10.02.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම පියාගෙන් ඔබට ලැබෙනා නොබෙදුණු උපදෙස් අනුගමනය කර කලි යුග මිනිසුන්ව
සත් යුග දේවතාවරුන් කරවීමේ උතුම් කාර්යභාරය ඉටු කරන්න.
ප්‍රශ්නය:
මිනිසුන් දුකට
පත් ව සිටීමට හේතු වන මූලික කරුණ කුමක්ද?
පිළිතුර:
රාවණ් සෑම කෙනෙක්ටම සාප කරලා. මෙන්න මේ නිසා තමයි සෑම කෙනෙක්ම දුකට පත් ව ඇත්තේ.
පරමාත්ම පියා ඔබට ඔබගේ උරුමය හිමි කර දෙනවා; රාවණ් ඔබට ශාප කරනවා. ලෝකයේ අය මේ
ගැනවත් දන්නේ නැහැ. පරමාත්ම පියා භාරතවාසීන්ට ඔවුන්ගේ උරුමය හිමිකර දුන් නිසා ඔවුන්
සතුටින් පිරි දෙව්ලොව පාලකවරුන් බවට පත් ව සිටිනවා. ඔවුන් පූජණීය අය වුණා. ශාපයට
ලක් වීමෙන් ඔවුන් වන්දනා කරුවන් වුණා.
ඕම් ශාන්ති.
දරුවන් මධුබන්
හි බාප්දාදා ළඟට පැමිණෙනවා. ශාලාවට ඇතුළු වෙනවාත් සමඟම ඔබට දකින්න ලැබෙන්නේ ඔබගේ
සහෝදර සහෝදරියන් අසුන්ගෙන සිටිනා ආකාරයයි. පසුව බාප්දාදාගේ පැමිණීම නරඹන විට ඔබ
පරමාත්ම පියාව සිහි කරනවා. ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවනුයි. පසුව බාප්දාදාගේ
පැමිණීම නරඹන විට ඔබ පරමාත්ම පියාව සිහි කරනවා. ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ
දරුවනුයි. බ්‍රහමිණ්වරුනුයි. බ්‍රහ්ම කුමාරයින් හා කුමරිනුයි. අනිත් බ්‍රහමිණ්වරුන්
බ්‍රහ්ම පියාව කිසිසේත්ම දන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණෙන විට බ්‍රහ්මා, විෂ්ණු හා
ශංකර් අනිවාර්යෙන්ම අවශ්‍ය වන බව ඔය දරුවන් දන්නවා. ත්‍රිමූර්ති ශිව දෙවියන් කතා
කරයි කියා කියනවා. ඔහු ඒ තිදෙනාම තුළින් කතා කරන්නේ නැහැ. නේද? ඔබගේ බුද්ධියේ මෙම
කරුණු හොඳින් ධාරණය කර ගන්න. අසීමිත පියාගෙන් ඔබ අනිවාර්යෙන්ම ඔබගේ දිව්‍යලෝක උරුමය
දිනා ගන්නවා. ඉතින්, බැතිමතුන්ට දෙවියන්ගෙන් අවශ්‍ය කරන්නේ මොනවාද? ජීවන මුක්තියයි.
ඔවුන් දැන් සිටින්නේ බන්ධන සහිත ජීවිතයකයි. සෑම කෙනෙක්ම පරමාත්ම පියාව සිහි කරනවා
පැමිණ අපව මෙම බන්ධන වලින් බේරා ගන්න. බාබා දැන් පැමිණ සිටිනා බව දන්නේ ඔය දරුවන්
පමණයි. පරමාත්ම පියා කල්පයක් කල්පයක් පාසා පැමිණෙනවා. ඔබ තමයි මව හා පියා කියාත්
ඔවුන් කන්නලව් කළත් එහි අර්ථය කිසිම කෙනෙක් දන්නේ නැහැ. එයින් අදහස් වන්නේ අශාරීරික
පියා බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් ගීතිකා ගැයුවත් කිසිවක් ලබන්නේ නැහැ. ඔය
දරුවන් දැන් ඔහුගෙන් තම උරුමය හිමි කර ගන්නා නිසා නැවතත් කල්පයකට පසුව ඔබට එම
උරුමයම හිමි වේවි. කල්ප බාගයක් පුරාවටම රැඳෙන උරුමයක් පරමාත්ම පියා පැමිණ ඔබට දෙන
බවත් රාවණ් පසුව ඔබට ශාප කරන බව ඔය දරුවන් දන්නවා. අප සෑම කෙනෙක්ම ශාපයකට ලක් වී
ඇති බව ලෝකයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. අපට සාප කර ඇත්තේ රාවණුයි. අන්න ඒ නිසා තමයි
සෑම කෙනෙක්ම දුකින් සිටින්නේ. ඊයේ, භාරතය පුරා තිබුණේ ලක්ෂ්මි නාරායනගේ රාජධානියයි.
මිනිස්සු දේවතා පිළිම ඉදිරියේ හිස නමා දණ නමස්කාර කරනවා. නමුත් ස්වර්ණමය යුගය
තිබුණේ කොයි කාලයේ ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දන් බලන්න, ස්වර්ණමය යුගය වසර
සිය දහස් ගණනක් පුරාවට තිබුණා නම් පසුව රිදී, තඹ හා කලි යුගයත් එවන් කාලයක් පුරා
පැවතුණා නම් විශාල ජනගහනයක් ඇති වේවි. ස්වර්ණමය යුගයේ පමණක්ම වුවත් මිනිසුන් විශාල
පිරිසක් සිටීවි. මෙය බොහෝ දෙනෙකුගේ සිහියට යන්නේ නැහැ. පරමාත්ම පියා මෙහි සිට කරුණු
කාරණා පැහැදිලි කර දෙනවා තිස් තුන් කෝටියක් දේවි දේවතාවරුන් සිටියා කියාත් සඳහන් වී
තිබෙනවා. වසර සිය දහස් ගණනක් පුරා එතරම් ප්‍රමාණයක් ඉඳිනා එකක් නැහැ. එමනිසා, මෙයත්
පැහැදිලි කර කියා දිය යුතුයි. බාබා අපගේ බුද්ධිය පිරිසිඳු කරනා බව ඔබට දැන්
තේරෙනවා. රාවණ් ඔබගේ බුද්ධිය පරිහාණියට ඇද දමනවා. ප්‍රධානම කරුණ මෙයයි. ස්වර්ණමය
යුගයේදී ඔබ පාරිශුද්ධව සිටියා. මෙහිදී ඔබ අපිරිසිඳුයි. රාමාගේ රාජ්‍යය තිබුණේ කවදා
පටන් කවදා තෙක් ද රාවණ්ගේ රාජ්‍යය පවතින්නේ කවදා පටන් කවදා තෙක් ද කියා කිසිම
කෙනෙක් දන්නේ නැහැ. රාමාගේ රාජ්‍යයත් රාවණ්ගේ රාජ්‍යයත් දෙකම මෙහි පැවතියා කියා
ඔවුන් සිතනවා. විවිධාකාර මත ගණනාවක් තිබෙනවා. මිනිසුන් සිටිනා ප්‍රමාණයට විවිධ මත
රාශියක් තිබෙනවා. මෙහිදී ඔබට නොබෙදුණු අසහාය උපදෙස් ලැබෙනවා. ඒවා ලැබෙන්නේ පරමාත්ම
පියාගෙන්ම පමණයි. ඔබ දැන් බ්‍රහ්මා හරහා දේවතාවරුන් වෙනවා. දේවතාවරුන්ගේ ගුණ වර්ණනා
වී තිබෙනවා; ඔබ සියලු ගුණ සම්පන්නයි, සොළොස් කලාවන්ගෙන් පිරී අයයි. ඔවුනුත්
මිනිසුන් ඉතින් ඇයි මිනිසුන්ගේ ගුණ ගයන්නේ? වෙනසක් තිබිය යුතුයි නේද? ඔය දරුවන් ඔබ
එකිනෙකා දරණා උත්සාහයේ තරමට මිනිසුන් දේවතාවරුන් කරවන්නේ කෙසේද කියා දැන් ඉගෙන
ගනිමින් සිටිනවා. ඔබ කළි යුග මිනිසුන්ව සත් යුග දේවතාවරුන් බවට පත් කරවනවා. එනම්,
ඔබ ඔවුන්ව ශාන්ත දේශයේ, බ්‍රහ්මාණ්ඩයේ හා ලෝකයේ පාලකවරුන් බවට පත් කරවනවා. මෙය
ශාන්ත දේශය නොවෙයි. ඔබ අනිවාර්යෙන්ම මෙහිදී ක්‍රියා කළ යුතුයි. එය මිහිරි නිහඬ
නිවහනයි. ජීවාත්ම වන අප මිහිරි නිවහනේ බ්‍රහ්මාණ්ඩයේ හිමිකරුවන් කියා ඔබට දැන්
තේරෙනවා. ඔබ එහි සිටින්නේ දුකිනුත් සතුටිනුත් එපිටයි. පසුව ස්වර්ණමය යුගයේ දී ඔබ
ලෝක පාලකවරුන් වෙනවා. ඔය දරුවන් දැන් යෝග්‍ය දරුවන් වෙමින් සිටිනවා. නිවැරදිම අරමුණ
හා ඉලක්කය ඔබ ඉදිරියේ තිබෙනවා. ඔය දරුවන් යෝගා බලය ඇති අයයි. අනිත් අය භෞතික බලය
ඇති අයයි. ඔබලා සිටින්නේ යුධ පිටියකයි. නමුත් ඔබලා ද්විත්ව අවිහිංසාවාදීයි. ඔවුන්
ප්‍රචණ්ඩකාරීයි. සන්‍යාසීවරුන් පවා එය හිංසනයක් ලෙස සලකනවා. ඒ නිසා තමයි ඔවුන්
පාරිශුද්ධව සිටින්නේ. ඔබ හැර වෙන කිසිම කෙනෙක් පරමාත්ම පියාට සෙනෙහසින් සිටින්නේ
නැහැ. ආදරවන්තයෙක් හා ආදරවන්තියක් අතර සෙනෙහසක් තිබෙනවා. ඒ ආදරවන්තයා හා ආදරවන්තිය
ප්‍රසිද්ධ වුණේ ඔවුන්ගේ එක් උපතක සෙනෙහසටයි. ඔබ සෑම කෙනෙක්ම ආදරවන්තයා වන මගේ
ආදරවන්තියන්. ඔබලා නිරතුරුවම භක්ති මාර්ගයේ දී මාව, ආදරවන්තයාව සිහි කළා. මම දැන්
කියනවා: මෙම අවසන් උපතට පිරිසිඳුව සිටින්න. මා සිහිපත් කරන්න. ඉන් පසුව ඔබ මා සිහි
කිරීමේ අවශ්‍යතාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේවි. ස්වර්ණමය යුගයේදී ඔබට මා සිහි
කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. සෑම කෙනෙක්ම මා සිහි කරන්නේ දුකින් සිටිනා විටයි.
මෙය අපායක් එයට දිව්‍යලෝකයක් කියා කියන්න බැහැ. ධනවත් ප්‍රභූ අය තමන්ට මෙය
දිව්‍යලෝකයයි කියා සලකනවා. ගුවන් යානා හා තවත් නොයෙකුත් සැප පහසුකම් ඔවුන්ට
තිබෙනවා. ඔවුන් ජීවත් වන්නේ එතරම් අන්ධ විශ්වාසයකයි. ඔබ මව හා පියා කියා කිව්වත්
එහි අර්ථය මිනිස්සු දන්නේ නැහැ. ඔවුන් ලද්දේ කුමන අසීමිත සතුටද? කිසිම කෙනෙක් මේ
ගැන දන්නේ නැහැ. කතා කරන්නේ ජීවාත්ම සත්තාවයි. අප අසීමිත සතුටක් ලබනා බව ඔය
ජීවාත්මයන්ට තේරෙනවා. එහි නම දිව්‍යලෝකයයි. සතුටේ දේශයයි. සෑම කෙනෙක්ම දිව්‍යලෝකය
ඉතාමත් මිහිරි තැනක් ලෙස සලකනවා. දිව්‍යලෝකයේ මුතු මැණික් ඔබවා සෑදූ මාළිගා රැසක්
තිබුණු බව ඔබලා දන්නවා. භක්ති මාර්ගයේ දී එතරම් ගැණිය නොහැකි තරමේ ධනස්කන්ධයක්
තිබුණා. එයින් ඔවුන් සෝමනාථ දේවාලය සෑදුවා. සෑම පිළිමයක්ම සිය දහස් ගණනක් වටිනවා. ඒ
සියල්ල ගියේ කොහේද? විශාල ප්‍රමාණයක් මංකොල්ල කා රැගෙන ගොස් තිබෙනවා. එතරම්
ධනස්කන්ධයක් තිබුණා. ඔය දරුවන්ගේ සිහියේ දැන් තිබෙනා දෙයක් තමයි අපි නැවතත් වතාවක්
පරමාත්ම පියා හරහා දිව්‍යලෝකයේ හිමි කරුවන් බවට පත් වෙමින් සිටිනවා. අපේ මාළිගා රන්
මාළිගායි. ඒවායේ දොරවල් පවා මැණික් ඔබ්බවා සෑදූ ඒවායි. ජෛන ආගමේ දේවාලත් ඒ ලෙසට
සෑදුණු ඒවායි. ඒ දින වල තිබුණු දියමන්ති දැන් නැහැ. අපි දැන් අපගේ පරමාත්ම පියාගෙන්
උරුමය දිනා ගන්නා බව ඔබලා දන්නවා. ශිව බාබා පැමිණෙන්නේ භාරතයට පමණයි. ශිව
දෙවියන්ගෙන් දිව්‍යලෝක උරුමය දිනා ගන්නේ භාරතය පමණයි. ක්‍රිස්තුන් වහන්සේට වසර තුන්
දහසකට පෙර භාරතය දිව්‍යලෝකයක්ව පැවති බව ක්‍රිස්තියානිවරුනුත් කියනවා. ඒ රාජ්‍යය
පාලනය කළේ කවුද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. නමුත් භාරතය අති පෞරාණික තැනක් බව
ඔවුනුත් දන්නවා. ඒ නිසා එය දිව්‍යලෝකයයි. පරමාත්ම පියා දෙව්ලොව දෙවි පියාණන්,
දෙව්ලොව නිර්මාණය කළ කෙනා කියා හැඳින්වෙනවා. අනිවාර්යෙන්ම පියා පැමිණෙන්න ඇති. ඔබත්
දෙව්ලොව හිමිකරුවන් වන්න ඇති. ඔබ සෑම වසර 5000 කටම වරක්ම දෙව්ලොව හිමි කරුවන්
වෙනවා. කල්ප බාගයකට පසුව, රාවණ්ගේ රාජ්‍යය ඇරඹෙනවා. එය ඉතාමත් පැහැදිලිව පින්තූර වල
පෙන්වන්න, එවිට වසර සිය දහස් ගණනක සංකල්පය මිනිසුන්ගේ සිතෙන් ඉවත්ව යාවි. ලක්ෂ්මි
හා නාරායන තනිව සිටිනා අය නොවෙයි. ඔවුන්ට වංශයක් තිබෙනවා. ඔවුන්ගේ දරුවන් රජවරුන්
වෙනවා. රජවරුන් වන අය රාශියක් සිටිනවා. මුළු රෝසරියක්ම නිර්මාණය වෙනවා. පරමාත්ම
පියාගේ සහායකයින් වී පියාගේ සේවය කරනා අයගෙන් පමණයි රෝසරිය නිර්මාණය වන්නේ. මෙය
මුළු කල්පය පුරාම පැමිණෙන අයගේ වන්දනා කරනා අය වී පසුව පූජනීය අය වන අයගේ
සිහිවටනයයි. වන්දනාවට සුදුසු කෙනෙකුගෙන් ඔබ වන්දනා කරනා කෙනෙක් බවට පත් වුණු විට,
ඔබ ඔබගේම රෝසරිය වන්දනා කර කර සිටිනවා. පළමුව ඔවුන් තම අතේ එම මාලය තබා ගෙන පසුව
එයට හිස නමා නමස්කාර කරනවා. ඉන් පසුව ගණන් කරන්න පටන් ගන්නවා. ඔබ මුළු චක්‍රය පුරාම
ගොස් පසුව ශිව බාබාගෙන් උරුමය දිනා ගන්නවා. මෙම රහස දන්නේ ඔබ පමණයි. මිනිස්සු කාගේ
හෝ නමින් ඇති රෝසරියක් ගණන් කර කර ඉන්නවා. ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබට දැන්
රෝසරිය පිළිබඳ සම්පූර්ණ ඥානය තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට මෙම දැනුම නැහැ. තමන් සිහි
කරන්නේ කාගේ රෝසරිය දැයි කියා ක්‍රිස්තියානුවන් හරියටම දන්නවාද? මෙම රෝසරිය පරමාත්ම
පියාගේ සහායකයින් වන අයගේ රෝසරියයි. මේ කාලය වන විට සෑම කෙනෙක්ම අපිරිසිඳු වෙලා.
පාරිශුද්ධව සිටි අය අපිරිසිඳු වී පහළට ඇද වැටුණා. දැන් ඔවුන් නැවතත් නැගිටීවි.
පිළිවෙලින්, ඔවුන් පිළිවෙලින් පැමිණ පිළිවෙලින් ආපසු යනවා. තේරුම් ගැනීමට කරුණු
කාරණා රැසක් තිබෙනවා. මෙය ගසක්; එහි අතු රිකිලි රැසක් තිබෙනවා. මෙම මුළු ගසම දැන්
විනාශ වීමටයි යන්නේ. ඉන් අනතුරුව ඔබගේ පදනම දමාවි. ඔබ මෙම ගසෙහි පදනමයි. සූර්ය
වංශයත් චන්ද්‍ර වංශයත් මෙහි තිබෙනවා. ස්වර්ණමය යුගයේ හා රිදී යුගයේ පාලනය ගෙන ගිය
අයගේ ධර්මය දැන් නැහැ; පිළිම පමණයි ඇත්තේ. ඔබ ළඟ ඇත්තේ කාගේ පිළිම ද ඒ අයගේ ජීවිත
කතාව ඔබ දැන ගත යුතුයි. අහවල් අහවල් දේ වසර සිය දහස් ගණනක් පැරණියි කියා ඔවුන්
කිව්වත් පෞරාණිකම දේ නම් ආදී සනාතන දේවි දේවතා ධර්මයයි. එයට වඩා පැරණි දෙයක් තවත්
නැහැ. නැති නම් අන් සියල්ලම වසර දෙදහස් පන්සියයක් පමණක් පැරණි දේවලුයි. මිනිස්සු
විවිධ කැණීම් කර එක් එක් දේවල් සොයා ගන්නවා. භක්ති මාර්ගයේ වන්දනා කරනා පැරණි පිළිම
භූමිකම්පා වලින් විනාශ වුණු පසු නැවත ඉදි කළ දේවාල වලින් ඉවත් කළ පිළිමයි. දැන්
හිස් වී ඇති දියමන්ති හා රන් ආකර නැවතත් එහිදී පිරේවි. මේ සියල්ල ඔබගේ සිහියේ
තිබෙනවා. පරමාත්ම පියා ලෝකයේ ඉතිහාසය හා භූගෝලය; ස්වර්ණමය යුගයේ එතරම් අඩු ජනගහනයක්
පැවතියේ කෙසේද, පසුව එය වර්ධනය වූයේ කෙසේ ද කියා ඔබට කියා දෙනවා. සෑම ජීවාත්මයක්ම
පරමදාමයේ සිට පහළට ඒමට පටන් ගන්නවා. ඔවුන් පැමිණෙන විට ගස වැඩෙනවා. පසුව ගස
මුළුමණින්ම පිරිහුණු විට; රාමාත් ගියා, ලොකු පවුලක් සිටි රාවණුත් ගියා කියා කියනවා.
ආගම් ගණනාවක් තිබෙනවා. අපේ පුවල හරිම පොඩියි. මෙය බ්‍රහමිණ්වරුන්ගේ පවුලයි. ආගම්
ගණනාවක් තිබෙනවා. ජන සංගණන පළ කරනවා. ඒ සියල්ල රාවණ් සමාජයයි. ඒ සෑම කෙනෙක්ම යන්න
යාවි. ඉතිරි වන්නේ ටික දෙනයි. රාවණ් සමාජය දෙව්ලොවට ඇතුළු වන්නේ නැහැ. ඒ සෑම
කෙනෙක්ම මුක්ති දේශයේ නතර වේවි. කෙසේවෙතත්, හොඳින් ඉගෙන ගන්නා ඔබලා පිළිවෙලින්
පහළට, දෙව්ලොවට පැමිණේවි. ඒ අශාරීරික ගස වූයේ කෙසේද මෙය මානය ලෝක ගස වූයේ කෙසේද
කියා ඔය දරුවන් දැන් තේරුම් ගනිමින් සිටිනවා. මෙය ඔබගේ සිහියේ තිබෙනවා. ඔබ
අධ්‍යාපනයට ඔබව යොමු නොකරන්නේ නම්, විභාගයෙන් අසමත් වේවි. හොඳින් ඉගෙන ගෙන අන්
අයටත් උගන්වනවා නම්, ඔබට සතුටින් සිටිය හැකි වේවි. පාපයට වැටුණොත් සියල්ල අමතක වී
යාවි. ජීවාත්ම සත්තාවන් පිරිසිඳු රත්රන් වුණු විට පමණයි සියල්ල හොඳින් ධාරණය කර ගත
හැකි වන්නේ. රන් බඳුනක් පිරිසිඳුයි. රත්රන් කෙනෙක් අපිරිසිඳු වුණහොත්, ඔහුට ඥානය
ගැන කතා කළ නොහැකි වෙනවා. ඔබ දැන් සිටින්නේ බාබා ඉදිරියේයි. දෙවි පියාණන් වන ශිව
බාබා ජීවාත්ම වන අපට උගන්වනා බව ඔබලා දන්නවා. ජීවාත්ම වන අප මෙම ඉන්ද්‍රියන් හරහා
ඇහුම් කන් දෙනවා. උගන්වන්නේ පරමාත්ම පියායි. එවන් පාසලක් ලෝකයේ තවත් කොහේද
තියෙන්නේ? ඔහු දෙවි පියාණනුයි, ගුරුවරයායි, සත් ගුරුයි. ඔහු සෑම කෙනෙක්වම ආපසු
රැගෙන යාවි. ඔබ සිටින්නේ පරමාත්ම පියා ඉදිරියේයි. මුරලියට කෙළින්ම ඇහුම්කන් දීමේ
ලොකු වෙනසක් තිබෙනවා. මෙම කැසට් යන්ත්‍රය නිර්මාණය කර තිබෙනවා. කවදා හෝ දවසක සෑම
කෙනෙක් ළඟම ඉන් එකක් තිබේවි. දරුවන්ගේ සතුට සඳහා පියා එවන් දේවල් සාදා තිබෙනවා. එය
ලොකු දෙයක් නොවෙයි. මොහු අධිරාජ්‍යවරයෙක් ලෙස සිටි කෙනෙක්. මුලදී ඔහු ලස්සනයි, දැන්
අවලස්සන වෙලා. මෙන්න මේ නිසා තමයි ලස්සන හා අවලස්සන කියා කියන්නේ. ලස්සනට සිටි අප
දැන් අවලස්සන වී දැන් නැවතත් ලස්සන වෙමින් සිටිනා බව ඔබලා දන්නවා. ඇයි එක් අයෙක්
පමණක් එසේ වන්නේ? නයා දෂ්ඨ කළේ එක් අයෙකුට පමණක්ද? අන්තිමට බලන කොට, නයා කිව්වේ
මායාටයි. පාපයේ ගැලීමෙන් සෑම කෙනෙක්ම අවලස්සන වෙලා. මේ කරුණු ඉතාමත් පැහැදිලිව
තේරුම් ගත යුතුයි. අසීමිත පියා කියනවා : ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන අතර
මෙම අවසාන උපතේ දී මම කියන නිසා හෝ පාරිශුද්ධව සිටින්න. මේ බාබා දරුවන්ගෙන් කරනා
අයදීමයි. නෙලුම් මලක් සේ පිවිතුරු වී මා සිහි කරන්න. මෙම උපතේදීත් ඔබ පාරිශුද්ධ
වේවි. ඒ වගේම පියාව සිහි කිරීමෙන් ඔබගේ පසුගිය පාප සියල්ල දුරු වී යාවි. උපත්
ගණනාවක පාප පුළුස්සා දැමිය හැකි යෝග අග්නිය මෙයයි. සතෝප්‍රධාන් තත්ත්වයේ සිට සතෝ,
රජෝ, හා තමෝ තත්ත්ව පසුකර යනවාත් සමඟම කලාවන් ක්‍රමයෙන් අඩු වී ගොස් තවත් විවිධ දේ
එයට මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. පරමාත්ම පියා දැන් කියනවා : මා පමණක් සිහි කරන්න.
ගංගා වල නෑමෙන් ඔබ පාරිශුද්ධ වෙන්නේ නැහැ. ජලයත් පදාර්ථයක්. පංච මහා භූත කියා
කියනවා. ඒ ගංගාවන් පාරිශුද්ධ කරුවන් වන්නේ කෙසේද? ගංගා මතු වන්නේ සාගරයෙන්. එමනිසා,
එසේ නම්, පළමුවෙන්ම මහ සයුර පාරිශුද්ධකරු විය යුතුයි. නේද? අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ජයග්‍රහණයේ
මල් දාමයට ඇතුළත් වීමට නම් පරමාත්ම පියාගේ සහායකයින් වී සේවය කරන්න. එකම එක
ආදරවන්තයා කෙරෙහි සැබෑ සෙනෙහස පවත්වා ගන්න. ඒ ඒකායනය පමණක් සිහි කරන්න.
2. ඔබගේ නිවැරදිම
අරමුණ හා ඉලක්කය තමා ඉදිරියේ තබා ගනිමින් උත්සාහ දරන්න. දෙවැදෑරුම් අවිහිංසාවාදී
කෙනෙක් වී මානව ජීව සත්තාවන් දේවතාවරුන් කරවීමේ උතුම් කාර්යභාරය ඉටු කරන්න.
වරදානය:
ඔබ නිරතුරුව
ජයග්‍රහාහී වීමේ කුල්මත් බවින් සියලු ආකර්ෂණ වලින් නිදහස් වී, නිරන්තරයෙන්
ප්‍රබෝදමත්ව රැදී සිටිත්වා.
ඔය ජයග්‍රාහී
මාණික්‍ය වල සිහිවටනය වන්නේ පරම පියාගේ ගෙල වටා මල්දම වන අතර එය අද පවා වන්දනාවට
ලක් වෙයි. එබැවින් බාබාගේ ගෙල වටා මල්දම වන ජයග්‍රාහී මැණික් වීමේ කුල්මත් බව
නිරන්තරයෙන් තබා ගන්න. ඔබ ලෝකයේ අධිපතිගේ දරුවන්ය. ඔබට හිමි වී ඇති දේ වෙන
කිසිවෙකුට ලබා ගත නොහැක. ඔබට මෙම කුල්මත් බව සහ සතුට ස්ථිරව තිබෙන විට ඔබට සියළු
අන්දමේ ආකර්ෂණ ඉක්මවා සිටීමට හැකි වනු ඇත. නිරන්තරයෙන් ජයග්‍රාහී අය, නිරන්තරයෙන්
ප්‍රබෝදමත්ව සිටිනු ඇත. ඔවුන් ආකර්ෂණය වන්නේ ඒකායන පරම පියාගේ සිහිකිරීමේ ආකර්ෂණයට
පමණයි.
පාඨය:
ඒකායන කෙනාගේ
ගැඹුර තුළ ගිලී සිටීම යනු, හුදකලාවේ සිටීමයි.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
දැන් ඔබ සියලු දෙනාම
එකිනෙකාගේ එඩිතරකම වැඩිකර, තමන් කාලය සමීපයට ගෙනැවිත් සියලු ජීවාත්මයන්ට මුක්තිය
ලබා දිය යුතු බව සැලකිය යුතුයි. කෙසේවෙතත්, මෙය සිදුවන්නේ ඔබගේ අවධානයේ ස්වරූපයට
ඔබගේ සිතිවිලි පත් කළ විට පමණයි. එකමුතුකම සහ අධිෂ්ඨානය ඇති තැන, කිසිසේත් කළ
නොහැකි දේ, කළ හැකි දෙයක් බවට පත් වෙයි.