09.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබව භක්තිවන්ත ජීවයන් බවින් දැනුමැති ජීවයන් බවටත්, අපිරිසිඳු බවින්
පිරිසිඳු බවටත් පරිවර්ථනය කිරීම උදෙසා බාබා පැමිණ සිටිනවා.
ප්රශ්නය:
දැනුමැති
දරුවන් තුළ නිරන්තරයෙන් ඇතිවන සිතිවිලි මොනවාද?
පිළිතුර:
මම සදාකාලික ජීවයක්, මේ ශරීරය තාවකාලිකයි. මා ශරීරයන් 84ක් ලබා ගත්තා. මේ අවසාන
උපතයි. ජීවය ලොකු හෝ කුඩා වෙන්නේ නැහැ. ඒ ශරීරයයි ලොකු පොඩි වෙන්නේ. දෙඇස් තියෙන්නේ
ශරීරයටයි නමුත්, මා වන ජීවයටයි දර්ශනය වෙන්නේ. බාබා ජීවයන්ට දැනුම නමැති තෙවැනි ඇස
ලබා දුන්නා. ශරීරයක උපකාරය ලැබෙන තෙක් ඔහුට ඉගැන්විය නොහැකියි. දැනුම ඇති දරුවන්
තුළ නිරන්තරයෙන්ම පවතින්නා වූ සිතිවිලි මේවායි.
ඕම් ශාන්ති.
මේක කියන්නේ
කවුද? ජීවයයි මෙහෙම කියන්නේ. සදාකාලික ජීවය ශරීරය මාර්ගයෙන් මෙහෙම කියනවා. ජීවයත්
ශරීරයත් අතර ඇත්තේ ඉමහත් වෙනසක්. ශරීරය පංච මහාභූතයන්ගෙන් නිම වූ විශාල රූකඩයක්.
ශරීරය කුඩා වුවත් එය ජීවයට වඩා තරමක් විශාලයි. ආරම්භයේදී එය ඉතා කුඩා ලකුණක්. පසුව
වැඩීමේදී එය ටිකෙන් ටික ලොකු වෙනවා. එවිට ඊට ජීවය ඇතුළු වෙනවා. එය නිරන්තරයෙන්
වැඩෙමින් ලොකු වෙනවා. ජීවය සජීවී පැවැත්මක්. ජීවය ඇතුළුවන තෙක් රූකඩයේ ඇති
ප්‍රයෝජනයක් නැහැ. එහි විශාල වෙනසක් තියෙනවා. කතා කරන්නේත් ගමන් කරන්නේත් ජීවයයි.
එය ඉතා කුඩා ලක්ෂ්‍යයක්. එය ලොකු හෝ කුඩා වෙන්නේ නැහැ. එය විනාශයට පත්වෙන්නේ නැහැ.
බාබා, උත්තරීතර ජීවය ඔබට පැහැදිලි කරනවා මම සදාකාලිකයි මේ ශරීරය තාවකාලිකයි. මා මගේ
කොටස රඟපෑමට ඊට ඇතුළු වෙනවා. ඔබ දැන් මේ කරුණු ගැන සිතා බැලිය යුතුයි. ඉස්සර ඔබ
ජීවයන් ගැන හෝ උත්තරීතර ජීවය ගැන දැනගෙන සිටියේ නැහැ. ඔබ නිකම්ම නිකම් ’උත්තරීතර
පියා, උත්තරීතර ජීවය!‘ කියා පමණක් කිව්වා. ඔබ ඔබව ජීවයන් ලෙස අවධාරණය කරගෙන සිටියා,
නමුත් කවුරුහරි කිව්වා ඔබ උත්තරීතර ජීවය වී සිටි බව. ඔබට මෙහෙම කිව්වේ කවුද? එහෙම
කිව්වේ ගුරුන් සහ භක්ති මාර්ගයේ ආගමික ග්‍රන්ථයි. ස්වර්ණමය යුගයේදී කිසි කෙනෙකු ඔබට
මෙහෙම කියන්නේ නැහැ. ඔබ ඔහුගේ දරුවන් වන බව බාබා ඔබට තේරුම් කර දෙනවා. ජීවය
ස්වභාවිකයි, එහෙත් ශරීරය මැටියෙන් සෑදුණු අස්වාභාවික දෙයක්. ජීවය ඒ තුළ සිටින විට
ශරීරය කතා කරනවා, එහෙ මෙහෙ යනවා. දරුවනි, ඔබ දැන් අවබෝධ කර ගන්නවා ජීවයන් වන ඔබේ
පියා දැන් පැමිණ ඔබට පැහැදිලි කරනවා. ශිව බාබා මේ ශරීරය මාර්ගයෙන් ඔබට පැහැදිලි
කරන්නේ සංගම යුගයේදී පමණයි. මේ දෙඇස් ශරීරයේ අංගයන්. බාබා දැන් ඔබට දැනුම නමැති ඇස
ලබා දෙනවා. ජීවය තුළ දැනුම නොතිබෙන කාලයට එයට කියන්නේ අන්ධකාරය නමැති ඇස කියලයි.
බාබා පැමිණි විට ජීවය දැනුම නමැති ඇස ලබනවා. ජීවය තමයි හැම දේම කරන්නේ ජීවය ශරීරය
මාර්ගයෙන් ක්‍රියා සිදු කරනවා. ඔබ දැන් අවබෝධ කර ගන්නවා බාබා මේ ශරීරය යොදා ගන්නා
බව. ඔහු ඔහුගේ යථාර්තය පැහැදිලි කරනවා වගේම ලෝකයේ මුල, මැද සහ අග පිළිබඳ යථාර්තයත්
පැහැදිලි කරනවා. ඔහු සම්පූර්ණ ක්රීඩාවෙහිම දැනුම දෙනවා. ඉස්සර ඔබ මොනවත්ම දන්නේ
නැහැ. ඔව් මෙය අනිවාර්යෙන්ම ක්‍රීඩාවක්. ලෝක චක්‍රය නොනවත්වා කරකැවෙනවා. නමුත්
කිසිවෙකු දන්නේ නැහැ එය කරකැවෙන්නේ කොහොමද කියලා. ඔබ දැන් නිර්මාපකයා සහ නිර්මාණයේ
මුල, මැද සහ අග පිළිබඳ දැනුම ලබනවා. හැම දේම භක්තිය. බාබා පමණයි පැමිණ ඔබව දැනුමැති
ජීවයන් කරවනුයේ. ඉස්සර ඔබ භක්තිවන්ත ජීවයන්. ජීවයන් වන ඔබ භක්ති කළා. දැන් ජිවයන්
වන ඔබ දැනුමට සවන් දෙනවා. භක්තියට කියන්නේ අන්ධකාරය කියලා. භක්තිය මාර්ගයෙන්
දෙවියන් මුණගැසුණා කියලා ඔබට කියන්න බැහැ. බාබා පැහැදිලි කරනවා භක්තියටත් දැනුමටත්
වෙන වෙනම කොටසක් තියෙනවා. ඔබ අවබෝධ කරගෙන සිටිනවා ඔබ භක්ති සිදු කරන විට එහි සතුටක්
නැහැ. භක්ති කරමින් ඔබ දෙවියන් සොයමින් අඳුරේ අතපතගාමින් ඉබාගාතේ ඇවිද්දා. ඔබ
වටහාගත්තා දෙවියන් දිනාගැනීම උදෙසා යාගහෝම, පුද පූජා, දානමාන සහ පුණ්‍ය ක්‍රියාවන්
අඳුරේ ඔබව ගෙන යමින් ඔබේ බලාපොරොත්තු සුන් කළා. ඔබ නිරන්තරයෙන් පහළට පැමිණි නිසා ඔබ
තමෝප්‍රධාන් වුණා. මිත්යාසහගත ක්‍රියා සිදු කිරීම යනු කැත වීමකි. ඔබ අපිරිසිඳු
බවටත් පත්වුණා. පිරිසිඳු වීම උදෙසා ඔබ භක්ති කළා නොවෙයි. දෙවියන් මඟින් පිරිසිඳු
නොවීමෙන් ඔබට පිරිසිඳු ලෝකයට යා නොහැකියි. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ ඔබ පිරිසිඳු
වන තෙක් ඔබට දෙවියන් මුණගැසෙන්න බැහැ කියලා. මිනිස්සු පැමිණ ඔවුන්ව පිරිසිඳුකරවන
ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අපිරිසිඳු අයයි පිරිසිඳු වීම උදෙසා දෙවියන්
හමුවන්නේ. පිරිසිඳු අයව මුණගැසෙන්න දෙවියන් යන්නේ නැහැ. ස්වර්ණමය යුගයේදී ලක්ෂ්මී
හා නාරායන්ව දෙවියන් මුණගැසෙන්නේ නැහැ. දෙවියන් පැමිණ අපිරිසිඳු ඔබව පිරිසිඳු කරනවා
පසුව ඔබ ඔබේ ශරීර අතහැර යනවා. පිරිසිඳු අයට මේ අපිරිසිඳු තමෝප්‍රධාන් ලෝකයේ ඉන්න
බැහැ. බාබා ඔබව පිරිසිඳු කර පසුව අතුරුදන් වෙනවා. නාටකයේ ඔහුගේ කොටස පුදුමසහගතයි.
ජීවයන් දෘෂ්‍යමාන නැහැ. කාටහරි ජීවයන් දර්ශනය වුවත් ඔහුට එය තේරුම් ගන්න බැහැ. ඔබ
හැම කෙනෙක් ගැනම අවබෝධ කර ගන්නවා. ඔබ තේරුම් ගන්නවා මෙයා මේ වගේ සහ අරය ඒ වගේ කියලා
ඔබ ඔවුන්ව සිහි කරනවා. මිනිස්සු කාගෙහරි සජීවී ස්වභාවයෙන් දර්ශන දකින්න ආසයි.
නමුත්, එහි ඇති ප්‍රයෝජනයක් නැහැ. අච්චා, ඔබ ඔවුන්ව සජීවී ලෙසම දුටුවත් එහි ඇති ඵලය
කුමක්ද? ඔබ දර්ශනයක් දැක්කත් ඒ දර්ශනය නැවතත් අන්තරස්ධාන වෙලා යනවා සතුට සඳහා වූ
ඔබේ ආශාව ඉතා කෙටි කලකට සංසිඳෙනවා. එය තාවකාලික, ඒ මොහොතට පමණක් සීමා වූ සතුටක්.
දර්ශන දැකීමට ඔබ තුළ වූ ආශාව සම්පූර්ණ වුණා, එච්චරයි! මෙහි ප්‍රධානතම දෙය අපිරිසිඳු
අයව පිරිසිඳු බවට පරිවර්ථනය කිරීමයි. ඔබ පිරිසිඳු වුවහොත් ඔබ දේවතාවකු වී
දිව්‍යලෝකයට යනවා. ආගමික ග්රන්ථ වල ලියනවා කල්ප වකවානුව අවුරුදු සියදහස් ගණනක්
වෙනවා කියලා. ඔවුන් හිතනවා යකඩ යුගයේ තවත් අවුරුදු 40,000ක් ඉතිරිව තියෙනව කියලා.
බාබා පැහැදිලි කරනවා මුළු චක්‍රයම තියෙන්නේ අවුරුදු 5000යි ඉතින් එහෙම බලනකොට
මිනිස්සු ඉන්නේ අන්ධකාරයේ. ඒක තමයි ඝණ අන්ධකාරය කියන්නේ. ඔවුන්ට කිසිම දැනුමක්
නැහැ. ඒ සේරම භක්තියයි. රාවන් සිටිනතාක් කල් භක්තියත් ඔහු සමඟම ඉන්නවා. බාබා පැමිණි
විට, ඔහු ඔහුත් සමඟම දැනුම රැගෙන එනවා. දැනුම නමැති උරුමය බාබාගෙන් එක් මොහොතක
ලැබුවායින් පසුව නැවත නැවතත් ඔබට එය ලබන්න බැහැ. එහෙ කිසි කෙනෙකුට ඔබ දැනුම දෙන්න
අවශ්‍ය නැහැ. දැනුම ලබන්නේ අන්ධකාරයේ සිටින අයයි. කිසිකෙනෙකු බාබාව දන්නේ නැහැ.
බාබාව අගෞරවයට ලක් නොකර ඔවුන් කිසිවක්ම කියන්නේ නැහැ. දරුවනි, ඔබ දැන් මෙයත් අවබෝධ
කරගත යුතුයි. ඔබ කියනවා දෙවියන් හැම තැනම නැහැ. ඔහු සෑම ජීවයකගේ පියායි. එවිට ඔවුන්
කියනවා නැහැ, දෙවියො මුතු කැට ගල් කැට වල පවා ඉන්නවා කියලා. දරුවනි, ඔබ පැහැදිලිවම
තේරුම් ගත්තා භක්තිය දැනුමෙන් සම්පූර්ණයෙන්ම දුරස්ථ බව. ඒ තුළ අංශු මාත්‍රයකවත්
දැනුමක් නැහැ. කාලය පවා වෙනස් වෙනවා. දෙවියන්ගේ නම වෙනසකට පත්වෙනවා. එවිට
මිනිසුන්ගේ නමුත් වෙනස් වෙනවා. ආරම්භයේදී ඔවුන් හැඳින්වූයේ දේවතාවන් කියලා, පසුව
ක්ෂත්රියන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයින් ලෙස නම් වුණා. එකල සිටි මනුෂ්‍යන්ට දිව්‍යමය
ගුණධර්ම තිබුණා කෙසේවෙතත්, මේ මනුෂ්‍යයින්ට තියෙන්නේ යක්ෂ ගති ලක්ෂණයි ඔවුන්
සම්පූර්ණයෙන්ම අපිරිසිඳුයි. ගුරුනානක් කියල තියෙනවා බොහෝ මිනිස්සු අධර්මිෂ්ඨව
උපයමින් ජීවත් වන බව. කවුරුහරි මෙහෙම කිව්වොත් මිනිස්සු කියන්න පටන් ගන්නවා ඔහු
අවමන් කරනවා කියලා. නමුත් බාබා කියනවා මේ සේරම අයත් වෙන්නේ යක්ෂ සමාජයටයි. ඔහු
පැහැදිලිවම ඔබට තේරුම් කර දෙනවා මේ රාවන් රාජ්‍යය සහ අනෙක රාම රාජ්‍යය කියලා.
ගාන්ධිජී පවා කියල තියෙනවා ඔහු කැමතියි රාම රාජ්‍යය පිහිටුවන්න කියලා. ඔහු තමන්
අපිරිසිඳුයි කියල හිතුවෙ නැහැ. දැන් බලන්න රාවන් රාජ්‍යය මොන වගේද කියලා. රාවන්
රාජ්‍යයේ හැමෝම දූෂිතයි රාම රාජ්‍යයේ හැම කෙනෙක්ම පාපයෙන් තොරයි. මේ රාජ්‍යයට
කියන්නේ මඩම, ගැඹුරු අපාය කියලා. මේ කාලයේදී මනුෂ්‍යයෝ ඉන්නේ පාප ගංගාවක.
මනුෂ්‍යයින් සහ සතුන් සේරම එක වගේ. මනුෂ්‍යයින්ගේ ගුණ ප්‍රශංසා කරන්නේ නැහැ.
දරුවනි, ඔබ තමයි පාපයන් පහ ජය ගැනීමෙන් දේවතා තත්ත්වයක් ලැබ මනුෂ්‍යයින්ගෙන්
දේවත්වයට පත්වෙන්නේ. හැම දේම ඉවරයි. දේවතාවන් ඉන්නේ ස්වර්ණමය යුගයේ. යක්ෂයින් දැන්
ඉන්නේ කලි යුගයේ. යක්ෂයින්ගේ සළකුණ කුමක්ද? පාපයන් පහ. දේවතාවන් සම්පූර්ණයෙන්ම
පාපයෙන් තොරයි යක්ෂයින් සම්පූර්ණයෙන්ම දූෂිතයි. ඒ දේවතාවන් කලා 16න් සම්පූර්ණයි.
එහෙත් මෙහෙ කිසිම කලාවක් නැහැ. හැමෝගෙම කලාවන් සහ ශරීරයත් විනාශය කරා ගිහින්.
දරුවනි, බාබා පැමිණ ඔබට පැහැදිලි කරනවා ඔහු පැමිණියේ පැරණි දූෂිත ලොව වෙනස් කිරීමට
බව. ඔහු රාවන් රාජ්‍යය, මඩම ශිව කෝවිලක් බවට වෙනස් කරනවා. මෙහෙ ත්‍රිමූර්ති නිවස,
ත්‍රිමූර්ති මාවත ලෙස නම් කෙරෙනවා. ඉස්සර මේ වගේ නම් තිබුණේ නැහැ. දැන් ඔවුන්
පාවිච්චි කරන්නේ මොන නම්ද? මේ මුළු ලෝකයම අයිති කර ගන්නේ කවුද? එය අයත්වන්නේ
උත්තරීතර ජීවයටයි. දෙවියන්ගේ ලෝකය චක්‍ර භාගයක් පිරිසිඳුයි අනෙක් භාගය අපිරිසිඳුයි.
බාබා තමයි නිර්මාපකයා. ඉතින් එතකොට මේ තියෙන්නේ ඔහුගේ ලෝකයයි. බාබා කියනවා මම
පාලකයායි, සජීවී බීජයයි, දැනුම් සාගරයයි. මට සියලුම දැනුම තියෙනවා. වෙන කිසි
කෙනෙකුට මේ දැනුම නැහැ. ලෝක චක්‍රයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම ඇත්තේ බාබාට
පමණයි. අනෙක් සේරම බොරු කථා. ප්‍රධානම බොරු කථාව තමයි ඉතාමත් නරකම එක, ඉතින් ඒ නිසා
තමයි බාබා පැමිණිලි කරන්නේ ඔබ හිතනවා මම මුතු කැට සහ ගල් කැට වලත් පූසන්ගේ
බල්ලන්ගේත් ඉන්නවා කියලා! බලන්න කොතරම් නම් නරක තත්ත්වයකට ඔබ පත්වෙලාද කියලා! නව
ලෝකයේ මනුෂ්‍යයින් සහ පැරණි ලෝකයේ මනුෂ්‍යයින් අතර වෙනස හරියට දිවා රෑ වගේ. කල්ප
භාගයක්ම අපිරිසිඳු මනුෂ්‍යයෝ පිරිසිඳු දේවතාවන් ඉදිරියේ හිස නැමුවා. ආරම්භයේදී ශිව
බාබාට වන්දනා කිරීම මෙහිදී පැහැදිලි කර දී තිබෙනවා. ශිව බාබා තමයි ඔබව වන්දනාකරුවන්
බවින් වන්දනීයත්වයට සුදුසු අය බවට පත් කරවන්නේ. රාවන් ඔබව වන්දනීයත්වයට සුදුසු
තත්ත්වයේ සිට වැඳුම් කරන්නන් බවට පත් කරවනවා. පසුව නාටකයට අනුව, බාබා ඔබව
වන්දනීයත්වයට සුදුසු කරවනවා. රාවන්, ආදී නම් මේ අතර තිබෙනවා. ඔවුන් රාවන්ගේ පඹයා
හදනකොට පිට පළාත් වලින් ගොඩක් මිනිසුන්ට ආරාධනා කරනවා නමුත් ඔවුන් එහි නියම යථාර්තය
වටහාගෙන නැහැ. ඔවුන් දේවතාවන් බොහෝ සෙයින් අගෞරවයට ලක් කරනවා නමුත් එය එහෙම නොවෙයි.
ඔවුන් කියනවා දෙවියන් නම සහ ස්වරූපය අභිබවා ගිය බවක්, නමුත් ඉන් අදහස් කෙරෙන්නේ ඔහු
නොපවතින කෙනෙකු බවයි. ඒ වගේම ඔවුන් හදන සිද්ධස්ථානයන් එම අදහසට එකඟ නැහැ. ඒ තමයි
මනුෂ්‍ය බුද්ධිය! මනුෂ්‍ය අණ තමයි යක්ෂ අණ. රජ, රැජිණ සහ පුරවැසියන් හැම කෙනාම එක
වගේ වෙනවා. මේ යක්ෂ ලෝකයයි. හැම කෙනෙක්ම එකිනෙකා අපහාසයට ලක් කරනවා. ඉතින් බාබා
පැහැදිලි කරනවා දරුවනි, ඔබ මෙහි හිඳගෙන සිටින විට, ඔබ ජීවයක් බව අවධාරණය කරගෙන බාබා
සිහි කරන්න. ඔබ අන්ධකාරයේ සිටින විට, ඔබ කිව්වා දෙවියන් ඉන්නේ උඩ ඉහළ බව. ඔබ දැන්
අවබෝධ කරගන්නවා බාබා පහළට මෙතැනට පැමිණ ඇති බව. එමනිසා, ඔබ දැන් තේරුම් ගන්නවා ඔහු
ඉහළ නොමැති බව. ඔබ බාබාට මෙහෙට මේ ශරීරයට එන්න කියලා කතා කළා. ඔබ ඔබේ මධ්‍යස්ථාන වල
ඉන්න විටත් තේරුම් ගන්න බාබා ඉන්නේ මධුබන් වල, මෙයාගේ ශරීරයේ කියලා. භක්ති මාර්ගයේ
ඔබ හිතුවා දෙවියන් ඉන්නේ උඩ ඉහළ කියලා. ඔබ, අහෝ දෙවියනි! කියල කතා කළා. දැන් ඔබ
බාබා සිහි කරන්නේ කොහෙදීද? ඔබ ඉඳගෙන කරන්නේ මොනවාද ? ඔබ තේරුම්ගෙන සිටිනවා බාබා
ඉන්නේ බ්‍රහ්මාගේ ශරීරයේ කියලා ඉතින්, ඔබ අනිවාර්යෙන්ම ඔහුව සිහිකළ යුත්තේ
මෙහිදීයි. ඔහු ඉහළ නැහැ. ඔහු මේ මංගල්‍ය සංගම යුගයේදී මෙහෙ එනවා. බාබා කියනවා මා
මෙහි පැමිණියේ ඔබව ඉතාමත් දිව්‍යමය තත්ත්වයට පත් කරවීමටයි. දරුවන් වන ඔබ ඔහුව
මෙහිදී සිහිකරනවා. භක්තිවන්තයින් ඔහුව සිහි කරන්නේ උඩ ඉහළ සිටින ලෙසින්. ඔබ විදේශ
රටක සිටියදීත් ඔබ කියන්නේ ශිව බාබා ඉන්නේ බ්‍රහ්මාගේ ශරීරයේ කියලයි. අනිවාර්යෙන්ම
ශරීරයක් අවශ්‍යයි. ඔබ කොහි සිටියත් ඔහුව සිහිකළ යුත්තේ මෙහිදී. ඔබ ඔහු සිහිකළ
යුත්තේ බ්‍රහ්මාගේ ශරීරයේදීයි. සමහර මිනිස්සුන්ට බ්‍රහ්මාව විශ්වාස කිරීමට තරම්
ඥානයක් නැහැ. බ්රහ්මා සිහිකරන්න එපා කියලා බාබා ඔබට කියන්නේ නැහැ. බ්රහ්මා සිහි
නොකර ශිව බාබා සිහිකරන්නේ කොහොමද? බාබා කියනවා මම ඉන්නේ මේ ශරීරයේ. ඔබ මා සිහිකළ
යුත්තේ මොහු තුළයි. එමනිසයි ඔබ බාප් සහ දාදා දෙදෙනාම සිහිකරන්නේ. ඔබේ බුද්ධියේ
දැනුම තියෙනවා බාබාට, ඔහුටම වෙන් වූ වෙනමම ජීවයක් තියෙන බව. ඔහුටම කියා ශරීරයක්
නැහැ. බාබා කියනවා මා මහාභූතයන්ගේ උදව් ගන්නවා. බාබා බ්රහ්මාණ්ඩය සහ ලෝකයේ මුල,
මැද සහ අග පිළිබඳ යථාර්තය තේරුම් කර දෙනවා. කිසි කෙනෙකු බ්රහ්මාණ්ඩය, බ්‍රහ්ම ලෝකය
වන ඔබ සහ මා වාසය කරන ස්ථානය ගැන දන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකය, සාම දනව්ව තමයි
උත්තරීතර පියා සහ උත්තරීතර නොවන ජීවයන් වාසය කරන තැන. සාම දනව්ව යන්න ඉතා සුමිහිරි
නමක්. මේ සේරම ඔබේ බුද්ධියේ තිබෙනවා. මූලික වශයෙන් ඔබ උසස් බ්‍රහ්ම ලෝකයේ වැසියෝ.
එයට කියන්නේ නිර්වාණ ලෝකය, ශබ්දය අභිබවා ගිය ස්ථානය කියලයි. මේ සේරම කරුණු ඔබේ
බුද්ධියේ තියෙනවා. භක්තිය තිබෙන විට දැනුම සම්බන්ධ වචනයක්වත් කියැවෙන්නේ නැහැ. මේ
පරිවර්ථනයක් සිදුවන මංගල්‍ය වූ සංගම යුගයයි. යක්ෂයින් පැරණි ලෝකයේත් දේවතාවන් නව
ලෝකයේත් වාසය කරනවා. එමනිසා, ඔවුන්ව වෙනස් කිරීමට බාබා පැමිණිය යුතුයි. ඔබ ස්වර්ණමය
යුගයේ කිසිම දෙයක් දන්නේ නැහැ ඔබ තවම ඉන්නේ කලි යුගයේ ඉතින්, ඔබ තවම දන්නේ නැහැ. ඔබ
නව ලෝකයේ සිටින විට මේ පැරණි ලෝකය ගැන කිසිවක්ම ඔබ දන්නේ නැහැ. ඔබ දැන් ඉන්නේ පැරණි
ලෝකයේ. ඔබට නව ලෝකය ගැන කිසිම දැනුමක් නැහැ. නව ලෝකය පැවතුනේ කවදාද කියල මිනිස්සු
දන්නේ නැහැ. ඔවුන් අවුරුදු සිය දහස් ගණනක් ගැන කියනවා. ඔබ දන්නවා බාබා එන්නේ සෑම
කල්පයකදීම සංගම යුගයේදීයි. ඔහු පැමිණ විවිධත්වයේ වෘක්ෂය ගැන පහදා දෙනවා. ඔහු ඔබට
පහදා දෙනවා මේ චක්‍රය කරකැවෙන්නේ කොහොමද කියලා. ඔබේ රාජකාරිය මෙය අනෙක් අයට
පැහැදිලි කර දීමයි. සෑම කෙනෙක්ටම පෞද්ගලිකවම පැහැදිලි කර දීමට කාලය ගතවෙනවා. මේ
නිසයි ඔබ බොහෝ දෙනෙකුට එකට පැහැදිලි කරන්නේ. බොහෝ අය පැමිණ අවබෝධ කර ගන්නවා. මේ
මිහිරි කරුණු ඔබ බොහෝ දෙනෙකුට පැහැදිලි කළ යුතුයි. ප්‍රදර්ශන වලදී පැහැදිලි කිරීම්
කළ යුතුයි. ශිව ජයන්ති කාලයට ඔබ බොහෝ දෙනෙකුට ආරාධනා කර ඔවුන්ට පැහැදිලිව තේරුම් කර
දෙන්න. මේ නාටකයේ වකවානුව ඔබට ඉතා නිවැරදිවම ඔවුන්ට කිව හැකියි. මේ ඔබට පැහැදිලි කළ
හැකි මාතෘකාවක්. බාබා ඔබට මේ දැනුම පැහැදිලි කර දෙනවා. ඉන් ඔබ දේවත්වයට පත්වෙනවා.
ඔබ අවබෝධ කරගෙන දේවත්වයට පත්වන්නාක් සේ අන් අයටත් ඒ තත්ත්වයටම පත්වීමට ඔබ අන්‍යයන්ව
දිරිමත් කළ යුතුයි. බාබා ඔබට මෙය පැහැදිලි කර දෙනවා. ඔබ කිසිවකු අපහාසයට ලක්කරන්නේ
නැහැ. සරළ ලෙස ඔබ කියනවා දැනුම ගැළවීම උදෙසා මාර්ගයයි කියලා. එකම එක සත්ගුරු පමණයි
හැම කෙනෙකුම ඈත දනව්වට ගෙන යන්නේ. මෙවන් ප්‍රධාන කරුණු වෙත අවධානය යොමුකර ඔවුන්ට
පැහැදිලි කර දෙන්න. බාබා හැර වෙන කිසිවෙකුට මේ සියලුම දැනුම දිය නොහැකියි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. වැඳුම්
කරන්නන් බවින් වන්දනීයත්වයට සුදුසු වීම සඳහා සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වන්න.
දැනුමෙන් පරිපූර්ණ වී ඔබව පරිවර්ථනය කරගන්න. ඔබ තාවකාලික සතුට පසුපස හඹා නොයන්න.
2. ඔබ බාප් සහ දාදා
දෙදෙනාම සිහිකළ යුතුයි. බ්රහ්මා සිහි නොකර ඔබට ශිව බාබා සිහිකළ නොහැකියි. භක්ති
මාර්ගයේ ඔබ ඔහුව ඉහළින් සිහිකළා. දැන් ඔහු බ්‍රහ්මාගේ ශරීරයට ඇවිත්. ඔබ ඒ දෙදෙනාම
සිහිකළ යුතුයි.
වරදානය:
සෑම
ක්‍රියාවකින්ම ජයග්‍රහණයක් ලැබීමේ දැඩි ශ්‍රද්ධා විශ්වාසය හා කුල්මත්භාවය බවින් ඔබට
සියලු හිමිකම් ලැබේවා.
"ජයග්‍රහණය අපේ ජන්ම
අයිතියයි." මෙම දැනුවත්භාවය තුළ නිරන්තරයෙන් පියාසර කරන්න. කුමක් සිදු වුවද, මෙය
ඔබේ දැනුවත්භාවයට ගෙන එන්න: "මම නිරන්තරයෙන් ජයග්‍රාහී වෙමි." කුමක් සිදු වුවද, මෙම
ශ්‍රද්ධාව ස්ථිර වේවා. කුල්මත් වීමේ පදනම ශ්රද්ධාවයි. ශ්‍රද්ධාව අඩු නම්
කුල්මත්භාවය අඩුවේ. “ශ්‍රද්ධාව විශ්වාසය ඇත්තෝ ජයග්‍රහණය කරති”යි කියන්නේ එබැවිනි.
සමහර අවස්ථා වලදී පමණක් ශ්‍රද්ධාව ඇති අයෙකු නොවන්න. පරමාත්ම පියා විනාශ නොවන
බැවින් ඔබට නොනැසී පවතින ජයග්‍රහණ සඳහා අයිතියක් ඇත. ඔබගේ සෑම ක්‍රියාවකදීම ජය
ලැබීමේ ශ්‍රද්ධා විශ්වාසයක් සහ කුල්මත්භාවය ඇති වේවා.
පාඨය:
පරමාත්ම
පියාගේ සෙනෙහසේ වියන යට රැඳී සිටින්න, කිසිම බාධාවකට එහි රැඳී සිටීමට නොහැකි වනු
ඇත.