08.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම පියාගේ ශ්‍රීමත් ඔබට පරම්පරා 21 කටම සතුට ගෙන දෙනවා. පරමාත්ම පියාම
හැරෙන්න වෙන කිසිම කෙනෙකුට එවන් අද්විතීය උපදෙස් දිය නොහැකියි.
ප්රශ්නය:
ආධිපත්‍යයේ
තිලකය ඔබට දී ගත හැකි පහසුම මඟ කුමක්ද?
පිළිතුර:
1. ආධිපත්‍යයේ තිලකය ඔබ මත තබා ගැනීමට නම්, නිරතුරුව පරමාත්ම පියා විසින් ඔබට දෙනු
ලබන උපදෙස් මුළුමණින්ම අනුගමනය කරන්න. වරම් හෝ කරුණාව කියා දෙයක් මෙහි නොමැත.
ගීතය:
ඕම් නමෝ ශිවාය
...
ඕම් ශාන්ති.
බාප් දාදා ඕම්
ශාන්ති කියා කියූ විට ඔවුන්ට එය දෙපාරක් කිව හැකියි. මන්ද, ඒ එකම ශරීරයක දෙදෙනෙක්
සිටින නිසා එක් අයෙක් ශාරීරිකයි අනිත් කෙනා අශාරීරිකයි. ඒ දෙදෙනාටම එක්කෝ එය එකටම
කිව හැකියි, නැතිනම්, වෙන වෙනම කිව හැකියි. මෙය මහා පුදුමයක්. පරමාත්ම පියා වන
පරමාත්ම ජීවය මොහුගේ ශරීරයේ සිට ඥානය දෙන බව ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ.
මෙය කොහේවත් ලියැවී නැති දෙයක්. මීට කල්පයකට පෙර පරමාත්ම පියා මෙසේ කීවා සේ, දැනුත්
ඔහු කියනවා : මා මොහුගේ උපත් ගණනාවක අවසානයේදී මෙම සාමාන්‍ය ශරීරයට ඇතුළු වෙනවා. මා
මෙම ශරීරයේ ආධාරය ලබනවා. ගීතාවේ ඇති ඇතැම් වචන වල විශාල යතාර්ථයක් තිබෙනවා. “උපත්
ගණනාවක අවසන්ම උපතේ මොහුගේ විශ්‍රාමික අවධියේදී මා මොහුට ඇතුළු වෙනවා” කියා කීම
සැබෑම කියමනක්. මොහු සම්බන්ධයෙන් එසේ කීම ඉතාමත්ම නිවැරදියි. ස්වර්ණමය යුගයේ
මුලින්ම උපත ලබන්නේ මොහුයි. පසුව අවසානයේ දී ඔහුගේ විශ්‍රාමික අවධියේ දී පරමාත්ම
පියා ඔහුට ඇතුළු වෙනවා. එමනිසා, මොහු නැවත උපත් කීයක් ගන්නවාදැයි කියා මොහු නොදන්නා
බව කියන්නේ මොහු සම්බන්ධයෙනුයි. ග්රන්ථ වල නැවත උපත් මිලියන 8.4 ක් ගැන සඳහන් වී
තිබෙනවා. ඒ සියල්ලම අයිති භක්ති මාර්ගයටයි. එය භක්ති ඇදහීමක් කියා කියනවා. ඥාන
මාර්ගයේ කරනා ක්‍රමයෙන් පහළට වැටෙනවා. ඔබට මෙම ඥානය ලැබෙන්නේ එකම එක වතාවයි.
පරමාත්ම පියා මෙම එකම එක යුගයට පැමිණෙන්නේ සෑම කෙනෙකුටම විමුක්තිය දානය කිරීමටයි.
ඔබ සෑම කෙනෙකුටම තම අනාගත උරුමය නිර්මාණය කර ගැනීමට සැලැස්වීමට බාබා පැමිණෙන එකම එක
කාලය මෙය පමණයි. අනාගත ලෝකය වෙත යාමට ඔබ දැන්ම ඉගෙන ගන්නවා. පරමාත්ම පියා
පැමිණෙන්නේ ඔබගේ නව අධිරාජ්‍යය ස්ථාපනය කරවීමටයි. ඒ නිසා තමයි ඒ රාජයෝගාව කියා
කියන්නේ. එමනිසා, මෙම රාජයෝගාව ඉතාමත් වැදගත් දෙයක් ලෙස සැලකෙනවා. භාරතයේ මෙම
පෞරාණික රාජයෝගාව ඉගෙන ගැනීමට බොහෝ දෙනාට අවශ්‍යතාවයක් තිබෙනවා. මේ දිනවල,
සන්යාසීවරුන් පිටරට වලට ගොස් තමන් පැමිණියේ රාජයෝගාව ඉගැන්වීමටයි කියා කියනවා.
එවිට ඒ රටවල මිනිස්සු පාරාදීසය නිර්මාණය වුණේ යෝගා බලයෙන් කියා විශ්වාස කරනා නිසා
ඔවුන්ටත් හිතෙනවා එය ඉගෙන ගැනීම වැදගත් කියලා. පරමාත්ම පියා පහදා දෙනවා මෙම යෝගාවේ
බලයෙන් තමයි ඔබලා පාරාදීසයේ පාලකවරුන් වන්නේ. පරමාත්ම පියා පාරාදීසය නිර්මාණය
කරනවා. නමුත් ඔහු එය නිර්මාණය කරන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.
ආධ්‍යාත්මික පියා පමණයි මෙම රාජයෝගාව උගන්වන්නේ. කිසිම ශාරීරික කෙනෙකුට මෙය
ඉගැන්විය නොහැකියි. මේ දිනවල, මහා විශාල වංචා දූෂණ සිදු වෙනවා. මෙන්න මේ නිසා තමයි
පරමාත්ම පියා කියන්නේ අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවන්නේ මමයි. එමනිසා, ජීවයන්ව
අපිරිසිඳු කරවනා කවුරු හෝ කෙනෙක් සිටිය යුතුයි. දැන් ඔබ මෙය හරි ද වැරදි ද කියා
තීරණය කර ගත යුතුයි. සියලුම වේද ග්රන්ථ හා ආගමික ග්රන්ථ වල සාරය ඔබට දෙන්නේ මමයි.
මෙම දැනුම හැදෑරීමෙන් ඔබ උපත් 21කට සතුට ලබනවා. භක්ති මාර්ගයේ ඇත්තේ තාවකාලික එක්
මොහොතකට පමණක් ලැබෙනා සතුටක්. මෙහිදී පරම පියා, පරම්පරා 21ක් පුරාවටම පවතින ආකාරයේ
විශාල සතුටක් ඔබට ලබා දෙනවා. ඔබට විමුක්තිය ලබා ගැනීමට පරමාත්ම පියා විසින් දෙන
ශ්‍රීමත් උපදේශ අද්විතීයයි. මේ පියා තමයි සෑම කෙනෙකුගේම හිත දිනා ගන්නා කෙනා. එතැන
අජීවී දිල්වාලා දේවාලය තිබෙනවා සේ මෙහි තිබෙන්නේ සජීවී දිල්වාලා දේවාලයයි. ඔබගේ කළ
ක්‍රියාව පෙන්වන ඒ ප්‍රතිමා හරියටම හරි. ඔවුන් පෙන්වනා ඔබගේ එම ක්‍රියාවන් සිදු
වන්නේ මේ කාලයේ දීයි. ඔබ පරමාත්ම පියාව සොයා ගෙන තිබෙනවා. ඔහු තමයි ඔබගේ හදවත දිනා
ගත් කෙනා. සියල්ලන්ටම විමුක්තිය දානය කරන්නා. දුක නැති කර ඔබට සතුට දානය කරන්නා.
ඉතාමත් උසස්ම උසස් කෙනා ලෙස සිහිපත් වෙන්නේ ඔහුවයි. සියල්ලටම වඩා ඉහළම ඉහළ කෙනා ලෙස
සිහිපත් වෙන්නේ ඔහුවයි. සියල්ලටම වඩා ඉහළම ඉහළ කෙනා ලෙස වර්ණනාවට ලක් වන්නේ ශිව
දෙවියන්වයි. තවත් ඇතැම් තැන් වල ශිවාගේ ඕවලාකාර ප්‍රතිමාවක් ශංකර් ඉදිරිපිට තබා
තිබෙනවා. ඇත්තටම කියනවා නම්, දේවතාවරුන් ඉදිරියේ ශිව ප්‍රතිමා තැබීම තහනම්, මන්ද
ඔවුන් භක්ති වන්දනා කරන්නේ නැහැ. දේවතාවරුන් භක්ති වන්දනා කරන්නේත් නැහැ,
සන්යාසීන් කරන්නේත් නැහැ. ඔවුන් ළඟ ඇත්තේ බ්‍රහ්ම ලෝකය පිළිබඳ දැනුම පමණයි. ආකාශය
එක් මහාභූතයක් වනවා සේ එයත් බ්‍රහ්ම භූතය කියා හඳුන්වනවා. ඔවුන් පරමාත්ම පියාව සිහි
කරන්නේත් නැහැ. ඔහුගෙන් මහා මන්ත්‍රය ලබා ගන්නේත් නැහැ. මෙම සංගම යුගයට පමණක්
පැමිණෙන පරමාත්ම පියා ඔබට මෙම මහා මන්ත්‍රය දෙනවා. සියලු දෙනාට විමුක්තිය දානය කරනා
පරමාත්ම පියා මෙම එකම එක යුගයේ දී පමණක් පැමිණ ’මන්මනභාව‘ මන්ත්‍රය දෙනවා. ඔහු
කියනවා දරුවනි, තම ශරීරයත් ඇතුළුව සියලුම ශාරීරික ආගම් අත්හැර දමා තමා අශාරීරික
ජීවයක් බව සලකා ඔබගේ පරමාත්ම පියා වන මාව සිහි කරන්න. මෙය රාවණ්ගේ රාජ්‍යය නිසා සෑම
කෙනෙක්ම ශාරීරික අවධානයට ලක් වෙලා. පරමාත්ම පියා දැන් ඔබව ජීව අවධානයට පත් කරවනවා.
ඔහු කියනවා තමා ජීව සත්තාවක් බව සලකා ඔබගේ පරමාත්ම පියා වන මා සිහි කරන්න. එවිට ඔබ
තුළ දැනට බැඳී ඇති කහට සියල්ල දුරු වී යාවි. ඔබගේ සතෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝ
තත්ත්වයට ඔබ පැමිණි විට, ඔබගේ දිව්‍යමය කලාවන් අඩු වුණා. රත්රන් වල පිරිසිඳු බව
මැණෙන්නේ එහි ඇති කැරට් ප්‍රමාණයේ තරමටයි. දැන් මෙම කලි යුගය අවසානයේ දී රත්තරන්
කියා දෙයක් පෙනෙන්න නැහැ. ස්වර්ණමය යුගයේ ස්වර්ණමය මාළිගා තනා තිබුණා. ඒ වෙනස දිවා
රෑ වගේ වෙනසක්. රන් යුග ලෝකය කියා කියන්නේ මෙයටයි. එහෙට ගල් ගඩොල් අවශ්‍ය වන්නේ
නැහැ. එහි ගොඩනැඟිලි සෑදීමට අපවිත්‍ර දේ භාවිත කරන්නේ නැහැ. රන් රිදී පමණයි
යොදන්නේ. ඔවුන් එහිදී විද්‍යාවෙනුත් මහත් සතුටක් ලබනවා. මෙයත් නාටකයේ නියමිත දෙයක්.
මේ කාලයේ සිටිනා මිනිසුන් විද්‍යාවෙන් උඩඟු වෙලයි සිටින්නේ. ස්වර්ණමය යුගයේ අය එසේ
උඩඟු වන්නේ නැහැ. ඔබ එහි සිටිනා විට විද්‍යාවෙන් ලබන්නේ සතුටම පමණයි. මෙහි තියෙන
සතුටත් තාවකාලික වන අතර විද්‍යාවෙනුත් ලැබෙන්නේ මහා විශාල දුකක්. විනාශය සඳහා බෝම්බ
ආදිය තනා තිබෙනවා. එවන් බෝම්බ හදන්න එපා කියා ඔවුන් අන් අයට කීවත් ඒ අය තවමත් ඒවා
හදනවා. ඒ බෝම්බ වලින් තමන් සෑම කෙනෙක්ම මිය යන බව ඔවුන් දැන සිටියත් තවමත් ඒවා
සාදනවා. ඒ නිසා ඔවුන්ගේ බුද්ධීන් දැනටමත් මිය ගිහින්. මේ සියල්ල නාටකයේ නියමිත
දේවලුයි ඒවා සෑදීම ඔවුන්ට නවත්වන්න බැහැ. ඒ බෝම්බ වලින් තමන් මිය යන බව ඔවුන්ට
තේරුණත් ඒ දේවල් දිගටම කරගෙන යාමට තමන්ව පොළඹවන්නේ කවුදැයි කියා ඔවුන්ට තේරෙන්නේ
නැහැ. ඒවා සෑදීම ඔවුන්ට නතර කරන්න බැහැ ඒ බෝම්බ අනිවාර්යෙන්ම නිපදවිය යුතුයි.
විනාශයත් නාටකයේ නියමිත වූ දෙයක්. කෙනෙක්ට කෙතරම් සාම ත්‍යාග දුන්නත් සාමය ස්ථාපනය
කරන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. ඔහු තමයි ශාන්ත සාගරය. සාමයේ, සතුටේ හා
පාරිශුද්ධත්වයේ උරුමය ඔබලාට දානය කරනා එකම එක කෙනා ඔහුයි. ස්වර්ණමය යුගයේ අසීමිත
ධනයක් තිබෙනවා. එහි කිරි ගංඟා ගලා යනවා. කිරි සයුරක පාවෙන විෂ්ණු දෙවියන්ව නිරූපණය
කර තිබෙනවා. ඒ පින්තූරය සාදා තිබෙන්නේ එම කිරි සයුරේත් මෙම වස සයුරේත් ඇති මහා
විශාල වෙනස පෙන්වීමටයි. භක්ති මාර්ගයේ දී පොකුණු ආදිය තනා ගල් ආසනයක විෂ්ණුව
ඉඳවනවා. භක්ති වන්දනාව සඳහා විශාල ලෙස ඔවුන් මුදල් වියදම් කරනවා. එය මහා විශාල ලෙස
කාලය නාස්ති කිරීමක්. මුදල් නාස්ති කිරීමක්. දේවතා පිළිම සෑදීමටත් ඔවුන් විශාල
මුදලක් වැය කරනවා. පසුව ඒවා රැගෙන ගොස් සාගරයේ කිඳාබස්සවනවා. ඉතින්, එයට වැය කළ
මුදල් අපතේ ගියා. එය බෝනික්කන් වන්දනාවක් පමණයි. තමන් වන්දනා කරනා අය කරන්නේ
මොනවාදැයි කියා ඒ වන්දනාකරුවන් දන්නේ නැහැ. ඔබ දැන් කුමන දේවාලයකට ගියත් ඒ දේවාලයේ
සිටිනා කෙනාට ආදාල කාර්යය කුමක්දැයි කියා ඔබ දැන් දන්නවා. කිසිම විරුද්ධත්වයක්
නැහැ, ඔය දරුවන්ට කොහේවත් යාම තහනම් කර නැහැ. ඔබ මීට පෙර ගියේ කිසිම අවබෝධයකින්
තොරවයි. දැන් ඔබ යන්නේ යමක් දැනගෙනයි. මේ සියලුම ඥාන සම්භාරයන් ඔබගේ සිහියේ
තිබෙනවා. මෙම දැනුම ඔබගේ ආදායම් මාර්ගයි. වේද හෝ ග්රන්ථ හැදෑරීමේ දී කිසිම අරමුණක්
හෝ ඉලක්කයක් නැහැ. පාසලක යමක් ඉගෙන ගැනීමේ දී කිසියම් හෝ අරමුණක් හා ඉලක්කයක් තිබිය
යුතුයි. මෙම අධ්‍යයනයෙන් ඔබ ඉතාමත් ධනවත් වෙනවා. ඔබ විමුක්තිය ලබන අතර දැනුම හදාරා
ධනවත් වෙනවා. කුමන දේවාලයකට ගියත් ඒ කාගේ සිහිවටනයදැයි කියා ඔබට ඉක්මණින්ම අවබෝධ කර
ගත හැකියි. ඒ දිල්වාලා දේවාලය අජීවීයි. නමුත් මෙය සජීවීයි. ගස පෙන්වන පින්තූරයේ ඔබව
පෙන්වා ඇත්තා සේ, ඒ දේවාලයත් සාදා ඇත්තේ ඔබ බිම අසුන් ගෙන තපස්යාවේ නිරත වන ආකාරයත්
උඩ සිවිලිමේ දිව්‍යලෝකයත් දිස්වෙන ලෙසිනි. එම නිර්මාණයටත් සෑහෙන මුදලක් වියදම්
වෙන්න ඇති. මෙහි ඔබට කිසිම වියදමක් නැහැ. භාරතය 100% කින්ම ශක්තිමත් සේම
පාරිශුද්ධයි. දැන් භාරතය 100% කින්ම ණය බරිතයි, අපිරිසිඳුයි. මෙහි සිටිනා සෑම
කෙනෙක්ම ඉපදී ඇත්තේ පාපකාරී කාම රාගයෙනුයි. එහි දී කිසිම කිලිටක් ගැන ප්‍රශ්නයක්
නැහැ. මිනිසුන්ගේ හැසිරීම් රටා වෙනස් කිරීමට ගරුඩපුරාණයේ භයංකර කතාන්දර සාදා
තිබෙනවා. නමුත් ඒ කාලයේ දී මිනිසුන් තුළ වෙනසක් ඇති වීමට නාටකයේ නියමිතව නැහැ.
දෙවියන්ගේ නිර්මාණය දැන් නිර්මාණය වෙමින් පවතිනවා. දිව්‍යලෝකය නිර්මාණය කරන්නේ
දෙවියනුයි. දිව්‍යමය දෙවි පියාණන් කියා ඔහුට කියනවා. අනිකුත් සොල්දාදුවන් යුද්ධ
කරන්නේ තම පාලකවරුන් වෙනුවෙන් නමුත් ඔය සොල්දාදුවන් දැන් තමන්ගේම යහපතට මායා දමනය
කර ගන්නවා. වැඩි වැඩියෙන් කළ තරමට ඔබට වැඩි වැඩියෙන් ලැබෙනවා. ඔබ සෑම කෙනෙක්ම තම
තමන්ගේ මනස, ශරීරය හා ධනය භාරතය දිව්‍යලෝකයක් කිරීමට යෙදවිය යුතුයි. වැඩි වැඩියෙන්
කළ තරමට ඔබට ඉහළ තත්ත්වයක් හිමි වේවි. මෙහි කිසිවක් ඉතිරි වීමට යන්නේ නැහැ. ඇතැම්
අයගේ ධනය පොළොව යට වැළලී යාවි කියා කීම අදාළ වන්නේ කල්පයේ මේ කාලයටයි. පරමාත්ම පියා
දැන් පැමිණ සිටින්නේ ඔබගේ අධිරාජ්‍යයේ වාසනාව දිනා ගැනීමට සැලැස්වීමටයි. ඔහු කියනවා
දැන් තමා සතු සියල්ල, ඔබගේ මනස, ශරීරය හා ධනය මේ සඳහා යොදන්න. මේ බ්රහ්මා තමා සතු
සියල්ල කැප කළා. ඔහු මහා දානී කෙනෙක් කියා හඳුන්වනවා. සදාතනික ධනය දෙනවාත් සමඟ ඔහු
විනාශ වන සුළු ධනයත් දානය කළා. ඔබ සෑම කෙනෙක්ටම තමන්ගේ තේරීම පරිදි දිය හැකියි.
ඉතාමත් ප්‍රසිද්ධ දානපතියන් මහජන හිකෛෂී පරාර්ථකාමීන් කියා හඳුන්වනවා. ඔවුන් නමක්
දිනා ගන්නවා. ඔවුන් දෙවියන්ගේ නාමයෙන් වක්‍රාකාරව දුන්නත් ඔවුන්ගේ රාජ්‍යය නිර්මාණය
වන්නේ නැහැ. දැන් මේ නිර්මාණය වෙමින් පවතින්නේ ඔබගේ අධිරාජ්‍යයයි. එමනිසා, ඔබලා
පූර්ණ පරාර්ථකාමීන් විය යුතුයි. භක්ති මාර්ගයේ දී තමන්ව බිල්ලට දෙන්නම් කියා ඔවුන්
කිව්වා. මෙහි කිසිම වියදමක් දැරීමට සිදුවන්නේ නැහැ. රජයෙනුත් සෑහෙන වියදමක් දරනවා.
ඔබ මෙහිදී කුමක් කළත් ඒ සියල්ල ඔබ කර ගන්නේ ඔබ වෙනුවෙන්මයි. අෂ්ට මාලාවේ කෙනෙක්
වෙනවාද, එකසිය අටේ නැතිනම් 16,108 මාලාවේ කෙනෙක් වෙනවාද, යන්න ඇත්තේ ඔබ අතේමයි. ඔබ
ගෞරවයෙන් සමත් විය යුතුයි. තම කර්මතීත් අවධිය ලබා දඬුවම් විඳීමට සිදු නොවන ආකාරයේ
ආදායමක් ඔබ යෝගාව මඟින් උපයා ගත යුතුයි. ඔබ සෑම කෙනෙක්ම රණ ශූරයෙක්. ඔබගේ යුද්ධය
ඇත්තේ රාවණ් සමඟයි. මිනිසුන් සමඟ නොවෙයි. අසමත් වෙන අයගේ කලා දෙකක් අඩුයි. රිදී
යුගය හඳුන්වන්නේ කලා දෙකකින් අඩු දිව්‍යලෝකය ලෙසයි. පරම පියාව මුළුමනින්ම අනුගමනය
කිරීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. කෙසේවෙතත්, මේ සඳහා ඔබ සියල්ල ඔබගේ මනසින් හා
බුද්ධියෙන් කැප කළ යුතුයි. බාබා මේ සියල්ල ඔබගේයි කියා ඔබ කිව යුතුයි. එවිට පරමාත්ම
පියා කියාවි ඒවා සේවය සඳහා යොදවන්න. මම දෙන උපදෙස් වලට අනූව ඔබගේ කාර්යයන් කරගෙන
යන්න. විශ්ව විද්‍යාලයක් විවෘත කරන්න. මධ්‍යස්ථාන විවෘත කරන්න. එවිට බොහෝ දෙනෙකුට
යහපත සැලසේවි. ඉතාමත් සරළව මෙම පණිවුඩය දෙන්න පරමාත්ම පියාව සිහි කර ඔබගේ උරුමය
දිනා ගන්න. ඔබ දරුවන් හඳුන්වන්නේ දූතයින් ලෙසයි. එමනිසා, සෑම කෙනෙක්ටම මෙම පණිවුඩය
දෙන්න බ්රහ්මා හරහා පරමාත්ම පියා කියනවා මා සිහි කරන්න ඔබගේ පාප දුරු වී යාවි. ඔබට
ජීවන මුක්තිය ලැබේවි. දැන් ඔබට බන්ධන වලින් පිරි ජීවිතයක් තිබුණත් ඒ කාලයේ දී ඔබට
ඇත්තේ මුක්ති ජීවිතයකුයි. පරමාත්ම පියා කියනවා මා එන්නේ භාරතයට පමණයි. මෙම නාටකය
සදහටම ලියවී හමාරයි. එය ඇරඹුණේ කවදාද අවසන් වන්නේ කවදාද කියා දෙයක් නැහැ. මෙම නාටකය
නොනවත්වාම ඉදිරියට යනවා. ජීව එතරම් කුඩා තිත් වන අතර සෑම කෙනෙක්ටම සදාතනික චරිත
කොටසක් නියමිත වී තිබෙනවා. මේවා ඉතාමත් ගැඹුරු කරුණුයි. සෑම ජීවයක්ම තරුවක් සේ කුඩා
තිතකුයි. මව්වරුන් තම නළල මැද තිලකයක් තබනවා. දැන් දරණා උත්සාහයෙන් ඔය සෑම දරුවෙක්ම
තමාටම ආධිපත්‍යයේ තිලකය තබා ගන්නවා. පරමාත්ම පියාගේ ඉගැන්වීම් හරියටම අනුගමනය
කළහොත් ඔබ තමාටම ආධිපත්‍යයේ තිලකය තබා ගත්තා වේ. මෙහි කරුණාව හෝ ආශිර්වාද කියා
දෙයක් නොමැත. ඔබ තමා වෙනුවෙන්ම ආධිපත්‍යයේ තිලකය තබා ගත යුතුයි. ඒ තිලකය අදාල වන්නේ
මෙම ආධිපත්‍යයේ තිලකයටයි. එතරම් උත්සාහයක් ඔබ දැන් දරා පරමාත්ම පියාව අනුගමනය කළ
යුතුයි. ඔබ අන් අය දෙස නොබැලිය යුතුයි. ’මන්මනභාව‘ යන්නෙන් අදහස් වන්නේ මෙයයි.
නිරායාසයෙන්ම ඔබගේ තිලකය ඔබට හිමි වන්නේ මෙයිනුයි. පරමාත්ම පියා මෙවන් දෙයක් දෙන්නේ
නැහැ. මෙම රාජයෝගා හැදෑරීම ඔබව යාචකයෙකුගෙන් රාජකුමාරයෙක් බවට පත් කරවනවා. එමනිසා,
ඒ වෙනුවෙන් ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දරා මොහුවත් අනුගමනය කළ යුතුයි. මෙම කාරණය ඔබ
තේරුම් ගත යුතුයි. මෙම අධ්‍යයනයෙන් ඔබ අදායමක් උපයා ගන්නවා. වැඩි වැඩියෙන් යෝගාවේ
සිටි තරමට, ඔබ වැඩි වැඩියෙන් ඥානය අවධාරණය කර ගනීවි. උත්සාහයක් අවශ්‍ය යෝගාවටයි.
භාරතයේ රාජයෝගාව කියන්නේ මෙන්න මේ නිසායි. කෙසේවෙතත්, මුළු ජීවිත කාලය පුරාවටම
වුවත් ඔබට ගංඟා වල ස්නානය කරමින් කාලය ගත කළ හැකියි. නමුත් පාරිශුද්ධත්වයට පත්
වීමක් නම් සිදු වන්නේ නැහැ. භක්ති මාර්ගයේ මිනිසුන් දෙවියන්ගේ නාමයෙන් දුප්පතුන්ට
දන් දෙනවා. නමුත් මෙහිදී දෙවියන්ම පැමිණ ලෝක ආධිපත්‍යය දුප්පතුන්ට ලබා දෙනවා. ඔහු
තමයි දුප්පතුන්ගේ ස්වාමියා. 100% ධනවත්ව සිටි භාරතය දැන් 100% කින්ම ණය බරිත වෙලා.
ආධාර දෙන්නේ දුප්පතුන්ටයි. පරමාත්ම පියා ඔබව ඉතාමත් උසස් අය බවට පත් කරවනවා. නමුත්
එවන් පියෙක්ව ඔබ අපහාසයට ලක් කරනවා. පරමාත්ම පියා කියනවා මේ ආකාරයෙන් ඔබ මට අපහාස
කරනා විට මා පැමිණිය යුතුයි. එයත් නාටකයේ නියමිත දෙයක්. මේ ඔබගේ පරම පියා වගේම පරම
ගුරුවරයා. සීක් ජාතිකයින් අමරණිය සත් ගුරු කියා කිව්වත් භක්ති මාර්ගයේ ගුරූන් රැසක්
සිටිනවා. අමරණීය කෙනා ගන්නා සිහසුන මෙයයි. ඒ වගේම ඔහු ඔය දරුවන්ගේ සිහසුනුත්
ගන්නවා. ඔහු කියනවා මා මොහුගේ ශරීරයට ඇතුළු වන්නේ සැමට සෙත සැලසීමටයි. මෙය මේ කාලයේ
ඔහුගේ චරිත කොටසයි. මේ කරුණු කාරණා තේරුම් ගත යුතුයි. අළුත් කෙනෙකුට මේ දේවල්
තේරුම් ගත නොහැකි වේවි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සදාතනික වූ
ඥාන ධනය දානය කරමින් ඔබ මහා දානපතීන් විය යුතුයි. බ්‍රහ්ම පියා තමා සතු සියල්ල සේවය
සඳහා යෙදවූවා සේ, ඒ ආකාරයෙන්ම පියාව අනුගමනය කර එම රාජ්‍යයේ ඉහළ තත්ත්වයක් දිනා
ගන්න.
2. දඬුවම් වලින්
මිදීමට නම් කර්මතීත් අවධිය කරා ළඟා විය හැකි ආකාරයේ ආදායමක් යෝගාවෙන් උපයා ගන්න.
ගෞරවයෙන් සමත් වීමට පූර්ණ උත්සාහය දරන්න. අන් අය දෙස බලන්න එපා.
වරදානය:
ඔබ බ්‍රහ්ම
පියා මෙන් වෙහෙස නොබලා දැඩි විනයකින් හා අධිෂ්ඨානයෙන් යුතුව නොසැලකිලිමත්කම අවසන්
කරත්වා.
බ්‍රහ්ම පියා මෙන්
වෙහෙසින් තොර බවට පත් වීම සදහා නොසැලකිලිමත්කම අවසන් කරන්න. මේ සඳහා, ඔබ ගැන දැඩි
විනයක් තබා ගන්න. අධිෂ්ඨානශීලීව ඔබේ අවධානයේ ආරක්ෂකයින් නිරතුරුවම අවදියෙන් තබා
ගන්න, එවිට, නොසැලකිලිමත්කම අවසන් වනු ඇත. පළමුව ඔබ කෙරෙහි ක්‍රියාත්මක වන්න, පසුව
සේවය කරන්න, එවිට භූමිය පරිවර්තනය වනවා ඇත. දැන්, "මම එය කරන්නම්, එය සිදුවේවි"
වැනි සැනසිල්ලේ සිතිවිලි නම් වූ ඩන්ලොප් කොට්ටය අතහරින්න. "මා මෙය කළ යුතුයි" යන
පාඨය ඔබේ හිසෙහි තබා ගන්න, එවිට පරිවර්තනය සිදුවනු ඇත.
පාඨය:
බලවත් වචන යනු
ජීවාත්ම අවධානයේ හැඟීම් සහ සුබ පැතුම් වලින් යුතු වචන වේ.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
කාලය සමීපයට
පැමිණෙත්ම, නිෂ්ඵල සිතිවිලි ඒ තරමින්ම වැඩි වෙයි, නමුත් ඒවා මතු වන්නේ පියවීම
සදහාය. පැමිණීම ඒවායේ යුතුකම වන අතර ඔබගේ යුතුකම වන්නේ ඔබගේ පියාසර ස්ථිතියෙන් සහ
සකාෂ් වලින් ඒවා පරිවර්ථනය කිරීමයි. බිය නොවන්න. ඒවායේ බලපෑමට හසු නොවන්න.