08.12.24 Avyakt Bapdada
Sinhala
Murli 13.02.2003 Om Shanti Madhuban
වත්මන් කාලයේ, ඔබ
දැන් ඔබගේ දයාවෙන් පිරුණු සහ දානපති ස්වරූපය හෙළිදරව් කළ යුතුයි.
අද දින, ආශිර්වාද
පිරිනමන්නා වන පරම පියා, දැනුමේ දානපතියන්, බලයේ දානපතියන්, ගුණදම් වල දානපතියන් සහ
පරමාත්ම දෙවියන්ගේ දූතයන් වන ඔහුගේ දරුවන් දෙස බලයි. සෑම දරුවෙක්ම මාසටර්
දානපතියෙක් වී, ජීවාත්මයන්ව, පරම පියාගේ සමීපයට ගෙන ඒමට ඔවුන්ගේ හදවත් වලින් උත්සාහ
දරමින් සිටිනවා. ලෝකයේ විවිධ ආකාරයේ ජීවාත්ම සිටිනවා. සමහර ජීවාත්මයන්ට අවශ්‍ය
දැනුමේ අමෘතය වන අතර සමහර ජීවාත්මයන්ට බලය සහ ගුණදම් අවශ්‍ය වන නමුත් ඔය දරුවන්ට මේ
සියලුම නොනිමි සම්පත් නිරන්තරයෙන් තිබේ. ඔබ සියලු ජීවාත්මයන්ගේ ආශා ඉටු කරන අයයි.
දිනෙන් දින, පරිසමාප්තියේ කාලය සමීප වන බැවින් ජීවාත්ම දැන් නව ආධාරකයක් සොයමින්
සිටිනවා. එබැවින් ජීවාත්මයන්ට නව ආධාරකයක් ලබා දීමට ඔය ජීවාත්ම උපකරණ වී ඇත. ඔය
දරුවන්ගේ උනන්දුව සහ උද්යෝගය දැකීමෙන් බාප්දාදා සතුටු වෙයි. එක අතකින් අවශ්‍යතාවයක්
තිබෙන අතර අනෙක් අතට උනන්දුව සහ උද්යෝගය තිබේ. අවශ්‍ය වෙලාවකදි එක බිංදුවක් වුනත්
ඉතාම වැදගත්ය. එබැවින් මේ කාලයේ ඔබ ලබා දෙන බිදිති වල, ඔබ දෙන පණිවිඩයේ වැදගත්කමක්
තිබෙනවා.
වත්මන් කාලය, ඔය
සියලුම දරුවන් දයාවෙන් පිරි දානපති ස්වරූපයෙන් හෙළිදරව් වීමේ කාලයයි. ඔබගේ සදාතනික
ස්වරූපයේ වුවද ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ට දානපති සංස්කාර තිබේ. මේ නිසයි, කල්ප
වෘක්ෂ පිංතූරයේ ඔබ ගසේ මුල් අතරේ පෙන්වා තිබෙන්නේ, මන්ද, ගසට සෑම දෙයක්ම ළගා වෙන්නේ
මුල් මගින් නිසා. ඔබගේ ආදිතම දේවතා (දානපති) ස්වරූපයේ අරුත වන්නේ දෙන කෙනා යන්නයි.
මැද කාල වකවානුවේ ඔබගේ ස්වරූපය වන්නේ පිදුම් ලබන්නට සුදුසු ප්‍රතිමාවයි. මැද කාල
වකවානුවේ පවා ඔබගේ වන්දනීය ස්වරූප මගින් ආශිර්වාද ලබා දෙන දානපතියන්ය, ඔබ. ඔබ සුබ
පැතුම් සහ ආශිර්වාද ලබා දෙන දානපතියන්ය. ඔය ජීවාත්මයන්ගේ විශේෂ ස්වරූපය වන්නේ
දානපතියන් වීමය. එබැවින් දැන් වුවද, ඔබ පරමාත්ම දෙවියන්ගේ දූතයන් බවට පත් වී,
පියාගේ හෙළිදරව්වේ පණිවිඩය බෙදා හරිමින් සිටියි. එබැවින් සෑම බ්‍රහ්මින් දරුවෙක්ම
පරීක්ෂා කළ යුතුයි: දානපතියෙකුගේ ආදිතම සහ සදාතනික සංස්කාර ඔබගේ ජීවිතයේ
නිරන්තරයෙන් ඉස්මතු වුණු ස්වරූපකින් තිබෙනවාද? දානපති සංස්කාර ඇති ජීවාත්මයකගේ
ලක්ෂණය වන්නේ: යමෙක් ඔවුන්ට දුන්නොත් පමණත් තමන් ලබා දෙන බව හෝ වෙන කෙනෙක් යම්
දෙයක් කළොත් පමණක් තමන්ද එය කරන බවට සුළුම සිතිවිල්ලක් පවා ඔවුන්ට නොතිබීමය; නැහැ.
ඔවුන් නිරන්තරයෙන් විවෘත වූ නිධන් ගබඩාය. එබැවින් බාප්දාදා සෑම තැනකම සිටින සියලු
දරුවන්ගේ දානපති සංස්කාර දෙස බලමින් සිටියා. ඔහු දකින්නට ඇත්තේ කුමක්ද? එය අංක
පිළිවෙලයි, නේද? කිසිම විටෙක මෙම සිතිවිල්ල ඇති නොවිය යුතුයි: “එය මෙහෙම වුනා නම්,
එවිට මාද එය කරනවා.” දානපතියෙකුගේ සංස්කාර තිබෙන අයට ඉබේටම සෑම තැනකින්ම සහයෝගය
ලැබෙයි. ජීවාත්මයන්ගෙන් පමණක් නොවෙයි, නමුත් කාලයට අනුව සොබාදහම පවා සහයෝගී වෙයි.
යම් කෙනෙක් දානපතියෙක් වූ විට, එම පුණ්‍යකර්මයේ ඵලය ලෙස එම ජීවාත්මයට නිසි වෙලාවට
පහසුවෙන් සහයෝගය සහ සාර්ථකත්වය ලැබීම, සූක්ෂම ගිණුමක්ය. එබැවින් දානපතියෙකුගේ
සංස්කාර නිරන්තරයෙන් මතු කර තබා ගන්න. ඔබගේ පුණ්යකර්ම ගිණුම් වල, ඔබට එකට දහ
ගුණයක් ලැබෙයි. එබැවින් ඔබගේ සිතිවිලි, වචන, සහ නෑ සම්බන්ධතා තුළින් පුණ්‍යාත්මයක්
ලෙස ඔබ දවස පුරා ඔබගේ පුණ්‍ය ගිණුමේ කෙතරම් රැස් කර ගත්තාද කියා පරීක්ෂා කර බලන්න.
ඔබගේ මනසින් සේවය කිරීමෙන් පවා ඔබගේ පුණ්යකර්ම ගිණුමේ ඔබ රැස් කරගනී. ඔබගේ වදන්
වලින් දුර්වල ජීවාත්මයන්ට සතුට ලබා දීමෙන්, අසරණ වී සිටින ජීවාත්මයන්ට ඔවුන්ගේ
ගෞරවය ගැන සිහි කර දීමෙන්, අධෛර්යයට පත්ව සිටින ජීවාත්මයන්ට ඔබගේ වචන වලින් උනන්දුව
සහ උද්යෝගය ලබා දීමෙන් එමෙන්ම ඔබ සමග නෑ සබදතාවයක සිටින ජීවාත්මයන්ට ඔබගේ ශ්‍රේෂ්ඨ
ඇසුරේ පැහැය ලබා ගැනීමට මගපෑදීමෙන් ඔබගේ පුණ්යකර්ම ගිණුමේ ඔබට රැස් කර ගත හැක. ඔබ
මෙම උපතේ කෙතරම් පුණ්යකර්ම රැස් කරගන්නේද යත්, කල්ප භාගයක්ම ඔබ එම පුණ්‍යකර්මයේ
ඵලය බුදියි, එමෙන්ම කල්පයේ ඉතිරි භාගයේදි ඔබගේ අජීව ප්‍රතිමා විසින් නිර්මාණය කරන
වාතාවරණය තුළින් ඔබ පාපකාරී ජීවාත්මයන්ව ඔවුන්ගේ පාපයන්ගෙන් නිදහස් කරයි. ඔබ
පාරිශුද්ධකරුවන් වෙයි. එබැවින් සෑම දරුවෙක්ම රැස් කර ඇති පුණ්යකර්ම ගිණුම දෙස
බාප්දාදා නොකඩවා බලයි.
සේවය කිරීම සදහා
වත්මන් කාලයේ දරුවන්ගේ උනන්දුව සහ උද්යෝගය දැක බාප්දාදා සතුටු වනවා. දරුවන්ගෙන්
වැඩි දෙනෙකුට සේවය කිරීමට ඉතා හොද උද්යෝගයක් තිබුණා. ඔබ සෑම කෙනෙක්ම තමන්ගේම ආකාර
වලින් සේවා සැලසුම් ප්රායෝගිකත්වයට දමයි. මේ වෙනුවෙන් බාප්දාදා ඔහුගේ හදවතින් ඔබ
සියලු දෙනාටම සුබ පතනවා. ඔබ හොදින් සියල්ල සිදු කරන අතර නොකඩවා එසේ හොදින්
සිදුකරයි. හොදම දේ වන්නේ සියලු දෙනාගේ සිතිවිලි සහ කාලය මෙය කිරීමේ නියැලී සිටීමයි.
සෑම තැනකම සේවය කිරීමේ අරමුණ සියලු දෙනාටම තිබෙනවා, මන්ද, සියලු පැමිණිලි
අනිවාර්යෙන් අවසන් විය යුතුයි.
බ්‍රහ්මින්වරුන්ගේ
අධිෂ්ඨානගත සිතිවිලි බොහෝ බලයෙන් පිරි තිබේ. බ්‍රහ්මින්වරුන්ට අධිෂ්ඨානය ඇත්නම්
එවිට කළ නොහැක්කේ කුමක්ද? සෑම දෙයක්ම සිදුකර නිමා කරයි. ඔබගේ යෝගාව, බලවත් ගිණිදැල්
වල ස්වරූපය බවට පත්කර ගන්න, එපමණයි. ඔබගේ යෝගාව, බලවත් ගිණිදැල් ස්වරූපය ගන්න විට,
ජීවාත්ම ඉබේටම බලවත් ගිණිදැල් පසුපස පැමිණෙයි, මන්ද, ඔවුන්ට ආලෝකය ලැබෙන විට,
ඔවුන්ට මාවත දැක ගැනීමට හැකි වෙයි. ඔබ දැන් යෝගාවේ සිටින නමුත් එය බලවත් ගිණිදැල්වල
ස්වරූපය ගත යුතුයි. සේවය කිරීමට උනන්දුව සහ උද්යෝගය ඉතා හොදින් වැඩි වෙනවා, නමුත්
එය බලවත් ගිණිදැල් වල ස්වරූපය ගැනීම සදහා ඔබ දැන් යෝගාව වැදගත් බව සැලකිය යුතුයි.
අන් අයට නියත වශයෙන්ම එයින් යම් අත්දැකීමක් ලැබෙන අන්දමට ඔබගේ ද්‍රිෂ්ඨිය තුළ එවන්
දීප්තියක් තිබිය යුතුයි.
විදෙස් රටවල මිනිසුන්
සිදු කළ, කාලයේ අයැදීම, යන සේවා ක්‍රමවේදයට බාප්දාදා ප්‍රිය කරයි - එනම්, කුඩා සමූහ
සමීපයට ගෙන ඒමේ සේවය. සෑම මධ්‍යස්ථානයක්ම, සෑම කලාපයක්ම, තම තමන්ගේ තනි සේවා කටයුතු
සිදු කරයි, නමුත් ඔබ දැන් සියලුම වෘත්තීන්ගේ සමූහයක් නිර්මාණය කළ යුතුයි. සේවය සෑම
තැනකම පැතිරී යන බව බාප්දාදා ඔබට පවසා ඇත. එබැවින් දැන් සෑම තැනකින්ම සේවය කර ඇති
අයගෙන් වටිනා සමූහයක් තෝරාගෙන ඔවුන්ව සමීපයට ගෙන එන්න. ඉන්පසුව විටින් විට, එම
සමූහය නොකඩවා සමීප කරවන්න. සේවය කිරීමට ඔවුන්ගේ උනන්දුව සහ උද්යෝගය වැඩි වීමට
මගපාදන්න. එවන් ජීවාත්ම සිටින බව බාප්දාදා දකින නමුත් බලවත් අන්දමකට සාමූහික වශයෙන්
ඔවුන්ට පෝෂණය නොලැබෙයි. ඔවුන්ට තනි තනිව ඔවුන්ගේ හැකියාවට අනුව පෝෂණය ලැබෙනවා.
සමූහයකදි එකිනෙකාව දකින විට ඔවුන්ට උද්යෝගයක් ඇති විය හැක. “ ඒ කෙනාට මෙය කළ හැකි
නම්, මටද එය කළ හැක. මමත් එය කරන්නම්.” එවිට ඔවුන් තුළ උද්යෝගයක් ඇති විය හැක.
බාප්දාදාට දැන් දැකීමට අවශ්‍ය මෙම ප්‍රායෝගික සාමූහික ස්වරූපයේ සේවයයි. ඔය සෑම
කෙනෙක්ම ඔබගේ වෘත්තීයට, ඔබගේ ප්‍රදේශයට, ඔබගේ කලාප සහ මධ්‍යස්ථාන වලට සේවය කිරීමට
ඉතා හොදින් උත්සාහ දරන අන්දම දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. දැන් ඔවුන්ගෙන්
ඇතැමුන්ව බාබා ඉදිරියට ගෙන එන්න. ගෘහවාසීන්ගේ උද්යෝගයත් බාප්දාදා වෙතට ළගා වෙනවා.
ද්විත්ව විදේශිකයන් දෙගුණයක කාර්යයක් කරන අන්දම දැකීමෙන්ද බාප්දාදා සතුටු වනවා:
නිවසේ වාසය කරමින් සේවය කිරීමට උත්සාහ දැරීම සහ තමන් වෙනුවෙන් උත්සාහ දැරීම.
වත්මන් කාලයේ
විදේශයන්හි වාතාවරණය දකින විට ඔය බ්‍රහ්මින් ජීවාත්ම බිය වන්නේ නැහැ නේද? හෙට දිනයේ
කුමක් සිදුවෙයිද කියා ඔබ කණස්සලු වන්නේ නැහැ නේද? “හෙට එය හොද වෙයි. එය හොද වන අතර
කුමක් සිදුවුනත් එය හොද වෙයි. ලෝකයේ කැලඹිලි තිබෙන්නේ කුමන ප්රමාණයකටද, එම
ප්‍රමාණයට ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ ස්ථිතිය නොසැලී රැදී තිබෙයි.” එය මෙසේද? ඔය
ද්විත්ව විදේශිකයන් සැලෙනවාද? නැත්නම් ඔබ නොසැලී සිටිනවාද? ඔබ නොසැලෙන අයද? ඔබ
සැලෙන්නේ නැහැ නේද? නොසැලෙන අය අත් ඔසවන්න! ඔබ නොසැලී සිටින අයයි. හෙට යම් දෙයක්
සිදුවුනොත් කුමක් වෙයිද? ඔබ ඒත් නොසැලී සිටියි නේද? කුමක් සිදු වෙයිද? කිසිවක්
නොවෙයි. ඔය බ්‍රහ්මණයින් මත පරමාත්ම දෙවියන්ගේ ආරක්ෂක වියන තිබෙනවා. යමක් ජලයට
ඔරොත්තු දෙන දෙයක් නම්, ජලය කෙතරම් පැමිණියත් එය ජලයට ඔරොත්තු දෙන බැවින් එයට ජලය
ඇතුඵ වන්නේ නැහැ. ඒ අන්දමින්ම, කෙතරම් කැලඹිලි තිබුණත්, බ්‍රහ්මින් ජීවාත්ම පරමාත්ම
දෙවියන්ගේ ආරක්ෂක වියන යට නිරන්තරයෙන් ආරක්ෂිතයි (ඔරොත්තු දෙයි). ඔබ සැහැල්ලු
අධිරාජයන් නේද? එසේ නැත්නම් කුමක් සිදුවෙයිද කියා ඔබ ටිකක් බියෙන් සිටිනවාද? නැහැ.
සැහැල්ලුවෙන්! ස්ව- පාලකයෙක් වන්න, ස්ව-පාලකයෙක් වී, නොසැලෙන සහ අචල අසුනේ තැන්පත්ව
සිටින්න. ඔබගේ අසුනෙන් නැගිටින්න එපා. අප්සෙට් වීම යනු ඔබගේ අසුනේ ඔබ තැන්පත්ව
නොසිටින බවයි, ඔබ අප්සෙට් වන්නේ මේ නිසයි. තම අසුනේ තැන්පත්ව සිටින අයට සිහිනෙන්වත්
අප්සෙට් විය නොහැක.
ඔය මව්වරු සිතන්නේ
කුමක්ද? ඔබගේ අසුන් මත තැන්පත් වන්නේ සහ එහි අසුන්ගන්නේ කෙසේද කියා ඔබ දන්නවාද?
චංචල වන්නේ නැහැ නේද? බාප්දාදා ඔබ සමග ඒකාබද්ධ වී සිටිනවා. සර්වබලධාරි ඔබ සමග
ඒකාබද්ධ වී සිටින බැවින් ඔබ බිය වන්නේ කුමටද? ඔබ තනිව සිටින බව සලකන්නේ නම් එවිට
චංචලත්වය ඇති වෙයි. ඔබ ඒකාබද්ධ වී සිටින්නේ නම්, එවිට කෙතරම් චංචලත්වය තිබුණත්, ඔබ
නොසැලී සිටියි. මව්වරු, මෙය හරිද? ඔබ හොදින්ද? ඔබ ඉන්නේ ඒකාබද්ධව නේද? ඔබ ඉන්නේ
තනිව නොවෙයි නේද? එය පියාගේ වගකීමයි. ඔබ ඔබගේ අසුන් මත තැන්පත්ව සිටිනවා නම් එය
පියාගේ වගකීමයි. ඔබ කලබල වුනොත් එය ඔබගේ වගකීමයි.
ඔබ නොකඩවා
ජීවාත්මයන්ට පණිවිඩයකින් බිදක් ලබා දෙන්නේ නම්, ඔබ දානපතියෙකුගේ ස්වරූපයේ ස්ථාවරව
සිටිවි, එමෙන්ම දානපතියෙක් ලෙස ඔබ සිදු කළ පුණ්‍යකර්මයේ ඵලය ලෙසින් ඔබට අඛණ්ඩව බලය
ලැබෙයි. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඔබ ජීවාත්මයක් බව, අන් අයව ක්‍රියා කරවන
කෙනෙක් බවත්, ක්‍රියා සිදුකරන සේවකයන් වන්නේ ඔබගේ භෞතික ඉන්ද්රියයන් බවට අවධානය
නිරන්තරයෙන් ඉස්මතු වී තිබිය යුතුයි. මෙසේ නොසිතන්න: “මා කොහොමත් ජීවාත්මයක්.” මෙය
ඔබගේ අවධානයේ ඉස්මතු කරගන්න. එය එහි යටපත් වී තිබේ, නමුත් එය ඉස්මතු වූ විට, ඔබට එම
කුල්මත් බව, සතුට සහ පාලන බලය තිබෙයි. තවද ඔබ විනෝදයක් ලබනවා නේද? ඇයි? රජ කෙනෙක්
ඔහුගේ සියලුම සේවකයන්ව ඔහුගේ පාලනය යටතේ තබාගෙන ඔහුගේ නියෝග වලට අනුව ක්‍රියා කරවන
අන්දමින්ම, ඔබ කරවන්හාර් (අන් අය ලවා ක්‍රියා සිදු කරවන කෙනෙක්) වන ජීවාත්මයක් බව
ඔබගේ අවධානයේ තිබෙන විට, ඔබගේ සියලු ඉන්ද්‍රියන් නිසියාකාරව තිබෙයි. ඒවා මායාගේ
නියෝග යටතට නොයයි, ඒවා ඔබගේ අණසක යටතේ සිටියි. එසේ නැත්නම්, අන් අය ලවා සියල්ල සිදු
කරවන ජීවාත්මයක්, නොසැලකිලි වී ඇති බව මායා දකින විට, ඇය නියෝග දීම ආරම්භ කරයි.
විටෙක ඔබගේ මනසේ බලය සහ විටෙක ඔබගේ මුඛයේ බලය, මායාගේ නියෝග යටතේ ක්‍රියා කරයි.
එබැවින් නිරන්තරයෙන් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබගේ නියෝග යටතේ ක්‍රියාත්මක කරවන්න.
මෙසේ නොකියන්න: “එය සිදුවීම මගේ කැමැත්ත නොවුනත් එය සිදු විය.” ඔබට අවශ්‍ය දේ පමණක්
සිදුවිය යුතුයි. ඔබ තමන්ව දැන් ස්ව-අධිරාජයෙකුගේ සංස්කාර වලින් පුරවා ගත් විට
පමණයි, ඔබට එහිදි රාජධානිය පාලනය කිරීමට හැකි වන්නේ. කිසිම විටෙක ඔබගේ ස්ව-ආධිපත්‍ය
අසුනින් නොබසින්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබගේ අණසක යටතේ ඇත්නම් එවිට සියලු බල
ඔබගේ අණසක යටතේ තිබෙයි. යම් විශේෂිත වූ වෙලාවක ඔබට අවශ්‍ය වන්නේ කුමන බලයක්ද, ඒ
වෙලාවේ එය ඔබ ඉදිරියේ පෙනී සිටිවි. ඔබ දරා ගැනීමේ බලයට පැමිණීමට අණ කරන නමුත් එය
කාර්යය සිදු කර අවසන් වූ විට පැමිණීම සිදු නොවිය යුතුයි. සෑම බලයක්ම ඔබගේ අණට අනුව
සූදානම්ව සිටිය යුතුයි, මන්ද, සෑම බලයක්ම පරමාත්ම දෙවියන්ගෙන් ලද තිලිණයකි. එබැවින්
දෙවියන්ගේ තිලිණ, ඔබ සතු දේවල් වී ඇත. එබැවින් ඔබට අයත් ඕනෑම දෙයක් ඔබ කැමති සහ ඔබට
අවශ්‍ය ඕනෑම වෙලාවක භාවිතා කළ හැක. මේ අන්දමින් ඒ සියලු බල, ඔබගේ අණසක යටතේ තිබෙයි.
ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් ඔබගේ අණසක යටතේ තිබෙයි. මෙය හැදින්වෙන්නේ
ස්ව-අධිපතියෙක්, මාස්ටර් සර්ව බලධාරියෙක් වීම ලෙසයි. ඔය පාණ්ඩවයන් එවැනිද? ඔබ
මාස්ටර් සර්ව බලධාරීන් මෙන්ම ස්ව-අධිපතියන්ය. එය නිකම්ම ඔබගේ මුවින් පිට වූ බව
නොකියන්න. එයට ඒ අන්දමින් මතු වීමට අණ කළේ කවුද? “මට ඒ දෙස බලන්න අනවශ්‍ය වූ නමුත්
මා ඒ දෙස බැලුවා. මට එය කිරීමට අවශ්‍ය නොමැති වුනත් මා එය සිදුවිය.” මෙසේ සිදු
වන්නේ කාගේ අණට අනුවද? ඔබ මෙය හදුන්වන්නේ අයිතියක් තිබීම ලෙසද, නැත්නම් ඔබව පාලනයක්
යටතේ සිටින ලෙසද? එබැවින් ඔබ පාලනයක් යටතේ සිටින කෙනෙක් නොව අයිතියක් ඇති කෙනෙක්
වන්න. අච්චා.
බාප්දාදා පවසන්නේ :
ඔබ සියලු දෙනාම මධුබන් වලදි බොහෝ සතුටින් සිටින ආකාරයටම ඔබ සෑම විටම සතුටින් සහ
තෘප්තිමත්ව සිටිය යුතුයි. ඔබ ආධ්‍යාත්මික රෝස මල්ය. බලන්න, බලන්න සෑම තැනක් දෙස! ඔබ
සියලු දෙනාම ආධ්‍යාත්මික රෝස මල්ය, විකසිත වූ රෝස මල්ය. ඔබ මැලවී නැහැ, ඔබ පිපුණු
රෝස මල්ය. එබැවින් නිරන්තරයෙන් භාග්‍යවන්තව සහ ප්‍රබෝදමත්ව රැදී සිටින්න. ඔබ මෙතරම්
සතුටින් සිටින්නේ, කුමක් ලැබුණු නිසාද කියා, ඔබගේ මුහුණු දකින ඕනෑම කෙනෙක් ඔබගෙන්
විමසිය යුතුයි. සෑම කෙනෙකුගේම මුහුණ, පියාගේ හැදින්වීම ලබා දිය යුතුයි. පිංතූරයකින්
හැදින්වීම ලබා දෙන ආකාරයෙන්ම ඔබගේ මුහුණු පියාගේ හැදින්වීම ලබා දිය යුතුයි - ඔබට
පරම පියාව හමු වී ඇති බව. අච්චා.
සෑම දෙයක්ම හොදින්ද?
විදෙස් රටවල අයත් මෙහි පැමිණ සිටිනවා. ඔබ මෙහාට කැමති නේද? (නිව්යෝක්හි මෝහිනි
බෙන්ට) කැලඹීම ගැන අසන්නට ලැබීමෙන් ඔබ අඩු තරමින් ආරක්ෂා වී ඇත. ඔබ සියලු දෙනාම එකට
පැමිණීම හොදයි. ඔබ එකට එකතු වී මෙහි පැමිණීමෙන් ඉතා හොද දෙයක් කර තිබෙනවා. අච්චා.
ද්විත්ව විදේශිකයන්:
ඔබට දෙගුණයක කුල්මත් බවක් තිබෙනවා නේද? ඔබට කෙතරම් කුල්මත් බවක් තිබෙන්නේද යත් ඔබගේ
හදවත් පවසන්නේ: “යමෙක් මෙය නම්, එය වන්නේ ද්විත්ව විදේශිකයන් වන අපයි.”
ස්ව-අධිපතියන් වීමේ සහ ලෝකයට අයිතියක් තිබෙන අය වීමේ ද්විත්ව කුල්මත් බවක් ඔබට
තිබෙනවා. ඔබට දෙගුණයක කුල්මත් බවක් තිබෙනවා නේද? බාප්දාදා පවා මෙයට කැමතියි. යම්
කිසි කණ්ඩායමක ද්විත්ව විදේශිකයන් නොමැති නම්, එය හොද බව හැගෙන්නේ නැහැ. බාබා,
ලෝකයේම පියාය, එබැවින් ලෝකයේ අයත් මෙහි සිටිය යුතුයි. සියලු දෙනාම අවශ්‍යයි.
මව්වරුන් මෙහි නොමැති නම් එවිටද කිසිම අලංකාරකමක් නොතිබෙයි. පාණ්ඩවයන් කිසිවෙක්
නොසිටියේ නම් එවිටද අලංකාරය අඩුවෙයි. ටිකක් බලන්න, මධ්‍යස්ථානයක කිසිම පාණ්ඩවයෙක්
නොසිට, මව්වරුන් පමණක් සිටියා නම්, ඔබ එයට කැමති වෙයිද? එමෙන්ම පාණ්ඩවයන් පමණක්
හිද, ශක්තීන් නොසිටියේ නම්, එවිටද මධ්‍යස්ථානයේ එම ලස්සණ නොතිබෙයි. දෙපිරිසම
අවශ්‍යයි. දරුවන්ද අවශ්‍යයි. දරුවන් පවසන්නේ: “අපගේ නම් සදහන් නොකරන්නේ ඇයි?”
දරුවන්ගේද අලංකාරය තිබේ. අච්චා.
දැන් තත්පරයකදි
අශාරීරික පියාගේ සෙනෙහස සහ ස්මරණයේ ගැලී සිටින අශාරීරික ජීවාත්ම වන්න. (බාබා
අභ්‍යාසය මෙහෙයවීය).
සෑම තැනකම සිටින
සියලුම ස්ව-අධිපතියන්ට, නොබැදි නරඹන්නන්ගේ අසුනේ නිරන්තරයෙන් තැන්පත්ව සිටින අචල සහ
නොසැලෙන ජීවාත්මයන්ට, සියලු දෙනා මත දැනුම, බල සහ ගුණදම් පිරිනමන දානපතියන් වීමේ
අවධානය නිරන්තරයෙන් පවත්වාගන්න දයාවෙන් පිරිපුන් ජීවාත්මයන්ට, ඔවුන්ගේ මුහුණු වලින්
නිරන්තරයෙන් පරම පියාගේ පිළිරුව පෙන්වන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, ආධ්‍යාත්මික රෝස මල්
වන සහ නිරන්තරයෙන් සතුටින් සහ භාග්‍යවන්තව රැදී සිටින දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස,
ස්මරණය සහ නමස්කාරය.
බාප්දාදා දාදීන්ට කතා
කරමින්: (සේවය
සමගම සෑම තැනකම පැය 108ක යෝගා වැඩසටහන් පැවැත්වෙනවා.) විනාශයේ ගිණිදැල් බලවත් වන්නේ
මෙම ගිණි කන්දක් වැනි ගින්න තුළින් පමණයි. වැඩසටහන් නිර්මාණය වන අතර ඉන්පසුව ඔවුන්
ඒ ගැන සිතන්න පටන් ගනී. යෝගාව තුළින් පාපයන් සහ පාපකාරී ක්‍රියා වල බර පිළිස්සී
යයි, එමෙන්ම සේවය කිරීමෙන් ඔබගේ පුණ්යකර්ම ගිණුම රැස් වෙයි. එබැවින් ඔබ ඔබගේ
පුණ්යකර්ම ගිණුමේ රැස් කරගන්නවා. කෙසේවෙතත්, සාමාන්‍ය යෝගාවෙන් නොව, යෝගා ගින්නෙන්
පමණයි අතීත සංස්කාර වල බර පිළිස්සී යන්නේ. වර්ථමානයේ ඔබ යෝගාවේ සිටියි, නමුත් එය
පාපයන් පිළිස්සිය හැකි ගිණි කන්දක ගින්න නොවෙයි. මේ නිසයි ඒවා කෙටි කලකට විනාශ වන
අතර ඉන්පසුව ඒවා නැවත මතු වන්නේ. තවද, රාවන දෙසත් ටිකක් බලන්න! ඔහුව මරා දමා
පුළුස්සා ඔහුගේ අස්ථි ජලයට විසි කරයි. සෑම දෙයක්ම සම්පූර්ණයෙන් පුළුස්සා අළු කර
දැමිය යුතුයි, අතීත සංස්කාර, දුර්වල සංස්කාර සියල්ල සම්පූර්ණයෙන් පුළුස්සා දැමිය
යුතුයි. ඒවා තවම පිළිස්සී නැහැ. ඒවා මරා දමා ඇති නමුත් සම්පූර්ණයෙන් පුළුස්සා දමා
නැහැ, එබැවින් මිය යාමෙන් පසුව ඒවා නැවත පණ ලබයි. ලෝකය පරිවර්ථනය වන්නේ සංස්කාර
පරිවර්ථනය මගින්ය. සංස්කාර ක්‍රීඩාව දැන් සිදුවෙමින් පවතිනවා. සංස්කාර අතර මගදි
විටින් විට මතු වෙමින් තිබෙනවා. සෑම නමක් සහ සලකුණක්ම විනාශ විය යුතුයි. සංස්කාර
පරිවර්ථනය කිරීම විශේෂයෙන් වැදගත් බව සැලකිය යුතු කාරණාවකි. සංස්කාර පරිවර්ථනය නොවන
නිසා නිෂ්ඵල සිතිවිලිද ඇති වෙයි. කාලය අපතේ යන අතර නිරපරාද පාඩුවක් සිදු වෙයි. මෙය
සිදු විය යුතුයි. (යම් කෙනෙක් මෙසේ පැවසීය: කාලය ඔබ ලවා එය කරවන අතර ඔබගේ
උත්සාහයෙන් එය සිදු වෙයි). දෙකම එකට එකතු වි එය සිදුවීමට සලස්වයි. කාලය සහ ඔබගේ
උත්සාහය එය සිදුවීමට සලස්වයි. සංස්කාර සුසංයෝග කිරීමේ මහාරාස් (මහා නර්ථනය) සිහි කර
ඇත. දැනට රාස් පමණක් සිදුවන අතර මහා රාස් තවම සිදු වී නැහැ. (මහා රාස් සිදු නොවන්නේ
ඇයි?) එයට වැදගත්කමක් ලබා දෙන්නේ නැහැ, එම අධිෂ්ඨානය නොමැත, විවිධ අන්දමේ
නොසැලකිලිමත්කම් තිබෙනවා. අච්චා.
වරදානය:
ඔබ නිරන්තර
යෝගීවරයෙක් සහ කර්ම යෝගීවරයෙක් වී, ඒ අනුව ඔබගේ සෑම සිතිවිල්ලක්, වචනයක් සහ
ක්‍රියාවක්ම ශ්‍රේෂ්ඨ කරගනිත්වා.
කර්මයෝගී ජීවාත්මයකගේ
සෑම ක්‍රියාවක්ම යෝග්යුක්ත මෙන්ම යුක්තියුක්තයි. ඔබගේ ඕනෑම ක්‍රියාවක් යුක්තියුක්ත
නැත්නම් එවිට ඔබ යෝග්යුක්ත නැති බව ඔබට වටහාගත හැක. ඔබගේ ක්‍රියා සාමාන්‍ය හෝ
නිෂ්ඵල නම්, ඔබ නිරන්තර යෝගීවරයෙක් බව කිව නොහැක. කර්මයෝගීවරයෙක් යනු, සෑම
තත්පරයකදීම සෑම සිතිවිල්ලක් සහ ක්‍රියාවක්ම නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨ වන කෙනෙකි.
ශ්‍රේෂ්ඨ ක්‍රියාවල ලක්ෂණයක් වන්නේ ඔබම තෘප්තිමත් වන අතර අන් අයද ඉන් තෘප්තිමත්
වීමයි. නිරන්තර යෝගීවරු විය හැක්කේ එවන් ජීවාත්මයන්ට පමණයි.
පාඨය:
තමන්ගේ
සෙනෙහස, මිනිසුන්ගේ සෙනෙහස සහ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබන ජීවාත්මයක්, ආශිර්වාද
ලත් පිළිරුවක් බව කියයි.