10.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සෑම විටම ඔබගේ අරමුණ ඔබ ඉදිරියේ තබාගන්න, එවිට ඔබ නොකඩවා දිව්‍යමය ගුණදම් ධාරණය කරනු ඇත. ඔබ දැන් තමන්ව රැකබලා ගත යුතුයි. රකුසු ගති ඉවත් කර, දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න.

ප්‍රශ්නය:
දීර්ඝායුෂ ලැබීමේ වරදානය ඔබට ලැබී ඇති නමුත්, දීර්ඝායු ලැබීමට ඔබ කළ යුතු උත්සාහය කුමක්ද?

පිළිතුර:
දීර්ඝායු ලැබීම සඳහා, තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමට උත්සාහ දරන්න. ඔබ පියාව වැඩියෙන් සිහි කරන තරමට, ඔබ වැඩියෙන් සතෝප්‍රධාන් වෙයි ඔබගේ ආයුෂ වැඩි වී, මරණ බිය ඉවත් වෙයි. සිහිපත් කිරීම තිබීමෙන්, ඔබගේ දුක ඉවත් වී, ඔබ මල් බවට පත් වෙයි. ඔබ අදෘෂ්‍යමාන ආදායමක් උපයාගන්නේ, සිහිපත් කිරීම තුළිනි. සිහිපත් කිරීම තිබීමෙන්, ඔබගේ පාපයන් කැපී යයි, ඔය ජීවාත්ම ආලෝකමත් වී ඔබගේ ආයුෂ දීර්ඝ වෙයි.

ඕම් ශාන්ති.
පියා විස්තර කර, ඔය මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට උගන්වයි. ඔහු විස්තර කරන්නේ කුමක්ද? ප්‍රථමයෙන් ඔබට දීර්ඝායු තිබිය යුතුයි, මන්ද ඔබගේ ආයුෂ බොහෝ දීර්ඝව තිබුණි. ඔබට වසර 150ක පමණ ආයුෂ කාලයක් තිබුණි. ඔබට දීර්ඝායු ලැබුණේ කෙසේද? තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමෙන්. ඔබ සතෝප්‍රධාන්ව සිටි විට, ඔබගේ ආයුෂ බොහෝ දිගු විය. ඔබ දැන් ඉහළ නඟිනවා. ඔබ තමෝප්‍රධාන් වූ නිසා ඔබගේ ආයු අඩු වූ බව ඔබ දන්නවා. ඔබට නිරෝගී බව තිබුණේ ද නැත ඔබ මුළුමනින්ම රෝගී විය. මෙය පරණ ජීවිතයක් වන අතර එය නව ජීවිතය සමග සංසන්දනය කෙරෙනවා. ඔබට දීර්ඝායු තිබීමේ මාර්ගය, පියා ඔබට දැන් පෙන්වන බව ඔබ දන්නවා. මිහිරිතම දරුවනේ, ඔබ මා සිහි කරන්නේ නම්, ඔබ නැවත වරක් සිටි ආකාරයට පත් වෙයි - දීර්ඝායුෂ සමග සතෝප්‍රධාන් සහ නිරෝගී. ඔබගේ ආයුෂ කෙටි වන විට, මිය යාමේ බිය ඇති වෙයි. සත් යුගයේ ඔබ කිසිදා අකල් මරණ අත් නොවිඳින බවට ඔබට සහතිකයක් තිබේ. ඔබ නොකඩවා පියා සිහිපත් කරන්නේ නම්, ඔබගේ ආයුෂ දීර්ඝ වි, ඔබගේ සියලු දුක් ඉවත් වෙයි ඔබ කිසිදු ආකාරයක දුකක් අත් නොවිඳියි. ඔබට වෙන කුමක්ද අවශ්‍ය? ඔබට උසස් තත්ත්වයක් ද අවශ්‍ය බව ඔබ පවසයි. ඔබට එවන් තත්ත්වයක් ලබා ගැනීමට හැකි බව ඔබ දැන සිටියේ නැහැ. මෙය සිදු කිරීමේ මාර්ගය පියා ඔබට දැන් පෙන්වනවා. ඔබගේ අරමුණ සහ ඉලක්කය තිබෙන්නේ ඔබ ඉදිරියේ. ඔබට එවන් තත්ත්වයක් හිමි කරගත හැක. ඔබ මෙහිදි දිව්‍යමය ගුණදම් ධාරණය කරගත යුතුයි. තමන්ගෙන් විමසන්න මා තුළ කිසියම් දුර්වලතා තිබෙනවාද? විවිධ ආකාරයේ දුර්වලතා තිබේ. දුම්බීම සහ අපිරිසිදු ආහාර කෑමත් දුර්වලතාය. විශාලතම දුර්වලතාවය දූෂිත බව වන අතර එය නරක චරිතයක් තිබීම ලෙසත් හැඳින්වෙයි. පියා පවසන්නේ ඔබ දූෂිත වී ඇති අතර මා දැන් ඔබට පාපයෙන් තොර වීමේ මාර්ගය පෙන්වා දෙනවා. මෙහිදි ඔබ දූෂිත බව සහ දුර්වලතා අත්හල යුතුයි. ඔබ කිසිදා දූෂිත නොවිය යුතුයි. මෙම උපතේ දී තමන්ව නිවැරදි කරගන්නා අයගේ නිරවද්‍යතාවය උපත් 21ක් පවතී. ඔබ පාපයෙන් තොර වීම අත්‍යාවශ්‍යයි. ඔබගේ හිස මත ඇති බොහෝ උපත් ගණනාවක පාපයන්ගේ බර, ඉවත් වන්නේ ඔබගේ යෝගා බලයෙන් පමණයි. ඔබ උපතෙන් උපතට දූෂිත වූ බව ඔය දරුවන් දන්නවා. ඔබ නැවත කිසිදා දූෂිත නොවන බවට ඔබ දැන් පියාට පොරොන්දු වෙයි. පියා පවසා ඇත්තේ ඔබ අපවිත්‍ර වන්නේ නම්, ඔබට සිය-ගුණයක දඬුවම් විඳීමට සිදුවන අතර ඔබගේ තත්ත්වය ද විනාශ වෙයි. මෙසේ වන්නේ ඔබ පියාට අපහාස කළ නිසයි, එනම් ඔබ අනෙක් පැත්තට (ලෞකික මනුෂ්‍යයන් වෙතට) ගිය නිසයි. බොහෝ අය මෙසේ පිටව යයි, එනම් ඔවුන් පරාජය වෙයි. ඔබ පාපයේ එම ව්‍යාපාරය නොකළ යුතු බව, ඔබ පෙර දැන සිටියේ නැත. සමහර හොඳ දරුවන්, ඔවුන් බ්‍රහ්මචාරීව සිටින බව පවසයි. සන්යාසීන්ව දැක පවිත්‍රතාවය හොඳ බව ඔවුන් සිතයි. අපවිත්‍ර ජීව සහ පිවිතුරු ජීව සිටියි. ලෝකයේ බොහෝ මිනිසුන් අපවිත්‍රයි. වැසිකිලියට යාමත් අපවිත්‍ර වීමක්, ඔබ එසැනින් ස්නානය කළ යුත්තේ ඒ නිසයි. බොහෝ මාදිලියේ අපවිත්‍රතා තිබේ. කෙනෙකුට දුක් දීම, රණ්ඩු දබර කිරීමත් අපවිත්‍ර ක්‍රියාවන්ය. පියා පවසන්නේ ඔබ උපතින් උපතට පාපයන් සිදු කරමින් හිඳ ඇත. ඔබ දැන් ඒ සියලු පුරුදු අවසන් කළ යුතුයි. ඔබ දැන් සැබවින්ම විශිෂ්ඨ ජීවාත්ම විය යුතුයි. සැබවින්ම ශ්‍රේෂ්ඨ ජීවාත්ම වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් පමණයි. මෙහිදි කිසිවෙකුට එසේ විය නොහැක, මන්ද සියලු දෙනාම තමෝප්‍රධාන්ය. ඔවුන් බොහෝ අපහාස සිදුකරයි. ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔවුන් නොදනී. එකක් අදෘෂ්‍යමාන පාපයක් වන අතර අනෙක පෙනෙන්නට කරන පාපයකි. මෙය තමෝප්‍රධාන් ලෝකයයි. පියා දැන් ඔබව නුවණැත්තන් බවට පත් කරවන බව ඔය දරුවන් දන්නා අතර සියලු දෙනා ඔහු සිහි කරන්නේ මේ නිසයි. ඔබට හොඳම වැටහීම ලැබෙයි, එනම් ඔබ පිවිතුරු විය යුතු බවට, නමුත් ඔබට ඒ සමගින් ගුණදම් ද තිබිය යුතුයි. ඔබ ගායනා කරමින් සිට ඇති දේවතාවන්ගේ වර්ණනාවට, දැන් ඔබ සමාන විය යුතුයි. පියා විස්තර කරන්නේ මිහිරිතම දරුවනේ, ඔබ බොහෝ මිහිරි සහ ලස්සණ මල් ලෙස සිටි අතර ඔබ දැන් කටු බවට පත්ව සිටියි. දැන් පියා සිහි කරන්න, එවිට එම සිහි කිරීමෙන් ඔබගේ ආයුෂ දිගු වී ඔබගේ පාපයන් ද පිළිස්සී යයි. ඔබගේ හිස මතින් බර ඉවත් වෙයි. ඔබ තමන්ව රැක ගත යුතුයි. ඔබ තුළ ඇති දුර්වලතා ඔබ ඉවත් කළ යුතුයි. ඒ ආකාරයෙන්ම නාරදගේ නිදසුන ද තිබේ ඔහුගෙන් විමසන ලද්දේ ඔබ සුදුසුද? ඔහු සැබවින්ම නුසුදුසු බව, ඔහු දුටුවා. පියා දැන් ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවනවා. ඔබ පියාගේ දරුවන්. කෙනෙකුගේ පියා, අධිරාජවරයෙක් වන විට, ඔහු මෙසේ කියයි මගේ පියා, අධිරාජවරයායි. ඔබට බොහෝ සතුට ලබා දෙන ඒකායන කෙනා, බාබාය. යහපත් ගති ස්වභාවයන් ඇති අධිරාජවරුන් කිසි විටෙක කෝප නොවෙයි. දැන් සියලු දෙනාගේම කලාවන් ක්‍රම-ක්‍රමයෙන් අඩු වී ඇත. ඔවුන් සියලුම දුර්වලතා මගින් බලපෑමට ලක් වී ඇති අතර ඔවුන්ගේ කලා නෙකාඩවා අඩු වී ඇත. ඔවුන් දිගින් දිගටම තමෝ වී ඇත. එය දැන් තමෝප්‍රධාන් යුගයේ අවසානය වැනිය. ඔවුන් බොහෝ දුකට පත් වී ඇත. ඔබට බොහෝ දරා ගැනීමට සිදු වී තිබේ. ඔබ දැන් සදාතනික ශල්‍ය වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබනවා. පියා පවසන්නේ එම පාපයන් පහ නැවත නැවතත් ඔබට කරදර කරයි. ඔබ පියා සිහි කිරීමට වැඩියෙන් උත්සාහ දරන තරමට, මායා වැඩියෙන් ඔබව වැට්ටීමට උත්සාහ දරයි. මායාගේ කිසිදු කුණාටුවකට ඔබව සෙලවීමට නොහැකි වන සේ ඔබගේ ස්ථීතිය බොහෝ ශක්තිමත් විය යුතුයි. රාවන වෙන කිසිවක් නොවෙයි, එමෙන්ම එය මනුෂ්‍යයෙක් ද නොවෙයි. පාපයන් පහ වන රාවන, මායා ලෙස හැඳින්වෙයි. රාවනගේ රකුසු සමාජය, ඔබලා කවුරුන්ද කියා නොහඳුනයි. ’මේ බීකේවරුන් විස්තර කරන්නේ මොනවාද?‘ කිසිවෙකුට මෙය සැබවින් වැටහෙන්නේ නැත. ඔබ බීකේවරු ලෙස හැඳින්වෙන්නේ ඇයි? බ්‍රහ්මා කාගේ දරුවෙක්ද? ඔබ දැන් ආපසු නිවසට යා යුතු බව ඔය දරුවන් දන්නවා. පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට මෙම ඉගැන්වීම් ලබාදෙනවා. ඔබට දීර්ඝායු ලැබී ඔබ ධනවත් වේවා! ඔහු ඔබගේ සියලුම ආශා ඉටු කර, ඔබට ආශිර්වාද ලබාදෙයි. කෙසේවෙතත්, එම ආශිර්වාද ලැබීමෙන් පමණක් කිසිවක් නොවෙයි. ඔබ උත්සාහ දැරිය යුතුයි. සෑම දෙයක්ම වටහාගත යුතුයි. රාජධානියක තිලකයක් තමාට ලබා දීම සඳහා ඔබ අයිතියක් උපයා ගත යුතුයි. පියා ඔබට මෙම අයිතිය ලබාදෙයි. ඔහු ඔය දරුවන්ට ඉගැන්වීම් ලබාදෙයි මේ මේ දෙවල් කරන්න. ඔහු ඔබට ලබා දෙන අංක එකේ ඉගැන්වීම වන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. මිනිසුන් ඔහු සිහි නොකරන අතර ඔවුන් ඔහුව නොහඳුනන බැවින්, ඔවුන්ගේ සිහි කිරීම වැරදියි. දෙවියන් සෑම තැනකම සිටින බව ඔවුන් පවසයි. එබැවින් ඔවුන් ශිව බාබා සිහි කරන්නේ කෙසේද? ඔවුන් ශිව දේවාලයකට ගොස් ඔහුව වන්දනා කරයි. ඔබට ඔවුන් හට මෙසේ කිව හැක ඔහුගේ කාර්යභාරය මට කියන්න! දෙවියන් සෑම තැනකම සිටින බව ඔවුන් පිළිතුරු දෙයි. ඔවුන් ඔහුව වන්දනා කර ඔහුගේ අනුකම්පාව අයදියි, ඉන්පසුව දෙවියන් සිටින්නේ කොහෙද කියා ඔවුන්ගෙන් කෙනෙක් විමසූ විට, ඔහු සෑම තැනකම සිටින බව ඔවුන් කියයි! ඔවුන් ප්‍රතිමා ඉදිරියේ කරන්නේ කුමක්ද කියා බලන්න, එමෙන්ම ඔවුන් ප්‍රතිමා ඉදිරියේ නැති විට, ඔවුන්ගේ සියලු ගුණධර්ම නැති වෙයි. භක්ති මාර්ගයේ ඔවුන් බොහෝ වැරදීම් සිදු කරන නමුත් ඔවුන් තුළ භක්තිය කෙරෙහි විශාල කැමැත්තක් තිබේ. ඔවුන් ක්‍රිෂ්ණා වෙනුවෙන් උපවාස කරමින් ජලය පවා පානය නොකර සිටියි. මෙහිදි ඔබ ඉගෙන ගන්නා අතර එම බැතිමතුන් කරන්නේ කුමක්ද කියා බලන්න! ඒ සියලු දේ ඔබට දැන් හාස්‍යජනකයි. නාටකයට අනුව, භක්තිය සිදු කරමින් ඔබ අඛණ්ඩව පහතට පියවර තැබුවා. කිසිවෙකුට ඉහළ නැඟිය නොහැක. කිසි කෙනෙක් නොදන්නා වඩාත්ම ශුභදායක සංගම යුගය මෙයයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ ජීව බවට පත් වීම සඳහා ඔබ දැන් උත්සාහ දරමින් සිටිනවා. ඔවුන්ට සේවය කරන බැවින්, ගුරුවරුන්, ශිෂ්‍යයන්ගේ සේවකයන්ය ඔවුන් රජයේ සේවකයන්ය. පියා පවසන්නේ මාද ඔබට සේවය කරන අතර ඔබට ඉගැන්වීම ද සිදු කරනවා. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියාය. ඔහු ගුරුවරයා වෙයි. ඔහු ලෝකයේ මුල, මැද සහ අවසානය ගැන දැනුම ද පවසයි. කිසිම මනුෂ්‍යයෙකුට මෙම දැනුම නොමැත. වෙනත් කිසිවෙකුට එය ඉගැන්විය නොහැක. ඔබ මෙය බවට පත් වීමට උත්සාහ දරනවා. ලෝකයේ මිනිසුන්ට බොහෝ තමෝප්‍රධාන් බුද්ධි තිබේ. ලෝකය බොහෝ බයංකාරයි. මිනිසුන්, ඔවුන් නොකළ යුතු දේ කරයි. ඔවුන් බොහෝ හිංසන සහ සොරකම් ආදිය සිදු කරයි. ඔවුන් නොකරන්නේ මොනවාද? ඔවුන් 100% තමෝප්‍රධාන් වන අතර ඔබ දැන් 100% සතෝප්‍රධාන් වෙමින් සිටිනවා. ඒ සඳහා ඔබට සිහිපත් කිරීමේ වන්දනා ගමන පෙන්වා දෙනවා. ඔබගේ පාපයන් අහෝසි වී, ඔබ ගොස් පියාව මුණගැසෙන්නේ, සිහිපත් කිරීම තිබීමෙන් පමණයි. දෙවි පියාණන් පැමිණෙන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙනවා. ඔහු මෙම රථයට ඇතුළු වී ඇති අතර බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට දැනුම පවසයි. ඔබ මෙය ධාරණය කරගෙන ඉන්පසුව අන් අයට එය පවසයි, එවිට ඔවුන්ට ඍජුවම ඔහුට සවන් දීමට සහ පියාගේ පවුලට අයත් වීමේ ආශාවක් ඇති වෙයි. මෙහි, පියා, මව සහ ඔය දරුවන්ද සිටියි. ඔබ සියලු දෙනාම පවුලක කොටසක්ය. එම ලෝකය රකුසු එකකි. ඔබට රකුසු පවුල එපා වී ඇති බැවින් ඔබ ඔබගේ ව්‍යාපාර ආදිය හැරදමා, නැවුම් වීමට බාබා වෙතට පැමිණෙයි. මෙහි වාසය කරන්නේ බ්‍රහ්මනයන්. එබැවින් ඔබ පැමිණ, මෙම පවුලේ අසුන්ගනී. ඔබ ආපසු නිවසට යන විට, ඔබට එවන් පවුලක් නොතිබෙයි. එහිදි ඔබ වෙනත් ශාරීරික ජීව මෙන් වෙයි ඔබ එම දෛනික ව්‍යාපාර ආදියෙන් නිදහස් වී මෙහි පැමිණෙයි. පියා දැන් පවසන්නේ සියලුම ශාරීරික සම්බන්ධතා අතහැර සුවඳැති මල් වන්න. මලක සුවඳ තිබේ. සෑම කෙනෙක්ම මල් කඩා එහි සුවඳ බලයි. කිසි කෙනෙක් දුගඳ මලක් නෙලන්නේ නැත. එබැවින් ඔබ මල් වීමට උත්සාහ දැරිය යුතුයි. මේ නිසයි, බාබාද මල් ගෙනැවිත් ඔබට මෙසේ පවසන්නේ ඔබ මේ ආකාරයට පත් විය යුතුයි. නිවසේ වාසය කරන අතර, ඔබ ඒකායන පියා සිහි කළ යුතුයි. ඒ සියලුම ශාරීරික නෑදෑයන් අවසන් වීමට යන බව ඔබ දන්නවා. ඔබ සෑම කෙනෙක්ම මෙහිදි අදෘෂ්‍යමාන ආදායමක් උපයා ගන්නවා. ඔබ ඔබගේ සිරුරු හලා දැමිය යුතුයි. ඔබ තම ආදායම උපයාගෙන ප්‍රබෝදමත්ව රැඳී සිටිමින් ඔබගේ සිරුරු හලා දැමිය යුතුයි. ඇවිදින විට සහ අවට සංචාරය කරන අතර පියාගේ සිහිපත් කිරීමේ රැඳී සිටින්න, එවිට ඔබට කිසිම විටෙක වෙහෙසක් නොදැනෙයි. ඔබ අශාරීරික ස්ථීතියක, පියාගේ සිහිපත් කිරීමේ හිඳිමින් කෙතරම් ඇවිද්දත්, ඔබ මෙහි සිට පහළ අබූ පාර දක්වා ඇවිදගෙන ගියත්, ඔබ වෙහෙසට පත් නොවෙයි. ඔබගේ පාපයන් කැපී ගොස් ඔබ සැහැල්ලු වෙයි. ඔය දරුවන්ට කෙතරම් සෙතක් සිදුවන්නේද කියා, වෙනත් කිසිවෙකුට දැන ගත නොහැක. ලෝකයේ මිනිසුන් කන්නලව් කරමින් සිටියි අහෝ පාරිශුද්ධකරු පැමිණ අපව පිවිතුරු කරන්න! එසේ නම් ඔහු මහාත්මා (ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්) ලෙස හැඳින්වෙන්නේ කෙසේද? අපවිත්‍ර අය ඉදිරියේ ඔබ හිස නමන්නේ නැත. ඔබ හිස නමන්නේ පිවිතුරු අය ඉදිරියේ පමණයි. කුමාරි කෙනෙකුගේ නිදසුන තිබේ ඇය අපවිත්‍ර වූ විට, සියලු දෙනා ඉදිරියේ හිස නමා ඇයට මෙසේ කන්නලව් කිරීමට සිදුවෙයි අහෝ පාරිශුද්ධකරු පැමිණෙන්න! එසේ නම් කන්නලව් කිරීමට සිදුවන පරිදි, ඔබ අපවිත්‍ර වූයේ ඇයි? මෙය රාවනගේ රාජධානිය නිසා, සෑම කෙනෙකුගේම ශරීරය නිර්මාණය වන්නේ පාපයෙනි. ඔබ දැන් රාවන අතහැර දමා තිබේ. මෙය වඩාත්ම ශුභදායක සංගම යුගය ලෙස හැඳින්වෙයි. ඔබ දැන් රාම රාජධානියට යාමට උත්සාහ දරයි. සත් යුගය, රාමාගේ රාජධානියයි. රිදී යුගය පමණක් රාමාගේ රාජධානිය බව ඔබ පවසන්නේ නම්, ලක‍්ෂ්මි සහ නාරායනගේ සූර්ය-වංශික රාජධානියට සිදුවූයේ කුමක්ද? ඔය දරුවන්ට දැන් මේ සියලුම දැනුම ලැබෙනවා. අළුත් අය පැමිණෙන අතර, ඔබ ඔවුන්ට ද දැනුම ලබා දී, ඔවුන්වත් වටිනා කරවයි. විටෙක ඔවුන්ගේ ආශ්‍රය නිසා, වටිනා අයගෙන් ඔවුන් නොවටිනා අය බවට පත්වෙයි. පියා ඔබව පිවිතුරු කරයි, එබැවින් ඔබ තව දුරටත් අපවිත්‍ර නොවිය යුතුයි. පියා ඔබව පිවිතුරු කිරීමට පැමිණ ඇති බැවින්, මායා බොහෝ බලවත් වී, ඔබව අපවිත්‍ර කර පරාජය කරයි. එවිට ඔබ කන්නලව් කරයි බාබා, මා ආරක‍්ෂා කරන්න! විශ්මිතයි! සටන් භූමියක බොහෝ දෙනෙක් මිය යයි, එසේ නම් ඔවුන්ව ආරක‍්ෂා කෙරෙනවාද? මායාගේ මෙම උණ්ඩ, තුවක්කුවක උන්ඩයකටත් වඩා බලවත්. ඔබ රාගය නමැති පාපයෙන් තුවාල ලැබූ විට, ඉහළ සිට පහළට ඇද වැටෙයි. සත් යුගයේ සියලු දෙනාම පිවිතුරුයි, ඔවුන් අයත් වන්නේ පිවිතුරු ගෘහස්ත ධර්මයට වන අතර ඔවුන් දේවතාවන් ලෙස හැඳින්වෙයි. පියා පැමිණෙන්නේ කෙසේද, ඔහු වාසය කරන්නේ කොහේද, මෙන්ම ඔහු ඔබට රාජයෝගාව උගන්වන්නේ කෙසේද කියා, ඔබ දැන් දන්නවා. ඔහු අර්ජුනගේ රථයේ අසුන්ගෙන දැනුම ලබා දෙන අන්දම ඔවුන් පෙන්නුම් කරයි. එසේ නම් ඔහු සෑම තැනකම සිටින බව ඔවුන් පවසන්නේ ඇයි? දිව්‍යලෝකය ස්ථාපිත කරන පියාව ඔවුන්ට අමතක වී ඇත. ඔහුම දැන් ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රේෂ්ඨ ජීවාත්ම වීම සඳහා, අපවිත්‍ර බවේ සියලුම නරක පුරුදු අවසන් කරන්න. දුක් දීම, රණ්ඩු දබර කිරීම යන සියල්ල, ඔබ නොකළ යුතු අපිරිසිදු ක්‍රියාවන්ය. රාජධානියක තිලකය, තමන්ට ලබා දීමට හැකි, අයිතිය දිනා ගන්න.

2. සියලුම දෛනික ව්‍යාපාර සහ ශාරීරික ජීවයන්ගෙන් ඔබගේ බුද්ධිය ඉවත් කර, සුවඳවත් මල් වන්න. අදෘෂ්‍යමාන ආදායමක් උපයා ගැනීම සඳහා, ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට අශාරීරික වීම පුහුණු වන්න.

වරදානය:
ඔබ අන් අය වෙනුවෙන් පිරිසිදු සහ ධනාත්මක සිතිවිලි ඇති ආභරණයක් වන අතර ඔබේම පිරිසිදු හා ධනාත්මක සිතිවිලි වල බලය භාවිතා කිරීමෙන් ජීවාත්මයන් දුකෙන් නිදහස් කරත්වා.

අද ලෝකයේ, සියලු ජීවාත්මයන් දුකෙහි ආභරණ වේ. ඔබේ පිරිසිදු හා ධනාත්මක සිතිවිලි වල බලයෙන්, අන් අය සඳහා පිරිසිදු හා ධනාත්මක සිතිවිලි ඇති ආභරණ වන ඔබට, එම දුකෙහි ආභරණ පරිවර්ථනය කළ හැකිය. සූර්ය කිරණ ඉතා ඈත සිට අඳුර දුරු කරන්නාක් මෙන්, එපරිද්දෙන්ම, ඔබ ආභරණ වල පිරිසිදු සහ ධනාත්මක සිතිවිලි ස්වරූපයෙන් ආලෝකය සහ කිරණ ලෝකයේ සෑම දිශාවකටම විහිදේ. කිසියම් අධ්‍යාත්මික ආලෝකයක් එහි කාර්යය අප්‍රකට ආකාරයෙන් කරන බව ඔවුන් විශ්වාස කරන්නේ එබැවිනි. ඔවුන් මෙය ස්පර්ශ කිරීමට පටන් ගෙන ඇති අතර ඔබව සොයමින් සිටිති. අවසානයේදී, ඔවුන් මෙම ස්ථානයට ළඟා වනු ඇත.

පාඨය:
බාප්දාදාගේ මඟ පෙන්වීම් පැහැදිලිව අල්ලා ගැනීම සඳහා, ඔබේ මනසේ සහ බුද්ධියේ රේඛාව පැහැදිලිව තබා ගන්න.