09.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, විනාශය සිදු වීමට පෙරාතුව ඔබ අනිවාර්යෙන්ම පියාගේ හැඳින්වීම සියල්ලන් හටම
ලබාදිය යුතුයි. ඔබ විසින් මෙම දැනුම හොඳින් ධාරණය කර අන් අයටත් ලබාදිය යුතුයි. ඔබට
උසස් තත්ත්වයක් ලබා ගත හැකි වන්නේ එවිට පමණයි.
ප්රශ්නය:
රාජයෝගී
ශිෂ්‍යයන් වන ඔබ හට බාබා විසින් ලැබෙන උපදෙස් මොනවාද?
පිළිතුර:
රාජයෝගී දරුවන් දැන් අයත් වන්නේ ඒ එකම පියා හට පමණයි. එමනිසා, ඔබ වෙන කිසිම කෙනෙක්
වෙත ඔබගේ හදවත ඇදී යාමට ඉඩ නොදිය යුතුයි. පාරිශුද්ධත්වයට පත්වෙනවා කියා පොරොන්දු වූ
පසු ඔබ කිසිවිටෙකත් අපිරිසිදු නොවිය යුතුයි. ඔබ නිරායාසයෙන්ම ඔබගේ ගුරුවරයා ද වන
පියා සමඟ ස්මරණය තබා ගන්නවා. ඒ එකම පියා හට පමණක් සෙනෙහස දක්වන්න. ඔහු පමණක් ස්මරණය
කරන්න. එවිට ඔහුගෙන් විශාල බලයක් ලබා ගැනීමට ඔබට හැකි වෙනවා.
ඕම් ශාන්ති.
ඒ ආධ්‍යාත්මික
පියා මෙහි අසුන් ගෙන ඔබට විස්තර කර දෙනවා. ඔහුට මේවා විස්තර කළ හැක්කේ මෙම ශරීරය
තුළ සිටින තාක් කල් පමණයි. ඔහු පෞද්ගලිකව පැමිණ ඔබට මෙය විස්තර කර දිය යුතුයි. ඔහු
විසින් විස්තර කර දෙන සියලු දේ පසුව මුද්‍රණය කර සෑම තැනකම බෙදා හරිනවා. ඔබ මෙහි
පැමිණෙන්නේ බාබා හට පෞද්ගලිකව සවන්දීමටයි. ඒ අසීමිත පියා ජීවාත්මයන් වන ඔබ හට කතා
කරනවා. ඔබගේ ජීවාත්මය තමයි එයට සවන් දෙන්නේ. ජීවාත්මය තමයි එහි ශරීරය යොදාගෙන සියලු
දේ සිදුකරන්නේ. එමනිසා, ඔබ සියලු දෙනා ප්‍රථමයෙන් ඔබ ජීවාත්මයක් බව සැළකිය යුතුයි.
ජීවාත්මයන් ඒ උත්තරිතර ජීවාත්මයෙන් වෙන් වී බොහෝ කල් සිටි බව මෙහිදී සිහිපත් වෙනවා.
තම චරිත කොටස රඟපෑම උදෙසා පියාගෙන් ප්‍රථමයෙන්ම වෙන් වුයේ කවුද ? ඔබගෙන් මෙසේ අසන
විට, ඔබ කෙතරම් කාලයක් තුළ පියාගෙන් වෙන්ව සිටියාද ? ඔබ පිළිතුරු දෙන්නේ අවුරුදු
5000ක් කියායි. ඒ ගිණුම නිවැරදියි. දරුවන් දන්නවා ඔබ අනුපිළිවෙලක් ඇතිව මෙහි
පැමිණියේ කෙසේද කියා. බාබා ඒ ඈත දනව්වේ සිටි තැනැත්තා දැන් ඔබ සෑම කෙනෙකුගේම බැටරිය
නැවතත් ජනිත කර ලීමෙහිලා මෙහි පැමිණ සිටිනවා. ඔබ දැන් ඒ පියා සිහිපත් කළ යුතුයි.
ඔහු දැන් ඔබ ඉදිරියෙහි පෞද්ගලිකව පෙනී සිටිනවා. තවමත් භක්ති මාර්ගයේ සිටින අය ඔහුගේ
වෘත්තීය කුමක්දැයි දන්නේ නැහැ. ඔවුන් ඔහුගේ නාමය, ස්වරූපය, ස්ථානය හෝ වේලාව ගැන
කිසිවක් දන්නේ නැහැ. කොහොමනමුත්, ඔබ දැන් ඔහුගේ නම, ස්වරූපය, ස්ථානය හා වේලාව ආදිය
සියලු දේ දන්නවා. ඔබ දන්නවා බාබා දැන් ඔබට සෑම රහසක්ම මෙම වාහනය නැතහොත් මෙම උපකරණය
මඟින් හෙළි කර දෙනවා කියා. ඔබ දැන් මෙහි නිර්මාපකයා ගැනත් ඔහුගේ නිර්මාණයෙහි මුළත්
මැදත් අගත් පිළිබඳ වු සියලු රහස් ගැනත් දන්නවා. එය ඉතා සුක්ෂමයි. මෙම මනුෂ්‍ය
වෘක්ෂයෙහි බීජය බාබායි. ඔහු අනිවාර්යෙන්ම මෙහි එනවා. ඒ නව ලෝකය තැනීම ඔහුගේ
කාර්යයයි. ඔහු ඈත දනව්වේ සිටියදීම එය සිදු කරන්නේ නැහැ. දරුවන් දන්නවා බාබා මෙම
වාහනය තුළ හිඳගෙන කෙලින්ම මෙය විස්තර කර දෙනවා කියා. මෙයත් බාබාගේ සෙනෙහසයි. වෙන
කිසිම කෙනෙක් ඔහුගේ ජීවිත කතාව කුමක්දැයි දන්නේ නැහැ. ගීතාව තමයි ඒ ආදී සනාතන දේවී
දේවතා ධර්මයෙහි ග්‍රන්ථය වන්නේ. ඔබ දන්නවා මෙහි සියලු ඥාන කරුණු ඔබ විසින් ලබා ගත්
පසු විනාශය සිදුවෙනවා කියා. විනාශය අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. අනෙක් සියලු
ආගමික නායකයන් මෙහි පැමිණෙන කාලය තුළදි විනාශය සිදුවන්නේ නැහැ. මෙය තමයි විනාශය
සිදුවන්නා වු කාලය. මේ නිසා තමයි ඔබට දෙන මේ දැනුම පසුව අතුරුදන් වී යන්නේ.
දරුවන්ගේ බුද්ධිය තුළ මේ සියලු දැනුම අන්තර්ගත වෙනවා. ඔබ දැන් මෙහි නිර්මාණය ගැනත්
එහි නිර්මාපකයා ගැනත් දන්නවා. ඒ දෙකම සදාකාලික වන අතර සැමදා පවතිනවා. බාබාගේ කොටස
තමයි මෙම සංගම් යුගයෙහිදී මෙහි පැමිණීම. කල්ප භාගයක් තිස්සේ භක්තිය තිබුණා වුවත්
දැනුම එසේ නැහැ. මෙම දැනුම අධ්‍යනය කිරීමෙන් ඔබ ලබන උරුමය කල්ප භාගයක් තිස්සේ
පවතිනවා. නමුත් මෙම දැනුම ඔබ ලබා ගන්නේ එක් වතාවක් පමණයි. ඒ මෙම සංගම් යුගයෙහිදීයි.
මේ ආකාරයේ පන්තියක් ඔබ හට පැවැත් විය හැක්කේ මේ එකම යුගයේදී පමණයි. ඔබ ඉතා හොඳින්
මේ සියලු කරුණු තේරුම්ගෙන අන් අය හටත් විස්තර කර දිය යුතුයි. ඔබ විසින් ලබන තත්ත්වය
තීරණය වන්නේ ඔබගේ සේවය අනුවයි. ඔබ දන්නවා ඒ ලෝකය කරා යාමට නම් ඔබ විසින් උත්සාහ
දැරිය යුතුයි කියා. ඔබගේ තත්ත්වය තීරණය වන්නේ ඔබ විසින් කෙතරම් දුරට මෙය ධාරණය කර
ගන්නවාද, කෙතරම් දුරට අන් අය හටත් එය විස්තර කර දෙනවාද යන්න මතයි. විනාශය සිදු වීමට
පෙර ඔබ විසින් සියලු දෙනා හට බාබාගේ හැඳින්වීම ලබාදිය යුතුයි. මෙම නිර්මාණයෙහි මුල,
මැද හා අග පිළිබඳ හැඳින්වීම දිය යුතුයි. ඔබ විසින් ඒ පියා සිහිපත් කළ යුතුයි. එවිට
උපත් ගණනක පාපයන් කපා හැරීමට ඔබට හැකි වෙනවා. ඔහු විසින් ඔබට උගන්වන තුරු ඔබ
අනිවාර්යෙන්ම ඔහුව සිහිපත් කළ යුතුයි. ඔබ හට උගන්වන කෙනෙකුන් සමඟ ඔබ සම්බන්ධය
පවත්වා ගන්නවා. ගුරුවරයෙක් විසින් ඔබට උගන්වනවා. එමනිසා, ඔහුත් සමඟ සම්බන්ධතාවය තබා
ගන්නවා. ඔබ හට උගන්වන තැනැත්තා සමඟ කිසිම සම්බන්ධයක් නැතිව ඔහු විසින් උගන්වන දෙය
ඔබ ඉගෙන ගන්නේ කෙසේද? යෝගා යනු ඔබ හට උගන්වන තැනැත්තා සමඟ සම්බන්ධතාවය පවත්වා
ගැනීමයි. මොහු ඔබගේ පියා, ගුරුවරයා ඒ වගේම සත් ගුරුවරයා ද වෙනවා. ඔබ අනිවාර්යෙන්ම
මේ තුන් ස්වරූපයෙන්ම ඔහුව නිවැරදිව සිහිපත් කළ යුතුයි. ඔබට මෙම සත්ගුරු හමුවන්නේ
එකම අවස්ථාවකදී පමණයි. දැනුම මඟින් ඔබ ගැලවීම ලබා ගත් පසු ගුරූන්ව තබා ගැනීමේ
ක්‍රමය නවතිනවා. පියෙකු හා ගුරුවරයෙකු තබා ගැනීමේ ක්‍රමය ඒ ආකාරයෙන්ම සිදුවනවා.
මන්ද, ඔබ එවිට ගැලවීම ලබා සිටිනවා. ඔබ ඔබගේ ශබ්දයෙන් තොර දේශය වෙත (නිර්වාණය වෙත)
යනවා. පසුව ඔබගේ කාලය පැමිණි කළ එය රඟපෑම උදෙසා නැවතත් මෙහි පැමිණෙනවා. ඔබ විසින්
විමුක්තියත් ජීවන මුක්තියත් දෙකම ලබා ගන්නවා. ඔබ ඔබ නිවසෙහි සිටින සුළු කාලය තුළ
අනිවාර්යෙන්ම විමුක්තිය ලබනවා. මෙහිදී ඔබ අනිවාර්යෙන්ම ශරීරයක් යොදාගෙන ඔබගේ චරිත
කොටස රඟ පෑ යුතුයි. අවසානයේදී සෑම කෙනෙක්ම මෙහි පැමිණෙනවා. නාට්‍යය අවසන් වුණු කළ
සෑම නළුවෙකුම වේදිකාව මතට එනවා. මේ කාලයේදී සෑම නළුවෙකුම වේදිකාව තුළ රොක් වීමට එන
නිසා එහි විශාල කලබලයක් ඇති වෙනවා. නමුත් සත් යුගයේදි මේ කිසිම කලබලයක් නැහැ. දැන්
මෙහි පිරී තිබෙන්නේ අසමගියයි. බාබා හට මේ ලෝක චක්‍රයෙහි සියලු දැනුම තිබෙන අතර
දරුවන් වන ඔබටත් එම දැනුම තිබෙනවා. මෙම වෘක්ෂය වැඩෙන්නේ කෙසේද යන දැනුම තිබෙන්නේ
එහි බීජය හටයි. ඔබ දැන් මෙහි අසුන්ගෙන තිබෙන්නේ ඒ නව ලෝකය නම් වු පුංචි පැළය
සිටුවාලීමටයි. ඒ කියන්නේ ඔබගේ ආදී සනාතන දේවී දේවතා ධර්මයෙහි බීජය සිටුවාලීමටයි. ඔබ
දැන් දන්නවා ලක්ෂ්මී හා නාරායන, ඔවුන්ගේ රාජ්‍යය ලබා ගත්තේ කෙසේද කියා. දරුවන්
තේරුම්ගත යුතුයි ඒ නව ලෝකයට ගොස් ඔබ රාජ කුමරියන් හා කුමරුන් වන බව. එහි වෙසෙන
සියලුම දෙනා ඔවුන් එහි අයිතිකරුවන් ලෙස සළකනවා. දැන් වුවත් සෑම කෙනෙක්ම කියනවා
භාරතය කියන්නේ ඔවුන්ගේ රට කියා. ඔබ දැන් තේරුම්ගන්නවා ඔබ දැන් සිටින්නේ මෙම සංගම
යුගයේ, ඒ වගේම ඔබ තමයි ඒ ශිවාගේ කෝවිලට නොහොත් සත් යුගයට යාමට සිටින්නේත් කියා. ඔබ
දැන් එහි යාමටයි සිටින්නේ. ඔබ එහි ගොස් ශිවාලය ලෙස හඳුන්වන සත් යුගයෙහි පාලකයන් බවට
පත්වෙනවා. මෙය තමයි ඔබගේ ඉලක්කය හා අරමුණ වන්නේ. රජත් රැජිනත් සේවකයනුත් ආදී සියලු
දෙනා මෙම ශිවාලයෙහි පාලකයන් බවට පත්වෙනවා. කොහොමනමුත්, රාජ්‍යයක නොයෙකුත් ආකාරයේ
තත්ත්වයන් තිබෙනවා. එහි කිසිම උපදේශකවරයෙක් නැහැ. උපදේශකවරුන් බිහි වන්නේ මිනිසුන්
අපිරිසිඳු වු පසුවයි. ලක්ෂ්මී හා නාරායන හට සීතා හා රාමා හට හෝ උපදේශකවරු සිටියා
කියා ඔබ අසා නැහැ. මන්ද, ඔවුන් හටම පිරිසිඳු සතෝප්‍රධාන් බුද්ධියක් තිබෙනවා.
මිනිසුන් අපිරිසිඳු වු විට තමයි රජටත් රැජිනටත් උපදේශකවරු අවශ්‍ය වන්නේ. වර්තමානයේ
නොයෙකුත් ආකාරයේ උපදේශකවරු සිටිනවා. දරුවන් දන්නවා මෙම නාට්‍යය රසවින්දනාත්මක
නාට්‍යයක් කියා. සාමාන්‍යයෙන් නාට්‍යයක් රසවින්දනාත්මකයි; සතුට මෙන්ම දුකත්
තිබෙනවා. මෙම අසීමිත වු නාට්‍යය ගැන දන්නේ දරුවන් වන ඔබ පමණයි. මෙහිදී ඔබ කිසිම
ලෙසකින් හැඬීමට හෝ වැළපීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ ආකාරයේ කියමනක් තිබෙනවා: පසුගිය
සියලුම දේ අතීතයට භාර කරන්න. සිදු වු සියලු දේ ඒ ආකාරයෙන්ම සිදුවිය යුතු වුවා. ඔබගේ
බුද්ධිය දන්නවා මෙය නාට්‍යයක්, අප නාට්‍යයේ රඟපාන නළුවන් බව. උපත් 84කින් යුතු අපගේ
චරිත කොටස් නිවැරදි වු අවිනාශි වු දෙයක්. සෑම උපතකදීම අප විසින් රඟපෑ චරිත කොටසම අප
නැවතත් රඟපානවා. අදට අවුරුදු 5000කට ප්‍රථම ඔබට මේ දෙයම කිව යුතු වුවා ඔබ
ජීවාත්මයක් බව සලකන්න. ගීතාවේ මෙම වචන තිබෙනවා. ඔබ දන්නවා ආදී සනාතන දේවී දේවතා
ධර්මය ස්ථාපිත වු කළ, බාබා මෙසේ කීවා : ඔබගේ ශරීරයද අත්හැර එයට අයත් සියලු
සම්බන්ධතා ද අත්හැර ඔබ ජීවාත්මයක් ලෙස සළකා පියා පමණක් සිහිපත් කරන්න. ’මන්මනාභව්‘
යන වචනයෙහි තේරුම බාබා ඉතා පැහැදිලි ලෙස ඔබට විස්තර කර දී තිබෙනවා. මෙය තමයි ඔහු
විසින් පාවිච්චි කරන්නා වු භාෂාව වන්නේ. දැන් කෙතරම් භාෂා ප්‍රමාණයක් තිබෙනවාද
බලන්න. නොයෙකුත් ආකාරයේ භාෂා නිසා මෙහි විශාල කලබලයක් හටගෙන තිබෙනවා. භාෂාවකින්
තොරව කිසිම දෙයක් කළ නොහැකියි. විශාල ප්‍රමාණයක් ඉගෙන ගැනීම නිසා මිනිසුන් මෙහි
එන්නේ ඔවුන්ගේ මව් භාෂාව අමතක කිරිමෙනි. බොහෝ භාෂාවන් හදාරණ අයට තිළිණයක් ලබා
දෙනවා. ආගම් මෙන්ම භාෂාද දැන් බොහොමයක් තිබෙනවා. ඔබ දන්නවා ඔබ එහි සිටින විට ඔබට
ඔබගේම රාජ්‍යය හිමි වෙනවා. එහි තිබෙන්නේ එකම භාෂාවක් පමණයි. මෙහි සෑම හැතැප්ම 100ක්
පාසාම වෙනස් වෙනස් වු භාෂා තිබෙනවා. එහි තිබෙන්නේ එකම භාෂාවක් පමණයි. බාබා මෙහි
හිඳගෙන මේ සියලු දේ ඔබට විස්තර කර දෙනවා. එමනිසා, ඔබ නිරන්තරයෙන්ම පියාව සිහිපත් කළ
යුතුයි. ශිව බාබා බ්‍රහ්ම බාබා මඟින් ඔබට විස්තර කර දෙනවා. ඔහු හට මෙය විස්තර කර
දීම සඳහා අනිවාර්යෙන්ම වාහනයක් අවශ්‍ය වෙනවා. ශිව බාබා තමයි අපගේ පියා. බාබා කියනවා
: මා හට අසීමිත වු දරුවන් සංඛ්‍යාවක් සිටිනවා. බාබා ඔබට උගන්වන්නේ මොහු මාර්ගයෙනි.
ඔබ කිසිම විටෙක ඔබගේ ගුරුවරයා සිඹීමට යන්නේ නැහැ. බාබා මෙහි පැමිණ සිටින්නේ ඔබ හට
ඉගැන්වීමටයි. ඔහු ඔබට උගන්වන්නේ රාජයෝගා දැනුමයි. ඉතින් ඔහු ඔබගේ ගුරුවරයා වන අතර
ඔබ ඔහුගේ ශිෂ්‍යයන්ය. ශිෂ්‍යයන් කිසි විටෙක ඔවුන්ගේ ගුරුවරයා සිඹිනවාද ? ඔබ අයත්
වන්නේ ඒ එකම එක පියා හටයි. එමනිසා, වෙන කිසිම කෙනෙක් වෙත ආකර්ෂණයට ලක් වීමට ඔබ ඔබගේ
හදවතට ඉඩ නොදිය යුතුයි. බාබා කියනවා : මා මෙහි පැමිණ සිටින්නේ ඔබ හට රාජයෝගා දැනුම
ලබා දීමටයි. ඔබ සියලු දෙනා මනුෂ්‍යයන් වන අතර මා තමයි ඒ ඈත දනව්වේ වාසය කරන්නා,
අශාරීරික තැනැත්තා. ඔබ කියනවා බාබා, මෙහි පැමිණ අප පාරිශුද්ධත්වයට පත් කරන්න.
මෙයින් අදහස් කරන්නේ ඔබ අපිරිසිඳු බවයි. එසේ නම්, ඔබ විසින් මා සිඹින්නේ කෙසේද ?
පාරිශුද්ධත්වයට පත්වනවා කියා පොරොන්දුවක් දීමෙන් පසුවත් සමහරු අපිරිසිඳුතාවයට
ලක්වනවා. අවසානයේදී ඔබ සම්පුර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත් වු විට ඔබට ඒ පියාගේ
ස්මරණයෙන් සිටීමටත් ඔබගේ ගුරුවරයා හා ගුරූගේ ස්මරණයේ නිරන්තරයෙන් සිටීමටත් හැකි
වෙනවා. ඔබ බොහෝ දෙනා දැන් කිලිටිභාවයට පත් වී පහත වැටෙනවා. මේ සඳහා ඔබ සිය දහස්
වතාවක් දඬුවම් ලබනවා. මෙහි අතරමැදි නියෝජිතයා ලෙස ඔබට මොහු හමු වී තිබෙනවා. ඔබ
විසින් ඔහු සිහිපත් කළ යුතුමයි. බාබා කියනවා : මා ඔහුගේ විශේෂ දරුවකු වුවත් මා ඔහුව
සිඹින්නේ කෙසේද ? ඔබ අඩුම තරමින් ශරීරයෙන් හෝ ඔහු හමුවෙනවා. මා විසින් ඔහුව
සිඹින්නේ කෙසේද ? බාබා කියනවා : දරුවනි, ඒ එකම පියා පමණක් සිහිපත් කරන්න. ඒ එකම
පියා හට පමණක් සෙනෙහස දක්වන්න. මෙම ස්මරණය මඟින් ඔබ විශාල බලයක් ලබනවා. බාබා තමයි
සර්වබලධාරී තැනැත්තා වන්නේ. ඔබ පියාගෙන් විශාල බලයක් ලබනවා. ඔබ විසින් ලබන බලය
කෙතරම්ද කියතොත් ඔබ විසින් ලබන රාජ්‍යයට ඉහළින් කිසිම කෙනෙකු හට ජයගත නොහැකියි.
එවිට රාවන්ගේ රාජ්‍යය අවසන් වෙනවා. එමනිසා, එහිදී ඔබ දුකට පත් කිරීම සඳහා කිසිම
කෙනෙක් නැහැ. එය හඳුන්වන්නේ සතුටේ දේශය ලෙසයි. මුළු ලෝකයේම සිටින සියලුම දෙනා හට
රාවන් මේ අවස්ථාවේදී දුක් දෙනවා. සතුන් පවා දුක් විඳිනවා. එහිදී සතුන් පවා එකිනෙකා
හට විශාල සෙනෙහසකින් යුතුව සිටිනවා. මෙහි ඒ ආකාරයේ කිසිම කෙනෙක් නැහැ. මෙම නාට්‍යය
නිරන්තරයෙන්ම සිදුවන්නේ කෙසේද කියා දරුවන් දැන් දන්නවා. මෙහි මුල, මැද හා අග පිළිබඳ
වු සියලු රහස් දැන් බාබා විසින් ඔබට හෙළිකර දෙනවා. සමහරු හොඳින් අධ්‍යනය කරනවා,
තවත් සමහරුන් එතරම් හොඳින් අධ්‍යාපනනය සිදුකරන්නේ නැහැ; කෙසේවෙතත්, සියලු දෙනා
අධ්‍යාපනය සිදුකරනවා. ලෝකයේ සිටින සියලු දෙනා අධ්‍යනය කරනවා, ඒ කියන්නේ මේ සියලු
දෙනා පියා සිහිපත් කරනවා යන්නයි. ’මම අල්ලා, මම අල්ලා‘ කියා කීම වැරදි අධ්‍යාපනයක්.
දෙවියන් සෑම තැනකම සිටිනවා කියා කිව්වා වුවත් ඔවුන් තමන් අල්ලා කියා කිව්වා වුවත් ඒ
එකම දෙයයි. ඔවුන් එහි තේරුම දන්නේ නැහැ. ඔවුන් අල්ලා සිහිකරන්නේ සෑම කෙනෙක් හටම
ගැලවීම ලබා දෙන්නා ලෙසයි. ඔබ කියනවා පැමිණ අප පාරිශුද්ධත්වයට පත් කරන්න කියා.
එමනිසා, ඔබ අනිවාර්යෙන්ම අපිරිසිඳුය. අපිරිසිඳු කෙනෙක් අල්ලා වන්නේ කෙසේද ? අල්ලා
පාපයෙහි ගැලෙන්නේ කෙසේද ? අල්ලා මෙහි පැමිණෙන්නේ පාපයෙන් පිරි අය එයින් තොර
කිරීමටයි. ඔබ මෙසේ කෑ ගසනවා: අහෝ අල්ලා, පැමිණ අප පාරිශුද්ධත්වයට පත් කරන්න. මෙය
තමයි ඔහුගේ ව්‍යාපාරය. මේ නිසා තමයි ඔබ ඔහුට මෙහි පැමිණෙන්න කියා අඬගසන්නේ. ඔබගේ
භාෂාව නිවැරදි විය යුතුයි. සමහරුන් මෙසේ කියනවා, ’අල්ලා‘, සමහරු කියනවා, ’දෙවියන්‘
කියා. සමහරු මෙසේත් කියනවා, ’දෙවියන් අපගේ පියා‘. අවසානයේදී මෙහි පැමිණි අයගේ
බුද්ධිය තවමත් හොඳයි. ඔවුන් එතරම් දුකක් අත්දකින්නේ නැහැ. ඔබ දැන් පෞද්ගලික ලෙසම
මෙහි අසුන්ගෙන සිටිනවා. ඔබ මොනවද කරන්නේ ? බාබා දෙස බලන්නේ මොහුගේ නළල මධ්යයෙනුයි.
බාබා ඔබගේ නළල මධ්‍යය දෙස බලනවා. මා තුළට ඇතුල්වන තැනැත්තා දෙස මට බැලිය හැකිද ?
ඔහු මා ළඟ හිඳගෙන සිටිනවා. ඔබ මෙම කරුණු හොඳින් තේරුම් ගත යුතුයි. මා මොහු ළඟින්
හිඳගෙන සිටිනවා. මොහුත් දන්නවා ඔහු මා අසල හිඳගෙන සිටිනවා කියා. ඔබ කියයි, ඔබ
ඉදිරියෙහි ජීවාත්මයන් දෙකක් දෙස ඔබ බලා සිටිනවා කියා. ඔබ ඒ ජිවාත්මයන් දෙකම දෙස
බලනවා බාබා සහ දාදා. ඔබ දන්නවා ඔබ බාප්දාදා ලෙස හඳුන්වන්නේ කවුද කියා. ජිවාත්මයන්
වන ඔබ බාප්දාදා ඉදිරියෙහි හිඳගෙන සිටිනවා. භක්ති මාර්ගයේදී, ඔවුන් ඔවුන්ගේ දෑස්
පියාගෙන සවන් දෙනවා. ඔබට ඒ ආකාරයෙන් මෙය අධ්‍යයනය කළ නොහැකියි. ඔබ ඔබගේ ගුරුවරයා
දෙස බැලිය යුතුයි. ඔබ ඉදිරියෙහි සිටින මොහු ඔබගේ පියා මෙන්ම ගුරුවරයාද වෙනවා.
එමනිසා, ඔබ ඔහු දෙස බැලිය යුතුයි. ඔහු ඉදිරියෙහි ඉඳගෙන ඔබ දෑස් පියා ගත හොත් ඔබ
නිදිකිරන්නට පටන් ගනීවි. ඒ ආකාරයෙන් ඔබට ඉගෙන ගත නොහැකියි. ශිෂ්‍යයෙක් අනිවාර්යෙන්ම
ඔහුගේ ගුරුවරයා දෙස බැලිය යුතුයි. එසේ නැති නම්, ගුරුවරයා මෙසේ කියයි: ඔබ හැම
තිස්සේම වැනෙනවා. මෙහි එන්නට පෙර මොනවා හෝ බීලද ආවේ? කියා අසාවි. ඔබගේ බුද්ධිය
දන්නවා බාබා ඉන්නේ මොහුගේ ශරීරයේ කියා: මා බලන්නේ බාබා දෙසයි. බාබා නිරන්තරයෙන්ම අප
හට විස්තර කර දෙනවා. මෙය (සත්සන් - සත්‍යයේ හමුවීම්) ඔබ සාමාන්‍යයෙන් යන සත්සන්
පන්තිවල මෙන් දෑස් පියාගෙන සිටින සත්සන් පන්තියක් නොවේ. කවුරුන් හෝ පාසලෙහිදී දෑස්
පියාගෙන පන්තියෙහි සිටිනවාද? අනෙක් සත්සන් පන්ති පාසල් ලෙස හඳුන්වන්නේ නැහැ. ඔවුන්
ගීතාව කියැවුවා වුවත් ඒවා පාසැල් ලෙස හැඳින් විය නොහැකියි. ඔබ බලා සිටින විට කතා
කරන ඒ කිසිම කෙනෙක් ඔබගේ පියා නොවේ. සමහරු ශිවාගේ භක්තිවන්තයින්. එමනිසා, ඔවුන්
සිහිපත් කරන්නේ ශිවා පමණක් වන අතර, ධාර්මික පතපොතට සවන් දෙමින් සිටිනවා. ඔවුන්
ශිවාව වන්දනා කරනවා. එමනිසා, ඔවුන් කරන්නේ ශිවා ස්මරණය කිරීම පමණයි. මෙහි තිබෙන
පරිදි වෙන කිසිම තැනක මෙවැනි ප්‍රශ්නෝත්තර නැහැ. මෙහිදී ඔබ විශාල ආදායමක් ලබා
ගන්නවා. ආදායමක් ලබන විට කිසිම කෙනෙක් කිසිම විටෙක ඈණුම් අරින්නේ නැහැ. ඔබ ආදායමක්
ලබනවා කියා බොහෝ සෙයින් සන්තෝසයට පත් විය යුතුයි. ඈණුම් ඇරීම යනු දුකෙහි සංඛේතයකි.
කෙනෙක් අසනීප වු විට හෝ හිඟ වුවහොත් තමයි ඔහු දිගින් දිගටම ඈණුම් අරින්නේ. ඔබ
දිගින් දිගටම මෙහිදී ආදායමක් ලබන නිසා කිසිම විටෙක ඈණුම් ඇරීම නොකළ යුතුයි. බාබා
ව්‍යාපාරිකයෙක්ද වෙනවා. රාත්‍රියෙහිදී දුම් නැවක් ප්‍රමාද වී පැමිණෙන විට මොහු අවදි
වී සිටිය යුතුයි. සමහර කුමරියන් කඩයට එන්නේ රාත්‍රියෙහිදී පමණයි. එමනිසා, කඩය
විවෘතව තබන්නේ ස්ත්‍රීන් හට පමණයි. බාබා කියනවා : එක්තරා දිනක ස්ත්‍රීන් හට පමණක්
ඔබ ප්‍රදර්ශනයක් පැවැත්වුවහොත් බොහෝ දෙනා එහි එයි. වේල් එකක් දමාගෙන සිටින අය පවා
එයි. භාර්යාවන් සිටින්නේ වේල් එකකින් සැඟවිලායි. ඔවුන්ගේ මෝටර් රථවල පවා ජනෙල් රෙදි
දමා තිබෙනවා. මෙය ඔබගේ ජීවාත්මය පිළිබඳ ප්රශ්නයකි. ඔබ දැනුම ලබාගත් පසු ඔබගේ වේල්
එක ගැලවී යනවා. සත් යුගයේදී මෙවැනි වේල් ආදිය නැහැ. මෙහිදී ඔබ ලබන්නේ පිරිසිඳු ගෘහ
ජීවිතය පිළිබඳ වු දැනුමයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම
නාට්‍යය රසවින්දනාත්මකයි. සතුටෙහි හා දුකෙහි කොටස් මෙම නාට්‍යයෙහි නිරන්තරයෙන්
සිදුවන දෙයක්. එමනිසා, ඔබ කිසි විටෙක හැඬීමට හෝ වැළපීමට අවශ්‍ය නැහැ. සිදුවන ඕනෑම
දෙයක් නැවත නැවතත් සිදුවන දෙයක් බව ඔබගේ බුද්ධිය විසින් දැනගත යුතු වෙනවා. ඔබ කිසි
විටෙක අතීතයේ සිදු වුයේ කුමක්ද කියා කල්පනා කර සිටීමෙන් වැළකිය යුතුයි.
2. මෙය සාමාන්‍ය
ආකාරයේ පන්තියක් නොවේ. කිසිම විටෙක ඔබගේ දෑස් පියාගෙන මෙහි හිඳගෙන නොසිටිය යුතුයි.
නමුත් නිරන්තරයෙන්ම ඔබ ඉදිරියෙහි සිටින ගුරුවරයා දෙස බලන්න. ඔබ කිසිම විටෙක ඈණුම්
ඇරීම නොකළ යුතුයි. ඈණුම් ඇරීම යනු දුකෙහි සළකුණකි.
වරදානය:
ඔබ
තෘප්තිමත්භාවයේ සහතික තුනට හිමිකම් කියමින් ඔබේ යෝගී ජීවිතය තුළින් පහසු යෝගීවරයෙකු
ලෙස අන් අයට බලපෑමක් ඇති කරත්වා.
ඔබේ යෝගී ජීවිතයේ
විශේෂ අරමුණ තෘප්තියයි. නිරතුරුවම තෘප්තිමත් වන අය අන් අයව තෘප්තිමත් කරවන අතර
ඔවුන්ගේ යෝගී ජීවිතය තුළින් නිරායාසයෙන්ම ඔවුන් කෙරෙහි බලපෑමක් ඇති කරයි. විද්‍යාවේ
පහසුකම් වායුගෝලයට බලපෑමක් ඇති කරනවා සේම, පහසු යෝගී ජීවිතයක් ද බලපෑමක් ඇති කරයි.
යෝගී ජීවිතයක සහතික තුන නම් තමා ගැනම තෘප්තිමත් වීම, පරමාත්ම පියා සමග තෘප්තිමත්
වීම සහ ඔබේ භෞතික හා ආධ්‍යාත්මික පවුල් සමග තෘප්තිමත් වීමයි.
පාඨය:
ස්වරාජ්‍ය
අධිකාරී තිලකයක් ඇතිව ලොවට යහපත සැලසීමේ කිරුළක් දරාගෙන තම මනෝ ස්ථිතියේ සිහසුන මත
අසුන්ගෙන සිටින්නන් රාජයෝගීන් වේ.