08.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා දේව සහායකයින්ය, සැබෑම ගැලවීමේ හමුදාවයි. සාමයේ මුක්තිය ඔබ සෑම කෙනෙක්ටම දානය කළ යුතුයි.

ප්‍රශ්නය:
සාමයේ මෝක්ෂය ගැන අසනා කෙනෙකුට ඔය දරුවන් කියන්නේ මොනවාද?

පිළිතුර:
ඔවුන්ට කියන්න: “පරමාත්ම පියා අහනවා : ඔබට සාමය ඕන කරන්නේ මේ කාලයේ දී පමණක් ද? මෙය සාම දේශය නොවෙයි. මුල්ම නිවහන වන සාම දේශයේ දී පමණයි සැබෑම සාමය ලද හැක්කේ. ජීවාත්ම සත්තාවන් ශරීරයකින් තොරව සිටිනා කළ සාමකාමීව සිටිනවා. ස්වර්ණමය යුගයේදී, පාරිශුද්ධත්වයත්, සතුටත්, සාමයත් සියල්ලම තිබෙනවා. මෙම උරුමය ඔබට දීමට පැමිණෙන්නේ පරමාත්ම පියාම පමණයි. පරමාත්ම පියාවම පමණක් සිහි කරන්න.”

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා දෙනවා. තමන් සෑම කෙනෙක් තුළම ජීවාත්ම සත්තාවක් සිටිනා බව සෑම මනුෂ්‍යයෙක්ම දන්නවා. ප්‍රාණ ශක්තිය කියා කියනවා නේද? මුලින්ම ජීවාත්ම සත්තාවන් වන අප පසුව ශරීර ගන්නවා. කිසිම කෙනෙක් තමන්ගේ ජීවය දැක නැහැ; තමන් ජීවාත්ම සත්තාවන්ය කියා අවබෝධයට ගැනීමක් පමණයි සිදු වන්නේ. ජීවය ගැන දැන සිටියත් එය දැක නැතුවාක් සේ පරමාත්ම ජීවය ගැන ඔවුන් උත්තරීතර ජීවය යැයි කියනවා. එනම්, සියලුම ජීව අතුරින් උතුම්ම ජීව ශක්තිය. කෙසේවෙතත්, ඔහුව දැක නැහැ. ඔවුන් තමාවත් දැක නැහැ. පියාවත් දැක නැහැ. ජීව සත්තාවක් එක් ශරීරයක් අතහැර තවත් ශරීරයක් ගන්නවා කියා කිව්වත් ඔවුන් මෙය හරියටම දන්නේ නැහැ. උපත් මිලියන 8.4 ක් ගැනත් ඔවුන් කතා කරනවා. ඇත්තටම කියනවා නම් ඇත්තේ උපත් 84ක් පමණයි. නමුත් එක් එක් ජීවාත්මයක් උපත් කීයක් ගන්නවාදැයි කියා ඔවුන් දන්නේ නැහැ. ජීවාත්ම සත්තාවන් පරමාත්ම පියාට කන්නලව් කළත් ඒ කිසිම කෙනෙක් ඔහුව දැකලත් නැහැ, හරි හැටි ඔහුව අවබෝධ කරගෙනත් නැහැ. පළමුවෙන්ම, ඔවුන් ජීවාත්මයක් යනු කුමක්දැයි කියා හරියටම අවබෝධ කර ගත්තා නම් පරමාත්ම පියා කවුදැයි කියාත් අවබෝධ කර ගනීවි. තමන් ගැන දන්නේ නැතිනම් කවුද ඔවුන්ට පහදා දෙන්නේ? ‘ස්වඅවබෝධය‘ කියන්නේ මෙයයි. පරමාත්ම පියාම හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට මෙය කරන්න බැහැ. ජීවාත්මයක් කියන්නේ කුමක්ද, කොයි වගේ ද, කොහි සිට එන්නක් ද, උපතක් ලබන්නේ කෙසේද, එවන් කුඩා ජීව ශක්තියක් තුළ උපත් 84 ක චරිත කොටසක් පටිගත වී ඇත්තේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. තමන් ගැනවත් හරිහැටි දන්නේ නැතිනම් පියා ගැන දැන ගන්නේ කෙසේද? ලක්ෂ්මි හා නාරායනටත් මානව තත්ත්වයක් තිබෙනවා. ඔවුන් ඒ තත්ත්වය දිනා ගත්තේ කෙසේද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. අනිවාර්යෙන්ම මෙය දැන ගත යුත්තේ මිනිසුන්මයි. ඔවුන් දෙව්ලොව පාලකයින් වශයෙන් සිටියා කියා කිව්වත් ඔවුන් එය ලබා ගත්තේ කෙසේද, ඉන් අනතුරුව ඔවුන් ගියේ කොහාටද? මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ දැන් සියල්ලම දන්නවා. මීට පෙර ඔබත් කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. උදාහරණයක් ලෙස දක්වනවා නම්, නීතිවේදියෙක් කියන්නේ කවුදැයි කියා කුඩා දරුවෙක් දන්නවාද? හොඳින් ඉගෙන ගෙන ඔහු නීතිවේදියෙක් වේවි. ඒ ලෙසින්ම මෙම ලක්ෂ්මි හා නාරායනුත් එවන් තත්ත්වයක් ලැබුවේ ඉගෙනීමෙනුයි. නීතිය හා වෛද්‍ය විද්‍යාව සඳහා පොත්පත් තිබෙනවා නේද? ඔවුන්ගේ ග්‍රන්ථය ගීතාවයි. කවුද ඒක කිව්වේ? රාජයෝගාව ඉගැන්වූයේ කවුද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. මිනිස්සු නම වෙනස් කරලා (ගීතාවේ). ඔවුන් ශිව ජයන්තියත් සමරණවා. මෙහි පැමිණ ඔබව ක්‍රිෂ්ණාගේ දේශයේ පාලකවරුන් බවට පත් කරවන්නේ ඔහුයි. ක්‍රිෂ්ණා දෙව්ලොව පාලකයායි. කෙසේවෙතත්, ඔවුන් දෙව්ලොව යනු කුමක්දැයි කියා දන්නේ වත් නැහැ. නැතිනම්, තඹ යුගයේ දී ක්‍රිෂ්ණා ගීතාව කියා දුන්නා කියා කියන්නේ ඇයි? ඔවුන් ක්‍රිෂ්ණාව තඹ යුගයට දමා තිබෙනවා. ලක්ෂ්මි හා නාරායන ස්වර්ණමය යුගයේත් රාමා රිදී යුගයේත් සිටිනවා. ලක්ෂ්මි හා නාරායනගේ රාජධානියේ කිසිමාකාරයක කලබලයක් සිදු වුණු බවක් සඳහන් වන්නේ නැහැ. කාන්ස් යක්ෂයින් පෙන්වා ඇත්තේ ක්‍රිෂ්ණාගේ දේශයේයි. නමුත් රාවණ්ව පෙන්වා ඇත්තේ රාමාගේ දේශයේයි. ලක්ෂ්මි හා නාරායන වන්නේ රාධේ හා ක්‍රිෂ්ණා කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. එය සම්පූර්ණ මෝහ ඝණ අන්ධකාරයයි. මෝහය අන්ධකාරයයි. ප්‍රඥාව ආලෝකයයි. දැන් ආලෝකය ගෙන එන්නේ කවුද? ඒ පරමාත්ම පියායි. ඥානය දවස වන අතර භක්තිය රාත්‍රිය වේ. භක්ති මාර්ගය උපතක් උපතක් පාසා පැමිණ එන්නක් බව ඔබ දැන් දන්නවා. ඔබ දිගින් දිගටම ඉණිමගේ පහළට බසිමින් පැමිණියා; ඔබගේ කලාවන් බැස ගිහින්. නව නිවසක් සෑදූ පසු එහි ජීවිත කාලය දවසින් දවස අඩු වෙනවා. ජීවිත කාලයෙන් තුන් කාලක් පමණ ගෙවුණු පසු අනිවාර්යෙන්ම එය සැලකෙන්නේ පැරණි දෙයක් ලෙසයි. පළමුවෙන්ම, දරුවනි, ඔහු තමයි සෑම කෙනෙකුගේම පියා. සැමටම මුක්තිය දානය කරන්නා හා සැමටම උගන්වන්නාය කියන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි. ඔහු සෑම කෙනෙක්වම මුක්ති දේශයට ගෙන යනවා. ඔබට අරමුණක් හා ඉලක්කයක් තිබෙනවා. ඔබ මෙම දැනුම හොඳින් හදාරා ගිහින් තම සිහසුනේ අසුන් ගන්නවා. අන් සියල්ලන්වම මුක්ති දේශයට ගෙන යනවා. කල්ප චක්‍රය පෙන්වන පින්තූරය පැහැදිලි කළ විට ස්වර්ණමය යුගයේ ආගම් විවිධත්වයක් නොමැති බව ඔබ පෙන්වා දෙනවා. ඒ කාලයේ දී එම ජීවාත්ම සිටින්නේ අශාරීරික ලෝකයේයි. ආකාශය හිස් අවකාශයක් බව ඔබ දන්නවා. වාතය වාතය වන අතර අහස අහස වෙනවා. සෑම කෙනෙක්ම උත්තරීතර ජීවය වෙනවායි කියා දෙයක් නැහැ. දෙවියන් වායුවේ සිටිනවා, දෙවියන් අහසේ සිටිනවා කියා මිනිස්සු විශ්වාස කරනවා. පරමාත්ම පියා මෙහි සිට සියල්ල පහදා දෙනවා. ඔබට මෙම උපත දී ඇත්තේ පරමාත්ම පියායි. ඔබට උගන්වන්නේ කවුද? පරමාත්ම පියා මෙහි සිට සියල්ල පහදා දෙනවා. ඔබට මෙම උපත දී ඇත්තේ පරමාත්ම පියායි. ඔබට උගන්වන්නේ කවුද? පරමාත්ම පියාම ආධ්‍යාත්මික ගුරුවරයා වී ඔබට උගන්වනවා. අච්චා; ඔබ හොඳින් ඉගෙන ගෙන අධ්‍යාපනය සම්පූර්ණ කළහොත් ඔහු ඔබව තමා සමඟ ගෙන යාවි. ඉන් පසුව ඔබ තම චරිත කොටස රඟදැක්වීම සඳහා ආපසු පැමිණේවි. ඔබ අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගයට පැමිණියා. දැන් නැවතත් වතාවක් ඔබ උපත් සියල්ලේම අවසානයට පැමිණ නැවතත් පළමුව පහළට පැමිණේවි. දැන් පරමාත්ම පියා කියනවා : තරඟ කරන්න. පරමාත්ම පියා හොඳින් සිහි කර අන් අයටත් උගන්වන්න. නැතිනම්, මෙතරම් ප්‍රමාණයකට කවුද උගන්වන්නේ? ඔබ අනිවාර්යෙන්ම පරමාත්ම පියාගේ සහායකයින් වෙනවා නේද? දේව සහායකයින් කියා කියනවා. ඉංග්‍රීසි බසින් Salvation Army (ගැලවීමේ හමුදාව) කියා කියනවා. ඔවුන්ට අවශ්‍ය කුමන ගැලවීමක්ද? සෑම කෙනෙක්ම කියනවා සාමයේ ගැලවීම අපට අවශ්‍යයි කියලා. කෙසේවෙතත්, එය සාමය දීමක් වන්නේ නැහැ. සාමයේ මුක්තිය ඉල්ලනා අයට කියන්න: ඔබට සාමය අවශ්‍ය මෙහි දී පමණක් ද කියා පරමාත්ම පියා අහනවා, කියලා. කොහොමත් මෙය සාම දේශය නොවෙයි. මුල්ම නිවහන කියා හඳුන්වන සාම දේශයේ දී පමණයි සාමය ලද හැක්කේ. ජීවාත්මයකට ශරීරයක් නොමැති විට ඔහු සාමකාමීව සිටිනවා. පියා පැමිණි විට පමණයි මෙම උරුමය දෙන්නේ. ඔබ අතරිනුත් ඔබෙන් ඇතැම් අය ඉතාමත් හොඳින් උපක්‍රමශීලීව පැහැදිලි කිරීම් කළ යුතුයි. ප්‍රදර්ශනය මැද බාබා හිටගෙන සෑම කෙනෙකුගේම පැහැදිලි කිරීම් වලට ඇහුම් කන් දුන්නා නම් එක් එක් අයගේ පැහැදිලි කිරීම් වෙනස් වෙනස් ආකාරයෙන් ඇති නිසා වැරදි රැසක් පෙන්වා දිය හැකියි. සෑම කෙනෙක්ම එක හා සමාන නම් මෙම දේශයනය දීම සඳහා අහවල් අහවල් කෙනාට ආරාධනා කරන්න කියා කියන්නේ ඇයි? ඔබත් බ්‍රහමිණ්වරයෙක්. “බාබා අහවල් අහවල් කෙනා මට වඩා දක්ෂයි.” මිනිසුන් උසස් තත්ත්වයක් දිනා ගන්නේ දක්ෂතාවය නිසායි. විභාග ප්‍රතිඵල පිටවන විට අනිවාර්යෙන්ම දිස්වන දර්ශන වලින් ඔබට අවබෝධ කර ගත හැකි වේවි තමන් ශ්‍රීමත් අනුගමනය කළේ නැති වග. පරමාත්ම පියා කියනවා : කිසිම පාපකාරී ක්‍රියාවක් කරන්න එපා. ශාරීරික අයට බැඳිමක් තබා ගන්න එපා. ශරීර නිර්මාණය වි තිබෙන්නේ පංච මහාභූතයන්ගෙන්ය. පංච මහාභූතයන් සිහි කර වන්දනාමාන කළ යුත්තේ නැහැ. එම ඇස් වලින් ඔබට යමක් දැක ගත හැකියි. නමුත් ඔබ සිහි කළ යුත්තේ පරමාත්ම පියාවයි. ජීවාත්මය දැන් ඥානය ලබා තිබෙනවා. දැන් අපි නිවහන කරා ගොස් පසුව පාරාදීසයට යනවා. ජීවාත්ම සත්තාවන් අවබෝධයට ගත හැකියි, නමුත් දැක ගත නොහැකියි. ඔව්, ඔබගේ දිව්‍යමය දර්ශනයකින් ඔබට ඔබේ නිවහනත් දිව්‍යලෝකයත් දැක ගත හැකියි. පරමාත්ම පියා කියනවා : දරුවනි, මන්මනභව සහ මධ්‍යජිභව; පරමාත්ම පියාවත් විෂ්ණුගේ දේශයත් සිහි කරන්න. මෙය ඔබගේ අරමුණ හා ඉලක්කයයි. අප දැන් සත්යුගය කරා යාමට සිටිනා බවත් අන් සෑම කෙනෙක්ම මුක්තිය කරා යන බවත් ඔය දරුවන් දන්නවා. සෑම කෙනෙක්ටම ස්වර්ණමය යුගයට යන්න බැහැ. ඔබගේ ධර්මය දේවතා ධර්මයයි. එකළ මිනිසුන්ගේ ධර්මය වූයේ එයයි. අශාරීරික ලෝකයේ මානව ජීව ඇත්තේ නැහැ. මානව ජීවයන්ගේ ලෝකය වන්නේ මෙයයි. තමෝප්‍රධාන් හා සතෝප්‍රධාන් වන්නේ මානව ජීවයනුයි. පෙර ඔබ අයිතිව සිටියේ ශුද්‍ර කුලයටයි. දැන් ඔබ අයිති බ්‍රාහ්මණ කුලයටයි. මෙම කුල ක්‍රමය අදාළ වන්නේ භාරතීය ජනතාවයට පමණයි. බ්‍රාහ්මණ වංශය, සූර්ය වංශය කියා වෙන කිසිම ආගමක සඳහන් වන්නේ නැහැ. මේ කාලයේ දී, සෑම කෙනෙක්ම අයිති ශුද්‍ර කුලයටයි. ඔවුන් සම්පූර්ණ පරිහානියකට ලක්ව සිටිනවා. ඔබ මහළු වූ විට මුළු ගසම පැරණි තමෝප්‍රධාන් ගසක් වෙනවා. පසුව නැවතත් ගස සතෝප්‍රධාන් වන්නේ කෙසේද? නව සතෝප්‍රධාන් ගසෙහි සිටින්නේ දේවතා ධර්මයේ අය පමණයි. එයින් සූර්ය වංශයේ සිටිනා ඔබ පසුව චන්ද්‍ර වංශයට උපත ලබනවා නැවත උපතක් ලබනවා. එහිදී ඔබ වෙළඳ කුළයේ කෙනෙක් වී පසුව ශුද්‍ර වංශයට යනවා. මේ සියල්ල අළුත් කරුණුයි. අපට උගන්වන්නේ ඥාන සාගරයයි. ඔහු තමයි පාරිශුද්ධකරු. සියල්ලට මුක්තිය දානය කරන්නා. පරමාත්ම පියා කියනවා : මම ඔබට දැනුම දෙනවා. ඔබලා දේවතාවරුන් වෙනවා. මෙම දැනුම එවිට ඉතිරි වන්නේ නැහැ. දැනුමක් දෙන්නේ අඥානයින්ටයි. සෑම මිනිසෙක්ම සිටින්නේ මෝහ අන්ධකාරයකයි. ඔබ සිටින්නේ ආලෝකයේයි. මොහුගේ උපත් 84 කතාව ගැන ඔබ දන්නවා. ඔය දරුවන්ට දැනුම තිබෙනවා. මිනිස්සු අහනවා: ඇයි දෙවියන් මෙම ලෝකය නිර්මාණය කළේ? අපට සදාතනික මෝක්ෂයක් ලබා ගන්න බැරිද? අහා, මෙය කල් තබාම තීරණය වුණු නාටකයක්. එය සදාතනික නාටකයක්. ජීවාත්මයක් එක් ශරීරයක් අතහැර තවත් එකක් ගන්නා බව ඔබ දන්නවා. ඒ ගැන පසුතැවිලි වීමට කාරණයක් තිබෙනවාද? එම ජීවාත්මය තම ඊළඟ චරිත කොටස රඟදැක්වීමට ගිහින්. ඒ ගිය කෙනාව ආපසු ගෙන්වා ගත හැකි නම් ඇඬුවාට කමක් නැහැ. නමුත් එසේ සිදු වන්නේ නැහැ. ඉතින් ඇයි අඬන්නේ? ඔබ සෑම කෙනෙක්ම දැන් බැඳීම් ජය ගත්තෙක් බවට පත් විය යුතුයි. ඇයි සොහොන් බිමකට බැඳෙන්නේ? දුකම දුක හැරෙන්න වෙන කිසිවක් එහි නැහැ. අද ඔහු දරුවෙක්, හෙට එම දරුවා තමාගේම පියාව පවා අපහාසයට ලක් කිරීමට එතරම් කාලයක් ගන්නේ නැති කෙනෙක් බවට පත් වේවි. ඇතැම් අය තම පියවරුන් සමඟ දබර පවා කර ගන්නවා. මෙය හඳුන්වන්නේ අනාථයින්ගේ ලෝකයක් ලෙසිනුයි. ඔවුන්ට ඉගැන්වීමට ස්වාමියෙක් හෝ ගුරුවරයෙක් නැහැ. එවන් තත්ත්වයක සිටිනා ඔවුන්ව දුටු විට පියා පැමිණ ඔවුන්ව ස්වාමියාට, ගුරුවරයාට අයිති අය බවට පත් කරවනවා. සෑම කෙනෙක්වම එසේ අයිති කර ගන්නේ පරමාත්ම පියා පැමිණි විට පමණයි. දෙමාපියන් පැමිණ සියලුම විරසකකම් වලට නැවතීමක් දමනවා. ජයග්‍රහණයේ හඬ ඇසෙන්න පටන් ගනීවි. මෙහි වැඩිපුරම සිටින්නේ මව්වරුනුයි. මිනිසුනුත් ඔවුන් සේවකයින් ලෙස සලකනවා. කසාද නූල බැඳ ගත් පසු ඔවුන් ඇයට කියන්නේ සැමියා ඔබගේ දෙවියායි, ස්වාමියායි, සියල්ලමයි කියලයි. පළමුව මහත්මයා දෙවනුව මහත්මිය (Mr. & Mrs.) පරමාත්ම පියා පැමිණ දැන් මව්වරුන්ව ඉදිරියෙන්ම තබනවා. කිසිම කෙනෙක්ට ඔබව පරාජය කරන්න බැහැ. පියා ඔබට සෑම නීතියක්ම උගන්වනවා. මෝහ්ජිත් (බැඳීම දමනය කළ කෙනා) රජු ගැන කතාවක් තිබෙනවා. ඒ සියල්ල ගෙතූ කතායි. ස්වර්ණමය යුගයේ දී කිසිම අකල් මරණයක් නැහැ නිවැරදි වෙලාවට ශරීරය අතහැර දමා තවත් එකක් ගන්නවා. ඔබට දර්ශනයක් පහළ වෙනවා මෙම ශරීරය දැන් පැරණි වෙලා නව ශරීරයක් ගත යුතුයි. මම ගිහින් කුඩා ළදරුවෙක් විය යුතුයි. ඔවුන් සතුටින් ශරීරය අතහැර දමා යනවා. මෙහි කෙනෙක් කුමන වයසක සිටියත් රෝගීව සිටියත්. ශරීරය අතහැර ගියහොත් හොඳයි යැයි තේරුණත් අවසන් මොහොතේ දී ඔවුන් අනිවාර්යෙන්ම අඬනවා. පරමාත්ම පියා කියනවා ඔබ දැන් යාමට සිටින්නේ ඇඬිල්ලක සේයාවක්වත් නැති තැනකටයි. එහි සතුටම හැරෙන්න වෙන කිසිවක් නැහැ. එවන් අසීමිත සතුටක් ඔබ තුළ තිබිය යුතුයි. අහා, අපි ලෝක පාලකවරුන් වෙනවා. භාරතය මුළු ලෝකයේම පාලකයායි. දැන් එය කෑලි කෑලි වලට කැඩී ගිහින්. ඔබලා වන්දනීය දේවතාවරුන් ලෙස සිටියා, පසුව ඔබ වන්දනාකරුවන් වුණා. පරමාත්ම දෙවියන් වන්දනාකරුවෙක් හෝ වන්දනා ලබන්නෙක් වන්නේ නැහැ. ඔහුත් වන්දනාකරුවෙක් වූවා නම් කවුද ඔබව පූජනීය කරවන්නේ? නාටකයේ පරම පියාගේ කොටස සම්පූර්ණයෙන්ම වෙනස් වූවක්. ඇත්තේ එකම එක ඥාන සාගරයක් පමණයි. ඔහුගේ ගුණ වර්ණනාව පමණයි ඉතිරිව ඇත්තේ. ඥාන සාගරයක් තිබෙනවා. නමුත් සියලු දෙනා ගලවා ගැනීම සඳහා ඥානය දිය හැක්කේ කවදාද? ඔහුට අනිවාර්යෙන්ම මෙහි පැමිණීමට සිදු වේවි. පළමුවෙන්ම තමාට උගන්වන්නේ කවුදැයි යන්න ඔබගේ සිහියේ හොඳින් ධාරණය කර ගන්න. ත්‍රිමූර්ති, කල්ප චක්‍රය හා කල්ප රුක තමයි ප්‍රධානම පින්තූර. ගස දැකීමෙන් තමන් අයිති කුමන ධර්මයට ද, තමන්ට ස්වර්ණමය යුගයට යා නොහැකියි කියන කරුණු කාරණා සියල්ලක්ම ඔවුන් ඉක්මණින්ම අවබෝධ කර ගනීවි. මෙම චක්‍රය ඉතාමත් විශාල විය යුතුයි. එම පින්තූරයේ ලියන අකුරුත් ඉතාමත් විශාල විය යුතුයි. බ්‍රහ්මා මාර්ගයෙන් ශිව බාබා දේවතා ධර්මය එනම්, නව ලෝකය ස්ථාපනය කරනවා; ශංකර් හරහා පැරණි ලෝකය විනාශ කර පසුව විෂ්ණු හරහා නව ලෝකය පෝෂණය කරනවා. මෙය ඔප්පු වෙන්න ඉඩ හරින්න. බ්‍රහ්මා, විෂ්ණු වෙනවා විෂ්ණු, බ්‍රහ්මා වෙනවා. දෙදෙනා අතර සම්බන්ධතාවයක් තිබෙනවා. බ්‍රහ්මා හා සරස්වතී පසුව ලක්ෂ්මි හා නාරායන වෙනවා. වර්ධනය එක් උපතකින් සිදු වන අතර පහළට බැසීමට උපත් 84 ක් ගන්නවා. දැන් පරමාත්ම පියා කියනවා : ග්‍රන්ථ හරිද නැති නම් මම හරිද? සත්‍ය නාරායනගේ සත්‍ය කතාව ඔබට කියන්නේ මමයි. තමන් දැන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් සත්‍යය පියා හරහා සත්‍ය නාරායන වෙනවාය යන විශ්වාසය ඔබ තුළ තිබෙනවා. පළමුවෙන්ම, මානව ජීවයක් පරම පියා, පරම ගුරුවරයා හෝ පරම ගුරු කියා හැඳින්විය නොහැකියි යන ප්‍රධාන කරුණ තිබෙනවා. ඔබ කවදාවත් පියෙකුට ගුරු කෙනෙක් හෝ ගුරුවරයෙක් කියනවා ද? මෙහිදී ඔබ උපත ලබන්නේ ශිව බාබාටයි. පසුව ඔහු ඔබට උගන්වා ඔබව ආපසු ගෙන යනවා. පියා, ගුරුවරයා හා ගුරු කියා හැඳින්විය හැකි මනුෂ්‍යයෙක් කවදාවත් නැහැ. එකම එක පියා වන්නේ ඔහුම පමණයි. ඒ පරමාත්ම පියායි. භෞතික පියෙකුට කවදාවත් පරමාත්ම පියායි කියන්නේ නැහැ. අවසානයේ දී සෑම කෙනෙක්ම සිහි කරන්නේ ඔහුවයි. ඔහු අනිවාර්යෙන්ම පියායි. දුකෙන් සිටිනා සෑම කෙනෙක්ම ඔහුව සිහි කරනවා. සතුටින් සිටිනා කිසිම කෙනෙක් ඔහුව සිහි කරන්නේ නැහැ. ඉතින් ඒ පියා පැමිණ අනිවාර්යෙන්ම ඔබව දිව්‍යලෝකයේ පාලකවරුන් කරවනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පංච මහාභූතයින්ගේ එකතුවෙන් සෑදුණු මෙම ශරීර දකිනා අතරම නිරතුරුව පරමාත්ම පියාව සිහි කරන්න. ශාරීරික කෙනෙක් වෙත කිසිම බැඳීමක් තබා නොගන්න. පාපකාරී ක්‍රියා කරන්න එපා.

2. කල් තබාම තීරණය වී ඇති මෙම නාටකයේ සෑම ජීවාත්ම සත්තාවකටම සදාතනික චරිත කොටසක් හිමි වී ඇත. ජීවාත්මයක් එක් ශරීරයක් අතහැර තවත් එකක් ගන්නවා. මෙන්න මේ නිසා තමයි ඔබ ශරීර අතහැර යාම ගැන කණගාටු නොවිය යුත්තේ. ඔබ බැඳීම දමනය කළ යුතුයි.

වරදානය:
සම්පූර්ණ පරිත්‍යාගයක් කර ඔබගේ පරිවර්තන උත්සවය සැමරීමට ඔබට අධිෂ්ඨානය ලැබේවා.

"මියයාමට සිදුවුවද ඔබ ඔබේ ආගම අත් නොහැරිය යුතුය" ලෙස කියමනක් තිබේ. ඒ නිසා මොන තත්ත්වයක් පැමිණියත් මායා ගේ මහාවීර ස්වරූපයක් ඔබ ඉදිරියට පැමිණියත් ඔබේ ප්‍රතිපත්ති අත්හරින්න එපා. සිතින් ඉවත් කළ, ‍වැඩකට නැති දේ නැවත බාරගන්න එපා. නිරතුරුවම උසස් නළුවෙකු වන්න, ඔබේ ප්‍රබල ස්ව-ගරුත්වය, ඉහළ අවධානය සහ උසස් ජීවිතය සමඟින්, ඔබේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව දිගටම කරගෙන යන්න. දුර්වලකමේ සියලු ක්‍රියා අවසන් කරන්න. එවැනි සම්පූර්ණ පරිත්‍යාගයක් කිරීමට ඔබට අධිෂ්ඨානය ඇති විට, ඔබේ පරිවර්තනයේ උත්සවය එවිට සිදුවනු ඇත. දැන්, සාමූහිකව මෙම උත්සවය සඳහා දිනයක් නියම කරගන්න.

පාඨය:
සැබෑ දියමන්තියක් වී ඔබේ කම්පන වල දීප්තිය ලොවට පතුරුවන්න.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

සාමාන්‍ය සේවා සිදු කිරීම ලොකු දෙයක් නොවෙයි, නමුත් නරක් වී ඇති දේ නැවත නිවැරදි කිරීම සහ විවිධත්වය තුළ එකමුතුකම ගෙන ඒම ලොකු දෙයකි. බාප්දාදා සෑම විටම පවසන්නේ: පළමුව, එක උපදෙසක, එක ශක්තියක සහ එක විශ්වාසයක එකමුතුකම තිබිය යුතු අතර ඉන්පසුව සහකරුවන් අතරේ, සේවයේදි සහ වාතාවරණයේ එකමුතුකම තිබිය යුතුයි.