10.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත්වීමේ මෙම අධ්‍යාපනය හොඳින් ඉගෙන ගෙන
ඔබ අන් අයටත් ඉගැන්විය යුතුයි. සාමයේ දේශයත් සතුටේ දේශයත් වෙතට යන මඟ සැමට
පෙන්වන්න.
ප්‍රශ්නය:
සතෝප්‍රධාන්
උත්තසාහවන්තයින්ව හදුනා ගත හැකි සලකුණු මොනවාද?
පිළිතුර:
ඔවුන් අන් අයවත් තමා හා සම අය බවට පත් කරවනවා. ඔවුන් නිරන්තරයෙන් බොහෝ පිරිසකට යහපත
සලසනවා. දැනුමේ ධනයෙන් තම සාක්කු පුරවා ගනිමින් ඔවුන් එය දානය කරනවා. උපත් 21 ක්
සඳහා වූ තම උරුමය දිනා ගනිමින් ඔවුන් එය දිනා ගැනීමට අන් අයවත් උනන්දු කරවනවා.
ගීතය:
ශිවාට නමස්කාර
වේවා.
ඕම් ශාන්ති.
ඔබ දැන් මේ
අසුන් ගෙන සිටින්නේ භක්තිවන්තයින් විසින් ගුණ ගායනා කරනා ඒ එකම එක කෙනා ඉදිරියේමයි.
එමනිසා, ඔබ තුළ විශාල සතුටක් තිබිය යුතුයි. ඔබ ඔහුට: ශිවාට නමස්කාර වේවා කියා
කියනවා. කොහොම නමුත්, ඔබ එවන් ප්‍රණාම ඔහුට පුද කළ යුත්තේ නැහැ. දරුවන් තම පියාව
සිහිපත් කරනවා: ප්‍රණාම, නමස්කාර පුදකරන්නේ නැහැනේ. ඔහුත් ඔබගේ පියායි. ඔබ ඔහුගෙන්
උරුමයක් ලබනවා. ඔබ ඔහුට ප්‍රණාම පුදකරන්නේ නැහැ. නමුත් සිහිපත් කරනවා. ශරීරය තුල
සිටිනා ජීවය ඔහුව සිහිපත් කරනවා. පියා මෙම ශරීරයඅරගෙන ඉන්නේ ණයටයි. පියාගෙන් අසීමිත
උරුමයත් දිනා ගන්නේ කෙසේද යන මඟ ඔහු අපට පෙන්වනවා. සත් යුගය සතුටේ දේශය බවත් ජීවයන්
සිටිනා ලෝකය සාමයේ දේශය බවත් ඔබ ඉතාමත් හොඳින් දන්නවා. අපි සාම දේශයේ වැසියන්ය යන්න
ඔබගේ සිහියේ තිබෙනවා. මෙම කලියුගය අනිවාර්යෙන්ම හැඳින්වෙන්නේ දුකෙහි දේශය ලෙසයි.
ජීව වන අප දිවය ලෝකය වෙත යාමට, මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් බවට පත්වීමට දැන්
ඉගෙන ගන්නා බව ඔබ දන්නවා. ලක්ෂ්මි හා නාරායන් දේවතාවරුන් නව ලෝකය සඳහා ඔබලා
සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් බවට පත්විය යුතුයි. ඔබ ඉගෙන ගන්නේ පියා
සමඟයි. සෑම කෙනෙක්ම ඉගෙන ගන්නේ විවිධ මට්ටම් වලින් ඔබගෙන් ඇතැම් අය දරනා උත්සාහය
ඉතාමත් ඉහලයි නමුත් ඇතැම් අයගේ උත්සාහය හරිම අඩුයි. සතෝප්‍රධාන් උත්සාහවන්තයින් අන්
අයවත් තමා හා සම කරවා ගැනීමට එක් එක් ආකාරයෙන් උත්සාහයන් දරනවා . ඔවුන් විශාල
පිරිසකට යහපත ගෙන එනවා. මෙම ධනයෙන් තම සාක්කු පුරවා ගනිමින් එය දානය කලතරමට, එතරම්
යහපතක්ද ලාබෙනු ඇත. මිනිසුන් දානය කරනවා. පසුව ඊලඟ උපතේ දී එහි ඵලය ඔවුන් කෙටි
කාලයකට ලබනවා. එහිත් ඇත්තේ කුඩා සතුටක් පමණයි. ඉතිරි සියල්ල දුක ම පමණයි. නමුත් ඔබ
කෙසේ හෝ උපත් 21 ටම සතුට ලබනවා. බලන්න මෙම දුකත් එක්ක බලන විට දිව්‍ය ලෝකයේ සතුට
කොයි තරම් වෙනස් ද කියලා. ඔබ අසීමිත පියාගෙන් අසීමිත සතුටක් දිව්‍ය ලෝකයේ දී ලබනවා.
මිනිස්සු දෙවියන් නාමයෙන් පුද පූජාවන් කරමින් දාන මාන ආදිය දෙනවා. ඒ චක්‍රාකාර
දෙයක්. ඔබ දැන් සිටින්නේ කෙලින් ම ඔහු ඉදිරියේමයි. පියා දැන්මෙහි පැහැදිලි කරනවා:
භක්ති මාර්ගයේ දී දෙවියන් ගේ නාමයෙන් දාන මාන පුද පූජාවන් කලහොත්, ඔවුන්ගේ ඊලඟ උපතේ
දී මිනිසුන්ට එහි ඵලය ලැබෙනවා. කෙනෙක් කිසියම් හොඳ දෙයක් කලහොත් එහි හොඳ ඵලය ඔවුනට
ලැබෙනවා: නරක දෙයක්, නැති නම් පාපයක් කලහොත් එයට අදාල ප්‍රතිඵලයත් ඔවුනට ලැබෙනවා.
මෙම කලියුගයේ දී දිගට ම සිදුවන්නේ පාපයනුයි, කිසිම පිනක් සිදුවන්නේ නැහැ. වැඩිම
උනොත් කෙටි කාලීන සතුටක් ලබනවා. කොහොම නමුත්, සත්යුගයේ දී ඔබ උපත් 21 ටම අඛණ්ඩ වූ
සතුටක් ලබනවා. එහි නම ම සතුටේ දේශය යන්නයි. මෙය සාමයේ දේශයටත්, සතුටේ දේශයටත් යාමට
ඇති මඟයි කියා ඔබට ප්‍රශ්න වලදී ලිවිය හැකියි. සාමයේ දේශය වෙතටත් සතුටේ දේශය වෙතටත්
යාමට ඇති පහසුම මඟ මෙයයි. දැන් මේ කලියුගයයි. එක සිප්පි කටුවක තරම්වත් වියදමක් නොකර
කලියුගයෙන් සත් යුගයට යාම සඳහා අපිරිසිඳු ලෝකයෙන් පිරිසිඳු ලෝකයට යාම සඳහා වුණු
පහසුම මඟ මෙයයි. එවිට මිනිසුන්ට මෙය අවබෝධ වේවි. මිනිසුන්ට ඇත්තේ ගල් බුද්ධියක්
නිසා ඔවුනට පැහැදිලි කරදීමට බාබා මෙය වඩාත් පහසු කරවනවා. මේකේ නම ම පහසු යෝගාව,
පහසු දැනුම යන්නයි. බාබා දරුවන් වන ඔබව ඉතාමත් ඥානවන්ත අය බවට පත් කරවනවා. ලක්ෂ්මි
හා නාරායන් ඥානවන්තයි. ක්‍රිෂ්ණා ගැන නොයෙකුත් දේ ලියවී තිබෙනවා, නමුත් සියල්ල බොරු
අපවාද. ක්‍රිෂ්ණා කිව්වා: අම්මා මම වෙඬරු ගත්තේ නැහැ, යි කියලා. ඒ කියමනෙහි තේරුම
කුමක්ද යන්න වත් ඔවුන් දන්නේ නැහැ. මම වෙඬරු ගත්තේ නැහැ, එහෙනම් කවුද ගත්තේ?
දරුවෙකුට පොවන්නේ කිරි. දරුවෙක් වෙඪරු කයි ද නැතිනම් කිරි බොයිද? වෙඬරු බඳුන බිඳ
දැමීම වැනි දේවල් සිදු වුණා කියා කියනවා නමුත් ඇත්තට ම එහෙම දේවල් සිදු වුනේ නැහැ.
ඔහු කොහොම නමුත් අවසානයේ දී දිව්‍ය ලොකයේ කුමරයායි. ශිව බාබාගේ ගුණ පමණයි ගායනා
වෙන්නේ. ලෝකයේ වෙන කිසිම කෙනෙක්ව වර්ණනාවට ලක්වී නැහැ. මේ කාලය වන විට සෑම කෙනෙක්ම
අපිරිසිඳුයි. නමුත් භක්ති මාර්ගයේ ප්‍රංශසාව තිබෙනවා. භක්තිවන්තයින්ගේ මාලාව ගැන
සඳහන් වී තිබෙනවා. කාන්තාවන් අතරින් වැඩියෙන්ම ප්‍රසිද්ධ මීරායි. පිරිමි
භක්තිකයින්ගෙන් ප්‍රසිද්ධ නාරායන්වයි. ඒක භක්තියේ මාලාව බවත් අනිත් එක දැනුමේ මාලාව
බවත් ඔබ දන්නවා. භක්තිවන්තයින්ගේ මාලාවෙන්, ඔවුන් රුද්‍රා ගේ කොටසක් බවට පත් වෙනවා.
පසුව රුද්‍රා ගේ මාලාවෙන් විෂ්ණුගේ මාලාව නිර්මාණය වෙනවා. රුද්‍රාගේ මාලාව ඇත්තේ
සංගම යුගයේදීයි. මෙම රහස දරුවන් වන ඔබගේ සිහියේ තිබෙනවා. බාබා ඔබ ඉදිරියේම අසුන්
ගෙන මේ සියල්ල පැහැදිලි කර දෙනවා. බාබා ඉදිරියේම අසුන් ගත් විට, හිරිගඩු පිපෙනා
තරම් සතුටක් ඔබ තුල ඇති විය යුතුයි. අහා මගේ සියගුණයක් වූවාසනාව, සිය ගුණයකින්
අවාසනාවන්ත වුනු අප සිය ගුණයකින් වාසනාවන්ත වෙනවා. කුමාරයින් රාගයේ අසිපත අත් දැක
නැහැ. බාබා කියනවා: ඒක රාගයේ අසිපතයි. දැනුමත් අසිපතක්. පියා කියා තිබෙනවා: දැනුමේ
ආයුධ දේවතාවරුන්ගේ අතේ පෙන්වා තිබෙන්නේ භෞතික ආයුධ ලෙසයි. ඒවා ප්‍රචන්ඩ කාරි ඒවා.
ස්වදර්ශන චක්‍රය කියන්නේ කුමක්ද කියා මිනිස්සු දන්නේ නැහැ. ආගමික ග්‍රන්ථ වල
ක්‍රිෂ්ණාව ස්වදර්ශන චක්‍රය සමඟ පෙන්වීමෙන් ඔවුන් පෙන්වා ඇත්තේ ප්‍රචණ්ඩත්වයම
පමණයි. ඔබලා දැන් ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත්වී සිටිනවා. ඔවුන් එය පෙන්වා ඇත්තේ
ප්‍රචන්ඩකාරි දෙයක් ලෙසයි. දරුවන් වන ඔබලාට දැන් තමා පිළිබඳවත් චක්‍රය පිළිබඳවත්
දැනුම ලැබී තිබෙනවා. බාබා කියනවා: බ්‍රහ්මා ගේ කටින් උපන්, බ්‍රාහ්මණ වංශයේ අලංකාරය
මෙන් ම ස්වදර්ශන චක්‍රධාරීන් වන්නේ ඔබලායි. මෙහි තේරුම දන්නේ ඔබ පමණයි. උපත් 84 ත්
ලෝක චක්‍රයත් පිළිබඳ වූ දැනුම ඔබට තිබෙනවා. මුල් කාලයේදී, සත් යුගයේදී තිබුනේ සූර්ය
වංශයයි පසුව චන්ද්‍ර වංශය පැමිණියා. ඒ දෙකම එකට හඳුන්වන්නේ දිව්‍ය ලෝකය කියලයි. ඔබ
අතරිනුත් ඔබ එකිනෙකාගේ බුද්ධිය තුල මේ සියල්ල රැඳී ඇත්තේ එක් එක් මට්ටමිනුයි. බාබා
ඔබට උගන්වා තිබෙනා අතර ඔබ එය ඉගෙන ගෙන දක්ෂයින් වෙලා. ඒ ලෙසින්ම ඔබ දැන් අන්අයටත්
යහපත සැලැස්විය යුතුයි. ඔබලා ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත්විය යුතුයි. ඔබලා
බ්‍රහ්මාගේ කටින් ඉපදෙන දරුවන් බවට පත්වන තෙක් ශිව බාබාගේ උරුමය දිනාගත හැක්කේ
කෙසේද? දැන් ඔබලා බ්‍රාහ්මීණ්වරුන් වෙලා. තමන් ශිව බාබාගෙන් තම උරුමය දිනා ගන්නවා
යන්න ඔබ අමතක නොකල යුතුයි. කරුණු සටහන් කරන්න. මෙම ඉණිමඟ උපත් 84 ක එකක්. ඉණිමඟක
පහලට පැමිණීම හරිම පහසුයි. පඩිපෙලක් නගිනා විට මිනිස්සු කොන්ද අල්ලා ගෙන නගින ආකාරය
බලන්න. කොහොම නමුත්, සෝපානයකුත් තිබෙනවා. බාබා දැන් ඇවිත් ඉන්නේ ඔබට ඒ සෝපානය ලබා
දීමටයි. ආරෝහණ තත්වය එක තත්පරයකින් ලබා ගත හැකියි. දැන් මේ තමන්ගේ ආරෝහණ අවධියයි යන
සතුට දරුවන් වන ඔබ තුල තිබිය යුතුයි. අපි අපගේ ඉතාමත් ආදරණීය බාබාව සොයාගෙන සිටිමු.
ඔහු වගේ ආදරණීය දෙයක් තවත් කොහේවත් නැහැ. සාදු සන්යාසීන් පවා ඔවුන් කවුරු උනත්
සිහිපත් කරන්නේ එකම එක ආදරවන්තයාවයි. සැවොම ඔහුගේ ආදරවන්තියන්, නමුත් ඔහු කවුද? ඒ
කිසිවක් ඔවුනට තේරෙන්නේ නැහැ. නිකම් ඔහේ කියනවා: ඔහු සර්ව ව්‍යාප්තියි කියලා. ශිව
බාබා අපට මොහු ලවා උගන්වනවා. ශිව බාබාට තමාගේම කියා ශරීරයක් නැහැ. ඔහු උත්තරීතර
ජීවයයි. උත්තරීතර ජීවය යනු ශිවා යනනමින් හඳුන්වන දෙවියනුයි. සෑම ජීවයකටම තමාගේ
ශරීරය වෙනුවෙන් වෙනම නමක් තිබෙනවා. ශිවා කියා හැඳින්වෙන එකම එක උත්තරීතර ජීවයයි
සිටින්නේ. මිනිස්සු ඔහුට විවිධාකාර වූ නම් දී තිබෙනවා. ඔහු වෙනුවෙන් විවිධාකාර වූ
දේවාල සාදා තිබෙනවා. ඒවායේ අර්ථය දැන් ඔබට වැටහෙනවා. බොම්බේ වල බුබුල්නාථ
(බබුරීනාථ) කටු වලට ඇති අධිපති සඳහා දේවාලයක් තිබෙනවා. මේ කාලයේදී ඔහු ඔබව කටු
වලින් මල් බවට පත්කරවනවා. ඔහු ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. ඉතින් ප්‍රධානම දේ
නම්: ජීවයන්ගේ පියා එකම එකකෙනෙක් යන බවයි. භාරතයේ මිනිසුන්ට උරුමය හිමි වන්නේ
ඔහුගෙන් පමණයි. ලක්ෂ්මී හා නාරායන් භාරතයේ පාලකවරුනුයි. ඔවුන් චීනෙන් ආපු අය
නොවෙයි. මුලදී, ජීව ලස්සනයි. පසුව අවලස්සන වෙනවා. ජීව වල කහට බැඳිලා නිසා
අවලස්සනයි. මේ කියමනත් ඔවුන් ගැනයි. ගුමු ගුමු තද දෙන මී මැස්සෙක් පොඩි කූඹියෙක්ව
තමා හා සම අයෙක් බවට පත් කෙරෙව්වා. සන්යාසීන් වෙනස් කරන්නේ මොනවාද? සුදු ඇඳුම්
අදිනා අයව කහ පාට ඇඳුම් අදිනා අය බවට පත් කරවා හිස මුඩු කරනවා. නමුත් ඔබ මෙම දැනුම
ගන්නවා. ඔබ ලක්ෂ්මි හා නාරායන් වගේ ලස්සන වෙනවා. ස්වභාව ධර්මය පවා දැන්
තමෝප්‍රධාන්: මේ පෘථිවියත් තමෝප්‍රධාන්ඉන් ලොකු හානියක් සිදු වෙනවා. අහසේත් කුණාටු
ඇති වෙනවා. ඒවායින් බරපතල හානි සිදු වෙනවා. වියසන හා කලබල දිගටම සිදු වෙනවා. මේ
ලෝකයේ දැන් ඇත්තේ උත්තරීතර වූ දුකක්මයි. එහි ඇත්තේ උත්තරීතර සතුටකුයි. බාබා ඔබව
උත්තරීතර දුකින් උත්තරීතර සතුට වෙතට ගෙන යනවා. මේ ලෝකයේ විනාශය සිදු වී පසුව සියල්ල
සතෝප්‍රධාන් වෙනවා. දැන් උත්සාහ දරා ඔබ කැමති ප්‍රමාණයේ උරුමයක් බාබාගෙන් දිනාගන්න.
නැතිනම්, පසුව අවසානයේදී පසුතැවිලි වීමට සිදුවේවි. බාබා ආවා නමුත් අපි මොකුත් කලේ
නැහැ. පිදුරු ගොඩට ගිනි ඇවිලුණු විට ඔවුන් කුම්භකරණ නිද්‍රාවෙන් අවිදි වේවි. ඒ
වෙලාවට වේදනාවෙන් අඬා දොඩා මියැදී යාවි. වේදනා බර ඇඬුම් වලින් පසු ජයග්‍රහණයේ හඬ
ඇසේවි. කලියුගයේ ඇත්තේ අපේක්ෂා භංගත්වයමයි නේද? දිගටම එකිනෙකා මරාගන්නවා. බොහෝ
පිරිසක් මරණයට පත්වේවි. කලියුගයට පසුව අනිවාර්යෙන්ම සත්යුගය ස්ථාපනය වේවි. ඒ දෙක
අතර ඇත්තේ සංගම යුගයයි. සුබ මංගල වූ සංගම යුගය කියා හැඳින්වෙන්නේ මෙයයි.
තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වීමට බාබා හොඳ මාර්ගයක් පෙන්වා දෙනවා. ඔහු
කියන්නේ: නිකම් මා සිහිපත් කරන්න කියලා විතරයි. වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ.
දරුවන් දැන් මේ කාලයේ ඔළුව පහත් කර කර වදින්නවත් අවශ්‍ය නැහැ. බාබා ඉදිරියේ කෙනෙක්
අත් එකට එකතු කර ආචාර කලහොත් බාබා කියන්නේ: ජීවය වන ඔබටත් අත් නැහැ බාබාටත් අත්
නැහැ. ඉතින් එහෙනම් කා වෙනුවෙන්ද අත් එකතු කරන්නේ. භක්ති මාර්ගයේ හෝ කලියුගයේ
කිසිඳු සළකුණක්වත් මෙහිදී තිබෙන්න බැහැ. අහෝ ජීවයනි ඇයි ඔබ අත් එකට එකතු කලේ? ඔබගේ
පියා වන මා සිහිපත් කරන්න. එපමණයි, සිහිපත් කිරීමකදී අත් එකට එකතු කිරීම
අවශ්‍යනැහැ. මිනිස්සු ඉරටත් වදිනවා. මහත්මාවරුන්ටත් වදිනවා. ඔබ ඔබගේ අත් එහෙම එකතු
කලයුතු වන්නේ නැහැ. මේ මම ණයට අරගෙන තියෙන ශරීරයයි. කෙනෙක් ඔබ ඉදිරියේ අත් එකට එකතු
කර ආචාර කළොත් ඔබත් ඔහුට එසේම කලයුතුයි. ඔබ මෙය තේරුම් ගත යුතුයි: මම ජීවයක් මම
ශරීරය පිළිබඳ වූ බන්ධනයෙන් නිදහස් විය යුතුයි. අප දැන් නිවස බලා යාමටයි ඉන්නේ. මෙම
ශරීරය කෙරෙහි අපුලක් ඇති වෙලා වගෙයි. මෙම පැරණි ශරීරය ගැරඬියෙක් හැව අරිනවා සේ
අත්හැර දැමිය යුතුයි. මී මැස්සෙකුටත් කූඹියෙක්ව තවත් මී මැස්සෙක් බවට පත් කරවීමට
තරම් ඥානයක් තිබෙනවා. දරුවන් වන ඔබලා පාප සාගරයේ ගිලෙමින් සිටිනා අයව දැන් ඉන්
පිටතට ගෙන කිරි සයුර වෙත ගෙන යා යුතුයි. පියා දැන් කියනවා: දැන් අපි සාමයේ දේශය බලා
යමු. මිනිස්සු සාමය වෙනුවෙන් ඇති තරම් තම ඔළුව ගහ ගන්නවා. සන්යාසීන්ට දිව්‍ය ලොකයේ
ජීවන මුක්තිය ලැබෙන්නේ නැහැ. ඔව් ඔවුනට මුක්තිය ලැබෙනවා: දුකින් ගැලවෙනවා පසුව
සාමයේ දේශය වෙතට යනවා. පළමුවෙන්ම ජීවයන් පහළට පැමිණෙන්නේ ජීවන මුක්තියටයි. පසුව
ජීවන බන්ධනයකට හසුවෙනවා. ජීව සතෝප්‍රධාන් නමුත් පසුව ඉණිමගේ පහළට ගමන් කරමින් එනවා.
පළමුවෙන්ම ඔවුන් සතුට අත් විදිනවා. පසුව පහළට එන ගමන් තමෝප්‍රධාන් විය යුතුයි. දැන්
නැවතත් වතාවක් සෑම කෙනෙක්වම නිවස බලා ගෙන යාමට පියා පැමිණිය යුතුයි. පියා කියනවා:
මා සිහිපත් කරන්න. ඔබ පාරිශුද්ත්වයට පත්වේවි. පියා පැහැදිලි කර කියා දී තිබෙනවා:
මිනිස් ජීව තම ශරීරය අතහැර යනවිට සෑහෙන වේදනාවක් විඳිනවා. මන්ද ඔවුන් දඬුවම් විඳිය
යුතුය. උදාහරණයක් ගත්තොත් ශිවාගේ නාමයෙන් බිල්ලක් වුනොත් තමන් මුක්තිය වෙතට යනවා
කියා අසා තිබෙනා නිසා කාෂි කඩුපහරට ඔවුන් තම ජීවිතය දන් දෙනවා. ඔබ දැන් තමාව බිල්ලට
දෙනවා. පසුව මෙම කරුණු භක්ති මාර්ගයේදීත් ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු ශිවා
වෙනුවෙන් ගිහින් බිලි වෙනවා. පියා දැන් පැහැදිලි කරනවා: කිසිම කෙනෙකුට නිවස වෙත යා
නොහැකියි. තම පාප දුරුවන තරමට ඔවුන් ගිහින් බිලි වෙනවා. පසුව ගිණුම නැවතත් ඇරඹෙනවා.
ඔබ දැන් මේ ලෝක චක්‍රය ගැන දන්නවා. දැන් මේ ඇත්තේ සැමගේම අවරෝහණ කාලයයි. පියා
කියනවා මා පැමිණ සෑම කෙනෙකුටම මුක්තිය දානය කරනවා. මා සෑම කෙනෙක්වම නිවස වෙත ගෙන
යනවා. කොහොම නමුත් කිසිම අපිරිසිඳු කෙනෙක්ව මා සමඟ ගෙනයන්නේ නැහැ. එමනිසා ඔබ
පාරිශුද්ධත්වයට පත්වන්න. එවිට ඔබගේ දැල්ල දැල් වී තිබේවි. විවාහ මංගල්‍යකදී කළයක්
මත ගිනි දැල්ලක් පත්තුකර මනාලියගේ හිස මත තබන සිරිතක් තිබෙනවා. මේ සිරිත ඇත්තේ
භාරතයේ පමණයි. එය මනාලයාගේ හිස මත තබන්නේ නැහැ. මන්ද ඔහු දෙවියන් වශයෙනුයි සළකන්නේ.
දෙවියන්ගේ හිසට උඩින් ගින්නක් පත්තු කරන්න පුළුවන්ද? පියා පැහැදිලි කරනවා මගේ ගින්න
දැනටමත් දැල්විලයි තිබෙන්නේ, මා ඔබගේ ගින්න දල්වනවා. පියාත් හඳුන්වන්නේ දැල්ලක්
ලෙසයි. බ්‍රහ්ම සමාජයේත් ගිනි දැල්ල ගැන විශ්වාස කරනවා. දැල්ල සැමවිට දල්වලයි
තිබෙන්නේ. ඔවුන්ට මතකය එය පමණයි. දෙවියන් කියා සළකන්නේ එය පමණයි. පොඩි පොඩි දැල්
පසුව ලොකු දැල්ල සමඟ එකට එකතු වෙනවා කියා ඔවුන් පසුව සිතනවා. එවන් මත ගණනාවක්
තිබෙනවා. පියා කියනවා: ඔබගේ ධර්මය විශාල සතුටක් ගෙන දෙන්නක්, දිව්‍ය ලෝකයේදී ඔබට
ලොකු සතුටක් දැකිය හැකි වේවි. නව ලොක්යේදී ඔබලා දේවතාවරුන් වෙනවා. ඔබගේ හැදෑරීම
අනිවාර්යෙන්ම නව ලෝකය සඳහායි. අන් සියළුම අධ්‍යාපනයන් ඇත්තේ මේ ලෝකය සඳහායි. මෙහිදී
ඔබ හොඳින් ඉගෙන ගෙන අනාගතයේදී තත්වයක් දිනා ගතයුතුයි. ගීතාවේ රාජ යෝගාව උගන්වා
තිබෙනවා. අවසානයේදී යුද්ධය පමණයි ඉතිරි වුනේ. පාණ්ඩවයින් සමඟ බල්ලෙක් පෙන්වා
තිබෙනවා. දැන් පියා කියනවා: මා ඔබව දෙවි දේවතාවරුන් බවට පත් කරවනවා. මෙහි විවිධාකාර
වූ දුක් ගෙනදෙන ආකාරයේ මිනිසුන් තමයි සිටින්නේ. රාගය නම් වූ අසිපත පරිහරණය කිරීම
නිසා විඳින්න සිදුවන්නේ විශාල දුකක්. අසීමිත පියා වන දැනුමේ සාගරය තමාට උගන්වනවායි
යන සතුට දරුවන් වන ඔබලා තුල තිබිය යුතුයි. ඔහු තමයි සියළුම අදරවන්තයින්ගේ
ආදරවන්තයා. ආදරවන්තියන් වන අප කල්ප බාගයක් පුරාවට ඔහුව සිහිපත් කලා. ඔබ දිගටම ඔහුව
සිහිකළා. දැන් පියා කියනවා: මම දැන් පැමිණ සිටිමි. මාගේ උපදෙස් පිළිපදින්න. තමා
ජීවයක් බව සළකා පියා වන මා පමණක් සිහිපත් කරන්න. වෙන කිසිම කෙනෙක් සිහි කරන්න එපා.
මා සිහිපත් කිරීමෙන් තොරව ඔබගේ පාප දුරු නොවනු ඇත. දිගින් දිගටම සෑම දෙයක්ම
සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න. බාබා ඔබට උපදෙස් දේවි: මේ ආකාරයෙන් ඔබගේ
වගකීම් සපුරාගන්න. මේ උපදෙස් පිළිපැද්දොත් තබන සෑම පියවරකදීම කෝටි ගණනක් උපයා ගත
හැකි වේවි. උපදෙසක් ගත්තොත් ඔබගේ වගකීම ඉන් අහවරයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අසීමිත
පියාගෙන් තම අසීමිත උරුමය දිනා ගැනීමට නම් සෘජුවම පරමාත්ම දෙවියන්ගේ නාමයෙන් දානය
කරමින් කුසල් කරන්න. දැනුමේ ධනයෙන් තම සාක්කු පුරවා ගනිමින් අන් අයටත් එය දානය
කරන්න.
2. මෙම ශුභ මංගල
සංගමයේ දී සෑම බන්ධනයකින් ම තමන්ව නිදහස් කරවා ගනිමින් ජීවන මුක්තිය ලබාගන්න. ගුමු
ගුමු නද දෙන මී මැස්සෙක් සේ අන් අයවත් තමා හා සම අය බවට පත්කරවීමේ සේවය කරන්න.
වරදානය:
සියලු ලැබීම්
අත්විඳිමින් ඔබ නිරතුරුවම බලවත් වී සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.
සියලු ලගාකරගැනීම් වල
ස්වරූප වූවෝ බලවත් වෙති. සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය බවට පත්විය හැක්කේ සියලු ලැබීම්
/ජයග්‍රහණ අත්විඳින එවැනි බලවත් ජීවාත්මයන්ට පමණි. දැන් ලෝකයේ ජීවාත්මයන් සන්තෝෂය
සහ සාමය ප්‍රදානය කරන්නන් වන ජීවාත්ම සොයමින් ඇවිදියි. ඔබ සතුව සියලු බලතල තොගයක්
ඇති විට, ඔබට සෑම කෙනෙකුවම සතුටු කිරීමට හැකි වනු ඇත. වර්තමානයේ, ඔබට එක්
වෙළඳසැලකින් සෑම දෙයක්ම ලබා ගැනීමට හැකි වන සේ, ඔබ ද එයම බවට පත් විය යුතුය. යමෙකුට
ඉවසීමට බලයක් ඇති නමුත් මුහුණ දීමට බලයක් නොමැති බව නොවේවා. ඔබට සාර්ථකත්වයේ
ප්‍රතිමූර්තියක් වීමට හැකි වන්නේ සියලු බලතල තොග පිටින් තිබුණහොත් පමණි.
පාඨය:
ආචාර ධර්ම යනු
බ්‍රාහ්මණ ජීවිතයේ පියවරයි. පරමාත්ම පියාගේ පියවරෙහි ඔබේ පියවර තැබීම යනු ඔබේ
ගමනාන්තයට සමීප වීමයි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
මෙකල සමහර දරුවන්
විශේෂ භාෂාවක් කතා කරයි. ඔවුන්ට ව්‍යාජ කිසිවක් දැකීම හෝ ඇසීම දරාගත නොහැකි බව
ඔවුන් කියයි. ඒ නිසයි යම් අසත්‍ය දෙයක් දුටුවිට හෝ ඇසූ විට, ඔවුන් බොහෝ බලපෑම් සිදු
කරන්නේ. කෙසේවෙතත්, අනෙක් පුද්ගලයා ව්‍යාජ වන අතර එම ව්‍යාජත්වය දැකීමෙන් ඔබ බලපෑම්
සිදු කරන්නේ නම්, එවිට ඔබ බලපෑම් සිදුකිරීමත් අසත්‍යයක්. ඕනෑම අන්දමක ව්‍යාජත්වයක්
අවසන් කිරීමට, තමන්ගේ ඇතුලාන්තයේ සත්‍යයේ බලය ධාරණය කරගන්න.