09.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ පාපයන්ට ලැබිය යුතු දඬුවම් වලින් නිදහස් වීමට, ඔබ උත්සාහ කළ යුතුව ඇත. මේ අවසාන උපතේ දී, ඔබේ සියලු ගිණුම් පියවා එමඟින් පාරිශුද්ධත්වයට පත් විය යුතුය.

ප්‍රශ්නය:
රැවටිලිකාර මායා කඩා දැමීමට උත්සාහ කරන්නේ ඔබේ කුමන පොරොන්දුවද?

පිළිතුර:
ඔබේ හදවත කිසිම ශාරීරික කෙනෙකුට ඇලෙන්නට නොදෙන බවට ඔබ වන පොරොන්දුවයි. ඔබ ජීවාත්ම සත්තාවන් මෙසේ කියයි: මා සිහිකරන්නේ එකම පියා පමණි. මගේම ශරීරයවත් මම සිහි නොකරමි. පියා කියා දෙන්නේ මේ ශරීරය ඇතුළු සියල්ල අතහරින්නටයි. කෙසේ වුවත් මායා ඔබේ මේ පොරොන්දුව කඩා දැමීමට උත්සාහ කර කුමන හෝ ශරීරයකට බන්ධනයක් ඇති කරයි. තමන්ගේ පොරොන්දුව කඩන අයට විශාල දඬුවමක් විඳීමට සිදු වේ.

ගීතය:
මවත් පියත් ඔබයි ...

ඕම් ශාන්ති.
ඉහළම ඉහළ දෙවියන්ට පැසසුම සේම නිග්‍රහය ද ඇත. ඉහළම ඉහළ පියාම පැමිණ දැන් ඔහුගේ හැඳින්වීම ලබා දේ. රාවණ් රාජ්‍යය ඇති වුණු දා සිට එය කෙතරම් මහත් දැයි පෙන්වා ඇත. භක්ති මාර්ගයේ ඇත්තේ භක්ති රජදහනයි. ඒ නිසයි එයට රාවණ් රජ දහන යැයි කියන්නේ. ඒ, රාවණ් රජ දහන වන අතර අනෙක රාමා රාජ්‍යයයි. රාමා හා රාවණ් අතර සැසඳීමක් ඇතත්, ඒ රිදී යුගයේ රජ වන අනෙක් රාමා නොවේ. රාවණ් කල්ප චක්‍ර භාගයකට රජු වෙයි. රාමා චක්‍ර භාගයකට රජ නොවේ. කිසි සේත්ම නැත. මේවා තේරුම් ගත යුතු වැඩිමනත් කරුණුය. ඒ වුණත් ඒවා තේරුම් ගැනීම ඉතා සරළය. අපි සැවොම සොයුරෝ වෙමු. අප සැමගේ පියා අශරීරික පියාය. පියා දන්නවා ඔහුගේ දරුවන් සියලු දෙනාම දැන් ඇත්තේ රාවණ්ගේ සිර ගෙදර කියා. හැම කෙනාම කාම රාගය නම් සෑයේ සිටීම මඟින් අවලස්සන වී ඇත. පියා මේ සැවොම දනී. සියලු ඥානය ජීවාත්ම සත්තාව තුළ ඇත. වැදගත්ම දෙය නම් ජීවාත්ම සත්තාව සහ උත්තරීතර ජීවාත්ම සත්තාව ගැන ඥානයයි. එම කුඩා ජීවාත්ම සත්තාව තුළ ඔවුන් දිගටම රඟපාන කොටස පටිගත වී ඇත. ඔබ ශරීර විඥානයෙන් චරිත කොටස රඟපාන විට ඔබේ මුල් ආගම අමතක වේ. පියා දැන් පැමිණ ඇත්තේ ඔබේ ජීවාත්ම සත්තා අවධානය ඇති කිරීමටයි. ඔබ ජීවාත්ම සත්තාවන් මෙසේ කියයි මට පිරිසිඳු වෙන්න අවශ්‍යය. ඒ නිසා පියා මෙසේ කියයි මා පමණක් ම නිරතුරුව සිහිකරන්න! ජීවාත්ම සත්තාවන් මෙසේ හඬගායි උත්තරීතර පියාණනි, පාරිශුද්ධකරුවාණනි, අප ජීවාත්ම සත්තාවන් අපිරිසිඳු වී ඇත. පැමිණ අපව පිරිසිඳු කරන්න! සංස්කාර සියල්ලම ගෙන යන්නේ ජීවාත්ම සත්තාවයි. ඔවුන් පැහැදිලිව කියන්නේ ඔවුන් අපිරිසිඳු බවයි. අපිරිසිඳු බව යනු පාපයේ ගැලීමයි. අපිරිසිඳු මනුෂ්‍යයින් පිරිසිඳු දෙවි දේවතාවුන්ගේ පිළිරූ අභියසට ගොස් ඔවුන්ගේ ගුණ ගයයි. පියා මෙසේ කියයි දරුවනි, එම වන්දනීය දෙවි දේවතාවන් වූයේ ඔබයි. උපත් 84ක් ගැනීමේදී නියතයෙන්ම පිරිහුණි. මේ නාටකය අපිරිසිඳු බවින් පිරිසිඳු බවටත් පිරිසිඳු බවින් අපිරිසිඳු බවටත් හැරීම ගැනයි. පියා පැමිණ සියලු ඥානය සංඥාවෙන් කියා දෙයි. දැන් හැම කෙනාගේම අවසාන උපතයි. ආපසු ගෙදර යාමට පෙර සියලු ජීවාත්ම සත්තාවන් ඔවුන්ගේ ගිණුම් පියවිය යුතුව ඇත. බාබා ඔබට සියලු දර්ශන ලබා දෙයි. අපිරිසිඳු වූවන්ට ඔවුන් කළ පාපයන් සඳහා දඬුවම් විඳීමට නියතයෙන්ම සිදු වේ. දඬුවම දෙනුයේ ඔබේ අතීත උපත පෙන්වීමෙනි. ඔබ දඬුවම විඳින්නේ මනුෂ්‍ය ශරීරයකින් වන අතර ඒ නිසා නියතයෙන්ම ශරීර ලැබිය යුතුයි. ජීවාත්ම සත්තාවන් දඬුවම විඳින්නේ මිනිසුන් කාෂීහී ළිඳට පැන දිවි තොර කර ගන්නවා මෙනි. ඔවුන් කළ සියලු පාප ඔවුන්ට දර්ශනය වේ. මේ නිසයි ඔවුන් දෙවියන්ගෙන් සමාව අයැද නැවත එය නොකරන බව කියන්නේ. ඔවුන්ට ලැබෙන දර්ශන වලින් ද ඔවුන් සමාව අයදී. ඔවුන් වේදනා විඳිමින් දඬුවම් ලබයි. වැඩිම වැදගත් කම ඇත්තේ ජීවාත්ම සත්තාවන්ට සහ උත්තරීතර ජීවාත්ම සත්තාවටය. ඔබ ජීවාත්ම සත්තාවන් උපත් 84ක චරිත කොටස් රඟපායි. ඒ නිසා ජීවාත්ම සත්තාවන් ඉතා බලවත්ය. මුළු නාටකයේ වැදගත් වන්නේ ජීවාත්ම සත්තා සහ උත්තරීතර ජීවාත්ම සත්තාවය. කිසිවෙක් මෙය නොදනී. එකඳු මනුෂ්‍යයෙක් ජීවාත්ම සත්තාව හෝ උත්තරීතර ජීවාත්ම සත්තාව යනු කිම දැයි නොදනී. නාටකයට අනූව, මේ සියල්ල සිදුවිය යුතුයි. ඔබ දරුවන් දැන් දන්නවා මෙය කිසි අළුත් දෙයක් නොවේ. චක්‍රයකට පෙරද මෙයම සිදු විය. මිනිසුන් ඥානය, වන්දනාව සහ කළකිරීම ගැන කතා කළත් ඒවායේ තේරුම නොදනී. බාබා බොහෝ සෙයින් මුණුබුරුන් ඇසුරු කළේය. ඔවුන්ගේ නම් සඳහන් කෙරේ. ඔබ දරුවන් දැන් පැහැදිලිව දන්නවා ඔබ මේ පරණ ලෝකය අතහැර නව ලෝකයට යාමේ දී මේ පරණ වු ලෝකය නියතයෙන්ම අතහැරිය යුතු බව. ඊට ඔබේ හදවත අලවන්නේ ඇයි ? ඔබ පොරොන්දු වුණා ඔබේ හදවත කිසිම ශාරීරික කෙනෙකුට අලවන්නේ නැති බවට. ඔබ ජීවාත්ම සත්තාවන් මෙසේ කියයි මම එකම පියා පමණක් සිහි කරමි. මාගේ ශරීරයවත් සිහි නොකරමි. පියා කියාදෙන්නේ ඔබේ ශරීරය ඇතුළු සියල්ල අත්හැරීමටයි. ඉතින් ඔබ අන් අයගේ ශරීර වලට ඇලෙන්නේ ඇයි ? ඔබ කෙනෙකුට ඇළුණු කල දිගටම ඒ කෙනා සිහි වේ. එවිට දෙවියන් සිහි කළ නොහැකියි. ඔබේ පොරොන්දුව බින්ඳ කල, බොහෝ සෙයින් දඬුවම් විඳ තත්ත්වයද විනාශ වේ. ඒ නිසා හැකි තාක් පියාවම සිහි කරන්න. මායා ඉතා වංචාකාරීය. සැම විටම ඔබ මායාගෙන් ආරක‍්ෂා විය යුතුය. ශරීර අවධානය ඉතා දරුණු රෝගයයි. පියා මෙසේ කියයි දැන් ජීවසත්තා අවධානයට පත්වන්න. පියා සිහි කළ විට ශරීර අවධානය යන අසනීපය සුව වේ. සමහරු දවස පුරාම ශරීර අවධානයෙන් සිටී. පියා සිහි කරන්නේ ඉතා අමාරුවෙනි. බාබා කියා ඇත්තේ ඔබේ අතින් වැඩ කරත්දී හදවතින් පියා සිහි කිරීමේ යෙදී සිටින්නයි. ආදරවන්තයින් තම වැඩ කටයුතු කරත්දීත් එකිනෙකා සිහි කරනවා සේ ඔබ ජීවාත්ම සත්තාවන් ද දැන් උත්තරීතර ජීවාත්ම සත්තාවට ආදරය කළ යුතුයි. ඒ නිසා ඔබ ඔහු පමණක් සිහි කළ යුතුය. ඔබේ ඉලක්කය සහ අරමුණ දේවි දේවතා බවට පත් වීමයි. මේ සඳහා ඔබ උත්සාහ දැරිය යුතුය. මායා නියතයෙන්ම ඔබ රවටනු ඇත. ඔබ එයින් නිදහස් විය යුතුයි. එසේ නොවූවොත් ඇයට අසු විය හැකියි. එවිට ඔබ අපහාසයට ලක් වී බොහෝ විශාල පාඩුවක් සිදු කර ගනී. ඔබ දරුවන් දන්නවා ඔබ ජීවාත්ම සත්තාවන් නම් වූ තිත් බවත් පියාද සියල්ල දන්නා කෙනා වන බීජය බවත්. මේ කරුණු ඉතා විශ්මිතය. ජීවාත්ම සත්තාව කුමක්ද, එහි අවිනාශී සියලු කොටස් ගැබ් වී ඇත්තේ කෙසේද ? ඉතා හොඳ දරුවන් පවා මේ ගැඹුරු කරුණු සම්පූර්ණයෙන් තේරුම් නොගනී. බොහෝ ටික දෙනයි ඔවුන් හරියටම ජිවාත්ම සත්තාවන් බව සළකන්නේත්, පියා ද තිතක ස්වරූපයෙන් සිහිකර ඔහු ඥාන සාගරය ලෙසත් බීජය ලෙසත් තේරුම් ගන්නේ. අප ජීවාත්ම සත්තාවන් බවත් පියා පැමිණ ඇති බවත් තේරුම් ගැනීමට ගොරෝසු සිතිවිල්ලෙන් මිදී මෙම කරුණු ගැඹුරු සූක‍්ෂම බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. ඔහු බීජය වන අතර සියල්ල දන්නා කෙනා වේ. ඔහු අපට ඥානය දෙයි. මේ සියල්ල උකහා ගත යුත්තේ ඉතා කුඩා ජීවාත්ම සත්තාව වන මා විසිනි. ජීවාත්ම සත්තාවත් උත්තරීතර ජීවාත්ම සත්තාවත් ගැන දළ වශයෙන් කතා කරන බොහෝ අය සිටියත් ඔවුන්ගේ බුද්ධියේ නිවැරදිම තේරුම නැත. කොහොමවත් සිහි නොකරනවාට වඩා එසේ දළ වශයෙන් හෝ සිහිකරන එක වඩා හොඳය! කොහොමනමුත්, නිවැරදිම ස්මෘතිය ඉතා ඵලදායකය. අනෙක් අය උසස් තත්ත්වයක් නොලබයි. මෙහිදී ඉතා විශාල උත්සාහයක් දැරිය යුතු වේ. ජීවාත්ම සත්තාවක් වන මා ඉතා කුඩා ලක‍්ෂයකි, තිතකි. බාබා ද කුඩා තිතකි. ඔහුට මේ සියලු ඥානය ඇත. ඔබ මෙහි සිටින විට සමහර කරුණු ඔබේ බුද්ධිය තුළට යන නමුත් ඔබ එහෙ මෙහෙ යද්දී කළ යුතු මතගෑම නොමැති නිසා ඔබට අමතක වේ. මුළු දවස පුරාම මතගෑම සත්‍ය වූ සැබෑ ස්මෘතියයි. ඔබ බාබා සිහිකරන ආකාරය ගැන කිසිවෙක් ඇත්ත නොකියයි. ඔබ ඔබේ සටහන එව්වත් එහි ඔබ තිත් සේ කොතරම් සළකනවාද පියා ද තිතක් සේ කොතරම් සිහිකරනවා දැයි ලියා නැත. එතරම් අවංක බවකින් ඔබ ලියා නැත. සමහරු මුරලිය හොඳින් කියෙව්වත් යෝගා හි අඩුපාඩු ඇත. ඔවුන්ට බොහෝ ශරීර අවධානය ඇත. ඔවුන් මෙම සැඟවුණු කරුණු තේරුම් නොගන්නා සේම මතගෑම ද නොකරයි. පාරිශුද්ධ වීම සඳහා ඔබට ස්මෘතිය තිබීම අවශ්‍යය වේ. පළමුවෙන්ම ඔබ කර්මටීත් තත්ත්වයට ළඟා විය යුතුව ඇත. එසේ කරන අයට පමණක් ඉහළ තත්ත්වයක් ලැබේ. බොහෝ අය මුරලි කළත් බාබා දන්නවා ඔවුන්ට යෝගා හි සිටිය නොහැකි බව. ලොව හිමිකරුවා වීම නැන්ද මාමා ගෙදර යනවා මෙන් නොවේ! තාවකාලික අධ්‍යයනයන් ලබාගෙන ආදායම් ඉපයීමට මිනිසුන් බොහෝ වෙහෙසේ. කලින්, නීති වේදීන්ට ද ආදායමක් නොතිබිණි. එය දැන් ඉහළ නැඟ ඇත. ඔබ හැම දරුවෙක්ම, ඔබේම යහපත සඳහා, පළමුවෙන් ඔබ ජීවාත්ම සත්තාවක් බව සළකා පියාවද නිවැරදිවම සිහිකළ යුතුව ඇත. දෙවනුව, ඔබ සැමටම ත්‍රිමූර්ති ශිවා හඳුන්වා දිය යුතුයි. ඔබ ‘ශිවා‘ කී පමණින් මිනිසුන් තේරුම් නොගනී. ඔබ නියතයෙන්ම ‘ත්‍රිමූර්ති‘ යන්නද කිව යුතුයි. ප්‍රධාන පිංතූර දෙකකි. ඒ ත්‍රිමූර්ති සහ වෘක‍්ෂයයි. ඉණිමඟ පිංතූරයට වඩා ඥානයක් වෘක‍්ෂය තුළ ඇත. හැම කෙනෙක්ම ළඟ මෙය තිබිය යුතුය. එක් පසෙක ත්‍රිමූර්තිය සහ චක්‍රය තිබිය යුතු අතර අනෙක් පස වෘක‍්ෂය තිබිය යුතුය. පාණ්ඩව හමුදාවේ ධජය ද තිබිය යුතුය. පියා ඔබට වෘක්ෂයේත් නාටකයේත් ඥානය ලබා දෙයි. ලක්ෂ්මි, නාරායන්, විෂ්ණු ආදීන් කවරෙක්ද? කිසිවෙක් නොදනී. මිනිසුන් මහා ලක්ෂ්මි වන්දනා කරයි. ඔවුන් කියන්නේ ලක්ෂ්මි එනවා කියාය. ලක්ෂ්මි ධනය ලබන්නේ කෙහෙන්ද? ඔවුන් අත් හතරේ අටේ ප්‍රතිමා සාදා ඇත. ඔවුන්ට කිසිවක් නොතේරේ. අත් අටේ දහයේ මිනිසුන් නැත. ඔවුන් සිතට ආ ඕනෑම දෙයක් සාදා ඇත. කෙනෙක් හනුමන් වන්දනාව ගැන අදහස ගත් විට අන් අයද ඔහු පසුපස වැටුණේය. ඔහු ජීවය ලබා දෙන ඖෂධය ගෙනා බව කියැවේ. ඔබ දරුවන් දන්නවා එහි තේරුම. එම ශාකය නම් ‘මන්මනභාව‘ යන්නයි. ඔබ බ්‍රහ්මිණ් කෙනෙක් බවට පත් වී පියා හඳුනා ගන්නා තෙක් පැන්සයක් වටින්නේ නැතැයි සැලකේ. මිනිසුන්ට ඇත්තේ ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ අහංකාරයකි. ඔවුන්ට මෙය තේරුම් කිරීම ඉතා අපහසුය. රජ දහනක් තැනීමට බොහෝ උත්සාහ අවශ්‍යය. ඔවුන්ට ඇත්තේ භෞතික ශක්තිය වන අතර ඔබේ මෙය යෝගා බලයයි. මේවා ආගමික ලේඛණ තුළ සඳහන්ව නැත. ඇත්තෙන්ම ඔබ ඒවා පරිශීලනය නොකළ යුතුය. කවුරු හෝ ඇසුවොත් ඔබ ඒවා විශ්වාස කරනවා ද කියා ඔබ ඔවුන්ට මෙසේ කියන්න ඔව්, ඒවා අයත් වන්නේ භක්ති මාර්ගයටයි, නමුත් අප දැන් යන්නේ ඥාන මාර්ගයේය. ඥානය ලබා දෙන එකම පියා වන්නේ ඥාන සාගරයයි. මෙය වූ කලී ආධ්‍යාත්මික ඥානයයි. සුපිරි ආත්මය මෙහි සිට අනෙකුත් ආත්මයන්ට ඥානය දෙයි. ඒ මිනිසුන් ඥානය දෙන්නේ මිනිසුන්ටය. මිනිසුන්ට කෙසේවත් ආධ්‍යාත්මික ඥානය දිය නොහැකියි. පාරිශුද්ධකරුවාණන්, විමුක්ති දායකයා, ගැලවීම ලබා දෙන්නා, ඥාන සාගරය වන්නේ එකම පියාය. පියා ඔබට දිගින් දිගටම මෙය, එය හෝ අනෙක යන සියල්ල විස්තර කරන ආකාරය කියාදෙයි. දැන් බලන්න ඔවුන් ශිව ජයන්ති මොනතරම් උජාරුවෙන් පවත්වනවාද කියා! ඔබ, සෑම කෙනෙකුටම කුඩා ආලෝක පුවරු ලබා දිය යුතුයි. ඔබේ කරුණු සම්පූර්ණයෙන් අළුත්ය. වෙන කිසිවෙකුට ඒවා තේරුම් ගැනීමේ හැකියාව නැත. ඔබ මේ පණිවුඩය පුවත්පත් වල පුළුල් ලෙස ප්‍රසිද්ධ කර පැතිරවිය යුතුයි. මධ්‍යස්ථාන විවෘත කළ හැකි අය අවශ්‍යය. වත්මනේ දී ඔබ දරුවන්ට එතරම් කුල්මත්භාවයක් නැත. ඔබේ උත්සාහය අනූව අනුපිළිවෙලින් තේරුම් කිරීමේ හැකියාව ඇත. බොහෝ බ්‍රහ්ම කුමරියන් සහ කුමරුන් ඇත. හොඳයි, ඔබ බ්‍රහ්මාගේ නම අතහැර වෙන කෙනෙක්ගේ නම දමන්න. අච්චා. එවිට බ්‍රහ්ම කුමාරීන් එන්නේ කොහෙන්ද ? බ්‍රහ්මා බවට පත් වෙන කෙනෙක් සිටිය යුතුය. එවිටයි ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් මුඛයෙන් උපන් අය වශයෙන් පහළ වන්නේ. ඔබ ඉදිරියට යන විට බොහෝ සෙයින් දැනුම් තේරුම් ඇති වෙයි. ඔබ යමක් වැය කළ යුතුව ඇත. මෙම පිංතූරය ඉතා පැහැදිලිය. ලක්ෂ්මි නාරායන පිංතූරය ඉතා හොඳය. අච්චා.

සුමිහිරි, ආදරණීය, කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වූ සේවාධාරී කීකරු දරුවන්ට, සියලු අණ පිළිපදින අයට, උත්සාහය, සෙනෙහස, අනුපිළිවෙලින් සිටින දරුවන්ට, ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කර්මටීට් වීම සඳහා, ඔබේ බුද්ධිය සූක‍්ෂම මෙන්ම නිවැරදිවම පියා හඳුනාගෙන සිහි කිරීමට හැකි විය යුතුය. අධ්‍යයනය සමඟම ස්මෘතිය සඳහා පූර්ණ අවධානය යෙදිය යුතුය.

2. මායාගේ රැවටිල්ලෙන් ඔබ ආරක‍්ෂා වන්න. කිසිවකුගේ ශරීරයට නොඇලෙන්න. එකම පියාට සත්‍යය වූ සෙනෙහස ඇතිව සිටින්න. ශරීර අවධානයට පත් නොවන්න.

වරදානය:
ඔබත් පරමාත්ම පියා මෙන් ආශිර්වාද පිරිනමන්නෙක් සහ මහා දානී කෙනෙක් වී බ්‍රහ්ම මුහුරත්(අම්රිත් වේලා) වේලාවේ ආශිර්වාද ලබාගෙන ආශීර්වාද දානය කරන්න.

බ්‍රහ්ම-මුහුරත් (අම්රිත් වේලා) වේලාවේ දී, බ්‍රහ්ම ලෝකයෙහි වාසය කරන පරමාත්ම පියා, විශේෂයෙන් ඥානය නම් සූර්යාගේ ආලෝක කිරණින් සහ බලයෙන් ඔබට ආශීර්වාද කරයි. ඒ සමඟම භාග්‍යය පිරිනමන්නා ලෙස බ්‍රහ්ම පියා ද වාසනාවේ අමෘතය බෙදා දෙයි. එම අමෘතය උකහා ගැනීම සඳහා ඔබේ බුද්ධියේ බඳුන සුදානම් බව ඔබට සහතික විය යුතුය; කිසිම ආකාරයක බාධාවකට හෝ හිරවීමකට ඉඩ නොදෙන්න. එවිට ඔබට එම ශුභ මංගල කාලය ඔබේ මනෝ ස්ථිතිය උසස් කර ගැනීමට යොදා ගැනීම මගින් මුළු දවස පුරාවටම උසස් ක්‍රියා කිරීමටත් ඔබට හැකි වේ. අම්රිත් වෙලාවේ වාතාවරණයට ඔබේ ආකල්ප වෙනස් කළ හැකි බැවින්, එම අවස්ථාවේ දී, ආශීර්වාද ලබාගන්න සහ ආශීර්වාද දානය කරන්න, එනම්, ආශිර්වාද ලත් අයෙකු වී මහා දානපතියෙකු වන්න.

පාඨය:
කෝපාවිෂ්ඨ පුද්ගලයෙකු කෝපයට පත් වීම ඔහුගේ කාර්යය වන අතර, සෙනෙහස පිරිනැමීම ඔබේ කාර්යය වේ.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

දැන් ඔබගේම යහපත වෙනුවෙන් සැලසුමක් සාදන්න, එවිට ලෝක සේවය වෙනුවෙන් ඉබේටම අඛණ්ඩව සකාෂ් ලැබෙයි. උනන්දුව සහ උද්යෝගය ඇතිව ඔබ අනිවාර්යෙන් පියාට සමාන වී පෙන්වන බවට, දැන් ඔබගේ මනසින් ස්ථිර පොරොන්දුවක් වන්න. බ්‍රහ්ම පියා තුළ දරුවන් වෙනුවෙන් ගැඹුරු සෙනෙහස තිබේ, එබැවින් ඔහු සෑම දරුවෙක්වම විශේෂයෙන් මතු කර, ඔවුන්ට සමාන වීම සදහා නොකඩවා සකාෂ් ලබා දෙයි.