08.02.25    Avyakt Bapdada      Sinhala Murli     31.12.2008    Om Shanti    Madhuban


මෙම නව වසරේ ඍණාත්මක සියල්ල, ධනාත්මක බවට පරිවර්ථනය කිරීම සඳහා
පරිවර්ථන බලයේ ආශිර්වාදය භාවිතා කරන්න. ඔබගේ සිතිවිලි, හුස්ම සහ කාලය වටිනා ලෙස භාවිතා කර සාර්ථකත්වයේ ප්‍රතිරූපයක් වන්න.


අද, නව ජීවිතයක් ලබා දෙන පියා, නව ජීවිතයක් හදාගෙන ඇති සෑම තැනකම සිටින ඔහුගේ සියලුම දරුවන් දැකීමෙන් සතුටු වනවා. මෙම නව ජීවිතය, නව යුගයක් නිර්මාණය කිරීම සදහාය. මිනිසුන් නව වසර සමරන අතර නව ජීවිතයක් ඇති ඔය සියලුම දරුවන්, සියලුම ජීවාත්මයන්ට සුබ පැතුම් ලබා දී, එයත් සමගම නව යුගයක් පැමිණීමට ඉතා ආසන්න බවට සුබ පුවතද ලබා දෙයි. පරම පියා ඔය සියලුම දරුවන්ට උරුමයක් ලෙස එම ස්වර්ණමය ලෝකය යන තෑග්ග ඔබට දැනටමත් ලබා දී ඇත. එම ස්වර්ණමය ලෝකයේ, දැනටමත් බොහෝ ස්වර්ණමය තෑගි තිබේ. එම ස්වර්ණමය ලෝකය යන තෑග්ග ඔබගේ උපත් අයිතිය බවට කුල්මත්භාවය, ඔබ සියලු දෙනාටම තිබෙනවා නේද? වත්මන් ලෝකයේ, කෙනෙක් තව පුද්ගලයෙකුට විශාලතම තෑග්ග ලබා දුන්නත්, විශාලතම දේ ලෙස ඔහුට ලබා දිය හැක්කේ කුමක්ද? කිරුළක් හෝ සිහසුනක්. කෙසේවෙතත්, ඔබට තිබෙන ස්වර්ණමය ලෝක තෑග්ග සමග සසදන විට, එය කුමක්ද? එය ශ්‍රේෂ්ඨ දෙයක්ද? ඔබගේ පියා ඔබට ශ්‍රේෂ්ඨතම තෑග්ග ලබා දී ඇති බවට සතුට ඔබගේ හදවත තුළ තිබේ: නව යුගය. එය නියමිත වී ඇති බවට විශ්වාසය ඔබට තිබෙනවා. කිසිවෙකුට මෙම දෛවය වැලැක්විය නොහැක. ඔබගේ අවධානය තුළ මෙම නොසැලෙන විශ්වාසය නිරතුරුවම තිබේ. එය සෑම විටම ඔබට තිබෙනවාද, නැත්නම් එය විටෙක ටිකක් අඩු වෙනවාද? එය ඔබගේ උපත් අයිතියයි, එමෙන්ම ඔබගේ උපත් අයිතිය කිසිදා ඉවත් කළ නොහැක.

අද ඔබ සියලු දෙනාම විවිධ ස්ථාන වලින් මෙහි පැමිණ ඇත්තේ නව වසර සැමරීමටයි. ඔබ නව වසර සමරනවා, එබැවින් මෙම නව වසර වෙනුවෙන් ඔබ තබා ඇති අරමුණ කුමක්ද? මෙම නව වසරේ ඔබ කිරීමට යන්නේ කුමන විශේෂ දෙයද? මෙම නව වසරේ විශේෂත්වය වන්නේ ඔබ අනිවාර්යෙන් පියාට සමාන, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ විය යුතු බවයි. ඔබට කුමන උත්සාහක් දැරීමට සිදුවුනත් කම් නැත, ඔබ පියාට සමාන විය යුතු බව අනිවාර්යෙන් නියම වී තිබේ. කතා කරන්න! ඔබ සියලු දෙනාට මෙම ස්ථිර සිතිවිල්ල ඔබගේ මනසේ තිබෙනවා නේද? ඔබට එකගතාවය පළ කර, හිස වැනිය හැක. පියාට අවශ්‍ය වන්නේද, සෑම දරුවෙක්ම පියාට සමාන වීමයි. පියා පියාය, නමුත් දරුවන් පියාට වඩා උසස්. එබැවින් පියාට සමාන වීමේ අරමුණ ඉටුකර ගැනීම සදහා, ඔබ පියාව අනුගමනය කළ යුතුයි. ඒ ගැන ටිකක් සිතන්න: බ්‍රහ්ම පියා අංග සම්පූර්ණ වුනේ කෙසේද? ඔහුගේ විශේෂත්වය වුනේ කුමක්ද? ඔහුගේ අංග සම්පූර්ණත්වයට විශේෂයෙන් පදනම් වුනේ කුමක්ද?

බ්‍රහ්ම පියා, ඔහුගේ සෑම මොහොතක්ම වටිනා ලෙස භාවිතා කළා. ඔහු සෑම හුස්මක් සහ සෑම තත්පරයක්ම වටිනා ලෙස භාවිතා කළා. එබැවින්, පියාට සමාන වීම සදහා, මේ වසර වෙනුවෙන් ඔබ තබා ගන්න අරමුණ කුමක්ද? ඔබ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර, අනිවාර්යෙන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් විය යුතුයි. සාර්ථකත්වය ඔබගේ ගෙල වටා මල් දමයි. සාර්ථකත්වය ඔබගේ පියාගේ උරුමයයි. එබැවින් මෙම අරමුණ ඇතිව, පරීක්ෂා කරන්න; ඔබ දිනපතාම තමන්ව පරීක්ෂා කළ යුතුයි: මම සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වී, මගේ කාලය, හුස්ම, සම්පත්, බල සහ ගුණධර්ම වටිනා ලෙස භාවිතා කළාද? වත්මන් කාලයේ සාර්ථකත්වය සමගම, මා අනාගතයටත් රැස් කරගනී. මා දැන් වටිනා ලෙස කුමන දෙයක් භාවිතා කරන්නේද, මා අනාගත උපත් 21කට රැස් කර ගන්නවා. ඔබගේ කාලය ඔබ වටිනා ලෙස භාවිතා කළොත්, එවිට අනාගතයේද, සම්පූර්ණ කාල වකවානුවටම රාජධානියේ භාග්‍යයේ ප්‍රතිලාභය ඔබට හිමිවන බව ඔබ දන්නවා, එමෙන්ම ඔබට මින් පෙරද මෙය පවසා ඇත. ඔබගේ හුස්ම ඔබ වටිනා ලෙස භාවිතා කරන විට, ඔබ උපත් 21කට නිරෝගීව රැදී සිටියි. ඔබගේ නිරෝගිකමේ කිසිම අඩුවක් නොතිබෙයි. එය සමගම ඔබ රැස් කරගන්නා සම්පත් - එමෙන්ම ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ මෙම දැනුමයි, එමෙන්ම දැනුම යනු, වැටහීමයි - මෙම දැනුමේ සම්පත වටිනා ලෙස භාවිතා කිරීමෙන්, ඔබ අනාගතයේ බොහෝ නුවණැත්තෙක් වන අතර කිසිම උපදේශකයෙකුගෙන් ඔබට උපදෙස් සෙවීමට අවශ්‍ය නොවෙයි. ඔබම අචල සහ නොබිදෙන රාජධානිය පාලනය කරන අතර ඔබගේ රාජධානියේ කිසිදු බාධක නොමැත; එය බාධක වලින් නිදහස්, අචලයි, එමෙන්ම නොබිදෙන සුළුයි. මෙම දැනුමේ සම්පත රැස් කිරීමේ ඵලය එයයි. ඔබ එක උපතක් එය වටිනා ලෙස භාවිතා කර, බොහෝ උපත් ගණනාවක් සාර්ථකත්වයේ ඵලය බුදියි. ඒ අන්දමින්ම ඔබට ලැබී ඇති බල, තමන් වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් භාවිතා කිරීමෙන් අනාගත රාජධානියේ ඔබට සියලු බල තිබෙයි; කිසිම බලයක අඩුවක් නොතිබෙයි; කිසිදු බලයක හිඟයක් නොමැති වෙයි. ඒ අන්දමින්ම ඔබ ගුණධර්ම දන් දෙන්නේ නම්, එවිට, ඔබගේ අවසන් 84වන උපතේ අවසන් මොහොත දක්වාම ඔවුන් ඔබගේ ප්‍රතිමා වලට ගායනා කරන ප්‍රශංසාව කුමක්ද? ඔබ සියලු ගුණධර්ම වලින් පිරිපුන් බවයි. ඉතිං, සෑම සියලු ලැබීමක්ම වටිනා ලෙස භාවිතා කිරීමෙන් ඔබ බොහෝ උපත් ගණනාවකට ඒවාට අයිතියක් හිමි කරගනී. ඉතිං ඔබ මේ වසරේ කිරීමට යන්නේ කුමක්ද? එකදු හුස්මක් හෝ එක තත්පරයක්වත් අපතේ නොයෑමේ අරමුණ ඔබ තබාගත යුතුයි. ඔබ රැස් කරගත යුතුයි. රැස් කිරීමට ඇති කාලය ඉතා කෙටි උපතකි, නමුත් ඵලය ලැබීමේ කාල වකවානුව, උපත් 21කි.

ඉතිං මේ වසරේ පියාට සමාන වීමේ අරමුණ ඔබට තිබෙනවාද? ඔබ අනිවාර්යෙන්ම පියාට සමාන විය යුතුයි, යන අරමුණ ඔබ සියලු දෙනාටම තිබෙනවාද? ඔබ එය වෙයි නොව, නමුත් ඔබ නියත වශයෙන්ම එය විය යුතු බවයි. යටින් ඉරක් අදින්න: මා එය විය යුතුමයි. අච්චා. ඔය දරුවන්ද එය වෙනවාද? කුඩා දරුවන්ද එය වෙයි. දරුවන් මත ඇති කිරුළු බොහොම හොඳයි. (සියලුම දරුවන් කිරුළු පැලඳ සිටිනවා). ඔවුන් බොහෝ ලස්සනට පෙනෙනවා. එබැවින් ඔබ මේ වසරට අරමුණ තබා තිබෙනවා, එමෙන්ම එයට අමතරව, පියාව අනුගමනය කිරීමේ මන්ත්‍රය වන්නේ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමයි. මේ සඳහා වෙහෙස වී වැඩ කිරීමේ අපහසුතාවය බාප්දාදා ඔබට දෙන්නේ නැහැ. ඔහු ඔබට ඉතා පහසු මාර්ගයක් පෙන්වා දෙනවා. එම පහසු මාර්ගය කුමක්ද? ඔබට ඕනෑම සිතිවිල්ලක් ඇති වන විට ප්‍රථමයෙන් පරීක්ෂා කර බලන්න: මෙය පියා ඇති කළ සිතිවිල්ලක්ද? ඔබ යමක් පවසන විට, එය පරීක්ෂා කර බලන්න. ඔබට පියා හා සමාන වීමට අවශ්‍යයි නේද? එසේ නම් පළමුව ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සම්බන්ධතා ගැන සිතන්න: ඒවා පියාගේ ඒවාට සමානද කියා පරීක්ෂා කර බලා ඒවාගේ ප්‍රතිමූර්තියක් වන්න. බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න! මෙසේ සිහි කර තිබේ: පියාව අනුගමනය කරන්න. සමහර දරුවන් ඉතා හොද ක්‍රීඩා සිදුකරයි. ඔවුන් සෙල්ලම් කරන ක්‍රීඩා මොනවාද කියා ඔබ දන්නවාද? ඔවුන් පියාව අනුගමනය නොකරයි, නමුත් ඔවුන් කියන්නේ කුමක්ද? ‘එය සිදුවීම මට අනවශ්‍ය වු නමුත් එය නිකම්ම සිදුවිය’. කරන අය, සිතන අය, ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයි, ඔය පාලකයන්ය. ‘එය සිදු වුණා’ කියා පැවසීම යනු, ඔබට ඔබගේ භෞතික ඉන්ද්‍රියන් මත පාලනයක් නොමැති බවයි.

එබැවින් මේ වසරේ, මෙම පාඨය මතකයේ තබා ගන්න: “මා සිදු කරන සෑම දෙයක්ම පියා සිදු කළ දේට සමාන විය යුතුයි, මා නියත වශයෙන්ම පියාට සමාන විය යුතුයි.” එය අපහසු නැහැ නේද? ඔබ කළ යුත්තේ පියා කළ දේ පමණයි, එපමණයි. අනුකරණය කිරීම පහසුයි නේද? සිතීමට අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ. එවිට, බ්‍රහ්ම පියා සුරදූතයෙක් වුනු අතර එමෙන්ම ඔහු අනිවාර්යෙන් සුරදූතයෙකුගෙන් දේවතාවක් වීම සහතිකයක් වන සේම, ඔබ සියලු දෙනාද අනිවාර්යෙන් සුරදූතයන්ගෙන් දේවතාවන් වීම සහතික වෙයි. සමහර දරුවන් පවසන්නේ, ගමන් කරන අතර ඔවුන් බොහෝ විරුද්ධතාවන්ට මුහුණ පාන බවයි, එමෙන්ම එදිරිවාදිකම නිසා ඔවුන්ගේ තත්ත්වයෙන් ඔවුන් පහළට එන බවයි. කෙසේවෙතත්, ඔබ පියාට සමාන විය යුතු බව පමණක් මතකයේ තබා ගන්න. ස්ථාපනයේ ආරම්භයේ බ්‍රහ්ම පියා කෙතරම් විරුද්ධතා, ඔහු‌ගේ තනතුර බවට ඔහු පරිවර්ථනය කළාද? සෑම දෙයක්ම අළුත්, අභියෝගයක් විය. දැන් ලෝකය බොහෝ සේ වෙනස් වී තිබේ, නමුත්, බ්‍රහ්ම පියා තනිවම ආත්ම-අභිමාන ආසනයේ අසුන්ගෙන ඔහුගේ තනතුරෙන් කෙතරම් විරුද්ධතා වලට මුහුණ දුන්නාද? තනතුර ඇති තැන, විරුද්ධතාවයන්ට කිසිවක් කළ නොහැක. මිනිසුන් පෙර පැවසුවේ කුමක්ද? ඔබ කලබල ඇති කල බව. කෙසේවෙතත්, ඔවුන් දැන් පවසන්නේ කුමක්ද? ඔබ විශ්මයන් සිදු කරන බව. විශාල වෙනසක් සිදුවී තිබේ. හේතුව කුමක්ද? බ්‍රහ්ම පියාම, ඔහුගේ ආත්ම-අභිමානයේ ආසනයෙන් සහ අධිෂ්ඨානගත විශ්වාසයේ ආයුධයෙන් සියලු විරුද්ධතා අවසන් කළා. ඉතිං ඔබ මේ වසරේ කුමක්ද කරන්නේ? ඔබ සමාන විය යුතුයි, නේද? ඉතිං ඔබට නිරන්තර විරුද්ධතා වලට මුහුණ පෑමට සිදුවන්නේ නම්, එවිට ආත්ම-අභිමානයේ ආසනයේ අසුන්ගන්න, එවිට විරුද්ධතා, තනතුර බවට පරිවර්ථනය වෙයි. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද?

ඔබ, බ්‍රහ්ම පියාට අනිවාර්යෙන් සමාන වීමට ඔබගේ අත් එසවූවා, නමුත් ඔබට එතරම් එඩිතරකමක් තිබෙනවාද? ප්‍රථමයෙන් ස්ව-පරිවර්ථනය තිබේ, ඉන්පසුව ඔබ සමග නෑකමක හෝ සමබන්ධතාවයක සිටින බොහෝ ජීවාත්ම සිටියි, එමෙන්ම ලෝකයේ ජීවාත්ම සිටියි. ඔබගේ මනසේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් සහ ඔබගේ අධිෂ්ඨානගත සිතිවිලි වලින් ඔබ ඒ සියලු දෙනාවම පරිවර්ථනය කළ යුතුයි.

ඉතිං මේ වසරේ, බාප්දාදා එක් විශේෂිත වූ බලයක ආශිර්වාදය ලබා දෙනවා. ඔබගේ හදවතින් ඔබ ‘මගේ බාබා’ කියන විට, එවිට එක් බලයක් ඉදිරිපත් වෙයි. ඔබ නිකම්ම ඒ අන්දමින් ‘මගේ බාබා’ නොකිව යුතුයි, නමුත් ඔබගේ හදවතින්ම එසේ පවසන විට සහ ‘මගේ බාබා’ යන අයිතිය ඔබට තිබෙන විට, එවිට එම බලය ඔබ ඉදිරියේ පෙනී සිටියි. එය කුමන බලයද? පරිවර්ථනය වීමේ බලය. පරිවර්ථන බලයෙන් විශේෂයෙන් ඍණාත්මක සියලු දේ, ධනාත්මක බවට පරිවර්ථනය කරන්න. ඍණාත්මක සිතිවිලි සහ ඍණාත්මක හැසිරීම් දකින අතර, ඒවා ධනාත්මක බවට පරිවර්ථනය කරන්න. සියල්ල ධනාත්මක ලෙසින් දකින්න, පවසන්න සහ ක්‍රියාත්මක කරන්න. ඔබගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් සරළව භාවිතා කරන්න, එවිට එය පහසු වෙයි, මන්ද මෙම විරුද්ධතාවය පැමිණෙයි, නමුත් ඔබගේ පරිවර්ථන බලය ඔබට පහසු සාර්ථකත්වය ගෙන දෙයි. ඉතිං මේ වසරට විශේෂ ආශිර්වාදය ඔබ වටහා ගත්තාද? අධිෂ්ඨානගත සිතිවිලි වලින් පරිවර්ථන බලය භාවිතා කරන්න. ඔබට පරිවර්ථනය ගෙන ආ හැකියි නේද? ඔබගේ අභියෝගය මෙයයි. ඔබට එය මතකයි නේද? ඔබ සෑම කෙනෙක්ම විශ්ව පරිවර්ථකයෙක් නේද? ඔබගේ නම්බු නාමය වන්නේ විශ්ව පරිවර්ථක බැවින්, තමන්ව පරිවර්ථනය කිරීම අපහසුද? ඔබගේ හදවතේ ඕනෑම අපහසු දෙයක් පැන නගින විට - ඇත්ත වශයෙන් කිසිවක් අපහසු නැති නමුත් ඔබ එය අපහසු කරවයි; මාස්ටර් සර්ව බලධාරියෙක් ඉදිරියේ අපහසු විය හැක්කේ කුමක්ද? කෙසේවෙතත්, එය අපහසු බවට පත් කරන එක් වරදක් ඔබ සිදු කරයි. නිදසුනක් ලෙස, හදිසියේම මෙහි අඳුරු වුනොත්, ඉන්පසුව වැරදීමකින් කෙනෙක් අන්ධකාරය පලවා හැරීමට තැත් කළොත්, අන්ධකාරය පිටවී යයිද? නිවැරදි ක්‍රමවේදය වන්නේ, ඔබ විදුලි ස්විචය දැමීමයි, එවිට තත්පරයකදි අන්ධකාරය පිටව යයි. එබැවින් යම් දෙයක් සිදු වූ විට ඔබ සිදු කරන වරද වන්නේද, ඔබ ‘ඇයි?, කුමක්ද? කවදාද? කොහොමද?’ ආදි වශයෙන් ප්‍රශ්න පෝලිමකට යාමයි. ඔබ කුඩා දෙයක් විශාල කරයි, එමෙන්ම විශාල දෙය, එවිට අපහසු වෙයි. ඔබ එය කුඩා දෙයක් බවට පත් කළොත්, එය පහසු වෙයි. ඕනෑම විශේෂිත වූ බලයක් භාවිතා කිරීම සදහා පියා ඔබට පහසු ක්‍රමයක් පෙන්වා තිබේ. මාස්ටර් සර්ව බලධාරියෙක් වීමේ අවධානයේ ආසනයේ අසුන් ගන්න. ඔබ එම ආසනයේ අසුන් ගත්තොත්, ඔබ අප්සෙට් වන්නේ නැත. එම අසුන නොමැතිව ඔබ අප්සෙට් වෙයි, නමුත් ඔබගේ අසුන ඔබට ඇත්නම් ඔබ අප්සෙට් නොවෙයි, උපත් 63ක ඔබගේ සංස්කාර මතු නොවෙයි. උපත් 63ක් ඔබගේ සංස්කාර වුනේ කුමක්ද? එක විනාඩියක් ඔබ තැන්පත්ව සිටින අතර ඊළඟ විනාඩියේ ඔබ අප්සෙට් වෙයි. එබැවින් නිරන්තරයෙන් ඔබගේ ආත්ම-අභිමන් අසුනේ තැන්පත්ව සිටින්න. ඉතිං ඔබ මේ වසරේ කරන්නේ කුමක්ද? ඔබ සියලු දෙනාටම නව වසරේ තෑග්ගක් දෙනවා නේද? ඉතිං ඔබ ඔවුන්ට ලබා දෙන තෑග්ග කුමක්ද? ඔබ සුබ පැතුම් ලබා දෙනවා, එමෙන්ම එයත් සමග ඔබ දෙන තෑග්ග කුමක්ද? ඔබට බොහෝ තෑගි තිබෙනවා. ඔබට අවශ්‍ය තරම් ලබා දිය හැක. භෞතික තෑගි තාවකාලික කාලයකට පමණක් රැදී තිබෙයි, නමුත් සදාතනික පියා හා සමාන බවට පත් වන ඔබ, ලබා දිය යුත්තේ අවිනාශී තෑග්ගක්. ඔබගේ මනසින්, බලයන්ගේ තෑගි දෙන්න, ඔබගේ වදන් වලින් මෙම දැනුමේ තෑග්ග දෙන්න, එමෙන්ම ඔබගේ ක්‍රියා තුළින් ගුණදම් වල තෑග්ග දෙන්න. ඔය සියලු දෙනාටම මේවා තිබෙනවා නේද? ඔබට ඒවා තිබේ නම්, හිස වනන්න! ඔබට බොහෝ බල තිබෙනවා නේද? ඒවා කිසි ලෙසකින් අඩු නැහැ නේද? ඔබ ඕනෑම කෙනෙක් සමග සම්බන්ධතා පවත්වන විට, එමෙන්ම ඔබට සම්බන්ධතා පැවැත්වීමට සිදුවෙයි, එවිට, මේ වසරේ, ඔවුන්ට බොහෝ තෑගි දෙන්න. කෙසේවෙතත්, ඔවුන්ට අවිනාශී තෑගි දෙන්න. ඔබ ඔවුන්ට ඔබගේ මනසේ, වචනයේ හෝ ක්‍රියාවේ තෑගි දුන්නත්, කිසිවෙක් හිස් අතින් නොයා යුතු බව ඔබට කියා තිබේ. මේ සදහා ඔබ සෑම විටම එක් දේකට අවධානය යොමු කළ යුතුයි. සෑම මොහොතකම ඔබගේ බලයන්ගේ තොගය ඔබ මතු කරගෙන තබා ගත යුතුයි. ඔබට බල කීයක් තිබෙනවාද? ඔබට ලැයිස්තුවක් තිබෙනවා නේද? කතා කිරීමට සිදුවන නිසා, ඔබගේ මනසේ සෑම විටම මතගෑමේ බලය තිබෙනවා. මෙම දැනුම ආවර්ජනය කිරීමේ බලය, ඔබගේ අවධානය තුළ ඔබ තබා ගත යුතුයි. ඔබගේ හැසිරීමෙන්, ඔබගේ මුහුණින් සහ ඔබගේ ක්‍රියා තුළින් ඔබ ගුණදම් වල ප්‍රතිමූර්තියක් විය යුතුයි. ඔබ සෑම විටම තමන්ව, ඉස්මතු වූ අන්දමකින්, ගුණදම් වල ප්‍රතිරුවක්, මෙම දැනුමේ ප්‍රතිරුවක් සහ බලයන්ගේ ප්‍රතිරුවක් ලෙස තබා ගත යුතුයි. ඔබට කොහොමත් බලයන් තිබෙන බව, ඔබට කොහොමත් මේ දැනුම තිබෙන බව, නොසිතන්න, නමුත් ඔබ ඒවායේ ප්‍රතිමූර්තියක් විය යුතුයි. ඔවුන් ඔබගේ දේවමය පවුලේ කොටසක්ය, යන ද්‍රිෂ්ඨියෙන් සහ ආකල්පයෙන් ඔබ සියලු දෙනා දෙස බැලිය යුතුයි. ඔබ මේ වසරේ සමාන විය යුතු නිසා සහ ඒ වෙනුවෙන් ඔබගේ අත් ඔසවා ඇති බැවින්, සියලු දෙනාගේම අත බාප්දාදාගේ සූක්ෂම දේශයේ දිස් වෙයි. එහි තිබෙන්නේ මෙවන් කුඩා රූපවාහිනී යන්ත්‍රයක් නොවෙයි; එහි තිබෙන්නේ බොහෝ විශාල එකකි. බාබාට තත්පරයකදි සියලුම මධ්‍යස්ථාන වල ප්‍රතිඵලය පෙනෙයි. පියාට අනිවාර්යෙන් සමාන වීම වෙනුවෙන් ඇති ඔබගේ උද්යෝගය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔබට සතුටේ භාග්‍යය තිබෙනවා. ඔබට සතුටු මුහුණු තිබෙනවා, එබැවින් ඔබගේ මුහුණේ කිසි විටෙක ලොකු කමක් (bossiness) තිබීමට ඉඩ නොදෙන්න. සෑම විටම සතුටින්. ඔබ යමක් කරමින් කෙතරම් කාර්යබහුල වුනත්, ඔබ වැරැද්දක් නිවැරදි කරමින් සිටියත්, එසේ නැත්නම් ඔබ කිසිවෙකුට විස්තර කර දෙමින් සිටියත්, ඔබගේ මුහුණ සහ ඔබගේ වදන් වල ලොකුකමක් නොතිබිය යුතුයි. මේ වසරේ මෙම පරිවර්ථනය සිදු කිරීමෙන් මෙය ප්‍රායෝගිකව පෙන්වන්න. මුළු වසර පුරාම, කුමන අවස්ථා පැමිණියත්, සෑම විටම සිනහමුසු මුහුණින් සිටින අයට තෑග්ගක් ලබා දෙනවා. සමහර සහෝදරයන් සහ සහෝදරියන් පවසන්නේ - ඔබ සියලු දෙනාම හදවතට සමීප කතාබස් වල යෙදෙනවා - ඔබ සැර වැර ඇතිව පහදා නොදුන්නොත්, ඔවුන්ට නොවැටහෙන බව හෝ ඔවුන් වෙනස් නොවන බව. අනෙක් පුද්ගලයා වෙනස් වීමට නොයන බවට හැගීම ඔබ කල්තියා ඇති කරගෙන, එබැවින් ඒ පුද්ගලයාට දැනටමත් ඔබගේ චිත්ත තරංග ලැබී තිබේ. එබැවින් මේ වසරේ කෝපයට සහ එහි දරු පරම්පරාවට සමු දෙන්න. මෙය කළ හැකිද? ලොකුකමක් වත් නොතිබීමට? යම් දෙයක් සිදු කරගැනීම උදෙසා හෝ යම් වරදක් නිවැරදි කිරීම සදහා, විටින් විට කෝප වන අයගෙන් පියා විමසන්නේ, නමුත් ඒ මගින් අනෙක් පුද්ගලයා නිවැරදි වෙනවාද? ඔවුන් සමග ඔබ කෝප වීමෙන්, කිසිවෙක් නිවැරදි වී තිබෙනවාද? බාබාට එම ලැයිස්තුව පෙන්වන්න! ඇත්ත වශයෙන්ම ඔවුන් පෙරටත් වඩා නොරිස්සුමක් ඇති කරගනී; ඔවුන් තමන්ව නිවැරදි කර නොගනී. ඔවුන්ගේ සිත් තුළ එදිරිවාදිකමක් හටගනී. ඔවුන් වැඩිමහළු නම්, ඔවුන්ට කිසිවක් කිව නොහැකි නිසා, ඔවුන්ගේ සිත තුළ එදිරිවාදිකමක් ඇති කරගන්නා අතර, ඔවුන් වයසින් බාල නම්, ඔවුන් හඬන්නට පටන්ගනී. ඉතිං මේ වසරේ ඔබ කළ යුතු සියලු දෙචල් ගැන බාබා ඔබට පවසනවා. ඔබ එයට කැමතිද? ඔබ එය කිරීමට යනවාද? ඔබට දැන් අත් එසවිය හැක. ඔබ එය කරනවාද? රූපවාහිනි කැමරාව ඇති අය, ඔවුන්ගේ ජායාරූපය ගන්න. අත් ඔසවන්න! එය ඉහළින් තබාගන්න! ජායාරූප ශිල්පීන් පිංතූරයක් ගන්නවා.

කාලයට අනුව, වර්ථමාන කාලයේ වේගය වේගවත් බව බාප්දාදා දුටුවා. එසේ නම් කාලයට විරුද්ධ වීමට යන්නේ කවුද? එසේ කිරීමට යන්නේ ඔබලාය. දුකෙන් සිටින ජීවාත්මයන්ගේ හඬ, බැතිමතුන්ගේ ඇමතීම සහ කාලයේ ඇමතීම, ඔබට එතරම් නෑසෙන බව බාප්දාදා දැක තිබෙනවා. අසරණ අයට කිසිම එඩිතරකමක් නැත, එබැවින් ඔවුන්ට අඩු තරමින් පියාසර කිරීමට වත් ඔවුන්ට පියාපත් ලබා දෙන්න. ඔවුන්ට එඩිතරකමේ සහ උනන්දුව සහ උද්යෝගයේ පියාපත් ලබා දෙන්න. අච්චා.

බාප්දාදා ඔබට ලබා දී ඇති ගෙදර වැඩ, සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන් දැන් ප්‍රායෝගිකව සිදුකර, එහි සාක්ෂි පෙන්වා, වටිනා දරුවන් වීමෙන් එහි බලපෑම පෙන්වයි. එබැවින් සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට හදවතින් බොහෝ බොහෝ සෙනෙහස සහ ආදරය, එමෙන්ම කෝටි ගුණයක සෙනෙහස සහ ස්මරණයත් පිළිගන්න. එවන් වටිනා සහ ශ්‍රේෂ්ඨ දරුවන්ට බාප්දාදාගේ නමස්කාරය.

සෑම දවසක්ම ස්ව-පරිවර්ථනයට සහ විශ්ව පරිවර්ථනයේ දිනයක් ලෙස නොකඩවා සමරන්න. මේ වසරේ සෑම දවසක්ම පරිවර්ථනය වෙනුවෙන් අළුත් දවසකි. සෑම දවසක්ම නව සේවය සදහාය, සෑම දවසක්ම නිරන්තරයෙන් නව උනන්දුව සහ උද්යෝගය වෙනුවෙන්ය. එකදු දිනයක්වත් කණස්සළු වීමට හෝ වෙනත් සිතිවිලි සදහා දිනයක් නොවෙයි. සෑම දිනයක් සහ රාත්‍රියක්ම උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ගෙවිය යුතුයි. මෙම නව වසරේ, සෑම දවසකම ඔබ නියත වශයෙන්ම තමන් වෙනුවෙන්, ලෝකයට සහ සේවය වෙනුවෙන් යම් අළුත් දෙයක් සිදු කළ යුතුයි. එවන් අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරගෙන, කාලය සමීපයට ගෙනැවිත්, අංගසම්පූර්ණ වී, පියාට සමාන වී, පියාසර කර, නොකඩවා අන් අයව පියාසර කරවන්න. අච්චා.

වරදානය:
ඔබ පාලකයෙක් සහ දරුවෙක් වී, සෑම කෙනෙකුගේම අවවාද වලට ගරු කර, ඒ අනුව මුළු ලෝකයෙන්ම ගෞරවය ලබා ගනිත්වා.

කෙනෙක් තරුණ වුනත් මහළු වුනත්, අනිවාර්යෙන්ම සියලු දෙනාගේ අවවාද වලට ගරු කරන්න, මන්ද, ඕනෑම කෙනෙකුගේ අවවාද ප්‍රතික්ෂේප කිරීම යනු තමන්ව ප්‍රතික්ෂේප කිරීමයි. එබැවින් ඔබට යම් කෙනෙක්ව නිෂ්ඵල දේවල් කතා කිරීමෙන් වැලැක්වීමට සිදු වුනත්, පළමුව ඔවුන්ට ගරු බුහුමන් ලබා දී ඉන්පසුව නිවැරදි කිරීම ලබා දෙන්න. නිවැරදි අන්දම මෙයයි. මේ අන්දමින් ගෞරවය ලබා දීමේ සංස්කාරයෙන් ඔබ පිරුණු විට, එවිට ඔබට ලෝකයෙන් ගෞරවය ලැබෙයි. මේ සඳහා පාලකයෙක් සහ දරුවෙක්, දරුවෙක් සහ පාලකයෙක් වන්න. ඔබගේ බුද්ධිය අසීමිත බවේ, හිතකාමී පැතුම් වලින් පිරිපුන්ව තබා ගන්න.

පාඨය:
සෑම විටම ඔබගේ සහකරුගේ අවධානයේ තිලකය තබා ගන්න. ‘සුහාග්’ (විවාහක වීමේ) ලක්ෂණය මෙයයි.

අව්‍යක්ත සංඥාව: එකමුතුකම සහ විශ්වාසයේ විශේෂත්වයෙන් සාර්ථකත්වයෙන් පිරිපුන් වන්න.

එකමුතුකම ගෙන ඒම සඳහා, ඔබ කාරණා දෙකක් ධාරණය කරගත යුතුයි. එකක් ඒකායන කෙනාට අයිති වීම සහ සෑම විටම ඒකායන කෙනාගේ නම ගැනීමයි. දෙවැන්න, ඔබගේ සිතිවිලි, ඔබගේ කාලය සහ මෙම දැනුමේ ඔබගේ සම්පත් පිරිමහන්න. සෑම දෙයක්ම අයිති වන්නේ ඒකායන කෙනාට වන විට සහ පිරිමසන විට, එවිට සියලුම විවිධ වෙනස්කම් ඒකායන පියා තුළ මුසු වෙයි.