09.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා සමඟ ඇතුලතිනුත් පිටතිනුත් අවංක වී සිටින්න. ඔබට දෙවි දේවතාවරු බවට පත්වීමට හැකි වනුයේ එවිට පමණි.

ප්‍රශ්නය:
මෙම දැනුම සවන්දීමටත් උකහාගැනීමටත් උරුමය තිබෙන්නේ කා හටද?

පිළිතුර:
සෑම අංශයෙන්ම දක්‍ෂ ලෙස රඟදැක්වූවන්: භක්තිය වැඩි වශයෙන් නිරූපණය කළවුන් තමයි මෙම දැනුමට සවන් දීමට සහ උකහාගැනීමට උරුමැති අය. උසස්ම තත්ත්වය ලබාගන්නා අය ද ඔවුන්ම වේ. ඇතැමුන් ඔය දරුවන්ගෙන් විමසයි: ආගමීක ග්‍රන්ථයන් ඔබලා විශ්වාස නොකරන්නේ ද? ඔවුන්ට කියන්න: මෙලොවෙහි අප තරම් ආගමීක ග්‍රන්ථ උගත් අය, හෝ අප තරම් භක්තිය නිරූපණය කළ අය තවත් නැත. අප දැන් ලබා ඇත්තේ අපගේ භක්තියේ ඵලයයි; තවදුරටත් භක්ති කිරීමට අපට අවැසි නොවන්නේ මේ නිසාවෙනි.

ඕම් ශාන්ති.
අසීමිත පරම පියා මෙහි ඉඳිමින් අසීමිත දරුවන් හට පැහැදලි කරනවා. ජීවාත්මයන් සැමට පැහැදිලි කරන්නේ සියලුම ජීවාත්මයන්ගේ පියායි. මන්ද, සියල්ලන්ටම ගැලවුම ලබාදෙන්නා ඔහු වූ නිසායි. සියලු ජීවාත්මයන් මනුෂ්‍ය ශරීර තුළ සිටින්නන් වශයෙන් කියා ඇත. ජීවාත්මයකට ශරීරයක් නොමැති නම් ඔහුට දැකීමට නොහැකි වේ. පරම පියා විසින් දිව්‍යලෝකය ස්ථාපනය කළා වුවත් නාටක සැලැසුම අනුව, පරම පියා කියන්නේ: මම දිව්‍යලෝකය නොදකිමි. එය සාදා තිබෙන්නේ කා හටද ඒ අයට දැක ගත හැකි වේ. මම ඔබට ඉගැන්වීමෙන් පසු ශරීරයක් නොගන්නෙමි. එබැවින්, කෙසේ ශරීරයක් නොමැතිව මා යමක් දකින්න ද? මා සෑම දේම දකින්නට සෑම තැන්වලම පෙනී සිටිනවා නොවේ; නැහැ. සරලව පරම පියා ඔය දරුවන් දකිනවා ඔබට ඔහු ස්මරණ වන්දනාවේ යාමට උගන්වනවා. එසේම ඔබව ලස්සන මල් බවට පත්කරවනවා. "යෝගා" යන වචනය අයිති භක්ති මාර්ගයටයි. ඥාන සාගරය දෙන්නේ ඥානය පමණයි ඔහුට පමණයි සත්ගුරු යැයි කියන්නේ. අන් සියලු දෙනා ගුරුන් වේ. සත්‍යය පවසන්නා පමණයි සත්‍ය භූමිය ස්ථාපනය කරන්නේ. භාරතයයි සත්‍ය භූමිය වූයේ. එහි තමයි සියලු දෙවි දේවතාවරු විසුවේ. ඔබ දැන් මනුෂ්‍යයන්ගෙන් දේවතාවරුන් වෙමින් සිටිනවා. ඒ හෙයින්, ඔය දරුවන්ට ඇතුලාන්තයෙන් සහ පිටතින් පරම පියා හා අවංකව සිටින්නැයි කියා ඇත. කලින්, සෑම පියවරකම ව්‍යාජත්වය තිබුණී. ඔබට දිව්‍යලෝකයේ පදවියක් හිමිකර ගැනීමට අවැසි නම් දැන් ඒ සියල්ලම ඔබට අත්හරින්න සිදුවෙයි. ඔබෙන් බොහෝ දෙනෙක් දිව්‍යලෝකෙට යනවා. නමුත්, ඔබ පරම පියා හඳුනා ගැනීමෙන් පසුවත් ඔබේ පව් නැති නොකළොත් එවිට ඔබට දඩුවම් විඳීමෙන් ඔබේ කර්ම ගිණුම් පියවීමට සිදුවන අතර ඔබට පහත් තත්ත්වයක් ලැබෙනවා ඇත. රාජධානිය ස්ථාපිත වන්නේ මෙම සුබම සුබ සංගම යුගයේදීය. රාජධානිය ස්වර්ණම යුගයේ හෝ යකඩ යුගයේ ස්ථාපිත විය නොහැකියි. මන්ද, ස්වර්ණම යුගයේ හෝ යකඩ යුගයේ පරම පියා නොපැමිණෙන නිසාවෙනී. මෙම යුගයටයි වඩාත් සුබ වූ සහ යහපත ගෙනදෙන (කල්යාන්කාරි) යුගය කියා කියන්නේ. යකඩ යුගයෙන් පසුව ස්වර්ණම යුගය පැමිණේ. ඒ නිසායි එහි සංගම යුගයක් තිබිය යුතු වන්නේ. මේ ලෝකය පරණයි අපවිත්‍රයි කියා පරම පියා කීවා. ගීතයක් තිබෙනවා: දුර ඈත දේශයේ වැසියා... ඔහු විදේශයෙහි සිටිනා තම දරුවන්ව හමුවන්නේ කෙසේ ද? ඔහු ඇත්තෙන්ම, විදේශ දරුවන්ව විදේශයෙහි හමුවෙනවා. ඒ කවරෙක්ද, කාගේ ශරීරය තුළටද ඔහු පිවිසෙන්නේ කියා ඉතා පැහැදිලිව කියා දෙනවා ඔහුගේම හැඳින්වීම ඔහු ලබාදෙනවා. එසේම ඔහු ඇතුල්වන කෙනාට ද ඔහුගේ බොහෝ උපත් වලින් මෙය ඔහුගේ අවසාන උපත බවත් පැහැදිලි කර දෙනවා. එය ඉතා පැහැදිලියි. මෙහි ඔබ තවමත් උත්සාහ කරන්නන්; සම්පූර්ණයෙන් පාරිශුද්ධ වී නැත. සම්පූර්ණයෙන් පාරිශුද්ධ අයට සුර දේවතා කියති. පාරිශුද්ධ නොවූවන්ට අපවිත්‍ර අය යැයි කියති. ඔබ සුරදේවතාවන් වූවායින් පසුවයි දේවතාවන් වන්නේ. පරිසමාප්ත සුර දේවතාවන් සූක්‍ෂම දනව්වෙහි දකී: ඔවුන්ට සූක්ෂම දේවතාවරු කියති. පරම පියා පැහැදිලි කරනවා: දරුවනී. ඒකායන ඇල්ෆා පමණක් සිහිපත් කරන්න. ඇල්ෆා යනු බාබායි. අල්ලාහ් කියාත් ඔහු ප්‍රසිද්ධයි. ඔබ ඔබේ දිව්‍යලෝක උරුමය ලබන්නේ පරම පියාගෙන් යන්න ඔබට වැටහුණා. දිව්‍යලෝකය නිර්මිත වූයේ කෙසේ ද? ස්මරණ වන්දනාවෙන් සහ ඥානය තුළිනී. භක්ති මාර්ගයේ ඥානයක් නොමැත. පරම පියා පමණයි බ්‍රහමින්වරුන්ට ඥානය දෙන්නේ. බ්‍රහමින්වරුන් තමයි හිසකුඩුම්බිය. දැන් ඔබ බ්‍රහමින්වරු වී පසුව පිනුම් ගැසීමේ ක්‍රීඩාව කරයි: බ්‍රහමණ, දේවතා ක්‍ෂත්‍රීය සහ වෛශ්‍ය යනුවෙන්. මෙයට විවිධාංග ප්‍රතිමාව යැයි කියති. බ්‍රහ්මා විෂ්ණු සහ ශංකර් විවිධාංග ප්‍රතිමාවක් නොවෙයි. එම ප්‍රතිමාවේ හිසකුඩුම්බි බ්‍රහමින්වරු නොදැක්වේ. මේ බ්‍රහ්මාගේ ශරීරයට පරම පියා පිවිසෙන බව කිසිවකුත් නොදනී. පරම පියා පැමිණ උගන්වන නිසායි බ්‍රහමණ කුලය වඩාත් උසස්ම කුලය වනුයේ. පරම පියා ශුද්‍රයින්ට උගන්වන්නේ නැත. ඔහු උගන්වන්නේ ඔබ බ්‍රහමින්වරුන්ට පමණයි. මෙම ඉගෙනීමට කාලයක් ගැනෙන්නේ රාජධානියක් නිර්මාණය වෙමින් පවතින නිසායි. ඔබ අති උසස්ම මනුෂ්‍යයන් බවට පත් වෙනවා. නව ලොව නිර්මාණය කරන්නේ කවුරු ද? එය නිර්මාණය කරන්නේ පරම පියායි. මෙය අමතක නොකරන්න. මායා ඔබට මෙය අමතක කරවයි. එයයි ඇගේ රාජකාරිය. මායා ස්මරණයෙහි මැදිහත් වන තරමට ඇය ඉගෙනුමෙහි මැදිහත් වන්නේ නැත. ඔබ ජීවාත්මයන් විශාල වශයෙන් කුණු කසල වලින් පිරිලයි සිටින්නේ. ඒවා පරම පියාගේ ස්මරණයෙන් තොරව ශුද්ධ කළ නොහැකියි. ඇතැම් දරුවන් "යෝගා" කියන වචනයෙන් ව්‍යාකූල වී සිටිනවා. ඔවුන් කියයි: බාබා මට යෝගා කිරිම අපහසුයි. ඇත්තෙන්ම, "යෝගා" යන වචනය අයිති වන්නේ හථ යෝගීන්ටයි. සන්යාසීන් කියති: "බ්‍රහ්මාණ්ඩ හා යෝගා වන්න". කෙසේවෙතත්, බ්‍රහ්මාණ්ඩය අති විශාල එකකි. අහසේ තරු දිස්වෙන්නාක් සේ. අහස අභිබැවූ. ඉර සඳ ආලෝක නොමැති තැනක ජීවාත්මයන් ඉතා කුඩා තාරකා විලසින් සිටී. ඉතින් බලන්න. ඔබලා එවන් වූ කුඩා රොකට්ටු මෙන් සිටී. ඒ නිසායි බාබා කියන්නේ: පළමුවෙන්ම. සෑම දෙනාටම ජීවාත්මයේ දැනුම දිය යුතුයි කියා. දෙවියන්ට පමණයි මෙම ඥානය දිය හැක්කේ. මිනිස්සු දෙවියන්ව පමණක් නොවෙයි නොදන්නේ. ඔවුන් ජීවාත්ම ගැනත් නොදනී. එවන් වූ කුඩා ජීවාත්මයක් තුළ උපත් 84ක චක්‍රයේ අවිතාශී චරිත කොටස් පිරි තිබෙයි. මෙය සොබාදහමේ විශ්මය යැයි කියති. අන් දෙයක් කිව නොහැක. ජීවාත්ම නොකඩවා උපත් 84හි චක්‍රයෙහි කැරකේ. මෙය සෑම වසර 5000කම කැරකෙමින් පවතී. මෙය නාටකයෙහි නිශ්චිතයි. ලෝකය අවිනාශීයි; එය විනාශ කළ නොහැක. සමූල ඝාතනය සිදුවීමෙන් අනතුරුව එම ක්‍රිෂ්ණා නුග කොළයක් මත මහපට ඇඟිල්ල උරමින් පාවී එනවා ඇතැයි මිනිස්සු කියිති. කොහොම වෙතත්, මේ දේ සිදු නොවෙයි; ස්වභාව ධර්මයට එය පටහැනියි. මක්නිසාද යත්, කිසිසේත් සමූල ඝාතනයක් සිදුවන්නේ නැත. එක් ධර්මයක් ස්ථාපනය වූ කල අනෙකුත් සියලු ආගම් විනාශ වී යයි. නොකඩවා මෙය සදා සිදුවන්නකි. මෙකල. ප්‍රධාන වශයෙන් ඇති ආගම් තුනකි. මෙය සුබම සුබ සංගම යුගයයි. පරණ ලොව හා නව ලොව අතර වෙනස දිවා රෑය මෙනී. පෙරදා එය අළුත්ව තිබුණී. අද එය පරණයි. ඔබ පමණයි පෙරදා ලොවෙහි තිබූ විෂයන් වටහාගත්තේ. කිනම් ආගමක් වුවත් එය ස්ථාපිත කළ කෙනා එම ආගමටයි අයිති. බොහෝ දෙනෙක් නොව එක් ජීව සත්තාවක් පැමිණේ.අනතුරුව කෙමෙන් පැතිරීම සිදුවේ. පරම පියා කියයි: ඔය දරුවන්ට මා කිසිදු අපහසුතාවයක් දෙන්නේ නැහැ. දරුවන්ට යම් අපහසුතාවයක් මා කෙසේ දෙන්න ද? ඔහු අතිශයින් සෙනෙහෙවත් පියායි. ඔහු කියනවා: මා ඔබේ ගැලවුම්කරුවා. මා දුක නැතිකර සතුට ප්‍රධානය කරන්නා. ඔබ ස්මරණය කළේත් මාවම තමයි. භක්ති මාර්ගයේ මිනිස්සු මොනවද කරමින් සිටියේ? ඔවුන් විශාල වශයෙන් මා හට නින්දා කර ඇත. මෙසේ කියති: දෙවියන් එක්කෙනෙකි. ලෝක චක්‍රය එකකි. එහි තවත් ලොවක් අහසේ නොමැත. අහසේ තරු ඇත. මිනිස්සු සිතනවා සෑම තරුවකම ලොවක් තිබෙයි, පාතාලයේත් ලොවක් තිබෙයි කියා. ඒ සැමෙකක්ම භක්ති මාර්ගයේ විෂයන්. සිටින්නේ අති උසස් ඒකායන දෙවියන් පමණයි. මෙසේ කියා ඇත: මුළු ලොවේම සියලු ජීවයන් ඔබ තුළ රෝසරියක් මෙන් ඇමිණී ඇත. එයටම අසීමිත රුද්‍රාක්‍ෂ මාලය කියාත් කිව හැකියි. ඒවා එකට ඇමිණී තිබේ. මෙසේ මිනිස්සු ගැයූ නමුත් ඔවුන්ට කිසිවක් නොවැටහේ. පරම පියා ඇවිත් පැහැදිලි කරනවා: දරුවනී. මා ඔබට අල්ප මාත්‍රයක අපහසුතාවයක් දෙන්නේ නැහැ. ඔබට කියා තිබෙයි. ප්‍රථමයෙන් භක්ති කළ අය තමයි දැනුමෙහි වේගයෙන් යනවා ඇත්තේ කියා. ඔවුන් මාහැඟි ලෙස භක්තියක් කළා නම්, ඔවුන්ට මාහැඟි ලෙස ඵලයද ලැබේවි. දෙවියන් භක්තියේ ඵලය දෙනවා යැයි කියා තිබේ ඔහු ඥාන සාගරය වූ නිසා. සැබැවින්ම, ඔහු ඥානය ඵලය වශයෙන් ලබාදෙනු ඇත. භක්තියේ ඵලය ගැන දන්නා කෙනෙක් නැත. භක්තියේ ඵලය ඥානයයි. ඒ තුළින් ඔබට දිව්‍යලෝක සතුටේ උරුමය ලැබෙනවා. මෙම ඵලය ඔබට ලබා දෙන්නේ ඒකායන පියා පමණයි. එනම්, ඔහු ඔබව අපා වැසියන් බවෙන් දිව්‍යලෝක වැසියන් බවට වෙනස් කරයි. කිසිවකුත් රාවණ් ගැන නොදනී. ඔවුන් මේ ලෝකය පරණයි කියනවා. කෙතරම් පරණ ද? එය ඔවුන්ට ගිණීය නොහැක. පරම පියා මානව වෘක්ෂයේ බීජය වේ. ඔහු සත්‍යය වේ. ඔහු අවිනාශී වේ. මෙම වෘක්ෂය උඩු යටිකුරු වෘක්ෂය යැයි හැඳින්වේ: එහි මුදුනේ පරම පියා සිටී. ජීවාත්ම උඩ බලා පියාට කන්නලව් කරති. ශරීර වලට කත්තලව් කළ නොහැකියි ජීවාත්මයක් ශරීරයක් අත්හරිමින් තවත් ශරීරයක් තුළට පිවිසේ. ජීවාත්ම ප්‍රමාණයෙන් අඩු වැඩි වන්නේ නැත. ඔවුන් මියැදෙන්නේත් නැත. මෙම නාටකය කල් තියා නියම වූවකි. පරම පියා ඔබට සමස්ථ නාටකයේම මුල, මැද සහ අන්තයේ රහස් පැහැදිලි කළා. ඔහු ඔබව දේව විශ්වාසීන් කළා. ලක්ෂ්මී සහ නාරායන්ට මෙම ඥානය නොතිබේය කියාත් ඔහු කීවා. එහිදී ඔබ දේව විශ්වාසීන් (ආස්තික්) හෝ අදේව වාදීන් (නාස්තික්) ගැන නොදැන සිටී. මේ කාලයේදී තමයි මෙහි අර්ථය ඔබට පරම පියා කියා දෙන්නේ. අදේව වාදීන් පරම පියාව හෝ ඔහුගේ නිර්මාණයේ ආරම්භය, මධ්‍යය සහ අවසානය ගැන හෝ එහි කාල පරාසය නොදත් අයයි. මේ කාලයේ ඔබ දේව විශ්වාසීන් බවට පත්වෙනවා. එහි කිසිසේත් මේ දේවල් නොතිබේ. මෙය නාටකයකි. එක් මොහොතක සිදු වූ දේ ඊලඟ මොහොතේ නැවත සිදු නොවේ. නාටකය දිගටම ගෙවෙමින් යනවා. ගත වී ගිය රිල් එක නොකඩවා කැරකී එනවා. එය හරියට, පෙන්වූ චිත්‍රපටියක් නැවතත් පැය දෙක තුනකින් වෙනසක් නැතිව එම චිත්‍රපටියම පෙන්වන ආකාරයට සිදුවෙයි. චිත්‍රපටියේ ගොඩනැගිලි ආදිය කඩා වැටේ. ඉන්පසු නැවතත් එම ගොඩනැගිලි එලෙසම නැවත පෙන්වනු ඇත. එයත් වෙනසක් නැතිව නැවත නැවත සිදුවේ. මේ ගැන ව්‍යාකූල වීමට උවමනා නොවේ. ප්‍රධාන විෂය නම් දෙවියන් ජීවාත්මයන්ගේ පියා වේ. ජීවාත්මයන් පරමාත්ම වෙතින් දීර්ඝ කාලයක් වෙන් වී සිටියා. ඔවුන් වෙන් වී පසුව ඔවුන්ගේ චරිතාංග රඟදැක්වීමට පහළට එනවා. ඔබ සපුරා වසර 5000ක් වෙන් වී සිටියා. ඔබ සුමිහිරි දරුවන් සර්වප්‍රකාරයේම චරිතාංග ලබා ඇත. එම නිසායි ඔබට පමණක් පැහැදිලි කරන්නේ, මෙම දැනුමට අයිතිය ඇත්තේ ඔබට පමණයි. අතිශයින් භක්ති කළ අයයි දැනුමේ වේගයෙන් යන්නේත්, එසේම ඉහළ පදවියක් ලබනවා ඇත්තේත්, පළමුවෙන්, ශිව් බාබා තමයි වන්දනීය වන්නේ පසුව දෙවි දේවතාවරු වන්දනීය වෙනවා. ඉන්පසුව, ඔබ පංචමහා භූතයන් වැඳීමෙන් මිශ්‍රිත වූවා. දැන් පරම පියා ඔබව අසීමිතයට රැගෙන යනවා. එහෙත් ඒ මිනිස්සු ඔබව අසීමිත අවිදු භක්තිය තුළට ගෙන යයි. පරම පියා ඔය දරුවන්ට දැන් පැහැදිලි කරන්නේ: තමන්ව ජීවාත්ම ලෙස සලකා මා ස්මරණය කරන්න. කෙසේවෙතත් ඔවුන් මෙහෙන් සමුගෙන යද්දී මායා ඔවුන්ට අමතක කරවයි. එය හුදෙක් ගර්භාෂයේදී ජීවාත්මයක් තමා කළ පව් වලට පශ්චත්තාප වෙමින් ආයෙත් එවැනි පව් නොකරන බවට පොරොන්දු වන මුත් පිටතට පැමිණී විට ඔහුට අමතක වනවා මෙන් ය. ඉතින් මෙහිත් එසේම වේ. ඔවුන් මෙහෙන් පිටත් වූ විට ඔවුන්ට අමතක වෙයි. මෙය අමතක වීම සහ අමතක නොකිරීම පිළිබඳ වූ නාටකයකි. ඔබ දැන් පියා භාරගත් දරුවන් වී සිටින්නේ. ඒ ශිව් බාබායි. ඔහු සියලු ජීවාත්මයන්ගේ අසීමිත පියා වේ. පරම පියා පැමිණෙන්නේ බොහෝ ඈත සිටයි. ඔහුගේ නිවස පරම්දාමයයි. ඔහු පරම්දාමයේ සිට පැමිණී විට සැබැවින්ම දරුවන් උදෙසා තෑග්ගක් අරන් එයි. ඔහු පාරාදීසය තෑග්ගක් වශයෙන් ඔහුගේ අත්ල මත ගෙන එයි. පරම පියා කියයි: තත්පරයකින් ඔබේ දිව්‍යලෝක රාජධානිය අරගන්න: සරලව පරම පියාව හඳුනාගන්න. ඔහු සියලු ජීවාත්මයන්ගේ පියා වේ. ඔහු කියයි: මා ඔබේ පියා වේ. මා පැමිණෙන්නේ කෙසේද කියාත් ඔබට පැහැදිලි කර ඇත. මා හට රථයක් අනිවාරයයෙන්ම අවශ්‍ය වෙයි. මොන රථයද? මා හට මහාත්මා කෙනෙකුගේ රථයක් අර ගැනීම කළ නොහැකියි. මිනිසුන් කියනවා, ඔබ බ්‍රහ්ම දෙවියන් යැයි කියනවා වාගේම බ්‍රහ්මා දේවතාවරයෙක් කියාත් කියනවා කියා. ඕහ්! එහෙත් අප එසේ කියන්නේ නැහැ. මුළු වෘක්‍ෂයම තමෝප්‍රධාන් වෙද්දී වෘක්ෂයේ මුදුනේ සිටගෙන සිටිනවා සේ ඔහුව පෙන්වා තිබෙනවා. එසේ බ්‍රහ්මාව පෙන්වා ඇති නිසා. ඔහුගේ උපත් බොහෝමයක අවසාන උපත මෙය වනු ඇත. බාබාම කියනවා: මාගේ මේ අවසාන උපතෙහි මා විශ්‍රාම වයසට ලඟා වන විට, පරම පියා මාගේ දේහය තුළට ඇතුල් වෙයි. ඔහු ඇවිත් මාගේ සියලු ව්‍යාපාරයන් මා විසින් අත්හරින්නට සැලැස්වූවා. මිනිස්සු වයස 60න් පසු භක්ති කරන්න පටන් ගන්නේ දෙවියන් හමුවීම සඳහායි. පරම පියා කියනවා: ඔබ සියල්ලන්ම පාහේ මනුෂ්‍යයන්ගේ මත පිළිපදිමිනුයි සිටියේ. බාබා දැන් ඔබට ශ්‍රීමත් දෙමින් සිටිනවා. ග්‍රන්ථ ශාස්ත්‍ර පොත් ආදිය ලියුවේ මනුෂ්‍යයන්මයි. දෙවි දේවතාවරු ඒවා ලියන්නේත් නැහැ ඉගෙන ගන්නේත් නැහැ. ස්වර්ණම යුගයේ ග්‍රන්ථයන් නොතිබෙයි; එහි භක්තිය නොතිබෙයි. වේද ශාස්ත්‍ර පොත් තුළ, සියලු භෞතික පිළිවෙත් සඳහන් වේ. මෙහි එවැන්නක් නොතිබේ. ඔබට දකින්න හැකි වනවා. බාබා ඔබට දෙන්නේ ඥානයයි. ඔබ බොහෝ ග්‍රන්ථ භක්ති මාර්ගයේ ඉගෙන ගෙන ඇති. ඔබෙන් යම් කෙනෙක්: " වේද ශාස්ත්‍ර, ග්‍රන්ථ ආදියේ ඔබට විශ්වාසයක් නැද්ද?" කියා ඇසුවොත්. ඒ අයට කියන්න: අප ඒවා වෙන අයටත් වඩා වැඩියෙන් විශ්වාස කරනවා කියා. අපයි මුලින්ම අමිශ්‍ර භක්තිය කිරීමට පටන් ගත්තේ අපට දැන් ඥානය ලැබී ඇත. මුක්තිය ඥානය තුළින් ලැබෙද්දී අප භක්ති කළ යුත්තේ කුමකට ද? පරම පියා කියනවා: දරුවනී. අශුභ දේ නොඅසන්න! අශුභ දේ නොදකින්න! එබැවින්, පරම පියා සරල අන්දමින් පැහැදිලි කරනවා: සුමිහිරි දරුවනී. ඔබ ජීවාත්මයන් යන්න විශ්වාස කරන්න. මම ජීවාත්මයක්මි. ඔවුන් අල්ලාහ් ඔවුන්මැයි කියති. ඔබට තමන් ජීවාත්මයන්, පරම පියාගේ දරුවන් යනුවෙන් සලකන්නට අධ්‍යාපනයක් ලැබී ඇත. මෙය මායා විසින් නැවත නැවත අමතක කරවයි. එය ඔබ ශරීර අවධානයට එන නිසාවෙන් තමයි ඔබ වැරැදි ක්‍රියා කරන්නේ. පරම පියා දැන් කියනවා: දරුවනි, මේ පරම පියාව අමතක නොකරන්න. කාලය නාස්ති නොකරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිර්මාතෘවරයා සහ නිර්මාණය පිළිබඳ වූ රහස් නිරවද්‍යව වටහාගෙන විශ්වසනීය (ආස්ථික්) අය වන්න. නාටක ඥානය ගැන ව්‍යාකූල නොවන්න. ඔබේ බුද්ධිය සියලු සීමිත දේවල් කෙරෙන් ඉවත් කොට අසීමිත දේවල් කෙරෙහි රැගෙන යන්න.

2. සූක්ෂම දේවතාවක් සූක්‍ෂම දනව්වේ වැසියෙකු වීම සඳහා සම්පූර්ණයෙන් පිවිතුරු වන්න. ඔබ ජීවාත්මයන් පුරවාගත් සියලු කුණු කසල ස්මරණයේ බලයෙන් ඉවත් කර පිරිසිඳු වන්න.

වරදානය:
ඔබ ස්ථීර හා ස්ථාවර අවධියක ස්ථාවරව සිට පරමාත්ම දෙවියන්ගේ මිහිරියාව අත්විඳිමින් උසස් ජීවාත්මයක් බවට පත් වේවා.

පරමාත්ම දෙවියන්ගේ මිහිරියාව අත්විඳින දරුවන් ලෝකයේ සියලු රසයන්ගේ කාරුණික බව සොයා ගනු ඇත. එකම එක රසයක් මිහිරි නිසා ඔබේ අවධානය යොමු වන්නේ ඒ ඒකායන රසයට පමණයි නේද? ඔබේ මනස පහසුවෙන්ම ඒ වෙතට යයි; එය කිසිදු උත්සාහයක් නොගනු ඇත. පරමාත්ම පියාගේ සෙනෙහස, පරමාත්ම පියාගේ උපකාරය, පරමාත්ම පියාගේ ඇසුර සහ පරමාත්ම පියාගෙන් ලැබෙන සියලු ලැබීම් නිසා ඔබේ අවධිය ස්ථීර හා ස්ථාවර කිරීමට ඔබට පහසුවෙන්ම හැකි වේ. එවැනි නිත්‍ය සහ ස්ථායී අවධියක ස්ථීරව රැදී සිටින ජීවාත්මයන් පමණක් උසස් වේ.

පාඨය:
ඔබ තුළ සියලුම කසල ගිල්වාගෙන මිණිකැට ලබා දීම යනු මාස්ටර් සාගරයක් වීමයි.