08.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ආධ්‍යාත්මික සේවයේ නියැලී, තමන්ට සහ අන් අයට සෙතක් සලසාගන්න. තම හදවතින්,
පියාට අවංක වීමෙන්, ඔබ පියාගේ හදවතේ අසුන් ගනිවී.
ප්‍රශ්නය:
ජීවාත්ම
අවධානයෙන් සිටීමට, උත්සාහ දැරිය හැක්කේ කුමන දරුවන්ටද? ජීවාත්ම අවධානයෙන් සිටින
අයගේ ලක‍්ෂණ මොනවාද?
පිළිතුර:
මෙම ඉගෙනුම කෙරෙහි සහ පියා කෙරෙහි නොබිඳි සෙනෙහසක් ඇති අයට ජීවාත්ම අවධානයෙන්
සිටීමේ උත්සාහයේ යෙදිය හැක. ඔවුන් නිවුණු අය වෙයි. ඔවුන් වැඩිපුර කතා නොකරති. ඔවුන්
පියාට ආදරය කරන අතර, ඔවුන්ගේ හැසිරීම බොහෝ සේ රාජකීයයි. ඔවුන්ට මෙම කුල්මත්භාවය
තිබෙයි: අප ඔහුගේ දරුවන් බව, පියා අපට උගන්වනවා. ඔවුන් අන් අයට සතුට ලබා දෙන අතර,
සෑම පියවරක්ම ශ්‍රීමත් අනුව තබයි.
ඕම් ශාන්ති.
ඔය දරුවන්
සේවය පිළිබඳ පුවත් වලට සවන් දිය යුතුයි. එමෙන්ම ප්‍රධාන, සේවයේ නියුතු මහාරතීන්,
අවවාද ලබා දිය යුතුයි. ප්‍රදර්ශනයක් හෝ මේලාවක් විවෘත කිරීමට ආරාධනා කළ යුත්තේ
කාටද, ඔවුන්ට කුමන කරුණු විස්තර කළ යුතුද, යනාදිය සිතන්නේ, සේවය කරන දරුවන් පමණක්
බව බාබා දන්නවා. මෙම දේවල් ශංකරාචාර්ය ආදින් වටහා ගන්නේ නම්, ඔබගේ දැනුම ඉතා
ශ්‍රේෂ්ඨ බවත්, ඔබට උගන්වන කෙනා නිසැකයෙන්ම ඉතා දක‍්ෂ කෙනෙක් විය යුතු බවත් ඔවුන්
කියයි. කෙසේවෙතත්, ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියන් බව ඔවුන් විශ්වාස නොකරනු ඇත.
එබැවින් ඔබගේ ප්‍රදර්ශන විවෘත කිරීමට පැමිණෙන අයට විස්තර කර දෙන කරුණු, සෑම කෙනෙක්
සමගම බෙදා ගත යුතුයි. එසේ නැත්නම්, ගංගේ දාදි, ශංකරාචාර්යට විස්තර කළ විටදී මෙන්,
ඒවා කෙටියෙන් පටිගත කළ යුතුයි. එවන් සේවයට ලැදි දරුවන්ට, පියාගේ හදවතේ අසුන් ගැනීමට
හැක. කායික සේවයේද යහපතක් තිබෙන නමුත් බාබාගේ අවධානය යොමුවන්නේ, බොහෝ දෙනෙකුට
යහපතක් සිදුවෙන ආධ්‍යාත්මික සේවය වෙතටයි, කෙසේ වුවත් සෑම අංගයකම යහපතක් තිබේ.
බ්‍රහ්ම බෝජන පිසීමේද යහපතක් තිබෙන නමුත්, එසේ වන්නේ, ඔබ එය සූදානම් කරන විට,
යෝග්යුක්තව සිටින්නේ නම් පමණයි. ආහාර පිසින අය යෝග්යුක්තව රැඳී සිට, සිහිපත් කිරීමේ
වන්දනාවේ සිටින්නේ නම්, මුලුතැන්ගෙයි බොහෝ සාමය ඇතිවෙයි පැමිණෙන ඕනෑම කෙනෙකුට
ඔවුන්ට සැනෙකින් දැනුම විස්තර කර දීමට හැකි වනු ඇත. සේවය කළ හැක්කේ කුමන දරුවන්ටද
කියා බාබා දන්නවා. සේවය කිරීමට සාමාන්‍යයෙන් ආරාධනා ලැබෙන්නේ, අන් අයට විස්තර කළ
හැකි අයටයි. පියාගේ හදවතේ අසුන් ගත හැකි වන්නේ, සේවය කරන අයට පමණයි. බාබාගේ
සම්පූර්ණ අවධානය ඇදෙන්නේ සේවය කරන දරුවන් වෙතටයි. සමහර දරුවන්ට කිසිම දෙයක් වටහා
ගැනීමට නොහැක. ඔවුන් ඍජුවම මුරලියට සවන් දුන්නද, චක්‍රයෙන් භාගයක ශරීර අවධානය නමැති
රෝගය ඉතා දරුණු නිසා, ඔවුන්ට කිසි දෙයක් ධාරණය කර ගැනීමට නොහැක. එය අවසන් කිරීමට
තරම් හොඳ උත්සාහයක යෙදෙන අය සිටින්නේ ඉතා ටික දෙනෙකි. බොහෝ දෙනෙකුට ජීවාත්ම අවධානයට
පත් වීමේ උත්සාහය දැරීමට නුපුලුවන. බාබා විස්තර කරන්නේ දරුවනි, ජීව අවධානයට පත් වීම
සඳහා විශාල උත්සාහයක් අවශ්‍යයි. සමහර දරුවන් ඔවුන්ගේ වාර්තා මෙහි එවන නමුත් ඒවා
අසම්පූර්ණයි. කෙසේවෙතත්, අඩු තරමින් ඔවුන් යම් තරමක අවධානයකින් සිටිනවා. ඔබගෙන්
වැඩි දෙනෙක් ජීවාත්ම සිහියෙන් සිටීමට දක්වන්නේ ඉතාම අඩු අවධානයකි. ජීවාත්ම
අවධානයෙන් සිටින අය, බොහෝ සේ නිවුණු අයයි. ඔවුන් වැඩිපුර කතා කරන්නේ නැත. පියා
කෙරෙහි ඔවුන්ගේ සෙනෙහස කෙතරම්ද කියා අසන්නටවත් එපා! කිසිම මනුෂ්‍යයෙකුට නොතිබෙන
තරම් සතුටක් එම ජීවාත්මයන්ට තිබේ. ලක‍්ෂ්මි සහ නාරායන්ට මෙම දැනුම නොමැත. දෙවියන්
උගන්වන ඔය දරුවන්ට පමණයි මෙම දැනුම තිබෙන්නේ ඔබ සැමගෙන්, ඔබට උගන්වන්නේ දෙවියන්ය,
යන කුල්මත්භාවය තිබෙන්නේ, එක්කෙනෙක් හෝ දෙදෙනෙකුට පමණයි. ඔබට මෙම කුල්මත්භාවය තිබෙන
විට, ඔබට පියාගේ සිහිපත් කිරීමේ සිටිය හැක. මෙයට ජීවාත්ම අවධානය යැයි කියයි.
කෙසේවෙතත්, එම කුල්මත්භාවය පවතින්නේ නැත. සිහිපත් කිරීමේ සිටින අයගේ හැසිරීම
ඉතාමත්ම යහපත් සහ රාජකීය වෙයි. අපි, දෙවියන්ගේ දරුවන්ය, මෙවැනි කියමනක් තිබෙන්නේ මේ
නිසයි ’අතීන්ද්‍රීය සතුට ගැන, ගොපලු ගොපලියන්ගෙන් විමසන්න‘. ජීවාත්ම අවධානයෙන් සිට,
පියාව සිහිපත් කරන අය, ඔවුන්ය. සිහිපත් කිරීමේ නොසිටින අයට ශිව බාබාගේ හදවතේ අසුන්
ගැනීමට නොහැක. ශිව බාබාගේ හදවතේ අසුන් නොගන්නා කෙනෙකුට, දාදාගේ හදවතේද අසුන් ගැනීමට
නොහැක. කෙනෙක් එම ඒකායන කෙනාගේ හදවතේ අසුන් ගන්නේ නම්, ඔහු නිසැකයෙන්ම මෙම කෙනාගේ
හදවතේද අසුන්ගෙන සිටියි. පියා සෑම කෙනෙක්වම හඳුනනවා. ඔබ කෙතරම් සේවය කරන්නේද කියා
ඔය දරුවන්ටම වටහා ගත හැක. සේවය කිරීම සඳහා බොහෝ ලැදියාවක් ඔය දරුවන්ට තිබිය යුතුයි.
ඇතමෙකුට මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ලැදියාවක් තිබෙන අතර, තවත් කෙනෙක් පිංතූර
සෑදීමට ලැදියාවක් දක්වයි. පියා පවසන්නේ පියාගේ සිහිපත් කිරීමේ සිටින, එමෙන්ම සේවය
කිරීමටද ලැදියාවක් ඇති, ආලෝකනය වුණු ජීවාත්මයන්ට, මම ආදරය කරමි. සමහරු කිසිම සේවයක්
නොකරයි ඔවුන් පියාට සවන් දෙන්නේවත් නැත. කෙනෙක් සේවය කළ යුත්තේ කොහිද කියා, පියා
දන්නවා. කෙසේවෙතත්, ශරීර අවධානය නිසා, ඔවුන් තම තමන්ගේම සිත් වල උපදෙස් අනුගමනය
කරයි. එබැවින් ඔවුන්ට පියාගේ හදවතේ අසුන් ගැනීමට නොහැක. අවිද්‍යා මාවතේ, දරුවෙකුගේ
ක්‍රියාකාරකම් නරක නම්, ඔහු නොවටින කෙනෙක් ලෙස සලකන අතර තම පියාගේ හදවතේ අසුන්
ගැනීමට නොහැකි වෙයි. ඔවුන් නරක් වන්නේ නරක ආශ්‍රයේ බලපෑමට ලක් වීම නිසාය. මෙහිදීද
පියා ආදරය කරන්නේ සේවය කරන අයටයි. සේවය නොකරන අයට පියා ආදරය කරන්නේ නැත. ඔබ සෑම
කෙනෙක්ම ඉගෙන ගන්නේ ඔබගේ භාග්‍යයට අනුව බව ඔහු තේරුම් ගන්නවා, ඒ වුණත් ඔහු ගේ
සෙනෙහස තිබෙන්නේ කාටද? හොඳ දරුවන්ට බොහෝ සෙනෙහසින් යුතුව ආරාධනා ලැබීම නීතියයි. ඔහු
පවසන්නේ ඔබ බොහෝ සතුට ලබා දෙනවා. ඔබට පියා කෙරෙහි බොහෝ සෙනෙහසක් තිබේ. පියාව
සිහිපත් නොකරන අයට, පියා කෙරෙහි සෙනෙහක් තිබෙන අය යැයි, නොකියයි. ඔබ දාදාට සෙනෙහසක්
ඇති අය නොවිය යුතුයි. ඔබගේ සෙනෙහස තිබිය යුත්තේ පරම පියාටයි. පරම පියාට සෙනෙහසක්
ඇති අයගේ වචන සහ හැසිරීම ඉතාම මිහිරි සහ ලස්සන වනු ඇත. කාලය තිබෙන නමුත්, ඔබගේ
සිරුර මත විශ්වාසයක් තැබිය නොහැකි බව, බුද්ධිය කියයි. ඇතැම් විටෙක හිටි ගමන්,
සැනෙකින් හදිසි අනතුරක් සිදුවනවා. විටෙක කෙනෙකුට හෘදාබාධයක් ඇති වෙයි. විටෙක කෙනෙක්
රෝගී වෙයි. මරණය සිදුවන්නේ හදිසියේය. මේ නිසයි ඔබට ඔබගේ හුස්ම ගැන විශ්වාසයක් තැබිය
නොහැක්කේ. වර්තමානයේ, ස්වභාවික ව්‍යසන, පුහුණු වෙමින් සිටිනවා. අකාලයේ වර්ෂාව ඇති
වන විට බොහෝ හානි සිදුවෙයි. මෙම ලෝකය, බොහෝ දුක් වේදනා ගෙන දෙන්නක්ය. මෙකල, බොහෝ
දුක් වේදනා තිබෙන විටයි, පියා පැමිණෙන්නේ. ලේ ගංඟාවන්ද ගලනු ඇත. තමන්ට උපත් 21 කට
සෙතක් සිදුකරගැනීම සඳහා උත්සාහ දැරීමට, වෑයම් කරන්න. තමන්ට යහපතක් සිදුකිරීමේ
සැලකිලිමත් බව, ඔබගෙන් බොහෝ දෙනෙක් තුළ නොපෙනෙයි. බාබා මෙතැන අසුන්ගෙන මුරලිය
හසුරුවන නමුත්, ඔහුගේ බුද්ධිය ඇදී යන්නේ සේවයට ලැදි දරුවන් වෙතටයි. ඔබ දැන්
ශංකරාචාර්යට ප්‍රදර්ශනයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. සාමාන්‍යයෙන් ඒ මිනිසුන් ආවට
ගියාට කොහෙවත් යන්නේ නැත. ඔවුන් ජීවත් වන්නේ බොහෝ අහංකාරකමක් සමගයි, එබැවින් ඔවුනට
ගෞරව දැක්විය යුතුයි. ඔබ ඔවුන්ව, අන් සෑම කෙනෙකුගේම අසුන් වලට වඩා, උස් සිහසුනක් මත
ඉන්දවිය යුතුයි. ඔබටද ඔවුන් සමඟ අසුන් ගැනීමට ඉඩක් නොමැත. ඔවුන්ට බොහෝ ගෞරවය අවශ්‍ය
වී තිබේ. ඔවුන් නිරහංකාර වූයේ නම්, ඔවුන්ගේ රිදී සිහසුන් ආදිය පවා අත්හරිනු ඇත.
බලන්න, පියා කෙතරම් චාම් ලෙස ජීවත් වනවාද කියා! කිසි කෙනෙක් ඔහුව හඳුනන්නේ නැත. ඔය
දරුවන්ගෙන්ද, ඔහුව හඳුනන්නේ ඉතා ටික දෙනෙක් පමණයි. පියා බොහෝ සේ නිරහංකාරයි! මෙය
පියා සහ දරුවන් අතර නෑ සබඳකමයි. භෞතික පියෙක්, තම දරුවන් සමඟ කා, බී, ඔවුන්ට කවමින්
පොවමින් ඔවුන් සමඟ ජීවත් වන අයුරින්ම, මේ සිටින්නේ අසීමිත පියාය. සන්යාසීන් ආදින්ට
පියාගේ සෙනෙහස නොලැබෙයි. ඔය දරුවන්ට සෑම චක්‍රයකදීම අසීමිත පියාගෙන් සෙනෙහස ලැබෙන
බව, ඔබ දන්නවා. ඔබව ලස්සන කරවීමට පියා බොහෝ උත්සාහ දරණ නමුත්, නාටකයට අනුව, සෑම
කෙනෙක්ම ලස්සන වන්නේ නැත. අද කෙනෙක් ඉතා හොඳ වන නමුත්, හෙට, ඔහු දූෂිත වෙයි. එය
ඔහුගේ භාග්‍යයේ නොමැති බව පියා කියනු ඇත වෙන කුමක් කරන්නද? බොහෝ දෙනෙක් ඉතා නරක
ලෙසින් හැසිරෙයි ඔවුන් ඔහුගේ අණට අකීකරු වෙයි. දෙවියන්ගේ උපදෙස් පිළිනොපදින කෙනෙකුට
කුමක් වෙයිද? පියා උසස්ම උසස් කෙනාය ඊට වඩා උසස් කෙනෙක් නොමැත. දේවතාවන්ගේ ප්‍රතිමා
දෙස බලන්න. උසස්ම වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන්ය. කෙසේවෙතත්, ඔවුන්ව ඒ තත්ත්වයට පත්
කළේ කවුරුන්ද කියා මිනිසුන් නොදනී. පියා මෙතැන අසුන් ගෙන, ඔබට නිර්මාණකරු සහ
නිර්මාණය පිළිබඳ දැනුම, ඉතා පැහැදිලිව විස්තර කර දෙයි. ඔබ සිහි කරන්නේ ඔබගේ සාම
දේශය සහ සතුටු දේශය පමණයි. සේවය කරන අයගේ නම් සිහි කෙරෙයි. කෙනෙකුගේ හදවත, පියාගේ
උපදෙස් පිළිපදින, කීකරු දරුවන් වෙතට නිසැකයෙන්ම ඇදී යනු ඇත. අසීමිත පියා පැමිණෙන්නේ
එක් වරක් පමණයි. ඔබට උපතින් උපතට භෞතික පියවරුන් සිටියි. ඔබට සත් යුගයේද භෞතික
පියවරුන් සිටීවි, නමුත් මෙම පියාව ඔබට එහිදී නොලැබෙයි. මෙකල ඉගෙන ගැනීමෙන්, ඔබට
එහිදී ඔබගේ තත්ත්වය ලැබෙයි. ඔබ පියා සමඟ ඉගෙනගන්නේ නව ලෝකය වෙනුවෙන් බව දන්නේ ඔය
දරුවන් පමණයි. මෙය ඔබගේ බුද්ධියේ තබා ගන්න. එය ඉතාම පහසුයි. නිදසුනක් ලෙස, බාබා ඔය
දරුවන් සමඟ ක්‍රීඩා කරමින් සිටින විට, හදිසියේ කෙනෙක් පැමිණෙන්නේ නම්, පියා
එතැනදීම, එවෙලේම ඔහුට දැනුම දීම ආරම්භ කරයි ඔබ අසීමිත පියාව දන්නවාද? පියා පැමිණ
ඇත්තේ පැරණි ලෝකය අලුත් කිරීමටයි. ඔහු රාජයෝගාව උගන්වයි. මෙය ඉගැන්විය යුත්තේ
භාරතයේ ජනතාවටයි. දිව්‍ය ලෝකය වූයේ භාරතය පමණයි එහි පැවතුණේ දේවතාවන්ගේ රාජධානියයි.
වර්තමානයේ එය අපායයි. අපාය, දෙව්ලොව බවට පරිවර්ථනය කළ හැක්කේ පියාට පමණයි. ඔබ මෙම
ප්‍රධාන කරුණු සිහියේ තබාගෙන, පැමිණෙන ඕනෑම කෙනෙකුට විස්තර කළ යුතුයි, එවිට ඔවුන්ද
ඉතා සතුටු වනු ඇත. සරලව ඔවුන්ට කියන්න පියා පැමිණ සිටියි. මෙය, ගීතාවේ සිහි කර ඇති,
එම මහා භාරත යුද්ධයමයි. ගීතාවේ දෙවියන් පැමිණ, ගීතාවේ දැනුම පැවසුවා. කුමක් සඳහාද?
මනුෂ්‍යයින්ව, දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට. පියා සරලව පවසන්නේ මෙපමණයි ඔබගේ පියා
වන මාව සහ ඔබගේ දායාදය සිහිපත් කරන්න. මෙය දුක් දේශයයි. මෙපමණක් හෝ ඔබගේ බුද්ධියේ
තබා ගන්නේ නම්, ඔබට මහත් සතුට ඇතිවෙයි. ජීවාත්ම වන අප, බාබා සමඟ ආපසු සාම දේශයට
පිටත් වීමටයි යන්නේ. එහි සිට, අප පළමුවෙන්ම අපගේ චරිත කොටස් රඟපෑම සඳහා පැමිණෙන්නේ
සතුටු දේශයටයි. කෙනෙක් කොලිජීයක ඉගෙන ගන්නා විට, ඔහු ඉගෙන ගන්නේ කුමක්ද සහ ඔහු
කවුරු වීමටද යන්නේ, කියා ඔහුට වැටහෙයි. ’මා නීතිඥයෙක් හෝ පොලිස් අධිකාරියෙක් වී,
මෙපමණ මුදලක් උපයා ගන්නෙමි‘. ඔහුගේ සතුටෙහි අංශක ඉහළ මට්ටමක රැඳී තිබෙයි. ඔය
දරුවන්ටද මෙම සතුට තිබිය යුතුයි අප අසීමිත පියාගෙන් මෙම දායාදය හිමි කරගන්නා අතර,
ඉන්පසුව අපගේම මාලිගා අප දිව්‍ය ලෝකයේ ගොඩනගා ගන්නෙමු. දවස පුරාම මෙම මතගෑම
බුද්ධියේ තිබෙන්නේ නම්, මහත් සතුටක් තිබෙයි. ඔබ තමන්ට මෙන්ම අන් අයටත් සෙතක් සලසා
ගනියි. මෙම දැනුමේ ධනය ඇති අයගේ වගකීම වන්නේ, එය දන් දීමය. ධනය තිබෙන නමුත් එය දන්
නොදෙන කෙනෙකුට, ලෝභයෙක් යැයි කියයි. ඔහුට ධනය තිබෙන මුත්, ඔහුට කිසිත් නොමැති සේය.
ධනය ඇති කෙනෙක් එය අනිවාර්යෙන්ම දන් දිය යුතුයි. යහපත්, මහාරතී දරුවන්, නිරන්තරයෙන්
පියාගේ හදවතේ අසුන්ගෙන සිටියි. ඇතැම් විට, ඔවුන්ට දිගටම පැවතිය නොහැකි වෙයි කියා,
ඇතමෙක් ගැන සැලකිල්ලක් ඇතිවෙයි එවන් අවස්ථාවන් තිබේ. ශාරීරික උඩඟුකම බොහෝ සේ තිබේ.
කුමන මොහොතක හෝ ඔවුන් බාබාගේ හස්තය අත්හැර, ඔවුන්ගේම නිවෙස් වල වාසය කිරීමට යනු ඇත.
සමහරුන්ට ඉතා හොඳින් මුරලිය හසුරුවා ගැනීමට හැකි වුවත්, ඔවුන් තුළ බොහෝ අහංකාරකම
ඇති බැවින්, බාබා ඔවුන්ට සුලු අනතුරු ඇඟවීමක් කළත්, ඔවුන්ට දිගටම සිටීමට නොහැකි
වෙයි. එසේ නැත්නම් මෙවැනි ගීතයක්ද තිබේ, ’ඔබ අපට තැලුවත්, ඔබ අපව ප්‍රතික‍්ෂේප
කළත්, අප ඔබ හැර නොයන්නෙමු‘. මෙහිදී, බාබා යමෙකුට නිවැරදි දෙයක් පැවසුවත්, එම කෙනා
කෝප වෙයි. එවන් දරුවන්ද සිටියි. සමහරුන් තුළ බොහෝ කෘතඥතාවය තිබෙන අතර, තවත් සමහරු
ඇතුලතින් දැවෙයි. මායා නිසා බොහෝ ශරීර අවධානය තිබේ. මුරලියට පවා සවන් නොදෙන සමහර
දරුවන් සිටින අතර, මුරලියට සවන් නොදී සිටිය නොහැකි ඇතැම් දරුවන්ද සිටිති. කෙනෙක්
මුරලිය ඉගෙනගන්නේ නැති විට, එය ඔහුගේ මුරණ්ඩුකම පෙන්නුම් කරන අතර, ඔහු විශ්වාස
කරන්නේ, ඔහුට බොහෝ දැනුම ඇති බවයි, නමුත් ඇත්ත වශයෙන්ම ඔහුට කිසිවක් නොමැත. හොඳ
සේවය සිදුවන ස්ථාන පිළිබඳ පුවත් හෝ ශංකරාචාර්ය ප්‍රදර්ශන නැරඹීමට ගිය පුවත හෝ සෑම
කෙනෙකුටම යැවිය යුතුයි, මන්ද එවිට හොඳ සේවය සිදුවූයේ කෙසේද කියා සෑම කෙනෙකුටම ඉගෙන
ගැනීමට හැකි වන නිසාය. සේවය සඳහා එවන් සිතිවිලි ඇති දරුවන්, සේවයට ලැදි දරුවන් සේ
බාබා සලකයි. ඔබ කිසිම විටෙක සේවය පිළිබඳව වෙහෙසට පත් නොවිය යුතුයි. මෙහිදී ඔබ බොහෝ
දෙනෙකුට සෙතක් සැලසිය යුතුයි. සෑම කෙනෙකුටම මෙම දැනුම ලැබිය යුතු අතර, දරුවන්
දියුණු විය යුතුය, යන සැලකිලිමත්භාවය බාබාට තිබේ. ප්‍රධානතම දෙය වන්නේ, ආධ්‍යාත්මික
සේවය බව, ඔහු දිනපතාම මුරලියෙන් අඛණ්ඩව විස්තර කරයි. ඔබ එයට සවන් දී, අන් අයට
විස්තර කළ යුතුයි. එම ලැදිකම තිබිය යුතුයි. බැජයක් ගෙන, දෙවොලකට ගොස් දිනපතාම
විස්තර කරන්න ලක‍්ෂ්මි සහ නාරායන් මෙය බවට පත් වූයේ කෙසේද? ඉන්පසුව ඔවුන් ගියේ
කොහාටද? ඔවුන්ගේ රාජධානියේ භාග්‍යය ඔවුන් හිමි කරගත්තේ කෙසේද? දෙවොලේ පියගැට පෙළේ
අසුන් ගන්න. පැමිණෙන ඕනෑම කෙනෙකුගෙන් විමසන්න ලක‍්ෂ්මි සහ නාරායන් යනු කවුරුන්ද,
එමෙන්ම ඔවුන් භාරතයේ පාලනය කළේ කවදාද? හනුමාන් ගොස්, පාවහන් අසල අසුන් ගත්තේය. එයත්
වැදගත් නේද? දයාවේ හැඟීම තිබේ. බාබා ඔබට සේවය සඳහා බොහෝ ක්‍රමවේද ලබා දුන්නද, ඒවා
ක්‍රියාත්මක කරන්නේ ඉතාමත්ම ටික දෙනෙක් පමණි. කිරීමට බොහෝ සේවය තිබේ. ඔබ අන්ධයින්ට
සැරයටි විය යුතුයි. සේවය නොකරන, එමෙන්ම පිරිසිඳු නොමැති බුද්ධීන් ඇති අයට, ධාරණය කර
ගැනීමට නොහැක. එසේ නැත්නම් සේවය ඉතාමත්ම පහසුයි. ඔබ දන් දෙන්නේ දැනුමේ මුතු
මැණික්ය. ධනවත් කෙනෙක් පැමිණි විට, ඔහුට කියන්න අපි ඔබට මෙම තිළිණය ලබා දෙන අතර,
ඔබට එහි අරුතද කියා දෙන්නම්. මෙම බැජයන් මත බාබා බොහෝ වටිනාකමක් තබයි. ඒවාට එතරම්
ගෞරවයක් වෙන කිසිවෙකු ලඟ නොමැත. ඒවා ඉතාමත්ම හොඳ දැනුමින් පිරී තිබෙන නමුත්, එය
කෙනෙකුගේ භාග්‍යයේ නොමැති නම්, බාබා කුමක් කරන්නද? පියා සහ ඉගෙනුම අතහැරීම, මහා සිය
දිවි නසා ගැනීමකි. ඔහුට අයත් වීමෙන් පසුව, ඔහුව දික්කසාද කිරීමට වඩා, විශාල පාපයක්
නොමැත. එම කෙනා තරම් අවාසනාවන්ත කෙනෙක් තවත් නැත. ඔය දරුවන් ශ්‍රීමත් අනුගමනය කළ
යුතුයි. ඔබ ලෝකයේ පාලකයන් වීමට යන බව ඔබගේ බුද්ධිය තුළ ඇත. මෙය සුලු දෙයක් නොවෙයි.
ඔබ සිහිපත් කිරීමේ සිටින විට, ඔබ සතුටින්ද රැඳී සිටිනු ඇත. ඔබ පියාව සිහි නොකරන විට
ඔබගේ පාපයන් පිළිස්සී නොයයි. ඔබව දරුකමට හදාගෙන තිබේ, එබැවින් ඔබගේ සතුටේ අංශක ඉහළ
නැඟිය යුතුයි. කෙසේවෙතත්, මායා බොහෝ බාධක සිදුකරයි. ඇය දුර්වල අයව වට්ටයි. පියාගෙන්
ශ්‍රීමත් නොගන්නා අය, කුමන තත්ත්වයක් හිමි කර ගනීවිද? උපදෙස් ටිකක් පමණක් ගන්නා
කෙනෙක් පහත් තත්ත්වයක් හිමි කර ගනීවි. ඉතා හොඳින් උපදෙස් ලබා ගන්නා කෙනෙක්, උසස්
තත්ත්වයක් හිමි කර ගනී. මෙම අසීමිත රාජධානිය ස්ථාපනය කෙරෙනවා. මෙහිදී වියදම් ආදිය
පිළිබඳ ප්‍රශ්නයක් නැත. කුමාරීන් පැමිණ ඉගෙන ගෙන, තව බොහෝ දෙනෙක් ඔවුන් හා සමාන බවට
පත්කරති. මෙහිදී ගාස්තු ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ මා ඔබට දිව්‍ය
ලෝකයේ ආධිපත්‍යය ලබා දෙමි. මම දිව්‍ය ලෝකය තුළට පැමිණෙන්නේ නැත. ශිව බාබා
පිරිනමන්නාය. ඔබ ඔහුට ලබා දෙන්නේ කුමන (මුදල්මය) තිළිණයක්ද? මේ කෙනා, එම කෙනාට සෑම
දෙයක්ම ලබා දුන්නා ඔහුව, තම උරුමකරුවා බවට පත් කළා. එහි ප්‍රතිලාභය වශයෙන් ඔහුට
ලැබෙන රාජධානිය දෙස බලන්න. පළමුවන නිදසුන ඔහුයි. පැන්සයකවත් වියදමක් නොමැතිව, ලොව
පුරා දිව්‍යලෝකය ස්ථාපනය වනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ
සෙනෙහසට බඳුන්වීම සඳහා, අන් අයට බොහෝ සතුට ලබා දෙන්න. ඔබගේ වදන් සහ හැසිරීම ඉතා
මිහිරි කර, සේවයට ලැදි කෙනෙක් වන්න. සේවය කරන අතර, නිරහංකාර වන්න.
2. පියා සහ මෙම
ඉගෙනුම අත්හැරීමෙන්, සිය දිවි නසාගන්නා මහා පාපතරයෙක් නොවන්න. ප්‍රධානතම දෙය වන්නේ
ආධ්‍යාත්මික සේවයයි. මෙම සේවයේ යෙදීමෙන් කිසිම විටෙක වෙහෙසට පත් නොවන්න. මෙම දැනුමේ
මිණි මුතු දන් දෙන්න. ලෝභයෙක් නොවන්න.
වරදානය:
ඔබගේ ආදිතම
දේශය සහ ඔබගේ ආදිතම ස්වරූපය නිරන්තරයෙන් අවධානයේ තබා ගැනීමෙන් ඔබ ආදරණීය සහ නොබැදී
මෙන්ම එපිට රැදී සිටිත්වා.
අශාරීරික ලෝකයේ සහ
ඔබගේ අශාරීරික ස්වරූපයේ අවධානය තිබීම, ඔබව නිරන්තරයෙන් ආදරණීය සහ නොබැදී කරවයි. ඔබ
අශාරීරික ලෝකයේ නිවැසියන් වන අතර සේවය වෙනුවෙන් මෙහි අවතරණය වී සිටියි. ඔබ මෙම
මරණීය දේශයට අයත් නැත, ඔබ අවතරණ පමණයි. ඔබ මෙම සුළු කාරණාව පමණක් මතකයේ තබාගන්නේ
නම්, ඔබට එපිට යාමට හැකි වෙයි. තමන් අවතරණ නොව, ගෘහවාසීන් බව සලකන අයගේ වාහන මඩේ
සිරවෙයි. ගෘහවාසියෙක් යනු, බරක් උසුලා සිටීමේ ස්ථිතිය තිබීමයි, නමුත් අවතරණයක්
සම්පූර්ණයෙන් සැහැල්ලුයි. තමන් අවතරණයක් බව සැලකීමෙන්, ඔබගේ ආදිතම දේශය සහ ආදිතම
ස්වරූපය ඔබට සිහි වී, ඔබ එපිටට යයි.
පාඨය:
බ්‍රහ්මින්
කෙනෙක් යනු සෑම කාර්යයක්ම පිරිසිදුව සහ නිවැරදිව කරන කෙනෙකි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
නිහතමානී අයට, නව
ලෝකය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකි වෙයි. සුබ පැතුම් සහ පිවිතුරු හැගීම්
වල බීජය වන්නේ තමන් උපකරණයක් බව සලකා නිහතමානීව රැදී සිටීමයි. සීමිත ගෞරවයක්
බලාපොරොත්තු වනවා වෙනුවට නිහතමානී වන්න. දැන් ආචාරශීලී බවේ සහ අවංකකමේ නව සංස්කාර
ඔබගේ ජීවිතයට ධාරණය කරගන්න. සිය කැමැත්තට විරුද්ධව කෝපය හෝ නොරිස්සුම මතු වන්නේ
නම්, ඔබගේ හදවතින් “මගේ බාබා” කියන්න, එවිට ඔබට අතිරික්ත උපකාර ලැබෙයි.