10.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා ඔබව ඥානයෙන් හා යෝගාවෙන් පෝෂණය කරමින් ඔබට ඉතාමත් හොඳින් සත්කාර කරනවා. ඉතින් නිරතුරුවම සතුටින් හා තෘප්තිමත්ව සිටිමින් නිරන්තරයෙන් අන් අයටත් ශ්‍රීමත් වලට අනුකූලව සත්කාර කරන්න.

ප්‍රශ්නය:
මෙම සංගම යුගයේදී ඔබ විසින් හොඳින් රැකබලා ගත යුතු ඔබ සතු ඉතාමත්ම වටිනා දේ කුමක්ද?

පිළිතුර:
මෙම උතුම්ම උතුම් බ්‍රහමිණ් වංශයේ ඔබගේ මෙම ජීවිතයම තමයි ඉතාමත්ම වටිනා වස්තුව වන්නේ. එමනිසා, ඔබගේ ශරීරය ඔබ හොඳින් රැකබලා ගත යුතුයි. මැටි රූකඩයක් වන එය අවසන්ව යා යුතුයි, කියා සිතන්න එපා. නැහැ, ඔබ එය ප්‍රාණවත්ව තබා ගත යුතුයි. කෙනෙක් අසනීපයෙන් සිටිනවා නම්, ඒ පුද්ගලයා ගැන කලකිරීමට පත් වන්න එපා. නිරතුරුවම ශිව බාබාවම සිහි කරන්නැයි කියා ඒ කෙනාට කියන්න. වැඩි වැඩියෙන් සිහි කළ තරමට, ඔබගේ පාප කැපී යාවි. ඒ පුද්ගලයාත් නොනවත්වාම සේවය කළ යුතුයි. ඔහු ජීවතුන් අතර සිටිමින් නිරතුරුවම ශිව බාබාව සිහි කළ යුතුයි.

ඕම් ශාන්ති.
ඥානයේ තෙවෙනි ඇස ඔබට දෙන ආධ්‍යාත්මික පියා මෙහි හිඳ ගෙන ඔය ආධ්‍යාත්මික දරුවන්ට පහදා දෙනවා. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔබට දැනුමේ තෙවෙනි ඇස ලබා දෙන්න බැහැ. ඔය දරුවන් දැන් දැනුම නම් වූ තෙවෙනි ඇස ලබා තිබෙනවා. මෙම පැරණි ලෝකය දැන් වෙනස් වීමට තිබෙන බව ඔබලා දන්නවා. එය වෙනස් කරවන කෙනා හා ඔහු එම වෙනස ඇති කරවන්නේ කෙසේද කියා දුප්පත් මිනිසුන් දන්නේ නැහැ. මන්ද, ඔවුන්ට දැනුම නම් වූ තෙවැනි ඇස නැහැ. ලෝකයේ මුල, මැද හා අග ගැන දැන ගැනීමට හැකි දැනුම නම් වූ තෙවෙනි ඇස දැන් ඔය දරුවන්ට ලැබී තිබෙනවා. මෙය තමයි ඥාන සැකරින්. සැකරින් එක් බිඳුවක්වත් වූවත් හරිම පැණි රසයි. ඥානය සම්බන්ධයෙන් එක් මතයක් පමණයි ඇත්තේ. ‘මන්මනභාව‘ මෙම කියමන ඉතා මධුරයි. තමා ජීවයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. සාමයේ හා සතුටේ දේශ වලට පරමාත්ම පියා ඔබට මඟ පෙන්වනවා. පරම පියා පැමිණ සිටින්නේ ඔය දරුවන්ට ඔබගේ දිව්‍යලෝකය නම් වූ උරුමය ලබා දීමටයි. එමනිසා, ඔය දරුවන් විශාල සතුටක් ලද යුතුයි. සතුට තරම් තවත් පොෂණයක් නැහැයි කියා කියනවා. නිරන්තර සතුටින් හා විනෝදයෙන් සිටින්නන්ට එය පෝෂණීය ආහාර වේලක් වගෙයි. උපත් 21ක් පුරාවටම විනෝදයෙන් සිටීමට මෙය ඉතා බලවත් පෝෂණයක් වෙනවා. දිගටම සෑම කෙනෙක්වම මෙම පෝෂණයෙන් පෝෂණය කරන්න. මෙය එකිනෙකාට දිය හැකි ඉතාමත් බලවත් පෝෂ්‍ය පදාර්ථයක්. වෙන කිසිම මිනිසෙකුට මෙම සත්කාරය තවත් මිනිසෙකුට කරන්න බැහැ. ඔබ ශ්‍රීමත් වලට අනුකූලව ආධ්‍යාත්මික සත්කාරයක් සෑම කෙනෙකුටම පුදනවා. කෙනෙකුට පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දීමත් සැබෑ සුවතාවයේ ලකුණක්. තමන් දැන් අසීමිත පියාගෙන් ජීවන මුක්ති පෝෂණය ලබනා බව ඔය දරුවන් දන්නවා. ස්වර්ණමය යුගයේ දී, භාරතය ජීවන මුක්තියේ තිබුණා එය පාරිශුද්ධව තිබුණා. පරමාත්ම පියා ඉතාමත් උතුම් පෝෂණයක් ඔබට දෙනවා. අතීන්ද්‍රිය සුවය ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ගොපළු ගොපළියන්ගෙන් ඒ ගැන අහන්න කියා කියන්නේ මෙන්න මේ නිසායි. මෙම ඥාන යෝගා පෝෂණය අංක එකේ පෝෂණයක්, හරිම අපූරුයි. මෙම පෝෂණය ඇත්තේ එකම එක ආධ්‍යාත්මික ශල්‍ය වෛද්‍යවරයා ළඟ පමණයි. වෙන කිසිම කෙනෙක් මෙම පෝෂ්‍ය ගුණය ගැන දන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා සුමිහිරි දරුවනි, මා ඔබලාට මගේ අත්ලේ තබා ගෙන තෑග්ගක් ගෙනැවිත් තිබෙනවා. මෙම මුක්තියේ හා ජීවන මුක්තියේ තෑග්ග ඇත්තේ මා ළඟයි. මේවා සෑම කල්පයකදීම ඔබට දීමට පැමිණෙන්නේ මමයි. එසේ නම්, ඔබව නැවතත් තමා සමඟ ගෙන යන්නේ එකම එක පරම පියා, ගුරුවරයා හා සත්ගුරු බව දැන ගන්න. ලෝක අධිරාජ්‍යය ඔබ ඉතාමත් ආදරණීය පියාගෙන් දිනා ගන්නවා. මෙය පොඩි දෙයක් නොවෙයි. ඔබ සෑම විටම උද්යෝගීමත්ව සිටිය යුතුයි. පරම ශිෂ්‍ය ජීවිතය තමයි හොඳම හොඳ ජීවිතය. මෙම කියමන අදාළ මේ කාලයටයි. පසුව නව ලෝකයේදීත් ඔබ නිරන්තරයෙන්ම සතුටින් සමරාවි. සැබෑම සතුට සැමරෙන්නේ කවදාදැයි කියා ලෝකයේ මිනිස්සු දන්නේ නැහැ. මිනිසුන් ළඟ ස්වර්ණමය යුගය ගැන කිසිම දැනුමක් නැහැ. ඉතින් ඔවුන් එය මෙහි සමරමින් සිටිනවා. කෙසේවෙතත්, මෙම පැරණි තමෝප්‍රධාන් ලෝකයට සතුට පැමිණිය හැක්කේ කෙසේද? මෙහි සිටිනා මිනිස්සු දිගටම වේදනාවෙන් කෑ ගසමින් සිටිනවා. මෙය එවන් දුකින් පිරි ලෝකයක්. පරමාත්ම පියා ඔය දරුවන්ට ඉතාමත් පහසු මාර්ගයක් පෙන්වා දෙනවා. ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන ගමන් නෙළුම් මලක් සේ පාරිශුද්ධව සිටින්න. ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදියත් කරනා අතර මා සිහි කරන්න. ආදරවන්තයෙක් හා ආදරවන්තියක් සිටිනවා ඔවුන් සෑම විටම එකිනෙකාව සිහි කරනවා. ඔහු ඇයගේ ආදරවන්තයා ඇය ඔහුගේ ආදරවන්තිය. කෙසේවෙතත්, මෙහි ඒ වගේ නොවෙයි. මෙහි උපතක් උපතක් පාසා එකම එක ආදරවන්තයාගේ ආදරවන්තියන් වෙනවා. පරමාත්ම පියා ඔබගේ ආදරවන්තිය වන්නේ නැහැ. ඔබ ඒ ආදරවන්තයාව සිහි කරන්නේ ඔහුට මෙහි ඒමට කියා ආරාධනා කිරීමටයි. දුකකින් සිටිනා විට ඔබ තවත් වැඩියෙන් ඔහුට කතා කරනවා. මෙන්න මේ නිසා තමයි දුකින් සිටිනා විට සෑම කෙනෙක්ම දෙවියන් සිහි කරනවා, නමුත් සතුටින් සිටිනා විට කිසිම කෙනෙක් ඔහුව සිහි කරන්නේ නැහැයි කියා කියන්නේ. මේ කාලයේ දී පරමාත්ම පියා සියලු බල ඇත්තායි. දවසින් දවස, මායාත් තමෝප්‍රධාන් සර්ව බලධරයෙක් වෙනවා. එමනිසා, පියා කියනවා සුමිහිරි දරුවනි, දැන් ජීව අවධානයට පත් වන්න. තමා ජීවයක් වශයෙන් සලකා ඔබගේ පියා වන මා සිහි කරන්න. ඒත් සමඟම දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න. ඔබ ලක්ෂ්මි හා නාරායන් සේ වේවි. මෙම අධ්‍යයනයේ ප්‍රධානම කරුණ ස්මරණයයි. ඉහළම ඉහළ පියාව ඔබ මහත් වූ සෙනෙහසකින් හා ඇල්මකින් සිහිපත් කළ යුතුයි. නව ලෝකය ස්ථාපනය කරන්නේ පරමාත්ම පියායි. පියා කියනවා මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව ලෝක පාලකවරුන් බවට පත් කරවීමටයි. මෙන්න මේ නිසා තමයි ඔබ මාව සිහි කළ යුත්තේ. එවිට උපත් ගණනාවක ඔබගේ පාප දුරු වී යාවි. පාරිශුද්ධකරු වන පියා කියනවා ඔබ ඉතාමත් අපිරිසිඳු වී සිටිනවා. ඒ නිසා දැන් මා සිහි කරන්න. ඔබ පාරිශුද්ධ වී පාරිශුද්ධ ලෝකයේ පාලකවරයෙක් වේවි. මිනිස්සු පාරිශුද්ධ වන පරමාත්ම පියාට කන්නලව් කරනවා. දැන් ඒ පියා පැමිණ සිටිනවා. ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. දුක නැති කර සතුට දානය කරන්නා පියායි. ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම පාරිශුද්ධ ලෝකයක්ව තිබුණා. ඒ නිසා එහි සිටි සෑම කෙනෙක්ම සිටියේ සතුටින්. දැන් නැවතත් වතාවක් පියා කියනවා දරුවනි, නිතරම සාමයේ දේශයත් සතුටේ දේශයත් සිහි කරන්න. දැන් මෙය සංගම යුගයයි. තොටියා පැමිණ දැන් ඔබව මෙම තෙටුපළින් අනිත් තොටුපළට ගෙන යනවා. ඇත්තේ එකම එක බෝට්ටුවක් පමණි. මුළු ලෝකයම මහා විශාල නෞකාවක් වගෙයි. ඔහු එය එගොඩ කරවනවා. ඔය මිහිරි දරුවන් තුළ ලොකු සතුටක් තිබිය යුතුයි. ඔබට සතුට හැරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. අහා, අසීමිත පියා අපට උගන්වනවා. ඔබ මෙය මීට පෙර අසා නැහැ, ඉගෙන ගෙනත් නැහැ. පරමාත්මය කියනවා ඔය ආධ්‍යාත්මික දරුවන්ට මා රාජයෝගා උගන්වනවා. එමනිසා, ඔබලා එය මුළුමණින්ම ඉගෙන ගත යුතුයි. ඉගෙන ගෙන හොඳින් එය ධාරණය කර ගත යුතුයි. සෑම කෙනෙක්ම සෑම විටම ඉගෙන ගැනීමේ දී එක් එක් තත්ත්ව වල සිටිනවා. ඔබ තමා දෙසම බැලිය යුතුයි. මා ඉහළම ඉහළ තත්ත්වයක ද, මැද තත්ත්වයකද නැනිනම්, පහළ තත්ත්වයකද සිටින්නේ ? පරම පියා කියනවා තමාව පරීක්ෂා කර බලන්න. උසස් තත්ත්වයක් දිනා ගැනීමට තරම් මම සුදුසු ද? මම ආධ්‍යාත්මික සේවය කරනවාද ? පරම පියා කියනවා අහෝ දරුවනි, සේවයට ලැදිව දැන් පියාව අනුගමනය කරන්න. මා පැමිණ සිටින්නේ සේවයේ නාමයෙනි. මා සෑම දිනකම සේවය කරනවා. මෙන්න මේ නිසා තමයි මා මොහුගේ රථය ගෙන තිබෙන්නේ. මොහුගේ රථය අසනීප වුණු විට, මා මොහු තුළ සිට මුරලිය සටහන් කරනවා. කටින් කතා කිරීමට බැරි නිසා මා ලියනවා. ඔය දරුවන්ට එවිට මුරලිය අතපසු වන්නේ නැහැ. එමනිසා, මා ද යෙදී සිටින්නේ සේවයේයි. මෙය ආධ්‍යාත්මික සේවයයි. පරමාත්ම පියා ඔය සුමිහිරි දරුවන්ට පහදා කියනවා දරවනි, ඔබත් පියාගේ සේවයේ තමාව නිරත කර විය යුතුයි. පරම පිය සේවය පිණිසයි. හොඳ උත්සාහක් දරන්නන් මහා වීරයන් ලෙස හඳුන්වනවා. බාබාගේ උපදෙස් අනුගමනය කරනා මහා වීරයන් කවුදැයි කියා බලනවා. පරමාත්ම පියාගේ අණ වන්නේ තමා ජීවයක් බව සලකා අන් අය සහෝදරයින් ලෙස දකින්න. ඒ ශරීරය අමතක කරන්න. බාබාත් ශරීර දකින්නේ නැහැ. පරම පියා කියනවා මට පෙනෙන්නේ ජීව පමණයි. කෙසේවෙතත්, ශරීරයකින් තොරව ජීවයකට කතා කරන්න බැහැයි කියා දැනුමක් තිබෙනවා. මම මෙම ශරීරයට පැමිණ සිටිමි. මා එය ණයට අරගෙනයි තිබෙන්නේ. ජීවයක් ශරීරයක සිටිනා විට පමණයි ඉගෙන ගත හැක්කේ. බාබා මෙම නළල මධ්‍යයේ අසුන් ගන්නවා. මෙය අමරණීය සිහසුනයි. අමරණිය රූපය ජීව සත්තාවයි. ජීවයක් කුඩා හෝ විශාල වන්නේ නැහැ. ශරීරය තමයි කුඩා හෝ විශාල වන්නේ. නළල මධ්‍යය තමයි සෑම ජීවයකම සිහසුන. සෑම කෙනෙකුගේ ශරීර එකිනෙකට වෙනස්. ඇතැම් අයගේ අමරණීය සිහසුන පිරිමි කෙනෙක් වන අතර අනිත් අයගේ කාන්තාවක් වෙනවා. ඇතැම් අයගේ එය කුඩා දරුවෙක්. පරම පියා මෙහි සිට ඔය දරුවන්ට ආධ්‍යාත්මික සරඹයක් කියා දෙනවා. ඕනෑම කෙනෙක් හා කතා කරනා විට, පළමුවෙන්ම තමා ජීවයක් බව සලකා කතා කරන්න. ජිවය වන මම මෙම සහෝදරයා අමතමි. ශිව බාබාව සිහි කිරීමට පියාගේ පණිවුඩය දෙන්න. කහට ඉවත් වන්නේ සිහි කිරීමෙන් පමණි. එම ලෝහ රත්රන් සමඟ මිශ්‍ර වුණු විට රත්රන් වල වටිනාකමත් අඩු වෙනවා. එම කහට ඔය ජීව හා මුසු වීමට පටන් ගත් විට, ඔබ කිසිම වටිනාකමක් නැති අය වෙනවා. ඔබ නැවතත් වතාවක් පාරිශුද්ධ විය යුතුයි. ඔය ජිවයන්ට දැන් ඥානය නම් වූ තෙවෙනි ඇස ලැබී තිබෙනවා. ඒ ඇසින් ඔබගේ සහෝදරයින් දකින්න. සහෝදරාත්මක දෘෂ්ඨිය ඇති විට ඔබගේ ඉන්ද්‍රියන් දඟ නොකරාවි. අධිරාජ්‍යයේ වාසනාව දිනා ගෙන ලෝක පාලකවරුන් වීමට අවශ්‍ය නම්, උත්සාහ දරන්න. සෑම කෙනෙක්ම තම හෝදරයින් ලෙස සලකා ඔවුන්ටත් ඥානය දානය කරන්න. එවිට මෙම පුරුද්ද ස්ථාවර වේවි. ඔබ සෑම කෙනෙක්ම සැබෑම සහෝදරයින්. පරමාත්ම පියා ඉහළ සිට පැමිණ සිටිනවා වගේම ඔබත් පැමිණ සිටින්නේ ඉහළ සිටයි. පරම පියා දරුවන් සමඟ සේවය කරනවා. සේවය කිරීමට පියා ඔබව ධෛර්යමත් කරවනවා. එවිට ඔබ ධෛර්යමත් වෙනවා. එමනිසා, ඔබ මෙය පුහුණු කළ යුතුයි. ජීවයක් වන මම දැන් මගේ සහෝදරයාට උගන්වමි. ඉගෙන ගන්නේ ජීවයයි. ආධ්‍යාත්මික පියාගෙන් ඔබ ලබනා මෙය හඳුන්වන්නේ ආධ්‍යාත්මික දැනුම ලෙසිනුයි. පියා පැමිණ මෙම සංගම යුගයේ දී ඔබට මෙම දැනුම දෙනවා තමා ජීවයක් බව සලකන්න. අශාරීරිකව පැමිණි ඔබ ශරීරයක් ගෙන උපත් 84ක චරිත කොටසක් රඟදැක්වූවා. ඔබ දැන් ආපසු යා යුතුයි. එමනිසා, තමා ජිවයක් බව සලකා සහෝදර බැල්මෙන් සිටින්න. ඔබ මෙම උත්සාහය දැරිය යුතුයි. ඔබගේම උත්සාහය ඔබ දැරිය යුතුයි. මේ ගැන අපට ඇති සැලකිල්ල කුමක්ද? කුසල් ඇරඹෙන්නේ නිවසිනුයි. එනම් පළමුවෙන්ම තමා ජීවයක් ලෙස සලකා ඔබගේ සහෝදරයින්ට පහදා දෙන්න. එවිට ඊතලය හරියටම ඉලක්කයට වදීවි. මෙම බලයෙන් ඔබ තමාව පුරවා ගත යුතුයි. උත්සාහයක් දැරුවොත් පමණයි උසස් තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ. ඒ වගේම ඔබට යම් යම් දේ ඉවසීමටත් සිදු වෙනවා. කවුරු හෝ කෙනෙක් කුමන හෝ වැරදි දෙයක් කියනා විට නිහඬව සිටින්න. ඔබ නිහඬව සිටියහොත් අන් අය මොනවා කරන්නද? අත්පුඩියක් ගැසෙන්නේ අත් දෙකෙන්මයි. පළමු කෙනා කටින් කෑ ගසනා විට අනිත් කෙනා නිහඬව සිටියා නම්, පළමු කෙනා නිකම්ම නිහඬ වේවි. අත් දෙකකින් අත්පුඩි ගසනා විට තමයි හඬක් නැඟෙන්නේ. ඔය දරුවන් කාටත් යහපත සැලසිය යුතුයි. පරම පියා පහදා කියනවා දරුවනි, නිරතුරු සතුටින් සිටීමට ඔබට අවශ්‍ය නම් ’මන්මනභාව‘ වන්න. තමා ජීවයක් බව සලකා පරම පියාව සිහි කරන්න. සහෝදරයා වන ජීවය දෙස බලන්න. ඉතින් ඔය දරුවන් ආධ්‍යාත්මික වන්දනාවේ නිරත වීම පුහුණු කළ යුතුයි. මේ ඔබගේම යහපතටයි. පරම පියාගේ ඉගැන්වීම් ඔබගේ සහෝදරයින්ට දිය යුතුයි. පියා කියනවා ජීව වන ඔබට මා මෙම දැනුම දෙනවා. මා දකින්නේ ජීවය පමණයි. මිනිසෙක් තවත් මිනිසෙක් හා කතා කරනා විට මුහුණට මුහුණ බලනවා. ඔබ කතා කරන්නේ ජීවයටයි. එමනිසා, ඔබ ජීව සත්තාව දැකිය යුතුයි. ඔබගේ ශරීර හරහා දැනුම දුන්නත්. ශරීරය පිළිබඳ අවධානය බිඳිය යුතුයි. උත්තරීතර ජීවය වන පරමාත්ම පියා තමන්ට මෙම දැනුම දෙන බව ඔය ජීව අවබෝධ කර ගෙන සිටිනවා. පියාත් කියන්නේ මමත් බලන්නේ ජීව දෙසයි. ජීවයනුත් කියනවා අප උත්තරීතර ජීවය වන පියා දෙස බලනවා. අප ඔහුගෙන් දැනුම ලබනවා. එක් ජීවයකින් තවත් ජීවයකට ආධ්‍යාත්මික ඥානය ගනුදෙනු වෙනවා කියන්නේ මෙන්න මේකයි. ඥානය ඇත්තේ ජීවය තුළයි. ඥානය දිය යුත්තේ ජීවයටයි. මෙය බලය වගෙයි. ඔබගේ ඥානය බලයෙන් බලවත් කරගෙන ඔබ අන් අයට පහදා දුන් විට, ඉක්මණින්ම එය ඉලක්කයට වදීවි. පරම පියා කියනවා මෙය පුහුණු කර බලන්න. ඊතලය හරියටම ඉලක්කයට වදිනවාදැයි කියලා. මෙම අළුත් පුරුද්ද ඇති කර ගන්න. එවිට ශරීරය පිළිබඳ අවධානය ඉවත් වී මායාගේ කුණාටු අඩු වේවි. ඔබට කිසිම නරක සිතිවිල්ලක් පහළ වෙන එකක් නැහැ. දුෂ්ඨ ඇසකුත් ඉතිරි වෙන එකක් නැහැ. ජීව වන අප උපත් 84ක චක්‍රයක සිටියා. නාටකය දැන් අවසන් වීමටයි යන්නේ. ඔබ දැන් බාබාගේ ස්මරණයේ සිටිය යුතුයි. සිහි කිරීමෙන් තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වුණු විට ඔබ සතෝප්‍රධාන් ලෝකයේ පාලකවරුන් වේවි. දරුවන්ට ඉගැන්වීම තම රාජකාරිය බව පියා දන්නවා. මෙය අළුත් දෙයක් නොවෙයි. මා සෑම වසර 5000කට වතාවක් ම පැමිණිය යුතුයි. මා මෙම බන්ධනයෙන් බැඳී සිටිනවා. මා මෙහි අසුන් ගෙන ඔය දරුවන්ට පහදා දෙනවා සුමිහිරි දරුවනි, ස්මරණ වන්දනාවේ නිරත වුණු විට ඔබගේ අවසන් සිතිවිල්ල ඔබගේ ගමනාන්තය තීරණය කරාවි. මෙය තමයි අවසන් කාලය. මා පමණක් සිහි කරන්න. ඔබට විමුක්තිය ලැබේවි. ස්මරණ වන්දනාවේ සිටීමෙන් කුළුණු ශක්තිමත් වේවි. ජීව අවධානයට පත් වීමේ මෙම ඉගැන්වීම ඔය දරුවන්ට ලැබෙන්නේ එකම එක වතාවයි. මෙය එතරම් අපූරු දැනුමක්. බාබා අපූරුයි. බාබාගේ දැනුමත් අපූරුයි. වෙන කිසිම කාලයක දී වෙන කිසිම කෙනෙක්ට මෙය කියන්න බැහැ. දැන් නිවහන වෙත යාමට කාලයයි. මෙන්න මේ නිසා තමයි පියා කියන්නේ සුමිහිරි දරුවනි, මෙය පුහුණු කරන්න. තමා ජීවයක් බව සලකා ජීවයන්ට ඥානය දෙන්න. අන් අයව සහෝදරයින් ලෙස දැකීමට ඔබ ඔබගේ තෙවෙනි ඇස යොදා ගත යුතුයි. මේක තමයි ලොකුම උත්සාහය. ඔය බ්‍රහමිණ්වරුන්ගේ උතුම්ම වංශය මෙයයි. මේ කාලයේ දී ඔබගේ ජීවිත ඉතාමත් වටිනවා. එමනිසා, ඔබ ඒ ශරීර රැක බලා ගත යුතුයි. තමෝප්‍රධාන්ව සිටීම නිසා ශරීරයේ ආයු කාලය එන්න එන්නම අඩු වෙමින් පවතිනවා. දැන් යෝගාවේ සිටි තරමට, ඔබගේ ආයු කාලය වැඩි වේවි. ස්වර්ණමය යුගයේ දී, එය වැඩි වී තිබේවි. එහිදී, ඔබගේ ආයු කාලය වසර 150ක්. එමනිසා, ඔබගේ ශරීරය හොඳින් රැක බලා ගත යුතුයි. එය මැටි රූකඩයක් නිසා අවසන් වී යා යුතුයි කියා සිතන්න එපා. නැහැ, ඔබ එය ප්‍රාණවත්ව තබා ගත යුතුයි. මෙය වටිනා ජීවිතයක්. කෙනෙක් අසනීපයෙන් සිටිනවා නම්, ඒ පුද්ගලයා ගැන කලකිරීමක් ඇති කර ගන්න එපා. ඒ පුද්ගලයාටත් ශිව බාබාව සිහි කරන්නැයි කියන්න. ස්මරණය තිබුණු තරමට ඔබගේ පාපයනුත් කැපී යාවි. ඒ පුද්ගලයාත් දිගටම සේවය කළ යුතුයි. ඔහු ප්‍රාණවත්ව සිට දිගටම ශිව බාබාව සිහි කළ යුතුයි. ඔහු බාබාව සිහි කරනවා කියා තේරුම් ගත හැකියි. පරම පියාගෙන් උරුමය දිනා ගැනීමට ඔහුව සිහි කරන්නේ ජීවාත්ම සත්තාවයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ, උත්සාහය අනුපිළිවෙලින් සිටින දරුවන්ට, ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමාව පරීක්ෂා කර ගන්න. මගේ උත්සාහයේ දී මම සිටින්නේ ඉහළම තත්ත්වයක ද, මධ්‍යම තත්ත්වයක ද නැතිනම් පහළ තත්ත්වයක ද? උසස් තත්ත්වයක් දිනා ගැනීමට මා සුදුසු ද? මම ආධ්‍යාත්මික සේවය කරනවාද?

2. ඔබගේ තෙවෙනි ඇසින් අන් ජීවාත්මත් සහෝදරයින් ලෙස දකින්න. සෑම කෙනෙක්ම සහෝදරයෙක් ලෙස සලකා ඔවුන්ට ඥානය දෙන්න. ජීවාත්ම සත්තාමය අවධානයේ සිටීමට පුරුද්දක් ඇති කර ගත් විට ඔබගේ භෞතික ඉන්ද්‍රියන් දඟකාරකම් නොකරාවි.

වරදානය:
බ්‍රහ්ම පියා මෙන් ඔබේ මහා අත්හැරීම තුළින් ඔබේ ශ්‍රේෂ්ඨ භාග්‍යය නිර්මාණය කර, අංක එකේ සුරදූතවරයෙකු වී ලෝක අධිරාජ්‍යයෙකු බවට ඔබ පත් වේවා.

බ්‍රහ්ම පියාගේ ක්‍රියාවන්හි සෑම පියවරක්ම තබන දරුවන් අංක එකේ සුරදූතවරයන් වීමේ ආශිර්වාදය ලබා ගන්නා දරුවන් ය. ඔවුන්ගේ මනස සහ බුද්ධිය සෑම විටෙකම පරම පියාට කැප වේ. බ්‍රහ්ම පියා සිය මහා අත්හැරීමෙන් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් ලැබූ සේම, එනම්, අංක එකේ පරිසමාප්ත සුරදූතවරයා බවටත්, අංක එකේ ලෝක අධිරාජ්‍යයා බවටත් පත් වූවා සේම, පියා අනුගමනය කරන දරුවන් ශ්‍රේෂ්ඨ සහ සම්පූර්ණ අත්හැරීමක් කළ අය වනවා ඇත. ඔවුන් තම සංස්කාරයන්ගෙන් පවා පාපයන්ගේ අංශු මාත්‍රයම අත්හරිනවා ඇත.

පාඨය:
සියලුම ආධාරක දැන් බිඳී යන අතර ඒ නිසා, එකම පරම පියා ඔබේ ආධාරකය කර ගන්න.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

සියලු පදාර්ථ පරිවර්ථනය කිරීම සදහා, තමෝගුණී සංස්කාර ඇති ජීවාත්මයන්ගේ තමෝගුණී චිත්ත තරංග වෙනස් කිරීම සදහා, අනවශ්‍ය රුධිර වහනයේ වාතාවරණයෙන් ඔබව ආරක්ෂිතව තබා ගැනීමට සහ සියලු ජීවාත්මයන්ට සහයෝගය ලබා දීමට - මෙම අසීමිත කාර්යය නිම කිරීමට ඔබගේ මනස බලවත් සහ සුබ පැතුම් වලින් පිරිපුන් කරගන්න.