09.03.25 Avyakt Bapdada
Sinhala
Murli 20.03.2004 Om Shanti Madhuban
ජීවන-මුක්තිය ලැබීමේ
වසර ලෙස මෙම වසර විශේෂයෙන් සමරන්න.
එකමුතුකම ඇතිව ඒකාග්‍රතාවය තුළින් පරම පියාව හෙළිදරව් කරන්න.
අද සෙනෙහස් සාගරය,
සෑම තැනකම සිටින ආදරණීය දරුවන්ව දකිනවා. පරම පියාගේ හදවතේ ඔය දරුවන් කෙරෙහි අවිනාශී
සෙනෙහස තිබෙන අතර ඔය දරුවන්ගේ හදවත් තුළත් හදවත සනසන්නා වන පියා කෙරෙහි අවිනාශී
සෙනෙහස තිබේ. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සහ හදවතේ සෙනෙහස ගැන දන්නේ පරම පියා සහ
බ්‍රහ්මින් දරුවන් පමණයි. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබීමට සුදුසු වන්නේ ඔය
බ්‍රහ්මින් ජීවාත්ම පමණයි. බැතිමත් ජීවාත්ම පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබා ගැනීමට
පිපාසාවෙන් සිටියි. ඔවුන් කන්නලව් කරන නමුත් ඔය භාග්‍යවන්ත බ්‍රහ්මින් ජීවාත්ම එම
සෙනෙහස ලැබීමට තරම් සුදුසු අයයි. ඔය දරුවන් තුළ විශේෂ සෙනෙහස තිබෙන්නේ මන්ද කියා
බාප්දාදා දන්නවා. එයට හේතුව, ඔබට සියලු සම්පත් වල අධිපතිගෙන්, සියලු සම්පත්
ලැබෙන්නේ මේ කාලයේ පමණක් බැවින්. මෙම සම්පත් පවතින්නේ, මෙම වත්මන් කාලයේ මේ උපතේ
පමණක් නොවෙයි, නමුත් මෙම අවිනාශී සම්පත් බොහෝ උපත් ගණනාවක් ඔබ සමග රැදී තිබෙයි.
ලෝකයේ ජීවාත්ම මෙන් ඔය සියලුම බ්‍රහ්මින් ජීවාත්ම ආපසු යන්නේ හිස් අතින් නොවෙයි.
ඔබගේ සියලු සම්පත් ඔබ සමග රැගෙන යයි. මෙම අවිනාශී මැණික් වල හිමිකාරිත්වය ගැන
කුල්මත් බව ඔබට තිබෙනවා නේද? එබැවින් ඔය සියලුම දරුවන් මෙම අවිනාශී සම්පත් රැස්කර
ගෙන තිබෙනවා නේද? ඒවා රැස් කරගැනීමේ සතුට සහ කුල්මත් බව ඔබට නිරන්තරයෙන් තිබෙනවාද?
සෑම කෙනෙකුගේම මුහුණේ මෙම සම්පත් රැස් කරගෙන තිබීමේ දීප්තිය දිස් වනවාද? ඔබට පරම
පියාගෙන් ලැබී ඇත්තේ කුමන සම්පත්ද කියා ඔබ දන්නවා නේද? ඔබගේ තැන්පත් ගිණුම ඔබ
කිසිදාක පරීක්ෂා කර බලනවාද? පියා ඔය සෑම දරුවෙකුටම නිමක් නොමැතිව සෑම සම්පතක්ම ලබා
දෙයි. ඔහු සමහරුන්ට වැඩියෙන් සහ සමහරුන්ට අඩුවෙන් ලබා දෙන්නේ නැහැ. සෑම දරුවෙක්ම
මෙම අනන්ත, නිරන්තර සහ අවිනාශී සම්පත් වල පාලකයෙකි. දරුවෙක් වීම යනු සම්පත් වල
පාලකයෙක් වීමයි. මේවා ඉස්මතු කරගෙන, බාප්දාදා ඔබට කෙතරම් සම්පත් ලබා දී තිබේද කියා
බලන්න.
ප්‍රථම සම්පත වන්නේ
මෙම දැනුමේ ධනයයි. එසේ නම් ඔබ සියලු දෙනාටම මෙම දැනුමේ ධනය ලැබී තිබෙනවාද? එසේ
නැත්නම් ඔබට එය ලැබීමට තිබෙන්නේ ඉදිරියේද? ඔබ එය රැස් කරගෙනත් තිබෙනවාද? එසේ
නැත්නම් ඔබ සුළු ප්‍රමාණයක් පමණක් රැස් කරගත් අතර ඉතිරිය භාවිතා කර අවසන් කළාද?
දැනුමේ ධනය තිබීම යනු, නුවණැති සහ ත්‍රිකාලදර්ශී ජීවාත්මයක් ලෙස ක්‍රියා කිරීමයි.
ඉන් අදහස් වන්නේ, දැනුමින් පිරිපුන් වීම, සම්පූර්ණ දැනුම තිබීම, තුන් කාලය පිළිබද
මෙම දැනුම වටහා ගැනීම සහ ඔබගේ කාර්යය සදහා මෙම දැනුමේ ධනය භාවිත කිරීම. ඔබගේ
ප්‍රායෝගික දිවියේ සෑම කාර්යකටම දැනුමේ ධනය භාවිතා කිරීමෙන්, එය නිවැරදි අන්දමට
භාවිතා කිරීමෙන් ඔබ සාර්ථකත්වය ලබා ගනියි; ඒ මගින් ඔබගේ බොහෝ බන්ධන වලින් ඔබ නිදහස්
වී, ජීවන-මුක්තියද අත්කර ගනියි. ඔබ මෙය අත්දකිනවාද? ඔබට ජීවන-මුක්තිය ලැබෙන්නේ
ස්වර්ණමය යුගයෙදි පමණක් නොවෙයි, මන්ද, මෙම සංගම යුගී ජීවිතයේ පවා, ඔබගේ බොහෝ සීමිත
බන්දන වලින් ඔබ නිදහස ලබයි. ඔබ බන්දන කීයකින් නිදහස ලබා තිබේද කියා ඔබ දන්නවා නේද?
ඔබ බොහෝ විවිධ අන්දමේ පීඩාකාරී දේවලින් (කණස්සලු) නිදහස් වී ඇත. “හායි, හායි”
(කණස්සලු) දැන් සෑම කලටම අවසන් වී ඇති අතර ඒ වෙනුවට ඔබ “අපූරුයි, අපූරුයි!” ගීත
ගායනා කරයි. “හායි, හායි” වල සලකුණක් පවා තිබුණොත්, එය වචන වලින් නොවිය හැක, නමුත්
ඔබගේ සිතිවිලි හෝ සිහිනෙන් හෝ ඔබගේ මනසට එය ඇතුළු වන්නේ නම්, එවිට ඔබ සිටින්නේ
ජීවන-මුක්තියේ නොවෙයි. එය “අපූරුයි, අපූරුයි, අපූරුයිද?” මව්වරුන් ඔබ අසරණ බවින්
හඩා වැටෙන්නේ නැහැ නේද? නැහැ නේද? විටෙක ඔබ එසේ කරනවාද? ඔය පාණ්ඩවයන් මෙසේ කරනවාද?
ඔබ වචන වලින් මෙසේ නොකරනවා ඇති, නමුත් ඕනෑම අවස්ථාවකදි ඔබගේ මනසේ “හායි! හායි!”
සලකුණක් පවා ඇත්නම් එවිට ඔබට පියාසර කිරීමට නොහැකි වෙයි. හායි (පීඩිත ස්වරූපයක්)
යනු බන්දනයක් වන අතර පියාසර කිරීම යනු පියාසර ස්ථිතියයි, එනම්, ජීවන-මුක්තියෙන් සහ
බන්දන වලින් නිදහස්ව සිටීමයි. එබැවින් මෙය පරීක්ෂා කරන්න, මන්ද, ඔය බ්‍රහ්මින්
ජීවාත්මම බන්දන වලින් නිදහස් වන තුරු, තවමත් ඔබ මත රන් හෝ දියමන්ති රාජකීය දම්වැල්
බැදී ඇති තාක් කල්, සියලුම ජීවාත්ම වෙනුවෙන් විමුක්තියේ දොරටුව විවර කළ නොහැක. ඔබ
බන්දන වලින් නිදහස් වූ විට විමුක්තියට දොරටුව සියලු ජීවාත්මයන්ට විවෘත වෙයි.
එබැවින් මෙම දොරටුව විවර කර, සියලු ජීවාත්මයන්ව ඔවුන්ගේ දුකින් සහ අසාමයෙන් නිදහස්
කිරීමේ වගකීම තිබෙන්නේ ඔබටයි.
ඔබ කොතෙක් දුරට ඔබගේ වගකීම ඉටු කර තිබේද කියා පරීක්ෂා කර බලන්න. බාප්දාදා සමග ලෝක
පරිවර්ථක කාර්යය නිම කිරීමේ කොන්ත්‍රාත්තුව ඔබ සියලු දෙනාම ගෙන තිබේ.
කොන්ත්‍රාත්කරුවන් ඔබයි, ඔබ එයට වගකිව යුතුයි. පරම පියාට අවශ්‍ය නම් ඔහුට සියල්ල
සිදු කළ හැක, නමුත් පියා තුළ ඔය දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ. ඔහුට එය තනිව කිරීමට
අවශ්‍ය නැහැ. ඔහු අවතරණය වූ සැනින්, ඔහු ඔය සියලු දරුවන්වත් අවතරණය කරවූවා. ඔබ ශිව
රාත්‍රිය සැමරුවා නේද? ඔබ සැමරුවේ කාගේ ශිව රාත්‍රියද? බාප්දාදාගේ පමණක්ද? ඔබ, ඔබ
සියලු දෙනාගෙත් ශිව රාත්‍රිය සැමරුවා නේද? ආරම්භයේ සිට අවසානය දක්වා ඔබ පියාගේ
සහකරුවන්. ආරම්භයේ සිට අවසානය දක්වා සහකරුවන් වීමේ කුල්මත් බව ඔබට තිබෙනවාද? ඔබ
පරමාත්ම දෙවියන්ගේ සහකරුවන්.
එබැවින් දැන්, මේ වසර
අවසානයේ ඔහුගේ චරිත කොටස රගපෑමේදි, ඔය සියලුම දරුවන්ගෙන් බාප්දාදාට අවශ්‍ය මෙයයි.
ඔහුට අවශ්‍ය කුමක්ද කියා බාබා ඔබට කිව යුතුද? ඔබට එය කිරීමට සිදු වෙයි. සවන් දීමට
පමණක් නොවෙයි, ඔබට අනිවාර්යෙන්ම එය කිරීමටද සිදු වෙයි. ගුරුවරු, එය හොදද? ගුරුවරු
අත් ඔසවන්න. ගුරුවරු ඔවුන්ගේ පංකා වනනවා; ඔබට රස්නය දැනෙනවා. අච්චා, ඔය සියලුම
ගුරුවරු මෙය සිදු කර, අන් අයටත් එසේ කිරීමට දිරිමත් කරනවාද? ඔබ අන් අයව දිරිමත්
කරනවාද? ඔබ එය කරනවාද? හොදයි. ඔබට සුළග (පංකා වලින්) දැනෙන අතර ඔබගේ අත්ද වනයි. මෙම
ජවනිකාව ඉතාම හොදයි. ඉතා හොදයි. එසේ නම් මෙම වාරය නිමා කිරීමේ උත්සවයේදි, බාප්දාදාට
අළුත් වර්ගයේ දීපමාලාවක් (ආලෝක මාලයක්) නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඔබට වැටහෙනවාද?
බාප්දාදාට අළුත් වර්ගයේ දීපමාලාවක් සමග සැමරීමට අවශ්‍යයි. එසේ නම් ඔබ සියලු දෙනාම
මෙම දීපමාලාව සැමරීමට සූදානම්ද? සූදානම් අය අත් ඔසවන්න! නිකම් කියනවාට “ඔව්”
නොකියන්න. බාප්දාදාව සතුටු කිරීමට පමණක් ඔබගේ අත් ඔසවන්න එපා, එය ඔබගේ හදවතින්ම
සිදු කරන්න. අච්චා. බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔහුගේ බලාපොරොත්තු ඉටුකරන දැල්වු පහන්
දැකීමටයි. බාප්දාදාට අවශ්‍ය බාප්දාදාගේ බලාපොරොත්තුවේ පහන් වල දීපමාලාව සැමරීමටයි.
එය කුමන දීපාවලියද කියා ඔබට වැටහෙනවාද? මෙය පැහැදිලිද?
එසේ නම් බාප්දාදාගේ
බලාපොරොත්තුවේ පහන් කවුරුන්ද? මෙම වසරේ වාරය දැන් අවසන් වෙලා. බාප්දාදා ඔබට පැවසූ
අතර ඔබ සියලු දෙනාටත් එම සිතිවිල්ල ඇති විය. ඔබට මතකද? ඔබගෙන් ඇතැම් අය සිතිවිලි
මට්ටමින් පමණක් එම සිතිවිල්ල ඉටුකර ඇත. සමහරු එම සිතිවිල්ල භාගෙට පමණක් ඉටුකර ඇත,
එමෙන්ම සමහරු තවමත් ඒ ගැන සිතමින් සිටින අතර ඔවුන්ගේ සිතිවිල්ල, සීතීමේ මට්ටමේ
පමණක් තිබේ. එම සිතිවිල්ල කුමක්ද? එය අළුත් දෙයක් නොවෙයි. එය යම් පැරණි දෙයකි;
ස්ව-පරිවර්ථනය තුළින් සියලු දෙනාගේ පරිවර්ථනයක් ගෙන ඒමට. දැනට ලෝකය පසෙක තබන්න,
මන්ද, බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ ස්ව-පරිවර්ථනය තුළින් බ්‍රහ්මින් පවුලේ
පරිවර්ථනය දැකීමටයි. බාප්දාදාට දැකීමට අවශ්‍ය මෙයයි. බාප්දාදාට තව දුරටත් මෙසේ
ඇසීමට අවශ්‍ය නැහැ, “මෙය සිදුවුනොත්, එවිට මෙය වෙයි. මේ කෙනා වෙනස් වුනොත්, මා
වෙනස් වෙන්නම්. මේ කෙනා මෙය කළොත්, එවිට මමත් එය කරන්නම්.” මෙහිදි බ්‍රහ්ම පියා
විශේෂයෙන් සෑම දරුවෙකුටම පවසන්නේ : මා මෙන් “හේ අර්ජුනා” වන්න. මෙයින් “පළමුව මම”
විය යුතුයි, “පළමුව ඔබ” නොවෙයි. එය “පළමුව මම” විය යුතුයි. මෙම “මම” යහපත සළසන
“මම”යි, නමුත් ඔබව වට්ටන්නේ එම සීමිත “මම”යි. මෙවන් කියමනක් තිබේ, “මුලපුරන කෙනා
අර්ජුනාය” එමෙන්ම අර්ජුනා යනු අංක එක වීමයි; අංකානුරූපී නොවෙයි අංක එක. එසේ නම් ඔබට
අවශ්‍ය අංක දෙක වීමටද, අංක එක වීමටද? බොහෝ කාර්යයන් වලදි බාප්දාදා ඇතැම් හාස්‍යජනක
දේවල් දැක ඇත. පවුල තුළ සිදුවන යම් දෙයක් ගැන බාප්දාදා ඔබට පවසන්නම්, මන්ද, මෙහි
අසුන්ගෙන සිටින්නේ පවුලක්. යම් කිසි ආකාරයක කාර්යයක් තිබෙන විට, බාප්දාදාට තොරතුරු
ලැබෙනවා. ඇතැම් කාර්යයන් සහ වැඩසටහන් විශේෂිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂයෙන්
පවත්වයි. එබැවින් බාප්දාදාට සහ දාදීන්ට සිතිවිල්ල ළගා වෙයි, මන්ද, දාදීන් ශාරීරික
ස්වරූපයෙන් උපකරණ බැවින්. ඔබගේ සිතිවිලි බාප්දාදා වෙතට ළගා වෙයි. බාප්දාදා වෙතට ළගා
වන්නේ කුමන සිතිවිලිද? “මගේ නමත් මෙයට ඇතුලත් විය යුතුයි. මගේ ඇති අඩු පාඩුව
කුමක්ද? මගේ නම සදහස් නොකරන්නේ ඇයි?” එබැවින් පියා විමසන්නේ: “හේ අර්ජුනා” හි ඔබගේ
නම සදහන් නොවන්නේ ඇයි? එය එහිද තිබිය යුතුයි නේද? එසේ නැත්නම් එය ඇතුලත් නොකළ
යුතුද? එය ඇතුලත් විය යුතුද? ඉදිරියේ අසුන්ගෙන සිටින අය: මහාරතීන් ඉදිරියේ අසුන්ගෙන
සිටිනවා, එය එහි තිබිය යුතුද? එය තිබිය යුතුද? බ්‍රහ්ම පියා මෙය ප්‍රායෝගිකව
පෙන්නුවා. කෙනෙක් යම් දෙයක් කරන්නේද, නැද්ද කියා ඔහු කිසි විටෙක ඔවුන් දෙස බැලුවේ
නැත. නැහැ; “පළමුව මා” “මම” හි රාජකීය ස්වරූප බොහෝ වර්ග තිබෙන බව ඔබට මින් පෙරද
පැවසුවා. මෙම “මම” සමග, ඒ සියලු “මම” වර්ග අවසන් වෙයි. එබැවින් මෙම වාරයේ සමාප්තිය
වෙනුවෙන් බාප්දාදාගේ බලාපොරොත්තු වන්නේ, තමන් බ්‍රහ්ම කුමරෙක් හෝ බ්‍රහ්ම කුමාරි
කෙනෙක් ලෙස හදුන්වාගන්න සෑම දරුවෙක්ම; තමන් බීකේවරු බව දන්නා සහ පිළිගන්න සියලු
දෙනා, ඔබට තිබෙන සියලු සීමිත බන්දන වලින්, සිතිවිලි ස්වරූපයෙන් පමණක් වුණත්, ඔය
සියලුම බ්‍රහ්මින් ජීවාත්ම නිදහස් විය යුතුයි. බන්දන වලින් නිදහස් වී, බ්‍රහ්ම පියා
මෙන් ජීවන-මුක්තිය ලබා ගන්න. සාමාන්‍ය දිවියේ නොව, බ්‍රහ්මින් දිවියේ මුක්තිය
ලබන්න. මෙම වසරේ විශේෂයෙන් ඔබගේ ශ්‍රේෂ්ඨ බ්‍රහ්මින් දිවියේ ජීවන-මුක්තිය සමරන්න.
ඔය සෑම බ්‍රහ්මින් ජීවාත්මයක්ම තමන්ගේ සූක්ෂම බන්දන ගැන දන්නා ප්‍රමාණයෙන් වෙන අයට
එය දැනගත නොහැක. බාප්දාදාට රූපවාහිනියක් තිබෙන බැවින් බාප්දාදා දන්නවා, මනසේ
රූපවාහිනියක්; ශරීරයේ රූපවාහිනියක් නොවෙයි, නමුත් මනසේ රූපවාහිනියක්. එබැවින් ඊලග
වාරයේ, එමෙන්ම වාරයක් තිබෙයි නේද? එසේ නැත්නම් අප එය අවසන් කළ යුතුද? එක වසරකට
නිවාඩුවක් තිබිය යුතුද? වසරකට අපි විවේකයක් ගත යුතුද? පාණ්ඩවයන්, අපි එක වසරක
විවේකයක් ලබා දිය යුතුද? (දාදිජී පැවසුවේ එක් මසකට දින 15ක විවේකයක් තිබිය යුතු
බවයි). අච්චා. ඉතා හොදයි. සියලු දෙනාම කියන්නේ මෙයද? නිවාඩුවක් නොතිබිය යුතු බව
කියන අය, අත් ඔසවන්න. ගැලරියේ අසුන්ගෙන සිටින අය අත් වනන්නේ නැහැ. අච්චා. (මුළු
සමූහයම අත් වනයි). බොහොම හොදයි. පියා සෑම විටම දරුවන්ට “හා ජී, හා ජී” කියයි. එය
හොදයි. දැන් ඔය දරුවන් පියාට “හා ජී” කියන්නේ කවදාද? ඔබ පියා ලවා “හා ජී” කියෙව්වා
නේද? පියා පවසන්නේ : පරම පියාද කොන්දේසියක් සාදනවා. ඔබ මෙයට එකග වනවාද? ඔබ සියලු
දෙනාම අඩු තරමින් “හා ජී” කිව යුතුයි. නිසැකද? ඔබ නිදහසට කරුණු කියන්නේ නැහැ නේද?
දැන් රූපවාහිනියෙන් සෑම කෙනෙකුගේම මුහුණේ පිංතූරයක් ගන්න. එය හොදයි. ඔබ සියලු
දෙනාමත් “හා ජී, හා ජී” කියන අය වීම ගැන පියා සතුටු වනවා.
“මේ දේ නිසයි, අර දේ
නිසයි, මෙම බන්දනය තිබෙන්නේ මේ නිසයි” බාප්දාදාට අවශ්‍ය, මෙවන් නිදහසට කරුණු
කිසිවෙකු නොකිව යුතු බවයි. ගැටළුවක් නොවන්න, නමුත් විසදුම් වල ප්‍රතිමූර්තියක්
වන්න. ඔබ කාලයේ තත්ත්වය දකින නිසා ඔබ, තම සහකරුවන්වත් මෙය බවට පත් කළ යුතුයි. දූෂිත
බවේ හඩ බොහෝ වැඩි වනවා. දූෂණය සහ පහරදීම් එහි අන්තයට ගමන් කරනවා. එබැවින්
ප්‍රථමයෙන් සෑම බ්‍රහ්මින් ජීවාත්මයකගේ මනස තුළ ශ්‍රේෂ්ඨ වීමේ ධජය එසවිය යුතුයි, එය
ලෝකයේ එසවෙන්නේ එවිට පමණයි. ඔබ බොහෝ ශිව රාත්‍රීන් සමරා ඇත. සෑම ශිව රාත්‍රියකම,
පියාගේ ධජය ලෝකයේ ඔසවන බවට සිතිවිල්ල ඔබට ඇති වෙයි. හෙළිදරව්වේ මෙම ධජය ලෝකයේ
ඔසවන්නට පෙර, ඔය සෑම බ්‍රහ්මින් කෙනෙක්ම ඔබගේ මනසේ, පියාගේ ධජය ඔබගේ හදවත් සිහසුන
මත එසවිය යුතුයි. මෙම ධජය එසවීම සදහා සෑම ක්‍රියාවකම වදන් දෙකක් සරළව භාවිතා කළ
යුතුයි, ඔබගේ ක්‍රියා වල. ඔබගේ සිතිවිලි වල නොවෙයි, ඔබගේ හිසේ නොවෙයි, නමුත් ඔබගේ
හදවතේ, ක්‍රියාවල, සහ නෑ සබදතා තුළ. ඒවා අපහසු වචන නොවෙයි, ඒවා සාමාන්‍ය වචන. එම
වදන් වන්නේ 1) සියලු නෑ සම්බන්ධතා තුළ සහ ඔබ එකිනෙකා අතර එකමුතුකම තිබිමට. බොහෝ
සංස්කාර තිබෙන නමුත් එම විවිධත්වය තුළ එක්සත්කම තිබිය යුතුයි. 2) ඔබට කුමන ශ්‍රේෂ්ඨ
සිතිවිලි තිබෙන්නේද, ඔබට එවන් සිතිවිලි තිබෙන විට බාප්දාදා එයට බොහෝ ප්‍රිය
කරයි,එමෙන්ම එවන් ශ්‍රේෂ්ඨ සිතිවිලි දැකීමෙන් සහ සවන් දීමෙන්, බාප්දාදා බොහෝ සතුටු
වනවා, අපූරුයි, අපූරුයි දරුවනේ, අපූරුයි! අපූරුයි ශ්‍රේෂ්ඨ සිතිවිලි, අපූරුයි!
නමුත්! නමුත් එකක් තිබේ. “නමුත්” නොතිබිය යුතු වුනත් එය ඇත. ඔබගෙන් වැඩි දෙනෙක්,
එනම්, ඔය දරුවන්ගෙන් 90%කට පමණ ඉතා හොද සිතිවිලි තිබේ. අද මේ දරුවාගේ සිතිවිලි ඉතාම
හොදයි, එමෙන්ම ප්‍රගතියක් ඇතිවෙයි කියා බාප්දාදාටත් සිතෙයි, නමුත් එය වචන වලට නැගෙන
විට එය 50% කින් පමණ අඩුවන අතර එය ක්‍රියාවට නැංවීමේදි තව 75% කින් අඩුවෙයි - ඒවා
මිශ්‍ර වෙයි. මෙයට හේතුව කුමක්ද? ඔබගේ සිතිවිලි වල ඒකාග්‍රතාවය සහ අධිෂ්ඨානය නොමැත.
ඔබගේ සිතිවිලි වල ඒකාග්‍රතාවය ඇති විට, එම ඒකාග්‍රතාවය ඔබගේ සාර්ථකත්වයේ මගයි. ඔබගේ
සාර්ථකත්වයේ මග, අධිෂ්ඨානයයි. ඒවායේ වෙනසක් තිබේ. එයට හේතුව කුමක්ද? බාප්දාදා
ප්‍රතිථලයේ දකින්නේ එක දෙයක් පමණයි. ඔබ බොහෝ සේ අන් අය දෙස බලයි. ඔබ සියලු දෙනාම
මෙය පෙන්වයි. ඔබ වෙන කෙනෙක් දෙසට එක ඇගිල්ලක් දික් කරන විට, ඇගිලි තුනක් පෙරළා ඔබ
දෙසට දික් වනවා. එබැවින් ඔබ ඇගිලි තුන දකින්නේ නැහැ, ඒ වෙනුවට එක ඇගිල්ල බොහෝ
දකිනවා. එබැවින් අධිෂ්ඨානය සහ ඒකාග්‍රතාවය තිබිය යුතුයි. එක්සත් බවේ චංචලත්වයක් ඇත.
“මේ කෙනා මෙය කළොත්, එවිට මා එය කරන්නම්.” මුලපුරන අය, අර්ජුනා වෙයි. මෙයින් ඔබ අංක
දෙක වෙයි. එසේ නැත්නම් ඔබගේ පාඨය වෙනස් කරන්න. “ස්ව-පරිවර්ථනය තුළින් ලෝක
පරිවර්ථනය” වෙනුවට, එය “ලෝක පරිවර්ථනය තුළින් ස්ව-පරිවර්ථනය!” “අන් අයගේ පරිවර්ථනය
තුළින් ස්ව-පරිවර්ථනය!” කරගන්න. එසේ නම් අපි පාඨය වෙනස් කළ යුතුද? අප එය වෙනස් කළ
යුතුද? අප එය වෙනස් කළ යුතු නැද්ද? බාප්දාදා ද කොන්දේසියක් සාදනවා. ඔබ මෙයට එකගද?
බාබා ඔබට මේ ගැන කිව යුතුද? මාස හයකින් බාප්දාදා ප්‍රතිඵලය දෙස බලා ඉන්පසුව
පැමිණෙන්නම්. එසේ නොවුනොත් ඔහු පැමිණෙන්නේ නැත. පරම පියා “හා ජී” කියා ඇති විට,
දරුවන්ද “හා ජී” කිව යුතුයි. කුමක් සිදු වුනත් බාප්දාදා පවසන්නේ : ස්ව-පරිවර්ථනය
සදහා, ඔබ සියලු සීමිත “මම” යන අවධානයට මිය යා යුතුයි. “මම” යන අවධානයට මිය යන්න,
ශාරීරිකව මිය යාම නොවෙයි. ඔබ ශාරීරිකව මිය යා යුතු නැහැ, නමුත් “මම” යන සිහියට මිය
යන්න. “මම හරි”. “මම මෙයයි. මට අඩුවක් තිබෙනවාද? සියල්ල මමයි”. “මම” යන සියලු
අවධානයට මිය යන්න. ඔබටත් මිය යාමට සිදු වෙයි. එබැවින් මෙම මරණය ඉතා මිහිරි මරණයක්.
මෙය මිය යනවා නොවෙයි, නමුත් උපත් 21 කට රාජධානියේ භාග්‍යය ඇතිව ජීවත් වීමයි. ඔබ
එකගද? ගුරුවරු ඔබ එකගද? ද්විත්ව විදේශිකයන්, ඔබ එකගද? ඔවුන් කුමන සිතිවිල්ලක් ඇති
කළත්, ද්විත්ව විදේශිකයන්ට ඒවා ඉටුකරගැනීමේ ධෛර්යය තිබේ. ඔවුන්ගේ විශේෂත්වය මෙයයි.
භාරතයේ ජනතාවට තුන් ගුණයක ධෛර්යය තිබේ. ද්විත්ව විදේශිකයන්ට දෙගුණයක ධෛර්යය තිබෙන
අතර ඔවුන්ට තුන් ගුණයක ධෛර්යය තිබේ. එබැවින් බාප්දාදාට දැකීමට අවශ්‍ය දේ මෙයයි. ඔබට
වැටහෙනවාද? බාප්දාදාට සෑම දරුවෙක් තුළම දැල්වී තිබෙනවා දැකීමට අවශ්‍ය වන,
බාප්දාදාගේ ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුවේ පහන මෙයයි. එබැවින් මේ වසරේ, ඔබ මාස හයකට පසුව
සැමරුවත්, මෙම දීපවාලිය සමරන්න. බාප්දාදා දීපාවලියේ සැමරුම දුටුවාට පසුව එවිට ඔහුගේ
වැඩසටහන ලබා දෙනවා. ඔබ එය කළ යුතුයි. ඔබ එය නොකරන්නේ නම්, ඔබට පසුව පැමිණෙන අය එය
කරයිද? මාලාව ඔබගේ නේද? 16,108 මාලාවේ පැමිණීමට යන්නේ ඔය වැඩිමහල් අය පමණයි. අළුත්
අය පැමිණෙන්නේ පසුවයි. ඔව්, අවසානයේ පැමිණ වේගයෙන් යන සමහරු සිටියි. අවසානයේ පැමිණ
ප්‍රථමයට යන ඇතැම් නිදසුන් තිබෙයි, නමුත් එවන් අය සිටින්නේ අඩු සංඛ්‍යාවක්. එසේ
නැත්නම් සිටින්නේ ඔබ සියලු දෙනා පමණයි. සෑම කල්පයකදී ඔබ මෙය බවට පත් වී ඇති අතර ඔබ
නැවතත් එය වෙයි. ඔබ විදේශයක අසුන්ගෙන සිටියත් මේ දේශයේ සිටියත් කමක් නැහැ, දීර්ඝ
කාලයක් පුරා බුද්ධිය තුළ ස්ථිර විශ්වාසය ඇති අයට කොහොමත් සියලු අයිතීන් තිබේ.
බාප්දාදා තුළ ඔබ කෙරෙහි සෙනෙහස තිබෙනවා, එබැවින් බොහෝ කලක් මෙහි හිද ඇති අය, හොදින්
උත්සාහ දරණ අය, සම්පූර්ණ උත්සාහ දරන අය නොවෙයි නමුත් හොදින් උත්සාහ දරන අයව,
බාප්දාදා කිසිම විටෙක දමා යන්නේ නැහැ. ඔහුත් සමග ඔවුන්ව රැගෙන යයි. එබැවින් මෙම
ස්ථිර විශ්වාසය තබා ගන්න: “අපි සිටියා, අප සිටිනවා, එමෙන්ම අප එකට සිටීවි (ඔබත්
සමග).” මෙය ස්ථිරයිද? නිසැකවම? සරළව, ඔබ, අන් අය වෙනුවෙන් පිවිතුරු සහ සාධනීය
සිතිවිලි ඇති කෙනෙක් යන හැගීම, ආදිතම තමා පිළිබද පිවිතුරු සිතිවිලි ඇති කෙනෙක් බව,
පිවිතුරු හැගීම් ඇති කෙනෙක්, පරිවර්ථනය වීමේ හැගීම්, සහයෝගය සහ අනුකම්පාව ඇති
කෙනෙක් යන හැගීම් ඇති කරන්න. වර්ථමානයේ ඔබ ඒවා යටපත් කර තබා ගනී. දැන් මෙම හැගීම්
ඉස්මතු කරගන්න. බොහෝ නිවැරදි කිරීම් ලබා නොදෙන්න, ඒ වෙනුවට ඔවුන්ට සමාව දෙන්න.
නිවැරදි කිරීම් ලබා දීමේදි සෑම කෙනෙක්ම අසල කෙනාට වඩා දක්ෂයි, නමුත් ඔබ නිවැරදි
කිරීම් ලබා දිය යුත්තේ සමාව දීමත් සමගයි. මුරලිය කියවන විට, පාඨමාලා ලබා දෙන විට සහ
වැඩසටහන් පවත්වන විට, ඔබට ඉගැන්වීම් සහ නිවැරදි කිරීම් ලබා දිය හැක, නමුත් ඔබගේ
කාර්යයන්හි අන්තර් සම්බන්ධතා වලදි, ඔබ ඉගැන්වීම් ලබා දිය යුත්තේ සමාව දීම සමගයි.
නිවැරදි කිරීම් පමණක් නොදෙන්න. දයාවන්ත වී, නිවැරදි කිරීම් සිදුකරන්න. එවිට ඔබගේ
දයාව කෙබදු අන්දමකින් ක්‍රියාත්මක වන්නේද යත්, අන් අයගේ දුර්වලතා වලට සමාව ලැබෙයි.
ඔබට වැටහෙනවාද?
දැන් ඔබට තත්පරයකදි
ඔබගේ මනසේ පාලකයෙක් වී, ඔබට අවශ්‍ය වෙලාවක් එය ස්ථාවර කළ හැකිද? ඔබට මෙය කළ හැකිද?
ඔබට මෙය කළ හැකිද? එසේ නම් දැන් මෙම ආධ්‍යාත්මික අභ්‍යාසය කරන්න. මනසේ පූර්ණ
ඒකාග්‍රතාවය තිබිය යුතුයි. ඔබගේ සිතිවිලි වල වත් කැලඹිල්ලක් නොතිබිය යුතුයි;
නොසැලෙන. අච්චා.
අවිනාශී, නිරන්තර
සම්පත් වල පාලකයන් වන සෑම තැනකම සිටින සියලු දෙනාට, බන්දන වලින් නිදහස් ස්ථිතියේ
ස්ථාවරව රැදී සිටින සහ මෙම සංගම යුගී ජීවිතයේ මුක්තියෙන් සිටින ශ්‍රේෂ්ඨ
ජීවාත්මයන්ට, බාප්දාදාගේ බලාපොරොත්තු ඉටු කරන අයට, එකමුතුකමේ සහ ඒකාග්‍රතාවයේ බල
වලින් නිරන්තරයෙන් පිරිපුන් මාස්ටර් සර්ව බලධාරි ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස,
ස්මරණය සහ නමස්කාරය.
දුර ඈත සතර කොනේ
අසුන්ගෙන සෙනෙහස, ස්මරණය සහ ලිපි එවා ඇති සියලු දරුවන්ටත් බාප්දාදා හදවතින් බොහෝ
සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා. මෙයට අමතරව, මධුබන්වලදි ඔවුන්ගේ නැවුම් වීම ගැන
කියමින් බොහෝ දරුවන් ඉතා හොද ලිපි එවා තිබෙනවා, එබැවින් ඒ දරුවන්ටත් විශේෂ සෙනෙහස,
ස්මරණය සහ නමස්කාරය.
වරදානය:
ඔබ අතීතය ගැන
නොසිතන සහ එයට නැවතීමේ තිතක් තබන, සීඝ්‍ර උත්සාහ දරන්නෙක් වේවා.
මේ දක්වා සිදුවී ඇති
සෑම දේකටම නැවතීමේ තිතක් තබන්න. අතීතය ගැන නොසිතීම යනු, තීව්‍ර උත්සාහ දැරීමය. යම්
කෙනෙක් ඔහුගේ අතීතය ගැන සිතන්නේ නම්, එය ඔහුගේ කාලය, බලය, සහ සිතිවිලි යන සියල්ල
අපතේ යෑමක්. මෙම කාලය තිබෙන්නේ අපතේ හැරීමට නොවෙයි, මන්ද, සංගම යුගයේ නිමේශ දෙකක්
වුවද, එනම්, සංගම යුගයේ තත්පර දෙකක් අපතේ හැරියත්, එවිට ඔබ වසර බොහොමයක් අපතේ යවා
ඇත. එබැවින් මෙම කාලයේ වැදගත්කම දැන, අතීතයට නැවතීමේ තිතක් තබන්න. නැවතීමේ තිතක්
තැබීම යනු, සියලු සම්පත් වලින් පිරිපුන් වීමයි.
පාඨය:
සෑම
සිතිවිල්ලක්ම ශ්‍රේෂ්ඨ වන විට, ඔබට සහ ලෝකයට යහපතක් සිදුවෙයි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.
දැනුමේ ඕනෑම කරුණක්
පිළිබදව පැකිලෙමින් නොව, අධිකාරිත්වයකින් මෙන්ම අවංකව සහ ආචාරශීලිව කතා කරන්න.
හෙළිදරව්ව ගෙන ඒම සදහා පළමුව තමන්ව හෙළිදරව් කරන්න. නිර්භීත වන්න. ඔබගේ දේශන වලදි
වචන අඩු කරන්න, නමුත් ඒවා බොහෝ බලවත් මෙන්ම පරම පියාගේ හැදින්වීමෙන් සහ ඔහුගේ
සෙනෙහසින් පිරි තිබිය යුතුයි, එවිට සෙනෙහසේ කාන්දම, ජීවාත්මයන්ව පරමාත්ම දෙවියන්
වෙතට ඇදගනී.