10.05.25    Avyakt Bapdada      Sinhala Murli     30.01.2010    Om Shanti    Madhuban


විෂයයන් සතරින්ම ආත්ම-අභිමන් අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වී,
ඔබගේ අත්දැකීමේ අධිකාරිත්වය භාවිතා කරන්න.


අද, බ්‍රහ්මින් ලෝකයේ නිර්මාණකරු වන බාප්දාදා, සෑම තැනකම සිටින ඔහුගේ බ්‍රහ්මින් ලෝකය දකිනවා. මුළු බ්‍රහ්මින් ලෝකයේ සෑම බ්‍රහ්මින් කෙනෙක්ම විශේෂ ජීවාත්මයකි. ඔබ කෝටි ගණනකින් එක්කෙනෙකි, මන්ද, සාමාන්‍ය සිරුරක් තුළ පැමිණි පියාව ඔබ හඳුනා ගත් නිසා. තම හදවත් තුළ ඔහුව මුසුකර ගත් ඔය දරුවන්ට බාප්දාදා ඔහුගේ හදවතින් සෙනෙහස ලබා දෙනවා. ඔය සෑම දරුවෙක්ම, එවන් පියාගේ සෙනෙහස ලැබීම, අත්විඳින අතර පරම පියා ඔබගේ හදවත තුළ මුසු වී සිටීම අත්විඳිනවා. පරම පියාට, සෑම දරුවෙක්ම උපරිම ලෙස ආදරණීයයි, එමෙන්ම සියලු දෙනාගේ සෙනෙහස ලබයි. ඔබට යෝගී දිවියක් තිබෙන බව, ඔය සියලුම දරුවන් සියලු ජීවාත්මයන්ට අභියෝගයක් නිකුත් කර තිබේ: ඔබ නිකම්ම යෝගාවේ සිටින අය නොවෙයි, නමුත් ඔබ යෝගී දිවියක් ඇති අයයි. ජීවිතයක් යනු පැය දෙකකට හෝ සතරකට පමණක් නොවෙයි; ජීවිතයක් සෑම කලටයි. එබැවින් ඇවිදින විට, එහෙ මෙහෙ යන එන විට සහ සෑම දෙයක්ම කරන අතර ඔබ යෝගී ජීවිතයක් ඇති නිරන්තර යෝගීවරුන්ය. ඔබ යෝගාවේ අසුන්ගෙන සිටියත්, වෙනත් කාර්යයක යෙදුනත් ඔබ කර්ම යෝගීවරුන්ය. ඔබගේ ජීවිත වල අරමුණ වන්නේ නිරන්තර යෝගීවරු වීමයි. ඔබගේ යෝගී දිවි පෙවෙත, ස්වාභාවික ජීවිතයක් බව ඔබ අත්විඳිනවාද? බාප්දාදා, සෑම දරුවෙකුගේම නළල මැද දිදුලන භාග්‍යය දකිනවා. ඔහු දකින්නේ කුමක්ද? මාගේ සෑම දරුවෙකුටම ආත්ම-අභිමානයක් තිබෙන අතර ඔහු ස්ව-අධිරාජයෙකි, තමන්ගේ පාලකයෙකි. ඇයි? ආත්ම-අභිමානය ඇති තැන ශරීර අවධානය තිබිය නොහැක. ආරම්භයේ සිට අවසානය දක්වා, මේ වන තුරු, බාප්දාදා සෑම දරුවෙකුටම විවිධ අන්දමේ ආත්ම-අභිමාන ලබා දී ඇත. ඔබ දැන් ඔබගේ ආත්ම-අභිමානය සිහිකර, ආත්ම-අභිමානයේ සෑම කරුණකම පබුළු නොකඩවා භ්‍රමණය කරන්නේ නම්, ඔබ බොහෝ ආකාරයේ ආත්ම-අභිමාන වල ප්‍රතිමූර්තියක් වී, එම ආත්ම-අභිමානයේ ගිලී සිටිවි. කෙසේවෙතත්, දැන් පවා දරුවන්ගේ එක් දෙයකට බාප්දාදා ප්‍රිය නොකරයි. එය කුමක්ද කියා ඔබ දන්නවාද? ඔවුන්ගේ ආත්ම-අභිමානය තුළ ස්ථාවර වීමට ඔවුන්ට ඇතැම් විට වෙහෙස වීමට සිදුවන බව, ඔවුන්ට මෙය කිරීමට අවශ්‍ය නමුත් ඇතැම් විට ඔවුන්ට මේ සඳහා උත්සාහ දැරීමට සිදුවන බව, ඇතැම් දරුවන් පවසන විට, සර්ව බලධාරි පියාට දරුවන්ගේ උත්සාහයන් දැකීම දරා ගත නොහැක, මන්ද, සෙනෙහස ඇති තැන වෙහෙසක් නොමැත, වෙහෙස ඇති තැන, සෙනෙහසේ අඩුවක් තිබේ.

අද දින අම්රිත් වේලාවේ, මේ දේශයේ සහ විදෙස් රටවල සෑම තැනකම සියලුම බ්‍රහ්මින්වරු වටා බාප්දාදා සංචාරය කළ අතර ඔහු දුටුවේ කුමක්ද? සමහර දරුවන් ඔවුන්ගේ ආත්ම-අභිමානයේ අසුන්ගෙන සිටියා, ඔවුන් බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින බව ඔවුන් සිතමින් සිටියා, ඔවුන් මෙසේ සිතමින් මෙම ආත්ම-අභිමානයේ තමන්ව ස්ථාවර කරගැනීමට උත්සාහ දරමින් සිටියා, නමුත් බාබා දුටු දුර්වලතාවය කුමක්ද? ඔවුන් ආත්ම-අභිමානය සිහි කළා, ඔවුන් ඒ ගැන සිතමින් සිටියා, නමුත් ආත්ම-අභිමානයේ ස්වරූපයක් වීම, අත්දැකීමේ ස්වරූපයක් වීම සහ එම අත්දැකීමේ අධිකාරියෙක් වීමේදී, දුර්වලතාවයක් පෙනුනි. අධිකාරිත්ව බොහොමයක් තිබෙනවා, නමුත් උසස්ම අධිකාරිත්වය වන්නේ අත්දැකීමේ අධිකාරිත්වය වන අතර සර්ව බලධාරියා ඔබට ආත්ම-අභිමානයේ අත්දැකීම ලබා දී තිබේ. ඉතිං, ඔවුන් උත්සාහ දරමින් සිටි නමුත් ඔවුන් අත්දැකීමේ අධිකාරීන් වුනේ නැහැ. දරුවන් අසුන්ගෙන සිටින විට ඔවුන් මේ ගැන සිතන බවද බාප්දාදා දුටුවා, නමුත් අත්දැකීමේ ප්‍රතිරූ වන්නේ ඇතැමුන් පමණයි. එම අත්දැකීම තුළ කිසිම ආකාරයක සුළු ශරීර අවධානයකට වත්, ඔබව එය දෙසට ඇද ගත නොහැක. එබැවින් අත්දැකීම් වල ප්‍රතිරුවක් වීම සදහා, ක්‍රියා සිදු කරන අතර කර්ම යෝගීවරයෙකුගේ අත්දැකීමේ ගිලි සිටීම දැන් බොහෝ සේ අත්‍යාවශ්‍යයි. තමන්ව එම ස්වරූපය තුළ ස්ථාවර කරගන්න. සෑම අවස්ථාවකදීම, සෑම විෂයකින්ම අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වන්න. එය දැනුම, යෝගාව, ධාරණය හෝ සේවය වුනත්, විෂයයන් සතරින්ම අත්දැකීම් වල ප්‍රතිරුවක් වන්න. අත්දැකීම් ඇති කෙනෙක්ව චංචල කිරීමට මායාට වත් නොහැක, මේ නිසයි, අද, බාප්දාදාට ඔය සියලුම දරුවන්ව දැකීමට අවශ්‍ය වන්නේ අත්දැකීම් වල ප්‍රතිමූර්ති ලෙසයි. එයට සවන් දීම සහ ඒ ගැන සිතීම සහ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීම අතර වෙනසක් තිබේ: ඔබ සිතන්නේ කුමක්ද, ඔබට තමන්ව ස්ථාවර කරගැනීමට අවශ්‍ය වන්නේ කුමන ආත්ම-අභිමානයේද, එම අත්දැකීමේ ප්‍රතිරුවක් වීමේ ස්ථාවර වන්න. කිසිවෙකුට එම අත්දැකීම චංචල කළ නොහැක, මන්ද එය ආත්ම-අභිමානයයි (ස්ව-මානයයි). ඔබ ආත්ම-අභිමානයේ ප්‍රතිමූර්තියක් වී, ආත්ම-අභිමන් අත්දැකීමේ ස්ථාවර වන විට, එහි කිසිදු ශරීර අවධානයක් තිබිය නොහැක. නිදසුනක් ලෙස අන්ධකාරය තිබෙන විට, ඔබ විදුලි ස්විචය දමන්නේ නම්, අන්ධකාරය ඉබේටම අතුරුදහන් වෙයි; අන්ධකාරය ඉවත් කිරීමට හෝ එය පලවා හැරීමට ඔබට කිසිදු උත්සාහයක් දැරීමට සිදු වන්නේ නැහැ. ඒ අන්දමින්ම ඔබගේ ආත්ම-අභිමානයේ ඔබ අසුන්ගෙන සිටින විට, අත්දැකීමේ ස්විචය ඔබ දමා තිබේ, එබැවින් කිසිදු අන්දමක ශරීර අවධානයකට එතැන පැවතිය නොහැක. ශරීර අවධානයේ විවිධ ආකාර තිබෙන අතර පරම පියාද ඔබට විවිධ ආකාරයේ ආත්ම-අභිමාන ලබා දී තිබේ. ඔබ ආත්ම-අභිමානය ගැන දන්නා අතර ඔබ ඒ වෙනුවෙන් උත්සාහද දරයි, නමුත් එම අත්දැකීම ලබා ගැනීමට උත්සාහ දැරීම සහ එම අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වීම අතර වෙනසක් තිබේ. ඔබට වෙහෙස වීමට සිදු වන්නේ ඒ නිසයි. එබැවින් දැන්, කාලයට අනුව සහ පරම පියාට සමාන වීමේ ඔබගේ අරමුණ ඔබ ඉටු කරමින් සිටින කාලයේදී, ඔබ වෙහෙස වනවා දැකීමට බාප්දාදා ප්‍රිය නොකරයි. ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි: මට කර්ම යෝගී ජීවිතයක් තිබෙනවාද? ජීවිතයක්, ස්වාභාවිකයි එමෙන්ම සෑම කලටයි; එය ඇතැම් වෙලාවකට පමණක් නොවෙයි. අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වන්න. ඔබට ඇති අරමුණ වන, යෝගී දිවියක් තිබීම සහ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීම, ඔබ අත්කරගෙන තිබෙනවාද? ඔබම ඔබගේ නළලේ දිදුලන ආලෝකය නිරන්තරයෙන් අත්විඳිය යුතුයි. ඔබම එම අත්දැකීම තුළ ස්ථාවර විය යුතුයි; ස්මරණයේ ප්‍රතිමූර්තියක් වන්න - සිහි කිරීම තිබිය යුතු කෙනෙක් නොවෙයි, නමුත් සිහි කිරීමේ ප්‍රතිමූර්තියක් වන කෙනෙක්. ඔබ ස්මරණයේ ප්‍රතිමූර්තියක්ද, නැද්ද, යන්නෙහි සාක්ෂිය වන්නේ, ඔබ එම ස්මරණයේ අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වන විට, ඔබ ඕනෑම කාර්යයක් සිදු කරන විට, ඔබට එම බලය තිබෙන බව ඔබ අත්විඳීමයි. කාර්යයන් වෙනස් විය හැක, නමුත් ඔබ අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වීමේ ඔබගේ මනෝ ස්ථිතිය, වෙනස් නොවිය යුතුයි.

ඉතිං, ඔබට වෙහෙස වීමට සිදු වන්නේ ඇයි කියා බාප්දාදා අද දුටුවා. අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමේදි ඔබගේ උත්සාහයට අනුව ඔබ අංකානුරූපි බව, බාබා දුටුවා. සෑම දරුවෙක් වෙනුවෙන්ම බාප්දාදාගේ හදවත තුළ ගැඹුරු සෙනෙහස තිබේ, එබැවින් ඔහු සෙනෙහස පාන කෙනෙක් වෙහෙස වනවා දැකීම ඔහුට දරාගත නොහැක. ඔබට වෙහෙස වීමට සිදු වන්නේ කුමන විෂයකින් වුනත්, හෝ “ඇතැම් විට” යන වචනය භාවිතා කිරීමට සිදු වුනත්, එයට හේතුව වන්නේ ඔබ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමේ අඩුවයි. ඔබ උත්සාහ දරන්නෙක් නමුත් ඔබ ප්‍රතිමූර්තියක් වී නැහැ. ශරීර අවධානයට ඔබගේ අසලට පැමිණිමට නොහැකි වන සේ, තත්පරයකදි විෂයයන් සතරින්ම, ආත්ම-අභිමානයේ අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වීම අත්විඳින්න. ආලෝකය ඉදිරියේ අඳුරට රැදෙන්නට නොහැකි සේම, ඔබට එය පලවා හැරීමට අවශ්‍ය වන්නේ නැහැ. අඳුර ඇති තැන, ආලෝකය සුළුවෙන් තිබීම හෝ ආලෝකය නොමැති වීම ස්වාභාවිකයි. එබැවින් සිහි කර ඇති ශ්‍රේෂ්ඨතම අධිකාරිත්වය, අත්දැකීම්ය. අත්දැකීමක් වෙනස් කිරීමට මිනිසුන් දහසක් තැත් කළත් ඔවුන්ට එය කළ නොහැක. ඔබ සියලු දෙනා සීනි රස අත්විඳ ඇති අතර එය පැණි රස බව දන්නවා. මිනිසුන් දහසක් ඔබගේ මතය වෙනස් කිරීමට තැත් කළත්, ඔවුන්ට එසේ කිරීමට හැකි වෙයිද? දැනුම, යෝගාව, ධාරණය හෝ සේවය යන ඕනෑම විෂයයක, යම් දෙයක් අවසන් කිරීමට, ඔබ සිදු කරන සේවයේ සාර්ථකත්වය ලබා ගැනීමට, ධාරණය යන විෂයේදී ඔබගේ ස්වභාවය පරිවර්ථනය කිරීමට, යෝගාවේ නොසැලී සිටීමට, යෝගී දිවි පෙවෙතක් අත්විඳීමට, මේ සතරෙන් එකකට හෝ ඔබට වෙහෙස වීමට සිදු වන්නේ නම් හෝ “ඇතැම් විට” යන වචනය භාවිතා කිරීමට සිදු වන්නේ නම්, ඉන් අදහස් වන්නේ, එම විෂයෙන් ඔබ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වී නොමැති බවයි. අත්දැකීමක් යනු, “ඇතැම් විට” නොවෙයි, එය කෙනෙකුගේ ස්වාභාවික ස්වභාවයයි. ඉතිං වෙහෙස වීමට සිදුවීමේ හේතුවට ඔබ සවන් දුන්නාද? ඔබ අත්දැකීම් ආසනයේ අසුන්ගෙන සිටීම අත්විඳින විට, ආශිර්වාදයක ප්‍රතිමූර්තියක් වීම ඔබ අත්විඳින විට, ඒ වෙලාවේ ඔබට වෙහෙස වීමට සිදු වනවාද? එය ස්වාභාවික අත්දැකීමක්. මේ නිසයි, දැන් කාලයට අනුව, සෑම දෙයක්ම සිදුවීමට යන්නේ හදිසියේ. එය සිදු වීමට පෙර, කල් තියා ඔබට පවසන්නේ නැත. සොබාදහමේ පදාර්ථයන්ගේ ක්‍රීඩා සිදු වන්නේ හදිසියේමයි. එය දැන් ආරම්භ වී ඇත. අළුත් දේවල් සිදුවෙයි: හදිසියේ භූමි කම්පාවක් ඇති වූ අතර කෙටි කලකදි මිනිසුන් සිය දහස් ගණනක් මිය ගියා. ඔවුන් පසුදින ජීවතුන් අතර සිටියිද, නැද්ද කියා ඔවුන් දැන සිටියාද? විවිධ ස්ථාන වල එවන් බොහෝ අනතුරු හදිසියේ සිදුවීම ආරම්භ වී තිබේ. සාමූහිකව, එකම වෙලාවේ, බොහෝ දෙනෙකුට ටිකට් පතක් ඇදී තිබේ; එබැවින්, එවන් වෙලාවක, ඔබ නිති-සූදනම්ද? ඔබ තවමත් උත්සාහ දරමින් සිටින බව ඔබ කියන්නේ නැහැ නේද? නිති-සූදානමින් යනු ආශිර්වාදයක හෝ ආත්ම-අභිමානයක් ගැන ඕනෑම සිතිවිල්ලක් ඔබට ඇති වූ විට ඔබ එහි ප්‍රතිමූර්තියක් වීමයි, මේ නිසයි බාප්දාදා ඔබගේ අවධානය මෙයට යොමු කරන්නේ: ඔබට ඕනෑම ආශිර්වාදයක් ඵලවත් කර එම ආශිර්වාදයේ හෝ ආත්ම-අභිමන් ස්වරූපයේ අත්දැකීම් ඇත්තෙක් විය හැකිද? ඔබට නියත වශයෙන්ම එය වීමට සිදු වෙයි. ඔබ මෙසේ කියයි: “මා තැත් කරනවා.” ඔබ තැත් කිරීමට යන්නේ නම්, දැන් සිටම එසේ කරන්න, මන්ද දීර්ඝ කාලයක් පුරා සිදු කරන මෙම පුහුණුව ඒ වෙලාවේදි උපකාරී වෙයි. උත්සාහ දරන්නෙක් නොවන්න, නමුත් අත්දැකීම් ඇත්තෙක් වන්න, මන්ද, සර්ව බලධාරි ඔබ සියලු දෙනාටම අත්දැකීම් වල අධිකාරිත්වය ලබා දී ඇත. ඒ අන්දමින්ම ඔබට ශරීර අවධානයේ අත්දැකීම් තිබේ; ඔබගේ ශරීර අවධානය මතක් කරගෙන ඔබ මෙසේ සිතිය යුතුද: මා අහවල් කෙනාය? ඔබගේ සිරුරු වලට නම් ලබා දී ඇත, එබැවින් එය ශරීර අවධානය නොවෙයිද? මා අහවල් කෙනාය: මිනිසුන් දහසක් ඔබ එය නොව, නමුත් මෙය බව පවසා, ඔබට වෙනත් නමක් භාවිතා කරන්නේ නම්, ඔබ ඔවුන්ව විශ්වාස කරයිද? ඔබගේ නම ඔබට අමතක වෙයිද? ශරීරයේ අවධානය සමග බැඳුනු ඔබට උපතේදී ලබා දී ඇති නම, බොහෝ ස්ථිර සහ ස්වාභාවික වී තිබේ. ඔබගේ නමම ඇති වෙනත් කෙනෙක්ව යම් පුද්ගලයෙක් අමතන්නේ නම්, ඔහු අමතන්නේ ඔබට නොවෙයි, නමුත් ඔබගේ නම ඇති වෙනත් කෙනෙකුටයි. ඔබගේ නම ඇසුණු සැනින්, ඔබගේ අවධානය එහි යයි, මන්ද එම පුද්ගලයා අමතන්නේ ඔබට බව ඔබ සිතයි. මෙම ශරීර අවධානය බොහෝ ස්ථිර වී ඇත. මේ ආකාරයටම ජීව අවධානයට පත් වීමේදී, ඔබගේ ආත්ම-අභිමානය පවත්වා ගැනීමේදී සහ තමන්ගේ පාලකයෙක් වීමේදි, එතරම්ම ස්ථිර වන්න. ඔබගේ ජීවිතය වෙනස් වී ඇති බව ඔබ පවසයි, ඉතිං වෙනස් කර ඇත්තේ කුමක්ද? ශරීර අවධානයෙන් ඔබ ආත්ම-අභිමානයට වෙනස් වී, ඉන්පසුව ඔබ තමන්ගේ පාලකයෙක් වී ඇත. එබැවින් පරීක්ෂා කරන්න: මා මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් වෙලාද? නැත්නම් මෙම දැනුමට සවන් දී, වෙනත් අයට එය පවසන කෙනෙක්ද මම? ග්‍යාන් යනු මෙම දැනුමයි. මෙම දැනුමේ ප්‍රායෝගික ස්වරූපය ගැන කියන්නේ: දැනුම, ආලෝකයයි, දැනුම ශක්තියයි. මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් වීම යනු, ඔබ කුමන ක්‍රියාවක් සිදු කළත්, ඒවා ආලෝකයෙන් සහ බලයෙන් පිරී තිබීමයි; ඒවා නිවැරදි වෙයි. මෙය හඳුන්වන්නේ මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් වීම ලෙසයි. මෙම දැනුම නිකම්ම කතා කරන කෙනෙක් පමණක් නොවන්න, නමුත් මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් වන්න. යෝගාවේ ප්‍රතිමූර්තියක් වීම යනු, භෞතික ඉන්ද්‍රියන් ජයගන්නා කෙනෙක් වීමයි. ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් මත, පාලකයෙක් වන්න. මෙය යෝගාව ලෙස, එනම්, යුක්ති-යුක්ත ජීවිතයක් ලෙස හඳුන්වයි. ඔබ මෙම දැනුම සහ යෝගාවේ ප්‍රතිමූර්තියක් නම්, එවිට ඔබට ඉබේටම සෑම ගුණධර්මයක්ම ධාරණය කරගැනීමට හැකි වෙයි. මෙම දැනුම සහ යෝගාව ඇති තැන, සහ ඔබ යෝග්යුක්ත නම්, එවිට ගුණධර්ම ධාරණය කරගැනීම ඉබේට සිදු වෙයි; සෑම මොහොතකම ඉබේටම සේවය සිදුවෙයි. කාලයට අනුව, ඔබගේ මනසින්, වචන වලින්, ක්‍රියා මගින්, ඔබගේ නෑ සබඳතා වලදි, ඔබ සෙනෙහසින් සේවය කරයි: සේවය අඛණ්ඩව නොකඩවා සිදුවෙයි. නෑ සබඳතා තුළද සේවය සිදු වෙයි. නිදසුනක් ලෙස, බ්‍රහ්මින් පවුල තුළ සහෝදරයෙක් හෝ සහෝදරියක් ටිකක් දුකින් සිටියි නම්, ඔහුගේ හෝ ඇගේ උත්සාහය අතින් සුළුවෙන් මන්දගාමී නම් සහ සංස්කාරයක බලපෑම යටතේ සිටියි නම්, ඔබ සම්බන්ධතාවයක් ඇති එම ජීවාත්මයට උනන්දුව සහ උද්යෝගය, සහයෝගය හෝ සෙනෙහස ලබා දෙයි; ඔබගේ ගිණුමේ ඔබ රැස් කරගන්නා සේවයේ පුණ්‍යකර්ම එයයි. පහළට ඇද වැටී ඇති කෙනෙක්ව ඉහළ නැංවීම, පුණ්‍ය ක්‍රියාවකි. සැබෑ සේවාධාරියෙකුගේ යුතුකම වන්නේ ඔබගේ නෑදෑයින් සහ සම්බන්ධතා ඇති අයට සේවය කිරීමයි. සේවය යනු, ඔබට ලැබෙන හෝ ලබා දෙන සේවය පමණක් නොවෙයි. ඔබගේ සිතිවිලි, වදන්, ක්‍රියා සහ නෑ සම්බන්ධ තුළින් ඉබේටම සේවය සිදු විය යුතුයි. අන් අය සමග සම්බන්ධතා පැවැත්වීම අතින්, බාප්දාදා බොහෝ විට දැක තිබෙන්නේ, සමහර දරුවන් දකින්නේ කෙනෙකුගේ ස්වභාවය හෝ සංස්කාර තිබිය යුතු අන්දමට නොමැති බවයි. කෙසේවෙතත්, මෙවන් සිතිවිලි ඇති කිරීම: “මේ කෙනා කෙහොමත් මෙහෙමයි; ඔහු කිසිදා වෙනස් වෙන්නේ නැහැ සහ මේ කෙනාට සේවය කිරීම, කාලය අපතේ හැරීමක්” - මෙවන් සිතිවිලි ඇති කිරීම හරිද? ඔබ පදාර්ථ සතෝප්‍රධාන් බවට පත් කරන අය බව, ඔබ පදාර්ථ පරිවර්ථනය කරන අය බව, ඔබ විශ්වාස කරයි. කෙසේවෙතත්, අර කෙනා මනුෂ්‍ය ජීවාත්මයක්, තමන්ව බ්‍රහ්මින් කෙනෙක් ලෙස හඳුන්වා ගන්න නමුත් සංස්කාර වල බලපෑමට හසුවූ කෙනෙකි. ඔබ පදාර්ථ වල සංස්කාර පරිවර්ථනය කිරීමට අභියෝගයක් නිකුත් කර තිබෙනවා, නමුත් ඒ කෙනා ජීවයක්, ජීවාත්මයක්, ඔබ සමග සම්බන්ධතාවයක් ඇති කෙනෙක්. එබැවින් සැබෑ සේවාධාරියෙක් ඔහුට සේවය කිරීමේ පුණ්‍යකර්මය උපයා ගැනීමට, සුබ පැතුම් අනිවාර්යෙන් ඇති කරගනිවි. මෙසේ පැවසීම: ‘මේ කෙනා කොහොමත් එහෙමයි. ඔහුට කිසිදා වෙනස් විය නොහැක’ - මේවා සුබ පැතුම් නොවෙයි; මේවා නොකැමැත්තේ සියුම් හැඟීම්ය. කෙසේවෙතත්, ඒ කෙනා ඔබගේ සහෝදරයා හෝ සහෝදරිය වන අතර අඩු තරමින් මෙසේ කියයි: ‘මගේ බාබා’. ඔහුට සේවය නොකළ අය කෙරෙහි පවා සුබ පැතුම් තිබීමෙන්, සැබෑ සේවාධාරින් ඔවුන්ගේ පුණ්‍යකර්ම ගිණුමේ රැස් කර ගනියි. වැටී ඇති අයව තවත් පහළට තල්ලු නොකරන්න. ඔවුන්ව ඉහළ නංවන්න. ඔවුන්ට ඔබගේ සහයෝගය ලබා දෙන්න. මෙය සැබෑ සේවාධාරියෙක් වීම, පුණ්‍යාත්මයක් වීම, ලෙස හඳුන්වයි. එබැවින් තමන්ව පරීක්ෂා කර බලන්න: සේවය කිරීමට මා තුළ මෙතරම් උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙනවාද? මෙය හැඳින්වෙන්නේ අත්දැකීම් වල අධිකාරියෙක් වීම, ලෙසයි. ඉතිං බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ, ඔබ අත්දැකීම් වල ප්‍රතිරුවක් වී, ඔබගේ අත්දැකීම් වල අධිකාරිත්වය භාවිතා කිරීමයි.

විෂයයන් සතරින්ම අත්දැකීම් වල ප්‍රතිරූප වී, අත්දැකීම් වල අධිකාරිත්වය භාවිතා කරන අය, තිබෙන දුර්වලතා ඉවත් කරගන්නා අය, තමන් වෙතට මෙතරම් අවධානයක් යොමු කරන අය අත් ඔසවන්න! ඔබ ඔසවන්නේ ඔබගේ මනසේ අත නේද? ඔබගේ භෞතික අත නොවෙයි, නමුත් මනසේ අත. එය ඔසවන්න! බාප්දාදා, ශිව රාත්‍රියේදි ප්‍රතිඵල ඉල්ලන බැවින් ඔබගේ මනසේ අත ඔසවන්න. කිසි කෙනෙකුගේ දුර්වලත්වයේ සංස්කාර, ඔබගේ මනසේ සුබ පැතුම් අඩු නොකළ යුතුයි. ඒ කෙනාගේ සංස්කාර මන්දගාමී, නමුත් ඔබගේ සුබ පැතුම් අඩු කිරීමට තරම් ඒවා බලවත්. බ්‍රහ්ම පියා නොදුටුවේ කුමක්ද, ඔහු නොකළේ කුමක්ද? වගකීම් දරමින්, ඔහු අවසානයේ පිටව ගියේ සියලු දෙනාටම සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වල වදන් තුන පිළිබඳ ඉගැන්වීම් ලබා දීමෙන් පසුවයි. ඔබට ඒවා මතකයි නේද? ඔබට වචන තුන මතකයි නේද? ඔහුම අශාරීරික, නිරහංකාර සහ පාපයෙන් තොර වීමේ ස්ථිතියෙන් අව්‍යක්ත විය. ඔහු කර්ම විඳවීමේ ස්ථිතිය පසුකරමින් යන බවට හැඟීම ඔහු කිසිවෙකුට ලබා නොදුන්නේය. ඔහුගේ කර්මයේ විඳවීම දැන් අවසන් වන බව කිසිවෙකුට වැටහුනාද? සිදුවූයේ කුමක්ද? ඔහු අව්‍යක්ත විය. සුරදූතයෙක් වීමේ ආශිර්වාදය බ්‍රහ්ම පියා ප්‍රායෝගිකව පෙන්නුවා. බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න! ඔබ මෙසේ පවසන බැවින්: ‘මගේ බාබා’ පියා පවසන්නේ කුමක්ද? ඔබ මගේ දරුවන්ය. පවුල තුළ එකිනෙකා කෙරෙහි එවන් සුබ පැතුම් තිබීමට අවශ්‍යයි. කිසිවෙකුගේ ස්වභාවය දෙස නොබලන්න. ස්වභාවයන්ගේ ගැටුම් ඇති බව පියා දන්නවා. කෙසේවෙතත්, කිසිම ස්වභාවයක ගැටුම්, ඔබගේ සෙනෙහස, ඔබගේ සබඳතාවය අවසන් නොකළ යුතුයි. එය, කාර්යය සාර්ථක වීමට ඉඩ නොදීම, නිවැරදි නැත. මෙය පවුලක්. එය කුමන පවුලද? එය පරමාත්ම දෙවියන්ගේ පවුලයි. ප්‍රභූ පරිවාර්. කිසිදු හේතුවක් නිසා මෙහි සෙනෙහසේ අඩුවක් නොතිබිය යුතුයි. එය එසේද? සෙනෙහස අඩුද? අනිවාර්යෙන් සෙනෙහස තිබිය යුතුයි, එනම්: ශුභ පැතුම්. කෙනෙක් කෙබඳු ආකාරයේ වුවද, මෙය පරමාත්ම දෙවියන්ගේ පවුලයි. ඔබ පරමාත්ම දෙවියන්ගේ පවුලට අයිති බව ඔබ විශ්වාස කරයි, ඉතිං පවුලක් යනු සෙනෙහසයි. මෙම පවුල තුළ සෙනෙහස නොමැති නම්, එය පවුලක් නොවෙයි. මෙම දේවමය පවුල පවතින්නේ මෙකල පමණයි. මෙතරම් විශාල පවුලක් තිබිය හැක්කේ වෙනත් කිසිවෙකුට නොව පරමාත්ම දෙවියන්ටම පමණයි. එබැවින් පරීක්ෂා කරන්න, මන්ද මෙය පවා ඔබගේ උත්සාහ වලට බාධක ගෙන දෙයි. ඔබ බාධක වලින් නිදහස් වූ විට පමණයි, ඔබ අත්දැකීම් ඇත්තෙක් වී, ඔබගේ අත්දැකීම් වල අධිකාරිත්වයෙන් අන් අයවත් අත්දැකීම් ඇති අය බවට පත් කරවන්නේ. අච්චා.

සෑම තැනකම සිටින දරුවන්ව දැකීමෙන්, බාප්දාදා සතුටු වී මෙම ගීතය ගයයි: අපූරුයි දරුවනේ! අපූරුයි! සෑම දරුවෙකුගේම හදවතේ පියා සිටින අතර පරම පියාගේ හදවත තුළ සෑම දරුවෙක්ම සිටියි. මෙම විශාල පවුල, මධුබන් වාසීන්, දැක, සතුට තිබේ, අපූරුයි මධුබන්! අපූරුයි! මධුබන් කොහොමත් සියලු දෙනාට තෝතැන්නකි, ඔබ මධුබන් වලට දිව එන්නේ මේ නිසයි. දැන් ඔබ විගසින් පරම පියාගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ඔබ නියත වශයෙන්ම විෂයයන් සතරින්ම අත්දැකීම් වල ප්‍රතිරූප විය යුතුයි. මේ දේශයෙන් සහ සෑම විදෙස් රටකින් පැමිණි දරුවන් මෙහි අසුන්ගෙන සිටිම දැක, බාප්දාදා සතුටු වනවා. මේ සියලු දේ දැකීමට සියලු දෙනාද සතුටු වනවා. මෙම පහසුකම් සහ විද්‍යාව මෙකල දියුණු වනවා. ලෝකයේ බොහෝ නව නිපැයුම් තිබේ, නමුත් ඒවා ඔබගේ යහපත වෙනුවෙන් ඇති පහසුකම්ය. ඔවුන් බොහෝ හොඳ නව නිපැයුම් නිර්මාණය කරනවා. දුර ඈත සිටින අතර, ඔබ සිටින්නේ එකටයි. එබැවින් පහසුකම් නිපදවීම වෙනුවෙන් විද්‍යාඥයින්ට සුබ පැතුම්. මේ දේශයේ සහ විදෙස් රටවල ඔය සියලුම දරුවන් කාරුණිකව හදවතින් නැගෙන බොහෝ, බොහෝ සෙනෙහස සහ ස්මරණය පිළිගන්න, එමෙන්ම එවන් විශේෂ දරුවන්ට විශේෂ නමස්තේ.

වරදානය:
ඔබ සුරදූතයෙකුගේ ස්වරූපය වී, මෙම දැනුමේ ආලෝකයෙන්, උත්සාහයේ මාවත පහසු සහ පැහැදිලි කර ගනිත්වා.

සුරදූතයෙකුගේ ජීවිතය තුළ, ආලෝකය සහ බලය යන දෙකම පැහැදිලිව දිස්වෙයි. කෙසේවෙතත්, ආලෝකයේ සහ බලයේ ස්වරූපය වීම සඳහා, ඔබට ආවර්ජනය කිරීමේ බලය සහ දරා ගැනීමේ බලය තිබිය යුතුයි. ඔබගේ මනසට, ආවර්ජනය කිරීමේ බලය අවශ්‍ය වන අතර ඔබගේ වදන් සහ ක්‍රියා සඳහා, ඔබ දරා ගැනීමේ බලය ධාරණය කරගත යුතුයි. ඔබ පවසන වදන් සහ සිදු කරන ක්‍රියා එවිට මෙයට අනුකූල වෙයි. ඔබට මෙම බල දෙකම තිබෙන විට, සියලු දෙනාටම උත්සාහයේ මාවත පහසු සහ පැහැදිලි වෙයි.

පාඨය:
නිෂ්ඵල දේ කතා කිරීම යනු, බොහෝ දෙනෙකුට බාධා කිරීමයි.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ඔය දරුවන් පදාර්ථ වල පාලකයන්ය, එබැවින් පදාර්ථයන්ගේ මෙම ක්‍රීඩා දකින අතර ඔබ නොකඩවා සතුටින් රැඳී සිටිය යුතුයි. පදාර්ථ, කැලඹීලි ඇති කළත් ඔබට සුන්දර ක්‍රීඩා පෙන්නුවත්, අවස්ථා දෙකේදීම, පදාර්ථ වල පාලකයන් වන ජීවාත්ම, නොබැඳි නරඹන්නන් ලෙස එම ජවනිකා නරඹා, බියට පත් නොවී, ඉන් විනෝදයක් ලබයි. මේ නිසයි, බාප්දාදා ඔබට, ඔබගේ තපස්යාව තුළින්, නොබැඳි නරඹන්නෙකුගේ ස්ථිතිය නම් ආසනයේ නොසැලී, අචලව රැඳී සිටීමට ඔබව විශේෂයෙන් දිරිගන්වන්නේ.