09.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සෑම කෙනෙක්ම වන්දනා කරනා ශිවා දැන් තමන්ගේ පියා වී ඔබ ඉදිරියේම සිටිනවාය යන කුල්මත් බව ඔබලා තුළ තිබිය යුතුයි.

ප්‍රශ්නය:
ඇයි මිනිස්සු දෙවියන්ගෙන් සමාව ඉල්ලන්නේ? සැබවින්ම ඔවුන්ට සමාව ලැබෙනවාද?

පිළිතුර:
තමන් විසින් කරන ලද පාප වලට දෙවියන් ධර්මරාජ් (උත්තරීතර විනිසුරු) හරහා දඬුවම් දේවි යන බිය මිනිසුන්ට තිබෙනවා. මෙන්න මේ නිසා තමයි ඔවුන් සමාව ඉල්ලන්නේ. කෙසේවෙතත්, කර්ම වේදනා වල ස්වරූපයෙන් ඔවුන් කළ පාප වල විපාක විඳීමට සිදු වෙනවා. පරමාත්ම දෙවියන් ඔවුන්ට කිසිම බෙහෙතක් දෙන්නේ නැහැ. සිරකුටියක් වන් වූ ගර්භාෂයක දී ඔවුන්ට දඬුවම් විඳීමට සිදු වෙනවා. ඔවුන් කළ දේ වල දර්ශන ඔවුන්ට ලැබෙන්න පටන් ගන්නවා. ඔබ දෙවියන්ගේ උපදෙස් අනුගමනය නොකළ නිසා මේ දඬුවම විඳීමට සිදුවෙනවා.

ගීතය:
ඔබ මුළු රාත්‍රියම නින්දෙනුත් දවස කෑමටත් අපතේ හැරියා.

ඕම් ශාන්ති.
කවුද මෙය කීවේ? අධ්‍යාත්මික පියා තමයි කිවුවේ. ඔහු තමයි ඉහළම ඉහළ පරමාත්ම පියා. ඔහු සියලුම මානව ජීවයන්ටත් අනිකුත් ජීවයන්ටත් වඩා ඉහළම ඉහළ කෙනායි. සෑම කෙනෙක් තුළම ජීවාත්මයක් තිබෙනවා. තම චරිත කොටස රඟදැක්වීමට ඔබට ශරීරයක් ලැබෙනවා. සන්යාසීවරුන් ආදී අයගේ ශරීර කෙරෙහි කෙතරම් ගෞරවයක් තිබෙනවා දැයි කියා ඔබට දැන් දැකිය හැකියි. මිනිස්සු තමන්ගේ ගුරුන් ආදී අයව ඉමහත් ප්‍රශංසාවට ලක් කරනවා. මෙම අසීමිත පියා අදෘශ්‍යමානයි. ශිව් බාබා තමයි ඉහළම ඉහළ කෙනා බව ඔය දරුවන්ට තේරෙනවා. ඔහුට ඉහළින් කෙනෙක් නැහැ. ධර්මරාජ් සිටින්නේ ඔහු සමඟයි. මෙන්න මේ නිසා තමයි භක්ති මාර්ගයේ සිටින්නන් සමාව ඉල්ලන්නේ, “අහෝ දෙවියනේ, මට සමාවන්න!” නමුත් දෙවියන් මොනවා කරන්න ද? මෙහි ආණ්ඩුවේ සිටින්නන් කාව හෝ සිර ගෙයට ඇද දමාවි. ඒ ධර්මරාජ් දඬුවම් දෙන්නේ සිරකුටියක් වන් වූ ගර්භාෂයකදීයි. තමන් විසින් කරන ලද ක්‍රියා වල ඵල විපාක විඳීමට සිදුවෙනවා. කර්ම වේදනා කියන්නේ ඒවායි. කරන ලද ක්‍රියා වලට වේදනා විඳින්නේ කවුද, සිදු වන්නේ කුමක්ද කියා ඔබ දැන් දන්නවා. මිනිස්සු කියනවා: “අහෝ දෙවියනි, මට සමාවන්න! මගේ දුක වේදනාව නැති කර මට සතුට දානය කරන්න!” දෙවියන් ඔබට බෙහෙත් දෙනවාද? ඔහුට කිසිම දෙයක් කරන්න බැහැ. ඉතින් ඇයි ඔවුන් දෙවියන්ගෙන් ඒවා ඉල්ලන්නේ? මන්ද, ධර්මරාජ් ඔහු සමඟ සිටිනා නිසායි. කිසියම් වැරදි දෙයක් කළ විට අනිවාර්යෙන්ම එහි විපාකය ඒ කළ කෙනා විසින් විඳිය යුතුයි. දඬුවම් ලැබෙන්නේ සිර කුටියක් වන් වූ ගර්භාෂයකදීයි. ඔබ විසින් කර ඇති සෑම දෙයක්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ කළ දේ පෙන්වන්නේ නැතිව දඬුවම් දෙන්නේ නැහැ. ගර්භාෂ සිර කුටියේදී බෙහෙත් ලැබෙන්නේ නැහැ. දඬුවම් විඳීමට සිදු වෙනවාමයි. දුක් විඳීමට සිදු වුණු විට ඔවුන් කියනවා: “අහෝ දෙවියනේ, මාව මෙම දුකින් ගලවා ගන්න!” ඔය දරුවන් දැන් අසුන් ගෙන සිටින්නේ කවුරුන් ඉදිරියේද? ඉහළම ඉහළ කෙනා පරමාත්ම පියායි නමුත්, ඔහු අදෘශ්‍යමානයි. අන් සෑම කෙනෙකුගේම ශරීර පෙනෙන්න තිබෙනවා නමුත්, මෙහි ශිව් බාබාට තමන්ගේම කියා අත් පා නැහැ. ඉතින් පුදන මල් භාර ගන්නේ කවුද? ඔහුට භාර ගැනීමට වුවමනා වුවත් මොහුගේ අත් මඟින් තමයි ඔහුට ඒවා භාර ගැනීමට සිදු වන්නේ. කෙසේවෙතත්, ඔහු කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ශංකරාචාර්යතුමා පවා කිසිම කෙනෙක් තමන්ව ස්පර්ශ නොකළ යුතුයි යැයි කියන්නාක් සේ පරමාත්ම පියාත් කියන්නේ : මම කොහොමද අපිරිසිඳු අයගෙන් කිසිම දෙයක් භාර ගන්නේ? මට මල් අවශ්‍ය නැහැ. භක්ති මාර්ගයේදී සෝමනාථ දේවාල ආදිය තනා මල් පහන් පූජා කළා. කෙසේවෙතත්, මට මගේම කියා ශරීරයක් නැහැ. කොහොමද කෙනෙක් ජීවාත්මයක් අල්ලන්නේ? ඔහු කියනවා: කොහොමද මම අපිරිසිඳු අයගෙන් මල් භාර ගන්නේ ? කිසිම කෙනෙකුට ඔහුව අල්ලන්නවත් බැහැ. අපිරිසිඳු අයට ඔහුව ඇල්ලීමට අවසර නැහැ. අද ඔවුන් බාබා කියාවි, නමුත් හෙට අපායේ වැසියන් වේවි. එවන් අය දෙස බාබා බලන්නේවත් නැහැ. පරමාත්ම පියා කියනවා : මම තමයි ඉහළම ඉහළ කෙනා. නාටකයට අනුව මම සන්යාසීවරුන්ව පවා ඉහළ නැංවිය යුතුයි. කිසිම කෙනෙක් මාව දන්නේ නැහැ. මිනිස්සු ශිවාව වන්දනා කළත් ගීතාවේ දෙවියන් ඔහුයි. ඔහු ‍මෙහි පැමිණෙන්නේ අපට මෙම දැනුම ලබා දීමටයි කියා කවුරුත් දන්නේ නැහැ. ක්‍රිෂ්ණාගේ නම ගීතාවේ සඳහන් වී තිබෙනවා. ක්‍රිෂ්ණා ඥානය දුන්නා නම් ශිවා මොනවාද කර කර සිටියේ? එමනිසා, ඇතැම් අය හිතන්නේ ඔහු කවදාවත්ම පැමිණෙන්නේ නැහැයි කියලයි. ඔහෝ! නමුත් ඔබ ක්‍රිෂ්ණාට පාරිශුද්ධකරුයි කියා කියන්නේ නැහැ. මාව හඳුන්වන්නේ පාරිශුද්ධකරු කියලයි. එතරම් ගෞරවයක් ඇත්තේත් ඔබගෙන් කිහිප දෙනෙකුට පමණයි. ඔහු ඉතාමත් සරළව සියල්ල පහදා දෙනවා : සියලුම සන්නායීවරුන්ගේ පියා මමයි. ශංකරාචාර්ය ඇතුලු සියලුම ජීවාත්මයන්ගේ පරමාත්ම පියා මමයි. ඔවුන්ගේ ශාරීරික පියවරුන් භෞතික විය හැකියි. නමුත් මම ජීවාත්මයන්ගේ පියායි. සෑම කෙනෙක්ම මාව වන්දනා කරනවා. මම ම දැන් පැමිණ ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. කෙසේවෙතත්, ඔබ අසුන් ගෙන සිටින්නේ කවුරුන් ඉදිරියේ දැයි කියා ඔබ සෑම කෙනෙක්ම තේරුම් ගන්නේ නැහැ. උපතක් උපතක් පාසා ජීවාත්ම ශාරීරික අවධානයෙන් සිටියා. එමනිසා, ඔවුන්ට පරමාත්ම පියාව සිහි කරන්නත් බැහැ. ඔවුන් බලන්නේ ශරීරය දෙසයි. ජීවාත්ම අවධානයට පත් වූවා නම් ඔවුන්ට පරමාත්ම පියාව සිහි කර ශ්‍රීමත් අනුගමනය කළ හැකි වේවි. පරමාත්ම පියා කියනවා : සෑම කෙනෙක්ම මා දැන ගැනීමට උත්සාහ දරනවා. අවසානයේදී මුළුමනින්ම ජීවාත්ම අවධානයට පත්වෙන අය පමණයි සමත් වන්නේ. අන් අය තුළ පොඩි ශාරීරික අවධානයක් ඉතිරි වී තිබේවි. පරමාත්ම පියා අදෘශ්‍යමානයි. ඔහුට කිසිම දෙයක් දීමට ඔබට බැහැ. මේ දියණිවරුන්ට ශිව දේවාල වලට ගොස් පැහැදිලි කිරීම් කළ හැකියි. ශිව් බාබාගේ හැඳින්වීම දෙන්නේ ඔය කුමාරීවරුනුයි. කුමාරයින් හා කුමාරීන් දෙගොල්ලන්ම සිටිනවා. කුමාරයිනුත් අන් අයට හැඳින්වීම දී ඇති. මව්වරුන්ව අනිවාර්යෙන්ම ඉහළින් තබන්නේ ඔවුන් පිරිමි අයට වඩා වැඩි සේවයක් කර ඇති නිසායි. එමනිසා, අනිකුත් ඉගෙන ගැනීම් කෙරෙහි මහත් ආසාවක් ඇත්තා සේ ඔය දරුවන් තුළ සේවය කිරීමටත් මහත් ආසාවක් ඇතිවිය යුතුයි. ඒ අධ්‍යාපනය භෞතික දෙයක් මෙය ආධ්‍යාත්මිකයි. භෞතික අධ්‍යාපනයක් හදාරා ව්‍යායාම ආදිය ඉගෙන ගැනීමෙන් ඔබට ලැබෙන දෙයක් නැහැ. උදාහරණයක් ලෙස කිවහොත්, විවාහක යුවළකට දරුවෙක් ලැබුණහොත් ඔවුන් ඒ දරුවාගේ නම් තැබීමේ උත්සවය මහත් උත්සවශ්‍රීයෙන් සමරාවි. නමුත් ඔහුට ඉන් ලැබෙන දෙයක් තිබෙනවාද? ඔහුට කිසිම දෙයක් ලබා ගැනීමට එතරම් කාලයක් නැහැ. දැන් මෙහෙන් පිට වන සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම නැවතත් මෙහි පැමිණිය යුතුයි. නමුත් ඔහුට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වේවි. මෙහිදී ඉගෙනගෙන ශරීරය අතහැර ගිය කෙනෙක් තමන්ගේ ඉගෙනීමේ තරමට ඔහුගේ ඊළඟ උපතේදී ශිව බාබාව සිහි කරාවි. මෙය මන්ත්‍රයක්. කුඩා දරුවෙකුට මේ කියන කුඩා තිත, ලක්ෂ්‍යය ගැන වගේ උගන්වන්න ගියහොත් ඔහුට කිසිම දෙයක් තේරෙන එකක් නැහැ. ඔහු නිකම්, “ශිව් බාබා, ශිව් බාබා” කිය කියා ඉඳීවි. ශිව් බාබාව සිහිකරන්න. දෙව්ලොව උරුමය ඔබට හිමි වේවි. මේ ආකාරයෙන් ඔහුට කරුණු පහදා දුන්නොත් ඔහුට දෙව්ලොවට යා හැකි වේවි. නමුත් ඔහුට වැඩිය ඉහළ තැනක් දිනා ගත හැකි වන්නේ නැහැ. “ශිව් බාබා, ශිව් බාබා” කිය කියා කතා කරනා එවන් දරුවන් රැසක් එනවා. පසුව ඔවුන්ගේ අවසන් සිතිවිල්ල ඔවුන්ගේ ගමනාන්තය තීරණය කරනවා. රාජධානියක් ස්ථාපනය වෙමින් පවතිනවා. මිනිස්සු ශිව වන්දනාව කළත් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කුඩා දරුවන් කිසිම අවබෝධයකින් තොරව, “ශිවා, ශිවා” කිය කියා ඉන්නවාක් සේ මෙහි සිටිනා මිනිස්සුන් කිසිම හඳුනා ගැනීමකින් තොරව වන්දනා කර කර සිටිනවා. එමනිසා, ඔබ ඔවුන්ට කිව යුතුයි: ඔබලා වන්දනා කරනා කෙනා ඥාන සාගරයයි. ඔහු ගීතාවේ දෙවියනුයි. අපට උගන්වන්නේ ඔහුයි. ශිව් බාබා තමාට රාජයෝගාව උගන්වනවා කියා ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් කියන්නේ නැහැ. මේ ගැන දන්නේ ඔය දරුවන් පමණයි. නමුත් ඒ වුණත් ඔබට එය අමතක වෙනවා. පරමාත්ම දෙවියන් කියනවා : මම ඔබට රාජයෝගාව උගන්වනවා. රාගය ලොකුම සතුරා වන නිසා එය දමනය කළ යුතුයි කියා පරමාත්ම දෙවියන් කියනා බව කිව්වේ කවුද? පැරණි ලෝකය අතහැර දමන්න. හත යෝගීන් සීමිත අත්හරින්නන්ය. ඔහු ශංකරාචාර්ය වන අතර මොහු ශිවාචාර්ය වේ. අපට උගන්වන්නේ ඔහුයි. ක්‍රිෂ්ණා ආචාර්ය කියා කියන්න බැහැ. ඔහු කුඩා දරුවෙක්. ස්වර්ණම යුගයට මෙම දැනුමේ අවශ්‍යතාවයක් නැහැ. ශිව් දේවාල තිබෙන තැන් වල ඔය දරුවන්ට ඉතාමත් හොඳ සේවයක් කළ හැකියි. ශිව් දේවාල වලට යන්න. මව්වරුන්ට යා හැකි නම් හොඳයි. නමුත් කුමාරින් යනවා නම් ඊටත් වඩා හොඳයි. ඔවුන්ට කියන්න: අපි දැන් බාබාගෙන් අපේ අධිරාජ්‍යයේ වාසනාව දිනා ගත යුතුයි. පරමාත්ම පියා අපට උගන්වනා අතර එයින් අපි අධිරාජ්‍යවරුන් හා වරියන් බවට පත් වෙනවා. ඉහළම ඉහළ කෙනා පරමාත්ම පියායි. කිසිම මනුෂ්‍යයකුට එවන් දැනුමක් අපට දෙන්න බැහැ. මේ කලි යුගයයි. ස්වර්ණම යුගයේ තිබු‍ණේ ඔවුන්ගේ රජධානියයි. ඔවුන් රජ හා රැජිණ වූයේ කෙසේද? ස්වර්ණම යුගයේ පාලකවරුන් බවට පත්වීමට ඔවුන්ට රාජයෝගාව ඉගැන්වූයේ කවුද? ඔබලා වන්දනා කරනා කෙනා දැන් අපට උගන්වා අපව ස්වර්ණමය යුගයේ පාලකවරුන් බවට පත් කරවනවා. බ්‍රහ්මා මඟින් ස්ථාපනය සිදු වන අතර විෂ්ණු මඟින් විනාශය… අපිරිසිඳු පවුල් මාර්ගයට අයිතිව සිටි අය පසුව ගිහින් පිරිසිඳු පවුල් මාර්ගයට එක් වෙනවා. ඔවුන් කියනවා: බාබා, අපිරිසිඳු අපව පාරිශුද්ධ කරවන්න! අපව පාරිශුද්ධ කරවා දේවතාවරුන් කරවන්න! එහිත් ඇත්තේ පවුල් සංස්ථාවකුයි. හුදෙකලා මාර්ගයේ ගුරුන් වීමේ ආසාවක් ඔවුන්ට නැහැ. පාරිශුද්ධ වුණු අයගේ ගුරු බවට පත්වීමට ඔබලාට පුළුවනි. පාපය සඳහාම විවාහයට නොයනා අය රාශියක් සිටිනවා. එමනිසා, ඔය දරුවන්ට මේ සෑම ආකාරයේම සේවාවන් කළ හැකියි. ඔබ තුළ ඉතාමත්ම හොඳ ආසාවක් තිබිය යුතුයි. බාබාගේ වටිනා දරුවන් බවට පත් වී ගිහින් එවන් සේවාවක් ඇයි අපි කරන්නේ නැත්තේ? පැරණි ලෝකයේ විනාශය ඔබ ඉදිරියේමයි. ශිව් බාබා කියනවා : ක්‍රිෂ්ණාට මෙහි සිටින්න බැහැ. ඔහු ස්වර්ණම යුගයට එක් වතාවයි පැමිණෙන්නේ. වෙනත් උපතකදී ඔහුට ඒ හැඩරුවම, ඒ නම ම පිහිටන්න බැහැ. උපත් 84ට හැඩරුව 84 ක් පිහිටාවි. ක්‍රිෂ්ණාට මෙම දැනුම කිසිවෙකුට කියා දිය හැකි වන්නේ නැහැ. ක්‍රිෂ්ණා කොහොමද මෙහි පැමිණෙන්නේ? ඔබට දැන් මේ සියල්ල තේරෙනවා. කල්ප බාගයක් පුරා ඉතාමත් හොඳ බවට තිබී පසුව රාවණ රාජ්‍යය ඇරඹෙනවා. මිනිසුන් හරියටම තිරිසනුන් වගේ වෙනවා. දිගින් දිගටම එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් වෙවීම සිටිනවා. එය රාවණ උපතකුයි, නේද? කෙසේවෙතත්, ජීවාත්මයක් උපත් මිලියන 8.4 ක් ගන්නවා කියා දෙයක් සිදු වන්නේ නැහැ. පරමාත්ම පියා මෙහි සිට මේ සියලුම දේවල් කියා පැහැදිලි කර දෙනවා. ඔහු පරමාත්ම දෙවියනුයි. ඉහළම ඉහළ කෙනායි. ඔහු අපට උගන්වනවා. ඔහු ළඟින් මොහු සිටිනවා. ඔබ හොඳින් ඉගෙන ගත්තේ නැතිනම් කාගේ හෝ දැසි දස්සෙක් වීමට සිදු වේවි. ශිව් බාබාට දැසි දස්සෙක් වෙනවාද ඔබ? පරමාත්ම පියා පැහැදිලි කර කියනවා : ඔබ හොඳින් ඉගෙන ගන්නේ නැති නිසා, ස්වර්ණම යුගයට ගිහින් ඔබ දැසි දස්සන් වේවි. කිසිම සේවයක් නොකර කකා බිබී නිදා ගෙනම ඉන්නවා නම් කෙනෙක්ට මොනවා වේවිද? කුමක් වේවිද කියා ඔබගේම බුද්ධියෙන් ඔබ අවබෝධ කර ගන්නවා. නමුත් මම අධිරාජ්‍යවරයෙක් වෙනවා කියා ඔබ හිතා ගෙන ඉන්නවා. ඔවුන් බාබා ඉදිරියට එන එකක්වත් නැහැ. තමන්ගේ ඉරණම ගැන ඔවුන් හොඳින්ම දැන ගෙන සිටියත් ඒ ගැන ඔවුන්ට ලැජ්ජාවක්වත් නැහැ. ඔවුන් ප්‍රගතියක් ලබා තමන්ට යමක් අත්කර ගත යුතුයි කියා ඔවුන්ට තේරෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ : මේ දේවල් ඔබට කියන්නේ මේ බ්‍රහ්මායි කියා හිතාගෙන ඉන්න එපා. සෑම විටම තමාට උගන්වන්නේ ශිව් බාබායි කියන හැඟීමෙන් සිටින්න. ඔබ ශිව් බාබාට ගරු කළ යුතුයි. නැතිනම්, ධර්මරාජ්ගෙන් දැඩි දඬුවම් විඳීමට සිදු වේවි. ධර්මරාජ් සිටින්නේ ඔහු සමඟයි. කුමාරීන් ඉතාමත් දක්ෂ විය යුතුයි. මෙහිදී යමකට ඇහුම්කන්දී පසුව එලියට ගිය පසු සියල්ල නැති වී යන තත්ත්වයක් නොතිබිය යුතුයි. භක්ති මාර්ගයේ ඇත්තේ විශාල ව්‍යාප්තියක්. පරාමාත්ම පියා කියනවා : දැන් වස නතර කරන්න. දෙව්ලොව වාසීන් වන්න. එවන් පාඨ නිර්මාණය කර ගන්න. ධෛර්ය සම්පන්න සිංහ ධේනුවක් වන්න. ඔබට අසීමිත පියා හිමි වී ඇත. එමනිසා, ඔබ තවත් කිසිම දෙයක් ගැන සැළකිලිමත් විය යුතුද ? ආණ්ඩුව ආගම් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මනුෂ්‍යකුගෙන් දේවතාවරයෙක් වීමට ඔවුන් කොහොමද මෙහි පැමිණෙන්නේ? ඔවුන් කියනවා: අපි කිසිම ග්‍රන්ථයක් පිළිගන්නේ නැහැ. අපි සලකන්නේ සෑම කෙනෙක්ම එක හා සමාන අය ලෙසයි. එහෙනම් ඇයි ඔබලා රණ්ඩු සරුවල් වෙන්නේ? ඇත්තේ මිත්‍යාවමයි. මිත්‍යාවම හැරෙන්න වෙන කිසිවක් නැහැ. සත්‍යයේ සේයා මාත්‍රයක්වත් කොහිවත් නැහැ. කියන්න පටන් ගන්නා පළවෙනිම බොරුව නම් දෙවියන් සෑම තැනකම සිටිනවායි කියා කියනා බොරුවයි. හින්දු ධර්මය කියා ධර්මයක් නැහැ. ක්‍රිස්තියානුවන්ට ඔවුන්ටම කියා ආගමක් තිබෙනවා. ඔවුන් තම තමන්ව වෙනස් කර ගන්නේ නැහැ. මෙම භාරතවාසීන් පමණයි තම ධර්මය වෙනස් කර ගෙන තමන් හින්දූන් කියා කියා ගන්නේ. තම තමන්ට ඔවුන් දී ගන්නා නම් දෙස මදක් බලන්න. “ශ්‍රී ශ්‍රී…”. කෙසේවෙතත්, කිසිම කෙනෙකුට දැන් මේ කාලයේ ශ්‍රී වෙන්න බැහැ. කිසිම කෙනෙකුට ශ්‍රීමත් දෙන්නත් බැහැ. ඒවා කලි යුගයේ මත විශ්වාස පමණයි. ඒවා ශ්‍රීමත් කියා කිව හැක්කේ කෙසේද? ඔය කුමාරීන් සිහි කල්පනාවෙන් ක්‍රියාශීලී වුවහොත් ඕනෑම කෙනෙකුට පහදා දීමේ හැකියාව ඔබලාට තිබෙනවා. කෙසේවෙතත්, ඉතාමත් හොඳ දක්ෂ යෝගියුක්ත දියණියන් අත්‍යාවශ්‍යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ප්‍රගතියක් ලැබීමට නම් පරමාත්ම පියාගේ සේවයේ නිරතව සිටින්න. කකා බිබී නිදා ගෙන සිටිනවා යනු තම තත්ත්වය අහිමි කර ගැනීමකි.

2. පරමාත්ම පියාටත් ඔහුගේ ඉගැන්වීම් වලටත් ගරු කරන්න. ජීවාත්ම අවධානයට පත් වීමට සම්පූර්ණ උත්සාහය දරන්න. පරමාත්ම පියාගේ ඉගැන්වීම් හොඳින් ධාරණය කර ගෙන යෝග්‍ය හා කීකරු දරුවෙක් වන්න.

වරදානය:
ඔබ යෝග්යුක්ත් සහ යුක්තියුක්ත් සේවාදායකයෙකු වී සේවය කරන අතරතුර ඉන් ඔබ්බට රැඳී සිටිත්වා.

යෝග්යුක්ත් සහ යුක්තියුක්ත් සේවාදායකයින් සේවය කරන අතරතුර නිරන්තරයෙන් ඉන් ඔබ්බට රැඳී සිටිති. ඔවුන්ට බොහෝ සේවය කිරීමට ඇති නිසා ඔවුන්ට අශාරීරික වීමට නොහැකි බව නොවේ. එය ඔබගේ සේවය නොවන බවත්, පරමාත්ම පියා එය ඔබට ලබා දී ඇති බවත් ඔබ සිහිපත් කරන විට, ඔබ බන්ධනයෙන් නිදහස් වනු ඇත. පුහුණු වන්න: මම භාරකරුවෙක්, මම බන්ධනයෙන් නිදහස්. අසීමාන්තික අවස්ථාවන්හිදී, කර්මතීත් අවධිය, ඔබේ අවසාන අවධිය පුහුණු වන්න. ඔබ ඔබේ සිතිවිලි වල ගමනාගමනය වරින් වර පාලනය කරන ආකාරයටම, අසීමාන්තික අවස්ථාවන්හි දී, අවසාන අවධිය අත්විඳින්න, එවිට ඔබට අවසාන මොහොතේ දී ගෞරවයෙන් සමත් වීමට හැකි වනු ඇත.

පාඨය:
සුබ පැතුම්, හේතු විසඳුම් බවට පරිවර්තනය කරයි.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

ඔබගේ විශේෂ බ්‍රහ්මින් උපතේ විශේෂත්වය, පාරිශුද්ධත්වයයි. ඔබගේ බ්‍රහ්මින් බුද්ධියට ආහාර වන්නේ පිවිතුරු සිතිවිලිය. ඔබගේ බ්‍රහ්මින් දෑස් වල ආලෝකය පිවිතුරු ද්‍රිෂ්ඨියයි. ඔබගේ බ්‍රහ්මින් ජීවිතයේ විශේෂ ව්‍යාපාරය, පිවිතුරු ක්‍රියාය. පිවිතුරු නෑ සම්බන්ධතා ඔබගේ බ්‍රහ්මින් ජීවිතයේ ආචාර ධර්මයකි. මෙතරම් ශ්‍රේෂ්ඨ දෙයක් ආරූඩ කරගැනීමට වෙහෙස නොවන්න. මේ දේවල් බලෙන් ආරූඩ කර නොගන්න. මෙම පාරිශුද්ධත්වය ඔබගේ ජීවිතයේ ආශිර්වාදයයි.