07.07.24    Avyakt Bapdada      Sinhala Murli     11.11.20    Om Shanti    Madhuban


ඔබගේ අංගසම්පූර්ණත්වයේ සමීපත්වය තුළින් හෙළිදරව්වේ ශ්‍රේෂ්ඨ කාලය සමීපයට ගෙන එන්න.


අද බාප්දාදා ඔහුගේ පූජනීයම, ශ්‍රේෂ්ඨතම, වාසනාවන්තම සහ මිහිරිතම දරුවන්ව දකිනවා. කාලයෙන් කාලයට, පූජනීය ජීවාත්ම ලෝකයට පැමිණෙමින් සිට ඇත. ඔබත් පූජනීයතම අයයි, නමුත් ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම පදාර්ථ (සොබා දහම) ජයගන්නා අයත් වී, පදාර්ථ සතෝප්‍රධාන් කරවයි. ඔබගේ පාරිශුද්ධත්වයේ බලය, පදාර්ථත් සතෝප්‍රධාන් සහ පිවිතුරු කරවයි. මේ නිසයි ඔය ජීවාත්මයන්ට පිවිතුරු පදාර්ථ වලින් සැදි පිවිතුරු ශරීර ලැබෙන්නේ. ඔබගේ පාරිශුද්ධත්වයේ බලය අජීවී සහ සජීවී සෑම දෙයක්ම පාරිශුද්ධත්වයට පත් කරවයි, ඔබටත් පිවිතුරු සිරුරු ලැබෙන්නේ මේ නිසයි. ජීවාත්ම පිවිතුරුයි, ශරීර පිවිතුරුයි, එමෙන්ම පදාර්ථ වල සියලුම පහසුකම්ද සතෝප්‍රධාන් සහ පිවිතුරුයි, මේ නිසයි ලෝකයේ සිටින පූජනීයම ජීවාත්ම ඔබ වන්නේ. පූජනීයම අය ඔබලාද? ලෝකයේ සිටින පූජනීයම ජීවාත්ම ඔබ බව, ඔබ සලකනවාද? එමෙන්ම ශ්‍රේෂ්ඨතම අයද ඔබයි; ඔබ ශ්‍රේෂ්ඨතම අය වන්නේ ඇයි? ඔබ උසස්ම උසස් පරමාත්ම ජීවාත්මය හදුනාගෙන ඇති නිසා. උසස්ම-උසස් පියාගේ මාර්ගයෙන් ඔබ උසස්ම-උසස් ජීවාත්ම බවට පත් වී ඇත. ඔබගේ සාමාන්‍ය අවධානය, ආකල්පය, දැක්ම සහ ක්‍රියා, යන සෑම දෙයක්ම වෙනස් වී ඇති අතර ඔබ ශ්‍රේෂ්ඨ අවධානයක, ශ්‍රේෂ්ඨ ආකල්පයක සහ ශ්‍රේෂ්ඨ ද්‍රිෂ්ඨියක ප්‍රතිමූර්ති බවට පත් වී ඇත. ඔබට යම් කෙනෙක්ව මුණ ගැසුණු විට, ඔබ ඔවුන්ව මුණගැසෙන්නේ කුමන අවධානයෙන්ද? ඔබ ඔවුන්ව මුණගැසෙන්නේ සහෝදරත්වයේ අවධානයෙන්, ජීවාත්ම අවධාන දැක්මකින්, හිතකාමී හැගීම් සහ දේවමය පවුලේ කොටසක් වීමේ හැගීම් ඇතිවයි. එබැවින් උසස්ම අය ඔබලා නේද? ඔබ පරිවර්ථනය වී තිබෙනවා නේද? එසේ නම් ඔබ කෙතරම් “වාසනාවන්තම” අයද? ඔබගේ වාසනාවේ රේඛා ඇද තිබෙන්නේ, සාමාන්‍ය ජ්‍යේතිෂ්‍යවේදියෙක් විසින් නොවෙයි, නමුත් ඔබගේ වාසනාවේ රේඛා ඇද තිබෙන්නේ වාසනාව පිරිනමන්නා විසින්මයි. ඔහු ඔබට කෙතරම් කාලයකට සහතිකයක් ලබා දී තිබෙනවාද? ඔබට උපත් 21ක භාග්‍යයේ රේඛාවන්හි අවිනාශී සහතිකයක් ලබා දී තිබෙනවා. එය එක උපතක් සදහා පමණක් නොවෙයි, නමුත් උපත් 21කට කිසිදු දුකක හෝ අශාන්තියක අත්දැකීමක් නොතිබෙයි. නිරන්තර සතුට තිබෙයි. ජීවිතයට කාරණා 3ක් අවශ්‍යයි: නිරෝගිකම, ධනය සහ සතුට. ඔබට මේ තුනම පරම පියාගෙන් උරුමයක් ලෙස ලැබී තිබෙනවා. ඔබට උපත් 21කට සහතිකයක් තිබෙනවාද? ඔබ සියලු දෙනාටම සහතිකයක් ලැබී තිබෙනවාද? පිටුපස අසුන්ගෙන සිටින අයට සහතිකය ලැබී තිබෙනවාද? ඔබ සියලු දෙනාම ඔබගේ අත් ඔසවනවා; ඉතා හොදයි! දරුවෙක් වීම යනු පරම පියාගෙන් උරුමය ලැබීමයි. ඔබ දරුවෙක් බවට පත් වනවා නොවෙයි. ඔබ තවමත් මෙය බවට පත් වෙනවාද? ඔබ දරුවෙක් බවට පත් වනවාද, ඔබ එය බවට පත් වෙලාද? ඔබ දරුවෙක් බවට පත් විය යුතු නැහැ. ඔබ උපත ලද සැනින් ඔබ මෙය බවට පත් වෙයි. ඔබ උපත ලද සැනින්, පියාගේ උරුමයට ඔබට අයිතියක් හිමි වෙයි. එබැවින් පියාගේ මාර්ගයෙන් ඔබට මෙතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයකට උරුමයක් දැන් හිමි වී තිබේ, තවද ධනවත්ම අයත් ඔබලාය. ඔබ බ්‍රහ්මින් ජීවාත්මයි; ක්ෂත්‍රියයන් නොවෙයි, බ්‍රහ්මින්වරුයි. බ්‍රහ්මින් ජීවාත්ම විශ්වාසයෙන් අත්දකින්නේ, “මා ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්.” මම “අහවල් කෙනා” නොවෙයි. මා ලෝකයේ ධනවත්ම වන ජීවාත්මයක්. ඔබ බ්‍රහ්මින්වරු බැවින් ඔබ ලෝකයේ ධනවත්ම අයයි, මන්ද, පරමාත්ම දෙවියන්ව සිහි කිරීමෙන් බ්‍රහ්මින් ජීවාත්මයන්ට සෑම පියවරකදීම කෝටි ගුණයක් තිබේ. එබැවින් මුළු දවස පුරාම ඔබ පියවර කීයක් තබනවාද? මේ ගැන සිතන්න! සෑම පියවරකදීම ඔබට කෝටි ගුණයක් තිබේ, එබැවින් සම්පූර්ණ දවසක් තුළ ඔබට කෝටි කීයක් තිබෙනවාද? පියාගේ මාර්ගයෙන් ඔබ එවන් ජීවාත්ම බවට පත් වී ඇත. “මා වන බ්‍රහ්මින් ජීවාත්මය කවුරුන්ද” කියා සිහි කිරීම භාග්‍යයයි. එබැවින් බාප්දාදා, අද ඔය සෑම කෙනෙකුගේම භාග්‍යයේ දිලිසෙන තාරකාව නළල මැද දුටුවා. ඔය සෑම කෙනෙකුටම ඔබගේ භාග්‍යයේ තාරකාව පෙනෙනවාද?

දරුවන්ව දැකීමට බාප්දාදා සතුටු වනවාද, දරුවන් පියාව දැකීමට සතුටු වනවාද? සතුටු වන්නේ කවුද? පියාද, දරුවන්ද? කවුද? (දරුවන්) පියා සතුටු වන්නේ නැද්ද? දරුවන් දැකීමට පියා සතුටු වන අතර, පියාව දැකීමට දරුවන් සතුටු වෙයි. දෙදෙනාම සතුටු වනවා, මන්ද, ඔබ පරමාත්ම දෙවියන්ව මුණගැසීම, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස, මෙම දේවමය උරුමය සහ දේවමය ලැබීම් ඔබ අත්විදින්නේ මේ කාලයේ පමණක් බව ඔය දරුවන් දන්නවා. “දැන් නොවෙයි නම්, කිසිදා නැත!” එය එසේද?

බාප්දාදා ඔය දරුවන් ලවා සරළව එක දෙයක් පුනරීක්ෂණය කරවනවා. මෙම එක දෙය කුමක්ද? ඔබට එය දැනටමත් වැටහී තිබෙනවා. බාප්දාදා ඔබ ලවා මෙම එක් දෙය පුනරීක්ෂණය කරවනවා: දැන් ශ්‍රේෂ්ඨ කාලය සමීපයට ගෙන එන්න. ලෝකයේ ජීවාත්මයන්ගේ හඩ මෙයයි. මෙය කිරීමට යන්නේ කවුරුන්ද? එය ඔබද, වෙනත් කෙනෙක්ද? සුන්දර, ශ්‍රෙෂ්ඨ කාලය, සමීපයට ගෙන ඒමට යන අය ඔබ සියලු දෙනාද? එය ඔබ නම්, ඔබගේ අත් ඔසවන්න! අච්චා, ඉන්පසුව දෙවනුව, ඔබට මෙයත් වැටහෙනවා; ඔබ සිනහසෙන්නේ මේ නිසාද? අච්චා, එයට දිනය කුමක්ද? අඩු තරමින් දිනයක් නියම කරන්න. ඔබ ද්විත්ව විදේශිකයන්ගේ වාරයට පමණක් දිනයක් නියම කර තිබෙනවා නේද? එම දිනය නියම කළේ ඔබයි. එබැවින්, දැන් කාලය සමීපයට ගෙන ඒමට යන, ජීවාත්මයනි, ඔබ නියම කර ඇති දිනය බාබාට කියන්න. ඔබට එය පෙනෙනවාද? එය ඔබගේ දර්ශනයේ ඇති විට පමණයි, එය ලෝකය වෙතට ලගා වන්නේ. බාප්දාදා අම්රිත් වේලාවේ ලෝකය වටා සංචාරයක යන විට, සෑම දෙයක්ම දැකීමෙන් සහ ඇසීමෙන් ඔහුට අනුකම්පාවක් දැනෙයි. ඔවුන් ඉන්නේ සතුටින්, නමුත් සතුට සමග ඔවුන් ව්‍යාකූලත්වයෙන්ද සිටියි. එබැවින් බාප්දාදා ඔබගෙන් විමසන්නේ : අහෝ මාස්ටර් දානපතියනේ, දානපතිගේ දරුවනේ, ඔබ මාස්ටර් දානපතියන් වීමේ ඔබගේ චරිත කොටස, ලෝකය ඉදිරියේ තීව්‍ර වේගයකින් හෙළිදරව් කරන්නේ කවදාද? එසේ නැත්නම් ඔබ තවමත් තිරය පිටුපස සූදානම් වෙමින් සිටිනවාද? ඔබ තවමත් සූදානම් වෙනවාද? ලෝක පරිවර්ථනයට උපකරණ වන ජීවාත්මයනේ, දැන් ලෝකයේ ජීවාත්ම කෙරෙහි දයාව දක්වන්න! එය සිදු වීමට තිබේ, මෙය නියම වී තිබේ, එමෙන්ම එය සිදු වීමට ඇත්තේ ඔය උපකරණ ජීවාත්ම මගින්. එබැවින් පමාව කුමක්ද? බාප්දාදා දැන් දැකීමට ප්‍රිය කරන්නේ සෑම බ්‍රහ්මින් දරුවෙකුගේම හදවත තුළ පරිසමාප්තියේ සහ අංගසම්පූර්ණත්වයේ ධජය ලෙල දීමේ එක උත්සවයයි. සෑම බ්‍රහ්මින් හදවතක් තුළම අංගසම්පූර්ණත්වයේ ධජය එසවූ විට පමණයි, පරම පියාගේ හෙළිදරව්වේ ධජය, ලෝකයේ ලෙල දෙන්නේ. එබැවින් බාප්දාදා දැකීමට පතන්නේ මෙම ධජයේ උත්සවයයි. ශිව රාත්‍රී දිනයේ ශිවාගේ අවතරණය වෙනුවෙන් ධජය ඔසවන සේම, දැන් ශිව ශක්ති පාණ්ඩවයන්ගේ අවතරණයේ මැතිරිල්ල තිබිය යුතුයි. ඔබ මෙම ගීතය ගායනා කරයි: ශිව ශක්තීන් ඇවිත්! ඔබ මෙම ගීතය වාදනය කරනවා නේද? ශිවා සමගම ශක්තීන් සහ පාණ්ඩවයන්ද හෙළිදරව් වී ඇති බවට ගීතය දැන් ලෝකයා ගායනා කළ යුතුයි. තව කෙතරම් කාලයක් ඔබ තිරය පිටුපස සිටින්නද? තිරය පිටුපස සිටීමට ඔබ කැමතිද? ඔබ එයට ටිකක් කැමතියි! පිටුපස සිටින අය, තිර වලට කැමතිද? ඔබ එයට අකමැතියි. එසේ නම් ඒවා ඉවත් කරන්නේ කවුරුන්ද? බාබා ඒවා ඉවත් කරයිද? ඒවා ඉවත් කරන්නේ කවුද? නාටකය එය ඉවත් කරයිද, ඔබ එය ඉවත් කරයිද? ඔබ එය ඉවත් කිරීමට යන බැවින් පමාව කුමක්ද? එසේ නම් ඔබ තිරය පිටුපස සිටීමෙන් විනෝදයක් ලබන බවද, අප ඉන් වටහාගත යුත්තේ? දැන් බාප්දාදාට තිබෙන්නේ මෙම එක ශ්‍රේෂ්ඨ ආශාවයි, එනම් සියලු දෙනාම මෙම ගීතය ගායනා කළ යුතු බවයි: “අපූරුයි! ඔහු ඇවිත්, ඔහු ඇවිත්, ඔහු ඇවිත්!” මෙය කළ හැකිද? බලන්න, සියලුම දාදීන් කියන්නේ මෙය කළ හැකි බවයි. එසේ නම් එය සිදු නොවන්නේ ඇයි? එයට හේතුව කුමක්ද? ඔබ සියලු දෙනාම මෙය පවසන බැවින්, එය සිදු නොවීමට හේතුව කුමක්ද? (සියලු දෙනාම පරිසමාප්ත වී නැහැ.) ඔබ මෙය වී නොමැත්තේ ඇයි? බාබාට දිනයක් ලබා දෙන්න! (බාබා, දිනය ලබා දෙන්නේ ඔබයි.) ඔබට බාප්දාදාගේ මහා මන්ත්‍රය මතකද? බාප්දාදා පවසන්නේ කුමක්ද? යම් වෙලාවක නොවෙයි, නමුත් දැන්! (දාදිජී පැවසුවේ: බාබා, අවසන් දිනය ලබා දිය යුත්තේ ඔබයි.) බාප්දාදා ඔබට දිනයක් ලබා දෙන්නේ නම්, ඔබ තමන්ව එයට අනුව හැඩගසා ගෙන එම වගකීම ඉටු කරනවාද? පාණ්ඩවයන් එම වගකීම ඉටු කරනවාද? ඔබට නිසැකද? ඔබ එයින් චංචල වන්නේ නම්, එවිට ඔබට කිරීමට සිදු වන්නේ කුමක්ද? (බාබා, ඔබ දිනය ලබා දෙන්නේ නම් එවිට කිසිවෙක් චංචල නොවෙයි.) සුබ පැතුම්! අච්චා, දැන් මම දිනය දෙන්නම්, ටිකක් බලන්න! බලන්න, බාප්දාදා ඒ තිබියදි දයාවන්තයි, එබැවින් බාප්දාදා ඔබට දිනයක් ලබා දීමට යනවා. අවධානයෙන් අසා සිටින්න.

බාප්දාදා තුළ සියලු දෙනා කෙරෙහි මෙම උසස් හැගීම් තිබේ, එමෙන්ම ඔහුට මෙම ආශාව තිබෙනවා, එනම්, මාස හයක් ඇතුලත - මාස හය අවසන් වන්නේ කවදාද? (මැයි මාසයේ) - එබැවින් මැයි වල (හින්දියෙන් මම යනු මෛ) ඔබ “මම, මම” යන සෑම අවධානයක්ම අවසන් කර තිබෙයි. බාප්දාදා ඔබට අඩු තරමින් මාස 6ක ඉඩක් ලබා දෙනවා. බාබා ඔබට මින් පෙර පැවසූ සියලු දේ සහ පසුගිය වාරයේ ලබා දුන් වැඩ, ඔබට ඇතැම් විට අමතක ඇති! අඩුම තරමින් මාස 6ක කාලයකදි ඔබ ජීවන-මුක්ති ස්ථිතිය අත්විදිය යුතුයි. ස්වර්ණමය-යුගී ලෝකයේ ජීවන-මුක්තිය නොවෙයි, නමුත් සංගම යුගයේ ජීවන-මුක්ති ස්ථිතිය. සියලු බාධක, අහිතකර සිදුවීම්, පහසුකම් හෝ “මම” සහ “මගේ” යන අවධානයේ බලපෑම් වලින් නිදහස්ව සිටින්න - සේවය කිරීමෙන් මතු වන “මම” යන ශරීර අවධානයෙන් සහ “මගේ” යන ශරීර අවධානයෙන් නිදහස් වන්න. මෙසේ නොකියන්න: “මා ඒවාගෙන් නිදහස් වීමට කැමති නමුත් මෙම බාධකය පැමිණියා, මෙය එතරම් විශාල දෙයක් වුනේ ඒ නිසයි. මට සුළු දේවල් මැඩලිය හැකි නමුත් මෙය ඉතා විශාල ප්‍රශ්න පත්‍රයක් වුනා, එය ඉතා විශාල බාධකයක්, එය ඉතා විශාල සිදුවීමක්.” අහිතකර සිදුවීම්, බාධක හෝ පහසුකම් වලට ඇති ආකර්ෂණ වලින් පැමිණෙන විරුද්ධවාදිකම් කෙතරම් විශාල වුණත් - එමෙන්ම ඒවා කොහොමත් ඔබට විරුද්ධ වෙයි, ඔබට මෙය කල් තියාම පවසනවා - ඔබට අඩු තරමින් මාස හයකදි 75% කින් නිදහස් විය හැකිද? බාප්දාදා 100% ඉල්ලා සිටින්නේ නැහැ, 75% පමණයි. ඔබ ප්‍රථමයෙන් Ύ ලකුණට ලගා වූ විට පමණයි, ඔබට100% ලකුණට ලගා වීමට හැකි වන්නේ. එබැවින් ඔබට එක මාසයක් පමණක් නොවෙයි, ඔබට මාස හයක් තිබෙනවා, ඔබට මාස හයක් ලබා දෙනවා, වසර භාගයක්. එබැවින් ඔබට මෙම දිනය නියම කර ගත හැකිද? බලන්න, දාදීලා මට දිනයක් නියම කරන ලෙස ඉල්ලා තිබෙනවා, එබැවින් මා ඔවුන්ගේ නියෝගයට කීකරු විය යුතුයි! බාප්දාදා ප්‍රතිඵලය දකින විට මෙහි පැමිණීමට ඔහු ඉබේටම ආකර්ෂණය වෙයි; ඔබට ඔහුට පැවසීමට අවශ්‍යතාවයක් නොතිබෙයි. එබැවින් 75%කට ලගා වීමට ඔබට මාස 6ක් තිබේ. බාබා 100% ඉල්ලන්නේ නැහැ. ඒ සදහා ඔබට අනාගතයේ තව වැඩි කාලයක් ලබා දෙනු ඇත. එබැවින් ඔබ මෙයට නිති-සූදානම්ද? නිති-සූදානමින්ද නොවෙයි, මාස 6කින් සූදානම්. ඔබ මෙයට කැමතිද? එසේ නැත්නම් කුමක් සිදුවෙයිද කියා නොදැනීම නිසා එඩිතරකම ටිකක් අඩුද? සිංහයන් එයි, බළලුන් එයි, සෑම දෙයක්ම පැමිණෙයි. බාධක පැමිණෙයි, අහිතකර සිදුවීම් පැමිණෙයි, එමෙන්ම පහසුකම් වැඩි වෙයි, නමුත් පහසුකම් වල බලපෑමෙන් නිදහස්ව සිටින්න. ඔබ මෙයට කැමති නම් ඔබගේ අත් ඔසවන්න! රූපවාහිනිය (කැමරාව) සෑම තැනක්ම වටේට (පෙන්වීමට) කරකවන්න. ඔබගේ අත් ඉතා හොදින් ඉහළට ඔසවන්න, ඒවා දැන්ම පහළට නොදමන්න! මෙම ජවනිකාව ඉතා හොදයි. අච්චා, කල්තියාම සුබ පැතුම්!

එසේ නම් මෙසේ නොකියන්න: “අපට බොහෝ සේ මිය යාමට සිදුවනවා.” ඔබ මිය ගියත්, ජීවත් වුනත්, ඔබ මෙය බවට පත් විය යුතුයි. මෙම මියැදීම මිහිරියි; මෙම මිය යාමේ දුකක් නැත. මෙම මියැදීම බොහෝ දෙනෙකුගේ යහපත වෙනුවෙන්ය. මෙම මිය යාමේ සතුටක් තිබෙන්නේ මේ නිසයි. මෙහි කිසිම දුකක් නැත; සතුට තිබේ. නිදහසට කාරණා නොකියන්න: “මෙය සිදුවුණා, අරක සිදු වුනා, මේ දේ සිදුවුනේ ඒ නිසයි.” තව දුරටත් නිදහසට කියන කරුණු හරි යන්නේ නැහැ. ඔබ තවමත් නිදහසට කාරණා කියනවාද? නැහැ නේද? වෙන කිසිවක් නොව, පියාසර ස්ථිතියේ ක්‍රීඩාව සරළව ක්‍රීඩා කරන්න. දැන් පහළට ඇද වැටීමේ සියලු ක්‍රීඩා අවසන් කරන්න, නිදහසට කරුණු කීමේ සහ දුර්වලතාවයන්ගේ ක්‍රීඩා. දැන් පියාසර මනෝ ස්ථිතියේ ක්‍රීඩාව පමණක් ක්‍රීඩා කරන්න. මෙය හොදද? ඔබ සියලු දෙනාගේ මුහුණු විකසිත වී ඇත. මාස 6කට පසුව ඔබ නැවතත් බාබාව මුණගැසීමට පැමිණෙන විට, ඔබගේ මුහුණු කෙසේ වෙයිද? අප එවිටත් ඡායාරූපයක් ගන්නවා.

ද්විත්ව විදේශිකයන් පැමිණ සිටිනවා, එබැවින් ද්විත්ව පොරොන්දුවක් ලබා දීමේ දිනයත් ඇවිත්. වෙනත් කිසිවෙක් දෙස නොබලන්න, පරම පියාව සහ බ්‍රහ්ම මවව පමණක් දකින්න. අන් අය මෙය කළත් නැතත්, එමෙන්ම සියලු දෙනාම මෙය කරයි, නමුත් ඔබ තුළ ඔවුන් වෙනුවෙන්ද දයානුකම්පාවේ හැගීම් තිබිය යුතුයි. දුර්වල අයට ඔබගේ සුබ පැතුම් වල බලය ලබා දෙන්න. ඔවුන්ගේ දුර්වලතා දෙස නොබලන්න. ඔබගේ එඩිතරකමේ හස්තයෙන් එවන් ජීවාත්ම ඉහළ නංවා, ඔවුන්ව උසස් කරන්න. නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් ඔබගේ එඩිතරකමේ හස්තය දිගු කරන්න. එඩිතරකමේ හස්තය ඉතා බලවත් වන අතර බාප්දාදාගේ ආශිර්වාදය වන්නේ: දරුවන් එඩිතරකමේ එක පියවරක් ගන්නා විට, පියා පියවර දහසක උපකාර ලබා දෙයි. පරාර්ථකාමී උත්සාහයේදි එය “ප්‍රථමයෙන් මම” විය යුතුයි. ආත්මාර්ථකාමී උත්සාහය නොව; පරාර්ථකාමි උත්සාහයක් තිබිය යුතුයි. පරාර්ථකාමී වීමට මුලපුරන අය බ්‍රහ්ම පියාට සමානයි.

ඔබ තුළ බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? ඔබ බ්‍රහ්ම කුමර කුමරියන් ලෙස හැදින්වෙන්නේ මේ නිසයි. තත්පරයකදි ජීවන-මුක්තිය ලබා ගැනීමට ඔබ අභියෝගයක් නිකුත් කරයි. එබැවින් දැන් තත්පරයකදි තමන්ට විමුක්තිය ලබා ගැනීමට අවධානය යොමු කරන්න. දැන් කාලය සමීපයට ගෙන එන්න. ඔබගේ අංගසම්පූර්ණත්වයේ සමීපත්වය, ශ්‍රේෂ්ඨ කාලය සමීපයට ගෙන එයි. ඔබ පාලකයන් නේද? ඔබ රජවරුන් නේද? ඔබ ස්ව-පාලකයන්ද? එබැවින් නියෝගයක් නිකුත් කරන්න! රජ කෙනෙක් නියෝග නිකුත් කරනවා නේද? “එහෙමයි! එපා! මෙය නොකරන්න, මෙය කරන්න!” කියා නොකියන්න. සරළව නියෝගයක් නිකුත් කරන්න. ඔබගේ මනස දෙස දැන් බලන්න, මන්ද, ප්‍රධාන උපදේශකයා මනසයි. එබැවින්, හේ රජවරු, ඔබගේ ප්‍රධාන උපදේශක වන ඔබගේ මනසට, තත්පරයකදි ඔබව අශාරීරික ස්ථිතියේ ස්ථාවර කරන ලෙසට නියෝගයක් ඔබට නිකුත් කළ හැකිද? ඔවුන්ට මෙය තත්පරයකදි කරන ලෙසට අණ කරන්න. (විනාඩි පහේ අභ්‍යාසය). අච්චා.

සෙනෙහසේ ගැලී සිටින භාග්‍යවන්ත ජීවාත්මයන්ට, පියාගේ මාර්ගයෙන් ඔවුන්ට ලැබී ඇති සියලු ලැබීම් අත්විද ඇති ජීවාත්මයන්ට, ස්ව-ආධිපත්‍යයට සියලු අයිතීන් තිබීමෙන් තමන්ව පාලනය කරන බලවත් ජීවාත්මයන්ට, ජීවන-මුක්ති ස්ථිතියේ නිරන්තර අත්දැකීම තිබෙන ශ්‍රේෂ්ඨතම ජීවාත්මයන්ට, භාග්‍යය පිරිනමන්නා විසින්ම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ රේඛාව ඇද ඇති, භාග්‍යවන්තම ජීවාත්මයන්ට, ඔවුන්ගේ නිරන්තර පිවිතුරු ද්‍රිෂ්ඨිය සහ ආකල්පයෙන්, ස්ව-පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථනය ගෙන එන, පූජනීයතම ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

‘Call of Time’ සංවාදය තුළින් පැමිණි අමුත්තන්ව බාප්දාදා මුණගැසෙමින්: ඔබ සියලු දෙනාම ඔබගේ මිහිරි නිවසට සහ මිහිරි පවුල වෙතට ලගා වී තිබෙනවා නේද? මෙම කුඩා මධුර පවුල ආදරණීය බව ඔබට හැගෙනවා නේද? ඔබත් බොහෝ ආදරණීය වෙලා නේද? පළමුව ඔබ උත්තරීතර කෙනාගේ සෙනෙහස ලබන අය බවට පත් වී සිටියි. ඔබ මෙය බවට පත් වෙලා නේද? ඔබ මෙය බවට පත් වෙලාද, වෙමින් සිටිනවාද? බලන්න, ඔබ සියලු දෙනාව දැකීමට, සියලු දෙනා කෙතරම් සතුටු වනවාද කියා. ඔවුන් සතුටු වන්නේ ඇයි? සියලු දෙනාගේ මුහුණු දෙස බලන්න; ඔවුන් සිටින්නේ බොහෝ සතුටින්. ඔවුන් සතුටින් සිටින්නේ ඇයි? මන්ද, ඔබ සියලු දෙනාම සියලුම ජීවාත්මයන්ට දේවමය පණිවිඩය ලබා දෙන උපකරණ ජීවාත්ම බව, ඔවුන් දන්න නිසා. (අමුත්තන් මහාද්වීප පහෙන්ම පැමිණ සිටියා.) එබැවින් පණිවිඩය මහාද්වීප පහටම ලගා වෙයි. මෙය පහසුයි නේද, ඉතා හොද සැලසුමක් සාදා තිබෙනවා. උත්තරීතර කෙනාගේ බලයෙන් මෙම සැලසුම පුරවා, පවුලේ අයගෙන් සහයෝගය ලබා ගෙන, අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න. සියලු දෙනාගේ සිතිවිලි බාප්දාදා වෙතට ලගා වෙනවා. ඔබ සියලු දෙනාටම ඉතා හොද සිතිවිලි ඇති වෙනවා, නේද? සැලසුම් නිර්මාණය වෙනවා. එබැවින් සැලසුම් ප්‍රායෝගික කිරීමට අවශ්‍ය වන්නේ ඔබගේ එඩිතරකම සහ පියාගේ සහ බ්‍රහ්මින් පවුලේ උපකාරයයි. ඔබ කළ යුත්තේ උපකරණ වීම පමණයි; අවශ්‍ය වන වෙනත් උත්සාහයක් නොමැත. “මම පරමාත්ම දෙවියන්ගේ කාර්යයට උපකරණයක්මි.” ඔබ කුමන වැඩක් කළත් මෙම සිහිය තබා ගන්න, “ බාබා, උපකරණයක් වන මම, සේවය කිරීමට සූදානම්. මා උපකරණයකි. සියලු දෙනාව ගමන් කරවන කෙනා, ඉබේටම මා ලවා සියල්ල සිදු කරයි.” උපකරණ ජීවාත්මයක් වීමේ මෙම හැගීම, ඔබගේ මුහුණ මත නිරහංකාරකමේ සහ නිර්මාණාත්මක බවේ හැගීම් හෙළිදරව් කරයි. දිරිගන්වන ඒකායන කෙනා වන කරවන්හාර්, ඔය උපකරණ සාදා ඔබ තුළින් ක්‍රියා සිදු කරයි. ඔබ මයික් වන අතර එය පියාගේ බලයයි. එබැවින් එය පහසුයි නේද? එබැවින් උපකරණ බවට පත් වී, සිහිකිරීමේ පෙනී සිටින්න. ඔබගේ මුහුණු සහ මුහුණුවර, සේවය සදහා ඉබේටම උපකරණ වෙයි. ඔබ සේවය කරන්නේ ඔබගේ වචන වලින් පමණක් නොවෙයි, නමුත් ඔබගේ මුහුණුවර තුළින් ඔබගේ අභ්‍යන්තර සතුට, මුහුණ හෙළිදරව් කරයි. මෙය අසහාය බව (අලෞකිකතාවය) ලෙස හැදින්වෙයි. ඔබ දැන් අලෞකික (ආධ්‍යාත්මික) වී සිටිනවා නේද? ලෞකිකත්වය අවසන් වෙලා නේද? “මා ජීවාත්මයක්”, මෙය ආධ්‍යාත්මික වීමයි. මම “අහවල් කෙනා” කියා පැවසීම යනු, ලෞකික වීමය. එබැවින් ඔබ කුමක්ද? ආධ්‍යාත්මිකද, ලෞකිකද? ඔබ ආධ්‍යාත්මිකයි, එහෙම නේද? එය හොදයි. ඔබ බාප්දාදා සහ පවුල ඉදිරියට ඇවිත්; මෙය කිරීමට ඔබ තුළ විශාල එඩිතරකමක් තිබී ඇත. බලන්න, කෝටි ගණනක් අතරින් මතු වූ අතලොස්ස ඔබයි. කණ්ඩායම කෙතරම් විශාලව තිබුණද? එම කණ්ඩායමෙන් ඔබ කී දෙනෙක් පැමිණ සිටිනවාද? එබැවින් කෝටි ගණනකින් මතු වූ අතලොස්ස ඔබලා නේද? එය හොදයි; බාප්දාදා මෙම කණ්ඩායමට කැමතියි. බලන්න, ඔවුන් සියලු දෙනා කෙතරම් සතුටින් සිටිනවාද කියා! ඔබ සියලු දෙනාට වඩා සතුටින්ම සිටින්නේ ඔවුන්ය. ඔවුන් සතුටු වන්නේ සේවයේ ප්‍රතිලාභය ඔවුන්ගේ ඉදිරියේ ඔවුන් දකින නිසයි. ඔබ සිටින්නේ සතුටින් නේද? ඔබගේ උත්සාහයේ ඵලය ඔබට ලැබී තිබෙනවා. අච්චා. දැන් ඔබ පාලකයෙක් සහ දරුවෙකි! දරුවෙක්, පාලකයෙකි. දරුවෙක් සෑම විටම හදුන්වන්නේ අධිපතියෙක් ලෙසයි. අච්චා.

වරදානය:
සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමෙන් සහ ඒ අනුව ආශිර්වාද ලත් ප්‍රතිරුවක් වීමෙන්, ඔබට සාර්ථකත්වයේ ආශිර්වාදය හිමි වෙත්වා.

සංගම යුගයේ ඔය දරුවන්ට උරුමය මෙන්ම මෙම ආශිර්වාදයත් තිබේ: “සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්න, එවිට ඔබට සාර්ථකත්වය ලැබෙයි!” සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීම, බීජය වන අතර, ඵලය වන්නේ සාර්ථකත්වයයි. බීජය හොද නම්, එවිට එහි ඵලය නොලැබීම, සිදු විය නොහැකි දෙයක්. ඔවුන්ගේ කාලය, සිතිවිලි සහ ධනය, වටිනා ලෙස භාවිතා කිරීමට කියා, ඔබ අන් අයට පවසන සේම, ඔබගේ සියලු සම්පත් වල ලැයිස්තුව පරීක්ෂා කර බලා, වටිනා ලෙස භාවිතා කළේ කුමන සම්පත්ද, අපතේ හැරියේ කුමන සම්පත්ද කියා බලන්න. නොකඩවා සියලු සම්පත් වටිනා ලෙස භාවිතා කරන්න, එවිට ඔබ සියලු සම්පත් වලින් පිරිපුන් සහ ආශිර්වාද ලත් ප්‍රතිරුවක් වෙයි.

පාඨය:
පරමාත්ම දෙවියන්ගේ සම්මානය හිමි කරගැනීම සදහා, නිෂ්ඵල සහ ඍණාත්මක සියල්ල මගහරින්න.