09.06.24    Avyakt Bapdada      Sinhala Murli     15.02.20    Om Shanti    Madhuban


ඔබගේ මනස පිරිසිදුව සහ බුද්ධිය පැහැදිලිව තබා ගෙන ආලෝකමත් සැහැල්ලු සුරදූත ස්ථිතිය අත්දකින්න.


අද බාප්දාදා දකින්නේ තමන්ගේ පාලකයන් වන දරුවන්වයි. ස්ව-ආධිපත්‍යය බ්‍රහ්මින් දිවියේ ජන්ම අයිතියයි. බාප්දාදා සෑම බ්‍රහ්මින් කෙනෙක්වම ස්ව-ආධිපත්‍ය සිහසුනේ අසුන් ගන්වා තිබෙනවා. සෑම බ්‍රහ්මින් ජීවාත්මයක්ම උපත ලද සැනින් ස්ව-ආධිපත්‍යයට අයිතියක් හිමි කරගත්තා. ඔබගේ ස්ව-ආධිපත්‍ය ස්ථිතියේ ඔබ වඩාත් ස්ථාවරව රැදී සිටින තරමට ඔබ තමන් තුල වැඩියෙන් ආලෝකය සහ බලය අත්විදියි.

අද සෑම දරුවෙකුගේම නළලේ බාප්දාදා ආලෝක කිරුළ දකිනවා. ඔබ තමන් තුල බලය ධාරණය කරගෙන ඇති ප්‍රමාණයට අනුව ඔබගේ ආලෝක කිරුළ අංක පිලිවෙලට දිලිසෙනවා. බාප්දාදා ඔය සියළුම දරුවන්ට ඔබගේ අයිතියක් ලෙස සියළු බල ලබා දී තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම මාස්ටර් සර්ව බලධාරියෙකි, නමුත් එය ධාරණය කරගැනීමේදි ඔබ අංකානුරූප වෙයි. සියළු බල පිලිබද දැනුම ඔබ සියළු දෙනාටම තිබෙන බව බාප්දාදා දැක තිබෙන අතර ඔබ සියළු දෙනාම එය ධාරණය කර තිබේ. කෙසේවෙතත් එක කාරණාවක වෙනසක් තිබෙනවා. ඔබ ඔනෑම බ්‍රහ්මින් ජීවාත්මයකට, ඔනෑම බලයක් ගැන කතා කිරීමට කියන්නේ නම්, ඔවුන් ඉතා හොදින් ඒ ගැන කතා කරයි. ඔවුන් තම ලැබීම් ගැනත් ඉතා හොදින් කතා කරයි, නමුත් වෙනස වන්නේ යම් විශේෂිත බලයක අවශ්‍යතාවයක් ඇති වන විට, එම බලය නොතිබීමයි. කාලය ගෙවි ගිය පසු, අවශ්‍ය වුනේ කුමන බලයද කියා ඔබට අවබෝධ වෙයි. බාප්දාදා ඔය දරුවන්ට පවසන්නේ: සියළු බලයන්ගේ ඔබගේ උරුමය කෙතරම් බලවත්ද යත්, කිසිම ගැටළුවකට ඔබ ඉදිරියේ සිටීමට නොහැකි විය යුතුයි. ඔබ සියළු ගැටළු වලින් නිදහස් විය යුතුයි. සියළු බලයන් ඔබගේ අවධානයේ තබා ගත යුතුයි, මන්ද, එවිට යම් විශේෂිත වෙලාවක අවශ්‍ය වන්නේ කුමන බලයද, භාවිතා කිරීම සදහා එය මතු වෙයි. මෙය කිරීමට, ඔබගේ බුද්ධියේ රේඛාව පැහැදිලිව තබා ගන්න. ඔබටග් බුද්ධියේ රේඛාව වඩාත් පිරිසිදු සහ පැහැදිලි වන තරමට, එවිට ඔබගේ තියුණු තීරණ ගැනීමේ බලය නිසා, එම වෙලාවේ අවශ්‍ය වන විශේෂිත බලය ඔබට වැඩියෙන් භාවිතා කිරීමට හැකි වෙයි. කාලයට අනුව, සෑම දරුවෙක්ම බාධක වලින්, ප්‍රශ්න වලින් සහ වෙහෙස වී (අපහසු) උත්සාහ දැරීමෙන් නිදහස්ව සිටිනවා දැකීමට බාප්දාදාට අවශ්‍යයි. ඔබ සියළු දෙනාම මෙය බවට පත් විය යුතුයි, එබැවින් මෙය දීර්ග කාලයක් පුරාවට පුහුණු කිරීම අවශ්‍යයි. බ්‍රහ්ම බාබාට තිබුණු විශේෂ සංස්කාර ඔබ දුටුවා: ක්ෂණික පරිත්‍යාගය සහ මහා පුණ්‍යකර්ම. ඔහුගේ ජීවිතයේ ආරම්භයේ සිටම ඔහු ලබා දුන් පරිත්‍යාග ක්ෂණික විය; ඔහු සැනෙකින් සෑම දෙයක්ම ක්‍රියාවට නැගුවා. බ්‍රහ්ම පියාගේ විශේෂත්වය, ඔහුගේ තීරණ ගැනීමේ බලය, සෑම විටම වේගවත් විය. බාප්දාදා ප්‍රතිඵලය දුටුවා. ඔහු සියළු දෙනාව ඔහු සමග ආපසු ගෙන යා යුතුයි. ඔබ සියළු දෙනාම බාප්දාදා සමග එකට යනවා නේද? නැත්නම් ඔබ එන්නේ පිටුපසින්ද? ඔබ ඔහු සමග යා යුතු බැවින් ඔහුව අනුගමනය කරන්න. ක්‍රියා සිදු කිරීමේදි බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න, එමෙන්ම ඔබගේ මනෝ ස්ථිතියෙන් අශාරීරික ශිව පියාව අනුගමනය කරන්න. ඔබ අනුගමනය කිරීමට දන්නවා නේද?

ඔය ද්විත්ව විදේශිකයන් අනුගමනය කිරීමට දන්නවාද? අනුගමනය කිරීම පහසුයි නේද? ඔබට තිබෙන්නේ අනුගමනය කිරීමට පමණක් බැවින්, ඔබගේ “ඇයි?, මොකක්ද? සහ කොහොමද?” යන සියළු ප්‍රශ්න අවසන් වෙයි. නිෂ්ඵල සිතිවිලි වල පදනම වන්නේ “ ඇයි? , මොකක්ද? සහ කෙසේද?” බව ඔබ සියළු දෙනාම අත්දැක තිබෙනවා. උපකරණ වන්නේ මේවාය (නිෂ්ඵල සිතිවිලි වලට). ඔබ පියාව අනුගමනය කරන විට මෙම වදන් අවසන් වෙයි. “කොහොමද?” නොවෙයි, නමුත් “මෙහෙමයි”. ඔබගේ බුද්ධිය සැනෙකින් විනිශ්චය කරයි, “ මේ ආකාරයට දිගටම කරගෙන යන්න. එය මේ අන්දමට කරන්න.” එබැවින් බාප්දාදා විශේෂයෙන් ඔය සියළු දරුවන්ට මෙම සංඥාව ලබා දෙනවා, ඔබ මෙහි පැමිණියේ ප්‍රථම වතාවට වුනත්, ඔබ වැඩිමහල් අය වුනත්; ඔබගේ මනස පිරිසිදුව තබා ගන්න! ඔබගෙන් බොහෝ දෙනෙකුට තවමත් නිෂ්ඵල සිතිවිලි සහ ඍණාත්මක සිතිවිලි වල කුඩා හෝ විශාල කහට පැල්ලම් ඔබගේ මනසේ තිබේ. මෙම කහට පැල්ලම් නිසා ඔබගේ ශ්‍රේෂ්ඨ උත්සාහයේ, ඔබගේ තීව්‍ර උත්සාහයේ වේගයේ නතර වීමක් තිබේ. බාප්දාදා ඔබට නිරන්තරයෙන් ශ්‍රීමත් ලබා දෙයි. ඔහු ඔබට ලබා දෙන්නේ කුමන ශ්‍රීමත්ද? සෑම ජීවාත්මයක් වෙනුවෙන්ම ඔබගේ මනසේ නිරන්තරයෙන් පිවිතුරු හැගීම් සහ පිවිතුරු පැතුම් තිබීමටය. පිරිසිදු මනසක් යනු මෙයයි. තමන් ගැන හෝ අන් අය ගැන නිෂ්ඵල සිතිවිලි තිබීම, පිරිසිදු මනසක් තිබීම නොවෙයි. එබැවින් ඔබගේ මනස පිරිසිදුව සහ ඔබගේ බුද්ධිය පිරිසිදුව සහ පැහැදිලිව තබා ගන්න. තමන්ව විනිශ්චය කරන්න! ඔබව අවධානයෙන් පරීක්ෂා කරන්න, මතුපිටින් නොවෙයි, “ මම හොදින්! මම හොදින්!” නැහැ! මේ ගැන සිතා ඔබව පරීක්ෂා කර බලන්න. ඔබගේ මනස සහ බුද්ධිය පැහැදිලිද? ඒවා ශ්‍රේෂ්ඨද? මෙය මෙසේ වන විට පමණයි ඔබට ඔබගේ මනෝ ස්ථිතිය සැහැල්ලු සහ ආලෝකමත් කර ගැනීමට හැකි වන්නේ. ඔබගේ ස්ථිතිය පියාගේ ස්ථිතියට සමාන කිරීමට ඇති පහසු ක්‍රමය මෙයයි. ඔබට අවසන් කාලයේ මෙය පුහුණු කළ නොහැක, ඔබ දීර්ග කාලයක් පුරාවට මෙය පුහුණු කිරීම කළ යුතුයි. එබැවින් පරීක්ෂා කරන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔබව පරීක්ෂා කරන්න, අන් අයව නොවෙයි! බාප්දාදා මින් පෙරද ඔබට හාස්‍ය ජනක දෙයක් පවසා තිබේ. බොහෝ දරුවන්ගේ දුර පෙනීම බොහෝ බලවත්ය, නමුත් ඔවුන්ගේ ලග පෙනීම දුර්වලයි. මේ නිසයි අන් අයව විනිශ්චය කිරීමට ඔවුන් බොහෝ දක්ෂ වන්නේ. තමන්ව පරීක්ෂා කිරීම අතින් දුර්වල නොවන්න.

තමන් බ්‍රහ්ම කුමරුන් සහ බ්‍රහ්ම කුමාරීන් ලෙස සිතීමේ ඔබ දැන් බොහෝ ස්ථිර වී ඇති බවත් බාප්දාදා ඔබට මින් පෙරද කියා තිබේ. ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට සිතන්නේ මොනවාද? “මම බ්‍රහ්ම කුමාරි කෙනෙක්” මම බ්‍රහ්ම කුමාර් කෙනෙක්”. “මම බ්‍රහ්මින් ජීවාත්මයක්”. මේ ආකාරයට ඔබගේ අවධානය සහ ස්වභාවය ස්වාභාවික කරගන්න: ඔබ අම්රිත් වේලාවේ අවදි වූ විට මෙසේ සිතන්න: “මම සුරදූතයෙක්.” මෙය ස්ථිර කරගන්න: සුරදූතයෙක් වන මම, පරමාත්ම දෙවියන්ගේ ශ්‍රීමත් වලට අනුව, සියළු දෙනාටම පණිවිඩය ලබා දීමට සහ ශ්‍රේෂ්ඨ ක්‍රියා කිරීමට මෙම භෞතික ශරීරය තුලට ඇතුළු වී සිටිමි. ඔබගේ කාර්යය අවසන් වූ සැනින්, ඔබගේ ශාන්ත ස්ථිතියේ ස්ථාවර වන්න. ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ථිතියට ඇතුළු වන්න. අන් අයව ඔවුන්ගේ සුරදූත ස්වරූපයෙන් දකින්න. ඔබගේ මෙම ආකල්පය ක්‍රම-ක්‍රමයෙන් අන් අයව සුරදූතයන් බවට පත් කරයි. ඔබගේ ද්‍රිෂ්ඨිය අන් අය මත බලපෑමක් ඇති කරයි. ඔබ සුරදූතයෙක් වීම ස්ථිරද? ඔබ තමන්ට මෙය ස්ථිර කරගෙන තිබෙනවාද? “මම සුරදූතයෙක්” ඔබ සියළු දෙනාටම සුරදූතයන් වීමේ ආශිර්වාදය ලැබී තිබේ. ඔබට සුරදූතයෙක් විය හැකිද? එනම්, ඔබට තත්පරයක් ඇතුලත ආලෝකමත් සහ සැහැල්ලු විය හැකිද? ඔබට මෙය විය හැකිද? විනාඩියකදි නොව, තත්පරයකදි මෙය වීමට සිතීම සහ මෙය බවට පත් වීම ඔබ පුහුණු කරනවාද? තත්පර 10කදි නොව, එක තත්පරයකදි. අච්චා, තත්පර දෙකකදි නොව, නමුත් තත්පරයකදි, එක තත්පරයකදි මෙය බවට පත් විය හැකි අය, අත් දෙකෙන් නොව, එක අතකින් අත්පොලසන් ගහන්න! (අත ඔසවන්න). ඔබට මෙය විය හැකිද? නිකම්ම ඔබගේ අත් ඔසවන්න එපා! ඔය ද්විත්ව විදේශිකයන් ඔබගේ අත් ඔසවන්නේ නැහැ. මෙයට කාලයක් ගත වෙනවාද? අච්චා, ඔවුන්ට කාලයක් අවශ්‍ය බව සිතන අය, තත්පරයකදි මෙය බවට පත් විය නොහැකි, නමුත් ටික කාලයක් අවශ්‍ය බව සිතන අය, අත් ඔසවන්න! (බොහෝ දෙනෙක් අත් එසවූහ). එය හොදයි! කෙසේවෙතත් අවසන් මොහොතේ ප්‍රශ්න පත්‍රය පැමිණෙන්නේ තත්පරයකදි. එබැවින් ඔබ ඒ වෙලාවේ කරන්නේ කුමක්ද? එය හදිසියේ පැමිණෙයි. එය එක තත්පරයක දෙයක්. එයට කමක් නැහැ. ඔබගේ අත් එසවූ අතර ඔබ මෙය අවබෝධ කරගත්තා! මෙයත් ඉතා හොදයි. කෙසේවෙතත් ඔබ බලකිරීමක් යටතේ පුහුණු නොවිය යුතුයි (බාහිර සිදුවීම් නිසා), නමුත් ඔබ එය පුහුණු විය යුතුයි. මෙය පුහුණු වීම ඉතා, ඉතා, ඉතාම අත්‍යාවශ්‍යයි. හොදයි! එ් වුනත් බාප්දාදා ඔබට තව කාලයක් ලබා දෙනවා. ඔබට කෙතරම් කාලයක් අවශ්‍යද? ඔබට 2000 අවසානය දක්වා කාලය අවශ්‍යද? ඔබ සියළු දෙනාම 21 වන සතවර්ෂය වෙනුවෙන් අභියෝගයක් නිකුත් කර තිබෙනවා. ඔබ එම බෙර වාදනය කරයි. ඔබට මෙය මතකද? දෙකෙන් එකක් සිදුවෙයි, ස්වර්ණමය යුග ලෝකය පැමිණෙයි එසේ නැත්නම් ඔබ එම වාතාවරණය නිර්මාණය කරන බවට ඔබ අභියෝගයක් නිකුත් කළා. ඔබ මෙම අභියෝගය නිකුත් කළා නේද? එබැවින්, එම මොහොත දක්වා, තවමත් බොහෝ කාලය තිබෙනවා. ඔය සෑම කෙනෙක්ම තමන් වෙතට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔබට එය කළ හැකිද යන ප්‍රශ්නය නොවෙයි, නමුත් ඔබ තමන් වෙතට අවධානය යොමු කල යුතුමයි. නිදසුනක් ලෙස, ශරීර අවධානයට පැමිණීමට ඔබට කෙතරම් කාලයක් ගත වෙයිද? තත්පර දෙකක්? ඔබ ශරීර අවධානයට පැමිණෙන විට, ඔබට එය අවශ්‍ය නැති වුනත්, එයට කෙතරම් කාලයක් ගත වෙනවාද? එක තත්පරයක්? නැත්නම් ඊටත් වඩා අඩුද? ඔබ ශරීර අවධානයට පත් වූ බව ඔබගේ අවධානයේවත් නැහැ. එබැවින් මෙයත් පුහුණු කරන්න. කුමක් සිදු වුනත්, ඔබ කුමක් සිදු කළත්, ඔබ ස්වාභාවිකව ජීව අවධානයට පත් වී ඇති බවත් බලවත් ස්ථිතියක සිටින බවත් ඔබගේ අවධානයේ නොතිබිය යුතුයි. ඔබගේ සුරදූත ස්ථිතිය ස්වාභාවික කර ගන්න. ඔබගේ ස්වභාවය සුරදූතයෙකුගේ මෙන් කළ විට, මෙම ස්වභාවය ඔබගේ ස්ථිතිය ස්වාභාවික කරයි. එබැවින් බාප්දාදා ඔබගෙන් කෙතරම් කාලයකට පසුව නැවතත් විමසිය යුතුද? ඔබට කෙතරම් කාලයක් අවශ්‍යද? ජයන්ති කතා කරන්න! ඔබට කෙතරම් කාලයක් අවශ්‍යද? විදෙස් රටවල සියළු දෙනා වෙනුවෙන් කතා කරන්න. ඔය විදේශිකයන්ට කෙතරම් කාලයක් අවශ්‍යද? ජනක් කතා කරන්න! (දාදිජී පැවසුවා: එය අද සිදුවෙයි. හෙට නොවේ). එය අද සිදුවන්නේ නම්, එවිට ඔබ සියළු දෙනාම දැන් සුරදූතයන් වෙලා. ඔබ මෙය බවට පත් වෙන්නම් නොවෙයි, නමුත් ඔබ මෙය බව. කෙසේවෙතත්, ඔබ මෙය බවට පත් වීමට යන්නේ නම්, එය කවදාද? බාප්දාදා අද හෙලිදරව් කළේ බ්‍රහ්ම බාබාගේ කුමන සංස්කාරයද? ක්ෂණික පරිත්‍යාගය, මහා පුණ්‍යකර්ම!

බාප්දාදා තුල සෑම දරුවෙකුටම සෙනෙහස තිබේ. එබැවින් ඔහුගේ කිසිම දරුවෙක් ඊට අඩු නොවිය යුතු බව ඔහු සිතයි. ඔබ අංක පිලිවෙලට පත් වන්නේ කුමටද? ඔබ සියළු දෙනාම අංක එක වන්නේ නම් එය ඉතා හොද වෙයි! අච්චා.

බාප්දාදා පරිපාලක අංශයේ සහෝදර සහෝදරියන්ට කතා කරමින්:

ඔබලා අතරේ නිර්මාණය කර තිබෙන්නේ කුමන වැඩසටහනක්ද? ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට මෙම කාර්යය ඔබගේ අතට ගැනීමට හැකි වන පරිදි තීව්‍ර උත්සාහ දැරීම සදහා ඔබ සැලසුමක් නිර්මාණය කර තිබෙනවාද? ලෝකය පරිවර්ථනය කිරීමට ඔබට අවශ්‍යයි. එබැවින් සම්පූර්ණ පරිපාලනයම පරිවර්ථනය කිරීමට සිදු වෙයි නේද? මෙම කාර්යය පහසුවෙන් කළ හැක්කේ කෙසේද සහ එය පැතිරී යන්නේ කෙසේද කියා ඔබ සිතා බැලුවද? විශාල නගර වල සිටින උපකරණ වලට පෞද්ගලිකවම පණිවිඩය ලබා දීමට ඔබ අඩු තරමින් සැලසුමක් සාදා තිබෙනවාද? ආධ්‍යාත්මිකත්වය තුලින් පරිවර්ථනය සිදු විය හැකි බවත් එය සිදු විය යුතු බවත් ඔවුන් අඩු තරමින් වටහාගත යුතුයි. මෙම අංශය නිර්මාණය කර තිබෙන්නේ මේ නිසයි, ඔබගේ වෘත්තියේ අයව අවදි කිරීමටය. එබැවින් මෙම අංශය සිදු කරන සේවය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. කෙසේවෙතත්, ඔවුන්ගේම අංශයේ අයට ඔවුන් කෙතරම් සේවය කර තිබේද සහ මෙම පණිවිඩය කෙතරම් දුරට ලබා තිබෙන්නේද යන ප්‍රතිඵලය දැකීමට ඔහුට අවශ්‍යයි. එසේ නැත්නම් ඔබ ඔවුන්ව අවදි කර තිබෙන්නේ ටිකක් පමණයිද? ඔබ ඔවුන්ව ඔබගේ සහකරුවන් බවට පත් කර තිබෙනවාද? සහයෝගී සහකරුවන්? ඔබ ඔවුන්ව බ්‍රහ්ම කුමරුන් බවට පත් කර නොමැති වුනත් ඔවුන්ව සහයෝගී සහකරුවන් බවට පත් කර තිබෙනවාද?

බාප්දාදා මෙය පවසන්නේ සියළුම අංශ වල අයටයි. ආගමික නායකයන් පැමිණියා, ප්‍රධාන ජීවාත්ම නොපැමිණියත්, අඩු තරමින් පැමිණි සියළු දෙනාම එකම වේදිකාවක සිටි අතර සියළු දෙනාම පැවසුවේ, දැන් අප සියළු දෙනාම එකතු වී ආධ්‍යාත්මිකත්වයේ බලය පැතිරිය යුතු බවයි. ඒ අන්දමින්ම, සියළුම අංශ වලින් පැමිණි සියළු දෙනා, ආකාර තුනක ප්‍රතිඵල ලබා ගත යුතුයි. ප්‍රථමයෙන් එම වෘත්තියේ සියළු දෙනාට කෙතරම් දුරට පණිවිඩය ලැබී තිබෙනවාද? දෙවනුව, ආධ්‍යාත්මිකත්වය අවශ්‍ය දෙයක් ලෙස දැකීමත්, ඔවුන්ටත් සහයෝගී විය හැකිය, යන ප්‍රතිඵලය. ඔවුන් නිතිපතා එන ශිෂ්‍යයන් නොවෙයි, නමුත් ඔවුන්ට සහයෝගී විය හැක. දැන් ආගමික නායකයන් පැමිණියා මෙන්, අංශ වලින් මේ වන තුරු කුමන සේවයක් සිදු කර තිබේද, ඒ ආකාරයෙන්ම සෑම අංශයකින්ම එක පුද්ගලයෙකුට ආරාධනා කරන්න. පලමුව එය ඉන්දියාවේ සිදු කරන්න, පසුව ඔබට එය ජාත්‍යන්තරව කළ හැක. සෑම අංශයකම සිටින විවිධ මට්ටම් වල අය එකට එකතු වි ඔවුන්ද සහයෝගී විය යුතු බව ඔවුන්ට හැගී යා යුතුයි. සෑම අංශයකින්ම මෙතෙක් සිදු කළ මෙවන් ආකාරයේ සේවයේ ප්‍රතිඵලය කුමක්ද? ඔබ අනාගතයට සැලසුම් කර තිබෙන්නේ මොනවාද? සෑම අංශයකින්ම එක පුද්ගලයෙක් මෙම අරමුණ ඇතිව අන් අයව සමීපයට ගෙන එන්නේ නම්, එවිට සෑම අංශයකම සිටින, සමීප සහයෝගී ජීවාත්මයන්ට කණ්ඩායමක් ලෙස එකට එකතුවී, කණ්ඩායම වඩාත් විශාල කළ හැක. ඔවුන් එකිනෙකාව දකින විට ඔවුන් තුලත් උනන්දුව සහ උද්යෝගය වර්ධනය වෙයි. දැන් ඔවුන් සියළු දෙනාම විසිරී සිටියි: එක නගරයක මෙම සංඛ්‍යාවත්, තවත් නගරයක තව සංඛ්‍යාවකුත් සිටියි. බොහෝ හොද අය සිටිනවා. කෙසේවෙතත් පලමුව මෙම ජීවාත්මයන්ගේ හමුවක් සංවිධානය කරන්න, ඉන්පසුව ඔවුන් සියළු දෙනාටම මධුබන් වල රැස්වීමකට ආරාධනා කරන්න. ඉතිං, ඔබ මෙවන් සැලසුම් සාදා තිබෙනවාද? ඔබ අනිවාර්යෙන් යමක් සැලසුම් කරන්නට ඇති. ඔබට එවැනි සැලසුමක් තිබෙනවාද? සෑම තැනකම විසිරී සිටින බොහෝ දෙනෙක් සිටින බව විදෙස් රටවල සිටින අයටත් පණිවිඩයක් යවන ලදි. භාරතය දෙස පමණක් බලන්න! විවිධ ස්ථාන වල බොහෝ හොද ජීවාත්ම මතු වී ඇත, නමුත් ඔවුන් තවමත් සිටින්නේ අද්‍රෘෂ්‍යමානවයි. ඔවුන් සියළු දෙනාටම එකට හමුවී තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට විශේෂ වැඩසටහන් සංවිධානය කරන්න. මෙය බොහෝ වෙනසක් සිදු කර ඔවුන් සියළු දෙනාව සමීප කරවයි. එක අංශයක 5 දෙනෙක්ද, තවත් අංශයක 8 දෙනෙක්ද, තවත් අංශයක 25ක් හෝ 30ක්ද සිටිය හැක. ඔවුන්ව මෙවන් සමූහයකට ගෙන එන්න, එවිට ඔවුන්ට ප්‍රගතිය කරා යාමට හැකි වෙයි. ඔවුන්ගේ උනන්දුව සහ උද්යෝගය වැඩි වෙයි. එබැවින් ඔබ ලග දැන් මේ වනතුරු සේවය කර ඇති සියළුම අංශ වල ප්‍රතිඵලය තිබිය යුතුයි. ඉතිං ඔබ සියළු දෙනාටම මෙය ඇසුණාද? සියළු අංශ වලින් පැමිණි අය මෙයට සවන් දෙමින් සිටිනවාද? සෑම අංශයකින්ම අද පැමිණ ඇති විශේෂ අය අත් ඔසවන්න! ඔබගෙන් බොහෝ දෙනෙක් සිටිනවා. ඔබට සහයෝගය ලබා දෙන්නේ කවුරුන්ද, කී දෙනෙක්ද සහ කෙතරම් දුරටද, යන මෙම ප්‍රතිඵලය දැන් භාර දෙන්න. ඔවුන් වෙනුවෙන් ඔබ පැවැත්විය යුතු වැඩසටහනක් ගැන ඔබට පසුව කියන්නම්. ඔවුන් වෙනුවෙන් ආශ්වාදජනක වැඩසටහනක් සෑදෙයි. මෙය හොදයිද?

මධුබන්:

මධුබන් වල අය අක්‍රියව නොසිටිය යුතුයි. ඔබ අක්‍රියව සිටීමට කැමතිද? ඔබට අවශ්‍ය වන්නේ කාර්යබහුල වීමට නේද? නැත්නම් ඔබ වෙහෙසට පත් වෙනවාද? ඔබට විටින් විට දින 15ක නිවාඩු ලැබෙනවා. ඔබට මෙය තිබිය යුතුයි. කෙසේවෙතත් එක වැඩසටහනක් අවසන් වූ සැනින් තවත් වැඩසටහනක් තිබිය යුතුයි, එවිට ඔබගේ උනන්දුව සහ උද්යෝගය පවත්වා ගැනීමට හැකි වෙයි. එසේ නැත්නම් දාදී පවසන්නේ: ඔවුන්ට කිරීමට සේවයක් නොමැති විට පැමිණිල්ලක් තිබෙයි. මෙම පැමිණිල්ල ගැන බාබා ඔබට කිව යුතුයිද? ඔබ සියළු දෙනාටම තමන්ගේ ගම් පලාත් සහ නගර වලට යාමට අවශ්‍ය වන බව දාදී කියයි. ඔබට ගොස් ඔවුන්ව දැක බලා ගැනීමට අවශ්‍ය බව ඔබ කියයි; ඔබට ඔවුන් වෙතට ගොස් එහි යම් සේවයක් කිරීමට අවශ්‍ය බව ඔබ කියයි. මේ නිසයි ඔබව කාර්යබහුලව තබා ගැනීම හොද වන්නේ. ඔබ කාර්යබහුලව රැදි සිටින්නේ නම් කිසිම ගැටුමක් ඇති නොවෙයි. ඔබගේ එක් විශේෂත්වයක් වෙනුවෙන් බාප්දාදා මධුබන් නිවැසියන්ට කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. සිය ගුණයක් වත් නොවෙයි, නමුත් කෝටි ගුණයක්! කුමන විශේෂත්වයටද? පැමිණෙන ඔනෑම කෙනෙකුට සේවය කිරීමට මධුබන් නිවැසියන්ට කෙතරම් ගැඹුරු කැමැත්තක් තිබේද යත්, තමන් තුල කුමක් තිබුණත් ඒවා සැගවී තිබේ. ඔවුන් සියළු දෙනාම බොහෝ අව්‍යක්ත ලෙස පෙනෙයි. ඔවුන්ට වෙහෙසක් නොදැනෙයි. මෙහි සංචාරය කිරීමට එන අය මෙහි සිට පිටත් වන විට පවසන්නේ: මෙහි සිටන සෑම කෙනෙක්ම සුරදූතයෙක් වැනිය. ඒ වෙලාවේ ඔබ විශේෂ අධිෂ්ඨාන බලයක් වර්ධනය කර ගන්නවා, එබැවින් ඔබගේ මෙම විශේෂත්වය ඉතා හොදයි. ඔබට සේවයේ දිස්නය තිබෙනවා. එබැවින් බාප්දාදා ඔබට මෙම සහතිකය ලබා දෙනවා. ඔබට සුබ පැතුම් ලබා දිය යුතුයි නේද? එබැවින් මධුබන් වල අය වෙනුවෙන් අඩු තරමින් අත් පොලසන් ගසන්න! ඉතා හොදයි! ඒ වෙලාවට බාප්දාදා පවා ඔබ සියළු දෙනා වෙතට සංචාරයක පැමිණෙනවා. ඔබගෙන් සියළු දෙනාටම මේ ගැන අවධානයක් නැහැ, නමුත් බාප්දාදා ඔබ වෙතට සංචාරයක පැමිණෙනවා. එබැවින් මධුබන් වල මෙම විශේෂත්වය මීටත් වඩා වැඩි වෙයි. අච්චා.

මාධ්‍ය අංශය:

මාධ්‍ය අංශය විදෙස් රටවලත් ආරම්භ කර තිබෙනවා නේද? මාධ්‍ය වෙනුවෙන් හොද උත්සාහයක් සිදු කරන බව බාප්දාදා දැන් දකිනවා. මෙහි තොරතුරු පුවත්පත් වල පල කිරීම ආරම්භ වී ඇති අතර ඔබ සෙනෙහසින් ඔවුන්ට සේවය කරනවා. ඔබ අඩු තරමින් ඔවුන්ට සේවය කර තිබේ! එබැවින් ඔබ සිදු කළ උත්සාහයේ ඵලය ඔබට ලැබෙනවා. ඔබ රූපවාහිනියේ අයට කාලය ලබා දෙන සේම, ඔබ පුවත්පත් වල අයටත් විශේෂයෙන් කාලය ලබා දිය යුතුයි. එය දිනපතාම පැමිණෙනවා නේද? (ශීලු බෙන්ගේ දේශන). එබැවින් මෙය හොද ප්‍රගතියක්. එයට සවන් දෙන විට සියළු දෙනාටම හොද අත්දැකීමක් ලැබෙනවා. ඒ අන්දමින්ම එය දැන් ආධ්‍යාත්මික බලය වැඩි කර ගත යුතු කාලය බව කියමින්, සතියකට වරක් හෝ දවසක් හැර දවසක් විශේෂයෙන් පුවත්පත් වලත් ලිපියක් තිබිය යුතුයි. එවන් උත්සාහ සිදු කරන්න! ඇත්ත වශයෙන්ම ඔබ සාර්ථකයි, එමෙන්ම ඔබගේ සම්බන්දකම්ද වැඩි වෙනවා. දැන් පුවත්පත් තුලින් යම් ආශ්චර්යයක් සිදු කරන්න. ඔබට මෙය කළ හැකිද? මෙම කණ්ඩායමට මෙය කළ හැකිද? මෙය කිරීමට යන අය ඔබගේ අත් ඔසවන්න. උනන්දුව සහ උද්යෝගය තිබෙන විට, සාර්ථකත්වය ඇති වෙයි. මෙය සිදු විය නොහැක්කේ මන්ද? සියළුම පහසුකම් ඔබට භාවිතා කිරීමට ලබා දෙන කාලයක් යථා කාලයේදි පැමිණෙයි. ඔබ වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙයි. ඔවුන් මෙම දේවල් ඔබට පුද කර, ඒ වෙනුවට මෙසේ පවසමින් ඔබගෙන් යමක් ආපසු බලාපොරොත්තු වෙයි, “ අපට යම් දෙයක් දෙන්න, අපට යමක් දෙන්න!” අපගේ උදව් ගන්න! වර්ථමානයේ ඔබට ඔවුන්ට මෙසේ පැවසීමට සිදු වී තිබේ, “සහයෝගී වන්න!” පසුව ඔවුන්ම ඉල්ලා සිටියි, “ඔබට සහයෝගය ලබා දීමට අපට ඉඩ දෙන්න!” මෙම කාරණාව ස්ථිර කර ගන්න: සුරදූතයෙක්! සුරදූතයෙක්! සුරදූතයෙක්! ඉන්පසුව සෑම දෙයක්ම ඉතා විගසින් සිදු වන්නේ කෙසේද කියා බලන්න. ඔබට ඔවුන් පසුපස හඹා යාමට අවශ්‍ය නොවෙයි, නමුත් ඔවුන් ඔබ පසුපස සෙවණැල්ලක් මෙන් ඉබේටම හඹා එයි. ඔවුන් තවමත් බලා සිටින්නේ, ඔබගේ මනෝ ස්ථතිය තවමත් බලා සිටින නිසයි. නිති සූදානමින් සිටින්න, එවිට එය ස්විචය දැමීමේ ප්‍රශ්නයක් පමණක් වෙයි, එපමණයි! ඔබ ඉතා හොදින් ඉදිරියට යන අතර දිගටම එසේ කරයි.

භෞතික ස්වරූපයකින් හෝ ඔවුන්ගේ සූක්ෂ්ම ස්වරූපයෙන් හමුවක් සමරන, මේ දේශයේ සහ විදෙස් රටවල සෑම තැනකම සිටින ස්ව-අධිකාරී ජීවාත්මයන්ට, ඔවුන්ගේ හැසිරීමෙන් සහ මුහුණු වලින් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ අයිතිය හෙලිදරව් කරන විශේෂ ජීවාත්මයන්ට, සෑම පියවරකදීම බාප්දාදාව අනුගමනය කරන අයට, නිරන්තරයෙන් ඔවුන්ගේ මනස පිරිසිදුව සහ බුද්ධිය පැහැදිලිව තබා ගන්නා අයට, එවන් ස්වාභාවික තීව්‍ර උත්සාහයේ යෙදෙන ජීවාත්මයන්ට, නිරන්තරයෙන් පියා සමග රැදී සිටින සහ පියා සමග ආපසු එකට නිවහනට යන ආලෝකමත් සහ සැහැල්ලු දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ අසීමිත නිරාශාව ඇති, එමෙන්ම පහසුකම් වල බලපෑමට හසු නොවී, නොබැදී සිටිමින් සියළු පහසුකම් භාවිතා කරන අයෙක් වේවා.

අසීමිත නිරාශාව ඇති කෙනෙක් වීම යනු, කිසිම දේකට බැදීමක් නොමැතිව නිරන්තරයෙන් පියාට ආදරණීය වීමයි. මෙම ආදරණීය ස්වභාවය, ඔබව නොබැදි කෙනෙක් කරයි. ඔබ පරම පියාට ආදරණීය නැත්නම්, ඔබට නොබැදී සිටිය නොහැකි වන අතර යම් බැදීමක් තිබෙයි. පියාට ආදරණීය වන අය, සියළු ආකර්ෂණ ඉක්මවා සිටියි, එනම්, ඔවුන් නොබැදී සිටියි. මෙම ස්ථිතිය හැදින්වෙන්නේ ප්‍රතිශක්තියක් තිබෙන සහ කිසිම සීමිත ආකර්ෂණයක බලපෑමට හසු නොවන කෙනෙක් ලෙසයි. ඒවායේ බලපෑමට යටත් නොවී යම් නිර්මාණයක් හෝ පහසුකමක් භාවිතා කරන අය, අසීමිත නිරාශාව ඇති රාජ ඍෂිවරුන්ය.

පාඨය:
ඔබගේ හදවත තුල පිරිසිදුකම සහ අවංකකම තිබෙන විට, ස්වාමී සතුටට පත් වෙයි.