09.02.25 Avyakt Bapdada
Sinhala
Murli 18.01.2004 Om Shanti Madhuban
ලෝක බලධාරියාගේ ඍජු
දරුවන් බව අවධානයේ තබා ගෙන ඔබගේ සියලු බල නිසියාකාරව තබා ගන්න.
අද, සෑම තැනකම සිටින
ඔය සියලුම දරුවන් සෙනෙහස් රළෙහි මුසු වී සිටිනවා. සියලු දෙනාගේ හදවත් තුළ බ්‍රහ්ම
පියාගේ විශේෂ මතකයන් මතු වී තිබේ. සකාර් පෝෂණය ලැබූ සහ අව්‍යක්ත පෝෂණය ලැබූ අය, යන
දෙයාකාරයේ මාණික්‍යයන්ගේ හදවත් තුළ මතක මාලා, අම්රිත් වේලාවේ සිට බාප්දාදා වෙතට ළගා
වෙමින් තිබුණා. බාප්දාදා පිළිබද ඔබගේ මතකයන් වල පිංතූර සියලු දෙනාගේ හදවත් තුළ
දිස්වන අතර පියාගේ හදවත තුළ සියලුම දරුවන්ගේ සෙනෙහස මුසු වී තිබේ. සියලු දෙනාගේ
හදවත තුළ වාදනය වන එක ආදරණීය ගීතය වන්නේ: “මගේ බාබා!” එමෙන්ම පියාගේ හදවතේ වාදනය වන
ගීතය වන්නේ: “මගේ මිහිරිතම දරුවනේ!” මෙම ඉබේට වැයෙන ගීතය, මෙම අසීමිත ගීතය, බොහෝ
ආදරණීයයි. ඔබගේ ආදරණීය සිහිවටන වලට ප්‍රතිඋපකාරයක් ලෙස බාප්දාදා, ආශිර්වාද වලින්
පිරි කෝටි-ගුණයක සෙනෙහස හදවතින් ලබා දෙනවා.
මේ දේශයේ සහ විදෙස්
රටවල ඔය දරුවන්, සෙනෙහස් සාගරයේ මුසු වී සිටින බව, බාප්දාදා දැන් පවා දකිනවා. මෙම
සිහිවටන දිනය, සියලුම දරුවන්ව බලවත් කිරීමේ විශේෂ දිනයයි. බ්‍රහ්ම බාබා, දරුවන්ට
ඔටුනු පැලැන්දු දිනය අද දවසයි. බ්‍රහ්ම පියා, ලෝක සේවය වෙනුවෙන් වගකීමේ කිරුළ,
උපකරණ දරුවන් මත තැබුවා. ඔහු ප්‍රසිද්ධියට පත් නොවී, දරුවන්ට භෞතික ස්වරූපයෙන්
උපකරණ වීම සදහා අවධානයේ තිලකය ලබා දුන්නා. ඔහු දරුවන්ට, ඔහු හා සමානව අව්‍යක්ත
සුරදූත ස්වරූපයේ ආලෝක කිරුළ ලබා දුන්නා. ඔහු කරවන්හාර් (අන් අය ලවා ක්‍රියා සිදු
කරවන කෙනා) වී, දරුවන්ව කරන්හාර් (ක්‍රියා සිදු කරන අය) බවට පත් කළා. මේ නිසයි මේ
දවස, සිහිවටන දිනය, එනම්, ශක්තියේ දිනය ලෙස හදුන්වන්නේ. එය අවධානයේ දිනය පමණක්
නොවෙයි, මන්ද, මෙම අවධානය සමගම, ආශිර්වාදයක් ලෙස ඔය සියලුම දරුවන්ට මේ සියලු බල
ලැබී ඇත. බාප්දාදා සියලුම දරුවන්ව දකින්නේ, සියලු අවධානයන්ගේ ප්‍රතිමූර්ති ලෙසයි.
ඔහු ඔබව දකින්නේ මාස්ටර් සර්ව බලධාරී ස්වරූපයෙනි: ඇතැම් බල පමණක් ඇතිව නොවෙයි,
නමුත් සියලු බල ඇතිව. සෑම දරුවෙකුටම පියාගෙන් ආශිර්වාදයක් ලෙස මේ සියලුම බල ලැබී
ඇත. ඔබගේ දිව්‍යමය උපත ලද සැනින්, බාප්දාදා ඔබට මෙම ආශිර්වාදය ලබා දුන්නා: ඔබ සියලු
බලයන්ගෙන් පිරිපුන් වේවා. මෙය සෑම උපන් දිනයකටම ආශිර්වාදයයි. ඔබට ආශිර්වාදයක් ලෙස
ලැබී ඇති බල, භාවිතා කරන්න. ඔය සෑම දරුවෙකුටම ඒවා ලැබී ඇත, නමුත් ඒවා භාවිතා
කිරීමේදි ඔබ අංකානුරූපි වෙයි. ඔබට කාලයට අනුව සෑම බලයකම ආශිර්වාදයට නියෝග කළ හැක.
ඔබට ආශිර්වාද පිරිනමන්නාගෙන් ලැබුණු ආශිර්වාද වල ප්‍රතිමූර්තියක් වී, කාලයට අනුව
එක් එක් බලයට නියෝග කරන්නේ නම්, එවිට එම බලය අනිවාර්යෙන් පෙනී සිටියි. ආශිර්වාදය
ලබා ඇති පාලකයා වන ඔබ, අවධානයේ ප්‍රතිමූර්තියක් ලෙසින් බලයන්ට නියෝග කරන විට, ඒවා
එම වෙලාවේ භාවිතා නොවීම, සිදුවිය නොහැකි දෙයක්. කෙසේවෙතත්, මාස්ටර් සර්ව බලධාරියෙක්
වීමේ අවධාන අසුනේ, පාලකයා අසුන්ගෙන සිටිය යුතුයි. ආසනයේ අසුන් නොගෙන නියෝගයක් ලබා
දෙන්නේ නම් එම නියෝග වලට කීකරු වන්නේ නැත. දරුවන් මෙසේ කියන විට, “බාබා , මා ඔබව
සිහි කරනවා, ඔබ පැමිණෙන්න.” ස්වාමී පැමිණෙනවා. ස්වාමීට පැමිණිය හැකි නම්, බලයන්
නොපැමිණෙන්නේ කෙසේද? සරළව නිවැරදි ආකාරයට, පාලකයෙකුගේ අධිකාරිත්වයෙන් ඒවාට නියෝග
කරන්න. මේ සියලුම බල, සංගම යුගයෙදි ඔබගේ විශේෂ දේවමය දේපළයි. දේපළ තිබෙන්නේ කවුරු
වෙනුවෙන්ද? දේපළ සෑම විටම දරුවන් වෙනුවෙනි. එබැවින් අවධානයේ ප්‍රතිමූර්තියක් වීමේ
ආසනයේ අසුන්ගෙන අධිකාරිත්වයකින් ඒවාට නියෝග කරන්න. ඔබ වෙහෙස වන්නේ කුමටද? ඒවාට
නියෝග කරන්න! ඔබ ලෝක අධිපතියාගේ ඍජු දරුවන්. මෙම අවධානයේ කුල්මත් බව නිරන්තරයෙන්
ඉස්මතු කර තබා ගන්න.
ඔය සෑම කෙනෙක්ම තමන්ව
පරීක්ෂා කරන්න: ලෝක සර්ව බලධාරියාට අයිතියක් ඇති ජීවාත්මයක් වීමේ නිරන්තර ස්වාභාවික
අවධානය මට තිබෙනවාද? ඔබට මෙම අවධානය සෑම විටම තිබෙනවාද, නැත්නම් ඇතැම් විට පමණක්ද?
මේ දිනවල ඔවුන්ගේ සියලුම සටන් තිබෙන්නේ සියලු අයිතීන් සදහා වන අතර ඔය සියලු දෙනාට
ඔබගේ දේවමය අයිතීන් සහ දේවමය අධිකාරිත්වය ඔබගේ උපතින්ම ලැබුණි. එබැවින් ඔබගේ
අයිතීන් වල බලය පවත්වා ගන්න. ඔබ බලවත්ව රැදී සිට සියලු ජීවාත්මයන්ට බලය ලබා
ගැනීමටත් මගපාදන්න. මෙකළ සියලු ජීවාත්ම බලය යදිනවා (සමර්ත්), ඒවා බලයන්ය. (ශක්තිය).
ඔවුන් නිරන්තරයෙන් නොකඩවා ඔබගේ අජීව ප්‍රතිමා ඉදිරියේ නොයෙක් දේ ඉල්ලා යදිමින්
සිටියි. එබැවින් පරම පියා පවසන්නේ : ඕ බලවත් ජීවාත්මයනේ, සියලු ජීවාත්මයන්ට ශක්තිය
දෙන්න. ඔවුන්ට බලය (සමර්ති) දෙන්න. මේ සදහා සෑම දරුවෙක්ම එක දේකට පමණක් අවධානය යොමු
කිරීමට අවශ්‍ය වෙයි. මේ සදහා බාප්දාදා ඔබට සංඥාවක් ලබා දී ඇති අතර ඔහු ප්‍රතිඵලයේ
දැක ඇත්තේ දරුවන් වැඩි දෙනෙකුගේ සිතිවිලි සහ කාලය අපතේ යන බවයි. නිදසුනක් ලෙස,
විදුලි සම්බන්ධයක් සුළුවෙන් වත් බුරුල් නම් හෝ එහි කාන්දුවක් ඇත්නම්, ඔබට
නිසියාකාරව ආලෝකය (විදුලි බලය) නොලැබෙයි. ඒ අන්දමින්ම, මෙම නිෂ්ඵලත්වයේ කාන්දුව ඔබට
බලවත් මනෝ ස්ථිතියක් සහ නිරන්තර අවධානයක් තිබීමට ඉඩ නොදෙයි. එබැවින් නිෂ්ඵලත්වය,
හොදම දේට වෙනස් කරන්න. ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමයක් සාදන්න. දවස පුරාම හොදම ආකාරයට
භාවිතා වුනේ කුමන ප්‍රතිශතයක්ද එමෙන්ම කෙතරම් ප්‍රමාණයක් අපතේ ගියාද කියා පරීක්ෂා
කර බලන්න. 40%ක් හෝ 20%ක් නිෂ්ඵලත්වය තිබුණා නම්, එය ඉතිරි කරන්න. අපතේ ගියේ
සුළුවෙන් බවත් දවසේ ඉතිරි කාලය හොදින් ගෙවූ බවත් නොසිතන්න. මෙම නිෂ්ඵලත්වයේ
පුරුද්ද, දීර්ඝ කාලයක් පුරා සිදුකරන බැවින්, අවසන් නිමේශයේ එය ඔබව මුලා කරයි. එය
ඔබට අංක එක වීමට ඉඩ නොදෙයි, එය ඔබව අංකානුරූප කරවයි. ආරම්භක කාලයේ, සෑම රාත්‍රියකම
තමන්ව පරීක්ෂා කිරීම සදහා, බ්‍රහ්ම පියා සෑම රාත්‍රියකම අධිකරණයක් පැවැත්වීය. කුමන
අධිකරණයක්ද? දරුවන්ගේ අධිකරණයක් නොව, ඔහුගේම භෞතික ඉන්ද්‍රියන්ගේ අධිකරණයක් ඔහු
පැවැත්වීය. ඔහු ඒවාට අණ කරයි: අහෝ මනස, ප්‍රධාන ඇමති, ඔබගේ මෙම ක්‍රියාකාරකම හොද
නැහැ. ඔබ දැන් නියෝග වලට අනුව ක්‍රියා කළ යුතුයි. අහෝ සංස්කාර, ඔබ නියෝග යටතේ
ක්‍රියා කළ යුතුයි. එම චංචලත්වය තිබුණේ ඇයි? එයට හේතුව කුමක්ද? විසදුමක් සොයා ගන්න!
දිනපතාම ඔහු නිල අධිකරණයක් පැවැත්වීය. ඒ අන්දමින්ම ඔබගේ අධිකරණය පවත්වන්න -
ස්ව-ආධිපත්‍යයේ අධිකරණය. සමහර දරුවන් බාප්දාදා සමග මිහිරි හදවතට සමීප කතාබහක
යෙදෙයි. ඔවුන් පෞද්ගලික කතාබහක යෙදෙයි. බාබා ඔබට ඒ ගැන කිව යුතුද? බොහෝ දෙනෙක්
පෞද්ගලික කතාබස් වල යෙදෙයි. ඔවුන් පවසන්නේ: “මා කවුරු බවට පත්වන්නේද කියා, මගේ
අනාගතයේ පිංතූරයක් මට පෙන්වන්න.” ඔබගේ පිංතූරය ගැන ඔබ ජගදම්බා මාතාව ගෙන් විමසූ
අන්දම ගැන, ඔය ආදි මැණික් වලට ඇතැම් විට මතක ඇති. “මම්මා අපි කවුරු මෙන් වෙයිද
කියා, අපට අපගේ පිංතූරයක් පෙන්වන්න.” එබැවින් බාප්දාදා සමග කතාබහක යෙදෙන විට සමහර
දරුවන් තවමත් ඔවුන්ගේම පිංතූරයක් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටත් මෙම ආශාව ඇති:
ඔබගේම ඡායාරූපය ඔබට ලැබෙන්නේ නම් එය හොද බව. කෙසේවෙතත්, බාප්දාදා පවසන්නේ :
බාප්දාදා සෑම දරුවෙකුටම අසහාය කැඩපතක් ලබා දී තිබෙනවා. එම කැඩපත කුමක්ද? වර්ථමානයේ
ඔබ තමන්ගේ පාලකයන් නේද? ඔබ එයද? ඔබ ස්ව-අධිකාරීන්ද? ඔබ එය නම්, අත් ඔසවන්න! ඔබ
ස්ව-අධිකාරීන්ද? අච්චා. ඔබගෙන් සමහරු ඔබගේ අත් ඔසවන්නේ නැහැ. ඔබ සුළු වශයෙන් පමණක්
පාලකයන්ද? අච්චා. ඔබ ස්ව-අධිපතියන්, එබැවින් සුබ පැතුම්! එබැවින් ස්ව- පාලකයෙකුගේ
වාර්ථාව, ඔබගේ අනාගත තත්ත්වයේ මුහුණ පෙන්වන කැඩපතයි. ඔබට මෙම කැඩපත තිබෙනවාද? ඔබ
සියලු දෙනාටම එය ලැබී තිබෙනවා නේද? එය පැහැදිලියි නේද? එය මත කිසිම කළු පැල්ලම්
නැහැ නේද? එහි කළු පැල්ලම් නැති නමුත් ඇතැම් විට උණු ජලය ඇති විට, කැඩපතට වාෂ්ප
වැදී එය මීදුමකින් වැසෙයි. නිදසුනක් ලෙස, මීදුම ඇති විට, ඔබට කැඩපතින් පැහැදිලිව
නොපෙනෙන ආකාරයකට කැඩපත පත්වෙයි. ස්නානය කරන විට සියලු දෙනා මෙය අත්දැක ඇති. එබැවින්
දැන් පවා ඔබගේ එක භෞතික ඉන්ද්‍රියක් පවා ඔබගේ සම්පූර්ණ පාලනය යටතේ නොමැති නම් - ඒවා
ඔබගේ පාලනය යටතේ තිබෙන නමුත්, විටෙක එසේ නොවෙයි - නිදසුනක් ලෙස, ඒනෑම භෞතික
ඉන්ද්‍රියක්, ඔබගේ ඇස්, ඔබගේ මුව, කන් හෝ ඔබගේ දෙපය වුවද, ඇතැම් විට වැරදි ඇසුරකට
යන්නේ නම්, එවිට ඔබගේ දෙපා පවා ඔබගේ පාලනය යටතේ නොමැත. ඔබ ගොස් සමූහයක අසුන් ගනී.
ඔබ අසුන්ගෙන රාමායනය හෝ භගවතයේ වැරදි කතාපුවත් වලට සවන් දෙයි, නිවැරදි ඒවාට නොවෙයි.
එබැවින් ඔබගේ ඕනෑම භෞතික ඉන්ද්‍රියක් ඔබගේ පාලනය යටතේ නොමැති නම්, එමෙන්ම එයට
සිතිවිලි සහ කාලයත් ඇතුලත්ය, මින් ඔබට පරීක්ෂා කළ හැකි වන්නේ, ඔබගේම අධිරාජ්‍යයේ
පාලන බලයක් ඔබට නොමැති බැවින් ඔබ ලෝක රාජධානිය පාලනය කරන්නේ කෙසේද? එහි සෑම දෙයක්ම
නිවැරදියි. ඔබ සංගම යුගයේ සිදුකළ උත්සාහයේ ප්‍රතිලාභය ලෙස ඔබට ඉබේටම පාලන බලය සහ
හසුරුවා ගැනීමේ බලය තිබෙයි. එබැවින් ඔබට මෙකල, සංගම යුගයේ, හසුරුවා ගැනීමේ බලය සහ
පාලන බලය නොමැති නම්, ඉන් අදහස් වන්නේ උත්සාහය නොමැති නම් ප්‍රතිලාභය කුමක් වෙයිද?
ඔබ මෙය ගණනය කිරීමේ දක්ෂයි නේද? එබැවින් මෙම කැඩපතේ ඔබගේ මුහුණ බලන්න. ඔබගේම මුහුණ
දෙස බලන්න. ඔබ ඉදිරියට එන්නේ කුමන මුහුණද? රජ කෙනෙකුගේ, රාජකීය පවුලේ කොටසක් වන
කෙනෙක්, රාජකීය පුරවැසියෙක් හෝ සාමාන්‍ය පුරවැසියෙක්ද? එසේ නම් ඔබගේ ඡායාරූපය ඔබ
දුටුවාද? මෙම රූපය සමග පරීක්ෂා කරන්න. දිනපතාම පරීක්ෂා කරන්න, මන්ද දීර්ඝ කාලයක
ලැබීම් පදනම් වන්නේ දීර්ඝ කාලයක ඔබගේ උත්සාහ මතයි. අවසානයේ ඔබට ඉබේටම නිරාශාව ඇති
වෙයි කියා ඔබ සිතනවා නම්, එවිට අවසන් නිමේශයන්හිදි, එම නිරාශාව අවසන් මොහොත වෙයිද,
නැත්නම් එය දීර්ඝ කාලයක් පුරා තිබුණේද? එය, දිගු කාලයක් කියා ඔබ කියන්නේ නැහැ නේද?
එබැවින් උපත් 21කට ඔබ තමන්ගේ සම්පූර්ණ පාලකයෙක් වුණාද? ඔබ සිංහාසනයක් මත අසුන්
නොගන්නවා විය හැක, නමුත් ඔබට රාජධානියකට අයිතියක් තිබිය යුතුයි. මෙම දීර්ඝ කාලය,
දීර්ඝ කාලයක ප්‍රතිලාභය සමග සම්බන්ධතාවයක් තිබේ. එබැවින් නොසැලකිලිමත් නොවන්න.
තවමත් විනාශයට දිනය නියම වී නොමැත. එය තව වසර 8ක් වෙයිද, දහයක් වෙයිද කියා ඔබ
නොදනී. ඔබ එය දන්නේ නැහැ. එබැවින් තවමත් ඉදිරියේ පැමිණීමට ඇති කාලයේදි, එය සිදුවෙයි
කියා නොසිතන්න. නැහැ, ලෝකයේ අවසානය ගැන සිතන්න පෙර, පළමුව ඔබගේම ජීවිතයේ අවසන් කාල
වකවානුව ගැන සිතන්න. ඔබ දිනයක් නියම කරගෙන තිබෙනවාද? අහවල් දිනයේ ඔබ මිය යන බව, ඔබ
කිසිවෙක් දන්නවාද? කිසිවෙක් මෙය දන්නවාද? ඔබ දන්නේ නැහැ නේද? ලෝකය අවසන් වීමට යනවා,
එමෙන්ම එයට අයත් කාලයේ එය සිදුවෙයි, නමුත් ප්‍රථමයෙන්, තමන්ගේම අවසන් කාලය ගැන
සිතා, ජගදම්බාගේ පාඨය සිහි කරගන්න. ඇගේ පාඨය වුනේ කුමක්ද? “සෑම මොහොතක්ම ඔබගේ අවසන්
මොහොත බව සලකන්න.” එය හදිසියේම සිදුවිය යුතුයි. ඔබට දිනයක් ලබා දෙන්නේ නැහැ, ලෝකයේ
අවසානයට හෝ ඔබගේ අවසන් නිමේශයට. මේ සෑම දෙයක්ම, සියල්ල හදිසියේ සිදුවන ක්‍රීඩාවක්.
එබැවින් ඔබගේ අධිකරණය පවත්වන්න. ඕ රජතුමාණෙනි! ඕ ස්ව-අධිපති රජතුමා! ඔබගේම රාජ සභාව
පවත්වන්න. එය පිළිවෙලට තබා ගන්න, මන්ද, අනාගතයේ වර්ණනාව වන්නේ, නීතිය සහ පිළිවෙල
තිබීමයි. එහිදි එය ස්වාභාවික වෙයි. සෙනෙහස සහ නීතිය යන දෙකේ තුලනයක් තිබෙයි; එය
ස්වාභාවික වෙයි. නීතිය වන්නේ, යම් කෙනෙක් රජ කෙනෙක් නොවෙයි නම්, ඔහුට නීතියක්
පැනවිය නොහැකි බව. මෙකළ මිනිසුන් නොකඩවා නීති පනවයි. මෙකල පොලිස් නිලධාරීන් පවා
නීතිය තම අතට ගනී. කෙසේවෙතත්, එහිදි සෙනෙහස සහ නීතියේ ස්වාභාවික තුලනයක් තිබෙයි.
එබැවින් දැන් සර්ව
බලධාරියෙකුගේ ආසනයේ අසුන්ගෙන රැදී සිටින්න. එවිට ඒ සියලුම භෞතික ඉන්ද්‍රියන්, බලයන්
සහ ගුණධර්ම ඔබට මෙසේ කියයි, “එහෙමයි, මගේ ස්වාමී! එහෙමයි, මගේ ස්වාමී!” ඒවා ඔබව
මුලා නොකරයි. “ඔව්, මා පැමිණ සිටිනවා”. එබැවින් ඔබ දැන් කරන්නේ කුමක්ද? ඊලග වසරේ
සිහිවටන දිනයේ ඔබ සමරන්නේ කුමන සැමරුමද? සියලුම කලාප වලට සැමරුම් තිබෙනවා නේද? ඔබ
සම්මාන ලබා දෙන උත්සව බොහොමයක්ද පැවැත්වූවා. දැන් සෑම සිතිවිල්ලක සහ සෑම මොහොතක
සාර්ථකත්වයේ උත්සවය සමරන්න. මෙම උත්සවය සමරන්න. සියලු නිෂ්ඵලත්වය දැන් අවසන් විය
යුතුයි, මන්ද, ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරූ වන විට, ජීවාත්ම සම්පූර්ණයෙන් තෘප්තිමත්
වීමේ සාර්ථකත්වය ලබා ගනිවි. බලාපොරොත්තු විරහිත බවින්, සෑම තැනකම පිවිතුරු
බලාපොරොත්තුවේ පහන් දැල්වෙයි. ඕනෑම අන්දමක සාර්ථකත්වයක් තිබෙන විට, ඔවුන් පහන්
දල්වනවා නේද? දැන් ලෝකයේ බලාපොරොත්තුවේ පහන් දල්වන්න. සෑම ජීවාත්මයක් තුළම එක හෝ තව
බලාපොරොත්තු විරහිත බවක් තිබේ. බලාපොරොත්තු අත්හැරීම නිසා ඔවුන් සිටින්නේ අසහනයෙන්
සහ ආතතියෙන්ය. එබැවින් අහෝ අවිනාශී පහන්, දැන් බලාපොරොත්තුවේ පහන් වල දීපාවලිය
සමරන්න! පළමුව තමන් සහ ඉන්පසුව සියලු දෙනාට. ඔබට මෙය ඇසුණාද?
ඔය දරුවන්ගේ සෙනෙහස
දැක බාප්දාදා සතුටු වනවා. සෙනෙහස යන විෂයේ ප්‍රතිශතය හොදයි. මේ තරම් උත්සාහ දරා ඔබ
මෙහි පැමිණ ඇත්තේ මන්ද? ඔබව මෙහි ගෙන ආවේ කුමක්ද: දුම්රියද? ගුවන් යානාවද? ඔබව මෙහි
ගෙන ආවේ සෙනෙහසයි. ඔබ සෙනෙහස් ගුවන්යානාවේ මෙහි ළගා විය. එබැවින්, ඔබ සෙනෙහස යන
විෂයෙන් සමත් විය. ඔබ සර්ව බලධාරීන් වීමේ අධිපතියන් වී ඇත, එබැවින් ඔබ දැන් එම
විෂයෙන් සමත් වී ඇත. එබැවින් මෙම පදාර්ථ, මායා සහ සංස්කාර යන සියල්ලම ඔබගේ සේවකයන්
වනු ඇත. ඒවා සෑම මොහොතකම ඒවායේ පාලකයන්ගේ නියෝග එනතුරු බලා සිටියි. බ්‍රහ්ම පියාද
අධිපතියෙක් ලෙසින් සූක්ෂම අන්දමකින් කෙබදු අභ්‍යන්තර උත්සාහයක් දැරුවාද යත්, ඔහු
අංග සම්පූර්ණ වුනේ කෙසේද කියාවත් ඔබ දැන සිටියේ නැහැ. කූඩුව විවර වී පක්ෂියා පියඹා
ගියා. ශාරීරික ලෝකයේ සහ භෞතික සිරුරේ කර්මික ගිණුම් වල කූඩුව විවර වූ අතර පක්ෂියා
පියඹා ගියා. බ්‍රහ්ම පියාද දැන් ඔහුගේ හදවතේ ගැඹුරුම පත්ලෙන් ඔය සියලුම දරුවන්ව
බොහෝ සෙනෙහසින් කැදවන්නේ මෙසේ කියමින්: විගසින් පැමිණෙන්න! විගසින් පැමිණෙන්න! දැන්
එන්න! දැන් එන්න! එබැවින් ඔබට පියාපත් ලැබී තිබෙනවා නේද? දැන් ඔබ සියලු දෙනාම ඔබගේ
හදවතේ මෙම අභ්‍යාසය තත්පරයකදි සිදු කළ යුතුයි. එය දැන්ම සිදු කරන්න. සියලු සිතිවිලි
අවසන් කරන්න. මෙම අභ්‍යාසය සිදු කරන්න: ඕ බාබා! මිහිරි බාබා! ආදරණීය බාබා! අප ඔබ
මෙන්, මේ දැන්ම, අව්‍යක්ත ස්වරූප ඇති අය වීමට යනවා. (බාබා අභ්‍යාසය මෙහෙයවීය).
අච්චා.
සෑම තැනකම සිටින ඔය
ආදරණීය සහ බලවත් දරුවන්ට, සියලුම ස්ව-අධිපති දරුවන්ට සහ එබැවින් ලෝකයට අයිතියක් ඇති
දරුවන්ට, මාස්ටර් සර්ව බලධාරි ආසනයේ අසුන්ගෙන සිටින සෑම තැනකම සිටින තීව්‍ර උත්සාහ
දරන දරුවන්ට, ඒවායේ නිරන්තර පාලකයන් ලෙසින් පදාර්ථ, සංස්කාර, බලයන් සහ ගුණධර්ම වලට
නියෝග ලබා දෙන ලෝක අධිපති දරුවන්ට, පියා මෙන් පරිසමාප්තිය සහ අංග සම්පූර්ණත්වය
සමීපයට ගෙන එන අයට, මේ දේශයේ සහ විදෙස් රටවල සෑම කොනකම සිටින ඔය සියලුම දරුවන්ට,
බලයේ දිනය වෙනුවෙන් බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.
මේ දැන් බාප්දාදා
විශේෂයෙන් සිහි කරන්නේ කාවද? ජනක් දරුවා. ඇය සමූහයේ අනිවාර්යෙන් පෙනී සිටින බවට
විශේෂ පණිවිඩයක් ඇය විසින් එවන ලදි. එබැවින් ඔබ ලන්ඩන්, අමරිකාව, ඔස්ට්‍රේලියාව,
අප්‍රිකාව, ආසියාව හෝ මුළු භාරතයේ සිට පැමිණියත්, ඔය සියලුම දරුවන්ට පෞද්ගලිකව නමට
සහ විශේෂත්වයට, සෙනෙහස සහ ස්මරණය. ඔබ සියලු දෙනාටම පෞද්ගලිකව සෙනෙහස සහ සිහි කිරීම
ලැබෙනවා නේද? අච්චා.
අද බාබා මධුබන් අයවත්
සිහි කළා. ඔවුන් ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. මධුබන් වල සියලු දෙනා අත් ඔසවන්න!
මධුබන් වල සියලුම බාහු! මධුබන් වල ඔය සියලු දෙනාට විශේෂයෙන් ඔබගේ අත්හැරීමේ භාග්‍යය
සූක්ෂම අන්දමකින් හිමි වනවා, මන්ද, ඔබ ජීවත් වන්නේ පාණ්ඩව භවන්, මධුබන්, ශාන්තිවාන්
වල නිසා. කෙසේවෙතත්, බාබාව හමුවීමට ඇති අයට අවස්ථාවක් ලැබෙන අතර, මධුබන් වල අය
නොබැදි නරඹන්නන් ලෙස පමණක් නරඹයි. කෙසේවෙතත්, බාබා සෑම විටම මධුබන් වල අයව සිහි
කරන්නේ ඔහුගේ හදවතේ සිටින අය ලෙසයි. මධුබන් වල, නිෂ්ඵලත්වයේ නම සහ සලකුණු අවසන් විය
යුතුයි. සේවයේදි සහ ඔබගේ මනෝ ස්ථිතියෙන් ශ්‍රේෂ්ඨ වන්න. සෑම දේකින්ම ශ්‍රේෂ්ඨ වන්න.
මෙය හොදද? මධුබන් වල අයව බාබාට අමතක වන්නේ නැහැ, නමුත් මධුබන් වල අයට අත්හැරීම
සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙනවා.
වරදානය:
ඔබ, අන් අයට
ඔබගේ නළලේ ඇති තෘප්තියේ දිදුලීමේ දර්ශනයක් ලබා දී, දර්ශන පිරිනමන ප්‍රතිරුවක් වේවා.
නිරන්තරයෙන්
තෘප්තිමත්ව රැදී සිටින අයගේ නළලේ තෘප්තියේ දීප්තිය නිරන්තරයෙන් නොකඩවා බැබලෙයි. යම්
දුකින් සිටින ජීවාත්මයක් ඔවුන්ව දුටු විට, එම ජීවාත්මයද සතුටට පත් වන අතර ඔවුන්ගේ
දුක අවසන් වෙයි. තෘප්තිමත්කමේ සතුටේ සම්පත ඇති අය කෙරෙහි සියලු දෙනාම ඉබේටම ආකර්ෂණය
වෙයි. ඔවුන්ගේ සතුටේ මුහුණු, ඔවුන්ව නිර්මාණය කළ කෙනාගේ හැදින්වීම ලබා දෙන ජීවමාන
පුවරු වෙයි. එබැවින් බොහෝ දෙනෙකුට දර්ශන ලබා දීම සදහා, තෘප්තිමත්ව රැදී සිට අන් අයව
තෘප්තිමත් කරන එවන් තෘප්තිමත් මැණික් වන්න.
පාඨය:
අන් අයට රිදවන
අයගේ වගකීම වන්නේ රිදවීම වන අතර ඔබගේ වගකීම වන්නේ තමන්ව ආරක්ෂා කරගැනීමය.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
විවෘත කිරීමේ
උත්සවයකදි පොල් ගෙඩියක් බිද, පීත්ත පටියක් කපන ආකාරයටම, එක උපදෙසක, එක ශක්තියක, එක
විශ්වාසයක සහ එකමුතුකමේ පීත්ත පටිය කපා, සියලු දෙනා සමග තෘප්තිමත් වීමේ සහ සතුටු
වීමේ පොල් ගෙඩිය බිදින්න. මෙයින් පොළව තෙත් කර ඔබට කෙතරම් සාර්ථකත්වය තිබෙයිද කියා
බලන්න.