08.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ පාපයන් අහෝසි වන්නේ, සිහිපත් කිරීමේ සිටීමෙන්ය, ධ්‍යානයකට සම වැදීමෙන් නොවෙයි. ධ්‍යානගත වීම, සත කිහිපයක් වටින, ක්‍රීඩාවක් පමණයි. එබැවින් ධ්‍යානගත වීමට කිසිදු ආශාවක් ඇති කර නොගන්න.

ප්‍රශ්නය:
මායාගේ විවිධ ස්වරූපයන්ගෙන් ඔබව මුදවා ගැනීම සඳහා, පියා ඔබ සියලු දෙනාටම දෙන අනතුරු ඇඟවීම කුමක්ද?

පිළිතුර:
සුමිහිරි දරුවනේ, ධ්‍යානගතවීම සඳහා කිසිදු ආශාවක් තබා නොගන්න. ඥානය සහ යෝගාව, ධ්‍යානගතවීම සමග කිසිදු සම්බන්ධකමක් නැත. ප්‍රධානතම දෙය ඉගෙනුමයි. සමහරු ධ්‍යානගත වී මෙසේ පවසයි, ’මමා මා තුළට ඇතුළු වුණා‘ හෝ ’බාබා මා තුළට ඇතුළු වුණා.‘ ඒ සියල්ලම ඔබ ඉතා ප්‍රවේසම් විය යුතු, මායාගේ සූක‍්ෂම සිතිවිලිය. මායා බොහෝ දරුවන් තුළට ඇතුළු වී, ඔවුන් ලවා වැරදි ක්‍රියා සිදු කරවයි. එබැවින් ධ්‍යානගත වීමට කිසිදු ආශාවක් තබා නොගන්න.

ඕම් ශාන්ති.
මිහිරිතම, ආධ්‍යාත්මික දරුවනේ, එක් පසෙක භක්තියත් අනෙක් පස ඥානයත් තිබෙන බව ඔබ වටහාගෙන තිබේ. භක්තිය, බොහෝ සෙයින් තිබෙන අතර ඔබට එය ඉගැන්වීමට බොහෝ මිනිසුන් සිටියි. ආගමික පත පොත මෙන්ම මනුෂ්‍යයන් ද ඔබට එය උගන්වයි. මෙහි, කිසිදු ආගමික ග්‍රන්ථ නොමැති අතර එය මනුෂ්‍යයෙක්ද නොවෙයි. මෙහි, ඔය ජීවාත්මයන්ට උගන්වමින් විස්තර කරන්නේ ඒකායන ආධ්‍යාත්මික පියාය. සෑම දෙයක්ම ධාරණය කරගන්නේ ජීවාත්මයන්ය. පරම පියා, පරමාත්ම ජීවයට මේ සියලු ඥානය තිබේ. උපත් 84හි චක්‍රය පිළිබඳ ඥානය ඔහුට තිබෙන අතර ස්ව-දර්ශන චක්‍රධාරී ලෙස ඔහුව හැඳින්විය හැක්කේ ද මේ නිසයි. ඔහු, දරුවන් වන අපව, ස්ව-දර්ශන චක්‍රධාරීන් බවට පත් කරවනවා. බාබා, බ්‍රහ්මාගේ සිරුර තුළ සිටින නිසා, ඔහුද බ්‍රහ්මනයෙක් ලෙස හැඳින්විය හැක. ඔහුගේ දරුවන් වන අපද බ්‍රහ්මනයන් වී ඉන්පසුව දේවතාවන් වෙයි. පියා දැන් මෙහි අසුන්ගෙන, ඔබට සිහිපත් කිරීමේ වන්දනා ගමන උගන්වයි. මෙහි හතයෝගාව පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒ මිනිසුන් හතයෝගාව තුළින් ධ්‍යානයකට සමවැදෙයි. එය ලොකු දෙයක් නොවෙයි. ධ්‍යානගත වීමේ ශ්‍රේෂ්ඨත්වයක් නැත. ධ්‍යානගත වීම, සත කිහිපයක් පමණක් වටින ක්‍රීඩාවකි. ඔබ ධ්‍යානගත වන බව කිසි කෙනෙකුට නොකිව යුතුයි, මන්ද විදේශ රටවල සෑම තැනකම මිනිසුන් ධ්‍යානගත වෙයි. ධ්‍යානගත වීමෙන් ඔවුන්ට යහපතක් සිදු වන්නේ නැති අතර ඔබට යහපතක් අත්වන්නේ ද නැත. ධ්‍යානගත වීම තුළ, සිහිපත් කිරීමේ වන්දනා ගමන හෝ කිසිදු දැනුමක් නොමැති බවට වැටහීම බාබා ඔබට ලබා දී තිබේ. ධ්‍යානගත වන අය කිසිසේත් ඥානයට සවන් නොදෙන අතර ඔවුන්ගේ පාපයන් පිළිස්සී යන්නේ ද නැත. ධ්‍යානගත වීමට වැදගත්කමක් නැත. දරුවන් යෝගාවේ සිටියි, නමුත් එය ධ්‍යානගත වීම ලෙස හැඳින්වෙන්නේ නැත. සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබගේ පාපයන් අහෝසි වෙයි. ධ්‍යානගත වීමෙන් පාපයන් අහෝසි නොවෙයි. බාබා ඔබට අනතුරු අඟවයි දරුවනේ, ධ්‍යානගත වීමට කිසිදු උනන්දුවක් ඇති කර නොගන්න. එය විනාශ කාලය වන විට, ඒ සන්යාසීන් ආදින්ට දැනුම ලැබෙන බව ඔබ දන්නවා. ඔබ නොකඩවා ඔවුන්ට ආරාධනා කරන නමුත්, මෙම ඥානය ඔවුන්ගේ කලසට (බුද්ධියට) විගසින් ඇතුළු නොවෙයි. ඔවුන් ඉදිරිපිට විනාශය දකින විට, ඔවුන් පැමිණෙයි. මරණය පැමිණීමට ඉතා ආසන්න බව, එවිට ඔවුන්ට වැටහෙයි. එය ලඟා වන බව ඔවුන් දකින විට, ඔවුන් ඔබව විශ්වාස කරයි. ඔවුන්ගේ කොටස තිබෙන්නේ අවසානයේය. ඔබ පවසන්නේ විනාශය දැන් ඉතා ආසන්න බවත් මරණය පැමිණිය යුතු බවත්ය. ඒ මිනිසුන් සිතන්නේ ඔබ බොරු කියන බවය. ඔබගේ ගස වැඩෙන්නේ ඉතා සෙමින්ය. ඔබට තිබෙන්නේ සන්යාසීන්ට මෙය පැවසීම පමණයි පියා සිහි කරන්න. ඔබගේ දෑස් වසා නොතැබිය යුතු බවත් පියා විස්තර කර දී තිබේ. ඔබගේ දෑස් වැසී තිබෙන්නේ නම්, ඔබ පියාව දකින්නේ කෙසේද? අප ජීවාත්ම වන අතර, අප පරම පියා, පරමාත්ම ජීවය ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. ඔහුව නොපෙනෙන නමුත් අපගේ බුද්ධිය තුළ මෙම ඥානය තිබේ. මෙම සිරුරේ ආධාරය ඇතිව, පරම පියා, පරමාත්ම ජීවය අපට උගන්වන බව, ඔය දරුවන්ට වැටහෙනවා. ධ්‍යානගත වීම ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ධ්‍යානගත වීම මහ ලොකු දෙයක් නොවෙයි. භෝග් පිළිගැන්වීම ආදිය, නාටකයේ නියම වී ඇත. ඔබ (ධ්‍යානගත වන පණිවිඩකරුවන්) සේවකයන් වී, භෝග් පිළිගන්වා ආපසු පැමිණෙයි. එය, වැදගත් මිනිසුන්ට ආහාර බෙදන සේවකයන් වැනිය. ඔබත් ගොස් දේවතාවන්ට භෝග් පුදන සේවකයන්ය. ඔවුන් සුරඟනාවන්ය. ඔබ එහිදි මමා සහ බාබාව දකියි. එම අංග සම්පූර්ණ පිළිරුව, ඔබගේ අරමුණ සහ ඉලක්කයයි. ඔවුන්ව එවන් සුරංගනාවන් බවට පත් කළේ කවුරුන් විසින්ද? ධ්‍යානගත වීම මහ ලොකු දෙයක් නොවෙයි. ශිව බාබා ඔබට මෙහි උගන්වන සේම, එහිදී ද, මෙම කෙනාගේ මාර්ගයෙන් ශිව බාබා ඔබට යමක් විස්තර කරයි. සූක‍්ෂම කලාපයේ සිදුවන්නේ කුමක්ද කියා ඔබ දැන සිටිය යුතු නමුත් ඔබ ධ්‍යානගත වීම ආදියට කිසිදු වැදගත්කමක් ලබා නොදිය යුතුයි. ධ්‍යානගත වීම සිදුවන ආකාරය පෙන්වා දීමත්, ළමා අවදියේ හැසිරීමකි. බාබා සියලු දෙනාට අනතුරු අඟවයි ධ්‍යානගත නොවන්න. මායා ද බොහෝ විට එහිදි මැදිහත් වෙයි. මෙය, පියා සෑම කල්පයකදීම පැමිණ ඔබට උගන්වන අධ්‍යයනයකි. එය දැන් සංගම යුගයයි. ඔබව මාරුකර හැරිය යුතුයි. ඔබ, නාටක සැලසුමට අනුව, ඔබගේ චරිත කොටස් රඟපාමින් සිටියි. ඔබගේ චරිත කොටස්වල වර්ණනාව තිබේ. පියා පැමිණ, නාටකයට අනුව ඔබට උගන්වයි. ඔබ එක් වරක් පියා සමග ඉගෙනගෙන, අනිවාර්යෙන් මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය විය යුතුයි. ඔය දරුවන්ට මෙහි බොහෝ සතුට තිබේ. අප දැන් පියාව මෙන්ම නිර්මාණයේ මුල, මැද සහ අවසානය දන්නවා. ඔබට පියාගෙන් ඉගැන්වීම් ලැබීම ගැන ඔබ බොහෝ සතුටට පත් විය යුතුයි. ඔබ ඉගෙනගන්නේ නව ලෝකයට යාමටයි. එහි, එය දේවතාවන්ගේ රාජධානිය බැවින් ඔබ නිසැකවම ඉගෙනගත යුත්තේ වඩාත්ම ශුභදායක සංගම යුගයෙදීය. ඔබ මෙම දුකින් මිදී ඉන්පසුව සතුට වෙතට යයි. මෙහි ඔබ තමෝප්‍රධාන් බැවින් ඔබට රෝග ආදිය වැලෙඳයි. මේ සියලුම රෝග අවසන් වීමට යනවා. ධ්‍යානගත වීම ආදිය සමග සම්බන්ධකමක් නැති ඉගෙනුම, ප්‍රධානතම දෙයයි. එය මහ ලොකු දෙයක් නොවෙයි. බොහෝ ස්ථාන වල ඇතැමුන් ධ්‍යානගත වී, මමා හෝ බාබා පැමිණි බව පවසයි. පියා පවසන්නේ ඒ සියල්ලෙහි වැදගත්කමක් නැත. පියා විස්තර කරන්නේ එක දෙයක් පමණයි ඔබ කල්ප භාගයක් ශරීර අවධානයෙන් සිට ඇත දැන් ජීව අවධානයට පත් වී පියා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් අහෝසි වෙයි. මෙය සිහිපත් කිරීමේ වන්දනා ගමන ලෙස හැඳින්වෙයි. එය යෝගාව ලෙස හැඳින්වීමෙන්, එය වන්දනා ගමනක් බව ඔබට ඔප්පු කළ නොහැක. ඔය ජීවාත්ම මෙහි සිට ගොස්, තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ දැන් සිටින්නේ වන්දනා ගමනේය. ඔවුන්ගේ යෝගාව තුළ කිසිදු වන්දනාගමනක් නැත. හත යෝගීන් බොහෝ දෙනෙක් සිටියි. එය හත යෝගාව වන අතර මෙය පියාව සිහිපත් කිරීමය. පියා පවසන්නේ මිහිරිතම දරුවනේ, තමන් ජීවාත්ම බව සලකන්න. වෙනත් කිසිම කෙනෙක් කිසිදා මේ ආකාරයට විස්තර නොකරයි. මෙය අධ්‍යයනයකි. ඔබ පියාගේ දරුවෙක් වන විට, ඔබ ඔහු සමග ඉගෙනගත යුතු අතර ඒ සමගම අන් අයට ඉගැන්විය යුතුද වනවා. බාබා පවසන්නේ කලාගාර විවෘත කරන්න, එවිට මිනිසුන් ඉබේටම පැමිණෙයි එවිට ඔවුන්ට ආරාධනා කිරීමට ඔබ කරදර විය යුතු නැහැ. ඔවුන් මෙසේ කියයි මේ ඥානය ඉතා හොඳයි. අප මින් පෙර කිසිදා එය අසා නැත. මෙහිදි, ඔබගේ චරිතය හැඩගැසෙනවා. ප්‍රධානතම දේ පාරිශුද්ධත්වයයි, කැලඹීම් ඇති වන්නේ එය නිසයි. බොහෝ දෙනෙක් තවමත් මෙයින් අසමත් වෙයි. ඔබගේ ස්ථීතිය කෙබඳු වන්නේද යත්, මේ ලෝකයේ සිටින අතර ඔබ එය නොදකියි. පියෙක් නව නිවසක් තනන විට, සියලු දෙනාගේම බුද්ධිය නව නිවසට ඇදී යන සේම, කන, බොන විටදී ඔබගේ බුද්ධිය එම දිසාවේ තිබිය යුතුයි. නව ලෝකය දැන් නිර්මාණය වෙමින් තිබෙන අතර අසීමිත පියා, අසීමිත නිවස ගොඩනඟනවා. අපි දෙව්ලොව වැසියන් වීමට උත්සාහ දරණ බව ඔබ දන්නවා. චක්‍රය දැන් අවසන් වී ඇත. අප දැන් නිවහනට ගොස් ඉන්පසුව දෙව්ලොව යා යුතුයි, එබැවින් එසේ කිරීමට අප අනිවාර්යෙන් පිවිතුරු විය යුතුයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනා ගමන තුළින් පිවිතුරු විය යුතුයි. බාධක තිබෙන්නේ සිහිපත් කිරීමේ වන අතර ඔබ සටනක් කළ යුත්තේ මෙයටයි. ඉගෙන ගන්නා විට සටනක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඉගෙනුම ඉතා සරලයි. උපත් 84හි චක්‍රය පිළිබඳ ඥානය ඉතා පහසුයි, නමුත් තමන් ජීවාත්මයක් බව සලකා පියා සිහි කිරීමට උත්සාහයක් අවශ්‍යයි. පියා පවසන්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමන අමතක නොකරන්න. අඩු තරමින් පැය අටක්වත් අනිවාර්යෙන් පියා සිහිපත් කරන්න. ඔබගේ ශාරීරික ජීවිකාව වෙනුවෙන් ද ඔබ ක්‍රියා සිදු කළ යුතුයි. ඔබට ටිකක් නින්දද අවශ්‍යයි. මෙය පහසු මාවතක්. ඔබට නොනිඳා සිටීමට කියන්නේ නම්, එය හත යෝගාව වෙයි. හත යෝගීන් බොහෝ සිටියි. පියා පවසන්නේ ඒ දිසාවේ ඇති කිසි දෙයක් නොබලන්න එහි කිසිදු සෙතක් නොමැත. බොහෝ මිනිසුන් හතයෝගාව ආදිය උගන්වයි. ඒ සියල්ල මනුෂ්‍යයන්ගේ උපදෙස්ය. ඔබ ජීවාත්ම වන අතර සිරුරක් ගෙන වෛද්‍යවරයෙක් ආදිය වීමෙන්, තම චරිත කොටස රඟපාන්නේ, එක් එක් ජීවාත්මයයි. කෙසේවෙතත්, මිනිසුන් ශරීර අවධානයට පත් වී මෙසේ සිතයි මම අහවලාය. ඔබ ජීවාත්මයක් බවත්, පියා ද ජීවාත්මයක් බවත්, දැන් ඔබගේ බුද්ධිය තුළ තිබේ. මෙකල පරම පියා ඔබට උගන්වනවා. ජීවාත්ම, පරමාත්ම ජීවයෙන් බොහෝ කලක් වෙන්ව සිටි බව සිහි කරන්නේ ඒ නිසයි. ඔබට සෑම කල්පයකදීම ඔහුව මුණ ගැසෙනවා. ලෝකයේ ඉතිරි සියලු දෙනාම තමන් ශරීර බව සලකමින්, ශරීර අවධානයෙන් උගන්වා, ඉගෙන ගන්නා අතර ඔබ ඉගෙන ගන්නේ තමන් ජීවාත්ම බව සලකමින්ය. පියා පවසන්නේ මා උගන්වන්නේ ඔය ජීවාත්මයන්ටයි. විනිශ්චයකරුවන්, නීතිඥයන් ආදින් වන්නේ ජීවාත්මයි. ඔය ජීවාත්ම පිවිතුරු සහ සතෝප්‍රධාන්ව සිටියා. පසුව ඔබගේ චරිත කොටස් රඟපාන අතර ඔබ සියලු දෙනාම දැන් අපවිත්‍ර වී ඇත. ඔබ කන්නලව් කරන්නේ මේ නිසයි බාබා පැමිණ අපව පිවිතුරු ජීව බවට පත් කරන්න. පියා පිවිතුරුයි. ඔබ මේවා ධාරණය කරගන්නේ, ඔබ මෙම දේවල්වලට සවන් දෙන විට පමණයි. ඔය දරුවන් මෙම දේවල් ධාරණය කරගන්නා විට, ඔබ දේවතාවන් බවට පත් වනවා. මෙම දේවල් අළුත් නිසා මේවා වෙනත් කිසිවෙකුගේ බුද්ධි තුළ සනිටුහන් වන්නේ නැත. මෙය ඥානය වන අතර එය භක්තියයි. ඔබත් භක්තිය සිදු කරන අතර ශරීර අවධානයට පත්වනවා. පියා පවසන්නේ දරුවනේ දැන් ජීවාත්ම අවධානයට පත් වන්න. මෙම සිරුර තුළින් පියා උගන්වන්නේ ජීවාත්ම වන අපටයි. සියලුම ජීවාත්මයන්ගේ පියා, පරම පියා, ඔබට උගන්වන්නේ මේ කාලයේ දී පමණක් බව, නැවත නැවතත් සිහියේ තබාගන්න. මෙම සංගම යුගයේ හැර, ඔහුට නාටකයේ කිසිම කාලයක, චරිත කොටසක් නැත. පියා නැවත නැවතත් මෙසේ පවසන්නේ ඒ නිසයි මිහිරිතම දරුවනේ, තමන් ජීවාත්ම යන විශ්වාසය ඇති කරගෙන, පියාව සිහිකරන්න. මෙය ඉතා උසස් වන්දනා ගමනකි. ඔබ නඟින්නේ නම්, ඔබට දෙව්ලොව මිහිරියාව රස විඳිය හැක. පාපයට වැටීමෙන් ඔබ මුළුමනින්ම තැලී පොඩිවී යයි. ඒ වුවත් ඔබ දෙව්ලොව යන නමුදු ඔබගේ තත්ත්වය ඉතා පහත් වෙයි. රාජධානියක් ස්ථාපිත කෙරෙනවා. එහි පහත් තත්ත්වයක් ඇති අයද අවශ්‍ය වනවා. සෑම කෙනෙක්ම ඥාන මාර්ගය අනුගමනය නොකරයි. ඔවුන් එසේ කළේ නම්, බාබාට බොහෝ දරුවන් හමුවෙනු ඇත. ඔහු ඔවුන්ව සොයාගත්තත්, එය කෙටි කාලයකට පමණයි. ඔය මව්වරුන්ව බොහෝ වර්ණනා කෙරෙනවා. මෙවන් කියමනකි මව්වරුන්ට නමස්කාර වේවා. ඇය බොහෝ සේවය කළ බැවින් ජගදම්බා වෙනුවෙන් විශාල මේලාවක් පැවැත්වෙයි. බොහෝ සේවය කරන අය, මහා රජවරුන් බවට පත් වෙයි. දිල්වාලා දේවාලයේ තිබෙන්නේ ඔබගේ සිහිවටනයයි. ඔය දියණියන් බොහෝ කාලය සොයාගත යුතුයි. ඔබ ආහාර පිළියෙල කරන විට, සිහිපත් කිරීමේ අසුන්ගෙන ආහාර බොහෝ පිවිතුරු කළ යුතුයි, එවිට ඔබ එය පිළිගන්වන අයගේ හදවත්ද පිවිතුරු වෙයි. එවන් ආහාර ලැබෙන අය සිටින්නේ ඉතා ටික දෙනෙකි. ඔබගෙන් විමසන්න එය කෑමට ගන්නා අය, එය කෑ විගසින් ඔවුන්ගේ හදවත් මෙලෙක් වන අන්දමට, මා ශිව බාබාගේ සිහිපත් කිරීමේ හිඳ ආහාර පිසිනවාද? ඔබ නැවත නැවතත් සිහිපත් කිරීමේ සිටීමට අමතක කරයි. බාබා පවසන්නේ ඔබ තවම කලා 16ක් පිරිපුන් වී නැති බැවින් ඔබගේ අමතක වීමද නාටකයේ නියම වී තිබේ. ඔබ අනිවාර්යෙන් අංගසම්පූර්ණ විය යුතුයි. පුරහඳ බොහෝ දීප්තිමත් වන අතර පසුව එය රේඛාවක් පමණක් දක්වා අඩුවෙයි එය සම්පූර්ණයෙන් අඳුරු වී, පසුව සම්පූර්ණයෙන් දීප්තිමත් වෙයි. ඔය ජීවාත්ම, එම පාපයන් ආදිය අතහැර නොකඩවා පියා සිහි කරන්නේ නම්, ඔබ අංගසම්පූර්ණ වෙයි. ඔබට අධිරාජවරුන් වීමට අවශ්‍ය නමුත් සෑම කෙනෙකුටම එය විය නොහැක. සෑම කෙනෙක්ම උත්සාහ දැරිය යුතුයි. සමහරු කිසිසේත්ම උත්සාහ නොදරන අතර මෙසේ පැවසෙන්නේ ඒ නිසාය ඇතුන් පිට යන්නන්, අශාවාරෝහකයන් සහ පාබල සේනාව. මහාරතීන් සිටින්නේ ටික දෙනෙකි. පුරවැසියන් සහ සොල්දාදුවන් තරමටම අණ දෙන නිලධාරීන් සහ මේජර්වරුන් නොමැත. ඔබ අතරේද අණ දෙන නිලධාරීන්, මේජර්වරුන් සහ කපිතාන්වරුන් සිටියි. පාබල සේනාවද සිටියි. මෙය ඔබගේ ආධ්‍යාත්මික සේනාවයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ සිහි කිරීමේ වන්දනා ගමන මතයි. ඔබට බලය ලැබෙන්නේ මෙය තිබීමෙන්ය. අදෘෂ්‍යමාන සටන්කාමීන් ඔබයි. ඔබ පියා සිහි කිරීමෙන් ඔබගේ පාපයන්ගේ කුණු කසල පිළිස්සී යයි. පියා පවසන්නේ ඔබට, ඔබගේ ව්‍යාපාර ආදිය කළ හැක, නමුත් පියා සිහි කරන්න. ඔබ උපතින් උපතට ඒකායන ආදරවන්තයාගේ පෙම්වතුන් වී ඇත. දැන් ඔබට එම ආදරවන්තයාව හමුවී ඇති බැවින් ඔබ ඔහු සිහි කළ යුතුයි. පෙර, ඔබ ඔහු සිහිකළ නමුත් එමගින් ඔබගේ පාපයන් අහෝසි වූයේ නැත. ඔබ මෙහිදි තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුතු බව පියා ඔබට පවසා තිබේ. මෙසේ විය යුත්තේ ජීවාත්මයන්ය. උත්සාහ දරමින් සිටින්නේ ජීවාත්මයන්ය. ඔබ මෙම එක උපතෙදී, බොහෝ උපත් ගණනාවක අපද්‍රව්‍ය ඉවත් කළ යුතුයි. මෙය මරණීය දේශයේ අවසන් උපත වන අතර ඉන්පසුව ඔබ අමරණීය දේශයට යා යුතුයි. පිවිතුරු නොවී ජීවාත්මයන්ට එහි යා නොහැක. සියලු දෙනාගේ කර්ම ගිණුම් පියවිය යුතුයි. එවිට ඔබ දඬුවම් අත්විඳින්නේ නම් ඔබගේ තත්ත්වය අඩු වෙයි. දඬුවම් අත්නොවිඳින අය, මාලාවේ පබුළු අට බව කියයි. මැණික් ගල් නවයක මුදු සාදයි. ඔබට එසේ වන්නට අවශ්‍ය නම් පියා සිහිපත් කිරීමට ඔබ බොහෝ උත්සාහ දැරිය යුතු වනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සංගම යුගයෙදි තමන්ව මාරුකර හරින්න. ඉගෙන ගැනීමෙන් සහ පාරිශුද්ධත්වය ධාරණය කර ගැනීමෙන් ඔබගේ චරිතය හදා ගන්න. ධ්‍යානගත වීම ආදියට කිසිදු උනන්දුවක් නොදක්වන්න.

2. ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් ක්‍රියා කරන්න, නමුත් ටිකක් නිදා ගැනීම ද කරන්න, මන්ද, මෙය හතයෝගාව නොවෙයි. කෙසේවෙතත්, ඔබ සිහිපත් කිරීමේ වන්දනා ගමන කිසිම විටෙක අමතක නොකළ යුතුයි. එය කෑමට ගන්නා අයගේ හදවත් පිවිතුරු වන සේ, ආහාර පිළියෙල කර, එය අන් අයට බෙදන විට, යෝග්යුක්තව රැඳී සිටින්න.

වරදානය:
ඔබ රාජ ඍෂි කෙනෙකු වී ඔබටම ස්වාමියෙක් වී ඔබේ සියුම් බලයන්ගෙන් ජය ලබත්වා.

ඔබේ ඉන්ද්‍රිය ජයගන්නෙකු වීම පහසු නමුත් , ඔබේ මනස, බුද්ධිය සහ සංස්කාර වන ඔබේ සියුම් බල ජය ගැනීමට සියුම් පුහුණු වීම් අවශ්‍ය වේ. යම් අවස්ථාවක ඔබට අවශ්‍ය වන සංස්කාරයක් හෝ සිතිවිල්ලක් පහසුවෙන් අනුගමනය කිරීම ඔබේ සියුම් බලයෙන් ජයග්‍රාහී යැයි කියනු ලැබේ. එය රාජ ඍෂි කෙනෙකුගේ අවස්ථාවයි. ඔබ ඔබේ සිතීමේ ශක්තියට වහාම අවධානය යොමු කරන ලෙස නියෝග කරන්නේ නම්, රජුගේ අණ ක්‍ෂණිකව ඒ ආකාරයෙන් පිළිපැදීම තමාගේම ප්‍රවීණයෙකු වීමේ ලකුණකි. මෙය පුහුණුවීමෙන් ඔබ අවසන් ප්‍රශ්න පත්‍රය සමත් වනු ඇත.

පාඨය:
සේවය කිරීමෙන් ඔබට ලැබෙන ආශිර්වාද සියල්ලටම වඩා වටිනා ත්‍යාගයයි.