08.11.26 Avyakt Bapdada
Sinhala
Murli 18.10.2071 Om Shanti Madhuban
(දීපාවලී උත්සවය
වෙනුවෙන් බාප්දාදාගේ විශේෂ, මධුර, ශ්‍රේෂ්ඨ වදන්)
දීප්මාලාව, ජීවමාන දීපක් (පහන්) මාලාවේ සිහිවටනයයි.
බාප්දාදා අද දකින්නේ
මොනවාද? ඔහු ඔය පහන් මාලය දැක ගැනීමට ඇවිත්. මිනිසුන් දීපමාලා දවසේ සිහිවටනය සමරන
නමුත් බාප්දාදා ඔය ජීවමාන පහන් වල මාලය දකිනවා. දීප්මාලා දිනයේ, ඔබ සියලු දෙනා
දැල්වුනු පහන් දකින විට, ඒවා දකිද්දි, ඔබගේ සිහිවටනය සැමරීම ගැන ඔබට සතුටක්
තිබෙනවාද? දැල්වුනු පහනකට බොහෝ සෙනෙහසක් තිබෙන සේම ඔබගේ සිහිවටනය සමරන බව ඔබ දකින
විට, ඔබට ලෝක පියාණන්ගේ සහ මුළු ලෝකයේම ජීවාත්මයන්ගේ සෙනෙහස ලැබෙන බවට අවධානය ඔබට
තිබේ. ඉතිං, අද ඔබ පැමිණ ඇත්තේ ජීවමාන ස්වරූපයකින් සිහිවටනය දැක ගැනීමටයි. මාලාවක
තිබෙන්නේ එක පබුළුවක් පමණක් නොවෙයි, මාලාව නිර්මාණය කරන්නේ බොහෝ පබුළු වලින්. යම්
ස්ථානයක, එක දැල්වුනු පහනක් පමණක් තිබේ නම්, එය පහන් මාලාවක් ලෙස හඳුන්වන්නට නොහැක.
ඒ අන්දමින්ම, මාලාවක ස්වරූපයෙන් බොහෝ දැල්වුනු පහන් දිස් වෙයි. ඉතිං ඔබ සෑම
කෙනෙක්ම, දීපක් මාලාවේ අමුණන ලද දැල්වුනු පහනක් බව ඔබ සලකනවාද? බොහෝ දැල්වුනු පහන්
වල මාලාව දැකීමෙන් ඔබ සතුටු වනවාද? අද, දීපමාලා (දීවාලි) දිනයේ ඔබ සියලු දෙනාම
දීපවාලි සැමරුවාද? ඔබ විශේෂ ආකාරයකට දීපාවලි සැමරුවාද? ඇත්ත වශයෙන් ඔබ නිරන්තරයෙන්
දැල්වුනු පහන්ය, නමුත් එය විශේෂ සිහිවටන දිනයක් වන විට, ඔය විශේෂ ජීවාත්ම කළ යුත්තේ
කුමක්ද? විශේෂ ආකාරයකින් උපකරණ බවට පත්වන ඔය විශේෂ ජීවාත්ම කළ යුත්තේ කුමන සේවයක්ද?
විශේෂ ජීවාත්ම, අන් අය කරන අන්දමට නොව, විශේෂ වන කාර්යයක් සිදු කළ යුතුයි. වෙනත්
ජීවාත්මයන්ට කළ හැකි සහ කරන දෙයක්, විශේෂ ජීවාත්ම සිදු කරන්නේ නම්, එවිට විශේෂ
ජීවාත්මයන්ගේ වෙනස කුමක්ද? විශේෂ ජීවාත්ම, විශේෂ කාර්යයක් සිදු කළ යුතුයි. විශේෂ
දිනවල, බාප්දාදා දරුවන්ට සහ බැතිමතුන්ට තුන් ආකාරයකින් සේවය කරයි. ඔවුන්ගේ සිහිවටන
දිනයේ, විශේෂ ජීවාත්ම, විශේෂයෙන් දර්ශන පිරිනමන ප්‍රතිරූ විය යුතුයි, එමෙන්ම
ජීවාත්ම වෙනුවෙන් ඇති ඔවුන්ගේ යහපත සළසන හැඟීම් වලින්, බාප්දාදා සිදු කරන ආකාරයටම,
ප්‍රායෝගික අන්දමකින් බලයෙන් සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික සෙනෙහසේ ස්වරූපයෙන් සහ ඔවුන්ගේ
සූක්ෂම බලයන්ගෙන් ජීවාත්ම පිරවිය යුතුයි. බාප්දාදා සෑම තැනකම සිටින සියලුම
ජීවාත්මයන්ට අව්‍යක්ත ස්වරූපය තුළින් සේවය කරන සේම; බාප්දාදා ඔවුන් සමග හමුවක්
පවත්වා, ඔවුන්ගේ සිහි කිරීමට ප්‍රතිචාරයක් දැක්වූ බව හෝ ඔවුන්ගේ සිහි කිරීමේ
ප්‍රායෝගික ඵලය ඔවුන් අත්වින්ද බව, දරුවන්ට හැඟී යයි. ඔවුන්ගේ සෙනෙහසේ හැඟීම් සහ
විශ්වාසය, දෙවියන් ඉෂ්ඨ කරන බව, බැතිමතුන් පවා අත්දකියි. ඔවුන් ප්‍රායෝගික
අන්දමකින් එය නොකඩවා අත්දකියි.
ඒ ආකාරයටම, ඔය විශේෂ
ජීවාත්ම, ප්‍රදීපාගාර සහ බලාගාර බවට පත් වී, ඔබගේ අව්‍යක්ත ස්ථිතියෙන් සහ ඔබගේ
ආධ්‍යාත්මික ආලෝකය සහ බලයේ ස්ථිතියෙන්, එක් ස්ථානයක සිට අලෞකික ආධ්‍යාත්මික සේවය
කරන ආකල්පයකින් සහ හැඟීම් වලින් සෑම තැනකටම සේවය කළ යුතුයි. මෙය සීමාවන් නොමැති
සේවය ලෙස හැඳින්වෙයි. මෙම සිහිවටන දිනයේ ඔබගේ පුරවැසියන් සහ බැතිමතුන් ඔබව
විශේෂයෙන් සිහි කරන බව අත්විඳ, අවබෝධ කරගන්න. තාවකාලික ගුප්ත බල ඇති අයට එක්
ස්ථානයක සිට ඔවුන්ගේ ස්වරූපයේ දර්ශනයක් ඔවුන්ගේ බැතිමතුන්ට ලබා දිය හැක. එබැවින් ඔය
විශේෂ ජීවාත්මයන්ට ඔබගේ ආලෝකය සහ බලයෙන්, ඔබගේ සේවයේ අත්දැකීමක් ඔබගේ පුරවැසියන්ට
සහ බැතිමතුන්ට ලබා දිය නොහැකිද? ඉතිං මෙවන් විශේෂ සිහිවටන දිනයක් පැමිණෙන විට,
විශේෂ ජීවාත්ම, ඔවුන්ගේ විශේෂ සේවය අත්විඳිය යුතුයි. ඔබ එවැනි සේවයක් සිදු කළාද?
අච්චා, එය සේවය ගැන කරුණක්. දීපාවලිය දවසේ, ඔබ තමන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු
කළාද? අද දින, ඔබ වන ජීවාත්මය තුළ ඇති සංස්කාර සෑම කලටම පරිවර්ථනය කිරීමට ඔබ
විශේෂයෙන් අවධානය යොමු කළාද? මෙහි සිහිවටනය වන්නේ පැරණි ගිණුම් අවසන් කිරීම බැවින්,
ඔය ජීවාත්ම එය ප්‍රායෝගික ස්වරූපයකින් අනිවාර්යෙන් සිදු කර තිබේ, ඒ නිසයි සිහිවටනය
පැවතී ඇත්තේ. එබැවින් මෙදින, තවමත් ඉතිරිව තිබෙන අතීතයේ කුඩාම හෝ සංස්කාර වල ගිණුම්
ඔබ අවසන් කළාද? ගිණුම් අවසන් කිරීමට පෙර, ඔබ ඒවා පරීක්ෂා කර, ප්‍රතිඵලය දෙස බැලිය
යුතුයි. ඔබ සියලු දෙනාම මේ ආකාරයට ඔබගේ වාර්ථාව පරීක්ෂා කළාද? ඔබ පරීක්ෂා කළ යුත්තේ
කුමක්ද? මේ වනතුරු ඔබ කුමන හෝ උත්සාහයක් දරා ඇත්නම්, ඔබ එයින් කුමන ප්‍රතිශතයකට සහ
කුමන කාරණා අතින් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත් වුණාද? පළමුව ඔබගේ මනසේ
සිතිවිලි පරීක්ෂා කර, ඔබගේ වාර්ථාව පරීක්ෂා කරන්න: සම්පූර්ණයෙන් ශ්‍රේෂ්ඨ සිතිවිලි
තිබීමේ මගේ උත්සාහය අතින්, මා කෙතරම් දුරට සාර්ථක වුණාද? මගේ වචන වලින් මා කෙතරම්
දුරට පරම පියාගේ හැඳින්වීම ජීවාත්මයන්ට ලබා දුන්නාද, එමෙන්ම ජීවාත්ම කොපමණ
සංඛ්‍යාවක් ආදරණීය සහ සහයෝගී කරවීමට මට හැකි වුණාද? මගේ වචන තුළ, එම
ආධ්‍යාත්මිකත්වය, අද්විතීය බව සහ ආකර්ෂණය කෙතරම් දුරට තිබුණාද? මගේ ක්‍රියා තුළින්,
කෙතරම් දුරට මට නිරන්තරයන් ආදරණීය සහ නොබැඳිව, අලෞකිකව සහ සාමාන්‍ය බව ඉක්මවා සිටිය
හැකිද? මගේ ක්‍රියාවන්හි, මා කෙතරම් දුරට කර්ම යෝගීවරයෙක්, යෝග්යුක්ත, යුක්තියුක්ත
සහ ස්නේහයුක්ත (සෙනෙහසින් පිරි) වුණාද? මගේ සංස්කාර සහ මගේ ස්වරූපයේ, එනම් මගේ
මුහුණින් මා කෙතරම් දුරට පරම පියා මෙන් ආකර්ෂණීය, ආදරණීය සහ සහයෝගී වුණාද? මේ
ආකාරයට ඔබගේ වාර්ථාව පරීක්ෂා කිරීමෙන්, තවමත් ඉතිරිව තිබෙන පළුදු සහ දුර්වලතා අවසන්
කර, නව ගිණුම් ආරම්භ කිරීමට ඔබට හැකි වෙයි. මේ ආකාරයට ඔබගේ වාර්ථාව පරීක්ෂා කරන්න.
මෙය දීපවාලිය සැමරීම
ලෙස හැඳින්වෙයි, එනම්, එය සැමරීම යනු, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීමට අධිෂ්ඨානගත
සිතිවිල්ලක් ඇති කර ගැනීමයි. ඉතිං, ඔබ මේ අන්දමට දීපාවලි සැමරුවාද නැත්නම් ඔබ
හමුවක් පමණක් සැමරුවාද? හමුවක් සැමරීමේ සිහිවටනය, මාලාවක ස්වරූපයකි, නමුත්
අධිෂ්ඨානගත සිතිවිල්ලක සිහිවටනය වන්නේ, දැල්වූ පහනේ ස්වරූපයයි. ඉතිං ඔබ
දෙයාකාරයෙන්ම සැමරුවාද? ඔබ අළුත් ඇඳුම් ඇන්දාද? ජීවාත්මයට අළුත් ඇඳුමක් ලැබෙන්නේ
කුමන පදනමකට අනුවද? සෑම ජීවාත්මයකටම එය ලැබෙන්නේ ඔහුගේ සංස්කාර වල පදනමට අනුවයි.
සෑම ජීවාත්මයකගේම ඇඳුම පිළියෙල වන්නේ, ඔහුගේ සංස්කාර වල පදනමට අනුවයි. ඉතිං ඔබ
පළඳින්නේ කුමන අළුත් ඇඳුම හෝ කුමන අළුත් පැළඳුමද? නව යුගයේ සංස්කාර ධාරණය කර ගැනීමට
හෝ නව යුගය ස්ථාපිත කරන ඒකායන කෙනා වන පියා හා සමාන සංස්කාර ධාරණය කර ගැනීම යනු, නව
ඇඳුමක් පැළඳීමයි. ඔබ භෞතිකව කෙතරම් අළුත් ඇඳුම් ඇන්දත්, නව ලෝකයේ දේවල් සමග සසඳන
විට මෙම පැරණි ලෝකයේ අළුත් දේවල් පවා පැරණි දේවල් වැනිය, මන්ද, ඒවා සියල්ලක්ම
සම්පූර්ණ පරිහානි තත්ත්වයකට පත් වී තිබේ. මේ නිසයි, ඔබ අළුත් ඇඳුම් ඇන්දත්, ඒවා
අළුත් ලෙස හඳුන්වන්නේ නැත. සෑම දෙයක්ම අළුත් වන්නේ සතෝප්‍රධාන් ලෝකයේදි පමණයි.
තමෝප්‍රධාන් ලෝකයේ ඇති සෑම දෙයක්ම පැරණියි; ඒවා නීරසයි. එබැවින් ඔබ ඒවා අළුත් ලෙස
හඳුන්වයිද? එබැවින්, නව ඇඳුම් යනු, ඔබ තමා වන ජීවාත්මය තුළට නව සංස්කාර සහ ශ්‍රේෂ්ඨ
සංස්කාර ධාරණය කරගත යුතු බවයි. ඔබ වෙන කුමක්ද කරන්නේ? ඔබ නව සංස්කාර ධාරණය කරගත්
විට, ඉන්පසුව ඔබගේ වාර්ථාව පවත්වා ගැනීමෙන් එය නැවත ඔප ගැන්වෙයි. එබැවින්, ඔබගේ
වාර්ථාව පවත්වා ගැනීම යනු, නැවත තීන්ත ආලේප කිරීමයි, එනම් පිරිසිදුකම තිබීමයි. ඔබ
සෑම දෙයකම නැවත තීන්ත ආලේප කරන විට සියලුම අපද්‍රව්‍ය සහ විෂබීජ ඉබේටම අතුරුදහන්
වෙයි. ඉතිං ඔබ මේ අන්දමට ඔබගේ වාර්ථාව පරීක්ෂා කරන විට, ඔබගේ සියලුම දුර්වලතා එවිට
ඉබේටම අවසන් වෙයි. ඔබ එකිනෙකා සමග හුවමාරු කරගන්නේ කුමන මිහිරි වදන්ද? දීපාවලියෙදි
ඔබ එකිනෙකා සමග තෑගි හුවමාරු කරගනී. ඔබ එකිනෙකා සමග බෙදා ගන්න විශේෂ තෑග්ග කුමක්ද?
එකිනෙකාට තෑග්ගක් ලෙස ලබා දීමට, ඔබට තිබෙන්නේ කුමක්ද? (සෙනෙහසේ තෑග්ග). ඔබ කොහොමත්
සෑම විටම එකිනෙකාට ආදරණීයයි, ඔබ මෙම දිනයේ විශේෂ සෙනෙහසක් දක්වනවාද? ඔබ ආදරණීයයි,
එමෙන්ම මෙම සෙනෙහසේ තවත් ලක්ෂණයක්, මෙම සමීප බවේ තවත් ලක්ෂණයක්, දීපමාලාව (පහන්
මාලයක්) බව කියයි. විශේෂ දිනයන්හි ඔබ ලබා දිය යුතු විශේෂ තෑග්ග කුමක්ද? මේ දක්වා
ඔබගේ උත්සාහ තුළින් ඔබ ලබා ගත් කුමන හෝ පහසු සාර්ථකත්වයක් හෝ ඔබ පහසුවෙන් අත්දැකීම්
ලබා ඇති සහ අන් අයවත් අත්දැකීම් ඇති අය බවට පත් කළ හැකි, මෙම දැනුමේ ඔබ අත්දැක ඇති
මාණික්‍යයන් ඔබ අන් අයට විශේෂයෙන් ලබා දිය යුතුයි. ඔබට වැටහෙනවාද? ඔබගේම අත්දැකීම්
තුළින්, ඔබ තමන්ගේ බවට පත් කර ඇති සහ ඔබ ජීවාත්මයන්ව ඉන් විශේෂයෙන් අත්දැකීම් ඇති
අය බවට පත් කරවන, පියාගෙන් ලද මෙම දැනුමේ මැණික් වල සම්පත් ඔබ එකිනෙකාට ලබා දිය
යුතුයි. විශේෂ ත්‍යාගය මෙයයි. එය සෑම කලටම සිහිවටනයක් වන අන්දමට ඔබ එකිනෙකාට එවන්
තෑග්ගක් ලබා දිය යුතුයි. ඔබ අන් අයට එවන් මැණික් ලබා දෙන විට, පරම පියාගේ සිහි
කිරීමත් සමගම එවිට එම ජීවාත්මයන්ට අනිවාර්යෙන් සෑම විටම ඔබ ලබා දුන් මැණික්ද සිහි
වෙයි. එබැවින් ඔවුන්ව සෑම කලටම පිරිපුන් කරවන තෑග්ගක් ඔබ අන් අයට ලබා දිය යුතුයි.
මේ අන්දමට දීපාවලි සමරා, ජීවාත්මයන්ට ශ්‍රේෂ්ඨ සේවයක් සිදු කරන ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්
වන්න.
වර්ථමානයේ සියලුම
ජීවාත්ම ධනයට පිපාසාවෙන් සිටියි. ඔවුන්ට කිසි විටෙක ධනය ඉල්ලීමට සිදු නොවන අන්දමට
එවන් පිපාසිත ජීවාත්මයන්ට ආධ්‍යාත්මික ධනය ලබා දෙන්න. ධනය ඉල්ලන්නේ කවුද? යාචකයන්.
අද, ජීවාත්ම, යාචකයන්ය. ඔවුන් රාජකීය යාචකයන් ලෙස හැඳින්විය හැක. ජීවාත්මයක් කෙතරම්
කෝටිපතියෙක් වුනත්, ඒ තිබියදි ඔවුන් යාචකයන්ය. එවන් යාචක ජීවාත්ම සිඟාකෑමෙන් මුදවා
ගන්න. මෙය අසීමිත සේවයයි. ඔබ දානපතිගේ දරුවන් නොවේද? එබැවින්, දානපතිගේ දරුවන්,
ආශිර්වාද පිරිනමන්නාගේ දරුවන්, ඔබගේ ආශිර්වාද වල බලයෙන් සහ මෙම දැනුමේ දානයේ
බලයෙන්, යාචක ජීවාත්මයන්ව සමෘද්ධිමත් කරන්න. මෙදින, භාග්‍යය පිරිනමන්නාගේ දරුවන් සහ
ආශිර්වාද පිරිනමන්නාගේ දරුවන් තුළ යාචක ජීවාත්ම කෙරෙහි අනුකම්පාවක් තිබිය යුතුයි.
අන් අය කෙරෙහි එවන් දයානුකම්පාවක් ඇති අයට මායා සහ ලෝකය හිස නමයි. මේ නිසයි ඔවුන්
අද පවා පහන් දල්වන්නේ. ඔවුන් පහනක් දල්වන විට, ඔවුන් අනිවාර්යෙන් හිස නමයි. එබැවින්
දැන් පවා, එවන් දැල්වූ පහන් වන ජීවාත්මයන්ගේ මෙම සිහිවටනය, සදාතනිකයි. නිවුනු පහන්
ඉදිරියේ මිනිසුන් හිස නමන්නේ නැත. එබැවින් සෑම විටම දැල්වුනු පහනක් වන්න. බාප්දාදා
පවා එවන් ජීවාත්මයන්ට ආචාර කරයි. අච්චා.
මහාරාශ්ත්‍ර කලාපයේ
සහෝදර සහෝදරියන්ට අව්‍යක්ත බාප්දාදාගේ ශ්‍රේෂ්ඨ වදන්. මුල් දිනය 2012/03/20
මෙම කලාපයේ සංඛ්‍යාද
විශාලයි. නම වන්නෙත් මහාරාශ්ත්‍ර, එබැවින් එය මහ විශාල වෙයි. එහි නාමය මෙන්
සංඛ්‍යාද විශාලයි. බොම්බාය සහ දිල්ලියට එක් දෙයක් වෙනුවෙන් උනන්දුව සහ උද්යෝගය ඇති
බව බාප්දාදා දැක තිබෙනවා. ඔබ සේවය කරන අතර ඒ ගැන කෙනෙකුට කිසිවක් පැවසීමට අවශ්‍ය
නැත; ඔබ එය හොඳින් කරන අතර නොකඩවා එසේ කරයි. කෙසේවෙතත්, බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔබ
සමග නෑ සබඳතාවයක් ඇති මයික් සහ ඉන්පසුව උරුමකරුවන්ද විය හැකි, එවන් විශේෂ
ජීවාත්මයන්ගෙන් කණ්ඩායමක් බොම්බාය සහ දිල්ලිය සෑදිය යුතු බවයි. එවන් කණ්ඩායමක් සොයා
ගන්න, මන්ද සියලු අංශ වලින් බහුතරයක් බාප්දාදාට ලැයිස්තුවක් එව්වා; බාබා එම
ලැයිස්තුව දුටුවා. එම ලැයිස්තුවේ බාබාගේ නම කීර්තිමත් කළ හැකි හොඳ නම් තිබේ. දැන්
ඔවුන්ව හෙළිදරව් කරන්න. ඔබ වෙනුවට, ඔවුන් ලවා දේශන පැවැත්වීමට සලස්වන්න. ඔබගේ දැනුම
කුමක්ද කියා ඔවුන්ගේ අත්දැකීම් ඔවුන් බෙදා ගත යුතුයි. ඔවුන්ගේ ජීවිත වලට ඉන් ඇති වූ
වෙනස ගැන ඔවුන් කතා කළ යුතුයි. ඔබ උත්සවයක් පවත්වන ඕනෑම විටෙක, සමහර මිනිසුන් ඉතා
හොඳ අත්දැකීම් බෙදා ගනී, නමුත් එය, උත්සව වලදි එය බෙදා ගැනීමයි. නමුත් ඔවුන් මෙය
නිරන්තරයෙන් ඔවුන්ගේ ජීවිත වලදි අත්දැකිය යුතුයි. ඔබ මෙයට අවධානය යොමු කළොත්, ඔවුන්
මතු වෙයි, මන්ද, බාප්දාදා දුටු ලැයිස්තුවේ එවන් වටිනා ජීවාත්ම සිටියි, නමුත් ඔබ
ටිකක් උත්සාහ දරා ඔවුන්ව ඉදිරියට ගමන් කරවිය යුතුයි. ඇත්ත වශයෙන් සෑම අංශයක්ම මෙම
මිනිසුන්ගේ ලැයිස්තුව පවුලේ අය සහ පියා ඉදිරියට ගෙන ආ යුතුයි. අංශයන් මෙම කාර්යය
සිදු කර ඇත. ඔබ මෙම කාර්යය සිදුකර ඇති බව බාප්දාදා දැක තිබෙනවා, නමුත් ඔබ මෙය දිගු
කාලයක් සිදු කරමින් සිට ඇත; එබැවින් දැන් යම් නවතාවයක් ගෙන එන්න. නවතාවය වන්නේ ඔබ
උරුමකරුවන් නිර්මාණය කිරීමයි. අඩුම තරමින්, ඔබ සමග සම්බන්ධ වී ඇති අය, ඔබ සමග
සබැඳියාවක් ඇති කරගත යුතුයි, එමෙන්ම සබැඳියාවක් පවත්වන අතර ඔවුන් සේවය කිරීමේ
නියැලිය යුතුයි. පැමිණ, පිටව යන සබැඳියාවක් පමණක් නොවෙයි, නමුත් ඔවුන් පවුලේ සහ
පියාගේ සහකරුවන් විය යුතුයි. මෙයත් සිදුවිය යුතුයි. බ්‍රහ්මින්වරුන්ට එකට එක
සිතිවිල්ලක් ඇත්නම්, එවිට එය දැනටමත් සිදුවී අවසන් බව බාප්දාදා දැක තිබෙනවා.
කෙසේවෙතත්, සියලු දෙනාටම එකම සිතිවිල්ල තිබිය යුතුයි, මන්ද වාතාවරණය දැන් වෙනස් වී
ඇත. එවන් මයික් ගුණය ඇති දරුවන්ගේ සමූහයක් තිබිය යුතු බවයි බාප්දාදාට අවශ්‍ය වන්නේ.
බාබාව මුණ ගැසීමට ඔවුන් මධුබන් පැමිණි විට එය වෙනම කාරණාවක්, නමුත් දැන් ඔවුන්ව
පවුලේ කොටසක් බවට පත් කරවන්න, මන්ද සේවයේ යම් නවතාවයක් තිබිය යුතුයි. අච්චා.
ඉටු කළ යුතු තව එක
ආශාවක් බාප්දාදාට තිබෙනවා. එය කලාප වලටයි. එය කුමක්ද? ඔවුන්ගේ මධ්‍යස්ථානය බාධක
වලින් තොර බව, එහි එකමුතු බව තිබෙන බවට සුබ පුවත සෑම මධ්‍යස්ථානයක්ම ලබා දිය
යුතුයි. බාබාගේ සියලුම දරුවන් නිවැරදි බව, සේවය කිරීමේ කාර්යබහුලව නියැලී සිටින බව
සහ බාධක වලින් නිදහස්ය, යන පුවත කිසිම කලාපයකින් පැමිණ නැත. ඉතිං, මහාරාශ්ත්රය
ශ්‍රේෂ්ඨ කාර්යයක් සිදු කරයි, එහෙම නේද? කිසිම කලාපයක් තවමත් මෙම සුබ පුවත එවා
නැහැ. ඔබ එය විය යුතුයි, වෙන කවුරුන්ද එය වන්නේ? ඔබගේ තපස්යාව දෙවැනි නැත. ඔබ
ගුරුවරු වුනත්, ශිෂ්‍යයන් වුනත්, ලෝකයේ මිනිසුන් සමග බලන විට, ඔය සෑම කෙනෙක්ම
ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්. දැන් ටිකක් බලන්න: බාධක වලින් ටිකක් නිදහස් වන්න, එවිට සියලු
දෙනාම ඔබගේ අජීවී ප්‍රතිමා දෙස බලන අන්දමට ඔබ දෙස බලයි - පිවිතුරු හැඟීම් ඇතිව සහ
ජීවමාන දෙවඟනන් සහ දේවතාවන්ගේ ස්වරූපයෙන්. ඔය සෑම කෙනෙක්ම ඉතා හොඳ සේවයක් සිදු කර
තිබෙනවා. බාප්දාදා ඔබට ඒ වෙනුවෙන් සුබ පතනවා.
වරදානය:
ඔබ දිව්‍යමය
ගුණධර්ම කැඳවා, සියලු දුර්වලතා අවසන් කර, ඒ අනුව දිව්‍යමය ගුණදම් ඇති අයෙක් වේවා.
ශ්‍රී ලක්ෂ්මිව
දීපාවලියේ කැඳවන ආකාරයටම, ඔය දරුවන් තමන් තුළට දිව්‍යමය ගුණධර්ම කැඳවා, දුර්වලතා
පුද කිරීම අවසන් කළ යුතුයි. එවිට ඔබ නව සංස්කාර ස්වරූපයෙන් අළුත් ඇඳුම් අඳීවි. පරණ
ඇඳුම් වලට සුළු ඇල්මක් වත් තව දුරටත් නොතිබිය යුතුයි. ඉතිරිව තිබෙන කුමන හෝ
දුර්වලතා, පළුදු, බලයේ අඩුවක් හෝ සංවේදී ගති ස්වභාවයන්ගේ ගිණුම් සියල්ලක්ම අද දින
සෑම කලටම අවසන් කර, දිව්‍යමය ගුණදම් ඇති කෙනෙක් වන්න. එවිට අභිශේකය අනාගතයේ
පැවැත්වෙයි. දීපාවලිය එහි සිහිවටනයයි.
පාඨය:
ස්ව-අධිකාරියෙක් වීමට, උපදේශක වන ඔබගේ මනස, ඔබට සහයෝගී කරවන්න.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
ඔබ ‘බිංදු’(තිත) සහ
‘සින්දු’(සාගරය) යන වචන දෙක පමණක් මතකයේ තබා ගන්නේ නම්, ඔබට පහසුවෙන් අංග
සම්පූර්ණත්වයට පත්විය හැක. ඒකායන තිත පමණක් සිහිපත් කර නිරන්තර ස්ථිතියක් පවත්වා
ගන්න, ඒකායන කෙනාගේ උපදෙස් පිළිපදින්න, එමෙන්ම ඒකායන කෙනාගේ කාර්යයට උදව්කරුවෙක්
වන්න. තිත සහ ඒකායන කෙනා පමණක් තිබිය යුතු අතර ඉන්පසුව කිසිදු ව්‍යාප්තියකට යාමට
අවශ්‍ය නැත. ඔබට ව්‍යාප්තියට යාමට සිදුවෙයි නම්, එය සේවය වෙනුවෙන් පමණක් විය
යුතුයි. එයට අමතරව ඔබගේ බුද්ධිය වැඩි දුරටත් භාවිතා කිරීමට අවශ්‍යතාවයක් නැත.