09.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙහි පැමිණ ඇත්තේ තමා ගැන නිසි අවබෝධය ලබා ගැනීමටයි. ඔබ ජීවාත්ම සත්ථාවක් බව සලකා පියා වන පරමාත්මයට ඇහුම්කන් දෙන්න. ජීවාත්ම අවධානයෙන් සිටීම පුරුදු පුහුණු කරන්න.

ප්‍රශ්නය:
ඔබට ජීවාත්ම සත්ථාව දර්ශනය වී ඇත්දැයි යමෙක් ඇසුවොත් දිය යුතු පිළිතුර කුමක්ද?

පිළිතුර:
ඔවුන්ට මෙසේ කියන්න: අපට ජීවාත්ම සත්ථාව ගැන දැක්මක් ඇත. ජීවාත්ම සත්ථාව වූ කලී ආලෝක ලක‍්ෂ්‍යයකි. ජීවාත්ම සත්ථාවක් තුළයි හොඳ හෝ නරක සංස්කාර ඇත්තේ. අපට දැන් ජීවාත්ම සත්ථාව ගැන සියලු දැනුම ඇත. ජීවාත්ම සත්ථාව පිළිබඳ දැක්මක් ලැබීමට පෙර අප සිටියේ ශරීර අවධානයෙනි. දැන් අපි පරමාත්මය මඟින් දේව (පරම සත්‍ය) අවබෝධය සහ ස්ව අවබෝධය ලබා ඇත්තෙමු.

ගීතය:
ඔහු අපෙන් වෙන් වන්නේ නැත, අපට කිසි දුකක් ද නැත!

ඕම් ශාන්ති.
ඔබ සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන් මේ ගීතය ඇසුවා. ආධ්‍යාත්මික දරුවන් මෙය ඔවුන්ගේ ශරීර තුළින් ගායනා කරනවා. ඔවුන් කිසිවෙක් ශුද්ධවන්තයින්ට හෝ මුණිවරුන්ට කැප වන බව නොකියයි. ඔබ දරුවන් දන්නවා ශරීර මෙහි දමා ඔහු සමඟ ආපසු යාමට ඇති බව. ඒ නිසයි මෙසේ කියන්නේ අපේ ශරීර හලා දමා පරම පියා සමඟ ආපසු යමු. අපව ආපසු ඔහු සමඟ රැගෙන යාමට පරම පියා පැමිණ ඇත. මෙය මහා තේරුම් ගැනීමකි. දරුවන් මෙසේ අඬගසයි අපිරිසිඳු වූ අපව පිරිසිඳු කිරීමට එන්න. ඉතින් මා කුමක් කළ යුතුද? මා ඔබ මෙහි දමා යා යුතු නැත. මේ මුළු ලෝකයම අපිරිසිඳු සේම මෙම අපිරිසිඳු ලෝකයෙන් අපව පිරිසිඳු ලෝකයට ගෙන යාමට පරම පියාද පැමිණ සිටී. ඔහු සමඟ අප ජීවාත්ම සත්තාවන් ගෙන යනවා නියතයි. ඔබ දන්නවා මේ මුළු ලොවම පාපකාරී බව. ඔබ කෙනෙක් පාපී සහ අපිරිසිඳු ලෙස හැඳින් වුවහොත් ඔහු කලබල වෙයි. ඔබ මිනිසුන්ට තේරුම් කර දිය යුතුව ඇත්තේ ඉතා උපක්‍රමශීලීවය. පරම පියාව පසසන්න. ඔබ දරුවන් දැන් ඥානය ලබා සිටී. ඔබ හොඳ අර්ථවත් බවකින් කතා කරයි. කෙනෙක් ප්‍රශ්න බොහෝ අසන විට, ඔබ තාම මේ අතින් දුර්වල නිසා ජ්‍යෙෂ්ඨ සොයුරිය ඔබට උත්තර දෙනු ඇතැයි කියන්න. කතා කරන්නේ ශිව බාබා බව කියා දෙන්න. පරමාත්ම දෙවියන් මෙසේ කියයි සියලු මනුෂ්‍යයින් අපිරිසිඳුය. අපිරිසිඳු මිනිසුන්ට දෙවියන් යැයි කිව නොහැකියි. මිනිසුන් අපිරිසිඳු නිසා ඔවුන් පාරිශුද්ධකරුවාණන්ට අඬගසයි. ශරීර ඇති අයට දෙවියන් යැයි කිව නොහැකියි. දෙවියන් යැයි හඳුන්වන්නේ අශරීරික වූ ශිවාය. ශිවාට බොහෝ සිද්ධස්ථාන සාදා ඇත. මේ කාරණය ගැන අවබෝධ කරගත් විට පමණයි ඔවුන්ට මෙහි රැඳී සිටීමට හැකි වන්නේ. පළමුවෙන්ම ඔවුන්ට කියන්න කතා කරන්නේ ශිව දෙවියන් බව. ශිව බාබා මෙසේ කියයි නිරතුරුවම මා පමණක් සිහිකරන්න! ඔහුට තමාගේම කියා ශරීරයක් නැත. බ්‍රහ්මා, විශ්ණු, ශංකර්ට පවා සූක්‍ෂම ශරීර ඇති අතර ඔවුන් දැකිය හැකිය. ශිව බාබා දැකිය නොහැක. ඔහු හඳුන්වන්නේ පරම පියා පරමාත්මා කියාය. ඔබද මෙසේ කියන්න ජීවාත්ම සත්තාව වන මා, එක ශරීරයක් හලා දමා තව එකක් ගනිමි. ඔබට ජීවාත්ම සත්තාව වන ඔබ ගැන දැක්මක් ඇත. භක්ති මාර්ගයේ දී මිනිසුන් ඉතා තීව්‍ර භක්තිය කරන්නේ දැක්මක් ලබා ගැනීමටයි. කොහොමනමුත්, භක්ති කරන අයට කෙසේවත් දෙවියන් දර්ශනය වී නැත. ඔහු ගැන කිසිවක් ඔවුන් නොදනී. ඔහු අශරීරික යැයි නිකම්ම කියයි. කතා කරන්නේ ජීවාත්ම සත්තාවයි. සංස්කාර ද ඇත්තේ ජීවාත්ම සත්තාවේය. ජීවාත්ම සත්තාව ශරීරය අතහැරිය විට ජීවාත්ම සත්තාවටවත් ශරීරයටවත් කතා කළ නොහැක. ශරීරයකට ජිවාත්ම සත්තාවක් නැතිව කිසිවක් කළ නොහැක. පළමුවෙන්ම, ජීවාත්ම සත්තාව හඳුනාගන්න. ඔබට පියා හඳුනා ගත හැක්කේ ඔහු තුළින්ම පමණි. ජීවාත්ම සත්තාවකට තමා නොපෙනෙන අතර පරම පියා පරමාත්මා පෙනෙන්නේ කෙසේද? ඔවුන් නළල මධ්‍යයේ ලස්සන තරුවක් දිළිසෙනවා යැයි කීවද, ජීවාත්ම සත්තාව තුළ උපත් 84ක චරිත කොටස් වාර්තා වී ඇති බව නොදනී. මනුෂ්‍යයින් සම්පූර්ණයෙන් ම ශරීර විඥානයෙන් යුතුය. පරම පියා මෙසේ කියයි දැන් ජීවාත්ම සත්තා විඥානය ඇත්තවුන් බවට පත් වන්න. ඔබ ජීවාත්ම සත්තා බව සලකා මට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්නේ ජීවාත්ම සත්තාව වන අතර එය විස්තර කරන පරමාත්මය ද සිටී. මනුෂ්‍යයින්ට විස්තර කරන්නේ මනුෂ්‍යයින්ය. කිසිවෙකුට ජීවාත්ම සත්තාව පිළිබඳ ඥානය නැත. එම නිසයි කියන්නේ ඔබ පළමුව ජීවාත්ම සත්තාව ගැන දැනගත යුතුයි කියා. තමා පිළිබඳව අවබෝධ කර ගන්න. ජීවාත්ම සත්තාවද මෙසේ අසයි මා ජීවාත්ම සත්තාව අවබෝධ කර ගන්නේ කෙසේද? ජීවාත්ම සත්තාව තුළ සම්පූර්ණ කොටස වාර්තා වී ඇති ආකාරය කෙසේද? මුණිවරුන්ට හෝ සන්‍යාසී කිසිවෙකුට මේවා කියා දිය නොහැක. පරම පියා ම පැමිණ ඔබ ගැන ඔබට අවබෝධ කර දිය යුතුයි. පරම පියා මෙසේ කියයි ඔබ ජීවාත්ම සත්තාවක් බව සලකමින් අශරීරික පරම පියා පරමාත්මා වන මට ඇහුම්කන් දෙන්න. මෙම පිළිසඳර සිදු විය හැක්කේ ජීවාත්ම සත්තාවත් පරමාත්මයත් මුණගැසුණු විට පමණි. පරම පියා පරමාත්මා පැමිණ මේවා විස්තර කරන ආකාරය ලෝකය නොදනී. මෙය නොදන්නා නිසා විවිධ මත ගැටුම් ඇති වේ. ඒ සියල්ල රඳා පවතින්නේ ආගමික ලේඛන මතය. පරම පියා මෙසේ කියයි ඒවා මඟින් ඔබට ඔබ ගැන හෝ මා ගැන දත නොහැකියි. ඔවුන් කියන්නේ ජීවාත්ම සත්තාව උත්තරීතර ජීවාත්ම සත්තාව බවයි. එසේ කීමෙන් සිදු වන්නේ කුමක්ද? එවිට අපිරිසිඳු අපව පිරිසිඳු කරවන්නේ කවුද? අපව ත්‍රිකාල් දර්ශී කරවන්නේ කවුද? එවිට කිසිවෙකුට ජීවාත්ම සත්තාව හෝ පරමාත්මය ගැන අපට කියා දිය නොහැකියි. එම නිසයි ඔබ කියන්නේ පරම පියා නොදන්නා ජීවාත්ම සත්තාවන් අදේවවාදීන් (අසත්‍යවාදීන්) බව. ඔබ දරුවන් භක්ති නොකරයි. ඔබට බොහෝ හොඳ පිංතූර ඇත. පිංතූර වලින් බොහෝ හොඳට විස්තර කර ඇත. කෙනෙක් ලෝක සිතියම නෙදන්නේ නම් ඔහු ලන්ඩන් හෝ ඇමරිකාව තියෙන්නේ කොහෙද කියා දන්නවාද? ඔහු මෙය දැන ගන්නේ ගුරුතුමා සිතියම පෙන්වා විස්තර කර දුන් විටයි. මේ නිසයි ඔබට පිංතූර සාදා දී තිබෙන්නේ. කොහොමනමුත්, වැඩි විස්තර කිසිවෙකුට තේරුම් ගත නොහැකියි. සූර්යවංශිකයින් ඔවුන්ගේ රජ දහන ලබා ගත්තේ කොහින්ද? චන්ද්‍ර වංශිකයෝ ඔවුන්ගේ රජ දහන ලබා ගත්තේ කෙසේද? ඔවුන් සූර්ය වංශිකයන් සමඟ යුද්ධ කළාද? ඔබ දන්නවා හැම කෙනෙක්ම තම උරුමය ලබා ගන්නේ එකම පරම පියාගෙන් බව. සූර්ය වංශිකයින් සහ චන්ද්‍ර වංශිකයින් ලොව හිමිකරුවන්ය. එහිදී එකිනෙකා අතර යුධ වැදීම සඳහා අවශ්‍ය නොවන්නේ එහි වෙනත් ආගම් නොමැති නිසාය. ඔබ දැන් තේරුම් ගන්නවා ඔබ ලොව හිමිකරුවන් වන බව. චන්ද්‍ර වංශිකයින් සූර්ය වංශිකයින් පරාද කළ යුද්ධයක් තිබී නැත. ඒවා වෙනස්ම වංශ වෙයි. දැන් ඔබට සියලු පිංතූර පිළිබඳ ඥානය ඔබේ බුද්ධියේ ඇත. සිසුන් පාසලේ ඉගෙනගන්නා කළ ඔවුන්ගේ බුද්ධියට සියලු ඥානය ඇතුළු වේ. කුඩා ළමුන්ට පොත් වල පිංතූර වලින් මේ අලියාය, මේ අහවලාය ආදී වශයෙන් පිංතූර පෙන්වයි. ඔබ දැන් මේ නාටකය දනී. ඔබට මුළු චක්‍රයම ගැන බුද්ධියේ ඇත. මේ සියල්ල අළුත් ම දේ වන අතර බ්‍රහ්මිණ් වංශයට අයත් ඔබ පමණි මේවා තේරුම් ගන්නේ. අන් අය වාඩි වී ඔහේ වාද කරමින් කාලය නාස්ති කරනු ඇත. හැම කෙනෙකුටම හැම දෙයක්ම එකම වෙලාවක විස්තර නොකෙරේ. එකිනෙකාට වෙන වෙනම විස්තර කර දෙන්න. පළමුවෙන්ම ජීවාත්ම සත්තාව සහ පරම පියා හඳුනාගෙන ඉන්පසු පංතියට පැමිණ වාඩි වීම නීතියයි. නැත්නම් ඔවුන්ට කිසිවක් තේරුම් ගත නොහැකිය. ඔවුන් දිගටම සැක කරමින් සිටී. ඔබ තේරුම් කර දිය යුතුයි සත්‍යය එකම පරමාත්ම දෙවියන් බවත් ඔහු ඉහළම ඉහළ කෙනා බවත්. දෙවි දේවතාවුන්ටවත් දෙවියන් යැයි කිව නොහැකිය. ඔබ දැන් ජීවාත්ම සත්තාව ගැන ඥානය ලබා සිටී. ක්‍රියාවක ඵලය විඳින්නේ ජීවාත්ම සත්තාවයි. සංස්කාර ද ඇත්තේ එහිය. මෙම අවයව වලින් ජීවාත්ම සත්තාව ඇහුම්කන් දෙයි. භගවාන් (දෙවියන්), නම් වූ පරම පියා එකම කෙනා වන අතර ඔබ ඔහුගෙන් උරුමය ලබයි. බාබා මෙසේ විස්තර කරයි ඔබ ජීවාත්ම සත්තාවක් ම බව සැක හැර දැනගෙන ඔබේ බුද්ධියේ යෝගාව පරම පියා වෙත පමණක් යොමු කරන්න. ඔබ උපතෙන් උපත භක්ති කර ඇත. හනුමන් වන්දනා කරන අය දිගටම එය කරන අතර ක්‍රිෂ්ණා වන්දනා කරන අය දිගටම ක්‍රිෂ්ණා සිහිකරයි. ඔහු ඔබට දැන් විස්තර කර දී ඇත්තේ ඔබ ජීවාත්ම සත්තාවන් බවත් උත්තරීතර ජීවාත්ම සත්තාව ඔබේ පරම පියා බවත්. ඔහුව සිහිකිරීමෙන් ම පමණක්, දෙව්ලොව නිර්මාණකරුවා වන පරම පියා වෙතින් ඔබේ උරුමය ලබා ගත හැකියි. අපි නිශ්චිතවම අපේ දෙව්ලොවට ඇතුල්වෙමු. භාරතය දෙව්ලොව විය. එය දැන් නොමැති අතර දේව රාජධානියක් දැන් නැත. අපායේ ඇත්තේ රාවණ් රාජධානියයි. ඔබ දැනගෙන සිටියේ නැහැ ඔබ රජ දහන පාලනය කළ ආකාරය ගැන කිසිවක් හෝ එය කඩා වැටුණු ආකාරය ගැන. ඔබ දැන් දන්නවා ඔබ නොවරදවාම නැවත උපදිමින් පල්ලම් බසින බව. පරම පියා මෙසේ කියයි දැන් මා සිහිකර පාරිශුද්ධියට පත් වී ඔබේ දෙව්ලොව උරුමය ලබා ගන්න. අප පරම පියාට අයත් වූ කල අපට ඔහුගේ උරුමය ලැබේ. කොහොමනමුත්, අප තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන තෙක් සහ යෝගා මඟින් පිරිසිඳු වන තෙක් අපට උරුමය ලැබිය නොහැකිය. පරම පියා මෙසේ කියයි මා සිහිකිරීමෙන් ඔබේ පව් අහෝසි වන අතර ඔබ පාප ක්‍රියා ජයගත්තෙක් බවට පත් වේ. මෙය සහතිකයි. මෙය විස්තර කර දිය යුතුමයි. සමහරු තේරුම් ගන්නා අතර ඇතැමෙක් බොහෝ කෝප වී මහ හයියෙන් කෑ ගසයි. සමහර අය බාධක පවා ගෙනෙයි. කවුරු හෝ එසේ කලබල ඇති කළොත් ඔහුට මෙසේ කියන්න ඔබම පැමිණ මෙය තේරුම් ගන්න. නීතිය නම් ඔබ දවස් හතක යෝගා ගින්නට ලක් විය යුතු බවත් මේ සියල්ල තේරුම් ගත යුතු බවත්ය. මෙය නව මාදිලියේ ඥානයක් නිසා මිනිසුන් පටලැවේ. නව මධ්‍යස්ථානයක් විවෘත කළ විට හොඳ දක්‍ෂ කෙනෙක් එහි සිටිය යුතුයි හැම කෙනෙකුටම එය තේරුම් කර දීමට. සියල්ලන්ටම සිටින්නේ එකම පරමාත්ම දෙවියන් බවත් සියලු දෙනාම සොහොයුරන් බවත් ඒත්තු ගන්වන්න. පරමාත්මය වූ කලී සියලු දෙනාගේම පරම පියාය. මිනිසුන් මෙසේ අඬගසයි ඕ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! එමනිසා, ඔහු නියතයෙන්ම පිරිසිඳු විය යුතුයි. ඔහු කවදාවත් අපිරිසිඳු නොවන කෙනෙක්. පරම පියාටම පමණයි පැමිණ අපිරිසිඳු අය පිරිසිඳු කළ හැක්කේ. සත් යුගයේ දී සියලු දෙනා පිරිසිඳුය. කලි යුගයේ දී සියලු දෙනා අපිරිසිඳුය. අපිරිසිඳු අය බොහෝ සිටින කළ පිරිසිඳු අය ඉතා සුළු දෙනෙක් වෙයි. හැම කෙනෙක්ම සත් යුගයට නොයයි. අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වන අය පිරිසිඳු ලෝකයට යයි. අන් සියලු දෙනා නිර්වාණ දනව්වේ රැඳෙයි. ඔබ දන්නවා ලෝකේ හැම කෙනෙක්ම මෙහි පැමිණ උපදෙස් නොගන්නා බව. මුළු ලෝකයටම උපදෙස් දීමට ඔබට අසීරුයි. දැන් හැම කෙනෙක් ම සඳහා ගිණුම් පියවා ගත යුතු කාලය පැමිණ තිබේ. සියල්ල විනාශ මුඛයට යයි. කිසිඳු කලබලයක් නොකර සාමකාමී ව සිට මෙය අසා ගැනීමට නම් මිනිසුන්ට මෙය ඉතා හොඳ ක්‍රමයකින් විස්තර කර දිය යුතුව ඇත. සියල්ලට පළමුව පරම පියාව මෙසේ හඳුන්වා දෙන්න‍: ශිව බාබා පාරිශුද්ධකරුවාණන්ය. ඔහු පමණි අපට විස්තර කර දෙන්නේ. ගීතාවේ මෙම කියමන ඉතා ප්‍රසිද්ධය. මා සිහිකර පව් අහෝසිකර ගන්නා ලෙස පරම පියා කියයි. මේ වචන සම්බන්ධ ගීතාවට පමණි. ශිව බාබා මෙසේ කියයි මා සිහිකරන්න! මා පාරිශුද්ධකරුවාණන් වන සර්වබලධාරී කෙනාය. මා ඥාන සාගරය වන අතර ගීතා ඥානය ප්‍රදානය කරයි. මෙම වචන ගීතාවෙන්ය. මිනිසුන් කියන්නේ මෙය ක්‍රිෂ්ණ දෙවියන්ගේ වචන බවත් ඔබ කියන්නේ මේවා ශිව දෙවියන්ගේ වාක්‍ය බවයි. දෙවියන් අශරීරිකය ඔහු කිසිදා නැවත නූපදී. ඔහු දිව්‍යමය අසහාය උපතක් ගනී. ඔහු ගැන ඔහුම මෙසේ විස්තර කරයි මම වාසනාවන්ත වාහනය නමින් හඳුන්වන සාමාන්‍ය වයස්ගත ශරීරයකට ඇතුළු වෙමි. ඔහු බ්‍රහ්මා තුළින් නිර්මාණය සිදු කරයි. එම නිසයි මනුෂ්‍යයෙක් බ්‍රහ්මා නමින් හඳුන්වන්නේ. ශාරීරික බ්‍රහ්මා බවින් ඔහු, පිරිසිඳු, සූක්‍ෂම සුර ධූතයා බවට පත් වේ. පරම පියා එන්නේ ම අපිරිසිඳු අය පිරිසිඳු කිරීමටයි. එමනිසා, ඔහු නියතයෙන්ම පැමිණෙන්නේ අපිරිසිඳු ලෝකයේ අපිරිසිඳු ශරීරයකටය. මේ වූ කලී සියලු දේ ඇතුළත් විස්තරාත්මක පැහැදිලි කිරීමකි. සියල්ලට පළමු දෙවියන් මෙසේ කී බව විස්තර කරන්න පසුගිය චක්‍රයේ කළ ලෙස ඔබ මා සිහිකර ඔබේ පව් අහෝසි කර ගන්න. අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්වන්න! ඔවුන් මෙසේ ද ගයයි පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! ගංඟා නම් වූ ගඟ සැමදා පවතී. ඔහු ඔබට අඬගසද්දී ඔහු කොහින් හෝ පැමිණ සිටිය යුතුය. ඔහු පැමිණෙන්නේ අපිරිසිඳු වූවන් පිරිසිඳු කිරීමේ ඔහුගේ කොටස ඉටු කිරීමටයි. පරම පියා මෙසේ කියයි ඔබ පිරිසිඳුව සිටි අතර බාහිර දේ ඔබට මිශ්‍ර වුණා. ඒවා ඉවත් කළ හැක්කේ යෝගා බලයෙන්ම පමණි. ඔබ පිරිසිඳු වූ කල පිරිසිඳු ලෝකයට යන අතර අපිරිසිඳු ලෝකය විනාශ වෙයි. මෙසේ ඔබට විස්තර කරන සියලු දේ ඉතා හොඳින් උකහා ගන්න. අප ඉහළම ඉහළ පරම පියාට පැසසීම සරළ දෙයකි. අසීමිත පරම පියා විස්තර කර දෙන්නේ ඔබ උපත් 84ක් රඟපාන අතරතුර ඔබ අපිරිසිඳු වූ බවයි. ඔබ පළමුව පිරිසිඳුව සිටි අතර දැන් අපිරිසිඳු බවට පත් වී ඇත. දැන් ස්මෘති වන්දනාවේ සිටීම මඟින් ඔබ පිරිසිඳු බවට පත් වේ. ඔබ භක්ති මාර්ගයේ දී ඉණිමඟේ පහළටම වැටුණා. මෙය ඉතා පහසු දෙයකි. ඔබ දරුවන්ගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. උදේ පාන්දරින්ම අවදි වී ඥාන සාගරය මතගා ඉක්බිතිව ඔබ වෙත එන අය හැම කෙනෙකුටම මෙම විස්තරය කරන්න. මුරලියේ ප්‍රධාන කරුණ සටහන් කරගෙන ඔබම නැවතත් කියවා ඔබේ හද තුළ නැවතත් ස්ථිර කර ගන්න. පළමු හා ප්‍රධාන දේ වන්නේ පරම පියා සිහිකිරීමයි. පරම පියා මෙසේ කියයි මන්මනාභාව්! මා සිහිකළ විට ඔබේ පාප අහෝසි වේ! මෙය කිරීම හෝ නොකිරීම ඔබට භාරයි. ඔබ පරම පියාගේ අණ ලබා ඇත. ඔබ පිරිසිඳු ලෝකයට යාමට අවශ්‍ය නම්, ඔබේ බුද්ධියේ යෝගය අපිරිසිඳු ලෝකය වෙත නොහරවා සිටිය යුතුය. පාපයේ නොගැලෙන්න! ඔබ බොහෝ විස්තර දිගටම ලබයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උදේ පාන්දර අවදි වී ඥාන සාගරය මතගාන්න. සටහන් කරගෙන එය නැවත කියවා පරම පියා කී දේ අන් අයටද කියා දෙන්න. සියල්ලටම පළමු පරම පියාගේ හැඳින්වීම හැම කෙනෙකුටම ලබා දෙන්න.

2. පිරිසිඳු ලෝකයට යාමට නම්, ඔබේ බුද්ධියේ යෝගය අපිරිසිඳු ලෝකයෙන් ඉවත් කරගත යුතුයි.

වරදානය:
ඔබ අංක එකේ ව්‍යාපාරිකයෙකු වී සෑම තත්පරයක්ම සහ සිතිවිල්ලක්ම ආදායමක් රැස් කර ගැනීමට යොදාගෙන ඒ තුළින් කෝටිපතියෙකු බවට පත් වේවා.

අංක එකේ ව්‍යාපාරිකයෙකු තමා කාර්යබහුලව තබා ගැනීමට මාර්ගය දනී. ව්‍යාපාරිකයෙකු යනු එක සිතිවිල්ලක්වත් නාස්ති නොකරන නමුත් සෑම සිතිවිල්ලකින්ම යමක් උපයන අයෙකි. එම ව්‍යාපාරිකයන් සෑම සතයක්ම භාවිතා කර, එය කෝටි ගණනක් බවට පත් කරනවා සේම, ඔබ සෑම තත්පරයකම සහ සෑම සිතිවිල්ලකින්ම යමක් උපයන විට, ඔබ ද කෝටිපතියෙකු වනු ඇත. මෙය කිරීමෙන්, ඔබේ බුද්ධිය ඉබාගාතේ යාම නතරවන අතර නිෂ්ඵල සිතිවිලි ඇති බවට ඇති පැමිණිල්ල අවසන් වේ.

පාඨය:
ඕනෑම දෙයක් ඉල්ලන අයට කිසි විටෙකත් සතුටේ සම්පූර්ණ නිධානය ලබා ගත නොහැක.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

මාස්ටර් සර්වබලධාරී ආසනයේ නිරතුරු අසුන්ගෙන සිටින අයට පමණක් නිරන්තරව නොසැලෙන සහ අචල ස්ථිතියේ සිටිය හැකිය. බාප්දාදා පවසයි: ඔබට ඔබේ ශරීරය අත්හැරීමට සිදු වුවද, ඔබේ සතුට අත් නොහැරිය යුතුය. ඊට සාපේක්ෂව මුදල් යනු වැදගැම්මකට නැති දෙයකි. සතුටේ නිධානය ඇති අයට කිසිවක් අපහසු නැත, තවද බාප්දාදා සෑම විටම නිරන්තර සහයෝගී, සේවයට ලැදි දරුවන් සමඟ වන නිසා, බිය වීමට කාරණාවක් නැත.