07.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සෑම දෙයක්ම තීරණය වන්නේ ඔබගේ කර්මය අනුවයි. සෑම විටම ඔබ මායා හට ගොදුරු
නොවන බවට සැලකිලිමත් වන්න. එවිට ඔබට දඬුවම් ලැබිය හැකි කිසිම වැරදි දෙයක් ඔබ අතින්
සිදු වන්නේ නැහැ.
ප්රශ්නය:
බොහෝ ඥානවන්ත
වූ අය ලෙස බාබා බලන්නේ කවුරුන් දෙසද?
පිළිතුර:
පාරිශුද්ධත්වය ලබා ගත් අයයි. අපිරිසිඳු වූ අය තුළ කිසිම ඥානයක් නැහැ.
පාරිශුද්ධත්වයෙන් යුතු වූ අය ඥානවන්තය. ලක්ෂ්මි හා නාරායන වඩාත්ම ඥානවන්ත වූ දෙදෙන
ලෙස හඳුන්වනවා. දරුවන් වන ඔබත් දැන් එලෙසින්ම ඥානාන්විත විය යුතුයි. මේ සඳහා
පාරිශුද්ධත්වය අවශ්‍ය වෙනවා. එමනිසා, බාබා ඔබට අනතුරු අඟවනවා : දරුවනි, ඔබගේ දෑස්
ඔබව නොරවටන බවට සැලකිලිමත් වන්න. මේ පැරණි ලෝකය දැක්කා වුවත් ඒ දෙස බලන්න එපා. ඒ
සත් යුගය නම් වූ නව ලෝකය සිහිපත් කරන්න.
ඕම් ශාන්ති.
බොහෝ කාලයක්
තිස්සේ නැති වී සිට දැන් හමුවුණු සුමිහිරි දරුවන් වන ඔබ දැන් තේරුම්ගෙන තිබෙනවා, ඔබ
මේ පැරණි ලොකයේ තවත් ස්වල්ප දිනකට පමණක් රැඳී සිටිමට පැමිණී වන්දනාකරුවන් කියා.
නමුත් ලෝකයේ සිටින අනෙක් මිනිසුන් සිතන්නේ ඔවුන් තවත් අවුරුදු හතළිස් දහසක් පමණ
මෙහි සිටිය යුතු බවයි. දරුවන් හට විශ්වාසය තිබෙනවා. මේ කරුණු කිසිවක් අමතක කරන්න
එපා. මෙහි අසුන් ගෙන සිටින විට දරුවන් වන ඔබගේ හදවත් තරඟයක යෙදිය යුතුයි. ඔබගේ
දෑසින් පෙනෙත මේ සියලුම දේ දැන් විනාශ වීමටයි තිබෙන්නේ. ජීවාත්මය අමරණීයයි. මා වන
මෙම ජීවාත්මය උපත් 84ක් ලැබගෙන තිබෙනවා. බාබා දැන් අපව නිවහන කරා රැගෙන යාමට මෙහි
පැමිණ සිටිනවා. මේ පැරණි ලෝකය විනාශ වීමට ආසන්න වන විට. බාබා ඒ නව ලෝකය නිර්මාණය
කරලීමට මෙහි පැමිණෙනවා. ඔබ දැන් දන්නවා කොහොමද මේ පැරණි ලෝකය නවතාවයට පත් වන්නේ
කියා. මීට පෙර බොහෝ අවස්ථාවලදී අප මෙම චක්‍රය තුළ හිඳ තිබෙනවා. මෙම චක්‍රය දැන්
අවාසනයකට පත් වන්නටයි සැරසෙන්නේ. ඒ නව ලෝකයේ දේවී දේවතාවන් බොහොම ස්වල්ප ප්‍රමාණයක්
පමණයි සිටින්නේ, එහි සාමාන්‍ය මිනිසුන් දැක ගත නොහැකියි. සෑම දෙයක්ම තීරණය වන්නේ
ඔබගේ කර්මා මතයි. මිනිසුත් වැරැද්දක් කළ විට ඇතුලාන්තයෙන් ඔවුන් ළතැවනවා. මේ නිසා
තමයි බාබා ඔබගෙත් අසන්නේ : මෙම උපත තුළදී ඔබ එවැනි කිසිම වැරැද්දක් කර නැහැ. එහෙම
නේද? මේ තමයි අපිරිසිඳු වු කිලිටි වූ රාවන්ගේ ලෝකය. මෙය නොපැහැදිලි වූ ලෝකයක්. බාබා
දැන් දරුවන් වන ඔබගේ උරුමය ඔබට ලබා දෙනවා. ඔබ තව දුරටත් භක්තියෙහි යෙදෙන්නේ නැහැ.
භක්ති මාර්ගයෙහි අඳුරේ අතපත ගාමින් සිට දැන් ඔබ බාබා හමු වී මෙහි පැමිණ සිටිනවා.
බාබා දැන් ඔබට ඔහුගේ අත දී තිබෙනවා. බාබාගේ සහාය ඔබ හට නොතිබුණු හෙයින්, ඔබ ඒ විෂ
සහිත ගංගාවෙහි ගිලෙමින් සිටියා. භක්ති මාර්ගය කල්ප භාගයක් තිස්සෙහි පැවතෙතවා. ඔබ හට
මෙම දැනුම ලබා දුන් පසු ඔබ ඒ සත් යුග නව ලෝකය කරා යනවා. මෙය තමයි ඔබ
අපිරිසිඳුතාවයෙන් හා කිලිටිභාවයෙන් මුදවා ගෙන ලස්සන පිරිසිඳු අය බවට පත් කරන්නා වූ
බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වු සංගම් යුගය වන්නේ. ඔබ කටු බවින් මල් බවට පත් වනවා. ඔබව
මෙම තත්ත්වයට පත් කරන්නේ කවුද? ඒ අසීමිත වූ පියා විසිනුයි. භෞතික පියෙකු හට ඔබ
කිසිසේත් අසීමිත වූ පියා කියා කියන්නේ නැහැ. බ්‍රහ්ම හා විශ්ණුගේ රැකියාව කුමක්ද
කියාත් ඔබ දන්නවා. ඉතින්, එසේනම් ඔබ තුළ කෙතරම් පිරිසිඳු වූ කුල්මත් බවක් තිබිය
යුතුද? ඒ උත්තරීතර දනව්ව, සුක්ෂම වූ ලෝකය හා භෞතික ලෝකය ආදී සියල්ල මෙම සංගම්
යුගයෙහිදී ස්ථාපිත වනවා. මෙය පැරණී ලෝකයේ හා නව ලෝකය අතර ඇති සංගම් යුගය බව බාබා
දැන් ඔබට විස්තර කර දෙනවා. මිනිසුන් මෙසේ කෑ ගසනවා: අපිරිසිඳු වූ අප සියලුම දෙනා
පාරිශුද්ධත්වයට පත් කරන්න. මෙම සංගම් යුගය තුළ බාබා හටත් ඔහු විසින් රඟ පෑ යුතු
කොටස තිබෙනවා. ඔහු මෙහි නිරර්මාණකරුවා හා අධ්‍යක්ෂකවරයා වන නිසා, ඔහු හටත්
අනිවාර්යෙන්ම යම් කාර්යභාරයක් තිබෙනවා. ඔබ සියලුම දෙනා දන්නවා ඔහු මනුෂ්‍යයෙක් විය
නොහැකි බව. ඔහු හට ඔහුටම කියා ශරීරයක් නැති බව ඔබ දන්නවා. සෑම කෙනෙක්ම එක්කෝ
සාමාන්‍ය මනුෂ්‍යයෙක් නැතිනම් දේවී දේවතාවක්. ශිව බාබා හට දිව්‍ය තත්ත්වයට පත් වීමට
හෝ මනුෂ්‍ය තත්ත්වයට හෝ පත් වීමට නොහැකියි. මෙම ශරීරය ඔහු විසින් ගෙන තිබෙන්නේ
තාවකාලික ලෙස ණයටයි. බාබා උපත ලද්දේ මව් ගර්භාෂයකින් නොවෙයි. බාබා මෙසේ කියනවා :
දරුවති, මා හට ශරීරයක් නොමැතිව මා ඔබ හට රාජයෝග උගන්වන්නේ කෙසේද? මිනිසුන් කියනවා ඒ
උත්තරීතර ජීවාත්මය ගස් ගල්වල සිටිනවා කියා. නමුත් දරුවන් වන ඔබ දැන් තේරුම් ගෙන
තිබෙනවා මා මෙහි එන්නේ කෙසේද යන්න ගැන. ඔබ දැන් රාජයෝගා ඉගෙන ගන්නවා. කිසිම
සාමාන්‍ය මනුෂ්‍යයෙක් හට මෙය ඉගැන්විය නොහැකියි. කිසිම දේවී දේවතාවකට රාජයෝග ඉගෙන
ගත නොහැකියි. මෙහිදී, මෙම සංගම් යුගයෙහිදී රාජ යෝගා දැනුම ලබාගෙන තමයි ඔබ දිව්‍ය
තත්ත්වයට පත් වන්නේ. දරුවන් වන ඔබ හට දැන් ඔබගේ උපත් 84ක චක්‍රය අවසන් කරනවා කියා
විශාල සතුටක් තිබිය යුතුයි. බාබා සෑම චක්‍රයකම අවසානයේදී මෙහි පැමිණෙනවා. බාබා
කියනවා මේ තමයි ඔහුගේ උපත් ගණනාවකින් අවසානම වු උපත කියා. ශ්‍රී ක්‍රිෂ්ණා තමයි ඒ
සත් යුගයේ කුමාරයා වන්නේ ඔහු මේ උපත් 84කින් යුතු වූ සම්පූර්ණ චක්‍රය පුරා යනු
ලැබුවා. ශිව බාබා මෙම උපත් 84කින් යුතු වූ චක්‍රය තුළට ඇතුලු වන්නේ නැහැ. ශ්‍රී
ක්‍රිෂ්ණා අවලස්සන බවින් ලස්සන වනවා. වෙන කිසිම කෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. ඔබත්
මෙය දැන ගන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. මායා යනු ඉතා බලවත් අයෙක්; ඇය කිසිම කෙනෙක්ව
තනියෙන් තබන්නේ නැහැ. බාබා මේ සෑම දෙයක්ම දැන ගන්නවා. මායා නම් වූ ඒ කිඹුලා හට ඕනෑම
කෙනෙක්ව ගිල දැමිය හැකියි. බාබා මෙය හොඳින් දන්නවා. කොහොමනමුත්, බාබා සෑම කෙනෙකුගේම
හදවතෙහි තිබෙන රහස් දන්නවා කියා සිතන්ත එපා. නැහැ. නමුත් බාබා සෑම කෙනෙක් විසින්ම
කරන ක්‍රියා දෙස හොඳින් බලාගෙනයි සිටින්නේ. මායා අමු අමුවේ ඔබව ගිල දමන බවට
ප්‍රවෘත්තීන් බාබා වෙත පැමිණෙතවා. ඒ වගේ දරුවන් හට තේරුම් ගත නොහැකි බොහෝ කරණු
තිබෙනවා. බාබා මේ සියලු දේ තේරුම් ගන්නවා, මිනිසුන් සිතනවා ඒ උත්තරීතර ජීවාත්මය සෑම
කෙනෙකුත් ළඟම තිබෙන රහස් සියල්ල දන්නවා කියා. බාබා කියනවා : මම සෑම කෙනෙක් ළඟම
තිබෙන රහස් ගැන දන්නේ නැහැ. මා ඔබ ගැන දැන ගත්තේ ඔබගේ ක්රියාවලිනි. සමහර අයගේ
ක්‍රියා කලාපයන් ඉතාමත් අපිරිසිඳුයි. එමනිසා, බාබා නැවත නැවතත් ඔබට අනතුරු අඟවනවා;
මායා ගැන පරෙස්සම් වන්න කියා. කොහොමනමුත්, බාබා විසින් කෙතරම් විස්තර කර දුන්නා
වුවත් රාගය යනු ඔබගේ පරම සතුරා යන සත්‍ය සමහරුන්ගේ බුද්ධිය තුළට ඇතුළු වන්නේ නැහැ.
ඔවුන් පාපයෙහි ගැලෙනවා කියා ඔවුන්ටම තේරෙන්නේ නැහැ. මේ ආකාරයේ දේවල්ද සිදුවනවා.
එමනිසා, බාබා කියනවා : ඔබ විසින් යම් වරදක් සිදුකර ඇත්නම්, අවංකවම එය බාබා හට
පවසන්න. කිසිම විටෙක එය සඟවන්න එපා. එසේ තැතහොත් එම පාපය සිය දහස් ගණනකින් වැඩි
වනවා. ඔබ ඔබගේ හදවත ඇතුලින් සන්තාපයට පත් වනවා. ඔබ සම්පුර්ණයෙන්ම වැටෙන තුරු එම
පාපය වැඩෙන්නට පටන් ගන්නවා. ඔබ බාබා හට බොහේ අවංක විය යුතුයි. එසේ නැතහොත් ඔබ බොහෝ
දේ නැතිකර ගනිමින් දුක් විඳීමට සිදුවනවා. මෙය තමයි රාවන්ගේ ලෝකය වන්නේ. අප රාවන්ගේ
ලෝකය සිහිපත් කරන්නේ ඇයි? අප දැන් යා යුත්තේ ඒ නව ලෝකයටයි. පියෙකු විසින් අලුත්
නිවසක් තනන ලදුවහොත් ඔහුගේ දරුවන් බොහෝ සතුටට පත් වනවා. මන්ද, ඔවුන් දන්නවා මෙම
නිවස අයත් වන්නේ ඔවුන් හට බව. මෙය අසීමිත වු කරුණක්. ඒ නව ලෝකය නම් වූ සත් යුගය
අයත් වන්නේ ඔබටයි. අප දැන් ඒ නව ලෝකය කරා යාමටයි සැරසෙන්නේ; අපට කෙතරම් දුරට බාබා
සිහි කිරීමට හැකි වනවාද, ඒ තරමට අප ලස්සන වනවා. අප එම පාපයන්ට ගැලුණු හෙයින් අප කටු
බවට පත් වූවා. දරුවන් දන්නවා මෙහි පැමිණීම නවත්වන ලද අය මායා හට ගොදුරු වූවා කියා;
ඔවුන් තව දුරටත් බාබා සමඟ ඉන්නේ නැහැ. ඔවුන් දැන් දුගීන් බවට පත් වී ඒ පැරණි ලෝකයටම
ගොස් තිබෙනවා. මේ ආකාරයෙන් මායා බොහෝ දෙනාව ගිල දමනවා; බොහෝ දෙනා මිය යනවා. තමා
විසින් මේ මේ ආකාරයේ දේවල් කිරීමට සිතා සිටින බව එකළ බොහෝ දෙනා කිව්වා. ඔවුන්
ඔවුන්ගේ ජීවිතය පවා මෙම යග්යා එක වෙනුවෙන් පුදන්නට සැරසුණා. නමුත්, අද ඔවුන් මෙහි
නැහැ. ඔබගේ සටන තිබෙන්නේ මායා සමඟයි. ලෝකයේ සිටින වෙන කිසිම කෙනෙක් මායා සමඟ සටන්
කරන්නේ කෙසේද කියා දන්නේ නැහැ. දේවී දේවතාවන් හා යක්ෂයත් අතරත් කෞරවයන් හා
පාණ්ඩවයන් අතරත් තිබෙන සටන කෙසේ ආරම්භ වුවාද යන්න පිළිබඳව නොයෙකුත් ග්රන්ථ වල
පෙන්වා දී තිබෙනවා. එම ග්රන්ථයන්හි පවසා ඇති මෙම කරුණු දෙක පිළිබඳව ඔබට ඕනෑම
කෙනෙකුගෙන් විමසිය හැකියි. දේවී දේවතාවන් පාපයෙන් තොර වූ අයයි. ඔවුන් සිටින්නේ සත්
යුගයේයි. ඔවුන් සටන් කිරීම සඳහා කලි යුගයට පැමිණෙනවාද? කෞරවයන් යනු කවුද පාණ්ඩවයන්
යනු කවුද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ග්රන්ථ වල තිබෙන ඕනෑම දෙයක් ඔවුන් විසින්
අධ්‍යයන කොට ඔවුන් විසිනුත් එයම නැවත කියනවා. බාබා මේ සම්පුර්ණ ගීතාවම අධ්‍යයනය කර
තිබෙනවා. ඔහු මෙම දැනුම ලබාගත් පසු මේ ගීතාවෙහි යුද්ධය ගැන සඳහන් වී ඇති දෙයෙහි
අර්ථය කුමක්ද කියා සිතීමට පටන් ගත්තා, ගීතාවේ දෙවියන් වන්නේ ක්රිණා නොවේ. බාබා
මාර්ගයෙන්. මා ගීතාව අහකට දැම්මා. මන්ද, බාබා මා තුළට පැමිණ සිටියා. ඔබ දැන් බාබා
මාර්ගයෙන් බොහෝ ආලෝකමත් වී තිබෙනවා. ඔබගේ ජීවාත්මය තමයි මෙහිදී ආලෝකය ලබන්නේ. මේ
නිසා තමයි බාබා කියන්නේ : ඔබ ජීවාත්මයක් ලෙස සිතා ඒ අසීමිත වූ පියා පමණක් සිහිපත්
කරන්න. භක්ති මාර්ගයෙහිදී ඔබ ඔහුව සිහි කරන විට, ඔබ මෙසේ කිව්වා : ඔබ පැමිණි කළ මා
ඔබටම පමණක් වෙන් වනවා. කොහොමනමුත්, ඔබ තේරුම් ගත්තේ නැහැ ඔහු එන්නේ කොහොමද, ඔබ
ඔහුටම අයත් වන්නේ කෙහොමද කියා. දරුවන් දැන් තේරුම් ගන්නවා අප සියලුම දෙනා බාබා හා
සමවන බවත් නමුත් බාබාගේ උපත අපගේ උපතට වඩා උසස් උපතක් වන බවත්. ඔහු විසින් දරුවන්
හට ඉතා හොඳින් උගන්වනවා. ඔබ මෙසේ කියනවා: මොහු ඒ එකම පියා පමණයි. සෑම චක්‍රයකදීම
අපගේ පියා වන්නේ ඔහුයි. අපි සියලුම දෙනා "බාබා, බාබා" කියා කියනවා. ඒ වගේම බාබාත්
මෙසේ කියනවා : දරුවති, දරුවනි. ඔබගේ ගුරුවරයා වශයෙන් ඔහු ඔබට රාජයෝගා උගන්වා මේ
මුළු ලෝකයේම පාලකයන් බවට පත් කරවනවා. මේ බාබා හට අයත් වන විට, ඔහු ගුරුවරයෙක්
වශයෙන් ඔබට දෙන සියලු උපදෙස් ඔබ විසින් පිළිපැදිය යුතුයි. ඔබ මෙයට සවන් දෙන විට
ඔබගේ හදවතෙහි විශාල සතුටක් ඇතිවිය යුතුයි. කෙනෙක් අපිරසිඳු වන කළ එහි සතුටක් තිබිය
නොහැකියි. ඔවුන් බොහෝ සෙයින් උත්සාහ කළා වුවත් ඔවුන් හට අපගේ වංශයට අයත් විය
නොහැකියි. මිනිසුන් හට නොයෙකුත් ආකාරයේ වාසගම් තිබෙනවා. නමුත් ඒ සියලු දේ සීමිත දේ
පමණයි. ඔබගේ වාසගම කෙතරම් උසස් ද බලන්න. ඔබගේ ඒ සීයා වන බ්රහ්මා තමයි උසස්තම වූ
තැනැත්තා වන්නේ. වෙන කිසිම කෙනෙක් ඔහු ගැන දන්නේ නැහැ. ඔවුන් කියනවා ශිව බාබා සෑම
තැනකම සිටිනවා කියා. වෙන කිසිම කෙනෙක් බ්රහ්මා යනු කවරෙක්ද කියා හෝ දන්නේ නැහැ.
ඔවුන් ළඟ බ්රහ්මා, විශ්ණු හා ශංකර් සිටින පින්තූර තිබෙනවා. නමුත් බ්‍රහ්මාව ඔවුන්
පෙන්වා තිබෙන්නේ සුක්ශම ලෝකයේයි. ඔවුන් ඔහුගේ ජීවිත කතාව ගැන කිසිවක් දන්නේ නැහැ.
බ්රහ්මා සූක්ෂම ලෝකයේ සිටින්නේ කෙසේද? බාබා කියනවා : මෙය තමයි මාගේ වාහනය. මා
ඔහුගේ උපත් ගණනාවකින් අවසානම උපතෙහි දී ඔහුගේ ශරීරය තුළට ඇතුළු වනවා. මෙය තමයි ඒ
ගීතාවේ කතාන්තරය එළිදැක්වෙන බොහෝ ප්‍රයෝජනවත් වු සංගම් යුගය වන්නේ. මෙහි ප්‍රධානම
කරුණ පාරිශුද්ධත්වයයි. කිසිම කෙනෙක් අපිරිසිඳු තැනැත්තන් පාරිශුද්ධත්වයට පත් කරන්නේ
කෙසේද කියා දන්නේ නැහැ. කිසිම සන්යාසි කෙනෙක් ඔබට කිසිසේත් ඔබගේ ශරීරය අමතක කොට එයට
අයත් වන සියලු සබඳතා ද අමතක කරන්න එවිට මායා නිසා ඔබ විසින් මෙතෙක් කල් එක් කරගෙන
ඇති පාපයන් විනාශ වී යනවා කියා කියන්නේ නැහැ. ඔවුන් ඒ පියා කවුද කියා දන්නේ නැහැ.
බාබා ගීතාවේ මෙසේ කියා තිබෙනවා : මා මෙහි පැමිණෙන්නේ මේ සියලු සන්යාසීන් ආදිය
අභිවෘද්ධියකට ලක් කිරීම උදෙසායි. බාබා කියනවා : මෙම කල්පයෙහි ආරම්භයේ සිට මේ වන
තෙක් රඟපාමින් සිටි ඔබගේ ජීවාත්මය විසින් ලබාගෙන තිබෙන අවාසනම උපත තමයි මෙය. මෙය
මෙම තැනැත්තාගේ අවසානම උපතද වනවා. ඔහුගේ ළමා කාලයෙහිදී ඔහු නිකම්ම ගැමියෙක් පමණයි.
ඔහු විසින් ඔහුගේ උපත් 84ම දැන් අවසන් කර තිබෙනවා. ඔහු මුල සිටම මෙහි පැමිණ අවසානය
වන තුරුම මෙහි සිටිනවා. දැන් දරුවන් තුළ මෙතෙක් කල් වැටී තිබුණු අගුල විවෘත වී
තිබෙන නිසා ඥානවන්ත බවට පත් වී තිබෙනවා. එමනිසා, ඔබට දැන් මේවා තේරුම් ගත හැකියි.
මුලදී ඔබ අසිහියෙන් සිටියේ. ලක්ෂ්මි හා නාරායන පමණක් සිහි බුද්ධියෙන් යුතු වන අතර
අන් සියලුම දෙනා සිටින්නේ අසිහියෙන්. අපිරිසිඳු වූ ජීවාත්මයක් අසිහියෙන් සිටින
කෙනෙක් ලෙස හඳුන්වනවා. ප්‍රධානම කාරණය තමයි පාරිශුද්ධත්වය. ඔබ මෙසේ ලියනවා: මායා
අපව වැට්ටුවා. ඒ ඔබගේ දෑස් පාපකාරී වූ නිසයි. බාබා නැවත නැවතත් ඔබට අනතුරු අඟවනවා.
ඔහු කියනවා : දරුවනි, කිසිම විටෙක මායාගෙන් රැවටිල්ලට ලක් වන්න එපා. ඔබ දැන් ඔබගේ
නිවහන කරා යා යුතුයි එමනිසා, ඔබ ජීවාත්මයක් ලෙස සිතා මා පමණක් සිහිපත් කරන්න. මේ
පැරණි ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ අප පාරිශුද්ධත්වයට පත් වන අතර අපට ඒ පිරිසිඳු
වූ ලෝකය ද අවශ්‍ය වනවා. දරුවන් අපිරිසිඳු බවින් පිරිසිඳු විය යුතුයි. බාබා යෝගා
කරන්නේ නැහැ. යෝගා කිරීම සඳහා ඔහු අපිරිසිදුතාවයට පත් වන්නේ නැහැ. බාබා කියනවා :
ඔබට සේවය කිරීම උදෙසා මා මෙහි සිටිනවා. ඔබ අපිරිසිඳුතාවයෙන් සිටින නිසා ඔබව
පාරිශුද්ධත්වයට පත්කරන්න යැයි ඔබ මා හට කතා කළා. ඔබ මා හට කතා කළ නිසා තමයි දැන් මා
මෙහි පැමිණ සිටින්නේ. මා විසින් ඔබට අනුගමනය කළ හැකි ඉතා පහසු මාර්ගයක් පෙන්නුම් කර
තිබෙනවා: එය මන්මනාභව්, යන වචනය පමණයි. මේ තමයි සත්‍යයේ වචන. ක්‍රිෂ්ණා විසින් මෙය
කිව්වා යැයි වරදවා ගත් නිසා ඔවුන් බාබා අමතක කර දමා තිබෙනවා. බාබා තමයි ප්‍රථමයෙන්ම
එන්නේ. පසුව ක්‍රිෂ්ණායි. බාබා ඒ උත්තරිතර දනව්වෙහි පාලකයා වන අතර ක්‍රිෂ්ණා ඒ
දිව්‍යලෝකයේ පාලකයාය. සුක්ෂම ලෝකයේ කිසිම දෙයක් නැහැ. සෑම කෙනෙකුගෙන්ම ක්‍රිෂ්ණා
තමයි පළවනම තැනැත්තා වන්නේ; සෑම කෙනෙක්ම ඔහු හට ආදරය කරනවා. අනෙක් සියලුම දෙනා
සිටින්නේ ඔහුට පසුපසයි. සෑම කෙනෙක් හටම දිව්‍යලෝකය කරා යා නොහැකියි. එමනිසා,
සුමිහිරි දරුවනි, ඔබගේ සතුට කෙතරම් විය යුතුද කියතොත් එය ඔබගේ ශරීරයේ ඇටකටු වලට පවා
දැනිය යුතුයි. පාරිශුද්ධත්වයෙන් සිටිය නොහැකි බොහෝ දරුවන් බාබා ළඟට පැමිණෙනවා. "ඔබ
පාපයෙහි ගැලෙනවා නම් ඔබ බාබා ළඟට පැමිණෙන්නේ ඇයි?" කියා බාබා ඔවුන්ගෙන් අසන විට
ඔවුන් මෙසේ කියනවා: " මා කුමක් කරන්නද? මට මෙතැනින් පිට වී සිටිය නොහැකියි. මා මෙහි
පැමිණිය හොත් සමහර විට හීය නියම ඉලක්කයට වැදීමට ඉඩ තිබෙනවා. ඔබ හැර වෙන කවුද මා හට
විමුක්තිය ලබා දෙන්නේ? එමනිසා, මා පැමිණ මෙහි අසුන් ගන්නවා. මායා බොහෝ බලවත් වූ
කෙනෙක්. මා හට විශ්වාසය තිබෙනවා බාබා මා අපිරිසිඳු බවින් මුදවා ලස්සන හා පිරිසිඳු
අයෙක් බවට පත් කරනවා කියා. නමුත් මා විසින් කුමක් කරම්ද? සමහර විට සත්‍යය හෙළි
කිරිමෙන් මට දියුණු විය හැකිවෙයි. ඔබගෙන් හැර වෙන කිසිම කෙනෙකුගෙන් මා හට නිවැරදි
විය නොහැකි බව මට විශ්වාසයි. එවන් වූ දරුවන් කෙරෙහි බාබා අනුකම්පා කරනවා. මෙය මේ
ආකාරයෙන්ම නැවතත් සිදුවනවා. කිසිම දෙයක් අලුත් දෙයක් නොවේ. බාබා සෑම දිනකම ඔබ
සියලුම දෙනා හට ශ්‍රීමත් දෙනවා. නමුත් එය ප්‍රායෝගික වශයෙන්ම කරන්නේ දරුවන් කිහිප
දෙනෙක් පමණයි. බාබා මේ ගැන කුමක් කරන්නද? බාබා කියනවා : සමහර විට ඒක තමයි ඔබගේ කොටස
කියා. සෑම කෙනෙක් හටම රජකු හා රැජිණකු විය නොහැකියි. මෙම රාජ්‍යය දැන් නිර්මාණය
වෙමින් තිබෙන අතර එම රාජ්‍යයට නොයෙකුත් ආකාරයේ මිනිසුන් අවශ්‍ය වනවා. කොහොමනමුත්,
බාබා කියනවා : දරුවනි, ඔබේ ධෛර්යය අතහරින්න එපා. ඔබට ප්‍රගතිය ලබා ගත හැකිය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සෑම විටම
පියා සමඟ සත්‍යවාදීව සිටින්න. කිසිම විටෙක වැරැද්දක් සඟවන්න එපා. ඔබගේ දෑස් කිසිම
විටෙක පාපකාරී නොවීමට වගබලා ගන්න.
2. සෑම විටම ඒ අසීමිත
වූ පියා විසින් ඔබව අපිරිසිඳු බවින් හා කිලිටි බවින් අලංකාරත්වයට, කටු බවින් මල්
බවට පත් කරනවා යන පවිත්‍ර කුල්මත්භාවය තබාගන්න. ඔබ දැන් ඒ විෂ සහිත ගංගාවෙන් එතෙර
වීම උදෙසා බාබාගේ අත අල්ලාගෙනයි සිටින්නේ.
වරදානය:
ඔබ ස්වයං
පරිවර්තකයෙකු වී බලවත් තිරිංගයකින් තත්පරයකින් ඔබේ සිතිවිලි සහ සංස්කාර සෘණාත්මක
සිට ධනාත්මක බවට පරිවර්තනය කරත්වා.
ඔබට සෘණාත්මක එනම්,
නාස්තිකාර සිතිවිලි ඇති විට ඒවායේ වේගය ඉතා වේගවත් වේ. ඒවාට බලවත් තිරිංගයක් ඉතා
ඉක්මණින් දමා වෙනසක් ඇති කිරීමට ඔබ පුහුණු විය යුතුය. කන්දක් නැගීමට පෙර, ඔබේ
තිරිංග පළමුව පරීක්ෂා කරනු ලබයි. ඔබේ මනෝ ස්ථිතිය උසස් කරවනු සඳහා, තත්පරයකින් ඔබේ
සිතිවිලි මත තිරිංගයක් දැමීමේ පුරුද්ද වැඩි කරන්න. ඔබ ඔබේ සිතිවිලි සහ සංස්කාර
ඍණාත්මක සිට ධනාත්මක බවට තත්පරයකින් පරිවර්තනය කළ විට, ඔබේ ස්වයං-පරිවර්තනය තුළින්
ලෝක පරිවර්තනයේ කාර්යය සම්පූර්ණ වනු ඇත.
පාඨය:
තමන් සහ අන්
අය මත පරිවර්තනයේ උසස් බලය භාවිත කරන අය සැබෑ කර්ම යෝගීන්ය.