07.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබව සියලු නිධානයන්ගෙන් පිරවීමට ශිව බාබා පැමිණ සිටියි. ඔබේ සියලු නිධන් ගබඩාවන් පිරී තිබෙනවා යනු, සියලු දුක් කම්කටොළු අවසන් වීමකි.

ප්‍රශ්නය:
දැනුමැති දරුවන් ඔවුන්ගේ බුද්ධියේ දැඩි විශ්වාසය තබාගත යුත්තේ කුමන කරුණ සම්බන්ධවද?

පිළිතුර:
ඔවුන්ගේ කොටස මැකී හෝ අවසන් වී නොයන බවට ඔවුන්ට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඔවුන්ගේ ජීවයේ උපත් 84 හි සදාකාලික කොටස නිශ්චිත වී තිබෙනවා. මේ දැනුම ඔවුන්ගේ බුද්ධියෙහි රැඳී පවතී නම්, ඔවුන් දැනුමැති ජීවයන් වේ. එසේ නොවුවහොත්, සියලු දැනුම ඔවුන්ගේ බුද්ධියෙන් අතුරුදන්ව යනවා.

ඕම් ශාන්ති.
බාබා පැමිණ ආධ්‍යාත්මික දරුවන් වන ඔබට පවසන්නේ කුමක්ද? ඔහු කරන සේවය කුමක්ද? මේ කාලයේදී ඔබට මේ ආධ්‍යාත්මික ඉගැන්වීම ලබාදෙමින් බාබා සේවය කරනවා. ඔබත් දන්නවා ඔහුට පියා ගුරුවරයා සහ සත්ගුරු වශයෙන් කොටස් තිබෙන බව. ඔහු මේ සියලුම කොටස් ඉතා හොඳින් රඟපානවා. ඔබ අවබෝධ කර ගන්න ඔහු ඔබේ පියා වගේම ඔබට ගැළවීම ලබාදෙන ගුරුද වෙනවා. ඔහු හැමෝටම එක වගේ: තරුණ මහළු සියලුම දරුවන්ට ඔහු ඔබේ උත්තරීතර පියා සහ ඔබේ උත්තරීතර ගුරුවරයා. ඔහු ඔබට අසීමිත උපදෙස් ලබා දෙනවා. සම්මන්ත්‍රණ වලට ගොස් හැමකෙනෙකුගේම ඔබ දන්නා ජීවිත කථාව විස්තර කර දීමට ඔබට පුළුවන්. ඔබත් උත්තරීතර පියා. උත්තරීතර ජීවය. ශිව බාබාගේ ජීවිත කථාව දන්නවා. හැමදේම අනුපිළිවෙලට ඔබේ බුද්ධියේ පිහිටනවා. විවිධාකාර රූපරාමුවල සම්පූරණ අරථය ඔබේ බුද්ධියේ තිබෙනවා. ඔබ දැන් බ්‍රාහ්මීන් වෙනවා පසුව ඔබ දේවතාවක් වී ඉන්පසු ක්ෂත්‍රිය වෛශ්‍ය සහ ශුද්‍ර වෙනවා. දරුවන් වන ඔබ මෙය මෙනෙහි කළ යුතුයි. වෙන කිසිවකුට නොව දරුවන් වන ඔබටයි මෙය සිහි කළ හැක්කේ ඉහළ නැගීම සහ පහළ බැසීමේ සම්පුරණ යථාරථය ඔබේ බුද්ධියෙහි රැදී තිබිය යුතුයි. ඔබ ඉහළ නැඟ පසුව පහළ බැස දැන් ඒ අතර මැද සිටිනවා. ඔබ ශුද්‍ර වෙලත් නැහැ සම්පුරණයෙන්ම බ්‍රාහ්මීණ් වෙලත් නැහැ. ඔබ දැන් සම්පූරණ බ්‍රාහ්මීන්ස්ල නම් ඔබේ හැසිරීම ශුද්‍රයින්ගේ මෙන් විය නොහැකියි. සමහර වෙලාවට බ්‍රාහ්මීන්ස්ලගේ තත්ත්වය ශුද්‍ර තත්ත්වයට පත්වෙනවා. ඔබ මෙයත් අවබෝධ කරගත යුතුයි. ඔබ පාපය ආරම්භ කළේ කවදාද? ඔබ රාගය නැමැති දර සෑයට නැග්ග මොහොතේ සිට එම නිසා මුළු චක්‍රයම ඔබේ බුද්ධියේ තියෙනවා. උත්තරීතර පියා. උත්තරීතර ජීවය ඉන්නේ ඉගළයි. එහෙ ජීවයන් වන ඔබත් ඉන්නවා. මේ කරුණු දරුවන් වන ඔබේ බුද්ධියේ ස්ථාපිත විය යුතුයි. බ්‍රාහ්මීන්ස්ලල වන ඔබ දැන් දේවතාවන් වෙනවා. පසුව ඔබ වෛශ්‍ය සහ ශුද්‍ර වංශයේ කොටස් කරුවන් වෙනවා. බාබා පැමිණ ඔබව ශුද්‍ර තත්ත්වයෙන් බ්‍රාහ්මණ තත්ත්වයට පත් කරනවා. පසුව ඔබ බ්‍රාහ්මීණ් තත්ත්වයේ සිට දේවත්වයට පත්වෙනවා. ඔබ බ්‍රාහ්මණ තත්ත්වයට පත් වී කරමටීට් වූ විට ඔබ නිවස වෙත ආපසු යනවා. ඔබ දැන් පියාව දන්නවා. ඔබත් පිණුම් ගැසීම සහ උපත් 84 චක්‍රය ගැන අවබෝධයක් ලබාගත්තා. පිණුම් ගැසීමේ උදාහරණයෙන් බාබා එය වටහා ගැනීම පහසු කරනවා. ඔහු ඔබව ඉතා සැහැල්ලු කරනවා එවිට ඔබට තමන් ජීවයක් බව අවධාරණය කරගෙන වේගයෙන් දිවයාහැකියි. ශිෂ්‍යයයෝ පාසලක ඉඳගෙන සිටින විට ඔවුන්ගේ බුද්ධිය රැඳෙන්නේ ඉගෙනීම කෙරෙහි පමණයි. ඔබත් මේ ඉගෙනීම සිහි කළ යුතුයි. ඔබ දැන් ඉන්නේ සංගම යුගයේ පසුව ඔබ චක්‍රය වටේ ගමන් කරනවා. ඒ චක්‍රය නිරන්තරයෙන්ම ඔබේ බුද්ධියෙහි භ්‍රමණය විය යුතුයි. ශුද්‍රයින් නොව බ්‍රාහ්මීන් වන ඔබ තුළ පමණයි චක්‍රය පිළිබඳ දැනුම අන්තර්ගත වෙන්නේ. දේවතාවන්ටවත් මේ දැනුම නැහැ. ඔබ දැන් අවබෝධ කර ගන්නවා භක්ති මාරගයේ නිර්මාණය කළ පින්තුර වැනි සියල්ලක්ම සාවද්‍ය දේවල්. ඔබට තමයි නියමම දේවල් තියෙන්නේ මන්ද ඔබ තමයි නිවැරදි අය බවට පත්වෙන්නේ. ඔබ දැන් දැනුම ලබනවා එමනිසා ඔබ තේරුම්ගන්නවා භක්ති මොකක්ද දැනුම මොකක්ද කියලා. ඔබට දැන් දැනුම දෙන්තා දැනුම් සාගරය වන බාබා හමුවුණා. ඔබ පාසලක ඉගෙන ගන්නා විට ඔබ ඔබේ ඉලක්කය සහ අරමුණ කෙරෙහි එකඟතාවක් ඇති කරගෙන ඉන්නවා. භක්තිමාරගයේ කිසිම ඉලක්කයක් සහ අරමුණක් නැහැ. ඔබ දන්නේ නැහැ ඔබ දිව්‍යමය දේවතාවන් වී සිට පසුව පහළට ඇද වැටුණු බව දැන් ඔබ බ්‍රාහ්මීන්ස්ල වී සියල්ල සොයා ගත්තා. ඉස්සරත් ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් වුණා. ප්‍රජාපිතා බ්‍රහ්මා යන නාමය සුප්‍රසිද්ධයි. ප්‍රජාපිතා මනුෂ්‍යයෙක්. ඔහුට ගැණිය නොහැකි ප්‍රමාණයක් දරුවන් සිටින්නා සේම ඔහු ඔවුන්ව හදාගත්තා. බොහෝ දෙනෙක් හදාගත්තා. ජීවයන් ලෙස ඔබ සියලුම දෙනා සහෝදරයින් දැන් ඔබේ බුද්ධිය බොහෝ සෙයින් ප්‍රතිඵල ලබාදෙන සුළුයි. ඔබ දන්නවා ඈත අහසේ තාරකාවන් දිවෙන්නේ ඉතා කුඩාවට ඔබත් ඉතා කුඩා ජීවයන්. ජීවයන් ලොකු කුඩා වෙන්නේ නැහැ. ඔව් ඔබේ තත්ත්වය ඉතා දිව්‍යමයයි. මිනිස්සුත් චන්ද්‍ර දේවතාවා සහ සුරය දේවතාවා ගැන කතා කරනවා. ඔවුන් කියනවා සුරයය පියා සහ චන්ද්‍රයා මව කියලා. සියලුම ජීවයන් නක්ෂත්‍ර තරු (විශ්වයේ තාරකා). එම නිසා එම නිසා සෑම ජීවයක්ම සමානවම කුඩායි. ඔවුන් පහළට පැමින මෙහි නළුවන් වෙනවා. ඔබ තමයි දේවතාවන් වන්නේ. ඔබ වඩාත් බලවත් වෙනවා. පියා සිහිකිරීමෙන් සතෝප්‍රධාන් දේවතාවන් වන බව ඔබේ බුද්ධියේ තිබිය යුතුයි. හැමෝම ජීවයන්. නමුත් අනුපිළිවෙලින් එහි විවිධත්වයන් තියෙනවා. සමහර ජීවයන් පිරිසිඳු වෙනවා සමහරු සන්තෝ ප්‍රධාන් දේවතාවන් වෙනවා. සමහර ජීවයන් සම්පුර්ණයෙන්ම පිරිසිඳු වෙන්නේ නැහැ. ඔවුන් දැනුම ගැන කිසිවක්ම දන්නේ නැහැ. බාබා පැහැදිලිව කියනවා හැමකෙනෙක්ම බාබාගේ හැඳින්වීම ලැබිය යුතුයි. අවසානයේද හැමකෙනෙක්ම බාබා දැනගන්නවා. විනාශය සිදුවන මොහොතේදී හැමකෙනෙක්ම සොයා ගන්නවා බාබා පැමිණෙන බව. දැන් පවා, සමහරු කියනවා දෙවියන් අනිවාරයයෙන්ම කොතැනකට හෝ පැමිණිය යුතුයි කියලා නමුත් ඔවුන් දන්නේ නැහැ කොතැනටද එන්නේ කියලා. ඔවුන් හිතනවා ඔහු වෙනත් ස්වරූපයකින් පැමිණෙනවා කියලා මිනිසුන් තුළ බොහෝ අදහස් තියෙනවා. දේව උපදේශයන් ඔබේ පමණයි. දේව උපදේශයන්ගෙත් ඔබ පත්වෙන්නේ කුමන තත්ත්වයකටද? එක් පැත්තකින් මනුෂ්‍ය උපදේශයන් අනෙක් පසින් දේව උපදේශයන් තෙවෙනුව දිව්‍ය උපදේශයන්. දෙවතාවන්ට උපදෙස් දෙන්නේ කවුද? බාබා. බාබාගේ උපදේශයන් තමයි ඔබව දිව්‍යමය කරන්නේ. මනුෂ්‍යයින් නොව බාබාට පමණයි ශ්‍රී ශ්‍රී කියන්න පුළුවන්. ශ්‍රී ශ්‍රී වන කෙනා පැමිණ ඔබව දිව්‍යමය (ශ්‍රී) කරනවා. බාබා පමණයි ඔබව දිව්‍යමය දේවතාවන් කරන්නේ. ඔහුට ශ්‍රී ශ්‍රී කියනවා. බාබා කියනවා: මා ඔබව ඉතා ධනවත් කරනවා. මිනිස්සු තමන්ටම ශ්‍රී ශ්‍රී කියල දාගන්නවා. මේක ඔබට සම්මන්ත්‍රණ වලදීත් විස්තර කළ හැකියි. පැහැදිලි කිරීම උදෙසා සිටින උදව්කරුවන් ඔබයි. එකම එක ශිව බාබා පමණයි ශ්‍රී ශ්‍රී වෙන්නේ ඔහු ඔබව එවන් වූ දිව්‍යමය තත්ත්වයකට පත්කරනවා. මිනිස්සු ආගමික ග්‍රන්ථ ඉගෙන ගෙන එ ලෙස ශ්‍රී ශ්‍රී කියල ගෞරව නාම ගන්නවා. ශ්‍රී ශ්‍රී බාබා තමයි ඔබව ශ්‍රී හෙවත් දිව්‍යමය කරන්නේ. මේ තමෝප්‍රධාත් දූෂිත ලෝකයයි. මිනිස්සුන් උපත් ලබන්නේ දූෂණයෙන්. බාබාගේ ගෞරව නාමය ඉතා උසස්, තවමත් මිනිස්සු තමන්ට මේ ගෞරව නාමය ගන්න පටන්ගන්නවා. දේවතාවන් නියම වශයෙන් දිව්‍යමය උසස් ජීවයත්. සතෝප්‍රධාත් ලෝකයේ එකම එක තමෝප්‍රධාන් මනුෂ්‍යයෙක්වත් ඉන්න බැහැ. රජෝ කාලයේදී එහි ඉන්නේ රජෝ අය තමෝගුණි අය නොවෙයි. වෙනස සිහිකළ යුතුයි. ඔබ දැන් දන්නවා ඉස්සර ඔබ කිසිවක්ම දන්නේ නැහැ. බාබා දැන් ඔබව ඉතා සංවේදී කරනවා. ඔබ ඉතා ධනවත් වෙනවා. ශිව බාබාගේ නිධන් ගබඩාව පිරි ඉතිරි යනවා. ශිව බාබාගේ නිධන්ගබඩාව කුමක්ද? (ඒ සදාකාලික ආභරණ වන් වූ දැනුමයි). ශිව බාබාගේ පිරී ඉතිරි යන නිධන් ගබඩාවෙන් සියලු දුක් කම්කටොළු සංසිදී යනවා. බාබා දරුවන් වන ඔබට ආභරණ වන් දැනුම ලබාදෙනවා. ඔහු සාගරයයි. ඔහු ආභරණ වන් දැනුම් සාගරයයි. දරුවන්ගේ බුද්ධිය අසීමිත ලෙස පැතිරී යා යුතුයි. බිලියන ගණනක් වු ජීවයන් අති විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ සිහසුන නැමැති ශරීරයේ අසුන්ගෙන සිටිනවා. මෙය අසීමිත ක්‍රීඩාවක්. ජීවය හිඳගෙන සිටින්නේ මේ සිහිසුනෙහියි. සිහසුන් දෙකක් එක වගේ වෙන්නේ නැහැ: හැම කෙනෙකුගේම සහලක්ෂණ වෙනස්. ඊට කියන්නේ ස්වභාවධර්මයේ අරුමය කියලයි. හැමකෙනෙකුටම සදාකාලික කොටසක් තියෙනවා. ඉතා කුඩා ජීවයක උපත් 84 ක් වාරතා වී තිබෙනවා. එය ඉතාමත් සුක්ෂමයි. මීට වඩා සුක්ෂම වූ වෙනත් පුදුමයක් තිබිය නොහැකියි. මුලු කොටසම එවන් වූ කුඩා ජීවයක වාරතාගත වෙනවා. එය කොටස රඟපානුයේ මෙහි පමණයි: සූක්ෂම ලෝකයේ කොටසක් රඟපාන්නේ නැහැ. බාබා ඉතා පැහැදිලිව විස්තර කරනවා. ඔබ බාබාගෙන් සියල්ලක්ම සොයා ගන්නවා: මේ දැනුමයි. හැමකෙනෙකුගේම ඇතුළාන්තයේ ඇත්තේ මොනවද කියා ඔහු දන්නා බවක් ඉන් අදහස් කෙරෙන්නේ නැහැ. ඔබ තුළිනුත් මතු වී එන මේ දැනුම ඔහුට තියෙනවා. එවන් වූ දිව්‍යමය තත්ත්වයක් ඔබ ලබනුයේ දැනුම මඟිනි. ඔබත් අවබෝධ කර ගත්තා බාබා තමයි බීජය ඔහුට වෘක්ෂයේ මුල මැද සහ අග පිළිබඳ දැනුම තිබෙනවා. මිනිස්සු ඊට වසර සිය දහස් ගණනක කාල වකවානුවක් දීල. එතකොට එහි දැනුමක් පවතින්න බැහැ. ඔබ දැන් සංගම යුගයේදී මේ සියලුම දැනුම ලබනවා. ඔබ බාබාගෙන් මුළු චක්‍රයම පිළිබඳ සම්පූරණ දැනුම ලබනවා. මීට පෙර ඔබ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ දැන් ඉන්නේ සංගම යුගයේ මේ ඔබේ අවසාන උපතයි. නිරන්තරයෙන් උත්සාහ දැරීමෙන් ඔබ නිවැරදි බ්‍රාහ්මීන් කෙනෙකු වෙනවා. ඔබ දැන් මේ තත්ත්වයේ නැහැ. සමහර හොඳ දරුවනුත් දැන් බ්‍රාහ්මීන් තත්ත්වයේ සිට ශුද්‍ර තත්ත්වයට පත්වෙනවා. මෙය තමයි මායාගෙන් පරාජයට පත්වීම කියල කියන්නේ. ඔවුන් බාබාගේ උකුලෙන් මිදී රාවන්ගේ උකුලට යනවා. ඔබව දිව්‍යමය කරවන බාබාගේ උකුලෙහිත් ඔබ දූෂිත කරවන ඒ උකුලෙහිත් විශාල වෙනසක් තියෙනවා. මෙහෙ ඔබ තත්ත්පරයකින් ජීවිතයට සතුට ලබනවා එහිදී තත්ත්පරයකින් ඔබ දූෂිත තත්ත්වයකට ළඟාවෙනවා. හැමදේම දූෂිත වෙන්නේ කොහොමද කියලා බ්‍රාහ්මණ දරුවෝ ඉතා පැහැදිලිව අවබෝධ කර ගන්නවා. අද ඔවුන් බාබාට අයිති වෙනවා හෙට ඔවුන් මායාගේ නියට හසු වී රාවන්ට අයත් වෙනවා. පසුව ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්න යන විට සමහරු ආරක්ෂා වෙනවා. කවුරුහරි ගිලෙන්න යන බව ඔබ දුටුවොත් ඔවුන්ව බේරගන්න ඔබ උත්සාහ ගන්නවා. එහෙ ගොඩක් ගැටළු පැනනගිනවා. බාබා මෙහි හිඳ දරුවන් වන ඔබට පැහැදිලි කරනවා: මෙහෙ ඔබ ඉගෙන ගත්තේ පාසලක. ඔබ අවබෝධ කර ගන්න ඔබ චක්‍රය වටා යන්නේ කොහොමද කියලා. ඔබ අරක මේක හැම දෙයක්ම කරන්න ශ්‍රීමත් ලබාගන්නවා. බාබා අනිවාරයයෙන්ම කතා කරනවා. ඔහු ශ්‍රීමත් දෙනවා ; මා ඔබව ශුද්‍රයින් තත්ත්වයෙන් දේවත්වයට පරිවරතනය කිරීමට පැමිණියා. දැන් කලි යුගයේ තියෙන්නේ ශුද්‍ර සමාජයක්. ඔබ අවබෝධ කර ගන්නවා කලි යුගය අවසානය කරා ළඟා වන බව. ඔබ සිටින්නේ සංගම යුගයේ. ඔබ මේ දැනුම බාබාගෙන් ලබාගන්නවා. සියලුම ආගමික ග්‍රන්ථ වල තියෙන්නේ මනුෂ්‍ය උපදේශයන් දෙවියන් ග්‍රන්ථ ලියන්නේ නැහැ. මේ එක ගීතාවට බොහෝ නම් දෙනවා: ගාන්ධි ගීතා තාගෝර් ගීතා' යනාදී වශයෙන් ගැණිය නොහැකි නම් ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සු මෙතරම් ගීතාව අධ්‍යයනය කරන්නේ ඇයි? ඔවුන්ට කිසිවක් අවබෝධ කරගත නොහැකියි. ඔවුන් එකම කථාවස්තූන් ගෙන ඔවුන්ගේම වූ අදහස් ඊට දෙනවා. ඒ සේරම නිර්මාණය කළේ මනුෂ්‍යයන් විසින්. ඔබට පුළුවන් මිනිස්සුන්ට කියන්න මිනිසුන් විසින් නිර්මාණය කරගත් ගීතාව අධ්‍යයනය කිරීමෙන් තමයි අද ඔබ මෙවන් තත්ත්වයකට ළඟාවුණේ කියලා. ගීතාව තමයි නොම්මර එකේ ආගමික ග්‍රන්ථය. එය දේවතා ආගමේ ග්‍රන්ථයයි. මේ ඔබේ බ්‍රාහ්මණ වංශ යයි: එයත් බ්‍රාහ්මණ ආගමයි. ගොඩක් ආගම් තියෙනවා. කවුරුහරි ඒ ආගම ස්ථාපිත කිරිමෙන් පසුව ආගමක් නම් කෙරෙනවා. ජෛන ආගමිකයෝ මහාවීර ගැන කතාවෙනවා. දරුවන් වන ඔබ මහා වීරයින් ඔබේ සිහිවටනයන් පන්සල්වල අඹනවා. මේ රාජයෝගායි. බිම. ඔබ තපස්යා කරන ආකාරය පෙන්නුම් කෙරෙනවා. ඉහළ ඔබේ රාජ්‍යයයේ පින්තූර තිබෙනවා. එය රාජයෝගාහි නිවැරදිම පූජනීය සිද්ධස්ථානයයි. සමහරු එයට එක් නමක් දෙනවා අනෙක් අය වෙනත් නමකින් කතා කරනවා. සිහිවටනයත් මුළුමනින්ම නිරවද්‍යයි. ඔවුන් ඔවුන්ගේ බුද්ධිය පාවිච්චි කර එය නිවැරදිව නිර්මාණය කළා. පසුව ඔවුන් ඊට කවුරුහරි කියන නමක් දුන්නා. ඔවුන් දිව්‍ය ලෝකයේ සහ සංගම යුගයේ රාජයෝගාහි ආකෘති නිරමාණය කළා. ඔබ මුල මැද සහ අග දන්නවා. ඔබ ආරම්භය පවා දැක්කා. ඔබට සංගම යුගය ආරම්භය කියන්නත් පුළුවන් ස්වරණමය යුගය ආරම්භය කියල කියන්නත් පුළුවන්. ඔවුන් සංගම යුගයේ රූප බිමත් රාජධානියේ පින්තූර ඉහළත් පෙන්නුම් කරනවා. එමනියා ආරම්භය ස්වරණමය යුගය වන අතර තඹ යුගය මැද කාලයයි. ඔබ දැන් දකින්නේ අවසානයයි. මේ සේරම දැන් විනාශය කරා යනවා. නියමම සිහිවටනයන් නිර්මාණය වෙනවා. දේවතාවන් තමයි පසු කාලයකදී තඹ යුගය ආරම්භයේදී පාප මාර්ගයට වැටෙන්නේ. මේ සිහිවටනයන් සම්පුරණයෙන්ම නිවැරදියි. පන්සල් බොහොමයක් සිහිවටන සේ ඉදිවෙනවා. සේරම ලකුණු මෙහි ඉතිරි වෙනවා. මෙහෙ පන්සල්ද නිර්මාණය වෙනවා. මෙහෙ පාලනය කරන්නේ දේවතාවන් භාරතයේ ජනතාවයි. කාලය ඉකුත්වන විට ඔවුන් බොහෝ පන්සල් තිරමාණය කළා. සික් මිනිස්සු ගොඩක් ඉන්න ප්‍රදේශ වල ඔවුන් සික් පන්සල් හැදුවා යුධ භටයින්ද ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේම වන්දනීය ස්ථාන ගොඩනැංවුවා භාරතයේ ජනතාව ඔවුන්ගේ ක්‍රිෂ්ණා හෝ ලක්ෂ්මි සහ තාරායන් වෙනුවෙන් පන්සල් හැදුවා. ඔවුන් හනුමාන් හෝ ගනේෂ් වෙනුවෙන්ද මෙලෙස හැදුවා. ඔබ පමණයි දන්නේ මේ ලෝක චක්‍රය කරකැවෙන්නේ කෙසේද සහ නිරමාණය විනාශය සහ පැවැත්ම සිදු වෙන්නේ කොහොමද කියලා. මෙය තමයි අඳුරු රැය කියන්නේ. බ්‍රහ්මා චක්‍රයට එන නිසා තමයි බ්‍රහ්මගේ දිවා රෑය ලෙස සඳහන් වෙන්නේ දැන් ඔබ බ්‍රාහ්මීන්ස්ල පසුව දේවතාවන් වෙනවා. බ්‍රහ්මා තමයි ප්‍රධානතම කෙනා. ප්‍රධානතම කෙතා වෙන්න පුළුවන් බ්‍රහ්මා ද විශ්ණු ද? බ්‍රහ්මා රැය සංකේතවත් කරන අතර විශ්ණු දවය උදාව සංකේතවත් කරයි. රෑයෙන් දවාලට පැමිණෙන්නේ එකම ජීවයයි. ඉදිරිපත් කරීම ඉතා පහසුයි තවම ඔබට එය සම්පුර්ණයෙන්ම සිහි කළ නොහැකියි. ඔබ එය සම්පුරණයෙන්ම ඉගෙන ගත්තේ නැති නම් ඔබ ලබන්නේ ඔබ දරණ උත්සාහයට අනුකූල තත්ත්වයකුයි. සිහිකිරීම වැඩියෙන් තිබෙන තරමට ඔබ වැඩියෙන් සතෝප්‍රධාන් වෙනවා. සස්තෝප්‍රධාන් භාරතය තමෝප්‍රධාන් වෙනවා. දරුවන් වන ඔබට බොහෝ සෙයින් දැනුම තිබෙනවා නමුත් මේ දැනුම ආවර්ජනය කළ යුතුයි. අසීමිත පියා පැමිණ මේ දැනුම තව ලෝකය උදෙසා ලබා දෙනවා. මිනිස්සු අසීමිත පියාට නොදනී නම් ඔවුන් හරියට තිරිසන්නු වගේ. හැමකෙනෙක්ම ඔවුන්ගේ ශාරීරික පියාව දන්නවා සැම මනුශෂ්‍යයෙක්ම අසීමිත පියාව සිහිකරනවා. ඉංග්‍රීසි මිනිස්සු කියනවා; අහෝ දෙවියනි. පියාණෙනි. ගැළවුම්කාරයාණෙනි කියලා නමුත් අරථය තියෙන්නේ දරුවන් වන ඔබේ බුද්ධියේ. බාබා පැමිණ ඔබව දුක් ලෝකයෙන්, කලි යුගයෙන් මුදාගෙන ස්වරණමය යුගයට ගෙන යනවා. ස්වරණමය යුගය අනිවාරයයෙන්ම පසු වී ඇත. මේ නිසයි ඔබ එය සිහිකරන්නේ දරුවන් වන ඔබ ඇතුළාන්තයෙන් ඉතා සතුටින් සිටිය යුතුයි. ඔබ දිව්‍යමය ක්‍රියාවන්ද සිදුකළ යුතුයි. අව්වා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ බාබාගෙන් ලැබූ නොනැසෙන අසීමිත නිධානයක් වන් වූ ආභරණ වැනි දැනුම බුද්ධියෙහි රඳවාගන්න සහ ඔබේ බුද්ධිය අසීමිතභාවය කරා ගෙන යන්න. ජීවයන් මේ නාටකයෙහි ඔවුන්ගේ සිහසුන් මත හිඳගෙන සිටියි. ස්වභාවධර්මයේ අරුමය නිරීක්ෂකයෙකු සේ නරඹන්න.

2. අපි සංගම යුගයේ බ්‍රාහ්මිණ් යන්න ඔබේ බුද්ධිය නිරන්තරයෙන්ම සිහි කළ යුතුයි. අපි බාබාගේ දිව්‍යමය ඔඩොක්කුවට පැමිණියා. අපට රාවණ්ගේ ඔඩොක්කුවට යා නොහැකියි. අපේ රාජකාරිය ගිලෙන අයව බේරා ගැනීමයි.

වරදානය:
නාස්තිකාර සිතුවිලි වල කුළුණු වලට ඔබට සහාය වීමට ඉඩ නොදී ඔබ සැබවින්ම ආදරය කරන අතර සියලු සබඳතා පිළිබඳ ඔබේ අත්දැකීම් වැඩි කර ගන්න.

ඔබේ දුර්වල සිතුවිලි ශක්තිමත් කිරීමට මායා බොහෝ රාජකීය කුළුණු තබයි. “මෙය සෑම විටම සිදුවේ” “ජ්‍යේෂ්ඨයන් වුණත් මෙය කරනවා” යන සිතුවිලි ඇය නැවත නැවතත් ගෙන එනවා. "කිසිවෙකු තවමත් සම්පූර්ණ වී නැත." "අනිවාර්‍යෙන්ම යම් දුර්වලතාවයක් ඉතිරි වනු ඇත." මෙම නාස්ති සිතිවිලි කුළුණු දුර්වලතා තවත් ශක්තිමත් කරයි. දැන්, එවැනි කුළුණු වලින් ආධාරකයක් ලබා ගැනීම වෙනුවට, සියලු සබඳතා පිළිබඳ ඔබේ අත්දැකීම් වැඩි කර ගන්න. ඇසුර ශාරීරික ස්වරූපයෙන් අත්විඳිමින් සැබවින්ම ආදරණීය වන්න.

පාඨය:
තෘප්තිය ඉතා උතුම් ගුණයකි. නිරන්තරයෙන් තෘප්තිමත් වන අයට පරමාත්ම දෙවියන් ආදරය කරනු ලැබේ, එමෙන්ම අන් අයගේ ආදරය ද ලබන අතර ඔවුන් තමන්ටම ද ආදරය කරනු ලැබේ.