07.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, වැරදි ආශ්‍රයේ බලපෑම තුළින් මහා විනාශයක් සිදුවිය හැකියි. එමනිසා, ඔබ තබා
ගන්නා ආශ්‍රය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවේසම් වන්න. වැරදි ආශ්‍රයේ බලපෑම ඉතාමත් නරක
දෙයකි.
ප්රශ්නය:
තුන් ආකාරයක
ළමා කාල මොනවාද? ඔබ විසින් කවදාවත් අමතක නොකළ යුතු ළමා කාලය කුමක්ද?
පිළිතුර:
එකක් ඔබ භෞතික දෙමාපියන්ට දාව ලත් උපතේ ළමා කාලයයි. දෙවෙනි ළමා කාලය ඔබ ගුරු
කෙනෙකුගේ ගෝලයෙක් බවට පත් වූ දිනයයි. තෙවෙනි ළමා කාලය නම් ඔබගේ භෞතික දෙමාපියන්
අතහැර ආධ්‍යාත්මික දෙමාපියන්ට අයිති වූ දිනයයි. ආධ්‍යාත්මික ළමා කාලය නම් පරමාත්ම
දෙවියන්ගෙන් පෝෂණය ලබා ගැනීම සඳහා දරුවෙක් බවට පත් වූ දිනයයි. පරමාත්ම දෙවියන්ගේ
දරුවෙක් බවට පත්වෙනවා යනු ජීව මරණයක් ලබා ගැනීමයි. මෙම ආධ්‍යාත්මික ළමා කාලය
කවදාවත් අමතක නොකළ යුතුයි. එය අමතක කළ හොත්, ඔබට වේදනාවෙන් අඬා වැටෙන්න සිදු වේවි.
අඬනවා යනු මායාගෙන් රිදුම් ලබා ගැනීමකි.
ගීතය:
ඔබගේ ළමා කාලය
අමතක නොකරන්න.
ඕම් ශාන්ති.
ආදරණිය
ආධ්‍යාත්මික දරුවන් මෙම ගීතයේ අර්ථය අවබෝධ කර ගත්තා. ළමා කාල වර්ග තුනක් තිබෙනවා.
එකක් භෞතික ළමා කාලය. දෙවෙනි එක හුදෙකලා මාර්ගයේ ළමා කාලය. එය ඇරඹෙන්නේ තම තමන්ගේ
නිවෙස් අතහැර දමා, ජීව මරණයක් ලැබ ගුරු කෙනෙකුගේ හෝ සන්යාසි කෙනෙකුගේ ගෝලයෙක් බවට
පත් වූ දිනයේ සිටයි. ඔවුන්, ඔවුන්ගේ පියා නොවෙයි. ඔවුන් කරන්නේ හුදෙක් ගුරු කෙනෙක්
ලඟට ගොස් ඔහුත් සමඟ ජීවත්වීම පමණයි. බාබාට අයිති වෙනවා යනු තම ළමා කාලයේ ජීවත්
වීමයි. ඔවුනුත් ජීව මරණයක් ලබනවා, ගුරු කෙනෙක්ට අයත් වී වන ගත වෙනවා. තෙවැන්න නම්
මෙම ඉතාමත් අලංකාර වූ ජීව මරණයයි. ඔබ එක් දෙමාපියන් පිරිසක් අතහැර දමා වෙනත්
දෙමාපියන් පිරිසකට අයත් වෙනවා. මොහු ඔබගේ ආධ්‍යාත්මික මව හා පියායි. මේ ඔබගේ ජීව
මරණය ලබනා උපතයි. පරමාත්ම දෙවියන්ගේ ඔඩොක්කුව මත සිට ලබනා ආධ්‍යාත්මික උපතයි.
ආධ්‍යාත්මික පියා දැන් ඔබට කතා කරනවා. අන් සෑම කෙනෙක්ම භෞතික පියෙකි. නමුත් මොහු
ආධ්‍යාත්මික පියාය. මේ නිසා තමයි එසේ ගැයෙන්නේ ජීව මරණයක් ලැබ පියාට අයත් වුණු පසු
මෙම ළමා කාලය අමතක කරන්න එපා. ඉහළම ඉහළ දෙවියන් ශිව බාබායි. මිනිස්සු ගීතාව ගැන වාද
විවාද කරනා විට පළමුවෙන්ම ඔවුන්ගෙන් අසන්න ඉහළම ඉහළ දෙවියන් වන්නේ කවුද? මිනිස්සු
කියනවා ’බ්‍රහ්ම දේවතාවට ආචාර වේවා‘ ’විශ්ණු දේවතාවට ආචාර වේවා‘ ’උත්තරිතර ශිවාට
නමස්කාර වේවා‘. සියලු ආගම්වල මිනිසුන්ගේ පියා ඔහුයි. පළමුවෙන්ම ඉහළම ඉහළ පියා එකම
එක කෙනෙක් බව පැහැදිලි කර කියා දෙන්න. බ්රහ්මා හෝ විශ්ණු දෙවියන්, පියා වනවා යැයි
කිසිම කෙනෙක් කියනා එකක් නැහැ. එකම එක පියෙක් පමණයි සිටින්නේ යන්න සෑම කෙනෙක්ම
පිළිගන්නා බවත්, ඔහු අශාරීරික බවත් පළමුවෙන්ම ස්ථාවර කර ගන්න. ඔහු නිර්මාණකරු හා
පාරිශුද්ධකරු කියාත් හඳුන්වනවා. ඔබ අනිවාර්යෙන්ම පියාගෙන් උරුමයක් දිනාගනු ඇත. ඒ
ගැන මදක් සිතා බලන්න අසීමිත පියාගෙන් උරුමයක් දිනා ගත්තේ කවුද? නව ලෝකයේ නිර්මාණකරු
වන්නේ පරම පියාය. ඔහුගේ නම ශිවායි. ඔවුන් කියනවා, ’උත්තරිතර ජීවය වන ශිවාට නමස්කාර
වේවා‘, එමෙන්ම ඔවුන් ඔහුගේ උපන් දිනය ද සමරණවා. ඔහු තමයි පාරිශුද්ධකරු, නිමාණකරු,
මෙන්ම ඥානයෙන් පිරි කෙනා. ඉන්පසු සර්ව ව්‍යාප්ති නම් සංකල්පය තවත් ඉතිරි වෙන එකක්
නැහැ. ඔවුන්ගේ ගුණ වර්ණනය පදනම්ව තිබෙන්නේ ඔහු කරන ක්‍රියා මත පදනම්වයි. ගුණ ගායනා
කරන්නේ කිසියම් දෙයක් අතීතයේදි කළ කෙනෙක් සම්බන්ධයෙනුයි. ඉහළම ඉහළ කෙනා පියායි.
ගැලවුම්කරු, කරුණාවන්ත කෙනා, දුක නැති කරන්නා හා සතුට බෙදා හරින්නා වන්නේත්, මඟ
පෙන්වන්නා වන්නේත් ඔහුයි. අලුත් තැනකට ඔබ යන විට මඟ පෙන්වන්නෙකුත් අරගෙන යනවා.
මිනිස්සු පිටරට සිට මෙහි පැමිණි විට, නොයෙකුත් ස්ථාන පෙන්වීම සඳහා දේශිය මඟ
පෙන්වන්නෙක් යොදවනවා. මිනිසුන්ව වන්දනා ගමන් ගෙන යන මඟ පෙන්වන්නන් සිටිනවා. මඟ
පෙන්වන්නා යනුවෙන් හඳුන්වන්නේ පියා වන අතර ඔහු අනිවාර්යෙන්ම සෑම කෙනෙක්ටම මාර්ගය
පෙන්වාත් ඇති. නමුත් සර්ව ව්‍යප්තිය ගැන සඳහන් කර තිබෙන නිසා, එම කරුණු අර්ථ විරහිත
එකක් බවට පත් වෙනවා. පළමුවෙන්ම පැහැදිලි කර කියා දෙන්න සෑම කෙනෙක්ගේම පියා වන්නේ
ඒකායන තැනැත්තා බව. සෑම ග්රන්ථයක් අතුරින්ම ඇති ඉහළම ග්‍රන්ථය ගීතාවයි. එය කියා
ඇත්තේ පියා විසිනුයි. ඔබ එය සත්‍යයක් බව ඔප්පු කළොත් පසුව එහි දරුවන් වන අනෙක්
ග්රන්ථ සියල්ල වැරදි බව ඔප්පු වේවි. පළමුවෙන්ම ඔබ, සැබෑ ගීතාවේ සාරය විස්තර කර
කියා දිය යුතුයි. ශිව දෙවියන් කතා කරනවා. ශිව බාබාගේ දිව්‍යමය ක්‍රියාවන් මොනවාද?
ඔහු ඉතාමත් සරළව කියන්නේ මම මෙම ශරිරයේ උපකාරය ලබාගෙන අපිරිසිඳුතාවයේ සිට
පාරිශුද්ධත්වයට පත්වීම සඳහා ඔබට මාර්ගය පෙන්වා දෙනවා. මම දරුවන් වන ඔබට රාජයෝගා
ඉගැන්වීම සඳහා පැමිණෙන නිසා, දිව්‍යමය ක්‍රියාවන්ගේ ඇති අවශ්‍යතාවය කුමක්ද? මොහු
මහළු පරිණත කෙනෙක්. මම සරළව පැමිණ දරුවන් වන ඔබට උගන්වනවා. අපිරිසිඳු අයව
පාරිශුද්ධත්වයට පත් කිරිම සඳහා මම ඔබට රාජයෝගා උගන්වනවා. ඔබ ස්වර්ණම යුගයට ගොස්
පාලනය කරනු ඇත. ඔබ එම උරුමය ලබා ගන්නා නමුත්, අනෙක් ජීව සෑම කෙනෙක්ම මුක්ති දේශයේ,
අශාරිරික ලෝකයේ සිටිනා අය වේ. මෙය තේරුම් ගැනීම සඳහා ඉතාමත් පහසු කාරණයක්. භාරතයේ
දේවතාවන්ගේ අධිරාජ්‍යයක් තිබුණා. එහි තිබුණේ එකම එක ධර්මයකි. දැන් මෙම කලි යුගයේ
මනුෂ්‍ය ජීව රාශියක් සිටිනවා. එහි සිටින්නේ ඉතාමත් ටික දෙනයි. උත්තරිතර ජිවය වන
උත්තරිතර පියා එකම ධර්මයක් ස්ථාපිත කිරිම සඳහා හා අසංඛ්‍ය වූ ආගම් ගණනාව විනාශ
කිරීම සඳහා පැමිණෙනවා. අන් සෑම කෙනෙක්ම සාමයේ දේශය වෙත යනු ඇත. කිසිම අපිරිසිඳු
ජිවයකට එහි ඉන්න බැහැ. ඔහුගේ නම පාරිශුද්ධකරුවා, සැමටම ගැලවීම ලබා දෙන්නා යන්නයි.
මෙය පැරණි ලෝකයයි, කලි යුගයයි. සත් යුගය හඳුන්වන්නේ ස්වර්ණම යුගය වශයෙනි. දේවතාවන්
වන්දනා කරන අය ඉතාමත් පහසුවෙන් සියල්ල අවබෝධ කර ගනු ඇත. වන්දනාවට සුදුසුව සිටි අය
පසුව වන්දනාකරුවන් බවට පත්වනවා. එමනිසා, පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න.
ඔවුන්ට කියන්න ඔබ ඔහුගේ දරුවන් බව අමතක කරන්න එපා. අමතක වුණොත් ඔබට අඬන්න සිදුවේවි.
එමෙන්ම කුමන හෝ ආකාරයකින් ඔබ මායාගෙන් රිදුම් ලබාවි. ජීව අවධානයට පත්වන්න! සෑම
ජීවයක්ම පියා සොයාගෙන නිවහන කරා නැවත යා යුතුයි. මේ සියලුම මුනුෂ්‍ය ජීව මිය යාවි,
ඉතින් කවුරු, කවුරු වෙනුවෙන් අඬාවිද? වැඩියෙන්ම අඬන්නේ භාරතයේ සිටිනා මිනිසුනුයි.
කෙනෙක් මිය ගිය විට මිනිස්සු පළමු මාස දොළහ තිස්සේම අඬ අඬා සිටිනවා, ඇතැම් අය පපුවට
පවා ගසා ගන්නවා. මරණිය දේශයේ සිරිත් විරිත් මේවායි. අමරණීය දේශයේ සිරිත් විරිත් ගැන
ඔබට දැන් කියා දෙනවා. ඔබ දැන් පැරණි ලෝකය කෙරෙහි නිරාශාවක් ඇති කරගෙන තිබෙනවා. පියා
කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! මේ සියල්ලම ඇත්තේ විනාශවීම සඳහායි. නාටකය
අවසානයක් කරා ගමන් කරමින් තිබෙන නිසා අපි දැන් නැවත නිවහන වෙත ගමන් කරමින් සිටිනවා.
සෑම කෙනෙක්ම නාටකයේ නළුවන්ය. ඉතින් ඔබ බැඳිම් තබාගෙන සිටින්නේ කා සම්බන්ධයෙන්ද? සෑම
කෙනෙක්ම ආපසු ගොස් තම තමන්ගේ චරිත රඟපෑ යුතුයි. අඬන්න හේතුවක් තිබෙනවාද? සෑම
කෙනෙක්ගේම කොටස් දැනටමත් තීරණය වි හමාරයි. පියා ඥානයේ සාගරය, ප්රමෝදයේ සාගරය හා
සෙනෙහසේ සාගරය වෙනවා සේම පියා අනුගමනය කර ඔහු හා සම තත්ත්වයට පත්වන්න. ගංඟාවන්
මතුවන්නේ සාගරයෙනි. සෑම කෙනෙක්ම සිටින්නේ කිසියම් අනුපිළිවෙලකටයි. ඇතැම් අය ඉතාමත්
හොඳින් ඥානයේ වැසි වස්සවමින් තවත් බොහෝ අය තමා හා සම තත්ත්වයට පත්කරවනවා. ඔවුන්
අන්ධයින්ට සැරයටියක් වෙනවා. පියාට බොහෝ උදව් අවශ්‍යයි. ඔහු කියනවා අන්ධයින්ට
සැරයටියක් වි සෑම කෙනෙක්ටම මාවත පෙන්වන්න! අන්ධයින්ට සැරයටියක් විය යුත්තේ, එක්
ගුරුවරයෙක් පමණක් නොවෙයි, සෑම කෙනෙක්ම එම තත්ත්වයට පත්විය යුතුයි. ඔබ ඥානය නම් වූ
තෙවැනි ඇස ලබාගෙන තිබෙනවා. ඥානය නැමැති තෙවැනි ඇස ලබා ගන්නවා යනුවෙන් හඳුන්වන්නේ
මෙයයි. දිව්‍යමය ඇස තිබෙන්නේ ජීවයටයි. මිනිස්සු කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ.
ඔවුන්ට තිබෙන්නේ සම්පූර්ණයෙන්ම දූෂිත වූ බුද්ධියකි. තම ආගම ස්ථාපිත කළේ කවුරුන්ද
කියා භාරතයේ මිනිස්සු දන්නේ නැහැ. පියාගේ උපත සිදුවන්නේ මෙහිදීයි. මිනිස්සු ශිවාගේ
උපන් දිනය සමරණවා. ඉතින් එසේ නම්, ඔහු සර්ව ව්‍යාප්ති වන්නේ කෙසේද? ලෝකයේ සිටිනා
කිසිම කෙනෙක් පියාව හෝ නිර්මාණය ගැන දන්නේ නැහැ. සෑම සෘෂි කෙනෙක්මත් මුණිවරයෙක්මත්
කියන්නේ ’මෙයද නොවේ, එයද නොවේ‘ කියලයි. ඔවුන් විසින් කර ඇති විශාල වැරැද්ද නම් පියා
සර්ව ව්‍යාප්තියි කියා කීමයි. ඔහු සියලු දෙනාගේම පියා වන බවත්, පාරිශුද්ධකරුවා වන
බවත්, ගැලවුම්කරු වන බවත් ඔබට ඔප්පු කර පෙන්විය හැකියි. ඔහු ඔබව පැරණි ලෝකයේ සිට නව
ලෝකය කරා ගෙන යනවා. එහි දුකක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. බලන්න ඔවුන් ග්‍රන්ථවල ලියා
ඇති දේවල්! ලක්ෂ්මි සහ නාරායන ගැන පවා ඔවුන් අසනවා පාපයෙන් තොර ඔවුන් එහිදි දරුවන්
ලබන්නේ කෙසේද? ඔහෝ, කෙසේනමුත්, එම ලෝකය හඳුන්වන්නේ සියලු ගුණධර්ම වලින් පිරුණු, කලා
දහසයෙන්ම සම්පූර්ණ වූ, සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර ලෝකය වශයෙනුයි. එය පාපයෙන් තොර වූ
ලෝකයක්, නමුත් මෙය පාපකාරි ලෝකයක්. ඉතින් එසේ නම් එහි පාප තිබේවිද කියා ඔබට තවත්
අසන්න පුළුවන්ද? පළමුවෙන්ම පියා ගැන දැනගන්නා තෙක් ඔබට කිසිම දෙයක් තේරුම් ගන්න
බැහැ. සර්ව ව්‍යාප්තිය සම්බන්ධයෙන් මිනස්සු ලොකු වැරැද්දක් කර තිබෙනවා. ඒ වැරැද්ද
නිවැරදි කර ගතහොත් පමණයි ඔවුන්ට පියා ගැන දැන ගන්න ලැබෙන්නේ. අධිරාජ්‍යයේ වාසනාව
ඔබගෙන් දිනා ගැනිම සඳහා මම දැන් නැවතත් වතාවක් ඔබ ලඟට පැමිණ, ඔබට භාර වී සිටිමි යන
විශ්වාසය දැන් ඔවුන් තුළ ඇතිවිය යුතුයි. බලන්න ඔවුන් ග්‍රන්ථවල ලියා ඇති දේවල්!
ඔවුන් ලක්ෂ්මි හා නාරයනව ස්වර්ණම යුගයේත්, ඔවුන්ගේ ළමා කාලය වන රාධේ හා ක්‍රිෂ්ණාව
තඹ යුගයේ සිටිනා ලෙසත් පෙන්නුම් කර තිබෙනවා. කොහොමනමුත්, ස්වර්ණම යුගයේ රාජ කුමාරයා
ක්‍රිෂ්ණායි. උපතක් උපතක් පාසා ක්‍රිෂ්ණාගේ හැඩරුව වෙනස් වෙනවා. කිසිම කෙනෙකුට එකම
හැඩරුවක් නැවතත් ලබා ගන්න බැහැ. එකල තිබුණු හැඩරුවින්ම ක්‍රිෂ්ණා නැවත තඹ යුගයේදි
උපත ලබන්න බැහැ, එය විය නොහැකි දෙයක්. මූලිකවම ගත් කල ඔබ එම ස්ථානයේ (අශාරිරික
ලෝකයේ) වැසියන් වන බව ඔබ දන්නවා. එය මිනිසුන් විසින් වන්දනාමාන කරමින් සිහිකරනා
අපගේ ඉතාමත් මිහිරි වූ නිවහනයි. අපිට සාමය අවශ්‍යයි, කියා මිනිස්සු කෑගසනවා. ජීවයට
මෙම ඉන්ද්‍රියන් ලැබී තිබෙන්නේ තමාට අයත් චරිතය රඟපෑම සඳහායි. ඉතින් එසේනම් සාම
දේශයට වි සිටින්නේ කෙසේද? මිනිස්සු සාමය බලාපොරොත්තුවෙන් හතා යෝගා කිරිමට ගල් ගුහා
වලට යනවා. කවුරු හෝ කෙනෙක් මාසයක් පුරා ගල් ගුහාවක ඉඳගෙන සිටියොත්, එය සාමයේ දේශයයි
කියා ඉන් අදහස් වෙනවාද? අපි සාමයේ දේශයට ගොස් එතනින් අපට අයත් චරිතය රඟපෑම සඳහා
සතුටේ දේශය වෙත යන බවත් ඔබ දන්නවා. සතුටින් සිටිනා අයට මෙය දිව්‍ය ලෝකයක් බවත්,
අසතුටින් සිටිනා අයට මෙය අපායක් බවත් මිනිස්සු කියනවා. දිව්‍ය ලෝකය කියන්නේ නව ලෝකය
වන බවත්, අපාය කියන්නේ පැරණි ලෝකය වන බවත් ඔබ දන්නවා. පියා කියනවා භක්ති කිරිම,
යාගහෝම පැවැත්වීම, දානමාන දීම මේ සියල්ලම අයිති භක්ති මාර්ගයටයි. ඒවා කිරිමේ කිසිම
ඵලයක් නැහැ. ස්වර්ණම හා රිදි යුගයන් බ්‍රහ්මාගේ දින වශයෙන් හඳුන්වනවා. බ්‍රහ්මාගේ
දිනය බ්‍රහමින්වරුන්ගේ දිනයයි. ඉන් පසු ඔහුගේ රාත්‍රිය ආරම්භ වෙනවා. පළමුවෙන්ම ඔබ
ස්වර්ණම යුගය වෙත ගොස් පසුව චක්‍රය වටා ගමන් කරනවා. ඔබ බ්‍රහමින්වරුන් දේවතාවන්,
ක්ෂත්රියයන්, වෛශ්‍යයන් හා ශුද්‍රයන් වෙනවා. ඔබ කියන්නේ ’ශිව දෙවියන් කතා කරයි‘
කියලයි. නමුත් ඔවුන් කියන්නේ ’ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි‘ කියලයි. මේ දෙක අතර ලොකු
වෙනසක් තිබෙනවා. මොහු සම්පූර්ණ උපත් 84ක් ලබනා අතර මුළු සූර්ය වාංශික සමාජයම ඔහුත්
සමඟ නැවත උපත් ලබානු ඇත. දැන් ඔවුන්, ඔවුන්ගේ අධිරාජ්‍යය නම් වු වාසනාව අවසානයේදි
දිනා ගනිමින් සිටිනවා. මෙය හොඳින් තේරුම් ගන්නා දරුවන් වන ඔබ ඉන් මහත් විනෝදයක්
ලබනවා. අලුත් අය එතරම් විනෝදයක් ලබන එකක් නැහැ. අපි කාවවත් අපහාසයට පත්කරන්නේ නැහැ.
පියා ඔබට සෑම දෙයක්ම ඉතාමත් පහසුවෙන් විස්තර කර කියා දෙනවා. මෙහිදි ඔබ සිටින්නේ
බාබාගේ ආශ්රයේයි. එමනිසා, ඉතාමත් හොදින් අවබෝධ කර ගන්න පුළුවන්. බාහිර ආශ්රයන්ට
ගිය විට ඔබගේ තත්ත්වය කුමන තත්ත්වයකට පත්වේවිද කියා කියන්න බැහැ. වැරදි ආශ්‍රයක
ලබපෑම ඉතාමත් නරක දෙයක්. එවැනි දේ දෙව්ලොව දී සිදුවන්නේ නැහැ. එහි නමම ස්වර්ගයයි,
වයිකුන්ත්, සතුටේ දේශය යන්නයි. එහි යක්ෂයිනුත් සිටියා කියා මිනිසුන් ග්‍රන්ථවල
සඳහන් කර තිබෙනවා. ඔබ ලෝකයේ පාලකයින් වශයෙන් සිටි බව ඔබ දැන් දන්නවා. එකල අහස හෝ
පොළොව බෙදා වෙන් කිරිමක් තිබුණේ නැහැ. දැන් නම් බෙදා වෙන් කර ගැනිම් රාශියක්
තිබෙනවා. මිනිස්සු දිගින් දිගටම තම තමන්ගේ සීමා මායිම් නිර්මාණය කර ගන්නවා. ලෝකය
පුරා කෝලාහල බොහොමයි. කවුරු හෝ කෙනෙක් පැමිණි විට, පියා කවුද, දෙවියන් කියා
හඳුන්වන්නේ කවුද යන්න පළමුවෙන්ම ඔහුට පැහැදිලි කර දෙන්න. බ්රහ්මා, විෂ්ණු හා ශංකර්
දේවතාවන්ය. සිටිය හැක්කේ එකම එක දෙවි කෙනෙකි. දෙවිවරුන් දහයක් ඉන්න බැහැ.
ක්‍රිෂ්ණා, දෙවියන් වෙන්න බැහැ. පියා ප්රචණ්ඩත්වයක් උගවන්නේ කෙසේද? පරමාත්ම
දෙවියන් කතා කරයි ’රාගය තමයි ලොකුම සතුරා‘. එමනිසා, එය පරාජය කිරිමට පොරොන්දු වන්න.
මේ සඳහා රාඛි එකක් බඳින්න. මෙය අදාල වන්නේ මේ කාලයටයි. අතිතයේ භක්ති මාර්ගයේ සිදු
වූ හැම දෙයක්ම දැනුත් ඒ ආකාරයෙන්ම සිදු වනු ඇත. මිනිස්සු දීපමාලා වලදි මහා ලක්ෂ්මි
වන්දනා කරනවා. ලක්ෂ්මි හා නාරායන එකට එකතු වූ දෙදෙනෙක් කියා කිසිම කෙනෙක් දන්නේ
නැහැ. ලක්ෂ්මිට ධනය ලැබෙන්නේ කොහෙන්ද? සාමාන්‍යයෙන් ධනය උපයන්නේ පුරුෂ පක්ෂයයි.
නමුත් මෙහිදි ලක්ෂ්මිගේ නමම සිහිකරන්නේ ඇයි? පළමුවෙන්ම සිහිකරන්නේත් ලක්ෂ්මිවයි,
නාරායන දෙවනුවයි. මහා ලක්ෂ්මි වෙනම කෙනෙක් යැයි සිතා මිනිස්සු ඇයව අත් හතරකින්
යුතුව පෙන්වා තිබෙනවා දෙකක් පිරිමියාටත්, දෙකක් ගැහැනියටත්. කොහොමනමුත්, මේ දේවල්
ගැන මිනිස්සු දන්නේ නහැ. ඔබ දැන් මේ විස්තර හොඳින් දන්නවා. ඔබගේ ළමා කාලය අමතක
කරන්න එපා යන ගීතය ඔබ ඇසුවා. ජීවය කියනවා ’බාබා, මට දැන් මතක් වුණා.‘ උදේ
පාන්දරින්ම අවදි වි පියාට කතා කරන්න. අම්රිත් වේලාවලදි පියා සිහිකරනවා නම් ඉතාමත්
හොඳයි. සන්ධ්‍යාවේදි හුදෙකලා තැනකට ගොස් හුදෙකලාව සිටින්න. විවාහ වුණු දෙදෙනෙක්
වශයෙන් එකට සිටියත් අඛණ්ඩව මෙම විනය පුහුණු කරගන්න. බ්‍රහ්මාගේ ශරිරිය හරහා ශිව
බාබා කියන්නේ මොනවාද? අපි වන්දනාවට සුදුසු අය වශයෙන් සිටි කල කවදාවත් පරම පියා
සිහිකරන්නේ නැහැ. පියාව සිහිකරන්නේ අප වන්දනාකරුවන් බවට පත් වූ විටයි. මේ ආකාරයෙන්
තමාටම කතා කර ගන්න. එවිට එය අසා සිටිනා කෙනෙක් පුදුමයට පත් වේවි. අපි කල්ප භාගයක්
පුරාම රාග ගින්න මත අසුන් ගෙන සිට මරණය තෙක් ගිනි ගෙන දැවෙමින් සිටියා. අපි සිටියේ
සොහොන් බිමකයි. අපි දැන් ඥානය නැමැති සෑය මත සිට ස්වර්ගය වෙත යා යුතුයි. මේ පැරණි
ලෝකයයි. භාරතයේ මිනිස්සු සිතන්නේ මෙය ස්වර්ගය කියලයි. අහා! නමුත් ස්වර්ගය තිබෙන්නේ
ස්වණම යුගයේදියි. ස්වර්ගයේ දේවතාවන්ගේ අධිරාජ්‍යයක් තිබුණා. මෙහි ඇත්තේ මායාගේ බොරු
විච්චුර්ණ පමණයි. බාබා දැන් කියනවා නරක ආශ්‍රයේ බලපෑමට හසුවී මිය යන්න එපා. පසුව
පසුතැවිලි වන්න සිදුවේවි. විභාගයේ ප්‍රතිඵල නිකුත් වු විට සෑම කෙනෙක්ම ඒ දෙස අවධානය
යොමු කරනවා. ඒ දිනවල ඇතැම් දරුවන් ධ්‍යානගත වී එක් එක් අය මොන මොන තත්ත්වයන් වලට
පත්වේවිද කියා කිව්වා කෙනෙක් රැජිනක් වේවිද, මෙහෙකාරියක් වේවිද කියා කිව්වා. පසුව
බාබා එය නවතා දැම්මා. පියාගේ සේවයෙන් කෙතරම් ප්‍රමාණයක් ඔබ කළාද, ඔබ කී දෙනෙක්ව ඔබ
හා සම තත්ත්වයට පත් කර ගත්තා ද කියා අවසානයේදී දැනගන්න ලැබේවි. ඔබට සෑම දෙයක්ම සිහි
වේවි. එමෙන්ම දර්ශනත් පෙනෙන්න පටන් ගනීවි. දර්ශන නොදී ඔබට දඬුවම් කරන්න ධර්මරාජ්ට
බැහැ. දරුවන් වන ඔබට නැවත නැවතත් පැහැදිලි කර කියා දී තිබෙනවා අඛණ්ඩවම මා පමණක්
සිහිකරන්න! පියා පැමිණ ඉතාමත් මිහිරි ගසක බීජයක් පැළ කරනවා. ආණ්ඩුවෙන් පවා පැළ
සිටුවීමේ ව්‍යාපාර පවත්වා උත්සව සමරණවා. මෙහිදී කෙරෙන්නේ නව ලෝකයේ බීජය පැළ
කිරීමයි. ඉතින් එමනිසා, එවන් පියෙක්ව අමතක කරන්න එපා. පියාගේ සේවයේ කාර්යබහුලව
නිරතවන්න. නැතිනම් අවසානයේදී ඔබට පසුතැවිලි වන්නට සිදු වේවි. ඔබ දැන් ඔබගේ උරුමය
දිනාගත්තේ නැතිනම් සෑම කල්පයකදීම එයම ඔබගේ ගිණුම වේවි. එමනිසා, සම්පූර්ණ උත්සාහයක්
දරන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියා
ඥානයේ, ප්රමෝදයේ හා සෙනෙහසේ සාගරයයි. එමනිසා, පියා හා සම වී අන් අයවත් ඔබ හා සම
තත්ත්වයට පත් කරවීමේ සේවය කරන්න. සෑම කෙනෙක්ටම ඥානය නැමති තෙවෙනි ඇස ලබා දෙන්න.
2. පසුතැවිලි වෙන්න
සිදුවන ආකාරයේ ආශ්‍රයන් තබාගන්න එපා. ආශ්‍රයේ බලපෑම ඉතාමත් බරපතල එකක් වන නිසා, ඔබ
තමා කෙරෙහි මනා අවධානයකින් යුතුව සිටිය යුතුයි. පියාගෙන් තමාගේ උරුමය දිනාගැනීමට
සම්පූර්ණ උත්සාහය දරන්න.
වරදානය:
ඔබගේ තෘප්තියේ
විශේෂත්වය සහ ඔබගේ ශ්‍රේෂ්ඨත්වය නිසා ඔබ සැමගේම විශේෂ සෙනෙහසට පාත්‍ර වී ආශිර්වාද
ලබා දෙන ප්‍රතිරූපයක් බවට පත් වේවා.
තමන් සහ අන් අය සමඟ
නිරන්තරයෙන් තෘප්තියට පත්වන අයට පමණක් විශේෂ සෙනහසක් ඇති දේවතාවන් බවට පත්විය හැකි
අතර විශේෂ අට දේවතාවන්ගේ කොටසක් විය හැකිය. ඔබ කුමන ආකාරයකට එය අර්ථ දැක්වුවත්
සියල්ලටම වඩා ලොකුම ගුණධර්මය ලෙස හෝ පරිත්‍යාගයක්, විශේෂත්වයක් හෝ ශ්‍රේෂ්ඨත්වයක්
ලෙස වුවද, එය තෘප්තියයි. තෘප්තිමත් ජීවාත්මයන් පමණක් පරමාත්ම දෙවියන්ගේ සහ තමන්ගේ
සෙනහසට පාත්‍ර වනු ඇත. එවැනි තෘප්තිමත් ජීවාත්මයන් ආශිර්වාද ලබා දෙන ජීවාත්මයන් ලෙස
ප්‍රසිද්ධය. දැන්, අවසාන මොහොතේ, මහා පරිත්‍යාගශීලියෙකුගේ ස්වරූපය හරහා වනවාට වඩා,
ආශිර්වාද ලබා දෙන්නෙකුගේ ස්වරූපය හරහා වැඩි සේවාවක් සිදුවනු ඇත.
පාඨය:
ජයග්‍රාහී
මැණිකක් යනු නිරන්තරයෙන් තම නළලෙහි දිදුලන ජයග්‍රාහී තිලකයක් ඇති අයෙකි.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
පාණ්ඩවයන්ගේ
අනුස්මරණය නම් ඔවුන් කඳු මත දියවී ගිය බවයි. ඔවුන් දියවී ගියේ කඳු මත නොව ඔවුන්ගේ
උසස් අවධියේදීය. ඔවුන් පහළ ඇති සියල්ලෙන්, ඔවුන්ගේ අව්යක්ත් අවධියට සම්පූර්ණයෙන්ම
ඉවත් විය. ඔවුන් ඒ අවධියේදී දියවී ගියා, එනම්, ඔවුන් ඔවුන්ගේ පරිසමාප්ති අවධියට
පත්විය. මේ සිහිවටනය ඔය පාණ්ඩවයන් ගැනයි.