08.03.25    Avyakt Bapdada      Sinhala Murli     18.01.2009    Om Shanti    Madhuban


වසර 40ක අව්‍යක්ත පෝෂණයේ ප්‍රතිඋපකාරය ලබා දීම සදහා කරුණු සතරක් ඉටු කරන්න:


අන් අය වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කෙනෙක් වන්න, තමන් වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කෙනෙක් වන්න, ඔබගේ පිවිතුරු ආකල්පයෙන් පිවිතුරු වාතාවරණයක් නිර්මාණය කරන කෙනෙක් වන්න, එමෙන්ම බිංදුව සහ වීරයාගේ අවධානයේ සිටින කෙනෙක් වන්න.

අද බාප්දාදා ඔහුගේ සියලු ම සේවය කළ හැකි සහකාර දරුවන්, ආරම්භයේදි සේවයේ සහකරුවන් වූ අය සහ එයට අමතරව වෙනත් සේවාවන්හිද සහකරුවන් වූ අයව මුණ ගැසීමට පැමිණියා, ඔබ ඉතා හොදින් සේවය ව්‍යාප්ත කරනවා. ඉතිං ඔහුගේ සහකරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වන අතර ඔහුගේ හදවතේ මෙම ගීතය ගායනා කරනවා: අපූරුයි, ලෝක පරිවර්ථක සේවයේ මගේ සහකාර දරුවන්! අපූරුයි!

අද අම්රිත් වේලාවේ සිට සියලු ම දරුවන් සෙනෙහසේ මල් දම් වලින් බාප්දාදාට මල් මාලා පැලදවූවා. මල් මාලා වර්ග තුනක් තිබුණා. එක මාලාවක් වුනේ පියාට සමාන වීමට උනන්දුව සහ උද්යෝගයේ මාලාවයි. දෙවන මාලාව, පියාගෙන් වෙන් වී, බන්දන වල සිටින ගෝපිකාවන්ගේ මාලාවයි; ඔවුන්ගේ මාලා තිබුණු අතර ඒවා උපරිම ලෙස මිල කළ නොහැකි, දිලිසෙන කදුළු මාලාය. සෑම කදුළු බිංදුවක්ම මුතු ඇටයක් මෙන් දිලිසෙමින් තිබුණා. තුන්වන මාලාව වුනේ සමහර දරුවන්ගේ පැමිණිලි මාලාවයි.

අද අමිරිත් වේලාවේ සිට, සියලු ම දරුවන් තුල විශේෂයෙන් සෙනෙහස මුසු වී තිබුණා. බාප්දාදාගේ බහුරූපී-ස්වරූපයේ ප්‍රතිමාව තුලින් එය හරියට බාබා ඔහුගේ දිගු කළ දෑතින් සියලු ම දරුවන්ව වැලද ගත්තා සේය. අද, ඇත්ත වශයෙන්, සෙනෙහසට අමතරව සියලු බල පැවරීමේ දිනයද විය. බාබා ඔහුගේ හස්තය එක දියණියකගේ අත මත තබා සියලු බල ඇයට පැවරුවා. බාබා සියලු ම දරුවන්ව, ශක්ති සේනාව සහ පාන්ඩවයන්ව දකිනවා. ඇතැම් දරුවන් - පාන්ඩවයන් සහ ශක්තීන් - අද්‍රෘෂ්‍යමාන අන්දමකින් අභ්‍යන්තර ගතවීම තුලින් සීග්‍ර වේගයකින් ඔවුන්ගේ උත්සාහය අතින් ඉදිරියට ගමන් කරන බව බාප්දාදා දුටුවා. මතුපිටින් එය නොපෙනෙන නමුත් ඔවුන් හොද උත්සාහ දරන්නන්ය. අද දවසේ ස්වරූපයේ, විශේෂයෙන් සෙනෙහස යන විෂයෙන් සියලු දෙනාගේ මුහුණු බැබලෙන බව බාප්දාදා දුටුවා. ඔබ ග්‍යානී දරුවන්, නමුත් සෙනෙහස යන විෂයත් අවශ්‍යයි, මන්ද, සෙනෙහස ඇති අයට අඩු වෙහෙසක් දරා වැඩ කිරීමට හැකි අතර ඔවුන් සෙනෙහස් අත්දැකීම තුල පහසුවෙන් රැදී සිටියි. ගැටළුව, කන්දක් තරම් විශාල වුවද, සෙනෙහසේ බලයෙන් ඔබට කන්ද පුළුන් බවට පරිවර්ථනය කළ හැක. ඔබට කන්ද, ජලය තරම් සැහැල්ලු කිරීමට හැකිය. සෙනෙහස යනු ආරක්ෂාවේ වියනකි, එමෙන්ම එම ආරක්ෂක වියන නිසා ඔබ නිරන්තරයෙන් ආරක්ෂිතව රැදී සිටියි. එය පහසු වෙයි. ඔබගේ සෙනෙහසින් ඔබ පරමාත්ම ජීවය හෝ පරමාත්ම දෙවියන්ව ඔබගේ මිතුරා බවට පත් කරගන්නා අතර මෙහි සිහිවටනය වන්නේ කුඩා-දෝස්ත්ය (මිතුරා වන දෙවියන්). පරමාත්ම දෙවියන්ව ඔබගේ මිත්‍රයා කර ගැනීමෙන්, මිත්‍රයා යන සබදතාවය නිසා, ඔබට ඔනෑම ගැටළුවක් පහසු කරගැනීමට හැක. සෙනෙහස, පරම පියාව ඔබගේ සහකරු කිරීමට ඔබට මගපාදා දෙයි. මෙම දැනුම බීජය වන අතර, සෙනෙහසේ ජලය, බීජයෙන් ඵල ලබා දෙයි; ලැබීම් වල ඵලය. එවන් පියෙකුගේ ආදරණීය දරුවන්, පියාව සිහි කිරීම උත්සාහයක් බව සලකන්නේ නැත, නමුත් ඔවුන් සලකන්නේ, ඔහුව අමතක කිරීම අපහසු බවයි. සෙනෙහස පාන කෙනෙකුට එම සෙනෙහස අමතක කළ නොහැක. ඔබගේ හදවතින් සහ සෙනෙහසින් ඔබ ‘මගේ බාබා” කියන විට, ඔබට සියලු ම සම්පත් වලට යතුර ලැබෙයි. ඉතිං, බාප් සහ දාදා යන දෙදෙනාම කෙතරම් ආදරණීයද කියතොත්, තම ස්වාමී ලෙස ඔවුන්ට සෙනෙහස දක්වන අය ඉදිරියේ ඔවුන් පෙනී සිටියි. සියලු දෙනාම ඔවුන්ව සිහි කරන නමුත් සමහරු උත්සාහ දරා ඔවුන්ව සිහි කරන අතර අන් අය සෙනෙහස් සාගරය තුල නිරන්තරයෙන් ගිලී සිටියි. ලෝකයේ මිනිසුන් පවසන්නේ සෑම ජීවාත්මයක්ම, පරමාත්ම ජීවය තුලට මුසු වන බවයි, නමුත් සැබවින්ම සිදු වන්නේ ජීවාත්මය, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස තුල මුසු වී සිටීමය; ජීවාත්මය මුසු නොවන නමුත් එය සෙනෙහස තුල මුසු වී සිටියි.

ඉතිං අද සෙනෙහසේ ගිලී සිටීමේ දිනයයි. උත්සාහය අවසන් වී, එය සෙනෙහස් ස්වරූපය බවට වෙනස් වෙයි. ඉතිං සියලු ම දරුවන්ගේ ප්‍රතිඵලය බාප්දාදා දුටුවා. ඔබගෙන් බහුතරයක් ඔබගේ ගෙදරවැඩ කර තිබෙනවා. පරම පියාට සමාන වීමේ අරමුණ ඔබ නැවත නැවතත් පුණරාවර්ජනය කර අවබෝධ කරගෙන තිබෙනවා. දරුවන්ගෙන් 75%කගේ ප්‍රතිඵලය හොදයි, නමුත් ඔබ පියාට සමාන විය යුතුයි. ඔබ ඉදිරියට කුමන අන්දමේ කුණාටු පැමිණියත්, මන්ද එය කොහොමත් කලි යුගය සමාප්ත කිරීමේ කාලයයි, එබැවින් සැබවින්ම කුණාටු පැමිණෙයි, මන්ද එය පරිවර්ථන කාලය නිසා. කෙසේවෙතත් ඔය දරුවන්ට කුණාටු මොනවද? කුණාටු (ටූෆාන්) කුණාටු නොවෙයි, නමුත් ඒවා තෑගි (ටෝෆා)ය, මන්ද, බාප්දාදාගේ ආශිර්වාදයේ හස්තය, උත්සාහ දරන සියලු ම දරුවන්ගේ හිස මත තිබේ. අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති අය, එනම් අධිෂ්ඨානයේ යතුර භාවිතා කර ඇති අය ඔවුන්ගේ වත්මන් ප්‍රතිඵල වලට අනුව සාර්ථකත්වය ලබාගෙන තිබේ. කෙසේවෙතත්, දැන් සෑම කලටම, කුණාටු, තෑගි බවට පත් කර, ගැටළු, විසදුම් බවට පත් කර, නොකඩවා ඉදිරියට ගමන් කරන්න. වත්මන් ප්‍රතිඵල සමග බාප්දාදා සතුටු වනවා. ඔබ සිදුකළ යෝග තපස්යාවේ ඔබ ස්ථිර අරමුණක් තබාගෙන තිබේ: මා මෙය බවට පත් විය යුතුමයි.

වසර 40 ක අව්‍යක්ත පෝෂණය දැන් අවසන් වී ඇත. එසේ නම්, ‘40’ ස් වන වසරේ ප්‍රථමයෙන් එන්නේ කුමක්ද? එය තිත - බිංදුව. (zero) ඉතිං බිංදුව ඔබට මතක් කර දෙන්නේ ඔබ වීරයෙක් (hero) බවයි, (සැබෑ දියමන්තියක්) එමෙන්ම ශ්‍රේෂ්ඨ වීරයෙක් බවයි, එමෙන්ම ඔබ වීර නළුවෙක් වී, සෑම කාර්යයක්ම වීරයෙක් ලෙස රග පෑ යුතු බවයි. එබැවින් සෑම විටම බිංදුව සහ වීරයා සිහියේ තබා ගන්න. ඉන්පසුව ‘4’ වෙනුවෙන් ඔබ ස්වාභාවික අන්දමකින් ඔබගේ ජීවිතයට කාරණා සතරක් එකතු කළ යුතුයි. ඔබ එය අධිෂ්ඨානයෙන් කළ යුතුයි. ඔබ එය කරනවාද? ඔබ සූදානම්ද? ඔබ ඉදිරියට කුමන ප්‍රශ්න පත්‍රයක් පැමිණියත්, ඔබ මේ කාරණා සතර ඔබගේ ජීවිතයට එකතු කළ යුතුයි. ඔබට විශ්වාසද? විශ්වාසයිද? විශ්වාසයි? පිටුපස අසුන්ගෙන සිටින අය, ඔබට විශ්වාසයිද? මායා දුර්වල අයව ගිල දමයි, මේ නිසයි ඔබ ශක්තිමත්ව සිටිය යුත්තේ. එක දෙයක්: නිරන්තරයෙන් අන් අය වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කරගන්න (ශුභ චින්තක්). ඔබ කාගේ හෝ දුර්වලතාවයක් දකින විට හෝ ඒ ගැන ඇසෙන විට, දයාවන්ත වන්න, ඔවුන් කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කර ඔවුන්ට අනිවාර්යෙන්ම ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඔබ ඔවුන්ගේ දුර්වලතා දෙස නොබැලිය යුතු අතර ඔබ අනිවාර්යෙන් ඔවුන්ට ඔබගේ සහයෝගය ලබා දිය යුතුයි. මෙය හැදින්වෙන්නේ අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි තිබීම ලෙසයි. ඔබ මෙයින් ශක්තිමත්ව සිටිනවා නේද? ආධාර පිරිනමන්නානෙනි, දයාවෙන් පිරිපුන් වී, ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඔවුන්ගෙන් ඉවතට පියවර තබන්න හෝ ඔවුන් කෙරෙහි අකමැත්තක් ඇති කර නොගන්න, ඒ වෙනුවට ඔවුන්ට සමාව දෙන්න. බාහිර බලපෑමක් යටතේ සිටින කිසිවෙක් කෙරෙහි, කෙනෙක් තුල කිසි විටෙක අකමැත්තක් නොතිබෙයි; ඒ වෙනුවට කෙනෙක් ඔහුට ආධාර කරයි. එබැවින් අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කරගන්න. දෙවැන්න, තමන් වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි තිබීමයි (ශුභ චින්තන්). මෙකල, බාප්දාදා දකින්නේ දරුවන්ගෙන් බහුතරයක් තුල ඇතැම් විට බොහෝ නිෂ්ඵල සිතිවිලි ඇති වන බවයි. මේවා ඇති කිරීමෙන්, ඔබ රැස් කරගෙන ඇති බල අපතේ යයි. එබැවින් තමන් වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කිරීමේ සහ තමන්ට එක් හෝ තව ස්ව-අභිමන් නම්බු නාමයක් ලබා දීමේ ගෙදර වැඩය, ඔබගේ මනසට ලබා දෙන්න. ඔබගේ මනසට කාල-සටහනක් සාදාගන්න. ඔබ ක්‍රියා වෙනුවෙන් කොහොමත් කාල සටහනක් සාදයි, නමුත් දැන් ඔබගේ මනසට කාල-සටහනක් නිර්මාණය කරගන්න. අම්රිත් වේලාවේ බාප්දාදා සමග හමුවක් සැමරීමෙන් පසුව, ඔබගේ මනසට ස්ව-අභිමානයේ කරුණක් ලබා දෙන්න. කෙසේවෙතත්, බාප්දාදා ඔබට පෙර පැවසූ ආකාරයට, ඔය සෑම කෙනෙකුටම අනිවාර්යෙන් දිනකට 12 හෝ 13 වරක්, යම් කිසි කාලයක් තිබේ, එමෙන්ම එම කාලයේදී අවබෝධය ඇති කරගන්න, තවද එය පුණරාවර්ජනය කරන්න. ඔබගේ මනස කාර්යබහුලව තබා ගැනීමෙන්, ඔබගේ මනස නිෂ්ඵල සිතිවිලි වලට වැය නොවෙයි. ඔබට උත්සාහ දැරීමට සිදු නොවෙයි. සංගම යුගය සතුටේ යුගයක් වන අතර ඔබ සෑම මොහොතකම එම සතුටේ රැදී සිටිවි. දෙවැනි කරුණ වන්නේ තමන් වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි පවත්වා ගැනීමයි. පරීක්ෂා කර බලා පරිවර්ථනය කරගන්න. තුන්වැන්න පිවිතුරු ආකල්පයක්. අපවිත්‍ර ආකල්පයක් තිබීමෙන් ඔබ වාතාවරණයට අපවිත්‍රබව පතුරයි; එබැවින් පිවිතුරු ආකල්පයක් පවත්වා ගන්න. සතර වැන්න වන්නේ ඔය සෑම කෙනෙක්ම මෙම වගකීම ගත යුතුයි: “මගේ යුතුකම වන්නේ විශේෂයෙන් පිවිතුරු වාතාවරණයක් නිර්මාණය කිරීම සහ අන් අය දෙස නොබැලීමයි.” වාතාවරණයේ දුගදක් ඇති විට ඔබ කරන්නේ කුමක්ද? ඔබ සුවදවත් දියරයක් ඉසිනවා නේද? ඔබට දුගද ඉවසාගත නොහැකි නිසා ඔබ එක් හෝ වෙනත් සුවද දියරයක් භාවිතා කරයි. ඒ අන්දමින්ම ඔබ අනිවාර්යෙන් සාමාන්‍ය හෝ අපවිත්‍ර වාතාවරණයක් වෙනස් කළ යුතුයි. ඔබ තරුණ වුනත් අළුත් වුනත්, මෙය සෑම කෙනෙකුගේම වගකීමයි. ඔබට මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල තිබිය යුතුයි: මා අනිවාර්යෙන් පිවිතුරු වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි. මෙම පොරොන්දුව හෙලිදරව්ව ගෙන එයි. ඔබ පොරොන්දුවක් සිදු කරන අතර බාප්දාදා සතුටු වෙයි, නමුත් ඇතැම් විට, එම පොරොන්දුව තුල එම අධිෂ්ඨානය නොමැති නිසා ඔබට අවශ්‍ය සාර්ථකත්වය අවශ්‍ය ප්‍රමාණයට ඇති නොවෙයි. ඔය සෑම කෙනෙක්ම මුළු ලෝකය තුලම එවන් වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි, පදාර්ථ මෙන්ම ජීවාත්මයන්ටත් සහ ජීවාත්ම තුලත් - බ්‍රහ්මින් ජීවාත්මත් මෙයට ඇතුලත්ය - සෑම ජීවාත්මයක්ම එම අධිෂ්ඨානයෙන් ඔබගේ සේවා ස්ථානයේ එවන් වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි. ඔබට යම් දෙයක් අත්හරින්නට සිදු වන්නේ නම් එසේ කරන්න. මෙසේ නොවෙයි: “මා යමක් අත් හරින්නේ අන් අය යම් දෙයක් අත්හරින්නේ නම් පමණයි’; නැහැ. ‘ක්‍රමවේදය හොද නම් එවිට’ - කොන්දේසි නොතිබිය යුතුයි. ‘මා අනිවාර්යෙන් මෙය කළ යුතුයි’. ලෝක පරිවර්ථකයෙක් වීම ඔබගේ ස්ව-අභිමානය නේද? ඔබ සියලු දෙනාම ලෝක පරිවර්ථකයන් නේද? අත් ඔසවන්න! හොදයි. ලෝක පරිවර්ථකයන්. ඉතා හොදයි. ඉතිං පලමුවෙන්ම බාප්දාදාට දැකීමට අවශ්‍ය වන්නේ - එය තිබෙන අතර එය සිදුවෙයි - නමුත් මේ වසරේ බාප්දාදා කුඩා සහ විශාල මධ්‍යස්ථාන වටා සංචාරය කරන්නේ නම්, වාතාවරණය කුමක් වගේ තිබෙයිද? අද සෙනෙහසේ සහ බලයේ දිනය වන සේම, ගම් වල වගේම විශාල නගර වල ඇති මධ්‍යස්ථාන වල වාතාවරණය ජීවමාන දේවාල මෙන් විය යුතුයි. ‘ඍණාත්මක දේ ධනාත්මක බවට පත් කිරීමේදි, මා මින් ප්‍රථමයා විය යුතුයි’. මෙසේ නොකියන්න, ‘පලමුව ඔබ’; නැහැ. ‘මා මින් ප්‍රථමයා විය යුතුයි.’ මන්ද, බාප්දාදා, පෙර ගමන් ගිය අය මෙන්ම සොබාදහමත් යන සියල්ල මග බලා සිටිනවා. සියලු ම පිලියෙල කිරීම් සකස් කරන අය ඔබලාය; ඔබ බලා සිටිය යුතු නැහැ, නමුත් ඔබ සියල්ල සූදානම් කළ යුතුයි.

අද දින, සෑම තැනකම බිය තිබේ. සියලු දෙනාගේ හදවත් තුල, ලෝකයේ බහුතරයකට එක් සිතිවිල්ලක් තිබේ: ‘හෙට දිනයේ කුමක් සිදුවෙයිද?’ හෙට සිදු වීමට යන්නේ කුමක්ද කියා ඔබ දන්නවා. එසේ නම් මෙම සිතිවිල්ල ඇති කරන්නේ කවුද?: ‘පරිවර්ථනය ගෙන ඒමට ප්‍රථම උපකරණය මා වෙන්නම්.’ මෙයට ඔබගේ අත් ඔසවන්න. ඔබට එය කිරීමට සිදුවෙයි. ඔබට වෙනස් වීමට සිදුවෙයි. ඔබ ආරක්ෂකයෙක් විය යුතුයි. ඔබට යමක් අතහැර සෙනෙහස ගැනීමට සිදුවෙයි. ඔබ එසවූයේ ඔබගේ මනසේ අතද, නැත්නම් භෞතික අත පමණයිද? තම මනසේ අත එසවූයේ කවුද? ඔබගේ මනස වෙනස් වන විට ලෝකය වෙනස් වෙයි. ඉතිං කුමක්ද මේ වසරේ පාඨය වන්නේ? ‘ප්‍රශ්නයක් නැහැ’. ජයග්‍රහණයේ දජය ඔබගේ හදවත තුල එසවෙන අතර ඔබ සියලු දෙනාම ඔබගේ මනසේ සතුටේ නර්ථනයක් පවත්වයි. මනසේ නර්ථනය යනු සතුටය. ඉතිං ඔබ සෑම මොහොතකම මෙම මනසේ නර්ථනය සිදු කරයි. ඔබ දානපතිගේ දරුවන්ය, එබැවින් ඔබ වෙතට කවුරු පැමිණියත්, ඔබ අනිවාර්යෙන්ම එක් හෝ වෙනත් ගුණධර්මයක තෑග්ග ඔවුන් සියලු දෙනාටම ලබා දිය යුතුයි. එවිට එක තත්පරයකදි එම අධිෂ්ඨානගත සිතිවිල්ල, දානපති පිලිබද සිතිවිල්ල, විදුලි සෝපානයක් වී, තත්පරයක් ඇතුලත ඔවුන්ට අවශ්‍ය ඔනෑම තැනකට ඔවුන් ලගා වෙයි -පරම දනව්ව, සූක්ෂ්ම දේශය, භෞතික මධුබන් හෝ භෞතික ලෝකය - කිසිදු උත්දසාහයක් දැරීමට සිදු නොවී. ඔබ ඉදිරියට කවුරු පැමිණියත්, ඔවුන්ව හිස් අතින් ආපසු නොයවන්න. ඔබගේ වදන් වල, ඔබගේ මුහුණ මත හෝ ඔබගේ හැසිරීමේ ගුණධර්ම වල තිලිණයක් නොමැතිව ඔවුන්ව හමු නොවන්න.

ඉතිං මේ වසරේ සෑම මසකම ප්‍රතිඵලය ඔබ ලග තබාගෙන ඔබගේ ගුරුවරයාගේ මාර්ගයෙන් හොදින් සිටින බවට කාඩ් පතක් යග්යාවට යවන්න. දිග ලිපියක් නොයවන්න, නමුත් හොදින් සිටින බව පමණක් කියා කාඩ්පතක් යවන්න. විශාල කාඩ්පතක් නොයවන්න; එම ලෞකික කාඩ්පත් නොයවන්න. ඔබගේ ගුරුවරයාගෙන් ඔබට ලැබෙන ආශිර්වාද කාඩ්පත යවන්න. ගුණධර්ම සහ බලයන්ගේ තෑගි කොපමණක් ඔබට තිබෙනවාද? ඔබ ලැයිස්තුවක් සාදන්නේ නම්, එය දිග ලැයිස්තුවක් වෙයි, එමෙන්ම ඔබ වැඩියෙන් දෙන තරමට එය අඩු වන්නේද නැත, ඒ වෙනුවට ඒවා අඛණ්ඩව වැඩිවෙයි. ඔවුන් මැජික් මන්ත්‍රය ගැන කියයි, එබැවින් මෙම ශිව මන්ත්‍රය වන්නේ, ඔබ ලග තිබෙන්නේ කුමන ගුණධර්මද, ඒවා ඔබට අඩු වන්නේ නැහැ, නමුත් ඒ වෙනුවට ඒවා වැඩි වෙයි, මන්ද මෙවන් කියමනක් තිබෙනවා: ‘ඔබ පරිත්‍යාගයක් කරන විට, නරක අපල වල දශා වලින් ඔබ නිදහස් වනවා’. අච්චා.

ප්‍රථම වතාවට මෙහි පැමිණි අය නැගිටින්න! එය හොදයි. (මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර තුමා සමූහය තුල අසුන් ගෙන සිටියා). මෙම සමූහය තුලට ඔබ පැමිණීම හොදයි. පැමිණ ඇති ඔබ සියලු දෙනාට බාප්දාදා මෙම ආශිර්වාදය ලබා දෙනවා: අනිවාර්යෙන් දිනපතාම පරම පියාට ‘ශුභ උදෑසනක්’ සහ ශුභ රාත්‍රියක්’ කියන්න, මන්ද, ඔබගේ දෑස් විවෘත කල සැනින් ඔබ පලමුවෙන්ම පියාව දකින්නේ නම්, එවිට ඔබගේ මුළු දවසම යහපත් වෙයි. ප්‍රථම වතාවට මෙහි පැමිණ ඇති දරුවන්ට කෝටි ගුණයක සෙනෙහස, ස්මරණය සහ ශුබ පැතුම්. අච්චා.

දැන් බාබා ඔබට පැවසූ කාරණා සතර ගැන, එමෙන්ම පස්වන කරුණ වුනේ, බිංදුවක් සහ වීරයෙක් වීමය. සුරදූතයන් වීමට යන අය , මෙම දේවල් ආවර්ජනය කර, මුසු වී සිටීමේ ස්ථිතියේ රැදී සිටින බ්‍රහ්මින් ජීවාත්මයන්ට, දේවතාවන් බවට පත්වීම, ඔබගේ උපත් අයිතියකි; ඔබ දේවතාවන් වීමට යන සුරදූතයන්. එබැවින් නිරන්තරයෙන් සෙනෙහසේ ගිලී සිටින්න, සෙනෙහසේ මුසු වී සිට, ඔබගේ මනසේ, බුද්ධියේ සහ අවධානය තුල නිරන්තරයෙන් අධිෂ්ඨානයේ සිතිවිලි වල යතුර තබා ගන්න, මන්ද, මායා මෙම යතුර පසුපස බොහෝ සේ හඹා යනවා. ඔබගේ මනසින් සහ බුද්ධියෙන් නිරතුරුව බලවත්ව රැදී සිටින, සෑම තැනකම සිටින ඔය සියලු ම දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

දාදීන්ට: (දාදි ජන්කිට): ඔබ සංචාරයක ගොස් ආපසු පැමිණියා. බොහොම හොදයි. ඔබ කරන දේ ඉතා හොදයි. දජයක් අත දරාගෙන ජගදම්බා මැද සහ සියලු ශක්තීන් ඇය පසුපස සිටගෙන සිටින පිංතූරය බාබාට සිහි විය. බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ එම පිංතූරය ලෝකයට පෙන්වීමටයි. සියලු ම බ්‍රහ්මනයන්ගෙන් උපකරණ වන එවන් ශක්ති සේනාවක් සූදානම් කර, සංචාරය කරන අතර වාතාවරණය බලවත් කරන්න. ඔවුන්ට මෙම අධිෂ්ඨානගත සිතිවිල්ලත් තිබිය යුතුයි: ‘අනිවාර්යෙන් මෙම වාතාවරණය පරිවර්ථනය කිරීමෙන් අප මෙය ප්‍රායෝගිකව පෙන්වන බවට අධිෂ්ඨානගත සිතිවිල්ල අපට තිබෙනවා’. ඔවුන් මෙම දජය එසවිය යුතුයි. අවට සංචාරය කර, ඔවුන්ගේ ස්ථිතියෙන්, වචන වලින් සහ ඇසුරින් වාතාවරණය නිවැරදි කරන එවන් කණ්ඩායමක් මතු විය යුතුයි. එවන් කණ්ඩායමක් නිර්මාණය කර මෙය ප්‍රායෝගිකව පෙන්වන්න. බාප්දාදා මෙම පිංතූරය සිහි කළ අතර එබැවින් එය ප්‍රායෝගිකව සිදු කරන්න. ඔබට කාලය නොමැති බව නොකියන්න. ඔබට කාලය නොමැති බව, ඔබගෙන් කිසිවෙකුට පැවසිය නොහැක. ඔබ තුල සුබ පැතුම් ඇත්නම් ඔබ කාලය සොයා ගනිවි. එවන් කණ්ඩායමක් සූදානම් කර බාප්දාදා වෙතට එය රැගෙන එන්න.

තරුණ කණ්ඩායම: මේ වසරේ බ්‍රහ්මින් ආචාර ධර්ම සියල්ලක්ම ඔබ සියලු දෙනාම ඔබගේ මනසින්, වදන් වලින්, ක්‍රියාවෙන් සහ සම්බන්දතා තුලින් ඔබ සම්පූර්ණයෙන් රැකිය යුතුයි. ඔබ එවන් කණ්ඩායමක් සූදානම් කළ යුතුයි. මේ වසරේ එකදු විනයක්වත් නොබිදිය යුතුයි. එවන් කණ්ඩායමක් ඔබලා අතරින් නිර්මාණය කරන්න. මුලපුරන අය අර්ජුනාය. ඔබ මෙයට කැමතිද? මෙය කරන්නේ කවුද? ඔබ එය කරනවාද? අත් ඔසවන්න! ඔබ එය කරනවාද? තරුණයින් සියලු දෙනාම එය කරනවාද? ඔබලා කී දෙනෙක් සිටිනවාද? (400) ඔබගේ කණ්ඩායම තුල මෙය ස්ථිර කරගන්න, ඉන්පසුව උසස්ම ආචාර ධර්ම අනුගමනය කරන අය ඔබ සියලු දෙනා බව, අපි රජයට පෙන්වමු. රජයටත් අවශ්‍ය වන්නේ මෙයයි, නමුත් එයට එසේ කළ නොහැක. ඔබට ප්‍රායෝගිකව එය සිදු කර පෙන්විය හැක. ආදර්ශයක් වීමෙන් එය පෙන්වන්න. ඔබට ඔබගේ ගෙදරවැඩ ලැබී තිබෙනවා නේද?

මේ වසරේ බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම තැනකම සිටින බ්‍රහ්මින් ජීවාත්ම විශ්මයන් සිදු කළ යුතු බවයි. නිෂ්ඵල සිතිවිලි වල කලබල, කිසි තැනක නොතිබිය යුතුයි. නිෂ්ඵල සිතිවිලි වලට පැමිණීමට ඉඩ දීමට ඔබට කාලය නොමැති වන සේ බොහෝ පිවිතුරු සිතිවිලි එක්රැස් කරගන්න. ඔබ මෙතරම් පිවිතුරු සිතිවිලි සම්පත් රැස් කරගෙන තිබෙනවාද? තිබෙනවාද? අත් ඔසවන්න! ශක්තීන්ද සිටිනවා. එය හොදයි. ශක්තීන් නිදසුන් විය යුතු අතර පාන්ඩවයන්ද නිදසුන් විය යුතුයි. අච්චා. බාප්දාදාට සතුටුයි.

වරදානය:
ඔබ සිතිවිලි වල සියලු ම සූක්ෂම බන්දන වලින් නිදහස් වීමේන්, බන්දන වලින් නිදහස් වී, උසස් මනෝ ස්ථිතියක් අත් විදිත්වා.

ඔය දරුවන් බන්දන වලින් නිදහස් වන තරමට ඒ අනුව ඔබට උසස් ස්ථිතියක ස්ථාවරව රැදී සිටිය හැක. එබැවින් පරීක්ෂා කර බලන්න: සූක්ෂ්ම අන්දමකින් වත් තවමත් මගේ සිතිවිලි, වචන හෝ සිතිවිලි වලට බැදී ඇති කිසියම් රැහැනක් තිබෙනවාද? ඒකායන පියා හැර කිසිවෙක් සිහි නොකරන්න. ඔබ තමන්ගේම සිරුර පවා සිහි කරන්නේ නම්, එවිට ඔබගේ ශරීරය සමගම ඔබගේ සිරුරේ නෑදෑයින්, ඔබගේ භෞතික දේපළ සහ ලෝකය යන සියල්ල එකිනෙක පසුපස පැමිණෙයි. ‘මා බන්දන වලින් නිදහස්ය’ මෙම වරදානය ඔබගේ අවධානයේ තබා ගෙන මුළු ලෝකයම මායාගේ උගුලෙන් නිදහස් කරන්න.

පාඨය:
ජීව අවධාන ස්ථිතියකින් ඔවුන්ගේ සිරුරු වල සහ මනසේ සියලු කරදර අවසන් කරන අයට, නොසැලී සිටිය හැක.

අව්‍යක්ත සංඥාව: ඔබගේ විශ්වාසයේ අත්තිවාරම ශක්තිමත් කර නිරන්තරයෙන් නොබියව සහ සැහැල්ලුවෙන් රැදී සිටින්න.

පැමිණීම, ගැටළුවක වගකීම වන අතර බුද්ධියේ විශ්වාසය ඇති ජීවාත්මයකගේ වගකීම වන්නේ විසදුම් වල ප්‍රතිමූර්තියක් වී, ගැටළු පරිවර්ථනය කිරීමයි. ඇයි? ඔය සෑම බ්‍රහ්මින් ජීවාත්මයක්ම උපත ලද සැනින්, ඔබ මායා පරාජය කරන බව මායාට අභියෝග කළා. ගැටළුවක ස්වරූපය, මායාගේ ස්වරූපයකි. ඔබ ඇයට අභියෝග කර ඇති බැවින් මායා අනිවාර්යෙන් ඔබට විරුද්ධ වෙයි. කෙසේවෙතත් ඔබගේ ජයග්‍රාහී ස්වරූපයෙන් සහ ඔබගේ බුද්ධියේ විශ්වාසයෙන්, සෑම දෙයක්ම ‘අළුත් දෙයක් නොවෙයි’ කියා සලකා, සිදුවීම් අභිබවා යන්න, එවිට ඔබ සැහැල්ලු අධිරාජයෙක් ලෙස රැදී සිටිවි.