඔවුන් සත්‍යය හා එකතු (යෝග) වූ තරමට
ඔවුන්ට ඵලය ලැබෙනු ඇත. ප්‍රධාන වන්නේ වැඩෙහි දී ද ගමනේදී ද ඒ අතරවාරයේ දී ද
හැකිතාක් එළඹ සිටි සිහියෙන් සිටීමයි. ඔබ හිස මත ඇති පාප බර අස් විය යුතුය. මේ සඳහා
අවශ්‍ය වන්නේ සිහි එලවා සිටීම පමණී. වෙනත් අපහසුවක් පියා නොදෙයි. ඔහු දන්නවා ඔබ
කල්ප භාගයක්ම බොහෝ අපහසුතාවන් ට මුහුණ දුන් බව. මම දැන් පැමිණියේ පහසු මාර්ගයකින්
ඔබේ උරුමය ලබා ගැනීමට පෙන්වීමටයි. පියා ගැන සිහි එලවා ගැනීම පමණක්ම කරන්න. පෙරදීද
ඔබ ඔහු සිහිකළත් ඒ ඔබේ ඥානය නැති තත්ත්වයකදීය. පියා දැන් ඔබට ඥානය ලබා දී ඇත. ඒ
නිසා මේ විදියට මාව සිහි කර පාප දුරුකර ගන්න. බොහෝ මිනිසුන් ශිවාට වන්දනා කරමින්
ඔහු සිහිකළාට ඔහුව හඳුනන්නේ නැත. බාබා පැමිණ මෙකල ඔහු පිළිබඳව මෙසේ කියයි මා පිළිබඳ
සිහි එලවා ගන්න! දැන් ඔබ දන්නවා ඔබ කියන්නේ ඔබ බාප්දාදා ළඟට යනවා කියා. පියා ලබා
ගන්නේ මෙම ‘වාසනාවත්ත වාහනයයි‘. ‘වාසනාවන්ත වාහනය‘ යන්න ප්‍රසිද්ධ කියමනකි. පියා මේ
වාහනය තුළ වාඩි වී ඔබට ඥානය කියා දේ. මෙයද නාටකයේ රඟ දැක්වෙන කොටසකි. චක්‍රයක් පාසා
ඔහු මේ රථයට ඇතුල් වේ. ඔබ දන්නවා මේ කැත සහ ලස්සන යැයි කියන එකම අය බව. ඔබ මෙය
දන්නා නමුත් මිනිසුන් දී ඇති නම ‘අර්ජුන‘ යන්නයි. බ්‍රහ්මා විශ්ණු වන ආකාරයත්
විශ්ණු බ්‍රහ්මා වන ආකාරයත් පියා හරියටම විස්තර කරයි. ඔබ දරුවන් දැන් දන්නවා දැන්
ඔබ බ්‍රහ්මාගේ දේශයට අයිති බවත් විශ්ණු ගේ දේශයට අයිති විය යුතු බවත්. විශ්ණු දේශයේ
සිට බ්‍රහ්මිණ් දේශයට යාමට උපත් 84 ක් ගනී ඔබට මේ ඇසෙන දේ බොහෝ වතාවක් විස්තර කර දී
ඇත. ජීවාත්ම වෙත දැන් පියා මෙසේ කියයි මා පිළිබඳ පමණක් සිහි එලවා ගන්න, ඔබේ සියලු
පව් දුරු වේ. මේ නිසයි ඔබ සතුට අත් විඳිය යුත්තේ. මෙම අවසාන උපතේදී පාරිශුද්ධියට
පත් වීමෙන් ඔබ පිරිසිඳු ලෝකයේ හිමිකරුවන් බවට පත් වනු ඇත. ඉතින් ඔබ පිරිසිඳු
නොවන්නේ ඇයි? ඔබ එකම පියාගේ දරුවන් වන බ්‍රහ්ම කුමාර සහ බ්‍රහ්ම කුමාරීන්ය. ඒ වුණත්
ඔබ භෞතික ආකල්ප වලින් වෙනසකට ලක් වීමට කාලය යයි. හෙමින් සැරේ අවසානයේ දී ඔබ
කර්මාටීට් තත්ත්වයට පත් වේ. මෙකලදී කිසිවෙකුට කර්මටීට් තත්ත්වය ලැබිය නොහැකිය. එම
තත්ත්වයේ දී ඔබ ශරීරය තබා නොගනී. ඔබ ශරීරය අතහැරිය යුතු වන අතර යුද්ධය පටන් ගන්නේ
ඉන් පසුය. පියා පිළිබඳ පමණක් ම සිහි එලවා ගත යුතු අතර ඒ සඳහා උත්සාහය අවශ්‍යය.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ
නොබැඳුනු නිරීක‍්ෂකයකු ලෙස, පරික‍්ෂා කර බලන්න ඔබ කොතෙක් දුරට උත්සාහ කරනවාද කියා.
එහෙ මෙහෙ යන අතරතුර දී හා ක්‍රියාවේ යෙදීමේදී කොපමණ වේලාවක් ඔබ පියා පිළිබඳ එළඹ
සිටි සිහියෙන් සිටීද ?
2. ශරීරය සමඟ කිසි
විටෙක සැලෙන්න එපා. ඔබ ශරීරයේ සිටිමින් ම පියාගෙන් උරුමය ලබා ගත යුතුව ඇත. දෙව්ලොව
වාසීන් වීමට නම් මේ ජීවිතයේ දී සම්පූර්ණයෙන් ඉගෙනීම කළ යුතුය.
වරදානය:
ත්‍රිකාලදර්ශියෙකු සහ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස සෑම ක්‍රියාවක්ම කිරීමෙන් ඔබට
බන්ධනයෙන් නිදහස් වීමේ අවධිය අත්විඳිය හැකි අතර, ඔබ ආදර්ශයක් වනු ඇත.
ත්‍රිකාලදර්ශි අවධියේ
ස්ථාවරව සිටිය දී ඔබ සියල්ල කරන්නේ නම් සහ ඔබේ සෑම ක්‍රියාවකම ආරම්භය, මැද සහ
අවසානය දන්නේ නම්, ඔබේ කිසිදු ක්‍රියාවක් පාපකාරී නොවනු ඇත; ඒවා සැමවිටම පිරිසිදු
ක්‍රියාවන් වනු ඇත. එලෙසම, ඔබ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස සියල්ල කරන විට, ඔබ කිසිවක්
කරන අතරතුර කර්ම බන්ධනයක සිටින ජීවාත්මයක් බවට පත් නොවනු ඇත. ඔබේ ක්‍රියාවන්හි ඵලය
උසස් වන බැවින්, ඔබ බන්ධන නොව ක්‍රියාවන් හරහා සබඳතා ගොඩනඟා ගනු ඇත. සියල්ල කරන
අතරතුර, නොබැඳිව සහ ළබැඳිව සිටින්න, එවිට ඔබ බොහෝ ජීවාත්ම ඉදිරියේ ආදර්ශයක් වනු ඇත.
පාඨය:
නිරන්තරයෙන්
තෘප්තිමත් මනසක් ඇති අය ද්විත්ව ආලෝකයෙන් යුක්ත වේ. ආශිර්වාද ඔබේ හදවත නිරන්තරයෙන්
තෘප්තිමත්ව තබයි.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
බලවත් සිතිවිලි ඔබට
ජීවාත්ම බලය රැස් කරගැනීමට මගපාදයි, එනම්, ඔබ බලය රැස් කරගන්නා අතර ඔබගේ කාලයද ඔබ
වටිනා ලෙස භාවිතා කරයි. නිෂ්ඵල සිතිවිලි ඔබ ලවා ඔබගේ ශක්තිය සහ කාලය අපතේ යවයි.
එබැවින් දැන් නිෂ්ඵල සිතිවිලි නිර්මාණය කිරීම නවත්වන්න. නිර්මාණකරු වන ජීවාත්මයට
බාධා කරන්නේ මෙම නිර්මාණයයි. එබැවින් නිරන්තරයෙන් මෙම අභිමානය පවත්වාගන්න,
“ජීවාත්මය වන මා, මාස්ටර් සර්ව බලධාරියෙක්, මා බලවත් ජීවාත්මයක්.” එවිට ඔබට
කිසිවිටෙක බාධා නොපැමිණෙයි. අන් අයගේ බාධා අවසන් කරන කෙනෙක් බවට ඔබ පත්වෙයි.