07.06.25 Avyakt Bapdada
Sinhala
Murli 31.03.2010 Om Shanti Madhuban
මුතුන්මිත්තෙක් සහ
වන්දනීය ජීවාත්මයක් වීමේ ස්ව-අභිමානයේ රැඳී සිට,
මුළු වෘක්ෂයටම සකාශ් ලබා දීමෙන්, සියලු දෙනාව ඔබගේ මනසින් පෝෂණය කරන්න.
අද දින බාප්දාදා සෑම
තැනකම සිටින මුතුන්මිත්තන් සහ වන්දනීය ජීවාත්ම වන ඔහුගේ සියලුම ජීවාත්ම දෙස බලනවා.
ඔබ තමන් පූර්වජ (මුතුන්මිත්තන්) ජීවාත්ම බව සලකනවා නේද? වන්දනීය ජීවාත්ම වාසය
කරන්නේ කොහේද? ඔබගේ වෘක්ෂය ඔබ ඉදිරියට ගෙනැවිත්, එහි ඔබගේ ස්ථානය කොහේද කියා බලන්න.
ඔය පූර්වජයන්ගේ තැන, මුල් වල බව ඔබ දන්නවා. ඔබ ගසේ මුල් වල මෙන්ම කඳේද සිටිනවා.
එබැවින් මුළු ගසටම පෝෂණය ලැබෙන්නේ මුල් වලින්. ඔබ මුළු ගසේම අතු, රිකිලි, සහ පත්‍ර
වලට සකාශ් ලබා දී පෝෂණය කරන පුර්වජයන්ය. පූර්වජයන් වනවාට අමතරව ඔබ පිදුම් ලැබීමටද
සුදුසුයි. අවසන් පත්‍රයටත් සකාශ් ලැබෙන්නේ කඳෙන්ය. මුළු ගසටම සකාශ් ලබා දෙන අය ඔබලා
බව, ඔබ අත්දකිනවාද? අතු, රිකිලි සහ පත්‍ර වන සියලු ජීවාත්මයන්ට සකාශ් ලබා දෙන
පූර්වජයන් ඔබයි, යන කුල්මත් බව ඔබට තිබෙනවාද? බ්‍රහ්ම පියා, මීමුත්තා බව පැවසෙන
සේම, ඔහුගේ දරුවන් වන ඔබ, ඔහුගේ සහකරුවන්ද, මාස්ටර් මීමුත්තන්ය. මුළු ගසේම ජීවාත්ම,
ඔය පූර්වජ ජීවාත්ම වෙතට ආකර්ෂණය වනවා. ඔය පූර්වජ ජීවාත්ම, ඔබගේ බල වලින් ඔවුන්ව
පෝෂණය කරයි. පරම පියා ඔය සියලුම පූර්වජ ජීවාත්මයන්ව පෝෂණය කළා; ඔහු එය සිදු කළේ
කෙසේද? සියලු බල වලින්. ඒ ආකාරයෙන්ම, ඔබ පූර්වජයන් වීම අතින්, බල වලින් ඔවුන්ව
පෝෂණය කරන අය ඔබලාය. මේ දිනවල සියලුම ජීවාත්ම සිටින්නේ දුකින් බව ඔබට දැකගත හැක;
ඔවුන් තම තමන්ගේ විශේෂ දේවතාවන්ට කන්නලව් කරනවා: ‘පැමිණ අපව ආරක්ෂා කරන්න! අපට සාමය
ලබා දෙන්න! අපට බලය දෙන්න! ඕ සමාව දීමේ සාගර, පූර්වජයන්, අපව පෝෂණය කරන්න!’ ඔය
පූර්වජ ජීවාත්මයන්ගේ දෙසවනට මෙම හඬ ඇසෙනවාද? ඔවුන්ගේ පූර්වජයන් වීමේ අත්දැකීම ඔබට
තිබෙනවාද? මුළු ගස දෙසම බලන්න - මන්ද, වෙනත් ආගම් වල සියලු ජීවාත්ම, ගසේ අතු සහ
රිකිලි නිසා, ඔවුන්ද ඔබ දෙස බලන්නේ එම ද්‍රිෂ්ඨියෙන්. ඔබ ඔවුන්ගේද පූර්වජයන්. ඕනෑම
ආගමක ජීවාත්ම ඔබට මුණගැසෙන විට, ඔවුන්ද ඔබගේම ගසේ අතු සහ රිකිලි බව ඔබ සලකනවාද?
ඔවුන්ට ඔබව මුණගැසෙන විට, ඔබ ඔවුන්ට අයත් බව ඔවුන් සලකයි. ඔබ ඔවුන්ට අයත්ය, යන
හැඟීම ඔවුන්ට තිබෙන අතර ඔවුන්ට එම හැඟීම තිබිය යුතුයි. ඔබ තුළ එතරම් කුල්මත් බවක්
සහ දයාවේ හැඟීම් තිබෙනවාද? ඔවුන් අසරණ බවින් කන්නලව් කරනවා: ‘අනුකම්පා කරන්න!’
එබැවින් දැන්, කාලයට අනුව, ඔය සියලුම පූර්වජ ජීවාත්ම, බල මගින්, ඔබගේ මනසින් ඔවුන්ව
පෝෂණය කළ යුතුයි. ඔවුන්ට දැන් මෙය අවශ්‍යයි. ඔබ පූර්වජයෙක් වීමේ කුල්මත් බව පවත්වා
ගන්න ප්‍රමාණයට අනුව, එම ප්‍රමාණයට එම ජීවාත්ම ඔබ මගින් පෝෂණය වෙයි. සාමාන්‍යයෙන්,
ලෞකික ජීවිතයේදිද, කෙනෙක්ව පෝෂණය වන්නේ වැඩිහිටියන් විසින්ය. කෙනෙකුගේ සිරුරට
අවශ්‍ය ආහාර පාන සහ ආදායම් මාර්ගය වන අධ්‍යාපනයට අවස්ථා සකස් කරදී මඟපාදන අය,
ඔවුන්ය. විවිධ බල වලින් පරම පියා ඔය සියලු දරුවන්ව පෝෂණය කර ඇති සේම, ඔබගේ වගකීම
වන්නේ මුළු ගසේම සියලු අතු, රිකිලි සහ පත්‍ර පෝෂණය කිරීමයි. ඔය පූර්වජ ජීවාත්මයන්ට
එවන් උද්යෝගයක් තිබෙනවාද? තවද ඔබ වන්දනීය ජීවාත්ම යන කුල්මත් බවත් ඔබට තිබෙනවාද?
මුළු නාටකය දෙසම බලන්න, ඔය ජීවාත්ම තරම් විනයකින් වෙනත් කිසිම ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්
හෝ ආගම් නිර්මාතෘවරයෙක් වන්දනාවට ලක් වන්නේ නැත. ඔබගේ වන්දනාව සිදුවන්නේ
විනයානුකූලවයි: ඔබ වෙනුවෙන් ආරති සිදු කිරීම (බන්දේසියක් මත පහන් තබා කරන වන්දනා
ස්වරූපයක්) සහ භෝග් පුද කිරීම - වෙනත් කිසිවෙකු මේ ආකාරයට වන්දනාවට ලක් වන්නේ නැත.
ඔබව සිහි කරන අන්දම සහ ඔබගේ ප්‍රශංසා ගායනා කරන්නේද විනයානුකූලවයි. එබැවින්
පූර්වජයන් වීමට අමතරව ඔබ වන්දනා ලැබීමටත් සුදුසු වෙයි. මුළු නාටකය පුරා වෙනත්
කිසිවෙකු මේ ආකාරයට සිහි කරන්නේ හෝ වන්දනා කෙරෙන්නේ නැත.
එබැවින් ඔය වන්දනීය
සහ පූර්වජ ජීවාත්ම දැක, බාප්දාදා බොහෝ සතුටු වනවා. පරම පියාගේ හදවත තුළ මෙම ගීතය
නැවත නැවතත් වාදනය වෙයි: අපූරුයි මුළු වෘක්ෂයේම මගේ පූර්වජයන් සහ වන්දනීය ජීවාත්ම!
අපූරුයි! මෙකල බාප්දාදාට ඔය සියලු දරුවන්ව දැකීමට අවශ්‍ය වන්නේ ඔබගේ ස්ව-අභිමන්
ස්වරූපයෙන්, පියාට සමාන, අංගසම්පූර්ණ සහ පරිසමාප්ත ස්වරූපයෙන්. ඒ සඳහා ඔය දරුවන්
එක් දේකට අවධානය යොමු කළ යුතුයි. ඔය සියලුම දරුවන් ඉතා හොඳින් උත්සාහ දරන නමුත් ඔය
සෑම කෙනෙක්ම එම උත්සාහ වලට ‘සදා’ (නිරන්තර) යන වචනය එකතු කළ යුතු බව බාප්දාදා දැක
තිබෙනවා. ඔබ මෙයට අවධානය යොමු කළ යුතුයි. බාප්දාදා ඔය දරුවන්ගෙන් විමසන්නේ:
බාප්දාදා ඔය සියලු දරුවන්ව දකින්නේ ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ව-අභිමන් ස්වරූපයෙන් සේම, ඔබත්
තමන්ට එවන් ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානයක් තිබෙන බව සලකනවාද?
ඔය දරුවන්ටත් දැන්
ඔබගේ රජදහනට යාමට අවශ්‍ය බව බාප්දාදා දුටුවා. ඔබ නොකඩවා මෙම ගීතය ඔබගේ මනසින් ගායනා
කරයි: ‘අපි දැන් ආපසු නිවහනට යා යුතුයි. අපි දැන් ආපසු නිවහනට යා යුතුයි. අපි දැන්
ආපසු ගමන සිදු කළ යුතුයි.’ මේ සඳහා බාප්දාදා ඔබට මින් පෙරද කියා තිබෙන්නේ: සෑම විටම
තමන්ව එක් හෝ වෙනත් ආකාරයක සේවයක කාර්යබහුලව තබා ගන්න. සේවය කිරීමේ කැමැත්ත,
උනන්දුව සහ උද්යෝගය ඔය සියලුම දරුවන්ට තවමත් තිබෙන බව බාප්දාදා දැක තිබෙනවා.
බාප්දාදාට ඉතා හොඳ සේවා පුවත් ඇසෙනවා. කෙසේවෙතත්, ඔබට සීඝ්‍ර වේගයකින් ප්‍රගතියක්
ලබා ගැනීම සඳහා බාප්දාදා විශේෂයෙන් ඔය දරුවන්ගේ අවධානය යොමු කරන්නේ: ඔබගේ වචන වලින්
පමණක් සේවය නොකරන්න. ඔබ සේවය කරන විට, එකවර තුන් ආකාරයක සේවය සිදු කරන්න: ඔබගේ
මනසින් සකාශ් ලබා දෙන්න, වචන වලින් මෙම දැනුම ලබා දෙන්න, එමෙන්ම ක්‍රියාවෙන්, එනම්
ඔබගේ නෑ සබඳතා වලින්, ඔබ සිදු කරන සේවයෙන් බලපෑමක් ඇති කරන අන්දමේ එවන් සේවයක් ඔබගේ
මුහුණින්ද එකවර සිදු කරන්න. එකවර තුන් ආකාරයක සේවයක් සිදු කරන්න, මන්ද, ජීවාත්මයන්ට
දැන් අවශ්‍ය වන්නේ සේවයේදි වෙනසක් තිබීමටයි - යම් වෙනසක් තිබිය යුතු බව. ඉතිං ඔබට
එකවර තුන් ආකාරයක සේවයක් සිදු කළ හැකිද? ඔබට එය කළ හැකිද? ඔබ වචන වලින් සේවය කරන
විට, ඔබගේ මනසින් සහ ක්‍රියාවෙන්ද සේවය සිදුවනවාද කියා ඔබ පරීක්ෂා කර බලනවාද? එනම්,
ඔබගේ නෑ සම්බන්දතා තුළින් සේවයක් වෙනවාද? එය එකවර සිදු වන්නේද? එකවර සේවය කරන බව
සිතන අය අත් ඔසවන්න! ඔබ තුන් ආකාරයක සේවය සිදු කරනවාද? එසේ නම් දැන් අවධානය යොමු
කරන්න! ඇතැම් විට නොවෙයි. සිදු වන්නේ කුමක්ද? ඔබ සේවය කරයි, නමුත්, තමන් තුළ සහ
ඔබගේ සහකරුවන් අතරද තෘප්තිය තිබිය යුතුයි, මන්ද, සේවයේ ඵලය වන්නේ තෘප්තිය සහ
සතුටයි. එබැවින් ඔය සෑම කෙනෙක්ම පරීක්ෂා කර බලන්න: ඔබ සේවය සිදු කළා, නමුත් පෙර
පැවසූ පරිදි, සේවය තුළ සතුට තිබෙන්නේ, තමන් තුළ, ඔබගේ සහකරුවන් තුළ සහ වාතාවරණයේ,
තෘප්තියේ චිත්ත තරංග ඇති විටයි. ඔබ සිදු කරන සේවයේ සාර්ථකත්වය උදෙසා විශේෂයෙන්
කාරණා තුනක් ගැන කියා තිබෙනවා. ඔබට ඒවා සිහි වෙනවා ඇති. ප්‍රථමයෙන්, සේවය යනු,
උපකරණයක් (නිමිත් භාව්) වීමේ අවධානයයි. දෙවැන්න, පිවිතුරු හැඟීම් (භාව්නා).
තෙවැන්න, පිවිතුරු සහ මිහිරි වචන. චේතනාව (භාව්), පිවිතුරු හැගීම් (භාව්නා) සහ
ස්වභාවය. (ස්වභාව්). ඔබ සිදු කරන සේවයේ මේ සියල්ල එකට තිබෙන විට, එවිට ඔබම
තෘප්තිමත් වෙයි, ඔබගේ සහකරුවන් තෘප්තිමත් වෙයි, එමෙන්ම ඔබ සේවය කරන අයද නොකඩවා
ඉදිරියට යයි. උපකරණයක් වීමේ අවධානය ඇති අය, පරම පියා සමග සම්බන්ධතාවයක් ඇති
කරගනීවි. උපකරණයක් වීමේ අවධානය නොමැති නම්, ඔවුන් පියාගේ සමීපයට නොපැමිණෙයි.
එබැවින් ඔබ සේවය සිදු කරන ඕනෑම විටෙක, ඔබගේ චේතනා, හැඟීම් සහ ස්වභාවය නිවැරදිද කියා
පරීක්ෂා කර බලන්න. මේ දිනවල ප්‍රධාන කාරණාව වන්නේ මෙය බව බාප්දාදා දැක තිබෙනවා:
ඔබගෙන් ඕනෑම කෙනෙක් සේවය සඳහා යම් තැනකට යන්නේ නම්, ඔබගේ සහකරුවන් තෘප්තිමත්ව
සිටින්නේද කියා පරීක්ෂා කර බලන්න. ඔබ කරන සේවයේ සාර්ථකත්වය යනු, තෘප්තිය සහ සතුටේ
ඵලය ලැබීමයි. මෙයට අමතරව, එක දෙයක් ගැන බාප්දාදා සංඥාවක් ලබා දෙනවා: ඇවිදින විට සහ
එහෙ මෙහෙ යන එන විට, එමෙන්ම සමූහයක සිටින විට, ඔබ සේවය කරන විට සෑම විටම ඔබත් සමග
කවුරු හෝ කෙනෙක් සිටියි, එබැවින් එකිනෙකා දෙස ජීවාත්මයක් ලෙසින් බලන්න. ඔබ එකිනෙකා
දෙස ජීවාත්මයක් ලෙස බලයි, ඔබ එය පුහුණුද කරයි. කෙසේවෙතත්, ඔබ එම ජීවාත්මය දෙස බලන
විට, ඔබ එම ජීවාත්මය දකින්නේ, ඔහුගේ ආදිතම සංස්කාර වල ස්වරූපයෙන්ද? එසේ නැත්නම් ඔබ
එම ජීවාත්මයේ මිශ්‍ර වූ සංස්කාරත් දකිනවාද? අන් අය දෙස, ජීවාත්ම ලෙස බැලීම අතින් ඔබ
සමත් වී ඇත, නමුත් ඔබ එම ජීවාත්ම දකින්නේ කුමන සංස්කාර ඇතිවද? ඔබ එම ජීවාත්ම සමග
සම්බන්ධතා පවත්වන්නේ ඔවුන්ගේ ආදිතම සංස්කාර වලින්ද? නැත්නම් වර්ථමාන සංස්කාරත් ඔබ
ඉදිරියට එනවාද? එබැවින් පරම පියා පවසන්නේ : අද සිට පළමුවෙන්ම, සියලු දෙනාව
ජීවාත්මයක් ලෙස දකින්න, නමුත් එම ජීවාත්මය ඔහුගේ මුල්ම සංස්කාර වල ස්වරූපයෙන්
දකින්න. එවිට ඔබ අතරේ සිදුවන සියලු දේවල් සිදු නොවනු ඇත. වර්ථමානයේ ඔබ ජීවාත්ම දෙස
බලයි, නමුත් එක් එක් ජීවාත්මයේ වත්මන් සංස්කාර කුමක්ද, ඒවාද ඔබ ඉදිරියට පැමිණෙයි.
එබැවින් එකිනෙකා අතර තිබිය යුතු අංගසම්පූර්ණ ස්ථිතියේ හිඩැසක් තිබෙනවා. එනිසා සෑම
ජීවාත්මයක්ම ඔහුගේ ආදිතම සංස්කාර සමග දකින්න. එවිට සමූහය තුළ ඇති වන බාධක අවසන්
වෙයි.
මෙම බ්‍රහ්මින් පවුල
ශ්‍රේෂ්ඨ පවුලකි. පවුල පිළිබඳව මහා ප්‍රශංසාවක් තිබේ. ඔබට මෙම දේවමය පවුල නැවත
නැවතත් හමු නොවෙයි. මුළු කල්පයටම මෙම දේවමය පවුල ඔබට හමුවන්නේ එක වරක් පමණයි. මුළු
කල්පය පුරාම ඔබට මෙතරම් විශාල පවුලක් හමු නොවෙයි. මෙම පවුලේ විශේෂත්වය දැන සිටීම සහ
පවුලේ අය සමග එකට ගමන් කිරීමත් විශාල විෂයක්. මෙම දැනුමේ අත්තිවාරම විශ්වාසය බව,
ඔබට මින් පෙරත් පවසා තිබේ, එමෙන්ම මෙම විශ්වාසයේ කරුණු සතරක් තිබේ: පරම පියා - දාදා
එයට ඇතුලත්, ඉන්පසුව මෙම දැනුම පිළිබඳ විශ්වාසය, නාටකය පිළිබඳ විශ්වාසය සහ පවුල ගැන
විශ්වාසය. ඔබ බුද්ධියේ විශ්වාසය ඇති අයයි, එබැවින්, ඔබ සහජ උත්සාහ දරන්නන් වෙයි. ඔබ
තුළ බාප්දාදා කෙරෙහි විශ්වාසය තිබෙන සේම, පවුල පිළිබද විශ්වාසය තිබීමත් අවශ්‍යයි.
ඔබ යම් දෙයක් ඔතන විට ඔබ කරන්නේ කුමක්ද? ඔබ පැති සතරින්ම එය තදින් ඔතයි. ඔබ එක්
පැත්තක් හෝ තද නොකරන්නේ නම් එය සෙලවෙයි. ඒ අන්දමින්ම, පරම පියා, මෙම දැනුම, සහ මෙම
දැනුම ඇතුලත විශේෂයෙන් ඇති නාටකය සහ පවුල. කරුණු සතරම ශක්තිමත් නැත්නම්, එවිට බාධක
තිබෙයි. එවිට ඔබට බාධක ඉක්මවා යාමට අවධානය යොමු කිරීමට සිදුවෙයි. එබැවින් පවුල
හඳුනාගැනීම, පවුලට සෙනෙහස දැක්වීම, එකිනෙකාව වටහා ගැනීම: මේ දේවල් අත්‍යාවශ්‍යයි.
ඔය සෑම කෙනෙක්ම
පූර්වජයෙක්, ඔබ පිදුම් ලැබීමට සුදුසුයි, එබැවින් ඔබ මේ දේවල් තමන් තුළට සහ ඔබගේ
සහකරුවන් තුළට දැමිය යුතුයි. ඔබ කවුරු වුනත් කම් නැත, ඔබ අංක පිළිවෙලයි. කෙසේවෙතත්,
බ්‍රහ්මින් පවුලේ විශේෂ කාර්යය වන්නේ ආශිර්වාද දීම සහ ආශිර්වාද ලබා ගැනීමයි. ඇතැම්
දරුවන් පවසන්නේ: වෙන අය කෝපයට පත් වනවා. ඔවුන් ආශිර්වාද ලබා ගන්නේ කොහොමද? ඔවුන්
ආශිර්වාද ලබා ගන්නේ නැහැ; ඔවුන් කෝපයට පත් වනවා. බාප්දාදා පවසන්නේ : හොඳයි, ඔවුන්ගේ
සංස්කාර නිසා ඔවුන් නරක පැතුම් ලබා දෙන්නේ නම්, ඒවා ගන්න කෙනා කවුද? එය ගන්නේ ඔබද
නැත්නම් අනෙක් පුද්ගලයාද? දෙන අය ඔවුන් වන අතර ගන්න කෙනා ඔබයි. එසේ නම් ඔබ ඔවුන්ගේ
නරක පැතුම් පිළිගත්තේ ඇයි? ඔබ ජීවාත්ම දෙස, ඔවුන්ගේ ආදිතම සංස්කාර වලින් බලන්නේ
නම්, ඔබට අනුකම්පාවක් ඇති වෙයි. තමන්ව ආරක්ෂිතව තබා ගන්න! ඔවුන්ගේ නරක පැතුම්
නොගන්න, මන්ද ගන්න කෙනා ඔබයි. ඒවා නොදෙන්න, එමෙන්ම නොගන්න.
බාප්දාදා දැන් ඔබට,
අදට සහ බාප්දාදා නැවත පැමිණෙන තෙක් ගෙදර වැඩ ලබා දෙනවා. ඔබ වෙනත් ජීවාත්මයක් දෙස,
ජීවාත්මයක් ලෙසින් බලන ඕනෑම විටෙක, එම ජීවාත්මයේ වත්මන් සංස්කාර වල ස්වරූපයෙන් එම
ජීවාත්මය දෙස නොබලන්න. ඔබ ‘ජීවාත්මය’ කියන විට, එම ජීවාත්මය ඔහුගේ ආදිතම සංස්කාර වල
ස්වරූපයෙන් දකින්න. ඔබ එම ජීවාත්මය සමග සම්බන්ධතාවයක් ගොඩ නඟන විට හෝ එම ජීවාත්මය
දෙස බලන විට, එම ද්‍රිෂ්ඨියෙන් එම ජීවාත්මය දෙස බලන්න. එවිට ඔබගේ උත්සාහ තීව්‍ර
වීමට ඉඩ නොදෙන, පැමිණෙන මෙම බාධක, නොපැමිණෙයි. ඔබ දැන් ඔබගේ ආකල්පය සහ ද්‍රිෂ්ඨිය
වෙනස් කරගන්නේ නම්, එවිට සිදුවීම වෙනස් වෙයි. ඔබ ජීවාත්ම දකින්නේ කුමන සිදුවීම්
තුළද, බාප්දාදා ඔබට මින් පෙරත් පවසා තිබෙන්නේ, බ්‍රහ්මින් පවුලේ ඔය සෑම සියලු
දෙනාගේ වගකීම වන්නේ, සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ලබා දීම සහ සුබ පැතුම් සහ
පිවිතුරු හැඟීම් ලබා ගැනීමයි. එම සංස්කාර වලින් එම ජීවාත්ම දෙස බලා, ඒ අන්දමින්
ඉදිරි කටයුතු කරන්න. බාබා ඔබට තව එක් දෙයක් ගැන කියනවා. ඔබට මින් පෙරද මෙය පවසා
තිබේ. ඇතැම් විට, සමූහයක් තුළදි, ඔබ පර-දර්ශන් (අන් අය දෙස බැලීම), පර-චින්තන් (අන්
අය ගැන සිතීම) සහ පර-මත් (අන් අයගේ උපදෙස් පිළිපැදීම) කෙරෙහි ආකර්ෂණය වනවා.
දැන් මෙම ‘පර’ තුන
කපා දමා, එක ‘පර’ පමණක් තබා ගන්න, එනම් එය වන්නේ ‘පර-උපකාරී’ (අන් අයව ඉහළ නැංවීම).
ඔබ අන් අයව ඉහළ නැංවිය යුතුයි. ඔබලා, අන් අයව ඉහළ නංවන අයයි. බ්‍රහ්මින්වරුන්ගේ
ස්වභාවය වන්නේ අන් අයව ඉහළ නැංවීමය. අන් අය දෙස නොබලන්න; එම ‘පර’ කපා දමන්න. එම තුන
විශාල පාඩුවක් සිදු කරයි. මේ නිසයි ඔබ නිරතුරුවම ඔබගේ ස්ව-අභිමානය සිහි කළ යුත්තේ:
බ්‍රහ්මින් ජීවාත්මයක් වන මගේ ස්ව-අභිමානය වන්නේ, අන් අයව ඉහළ නැංවීමයි. ලබන වාරයේ,
ඔය සෑම දරුවෙක් තුළම මෙම පරිවර්ථනය දැකීමට බාප්දාදාට අවශ්‍යයි. එය කළ හැකිද? අත්
ඔසවන්න! ඉතිං ඔබ කිරීමට යන්නේ කුමක්ද? එය හොඳයි. බාප්දාදා සුබ පැතුම් ලබා දෙනවා.
නොකඩවා එකිනෙකාගේ අවධානය යොමු කරවන්න. ඔබ කිරීමට යන්නේ කුමක්ද? දිනපතා රාත්‍රියේ,
නින්දට යාමට පෙර, බාප්දාදාට: සුබ රාත්‍රියක් කීමට පෙර, ඔබ යම් හොඳ දෙයක් කළාද, නරක
දෙයක් කළාද, යන සම්පූර්ණ වාර්ථාව ලබා දෙන්න. ඔබ සිදු කළ සියලු දේහි වාර්ථාවක් ලබා
දෙන්න, ඔබගේ බුද්ධිය හිස් කර ඉන්පසුව මෙසේ කියන්න: ‘සුබ රාත්‍රියක්’. පරම පියාට
‘සුබ රාත්‍රියක්’ කියා ඉන්පසුව පියාගේ ස්මරණයෙන් නින්දට යන්න. එවිට ඔබ ඉතා හොඳින්
නිදා ගනීවි. ප්‍රථමයෙන් ඔබව හිස් කරගන්න, කිසිවක් ඔබගේ බුද්ධියේ තබා නොගන්න. ඔබගේ
සම්පූර්ණ වාර්ථාව ඔබ පියාට ලබා දුන් විට, ඔබට ධර්මරාජ්ගේ දේශයට යාමට සිදු නොවෙයි.
ස්වාමී අවංක හදවතක් සමග සතුටට පත් වනවා. ඉතිං ඔබට ගෙදරවැඩ ලබා දී තිබෙනවා. පළමුව,
ඔබගේ පූර්වජ සහ වන්දනීය ස්වරූපයෙන් ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට ඔබට සේවය කළ
හැක. ඇගේ සෞඛ්‍යය එතරම් යහපත් නොවුනත් ජනක් දියණිය, කරච්චියේ සේවය වෙනුවෙන් ඇගේ
මනසින් සකාශ් ලබා දුන් බව, පියා දුටුවා. කවුරු ඒ වෙනුවෙන් උපකරණයක් වුනත්, මේ කෙනා
එය ප්‍රායෝගිකව සිදු කළා. එහි සිටි ජීවාත්මයන්ට සකාශ් ලැබුණු අතර ඔවුන් උද්යෝගයෙන්
ඉදිරියට ගමන් කරනවා. එබැවින් එවන් ප්‍රායෝගික නිදසුනක් බාප්දාදා දුටු අතර එබැවින්
ඔය සියලු දෙනාටද එය කළ හැක. දුකින් සිටින අය, හඬ නඟමින් සිටින අය වෙතට සතුටේ රළ ළඟා
වීමට ඔබට සැලැස්විය හැක. ඔබගේ බැතිමතුන් ඔබට අඬ ගසමින් සිටිනවා: ‘අපගේ දේවතාවන්
පැමිණ අනුකම්පා කරන්නේ කවදාද?’ ඔබට එය නෑසෙන නමුත් පියාට බොහෝ සේ ඇසෙනවා. ඔය සියලුම
විශේෂ දේවතාවන්ට ඔවුන් කන්නලව් කරනවා. ඔබගේ බැතිමතුන් කවුරුන්ද කියා ඔබ නොදන්නා
නමුත්, බැතිමතුන් දන්නවා. ඔවුන් කන්නලව් කරනවා. ඔය එක් එක් බ්‍රහ්මින් ජීවාත්මයට
බැතිමතුන් සිටිනවා. ඔබගෙන් ඇතැමුන් ටිකක් මන්දගාමී හෝ දක්ෂ විය හැක; ඔබටත්
බැතිමතුන් සිටිනවා. ඔබ අසුන්ගෙන සිටින්නේ මුල් අතරයි, එබැවින් සකාශ් ලබා දීමේ චරිත
කොටස ඔබට තිබෙනවා. එබැවින් දැන් ඔබගේ මනසින් සේවය කිරීම වැඩි කරන්න. ඔබ වැඩියෙන්
කාර්යබහුල වන තරමට, ඔබ වැඩියෙන් බාධක වලින් නිදහස්ව සිටියි. ඔබට මෙය කළ හැකියි,
නේද? මනසින් සේවය කරන්නේ කෙසේද කියා ඔබ දන්නවා නේද? ඔබ දන්නවාද? දන්න අය අත්
ඔසවන්න! හොඳයි, අත් පහතට දමන්න! ඔබ එය දන්නවා. හොඳයි, විටින් විට එය නොකඩවා
ප්‍රායෝගිකව සිදු කරන අය අත් ඔසවන්න! ඔබ මෙය නොකඩවා සිදු කරනවාද? හොඳයි. ඔබ විනයක්
ලෙස එය නිති පතා සිදු කරනවාද, නැත්නම් ඇතැම් විට පමණයිද? ඔබ එය සිදු කරන්නේ ඇතැම්
විට පමණයි නම්, එය නිතිපතා සිදු කරන්න, එමෙන්ම ඔබ එය කරන්නේ සුළුවෙන් නම්, එය වැඩි
කරන්න, මන්ද, මුළු චක්‍රයේම පදනම වන්නේ, ඔබ වර්ථමානයේ සිදු කරන සේවයේ ඵලයයි. ඔබ
පුදන්නන් වුනත්, රාජධානියක් හිමි කරගන්න අය වුනත්, දෙකේම පදනම වන්නේ, ඔබ වර්ථමානයේ
සිදු කරන සේවයයි, ඔබගේ වර්ථමාන මනෝ ස්ථිතියයි, ඔබගේ වර්ථමාන වචන සහ ඔබගේ වර්ථමාන නෑ
සම්බන්ධතාය. මේ නිසයි බාප්දාදාට අවශ්‍ය වන්නේ, ලබන වර, ඔහු ප්‍රථම හමුවට පැමිණෙන
විට - පරම පියා මෙසේ අසා ඇති බව ඔබ සිතනවා ඇති: මෙය කවදා වන තෙක් පවතියිද? මින්
අදහස් වන්නේ ඔබ නිති සූදානමින් සිටිය යුතු බවයි. මේ නිසයි පළමුවන හමුවේදි සියලු
දෙනාගේ ප්‍රතිඵලය ලබා ගන්නේ. එය දැන් තිබෙන ප්‍රමාණයෙන්, ප්‍රතිශතය වැඩි විය
යුතුයි. ඇත්ත වශයෙන් ආරම්භයේ සිටම බාප්දාදා මෙසේ පවසමින් හිඳ ඇත: ඔබ එය කිරීමට යනවා
නම්, එය දැන් සිදු කරන්න. යම් අවස්ථාවක නොවෙයි. ඔබ ‘යම් අවස්ථාවක’ යන ගීත බොහොමයක්
බාප්දාදාට ගායනා කරයි. ඔබ ඉතා හොඳ ගීත බොහොමයක් ගයයි, නමුත් බාප්දාදා ‘යම්
වෙලාවකදි’ ගීත වලට කැමති නැහැ. ඔහු ප්‍රිය කරන්නේ ‘අභි, අභි’ (මේ දැන්) ගීත වලටයි.
ක්ෂණික දානයකින් බොහෝ පිං රැස් වෙයි. එසේ නම් ඔබ ලබන වසරට කළ යුත්තේ කුමක්ද කියා
ඔබට වැටහෙනවාද? අච්චා.
සෑම තැනකම සිටින
දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා, මන්ද, ඔය දරුවන් නොමැතිව කිසිම දෙයක් තනිව
කිරීමට බාප්දාදා ප්‍රිය නොකරයි. මේ නිසයි ඔහු දිනපතාම නොකඩවා ඔය දරුවන්ව කැඳවන්නේ.
තීව්‍ර උත්සාහ දරන දරුවනේ, මිහිරි දරුවනේ, ආදරණීය දරුවනේ දැන් අපි යමු!
ඔබ පෞද්ගලිකව
බාප්දාදා ඉදිරියේ අසුන්ගෙන සිටියත්, වෙන කොහේ අසුන්ගෙන සිටියත් සෑම තැනකම ඔය සියලුම
දරුවන්, පරම පියාව සිහිපත් කරනවා. ඉතිං පියා සිහි කරන්නේ කාවද? ඔහු සෑම තැනකම සිටින
ඔය සියලුම දරුවන්ව සිහිපත් කරනවා, මන්ද, සෑම දරුවෙක් වෙනුවෙන් පරම පියා තුළ ඇති
බලාපොරොත්තුව වන්නේ සෑම දරුවෙක්ම අනිවාර්යෙන් පියා හා සමාන විය යුතු බවයි. සෑම
දරුවෙක් ගැනම පියා තුළ බලාපොරොත්තුවක් තිබෙනවා, ඔබ අංකානුරූප බව ඔහු දන්න නමුත්,
ඔබගේ අංකයට අනුව ඔබ පරිසමාප්ත විය යුතුයි නේද? ඔය සෑම කෙනෙක්ම සිදු කරන දේට අනුව,
ඔය සෑම කෙනෙක්ම දරන උත්සාහයද බාබා දකිනවා. පියාට බොහෝ සෙනෙහස දැනෙයි. ඔබ උත්සාහ දරන
විට, ඔබ වෙහෙස වීමෙන් නිදහස් විය යුතු බවට, ඔහු තුළ බොහෝ සෙනෙහස ඇති වෙයි. සෙනෙහස
තුළ ගිලෙන්න. ඔබ වැඩියෙන් සෙනෙහස තුළ ගැලෙන තරමට, ඔබට දැරීමට සිදුවන උත්සාහය
අඩුවෙයි. එමෙන්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙන්නේද කියා, ඔබට අත් එසවීමට බාප්දාදා පවසන
විට, ඔබ සියලු දෙනා බොහෝ ඉහළට අත් ඔසවයි. ඔබ තුළ ඔහු කෙරෙහි සෙනෙහස තිබෙන බව
බාප්දාදා පිළිගන්නවා, එමෙන්ම සෙනෙහස යන විෂයයෙන් ඔබගෙන් බහුතරයක් සමත් වී තිබේ,
නමුත් ඔබ සිදුවීම් තුළ සිරගත වන විට, ඔබට පියාව අමතක වනවා.
බාප්දාදාගේ හදවතින්
සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට කෝටි- කෝටි ගුණයක සෙනෙහස, ස්මරණය සහ ආදරය. සියලු
දෙනාටම, පාලකයන් වන ඔය සියලුම දරුවන්ට, පරම පියා සිය දහස් ගණනින් සුභාශිංසන ලබා
දෙනවා. පියාසර කර, නොකඩවා අන් අයවත් පියාසර කරවන්න. අච්චා.
වරදානය:
ඔබ අශාරීරික
වී, සියලු අහිතකර සිදුවීම් මැඩලීම සඳහා, තමන්ගේම මනෝ ස්ථිතිය තුළින් ඔබගේ සියලු
ආභරණ භාවිතා කරත්වා.
ඔවුන්ගේ සියලු ආභරණ,
තමන් සමග තබා ගන්න අයට කිසිම විටෙක තම ශරීර පිළිබඳ අහංකාරකමක් ඇති විය නොහැක.
අශාරීරික වී, ඔබගේ සියලු ආභරණ භාවිතා කිරීම යනු මන්මනභාව් සහ මධ්‍යජීභාව් වීමයි.
ඔබගේම ආදිතම මනෝ ස්ථිතියේ ඔබ ස්ථාවර වන විට, ඔබට සියලු අහිතකර අවස්ථා පහසුවෙන්
මැඬලිය හැක. මෙසේ කිරීමෙන්, එවිට ඔබගේ සියලුම විවිධ පැරණි අන්දමේ ස්වභාවයන් අවසන්
වෙයි. ජීවාත්මය වන තමන්ගේ චේතනා ඔබ දකින විට, ස්වභාවයේ ගැටුම් පිලිබඳව ඇති සෑම
දෙයක්ම අවසන් වෙයි. එවිට සියලු අවස්ථාවන්ට මුහුණ දීමේ බලය, ඔබට තමන් තුළ වර්ධනය
කිරීමට හැකි වෙයි.
පාඨය:
ඔබගේ මනසින්
එක පියවරක් පමණක් ගන්න, එවිට පරම පියා සහයෝගය දීමේ පියවර දහසක් ගනීවි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
තමන්ගේ අතීතය සහ අන්
අයගේ අතීතය දෙස නොබලන සහ තත්පරයකදී නැවතීමේ තිතක් තබන අය, පහසු ස්වභාවයක් ඇති අයයි.
ඔවුන්ගේ පහසු ස්වභාවය තුළින්, ඔවුන්ගේ දෑස්, මුහුණු සහ ක්‍රියාකාරකම් තුළ ඇති
ප්‍රායෝගික මිහිරියාව සහ ප්‍රබෝදමත් බව ඔබට දැක ගත හැක. පහසු-ස්වභාවයක ස්ථිතිය ඇති
අය, අන් අයවත් පහසු-ස්වභාවයක් ඇති අය බවට පත් කරවයි. පහසු- ස්වභාවයක් තිබීම යනු, ඔබ
කුමක් ඇසුවත්, දුටුවත්, සිදු කළත්, එය සාරයෙන් පිරි තිබිය යුතු අතර ඔබ තෝරා ගත
යුත්තේ සාරය පමණයි.