10.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් සතෝප්‍රධාන් වී ආපසු නිවසට යා යුතුයි. එබැවින් තමන් ජීවාත්ම බව සලකා, නිරන්තරයෙන් පියා සිහිකිරීම පුහුණු වන්න. සෑම විටම ඔබගේ ප්‍රගතිය ගැන සැලකිලිමත් වන්න.

ප්‍රශ්නය:
ඔබ ඉගෙනුමේ දිනෙන් දින දියුණු වන්නේද, ආපස්සට යන්නේද, ගැන දැන ගැනීමට ඇති සලකුණ කුමක්ද?

පිළිතුර:
ඔබගේ ඉගෙනුමේ ඔබ ප්‍රගතියක් ලබන්නේ නම්, ඔබ සැහැල්ලු බව අත්විඳියි. එය කිලිටි සිරුරක් බවත් ඔබ දැන් එය හලා දැමිය යුතු බවත්, ඔබ දැන් ආපසු නිවසට යා යුතු බවත් ඔබගේ බුද්ධිය තුළ රැඳී තිබෙයි. ඔබ නොකඩවා දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගනී. ඔබ ආපස්සට ගමන් කරන්නේ නම්, ඔබගේ ක්‍රියාකාරකම් වල රකුසු ගති දිස් වෙයි. ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතරේ පියාගේ සිහි කිරීම නොතිබෙයි. එවන් ජීවාත්මයකට මලක් වීමට හෝ සියලු දෙනාට සතුට ලබා දීමට හෝ නොහැකි වෙයි. එවන් දරුවන්ට, පසුව දර්ශන ලැබෙන අතර බොහෝ දඬුවම් විඳින්නට සිදුවෙයි.

ඕම් ශාන්ති.
ඔබ මෙහි පහළට පැමිණි විට, ඔබ සතෝප්‍රධාන්ව සිටි බව, ඔබගේ බුද්ධියේ රඳවා තබාගන්න. ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කරයි මෙතන අසුන්ගෙන සිටින ඔබ සියලු දෙනාගෙන්, ඇතැමුන් ශරීර අවධානයෙන් සිටින අතර ඇතැමුන් සිටින්නේ ජීව අවධානයෙන්ය. සමහරුන් තත්පරයකදි නොකඩවා ශරීර අවධානයට පත් වී ඊලඟ තත්පරයේ ජීව අවධානයට පත්වෙයි. ඔබ සෑම විටම මෙහි ජීව අවධානයෙන් අසුන්ගෙන සිටින බව, ඔබගෙන් කිසිවෙකුට කිව නොහැක නැහැ. පියා විස්තර කරන්නේ ඔබ විටෙක ජීව අවධානයෙන් සිටින අතර විටෙක ශරීර අවධානයෙන් සිටියි. ඔබගේ සිරුරු හලා දමා ඔබ පෙරළා ඔබගේ නිවසට යන බව, ඔය දරුවන් දන්නවා. ඔබ විශාල සතුටකින් ආපසු නිවසට යා යුතුයි. දවස පුරාම ඔබට තිබිය යුතු එකම සිතිවිල්ල විය යුත්තේ පියා මට මාර්ගය පෙන්වා ඇති නිසා මට සාම දේශයට යාමට අවශ්‍යයි. වෙනත් මිනිසුන් මෙම සිතිවිල්ලෙන් අසුන්ගෙන සිටින්නේ නැහැ. වෙනත් කිසිවෙකුට මෙම ඉගැන්වීම් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට එම සිතිවිල්ලවත් කිසි විටෙක ඇති වන්නේ නැහැ. මෙය දුක් දේශය බව අපට වැටහෙනවා. පියා දැන් ඔබට සතුටු දේශයට යාමට මාර්ගය පෙන්වා දී තිබේ. ඔබ පියාව වැඩියෙන් සිහි කරන තරමට, ඔබගේ ධාරිතාවයට අනුව, ඔබ වැඩියෙන් පරිපූර්ණත්වයට පත් වී, සාම දේශයට යයි. එය මුක්තිය ලෙස හැඳින්වෙන අතර, මිනිසුන් ගුරූන් වෙතට යන්නේ එයටයි, නමුත් මුක්තිය හෝ ජීවන-මුක්තිය යනු කුමක්ද කියා ඔවුන් කිසිසේත් නොදනී, මන්ද මෙය අළුත් දෙයක් බැවින්. ඔබ දැන් ආපසු නිවහනට යා යුතු බව වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. පියා පවසන්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමන තුළින් පිවිතුරු වන්න. ඔබ ප්‍රථමයෙන් ශ්‍රේෂ්ඨ ලෝකයට ගිය විට, ඔබ සතෝප්‍රධාන්ව සිටියා. ජීවාත්ම සතෝප්‍රධාන් විය. අන් අය සමග සම්බන්ධතා ඇති වුනේ පසුවයි. ඔබ මව් කුසකට ඇතුළු වන විට, ඔබ සම්බන්ධකමක් ඇති කරගනී. මෙය ඔබගේ අවසන් උපත බවත් ඔබ දැන් ආපසු නිවහනට යා යුතු බවත් ඔබ දැන් දන්නවා. පිවිතුරු නොවී අපට ආපසු නිවහනට යාමට නොහැක. ඔබ තමන් සමග ඇතුලාන්තයෙන් කතා කළ යුතුයි පියාගේ නියෝගය වන්නේ ඇවිදින සහ එහෙ මෙහෙ යන එන විට, ඔබගේ බුද්ධිය තුළ මෙම සිතිවිල්ල තබාගන්න අප පැමිණියේ සතෝප්‍රධාන්ව වන අතර අප දැන් සතෝප්‍රධාන් වී ආපසු නිවසට යා යුතුයි. පියාගේ සිහිපත් කිරීම තුළින් අප සතෝප්‍රධාන් විය යුතුයි, මන්ද පාරිශුද්ධකරු වන්නේ පියා පමණයි. පිවිතුරු විය හැක්කේ කෙසේද කියා දරුවන් වන අපට ඔහු පෙන්වා දෙයි. මුළු ලෝකයේම මුල, මැද සහ අවසානය දන්නේ පියා පමණයි. වෙනත් අධිකාරිත්වයක් නැත. මනුෂ්‍ය ලෝක වෘක‍්ෂයේ බීජය වන්නේ පියා පමණයි. භක්තිය කෙතරම් කාලයක් පවතින්නේද කියාත් පියා ඔබට විස්තර කර දී තිබේ. ඥාන මාර්ගය අහවල් කාලයක්ද, භක්ති මාර්ගය අහවල් කාලයක්ද තිබේ. මේ සියලුම ඥානය ඔබගේ බුද්ධිය තුළට බිඳෙන් බිඳ ගලා යා යුතුයි. පියාගේ ජීවාත්මය තුළ ඥානය තිබෙන ආකාරයටම ඔය ජීවාත්ම තුළද ඥානය තිබේ. ඔබ සවන් දී, ඔබගේ සිරුරු මගින් එය අන් අයට පවසයි. සිරුරක් නොමැතිව ජීවාත්මයකට කතා කළ නොහැක. මෙහි, ඉහළ සිට සිතිවිලි මගින් දිරිගැන්වීම හෝ ’අවකාශයේ සිට කටහඬක්‘ පිළිබඳ ප්‍රශ්නයක් නැත. මේවා දෙවියන්ගේ වදන් බැවින්, මුඛයක් සහ රථයක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඔබට බූරුවෙකුගේ හෝ අශ්වයෙකුගේ රථයක් අවශ්‍ය වන්නේ නැත. කලි යුගය තව වසර 40,000ක් පවතින බව, ඔබද පෙර සිතා සිටියා. ඔබ සිටියේ අවිද්‍යාවේ නින්දේ නිදමින්ය. බාබා දැන් ඔබව අවදි කර ඇත. ඔබද සිටියේ නොදැනුවත්වයි. ඔබට දැන් ඥානය ලැබී තිබේ. භක්තිය, අවිද්‍යාව ලෙස හැඳින්වෙයි. ඔය දරුවන් දැන් සිතමින් සිටිය යුත්තේ, උසස් තත්ත්වයක් හිමි කරගැනීමට, දියුණු වන්නේ කෙසේද කියා. ඔබට දැන් අවශ්‍යව ඇත්තේ, ඔබගේ නිවසට ගොස් ඉන්පසුව නව රාජධානියේ උසස් තත්ත්වයක් හිමිකර ගැනීමටයි. ඒ සඳහා සිහිපත් කිරීමේ වන්දනා ගමන තිබේ. ඔබ අනිවාර්යෙන් තමන් ජීවාත්ම බව සැලකිය යුතුයි. පරමාත්ම ජීවය, ජීවාත්ම වන අප සියලු දෙනාගේම පියාය. මෙය ඉතා සරලයි නමුත් මිනිසුන්ට මෙතරම් වත් වැටහෙන්නේ නැත. මෙය රාවනගේ රාජධානිය බවත් ඔවුන්ගේ බුද්ධි දූෂිත වී ඇත්තේ එමනිසා බවත් ඔබට විස්තර කළ හැක. පාපයේ නොගැලෙන අය පිවිතුරු බව මිනිසුන් සිතයි. නිදසුනක් ලෙසින්, පියා සන්යාසීන් ගැන පවසන්නේ ඔවුන් තාවකාලික කාලයකට පිවිතුරු වන නමුත් ලෝකය තවමත් අපවිත්‍රයි. පිවිතුරු ලෝකය, සත් යුගයයි. සත් යුගයේ ඔවුන් පිවිතුරුව ඇති ආකාරයට අපවිත්‍ර ලෝකයේ කිසිවෙකුට පිවිතුරු විය නොහැක. එහි රාවනගේ රාජධානිය නොමැත එහි පාපය පිළිබඳ ප්‍රශ්නයක් නැත. එබැවින් සංචාරය කරන විට සහ එහෙ මෙහෙ යන එන විට මෙම සිතිවිලි ඔබගේ බුද්ධිය තුළ තබාගන්න. බාබා තුළ මෙම ඥානය තිබේ. ඔහු ඥාන සාගරය වන බැවින් නිසැකවම ඥානය ඔහුගෙන් බිඳෙන් බිඳ ගලා එනු ඇත. ඥාන සාගරයෙන් මතු වූ ගංගාවන් ඔබයි. ඔහු සෑම විටම සාගරයයි. ඔබ සෑම විටම සාගර නොවෙයි. ඔබ සියලු දෙනාම සහෝදරයන් බව ඔය දරුවන්ට වැටහෙනවා. ඔය දරුවන් ඉගෙනගනිමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම එය ගංගාවන් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔබ ගංගාවන් ගැන කතා කරන විට, ඔවුන් ගංගා නදිය, යමුනා නදිය ආදිය ගැන සඳහන් කරයි. ඔබ දැන් අසීමිත බවේ සිටගෙන සිටිනවා. ජීවාත්ම වන අප සියලු දෙනාම සහෝදරයන්, එකම පියාගේ දරුවන්. අප දැන් ආපසු නිවහනට යා යුතු අතර ඉන්පසුව එහි සිට පහළට පැමිණ, ශරීර තුළට ඇතුළු වී අපගේ සිහසුන් (නළල්) මත අසුන්ගෙන සිටියි. ජීවාත්මයක් ඉතාමත්ම කුඩාය. ඔබට එහි දර්ශනයක් ලැබෙන්නේ නම් ඔබට කිසිවක් නොවැටහෙයි. ජීවාත්මයක් සිරුරක් හැර යන විට, ඔහු විටෙක හිස තුළින්, විටෙක ඇස් වලින් විටෙක මුවෙන් පිටවන බවත් ඔවුන් කියයි. එවිට මුව විවෘතව තිබෙයි. ජීවාත්මයක් සිරුරක් හැර පිටව යන විට, ශරීරය අජීවි වෙයි. මෙය ඥානයයි. ඉගෙනුමක් දවස පුරාම ශිෂ්‍යයන්ගේ බුද්ධියේ පවති. ඔබටද දවස පුරාම මෙම ඉගෙනුම පිළිබඳ සිතිවිලි පමණක් තිබිය යුතුයි. හොඳ ශිෂ්‍යයන්ගේ දෑත්වල සෑම විටම එක හෝ තව පොතක් තිබේ. ඔවුන් නොකඩවාම ඉගෙනගන්නවා. පියා පවසන්නේ මේ ඔබගේ අවසන් උපතයි. ඔබ මුළු චක්‍රය වටාම ගොස් දන් අවසානයට ඇවිත්. එබැවින් මෙම සිතිවිලි පමණක් ඔබගේ බුද්ධිය තුළ තබාගන්න. මේවා ධාරණය කරගෙන ඉන්පසුව අන් අයට පැහැදිලි කර දෙන්න. සමහරුන්ට කිසි දෙයක් ධාරණය කිරීමට නොහැක. පාසැලේද ශිෂ්‍යයන් අංකානුරූපයි. බොහෝ විෂයන්ද තිබේ. මෙහි ඔබට තිබෙන්නේ එක් විෂය පමණයි. ඔබ දේවතාවන් විය යුතුයි. මෙම ඉගෙනුමට පමණක් සැලකිල්ලක් තිබිය යුතුයි. ඔබට ඉගෙනුම අමතක වී, දිගින් දිගටම වෙනත් සිතිවිලි තිබීම සිදු නොවිය යුතුයි. ව්‍යාපාරිකයන් සෑම විටම ඔවුන්ගේ ව්‍යාපාරය ගැන සිතමින් සිටියි. ශිෂ්‍යයන් සෑම විටම ඔවුන්ගේ ඉගෙනුමේ නියැලි සිටියි. ඔය දරුවන්ද ඔබගේ ඉගෙනුමෙහි නියැලී සිටිය යුතුයි. ඊයේ දිනයේ බාබාට ජාත්‍යන්තර යෝගා සම්මන්ත්‍රණයට ආරාධනාවක් ලැබුණා. ඔවුන්ගේ එය, හතයෝගාව බව, ඔබට ලිපියකින් ඔවුන්ට දැනුම් දිය හැක. එහි අරමුණ සහ ඉලක්කය කුමක්ද? එහි ඇති යහපත කුමක්ද? අපි රාජයෝගාව හදාරනවා. ඥාන සාගරය වන නිර්මාණකරු, පරම පියා, පරමාත්ම ජීවය, අප ගැන සහ නිර්මාණය ගැන ඥානය අපට ලබාදෙනවා. අප දැන් පෙරළා නිවසට යා යුතුයි. අපගේ මන්ත්‍රය ’මන්මනාභවයි‘. අප බාබාව සහ පියාගෙන් අපට ලැබෙන උරුමය සිහි කරනවා. ඔබ හතයෝගාව කරමින් සිට ඇත, නමුත් එහි අරමුණ සහ ඉලක්කය කුමක්ද? අපගේ අරමුණ සහ ඉලක්කය අප ඔබට පවසා ඇති අතර අප මෙය හදාරන්නේ ඒ නිසයි. ඔබගේ එම හතයෝගාව තුළින් අත්කරගත හැක්කේ කුමක්ද? ඔබ එවන් ප්‍රතිචාරයක් කෙටියෙන් ලිවිය යුතුයි. ඔබට එවන් බොහෝ ආරාධනා ලැබෙයි. ඔබට සර්ව භාරත ආගමික සම්මන්ත්‍රණයකට ආරාධනාවක් ලැබී, ඔබගේ අරමුණ සහ ඉලක්කය කුමක්ද කියා ඔවුන් ඔබගෙන් විමසන්නේ නම්, අප හදාරන්නේ මෙය බව ඔවුන්ට පවසන්න. ඔබ අනිවාර්යෙන්ම කරන්නේ කුමක්ද සහ ඔබ මෙම රාජයෝගාව ඉගෙනගන්නේ මන්ද කියා ඔවුන්ට කිව යුතුයි. ඔවුන්ට කියන්න අප මෙය ඉගෙනගන්නවා. අපට උගන්වන්නේ දෙවියන් වන අතර අප සියලු දෙනාම සහෝදරයන්. අප, තමන් ජීවාත්ම බව සලකනවා. අසීමිත පියා පවසන්නේ තමන් ජීවාත්මයක් බව සලකා නිරන්තරයෙන් මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යයි. එවන් ලියවිලි මුද්‍රණය කර, පිටතට දීමට ඔබ ලඟ තිබිය යුතුයි. එවිට සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන විට, ඒවා එහි යවන්න. ඔවුන් මෙසේ කියයි ඔබ බොහෝ යහපත සලසන දේ උගන්වනවා. මෙම රාජයෝගාව තුළින් ඔබ රජවරුන්ගෙත් රජවරුන් සහ ලෝකයේ අධිපතියන් බවට පත්වෙයි. සෑම වසර 5000කට වරක් අප දේවතාවන් වී ඉන්පසුව අප මනුෂ්‍යයන් වෙයි. ඔබ මේ ආකාරයෙන් ඥාන සාගරය කලතා, අංක එකේ ලිපි ලිවිය යුතුයි. ඔබගේ අරමුණ කුමක්ද කියා ඕනෑම කෙනෙකුට ඔබගෙන් විමසිය හැක. එබැවින් ඔබ මෙම ලිපි මුද්‍රණය කළ යුතුයි අපගේ අරමුණ සහ ඉලක්කය මෙයයි. ඔබ මෙය ලියන විට ඔවුන් ආකර්ෂණය වෙයි. මෙහි, හතයෝගාව හෝ ආගමික ග්‍රන්ථ ගැන තර්ක කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒ මිනිසුන්ට ආගමික ග්‍රන්ථ පිළිබඳ ඔවුන්ගේ දැනුම ගැන, බොහෝ අහංකාරකමක් තිබේ. තමන් ආගමික ග්‍රන්ථ පිළිබඳ අධිකාරීන් බව ඔවුන් සලකයි. ඇත්ත වශයෙන්ම ඔවුන් පුදන්නන් වන අතර පිදුම් ලබන්නට සුදුසු අය, අධිකාරීන් බව කිව හැක. පුදන්නන්ව හඳුන්වන්නේ කෙසේද? ඔබ ඉගෙනගන්නේ කුමක්ද කියා ඔබ ඉතා පැහැදිලිව ලිවිය යුතුයි. බීකේවරුන්ගේ නම, බොහෝ සුප්‍රසිද්ධ වී ඇත. යෝගා වර්ග දෙකක් තිබේ එකක් හතයෝගාව වන අතර අනෙක පහසු යෝගාවයි. කිසිම මනුෂ්‍යයෙකුට මෙය ඉගැන්විය නොහැක. රාජයෝගාව උගන්වන්නේ පරමාත්ම ජීවය පමණයි. අනෙක් සියලුම යෝගා විදි, මනුෂ්‍ය උපදෙස් මත පදනම් වී තිබේ. ඔවුන්ට තම උරුමය ලැබී ඇති බැවින්, එහිදි, දේවතාවන්ට කිසිවෙකුගේ උපදෙස් අවශ්‍ය නැත. ඔවුන් දේවතාවන්ය, දිව්‍යමය ගුණදම් ඇති අයයි. කිසිම ගුණදහමක් නැති අය, රකුසන් ලෙස හැඳින්වෙයි. දේවතාවන්ගේ රාජධානිය තිබුණි, එසේ නම් ඔවුන් ගියේ කොහිද? ඔවුන් උපත් 84ක් ගත්තේ කෙසේද? ඔබ ඉනිමගේ පිංතූරය විස්තර කළ යුතුයි. ඉනිමගේ පිංතූරය ඉතා හොඳයි. ඔබගේ හදවතේ ඇති සියලු දේ, ඉනිමග පිංතූරයේ පෙන්වා තිබේ. සියල්ල රඳා පවතින්නේ ඔබ ඉගෙනගන්නා ආකාරය මතයි. ඉගෙනගැනීම ආදායම් මාර්ගයකි. උසස්ම ඉගෙනුම මෙයයි හොඳම මෙයයි! හොඳම ඉගෙනුම කුමක්ද කියා ලෝකයා නොදනී. මෙම ඉගෙනුම තුළින් ඔබ මනුෂ්‍යයන්ගෙන් ද්විත්ව කිරුළු පලන් දේවතාවන් බවට පරිවර්ථනය වෙයි. ඔබ දැන් ද්විත්ව කිරුළු පැලඳි අය වීමට උත්සාහ දරමින් සිටිනවා. තිබෙන්නේ එක ඉගෙනුමක් පමණක් වන නමුත්, ඇතැම් අය එක දෙයක්ද, වෙනත් අය තව දෙයක්ද වෙයි. එක ඉගෙනුමක් තුළින් රාජධානියක් ස්ථාපනය වීම විශ්මයකි. සමහරු රජවරුන් වන අතර සමහරු දුගියන් වෙයි. කෙසේවෙතත්, එහිදි දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. විවිධ මට්ටමේ තත්ත්ව තිබේ. මෙහි බොහෝ විවිධ ආකාරයේ දුක තිබේ. සාගත, රෝග, ආහාර හිඟවීම සහ ජල ගැලීම් තිබේ. සමහරු කෝටිපතියන් සහ බිලියනපතියන් වන නමුත් ඔවුන් උපත ලබන්නේ පාපය තුළිනි. බිම වැටීම, මදුරුවන් විසින් සපා කෑම, යන සියල්ල දුක් ආකාරයි. මෙය අපායේ අන්ත අගාධය ලෙස හැඳින්වෙයි. කෙසේවෙතත් ඔවුන් දිගින් දිගටම පවසන්නේ අහවලා දෙව්ලොව ගිහින්. අහා! නමුත් දෙව්ලොව තවම පැමිණ නැත. එබැවින් කිසිවෙකු දෙව්ලොව යන්නේ කෙසේද? ඕනෑම කෙනෙකුට විස්තර කර දීම ඉතා පහසුයි. ඔබට රචනාවක් ලිවීමට කියා බාබා පවසා තිබේ, එබැවින් ඔය සෑම දරුවෙකුගේම වගකීම වන්නේ එය ලිවීමයි. ඔබ යමක් ධාරණය කරගෙන තිබෙනවා නම්, ඔබට එය ලිවිය හැක. ඔය දරුවන්ට විස්තර කර දී ඇති ප්‍රධාන දේ වන්නේ ඔබ දැන් ආපසු නිවහනට යා යුතු බැවින්, තමන් ජීවාත්ම බව සලකන්න. අප සතෝප්‍රධාන්ව සිටි විට, අපගේ සතුටට සීමාවක් නොවීය. අප දැන් තමෝප්‍රධාන් වී ඇත. එය ඉතා පහසුයි! බාබා ඔබට බොහෝ කරුණු කියා දෙයි, එබැවින් ඔබ අසුන්ගෙන ඒවා ඉතා හොඳින් විස්තර කළ යුතුයි. ඔබ පවසන දේ ඔවුන් පිළිනොගන්නේ නම්, ඔවුන් ඔබගේ වංශයට අයත් නොවන බව ඔබට වටහාගත හැක. ඔබ දිනෙන් දින, මෙම ඉගෙනුමෙහි ඉදිරියට යා යුතුයි. ඔබ ආපස්සට නොයා යුතුයි. දිව්‍යමය ගුණදම් ධාරණය කරනවා වෙනුවට, ඔබ රකුසු ගති ධාරණය කරගන්නේ නම්, එය ආපස්සට යාමයි. පියා පවසන්නේ නොකඩවා පාපයන් අතහැර දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න. ඔබ බොහෝ සැහැල්ලුවෙන් රැඳී සිටිය යුතුයි. ඔය සිරුරු අපිරිසිඳු බැවින් ඔබ දැන් ඒවා අත්හල යුතුයි. අප දැන් පෙරළා නිවසට යා යුතුයි. ඔබ පියා සිහි නොකරන්නේ නම්, ඔබ මල් නොවෙයි. බොහෝ දඬුවම් විඳින්නට සිදුවෙයි. ඔබ තව දියුණුවත්ම ඔබට දර්ශන පෙනෙයි. ඔබගෙන් මෙසේ විමසයි ඔබ කුමන සේවයද සිදු කළේ ? ඔබ කිසිදා අධිකරණයකට ගොස් නැත. ඔවුන් සොරුන් අල්ලාගන්නේ කෙසේද සහ ඉන්පසුව ඔවුන්ට විරුද්ධව නඩුවක් පවරන ආකාරය යන සියල්ල ගැන බාබා දැක තිබේ. එහිදි, ඔබටද සියලු දේ ගැන දර්ශන ලැබෙයි. දඬුවම් අත්විඳ ඉන්පසුව සත කිහිපයක් පමණක් වටින තත්ත්වයක් ඔබට ලැබෙයි. යම්කිසි ශිෂ්‍යාවක් අසමත් වීමට යන බව, ගුරුවරයෙකුට අනුකම්පාවක් ඇතිවෙයි. පියාව සිහිකිරීමේ විෂය, ඉතා හොඳ වන අතර මෙය තුළින් ඔබගේ පාපයන් කැපී යයි. බාබා අපට උගන්වනවා - එහෙ මෙහෙ යන එන අතර මෙය නොකඩවා සිහි කරන්න. ශිෂ්‍යයන් තම ගුරුවරුන්ව සිහි කරන අතර තම ඉගෙනුමද ඔවුන්ගේ බුද්ධිය තුළ තිබේ. ඔවුන් අනිවාර්යෙන් තම ගුරුවරයා සමග යෝගාවේ සිටියි. ඔබගේ බුද්ධිය තුළ මෙය රැඳී තිබිය යුතුයි සහෝදරයන් වන අප සියලු දෙනාගේ ගුරුවරයා, ඒකායන පරම ගුරුවරයාය. ඔබ ප්‍රගතිය කරා යන විට බොහෝ මිනිසුන් දැනුවත් වී, ඔවුන් මෙසේ කියයි අහෝ දෙවියනේ, ඔබගේ ක්‍රියාකාරකම් දිව්‍යමයයි ! ඔවුන් ඔහුව වර්ණනා කරමින් මිය යන නමුත් ඔවුන්ට කිසිවක් අත්කර ගැනීමට නොහැකි වෙයි. ශරීර අවධානයට පත් වීමෙන් ඔබ වැරදි ක්‍රියා සිදු කරයි. ජීව අවධානයෙන් සිටින අය, සෑම විටම යහපත් ක්‍රියා සිදු කරයි. පියා පවසන්නේ එය දැන් ඔබ සියලු දෙනාගේ විශ්‍රාමික අවදියයි. ඔබ ආපසු නිවහනට යා යුතුයි. සියලු දෙනාම තම කර්ම ගිණුම් පියවා පෙරලා නිවසට යා යුතුයි. සමහරුන්ට අවශ්‍ය වුණත් නැතත්, ඔවුන් අනිවාර්යෙන් ආපසු යා යුතුයි. ලෝකය හිස් වී භාරතය පමණක් ඉතිරි වන දිනය පැමිණෙයි. කල්ප භාගයක් භාරතය පමණක් තිබෙයි, එබැවින් ලෝකය බොහෝ සේ හිස්ව තිබෙයි. ඔබගේ හැර වෙනත් කිසිවෙකුගේ බුද්ධිය තුළ එවන් සිතිවිලි නොතිබෙයි. එවිට ඔබට කිසිම සතුරෙක් නොමැති වෙයි. සතුරන් පැමිණෙන්නේ ඇයි? ඔවුන් පැමිණෙන්නේ ඔබගේ ධනය පසුපසයි. භාරතයට එතරම් මුස්ලිම්වරුන් සහ බ්‍රිතාන්‍යයන් පැමිණියේ ඇයි? ඔවුන් මෙහි ඇති ධනය දුටුවා. මෙහි බොහෝ ධනය තිබු නමුත් එය තවදුරටත් මෙහි නැත, එබැවින් ඔවුන්ගෙන් කිසිවෙකු දැන් මෙහි නොමැත. ඔවුන් ධනය ගෙන ගොස් භාරතය හිස්කර ඇත. මිනිසුන් මෙය නොදනී. බාබා පවසන්නේ නාටක සැලසුමට අනුව ඔබම සියලු ධනය අවසන් කළා. ඔබ අසීමිත පියා වෙතට පැමිණ ඇති බවට විශ්වාසය ඔබට තිබේ. මෙය දෙවියන්ගේ පවුල බව, කිසිවෙකු කිසිදා නොසිතන්නට ඇති. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඇවිදින සහ එහෙ මෙහෙ යන එන අතර, ඔබගේ බුද්ධිය, ඉගෙනුම මත රඳවා තබන්න. ඕනෑම කාර්යයක් සිදු කරන අතර, ඥානය සෑම විටම බිඳෙන් බිඳ ඔබගේ බුද්ධියට ගලා යාමට සලස්වන්න. ඔබ ද්විත්ව කිරුළු පලන් අය විය යුතු, හොඳම ඉගෙනුම මෙයයි.

2. පුහුණු වන්න ජීවාත්ම වන අප සහෝදරයන්ය. ශරීර අවධානයට පත් වීමෙන් ඔබ වැරදි ක්‍රියා සිදු කරයි. එබැවින් හැකි තරම් ජීවාත්ම අවධානයට පත් වන්න.

වරදානය:
ඔබ නිරතුරුව සතුටින් නර්තනයේ යෙදෙන සත්‍යයේ බලයෙන් යුත් ශ්‍රේෂ්ඨ සහ බලවත් ජීවාත්මයක් වේවා.

කියමනක් තිබේ: සත්‍යය ඇති තැන ජීවාත්මය නර්තනය කරයි. සත්‍යවාදී අය, එනම්, සත්‍යයේ බලය ඇති අය නිරතුරුව නර්තනයේ යෙදෙති, ඔවුන් කිසිවිටෙකත් මිලාන නොවේ, ඔවුන් ව්‍යාකූල වන්නේ නැත, බියක් හෝ දුර්වල බවක් ඔවුන්ට දැනෙන්නේ නැත. ඔවුන් නිරන්තරයෙන් සතුටින් නර්තනයේ යෙදෙනු ඇත. ඔවුන් බලවත් වනු ඇත. සෑම දෙයකටම මුහුණ දීමට ඔවුන්ට ශක්තිය ලැබෙනු ඇත. සත්‍යය කිසිවිටෙක අඩු වැඩි නොවන අතර එය නොසැලෙන්නේ ය. සත්‍යයේ බෝට්ටුව පැද්දෙන නමුත් එය කිසිදා ගිලෙන්නේ නැත. එසේනම්, සත්‍යයේ බලය උකහා ගන්නා ඔබ ජීවාත්ම උතුම් ජීවාත්මයන් වේ.

පාඨය:
කාර්යබහුල මනසක් සහ බුද්ධියක් තත්පරයකින් නතර කිරීම ඉතා උසස්ම පුහුණුවකි.