08.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ජීවාත්ම සත්ථාවක්ම බවට පත් වෙමින් පරම පියාව සිහි කර යෝගා බලය වර්ධනය කර ගන්න. යෝගා බලයෙන්, ඔබට මුළු ලොව රාජධානියට හිමිකම් කිව හැකියි.

ප්‍රශ්නය:
ඔබ දරුවන්ගේ සිතිවිලි හෝ සිහින වල නොතිබුණු, නමුත් දැන් ප්‍රායෝගික වී ඇති දේ කුමක්ද?

පිළිතුර:
ඔබ කෙසේවත් සිතුවේ හෝ සිහිනෙන් දුටුවේ නැහැ දෙවි පියා හා රාජයෝගා ඉගෙන ලොවම හිමි කරුවන් ලෙස රාජධානියක් හිමි කර ගැනීමට. සර්ව බලධාරීගෙන් බලය ලබමින් ස්වර්ණමය යුග රාජධානියක ස්වරාජ්‍ය අධිකාරීත්වයට අයිතිය හිමි කර ගැනීමේ අත්‍යන්ත සතුට දැන් ඔබට තිබේ.

ඕම් ශාන්ති.
දූවරුන් පුහුණුව සඳහා මෙහි සිටියි. ඇත්තෙන්ම, මෙහි ගදි ආසනයේ සිට පරම පියා සිහි කරමින් සිටිය යුත්තේ ජීවාත්ම සත්ථා විඥානය ඇති අයයි. ඇය වාඩි වී සිටින්නේ ස්මෘතිය නැතිව නම්, ඇයට ගුරුවරියක් යැයි නොකිව යුතුය. බලය ඇත්තේ ස්මෘතියේය, ඥානයේ බල නොමැත. මෙයට කියන්නේ යෝගා බලය කියාය. ‘යෝගා බලය’ යන යෙදුම සන්යාසීන් විසින් භාවිත කරන්නකි. පරම පියා අමාරු වචන පාවිච්චි කරන්නේ නැත. පරම පියා මෙසේ කියයි : දරුවනි, දැන් පරම පියා සිහි කරන්න, පොඩි ළමයෙක් දෙමාපියන් සිහි කරනවා සේ. ඔවුන් භෞතික දෙමව්පියන්ය. ඔබ දරුවන් ප්‍රතිබිම්බයක් නොමැති දරුවන්ය. ඔබට එම ප්‍රතිමා (ශරීර) ලැබෙන්නේ මෙහිදීය. ඔබ ප්‍රතිමා නැති අයගේ ලෝකයේ පදිංචිකරුවන්ය. එහි ප්‍රතිබිම්බ නොමැත. පළමුවෙන්ම, තහවුරු කර ගන්න ඔබ ජීවාත්ම සත්ථාවන් (නොපෙනෙන තිත්) බව. එමනිසා, පරම පියා මෙසේ කියයි : දරුවනි, ජීව සත්ථා විඥානය ලබන්න! ඔබ ජීවාත්ම සත්ථාවන් යන විශ්වාසය (ශ්‍රද්ධාව) ඇතිව සිටින්න. ඔබ පැමිණෙන්නේ නිර්වාණ දේශයේ සිටයි. එය ඔබ සියලු ජීවාත්ම සත්ථාවන්ගේ නිවහනයි. ඔබ මෙහි එන්නේම ඔබේ චරිත කොටස් රඟපෑමටයි. සියල්ලටම පළමුවෙන්ම එන්නේ කවුද? ඔබේ බුද්ධියේ මේ පිළිබඳ සිහිය ඇත. මේ ලොව වෙන කිසිවෙකුට එම ඥානය නැත. පරම පියා මෙසේ කියයි : ඔබ ඉගෙන ගනිමින් සිටි ආගමික ලේඛන සියල්ල අමතක කරන්න. මිනිසුන් ක්‍රිෂ්ණා සහ අන් බොහෝ අයව ප්‍රශංසා කරයි. ගාන්ධි තුමාටද බොහෝ ප්‍රශංසා කරයි. එය හරියට ඔහු සමු ගැනීමට පෙර දේව රජ දහන හැදුවා මෙනි. කෙසේ වුවද, ශිව දෙවියන් මෙසේ කියයි : ආදී සනාතන රජ සහ රැජිණගේ රජදහනේ නීති ගෙනාවේ පරම පියා විසිනි. ඔවුන් රජ සහ රැජිණ බවට පත් කළේ පරම පියා විසින් ඔවුන්ට ඉගැන්වීම මඟිනි. එම දේව සිරිත් විරිත් ද කැඩී බිඳී ගියේය. ඔහු (ගාන්ධි) කිව්වේ ඔහුට ඕන කළේ රජ දහනක් නොව, මිනිසුන් විසින් මිනිසුන් සඳහා වූ ආණ්ඩුවකි. දැන් එම ආණ්ඩුව පත් වී ඇති තත්ත්වය කුමක් ද? දුකම පමණක් මිස වෙන කිසිවක් නොවේ. ඔවුන් දිගටම ඔවුනොවුන් අතර රණ්ඩු සරුවල් කරයි. වෙනස් වෙනස් මත බොහෝය. ඔබ දරුවන් දැන් රජ දහන හිමි කරගන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීම මඟිනි. ඔබට කෙතරම් බලය ඇත්ද යනු එහි යුධ හමුදාවන් ආදිය පවා නැත. එහි බිය පිළිබඳ ප්‍රශ්න නැත. එය ලක්ෂ්මි සහ නාරායනගේ රජදහනය. එය නොබිඳුනු තනි රජදහනකි. ගැටුම් වලට හේතු වන ද්විත්ව ස්වභාවයක් එහි නොවීය. එය නොබෙදුණු රජ දහනක් විය. පරම පියා ඔබ දරුවන්ව දෙවි දේවතාවන් බවට පත් කරවයි. ඉනික්බිතිව, ඒ නොබෙදුණු ස්වභාවය රාවණ් විසින් යක්ෂ තත්ත්වයට ඔබ තුළින් වෙනස් කරන ලදී. ඔබ දරුවන් දැන් දන්නවා භාරතවාසීන්ව සිටි ඔබ මුළු ලොවම හිමිකරුවන්ව සිටි බව. ඔබ ස්මෘතියේ බලය පමණක් මඟින් මුළු ලොව රජ දහනට හිමිකම් ලැබුවා. දැන් ඔබ නැවතත් එම රජ දහන හිමි කර ගනිමින් සිටියි. ඔබ හෑම චක්‍රයක් පාසාම, ස්මෘතියේ බලයෙන් එම බලය ලැබීය. ඔබේ ඉගෙනීමේ ද බලය ඇත. ඒ ලෙසින්ම, කෙනෙක් බැරිස්ටර් කෙනෙක් වූ විට ඔහුට එම බලය ඇත. එය තුට්ටු දෙකේ බලයකි. ඔබ යෝගා බලයෙන් මුළු ලොවම පාලනය කරයි. ඔබට බලය ලැබෙන්නේ සර්ව බලධාරී පරම පියාගෙනි. ඔබ මෙසේ කියයි: බාබා, අපි හැම චක්‍රයක දීම ස්වර්ණමය යුග ආධිපත්‍යය ඔබෙන් ලබා ගතිමු, නැවත අහිමි වූ නිසා දැන් නැවතත් එය ඉල්ලා සිටිමු. ඔබට සම්පූර්ණ ඥානය ලැබී ඇත. දැන් ශ්‍රීමත් අනුගමනයෙන් අපි උසස්ම ලෝකයේ රාජධානිය ලබා ගනිමින් සිටිමු. ලෝකය ද උසස් තත්ත්වයට පත් වෙයි. දැන් පමණයි ඔබට නිර්මාණකයා සහ නිර්මාණය ගැන ඥානය ඇත්තේ. ලක්ෂ්මි නාරායනටවත් ඔවුන්ට රාජධානිය ලැබුණේ කෙසේදැයි ඥානයක් නොතිබුණි. ඔබ දැන් මෙහිදී ඉගෙන ගෙන එහි ගොස් පාලනය කරයි. කෙනෙක් හොඳ ධනවත් පවුලක ඉපදුනොත්, ඒ ඔහු යහපත් ක්‍රියා පසුගිය උපතේ කළ නිසා යැයි කියයි. ඔබ උපත ලබන්නේ ඔබේ ක්‍රියා අනුවය. දැන් මෙහි ඇත්තේ රාවණ් රාජ්‍යයයි. මිනිසුන් මෙහිදී කරන කුමන ක්‍රියා හෝ විකර්මය. ඔබ ඉණිමඟේ පහළටම බැස ඇත. මහා ඉහළම ලෙස දෙවි දේවතා ආගමට අයත් ව සිටි අය දැන් පහළට විත් ඇත. හැම කෙනෙකුටම සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන් තුළින් යා යුතුව ඇත. හැම දෙයක්ම අළුත් බවින් පරණ බවට පත් වේ. ඔබ දරුවන්ට දැන් අසීමිත සතුටක් තිබිය යුතුයි. ඔබ සිහිනෙකින්වත් සිතුවේවත් නැති ලෙස ලෝක පාලකයින් බවට පත් වේ. භාරතයේ මිනිසුන් දන්නවා, මුළු ලෝකය පුරාම ලක්ෂ්මි නාරායන රාජධානිය තිබූ බව. ඔවුන් වන්දනාවට සුදුසුව සිට වන්දනාකරුවන් බවට පත් විය. මෙසේ සිහි කෙරේ ‘වන්දනීයව සිටි අය වන්දනාකරුවන් බවට පත් විය.’ මේ සියල්ල ඔබේ බුද්ධියේ තිබිය යුතුය. මේ නාටකය ඉතා විශ්මිතය. අප උපත් 84ක් ගන්නා හැටි කිසිවෙක් නොදනී. ආගමික ලේඛණ වල ලියා ඇත්තේ උපත් මිලියන 8.4 ක් ලෙසයි. පරම පියා මෙසේ කියයි : ඒ සියල්ල භක්ති මාර්ගයේ ඇති බොරුය. එය රාවණ් රජ දහනයි. ඔබ දරුවන්ගේ බුද්ධිය පමණයි රාම රාජ්‍යය කුමක්ද රාවණ් රාජ්‍යය කුමක්දැයි දන්නේ. වෙන කිසිවෙක් නොදනී. රාවණ් හැම අවුරුද්දකම පුළුස්සයි. එමනිසා, ඔහු සතුරෙකි. මනුෂ්‍යයන්ගේ සතුරන් වූ කලී පංච පාපයයි. රාවණ් කවුදැයි හෝ ඔහු පුළුස්සන්නේ මන්දැයි කිසිවෙක් නොදනියි. සංගම යුග වාසීන් යැයි සලකන අය දන්නවා ඔවුන් මුළු මානව සංහතියේ ඉහළම තලයට පත් වන බව. දෙවියන් අපට රාජයෝගා උගන්වා මනුෂ්‍යයන්ව සිටින අප නාරායන ලෙස ඉහළම මනුෂ්‍ය තත්ත්වයට පත් කරයි. ඔබ දරුවන් දන්නවා ඉහළම ඉහළ අශරීරික දෙවියන් අපට උගන්වමින් සිටින බව. එමනිසා, ඔබට අසීමිත සතුටක් තිබිය යුතුයි. පාසලක සිසුන් දන්නවා ඔවුන් සිසුන් බව. එම ගුරුවරුන් සමාන්‍ය ගුරුවරුය. මෙහිදී, දෙවියන් ඔබට උගන්වමින් සිටියි. මෙම ඉගෙනීමෙන් ඔබට ඉහළ තත්ත්වයක් ලබා ගත හැකි නිසා, ඔබ හොඳින් උගත යුතුයි. එය ඉතා පහසුය! ඔබට ඇත්තේ හැම උදෑසනකම පැය භාගයක් හෝ තුන්කාලක් සරළ ඉගෙනීම පමණි. මුළු දවස පුරා, ඔබට වැඩ අධික නිසා බාබා ස්මෘතිය අමතක වේ. එම නිසයි, ඔබ හැම උදෑසනක්ම මෙහි විත් ස්මෘතිය ඇතිව වාඩි වී සිටින්නේ. ඔබට කියා ඇත්තේ, මහත් සෙනෙහසින් බාබා සිහි කර මෙසේ කියන්න : බාබා, ඔබ අපට ඉගැන්වීමට පැමිණියා. අප දැන් දන්නවා, අවුරුදු 5000කින් නැවතත් වරක් ඔබ ඉගැන්වීමට පැමිණි බව. දරුවන් මෙහි පැමිණි විට බාබා මෙසේ අසයි : අප මීට පෙර හමු වී තිබෙනවාද? මුණිවරු, සන්‍යාසීන් ආදීන් මෙම ප්‍රශ්නය නොඅසයි. එහිදී, ඕනෑම කෙනෙකුට එම සත්සන් වල වාඩි වී කටයුතු කළ හැකිය. මිනිසුන් රැස්වන තැනක් වුවොත් අන් අය ද ගොස් එයට එකතු වෙයි. ඔබ ද දැන් දන්නවා, ගීතා සහ රාමායන ආදිය අසන්නට ඔබත් බොහෝ සතුටින් ගිය බව. එකල ඔබට කිසිවක් නොතේරුණි. ඒ වූ කලී භක්තියේ සතුට විය. මිනිස්සු දිගටම එහි සතුටින් නැටුවත්, ඔවුන් දිගටම පිරිහෙයි. බොහෝ විවිධ හතායෝගා ඇත. ඔවුන් ඒ සියල්ල කරන්නේ හොඳ ශරීර සනීපය සඳහාය. පරම පියා මෙසේ තේරුම් කරයි : ඒ සියල්ල භක්ති මාර්ගයේ ක්‍රම සහ විධිය, සිරිත් විරිත්ය. ඔවුන් කිසිවෙක් නිර්මාණකයා සහ නිර්මාණය ගැන නොදනී. ඉතින් තව ඉතිරි වෙන්නේ මොනවාද? බලන්න නිර්මාණකයා සහ නිර්මාණය ගැන නොදැනීමෙන් සහ එය දැන ගැනීමෙන් ඔබ පත් වන තත්ත්වය. ඔහු ගැන දැන ගැනීම මඟින් ඔබ සියලු ණයෙන් මිදෙන අතර නොදැනීමෙන් භාරතීය ජනයා ණය කරුවන් වී සිටියි. ඔවුන් දිගටම බොරු කියමින් සිටියි. ලෝකයේ විවිධ දේ දිගටම සිදු වෙමින් තිබේ. රත්රන් සහ මුදල් කොල්ල කා ඇත. ඔබ දරුවන් දැන් දන්නවා එහිදී ඔබ රත්රනින් ගෙවල් සාදන බව. බැරිස්ටර් වීම සඳහා ඉගෙන ගන්නා අය තුළ තිබෙනවා ඔවුන් විභාගය සමත් වූ පසු ගෙවල් සාදන හැටි ආදී කරන දේ ගැන. ඉතින් ඔබ දරුවන් නොදන්නේ ඇයි මෙහි ඉගෙන ගැනීමෙන් ඔබ දෙව් ලොව කුමරුන් හා කුමරියන් වන බව. ඒ ගැන බොහෝ සතුට තිබිය යුතුයි. කෙසේ වුවද, මෙහින් පිටත් වූ පසු ඒ සියල්ල අතහැරේ. බොහෝ තරුණ දූවරුන් මෙම ඥානය ගන්නවා, ඔවුන්ගේ නෑදෑයින් කිසිවක් නොදැන කියනවා මෙහි යම් විජ්ජාවක් ජප කරනවා කියා. එම දෙමාපියන් එම දූවරුන්ට ඉගනෙ ගැනීමට ඉඩ නොදෙයි. එසේ දෙමාපියන්ගෙන් යැපෙන අවස්ථා වල දී ඔවුන්ට ඇහුම්කන් දිය යුතුයි. එවිට බාබාට ඔබ ගත නොහැකියි. බොහෝ ගැටුම් ඇති වේ. මුලදී එවැනි ගැටුම් බොහෝ තිබිණි. දුවක් ඇය වයස අවුරුදු 18 ට වැඩි යැයි කියත්දී ඇගේ පියා කිව්වේ ඇය 16 ටත් අඩුයි සහ ඇය ඔවුන්ගෙන් යැපෙනවා කියාය. ඔහු පැමිණ කලබල කර ඇයව ගෙන යයි. පියාගෙන් යැපෙන්නේ නම් ඔහුගේ අණ පිළිපැදිය යුතුයි. ඔබ වැඩිහිටියෙක් වූ විට අවශ්‍ය දේ කළ හැක. ඒ ගැන නීති රීති ඇත. බාබා මෙසේ කියයි : නීතියක් තිබෙනවා ඔබ පරම පියා වෙත එන විට භෞතික පියාගෙන් සහතික කළ ලිපියක් රැගෙන ආ යුතු බවට. එවිට දෙදෙනාගේම කරුණු ඉටු වෙයි. ඔවුන්ගේ හැසිරීම නරක නම් ඔවුන් ආපසු ගෙදර යැවේ. හරියට ක්‍රීඩාවක මෙනි. කෙනෙක් ක්‍රීඩා කරන විට නිවැරදිව නොකරයි නම්, ක්‍රීඩාවෙන් පිට කර එම කණ්ඩායම පරාජය වෙයි. ඔබ දරුවන් ද දැන් ඉන්නේ සටන් බිමකයි. පරම පියා හැම චක්‍රයකම පැමිණ මායා ජය ගැනීමට උදව් කරයි. ප්‍රධානම දෙය පාරිශුද්ධියයි. ජීවාත්ම සත්ථාවන් පාප තුළින් අපිරිසිඳු වී ඇත. පරම පියා මෙසේ කියයි : කාම රාගය ලොකුම සතුරාය. එය මුල සිටම මැද තුළින් අවසානය දක්වාම දුකට හේතු වෙයි. බ්‍රහ්මිණ් බවට පත් වන අය දෙවි දේවතා ආගමට යයි. ඔබ බ්‍රහ්මිණ්වරුන්ද අනුපිළිවලටය. දැල්ලකට සලඹයින් යන විට ද ඇතැමෙක් පිච්චී මැරෙන අතර තවෙකෙක් වටේ කැරකී පියඹා යයි. දරුවන් මෙහි ආ කල, ඇතැමෙක් දැල්ලට සම්පූර්ණයෙන් ම කැප වන අතර අනෙකෙක් ඥානය අසාගෙන අතහැර යයි. ඇතැමුන් ඔවුන්ගේ ලෙයින් ලිව්වා: ‘බාබා මා ඔබට අයිතියි’ කියා. එසේ තිබිය දීද ඔවුන් මායාට පැරදුනා. මායා හා සටන එතරම් දරුණුය. මෙය සටන් බිමකි. ඔබ දන්නවා පරම පියා, පරමාත්මා සියලු වේද සහ ග්‍රන්ථ වල සාරය බ්‍රහ්මා තුළින් තේරුම් කරන බව. බොහෝ පිංතූර ද සාදා තිබේ. නාරද් ගේ කතාව ද මීට අයිතියි. ඔබ සියලු දෙනා කියන්නේ ඔබ ලක්ෂ්මි නාරායන වෙනවා කියාය. බාබා මෙසේ කියයි : ඔබ අභ්‍යන්තරය දෙස බලා ඔබ වටිනවාද කියා බලන්න. පරීක්ෂා කර බලන්න ඔබට කුමන හෝ පාපයන් නැත් ද කියා. හැම කෙනෙක්ම නාරද්ගේ භක්තිවන්තයෙකි. එය දක්වන උදාහරණයක් පමණි. භක්ති මාර්ගයේ අය අසනවා, ඔවුන්ට ශ්‍රී ලක්ෂ්මි විවාහ කර ගත හැකි ද කියා. පරම පියා මෙසේ කියයි : කොහෙත්ම නැත! ඔවුන් මේ ඥානය ඇහුම්කන් දුන් විට පමණයි ගැලවීම ලැබිය හැක්කේ. මා පමණයි හැම කෙනෙකුගේම පාරිශුද්ධකරුවා වී ගැලවීම ලබා දෙන්නේ. ඔබ දැන් දන්නවා, පරම පියා රාවණ් රාජ්‍යයෙන් ඔබ නිදහස් කර ගන්නා බව. අනෙක් වන්දනා ගමන් භෞතික දේ වෙයි. පරමාත්ම දෙවියන් මෙසේ කතා කරයි : මන්මනභාව්! මෙහි දී සටනක ප්‍රශ්නයක් නැත. ඒ සියල්ල ඇත්තේ භක්ති මාර්ගයේය. කල්ප චක්‍ර භාගයක් බ්‍රහ්මාගේ දහවල වන අතර අනෙක් භාගය බ්‍රහ්මාගේ රාත්‍රිය වේ. ඔබ දන්නවා දැන් අප බ්‍රහ්ම කුමර කුමරියන් සැමට කල්ප චක්‍ර භාගයක් දහවල උදා වීමට තිබෙන බව. එහි කිසිඳු භක්ති වන්දනාවක් නැත. ඔබ දරුවන් දැන් දනන්වා ඔබ ඉහළම ධනවතුන් වෙමින් සිටින බව. එමනිසා, ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. ඔබ සැම දෙන ගොරෝසු ගල් කෑලි මෙන් විය. පරම පියා දැන් ඔබව කෙළවර ඔපමට්ටම් දමමින් සිටී(ඔබව පිරිසිදු කර ඔප දැමීමට). බාබා ද මැණික් වෙළෙන්දෙකි. නාටකයට අනුව, බාබා අත්දැකීම් සහිත රථයක් යොදවා ඇත. ‘ගමේ කොල්ලෙක්’ යනුවෙන් සිහි කෙරේ. ක්‍රිෂ්ණා ගමේ කොල්ලෙක් වන්නේ කෙසේද? ඔහු සිටියේ ස්වර්ණමය යුගයේ. ඔහු තොටිල්ලක තබා පැද්දුවේය. ඔහු ඔටුන්නක් පැළැන්දා. ඇයි ඔහුට ගමේ කොල්ලෙක් කියන්නේ? ගමේ කොල්ලන් අපිරිසිඳු වෙයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ සුන්දරත්වයට පත් වීමටයි. පරම පියා ඥානය දී ඔබ කපා ඔප මට්මට කරයි. චක්‍රයේ එක වරක් පමණයි ඔබට සත්‍යයේ ඇසුර ලැබෙන්නේ. අනෙක් සියල්ල ව්‍යාජයි. මෙම නිසයි පරම පියා මෙසේ කියන්නේ : පාපයට කන් නොදෙන්න! ඔබට සහ මට නිගා වන දේ නොඅසන්න. ඥානයට එන කුමාරීන් කියාවි පියාගේ දේපොළෙන් කොටසක් ඔවුන්ට අයිතියි කියා. ‘භාරතයට සේවය කිරීමට මධ්‍යස්ථානයක් මා විවෘත නොකරන්නේ ඇයි?’ දුවකට විවාහයේ දීත් කොහොමත් යමක් දෙනවා. ඔබේ පියාගෙන් අසන්න ‘මගේ කොටස මට දුන් පසු බොහෝ අයට යහපතක් කිරීම සඳහා මට මධ්‍යස්ථානයක් විවෘත කළ හැකියි.’ එලෙස උපක්‍රමිකව කටයුතු කරන්න. මේ ඔබේ දේව මෙහෙයුමයි. ඔබ ගල් බුද්ධියෙන් දිව්‍ය බුද්ධියක් බවට පත් වුණා. අපේ ධර්මයට අයිති අය එයි. එකම පවුලක දේවි දේවතා ධර්මයට අයිති අය පමණක් මතුවෙයි. අන් අය නැත. ඊට උත්සාහය අවශ්‍යයි. පරම පියා සියලු දෙනා පිරිසිඳු කර නැවත නිවසට රැගෙන යයි. මේ නිසයි බාබා කියන්නේ : චක්‍රයේ පින්තූරය තුළ සංගම යුගය විස්තර කරන්න කියා. එක පැත්තක කලි යුගය වන අතර අනෙක් පැත්තේ ස්වර්ණමය යුගයයි. ස්වර්ණමය යුගයේ සිටින්නේ දෙවි දේවතාවුන් වන අතර කලි යුගයේ සිටින්නේ යක්ෂයින්ය. මේ වූ කලී වඩාත්ම සුබ සංගම යුගයයි. පරම පියා ඔබව ඉහළම මනුෂ්‍යයින් බවට පත් කරවයි. හොඳින් ඉගෙන ගන්නා අය ස්වර්ණමය යුගයට යන අතර අන් සියලු දෙනා යන්නේ විමුක්ති දේශයටයි. ඉන්පසු ඔවුන් ඔවුන්ගේ වේලාවට පහළට බසී. චක්‍රයේ පින්තූරය ඉතා හොඳයි. දුප්පතුන් නගාසිටුවා ඔවුන්ව දෙව්ලොව පාලකයන් බවට පත් කිරීමට, එවන් සේවය කිරීමට ඔය දරුවන්ට උද්යෝගයක් තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ ඔබම පරීක්ෂා කර බලන්න ඔබට ශ්‍රී ලක්ෂ්මි සහ ශ්‍රී නාරායන සේ විය හැකිද කියා. ඔබ තුළ යම් හෝ පාප තිබේ ද? ඔබ වටේ කැරකෙන සළඹයෙක් හෝ දිවි පුදාලන සළඹයෙක් වෙනවාද? පරීක්ෂා කර බලන්න ඔබේ ඇවතුම් පැවතුම් පරම පියාගේ ගෞරවය නැති වීමට හේතු වනවාද කියා.

2. අසීමිත සතුටින් සිටීම සඳහා, උදේ පාන්දරින්ම පරම පියා මහත් සෙනෙහසින් සිහි කර හොඳින් ඉගෙන ගන්න. දෙවි පියා අපට උගන්වමින් ඉහළම මනුෂ්‍යයන් බවට පත් කරවයි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේ බව පිළිබඳ කුල්මත් බව පවත්වා ගන්න.

වරදානය:
ඔබ අත්දැකීම් වල ප්‍රතිරූපයක් බවට පත් වී සියලු ගුණධර්ම පිළිබඳ ඔබේ අත්දැකීමෙන් පරමාත්ම පියා හෙළිදරව් කරත්වා.

ඔබ පරමාත්ම පියා ගැන ගායනා කරන සියලු ගුණධර්ම වල අත්දැකීම් ලබා ගන්න. පරමාත්ම පියා සතුටේ සාගරය වන බැවින්, සතුටේ සාගරයේ රළ වල ගමන් කරන්න. ඔබ සමඟ සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට ප්‍රමෝදය, ආදරය, සතුට සහ සියලු ගුණධර්මවල අත්දැකීම ලබා දෙන්න. මේ ආකාරයෙන් සියලු ගුණධර්ම වල ප්‍රතිමූර්තියක් වන්න, එවිට පරමාත්ම පියාගේ ප්‍රතිරූපය ඔබ තුළින් හෙළිදරව් වනු ඇත, මන්ද, ඔබ, මහා ජීවාත්ම, අත්දැකීම් වල ප්‍රතිරූප වන්නන්ට පමණයි, උත්තරීතර ජීවාත්මය හෙළි කළ හැක්කේ.

පාඨය:
හේතුව විසඳුම් බවට පරිවර්තනය කර, අශුභ දේවල් සුබ ලෙස පිළිගන්න.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

බ්‍රහ්මණයන්ගේ ජීවිත සහ ජීවිත දානය, පාරිශුද්ධත්වයයි. ආදි සහ සදාතනික ස්වරූපය පිවිතුරු බවයි. ඔබ ආදිතම ලෙස පිවිතුරු සහ සදාතනික ජීවාත්මයක් බව ඔබගේ අවධානයේ ඇති විට, එම අවධානයේ අරුත වන්නේ ඔබටත් පාරිශුද්ධත්වයේ බලය ඇති බවයි. සිහි කිරීමේ ප්‍රතිමූර්ති සහ බලයේ ප්‍රතිමූර්ති වන ජීවාත්ම, පාරිශුද්ධත්වයේ ආදිතම සංස්කාර ඇති ජීවාත්මයි. එබැවින් ඔබගේ ආදිතම සංස්කාර ඉස්මතු කර, පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය ධාරණය කරගන්න.