10.08.25    Avyakt Bapdada      Sinhala Murli     31.10.2006    Om Shanti    Madhuban


නිරන්තරයෙන් ආදරණීය වනවාත් සමගම මහා දානපතියෙක්ද වන්න,
එවිට ඔබ බාධක විනාශ කරන්නෙක් සහ විසඳුම් වල ප්‍රතිමූර්තියක් වෙයි.


සෙනෙහස් සාගරය, අද, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබන්නට සුදුසු, ඔහුගේ දරුවන්ව මුණගැසීමට ඇවිත්. ඔබ සියලු දෙනාමත් සෙනෙහසේ සූක්ෂම ගුවන් යානයෙන් මෙහි පැමිණියා නේද? ඔබ මෙහි පියාසර කළේ, සාමාන්‍ය ගුවන් යානයකින්ද, නැත්නම් සෙනෙහස් ගුවන් යානයෙන්ද? සියලු දෙනාගේ හදවත්වල සෙනෙහස් රළ මතුවන අතර මෙම බ්‍රහ්මින් ජීවිතයේ අත්තිවාරම, සෙනෙහස පමණයි. ඔබ සියලු දෙනා මෙහි පැමිණි විට, ඔබව ආකර්ෂණය කළේ සෙනෙහස නොවේද? ඔබ දැනුමට සවන් දුන්නේ පසුවයි, නමුත් ඔබව පරමාත්ම දෙවියන්ට ආදරණීය කළේ සෙනෙහසයි. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබන්නට ඔබ සුදුසු වෙයි කියා ඔබ සිහිනෙන් වත් නොසිත්නන්ට ඇති. එසේ නම් ඔබ දැන් පවසන්නේ කුමක්ද? ඔබ දැන් එය වී ඇති බව. මෙම සෙනෙහස, සාමාන්‍ය සෙනෙහසක් නොවෙයි, එය හදවතේ සෙනෙහසයි. එය ජීව-අවධාන සෙනෙහසයි, එය සත්‍ය සෙනෙහසයි, එය පරාර්ථකාමී සෙනෙහසයි. පරමාත්ම දෙවියන්ගේ මෙම සෙනෙහස, ඔබට සිහිපත් කිරීමේ අත්දැකීම ඉතා පහසුවෙන් ලබා දෙයි. ඔබ සෙනෙහස දක්වන කෙනෙක්ව අමතක කිරීම අපහසුයි, එම කෙනාව සිහි කිරීම අපහසු නැත; එම කෙනාව අමතක කිරීමයි අපහසු. සෙනෙහස යනු සූක්ෂම කාන්දමකි. සෙනෙහස ඔබව පහසු යෝගීවරයෙක් කරවයි. එය ඔබව වෙහෙස වීමෙන් නිදහස් කරයි. සෙනෙහසින් කෙනෙක්ව සිහි කිරීමට උත්සාහයක් අවශ්‍ය නොවෙයි. ඔබ සෙනෙහසේ ඵලය බුදියි. ඔය සියලුම දරුවන්, සෑම තැනකින්ම පැමිණීම, සෙනෙහසේ ලක්ෂණයකි, එමෙන්ම ද්විත්ව විදේශිකයන් සෙනෙහසින් මෙහි දුවගෙන ඇවිත් තිබේ. බලන්න, රටවල් 90 කින් දරුවන් මෙහි දුවගෙන ඇවිත් තිබෙන ආකාරය. මෙම දේශයේ දරුවන් පරමාත්ම දෙවියන්ගේ සෙනහස ලබන්න සුදුසුයි, නමුත් අද, ද්විත්ව විදේශික දරුවන්ට ස්වර්ණමය අවස්ථාවක් තිබේ. ඔබ සියලු දෙනාටත් විශේෂ සෙනෙහස තිබේ, එහෙම නේද? ඔබ තුළ සෙනෙහස තිබෙනවා නේද? ඔබට බොහෝ සෙනෙහස තිබේ! කෙතරම්ද? එය කිසිවක් සමග සැසදිය හැකිද? කිසිම සැසදීමක් තිබිය නොහැක. ඔබ සියලු දෙනාට මෙවන් ගීතයක් තිබේ: අහසේ එතරම් තරු නැත, එතරම් ජලය ද නැත. ඔබට අසීමිත සෙනෙහස තිබේ, අසීමිත ලබැදියාවක්.

බාප්දාදා ද මෙහි පැමිණ ඇත්තේ ඔය ආදරණීය දරුවන්ව මුණ ගැසීමටයි. ඔය සියලු දරුවන්ට සෙනෙහසින් යුතු ස්මරණය තිබෙන අතර බාප්දාදා පැමිණ සිටින්නේ ඔය දරුවන් කෙරෙහි ඇති සෙනෙහසින්ය. මේ වෙලාවේ සෑම කෙනෙකුගේම මුහුණ මත සෙනෙහස් රේඛාවක් දිදුලන සේම, ඒ අන්දමින්ම ඔබ තව සිදු කළ යුතු අතිරික්තය කුමක්ද? ඔබ තුළ සෙනෙහස තිබේ, මෙය නිශ්චිතයි. ඔබ තුළ සෙනෙහස තිබෙන බවට සහතිකයක්, බාප්දාදා ඔය සියලුම දෙනාට ලබා දෙනවා. ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? ඔබට වැටහී තිබේ. ඔබ දැන් කළ යුත්තේ එය වැදගත් බව සැලකීමයි: නිරතුරුව සෙනෙහසින් රැදී සිටීමට. විටෙක පමණක් නොව - නිරන්තරයෙන් සෙනෙහස නොබිදි පවතියි - නමුත් ප්‍රතිශතයේ වෙනසක් තිබේ. එසේ නම් වෙනස (අන්තරය) අවසන් කිරීමට ඇති මන්ත්‍රය කුමක්ද? සෑම විටම මහා මෙන්ම නිරන්තර දානපතියන් වන්න. ලෝක සේවාධාරි හා සමානව, නිරන්තරයෙන් දානපතිගේ දරුවන් වන්න. ඔබ මාස්ටර් දානපතියන් නොවන කිසිම වෙලාවක් නොතිබිය යුතුයි. මෙයට හේතුව, පරමාත්ම පියාගේ ලොවට යහපත ගෙන ඒමේ කාර්යයට, ඔහු සමග උදව්කරුවන් වීමේ සිතිවිල්ල ඔබට ඇති වී තිබීමයි. ඔබගේ මනසින් බලයන්ගේ දානය සහ සහයෝගය ලබා දුන්නත්, ඔබගේ වදන් තුළින් මෙම දැනුම දානය කිරීම සහ එයට සහයෝගය ලබා දුන්නත්, ඔබගේ ක්‍රියා තුළින් ගුණධර්ම දන් දුන්නත්, ඔබගේ ආදරණීය නෑ සබදතා තුළින් සතුටේ දානය ලබා දුන්නත්, ඔබ අනන්ත සම්පත් වල අධිපතියන්ය - ලෝකයේ ධනවත්ම අයයි. ඔබට අනන්ත සහ නිරන්තර සම්පත් තිබේ. ඔබ වැඩියෙන් දෙන තරමට ඒවා වඩාත් වැඩිවෙයි. ඒවා අඩු නොවෙයි, ඒවා වැඩි වෙයි, මන්ද, වත්මන් කාලයේ, ඔබගේ ආධ්‍යාත්මික සහෝදර සහෝදරියන්ගෙන් වැඩි දෙනෙක් මෙම සම්පත් වෙනුවෙන් පිපාසාවෙන් සිටියි. එබැවින් ඔබගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබට අනුකම්පාවක් නොමැතිද? පිපාසාවෙන් පෙළෙන ජීවාත්මයන්ගේ පිපාසය, ඔබ සංසිදුවන්නේ නැද්ද? එම හඩ ඔබගේ දෙසවනට ළගා වෙන්නේ නැද්ද, “අහෝ අපගේ දෙවි දේවතාවනි, අපට බලය දෙන්න, අපට සත්‍ය සෙනෙහස දෙන්න!” ඔබගේ බැතිමතුන් මෙන්ම දුක් විදින ජීවාත්ම යන දෙපිරිසම කන්නලව් කරනවා, “අනුකම්පා කරන්න, අහෝ දයාවේ සහ අනුකම්පාවේ දෙවි දේවතාවනි!” ඔබට කාලයේ ඇමතුම ඇසෙනවා නේද? ඔවුන්ට ලබා දීමේ කාලය දැන්ය. ඔබ ඔවුන්ට ලබා දෙන්නේ වෙන කුමන කාලයකදීද? ඔබ ඒතරම් අනන්ත, නිරන්තර සම්පත් රැස්කර ගෙන තිබෙනවා; ඉතිං, ඔබ ඒවා දන් දෙන්නේ කවදාද? එය අවසන් නිමේශයන්හි සිදු වෙයිද? ඒ වෙලාවේ ඔබට දීමට හැකි වන්නේ බිදක්, අත මිටක් පමණයි. ඉතිං ඔබ රැස් කර ඇති සම්පත් ඔබ භාවිතා කරන්නේ කවදාද? පරීක්ෂා කරන්න: මා සෑම මොහොතකම එක් හෝ වෙනත් සම්පතක් වටිනා ලෙස භාවිතා කරනවාද? මෙහි දෙගුණයක යහපතක් තිබේ. ඔබ සම්පත් වටිනා ලෙස භාවිත කිරීමෙන්, ජීවාත්මයන්ට යහපතක් සිදුවන අතර ඒ සමගම ඔබ මහා දානපතියන් බැවින්, ඔබ පහසුවෙන් බාධක විනාශ කරන්නන් වෙයි, ගැටළු වල ප්‍රතිමූර්ති නොව නමුත් විසදුම් වල ප්‍රතිමූර්ති. දෙගුණයක ලාභයක් තිබෙයි. “අද මේ බාධකය පැමිණියා, ඊයේ අර බාධකය පැමිණියා, අද මෙම සිදුවීම වුණා, ඊයේ අරක වුණා...” ඔබ සෑම කලටම බාධක සහ ගැටළු වලින් නිදහස් වෙයි. ගැටළු වලට කාලය ලබා දීමෙන් සහ ඒවා නිසා වෙහෙස වීමෙන් ඔබ ආරක්ෂා වෙයි. ඔබ විටෙක අසතුටට පත් වී, විටෙක උද්යෝගිමත් වන නිසා. ඔය දරුවන් වෙහෙස වනවා දැකීමට බාප්දාදා අකමැතියි. ඔය දරුවන් වෙහෙස වනවා බාප්දාදා දකින විට, දරුවන් වෙහෙසට පත් වීම දැකීම බාප්දාදාට දරා ගත නොහැක. එබැවින් වෙහෙස වීමෙන් නිදහස් වන්න. ඔබ උත්සාහ දැරිය යුතුයි, නමුත් කුමන අන්දමේ උත්සාහද? දැන් පවා ඔබගේ සුළු ප්‍රශ්න පිළිබදව ඔබ උත්සාහ දරමින් සිටිනවාද? දැන් නිරන්තර මහා දානපතියන් වීමට, නිරන්තරයෙන් සහයෝගය ලබා දීමට උත්සාහ දරන්න. බ්‍රහ්මින්වරු සහ පිපාසිතව හිදිමින් දුක් විදින ජීවාත්මයන්ට සහයෝගී වන්න. මහා දානපතියන් වන්න. මෙම උත්සාහය වෙනුවෙන් දැන් අවශ්‍යතාවයක් තිබේ. ඔබ මෙයට කැමතියි නේද? ඔබ එයට කැමතිද? පිටුපස අසුන් ගෙන සිටින අය, ඔබ එයට කැමතිද? එසේ නම් ඔබ දැන් යම් වෙනසක් ගෙන ආ යුතුයි, නේද? තමන් වෙනුවෙන් උත්සාහ දැරීමට ඔබ බොහෝ කාලය යොදාගෙන තිබේ. පාණ්ඩවයන් ඔබ මෙයට කැමතිද? එසේ නම් හෙට සිට ඔබ කරන්නේ කුමක්ද? ඔබ හෙට සිට ආරම්භ කරනවාද, නැත්නම් දැන් සිටද? මෙම සිතිවිල්ල ඇති කරන්න, “දැන් සිට මගේ කාලය සහ සිතිවිලි ලෝකය වෙනුවෙනි, ඒවා ලෝක සේවය වෙනුවෙන්ය”. එසේ කිරීමෙන් එය තමන් වෙනුවෙන් ඉබේටම සිදුවෙයි; මෙය අතපසු නොවෙයි, එය තව වැඩි වෙයි. මන්ද? ඔබ අන් අයගේ ආශා ඉටු කළ විට, ඔවුන්ට දුක් දීම වෙනුවට, ඔබ ඔවුන්ට සතුට ලබා දුන් විට, ඔබ දුර්වල ජීවාත්මයන්ට බලය සහ ගුණධර්ම දෙන විට, ඔවුන් බොහෝ ආශිර්වාද ලබා දෙයි, එමෙන්ම ඉදිරියට ගමන් කිරීමේ පහසුම මාර්ගය වන්නේ, සියලු දෙනාගෙන් ආශිර්වාද ලබා ගැනීමයි. ඔබ දේශන නොපැවැත්වුවත්, බොහෝ වැඩසටහන් කිරීමට ඔබට නොහැකි වුනත්, එයට කමක් නැහැ. ඔබට එය කිරීමට හැකි නම් තව වැඩියෙන් එය සිදු කරන්න. කෙසේවෙතත්, ඔබට එසේ කිරීමට නොහැකි වුනත්, එයට කමක් නැත; ඔබගේ සම්පත් වටිනා ලෙස භාවිතා කරන්න. ඔබගේ මනසින් බලයන්ගේ සම්පත නොකඩවා ලබා දෙන්න කියා ඔබට පවසන ලදි. මෙම දැනුමේ සම්පත වචන වලින් භාවිතා කරන්න, ක්‍රියා තුළින් ගුණධර්ම වල සම්පත, ඔබගේ බුද්ධියෙන් කාලයේ සම්පත සහ ඔබගේ නෑ සම්බන්ධතා තුළින් සතුටේ සම්පත වටිනා ලෙස භාවිතා කරන්න. ඒවා වටිනා ලෙස භාවිතා කිරීමෙන් ඔබ පහසුවෙන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තීන් බවට පත් වෙයි. ඔබ පියාසර කරමින් සිටිවි, මන්ද, ආශිර්වාද, පඩි පෙළක් මෙන් නොව විදුලි සෝපානයක් මෙන් ක්‍රියා කරයි. ගැටළුවක් පැමිණෙයි, ඔබ එය අවසන් කරයි, ඇතැම් විට ඔබ එයට දවස් දෙකක් ගනියි, විටෙක ඔබ ඒ වෙනුවෙන් පැය දෙකක් ගනියි. මෙය පඩිපෙළක් නගිනවා වැනිය. ඔබගේ ආශිර්වාද වටිනා ලෙස භාවිතා කරන්න, සාර්ථකත්වයේ ප්‍රතිමූර්ති වන්න එවිට ඔබට මෙම සෝපානයෙන් ඔබට අවශ්‍ය ඕනෑම තැනකට තත්පරයකින් ළගා විමට හැකි වෙයි. එය සූක්ෂම කලාපය වුනත්, පරම දනව්ව වුනත්, ඔබගේ රාජධානිය වුනත්, ඔබට තත්පරයකදි එහි ළගා විය හැක. ලන්ඩන්හි, ඔබ එක විනාඩියක් පිළිබද වැඩසටහනක් පැවැත්වුවා. බාප්දාදා පවසන්නේ, “එක තත්පරයක්”. ආශිර්වාද සෝපානයෙන් ඔබට ඕනෑම තැනකට තත්පරයකදි ළගා විය හැක. අවධානයේ ස්විචය සරළව ඔබන්න, එපමණයි. වෙහෙස වීමෙන් නිදහස් වන්න.

අද ද්විත්ව විදේශිකයන්ගේ දිනයයි, එබැවින් ප්‍රථමයෙන්, බාප්දාදා ද්විත්ව විදේශිකයන්ව දැකීමට ප්‍රිය කරන්නේ කුමන ස්වරූපයෙන්ද? වෙහෙස වීමෙන් නිදහස්ව, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තීන් සහ ආශිර්වාද ලබා ගැනීමට සුදුසු. ඔබ මෙය බවට පත් වනවා නේද? ද්විත්ව විදේශිකයන් තුළ පරම පියා කෙරෙහි ඉතා හොද සෙනෙහසක් තිබේ. ඔබට තිබීමට අවශ්‍ය වන්නේ බලයයි, නමුත් ඔබට ඉතා හොද සෙනෙහස තිබේ. ඔබ විශ්මයන් සිදු කර තිබෙනවා නේද? බලන්න, රටවල් 90 කින්, ඔවුන්ගේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඇතිව, විවිධ රටවල් වලින්: මහද්විප පහම එක සදුන් ගසක් බවට පත් වෙලා. ඔබ සියලු දෙනාම එක ගසේ කොටසක් බවට පත් වෙලා. එය දැන් එක් බ්‍රහ්මින් සංස්කෘතිය පමණයි. ‘ඉංග්‍රීසි සංස්කෘතිය’ හෝ තාමත් “අපේ සංස්කෘතිය ඉංග්‍රීසි සංස්කෘතියයි” කියා තිබේද? එහෙම නැහැ නේද? ඔබ බ්‍රහ්මණයන් නොවේද? ඔබගේ සංස්කෘතිය දැන් බ්‍රහ්මින් සංස්කෘතිය බව විශ්වාස කරන අය, අත් ඔසවන්න! එය බ්‍රහ්මින් සංස්කෘතිය පමණක් වන අතර වෙනත් එකතු කිරීම් නොමැත. ඔබ සියලු දෙනාම එකයි, එහෙම නේද? ඔබ සියලු දෙනාම එක ගසේ කොටසක් වී ඇති නිසා බාප්දාදා ඔබට සුබ පතනවා. එය බොහෝ හොද බව හැගෙයි. අමරිකාවෙන් හෝ යුරෝපයෙන් පැමිණි ඕනෑම කෙනෙක්ගෙන් විමසන්න, “ඔබ කවුද?” එවිට ඔබ කුමක් කියයිද? “බ්‍රහ්මින් කෙනෙක්”. එසේ නැත්නම් ඔබ මෙසේ කියයිද “මම බ්‍රිතාන්‍යයෙන් හෝ මා අප්‍රිකානුවෙක් හෝ මම අමරිකානුවෙක්”? නැහැ. සියලු දෙනාම එකයි, බ්‍රහ්මණයන්. ඔබ සියලු දෙනාම එක් උපදෙසක එක්සත් වී ඇත. ඔබ සියලු දෙනාට තිබෙන්නේ සමාන ස්වරූපයකි, බ්‍රහ්මින්, එමෙන්ම තිබෙන්නේ එක උපදේශයයි, ශ්‍රීමත්. ඔබ මින් විනෝදයක් ලබනවා නේද? ඔබ ඉන් විනෝදයක් ලබනවාද? එසේ නැත්නම් එය අපහසුද? එය අපහසු නැහැ නේද? ඔබ හිස වනනවා. එය හොදයි.

බාප්දාදාට සේවයේ කුමන නවතාවයක්ද අවශ්‍යය? ඔබ කුමන සේවය සිදු කළත්, ඔබ එය ඉතා ඉතා ඉතා හොදින් කරනවා, එයට සුබ පැතුම්. කෙසේවෙතත්, අනාගතයේ ඔබ එයට එකතු කළ යුත්තේ කුමක්ද? යම් නවතාවයක් තිබිය යුතු බව ඔබ සියලු දෙනාම සිතනවා. ඔබ සිදුකර ඇති කුමන වැඩසටහන් වුවත්, ඔබ කොපමණ කාලයක් ලබා දී තිබුණත්, ඔබ එය සිදුකර තිබෙන්නේ සෙනෙහසින් බව බාප්දාදා දැක තිබෙනවා. ඔබ සෙනෙහසින් උත්සාහ දරා ඇති අතර ඔබ මුදල් ලබා දුන්නේ නම්, එය ප්‍රකෝටි ගුණයකින් වැඩි වී, ඔබගේ දේවමය බැංකුවේ රැස් වී තිබේ. එබැවින් ඔබ යමක් දී නොමැති අතර ඔබ රැස්කර ගෙන තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස, ඔබ සියලු දෙනාම පණිවිඩය ලබා දීමේ සහ හැදින්වීම ලබා දීමේ කාර්යය කුමන ස්ථානයක සිදු කළත්, හොදින් සිදුකර ඇති බව පෙනී යයි. එය දැන් දිල්ලියේ සිදු වෙමින් පවතිනවා, එය ලන්ඩන් වල පැවැත්වුණා; එමෙන්ම බාප්දාදා බොහෝ සේ ප්‍රිය කරන්නේ ද්විත්ව විදේශිකයන් පවත්වන, කාලයේ ඇමතුම සහ මනසේ සාමය යන වැඩසටහන් වලට. ඔබට කළ හැකි වෙනත් කුමන කාර්ය තිබෙන්නේද, එය නොකඩවා සිදු කරන්න, මන්ද, ඔවුන්ට පණිවිඩය ලැබුණු විට, ඔවුන් ආදරණීය වෙයි, ඔවුන් සහයෝගී වෙයි, සහ සමහරු සබැදියාවකට පවා පැමිණෙයි. කෙසේවෙතත්, ඔබ දැන් එයට තව එකතු කළ යුත්තේ කුමක්ද? ඔබ විශාල වැඩසටහනක් පවත්වන ඕනෑම විටෙක, මිනිසුන්ට කොහොමත් පණිවිඩය ලැබෙයි, නමුත් ඔවුන් ආපසු යා යුත්තේ අත්දැකීමක්ද සහිතවයි. ඔවුන්ට ඉතා විගසින් ඉදිරියට යාමට අත්දැකීම් මගපාදයි. නිදසුනක් ලෙස, කාලයේ ඇමතුම හෝ මනසේ සාමයේ වැඩසටහන් වලදි ඔවුන්ට වැඩිපුර අත්දැකීම් ලැබෙයි. කෙසේවෙතත්, විශාල වැඩසටහන් වලදි ඔවුන්ට හොද පණිවිඩයක් ලැබෙයි, නමුත් කවුරු පැමිණියත් ඔබ පසු විපරම් කොට ඔවුන්ට යම් අත්දැකීමක් ලබා ගැනීමට සැලැස්විය යුතුයි, මන්ද, අත්දැකීමක් කිසිදා අමතක නොවන අතර අත්දැකීමක් කෙබදු වන්නේද යත්, එය සිය කැමැත්තට විරුද්ධව වුවද, ඔවුන්ව තවත් ආකාර්ෂණය කරයි. එබැවින් පළමුව බාප්දාදා විමසන්නේ: මෙම දැනුමේ සියලු කරුණු වලින් වත් ඔය බ්‍රහ්මින්වරු සියලු දෙනා අත්දැකීම් ඇති අයද? ඔබ සෑම බලයක්ම අත්විද තිබෙනවාද? ඔබ සෑම ගුණධර්මයක්ම අත්විද තිබෙනවාද? ඔබ ජීව අවධාන ස්ථිතිය අත්විද තිබෙනවාද? ඔබ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස අත්විද තිබෙනවාද? මෙම දැනුම වටහාගැනීමට ඔබ සමත් වී ඇති අතර ඔබ දැනුමින් පිරිපුන් වී සිටියි, එමෙන්ම බාප්දාදා පවා මේ ගැන සදහන් කර, එය හොද බව කියයි. ජීවාත්මයක් යනු කුමක්ද? පරමාත්ම දෙවියන් කුමක්ද? නාටකය කුමක්ද? ඔබ මෙම දැනුම වටහාගෙන තිබෙනවා, නමුත් ඕනෑම අවස්ථාවක, ඔබට අවශ්‍ය විටෙක සහ අවශ්‍ය වෙලාවක්, ජීවාත්මයේ බලය සහ පරමාත්ම දෙවියන්ගේ බලය අත්විදීම ඔබට කළ හැකිද? ඔබට අවශ්‍ය ඕනෑම දෙයක්, අවශ්‍ය ඕනෑම විටෙක සහ ඔබට අවශ්‍ය කාලයක් ඔබට අත්විදිය හැකිද? එසේ නැත්නම් එය විටෙක එක දෙයක් වන අතර තවත් විටෙක වෙනත් දෙයක්ද? “මා ජීවාත්මයක්” කියා ඔබ සිතයි, ඉන්පසුව ඔබ නැවත නැවතත් ශරීර අවධානයට පත් වෙයි. එබැවින් එම අත්දැකීම ප්‍රයෝජනවත් වුණාද? අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීම යනු, සෑම විෂයකින්ම අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමයි, සෑම බලයකම අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමයි. එබැවින් තමන් තුළ අත්දැකීම වැඩි කරගන්න. ඔබට ඒවා තිබේ; ඔබට ඒවා නොතිබෙනවා නොවෙයි, නමුත් ඇතැම් විටෙක පමණයි. එබැවින් විටෙක පමණක් තිබීම බාප්දාදාට අවශ්‍ය නැහැ. යම් සිදුවීමක් සිදු වූ විට, එය ඇතැම් විට බවට පත් වෙයි. ඔබගේ අරමුණ කුමක්ද කියා ඔබගෙන් නිතරම විමසයි. එවිට ඔබ පවසන්නේ, ඔබට පියාට සමාන වීමට අවශ්‍ය බව. ඔබ සියලු දෙනාම ලබා දෙන්නේ එකම පිළිතුරයි. එබැවින් පියාට සමාන වීම සදහා: පියා කිසිදා ඇතැම් විට හෝ ඇතැම් දෙයක් නොවීය. බ්‍රහ්ම පියා සෑම විටම රාස්යුක්ත, යෝග්යුක්ත සහ සෑම විටම සියලු බලයන්ගෙන් පිරිපුන්ව සිටියා, ඇතැම් විට නොවෙයි. ඔබට ලැබෙන අත්දැකීමක් සෑම කලටම පවතියි, එය ඇතැම් විටෙක පමණක් නොවෙයි. එබැවින් සෑම සිදුවීමකදීම, ඔබම අත්දැකීම් වල ප්‍රතිමූර්ති වන්න; සෑම විෂයකින්ම අත්දැකීම් ඇත්තන් වන්න. මෙම දැනුමේ පුතිමූර්ති ලෙස අත්දැකීම් ලබන්න, යෝග්යුක්ත වීමේ අත්දැකීම් ඇත්තන් වන්න, ගුණධර්ම වල ප්‍රතිමූර්ති වීමේ අත්දැකීම් ඇත්තන් වන්න. සෑම ආකාරයකම සේවය කිරීමේ අත්දැකීම් ඇත්තන් වන්න - ඔබගේ සිතිවිලි, වදන්, ක්‍රියා සහ නෑ සම්බන්ධතා වල. ඔබ සම්මාන ඇතිව සමත් වී ඇති බව පැවසෙන්නේ එවිට පමණයි. එසේ නම් ඔබට වීමට අවශ්‍ය කුමක්ද? ඔබට අවශ්‍ය සමත් වීමටද, සම්මාන ඇතිව සමත් වීමටද? සමත් වීමට යන අයත් පසුව පැමිණෙයි, නමුත් ඔබ ‘පමා වැඩි’ පුවරුව දැමීමට පෙර පැමිණ ඇත. දැන් අළුත් අය පැමිණ සිටියත්, ‘ප්‍රමාද වැඩියි’ යන පුවරුව තවම දමා නොමැත. ‘ප්‍රමාදයි’ යන පුවරුව දමා තිබේ, නමුත් ‘ප්‍රමාද වැඩියි’ තවම දමා නැත. පැමිණ ඇති ඔය අළුත් අය වුනත්, ඔබ දැන් තීව්‍ර උත්සාහයේ යෙදෙන්නේ නම්, සාමාන්‍ය උත්සාහය නොවෙයි, නමුත් තීව්‍ර උත්සාහය, එවිට ඔබට ඉදිරියට යාමට හැකි වෙයි, මන්ද, තවමත් අංක නිවේදනය කර නැහැ. නිවේදනය කර ඇත්තේ අංක දෙකක් පමණයි - පියා සහ මවගේ. ඕනෑම සහෝදරයෙක් හෝ සහෝදරියකගේ තුන්වන අංකය තවම නිවේදනය කර නැහැ. දාදීන් වෙනුවෙන් බොහෝ සෙනෙහස ඇති බව ඔබ කියයි; දාදීන් වෙනුවෙන් පරම පියා තුළත් බොහෝ සෙනෙහස තිබේ, නමුත් තවමත් අංක නිවේදනය කර නැහැ. මේ නිසයි ඔබ බොහෝ බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ ආදරණීය භාග්‍යවන්ත දරුවන් වන්නේ. ඔබට අවශ්‍ය තරම් පියාසර කරන්න, මන්ද, ඔවුන් ඇවිදින විට, පියා, කුඩා දරුවන්ගේ අතැගිල්ලෙන් අල්ලාගෙන යන අතර, ඔහු ඔවුන්ට අතිරික්ත සෙනෙහස ලබා දෙයි, නමුත් වැඩිමහල් අයව ඔහු අතැගිල්ලෙන් අල්ලන්නේ නැහැ. ඔවුන් තමන්ගේම දෙපයින් තනිව ඇවිද යයි. එබැවින් අළුත් අයටත් දැන් අතපසු වූ කාලය අල්ලා ගත හැක. ඔබට ස්වර්ණමය අවස්ථාවක් තිබේ. කෙසේවෙතත්, ‘ප්‍රමාද වැඩියි’ යන පුවරුව ඉතා විගසින් දමනු ඇත. එබැවින් ඊට පෙර මෙය සිදු කරන්න. ප්‍රථම වතාවට පැමිණි අය අත් ඔසවන්න! අච්චා. සුබ පැතුම්. ඔබ ප්‍රථම වතාවට ඔබගේ නිවස වන මධුබන් වලට ළගා වී තිබේ, මේ නිසයි බාප්දාදා ඔබට මේ දේශයේ සහ විදෙස් රටවල පවුලේ අය වෙනුවෙන් ඔබට කෝටි-කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙන්නේ. අච්චා.

බාප්දාදා ඔබට උපදෙසක් ලබා දෙන ස්ථිතියක ඔබට තත්පරයකදි තමන්ව ස්ථාවර කරගත හැකිද? එසේ නැත්නම් ඒ වෙනුවෙන් උත්සාහ දරමින් පමණක් ඔබගේ කාලය ගෙවී යයිද? ඔබට දැන් තත්පරයක පුහුණුව අවශ්‍යයි, මන්ද, පැමිණීමට යන අවසන් නිමේශයේ, ඔබට ලැබීමට ඇති ‘සම්මාන ඇතිව සමත් වීමේ’ සහතිකය ලබා ගැනීමට, මෙම පුහුණුව මෙකල කළ යුතු වනවා. ඔබට අවශ්‍ය ඕනෑම මනෝ ස්ථිතියක, ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක සහ අවශ්‍ය තැනක, තත්පරයකදි තමන්ව ස්ථාවර කරගන්න. එබැවින් නිති සූදානම්! ඔබ සූදානම්ද?

දැන් එක තත්පරයකදි, වඩාත්ම ශුභ, සංගම යුගී, ශ්‍රේෂ්ඨ බ්‍රහ්මින් ජීවාත්මයක් වන්න. මෙම ස්ථිතියේ ඔබව ස්ථාවර කරගන්න. දැන් මම ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයෙක්. අත්විදින්න: මා ලොවට සෙත සලසන්නෙක් වන අතර මගේ මනසින් සේවය කරමින් බලයේ කිරණ ලබා දෙනවා. ඔබට දවස පුරාම තත්පරයකදි තමන්ව මෙම ස්වරූපයේ ස්ථාවර කරගත හැකිද? මෙය නොකඩවා අත්විදින්න, මන්ද, ඕනෑම දෙයක් හදිසියේ විය හැක. ඔබට වැඩි කාලයක් නොලැබෙයි. තත්පරයකදි කැලඹිලි මධ්‍යයේ නොසැලී සිටීමට හැකි වීම: විටින් විට තමන්ම මෙය පුහුණු කිරීමට ඔබ කාලය සාදා ගත යුතුයි. මෙසේ කිරීමෙන් ඔබට පහසුවෙන් ඔබගේ මනස පාලනය කිරීමට හැකි වෙයි. ඔබගේ පාලන බලය සහ හසුරුවා ගැනීමේ බලය අඛණ්ඩව වැඩි වෙයි. අච්චා.

සෑම තැනකම සිටින දරුවන්ගෙන් බොහෝ ලිපි ඇවිත්. ඔබගෙන් බොහෝ දෙනෙක් ඔබගේ අත්දැකීම් එවා ඇත. ප්‍රතිලාභයක් ලෙස, බාප්දාදා ඔහුගේ හදවතින් බොහෝ ආශිර්වාද සහ කෝටි ගුණයක සෙනෙහස සහ හදවතින් ස්මරණය ලබා දෙනවා. සෑම තැනකම සිටින දරුවන් සවන් දෙමින් බලමින් සිටින බව බාප්දාදා දකිනවා, එමෙන්ම නොබලන අය වුවද සිහි කිරීමේ සිටිනවා. සියලු දෙනාගේම බුද්ධිය මේ වෙලාවේ තිබෙන්නේ මධුබන් වලයි. එබැවින් සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට: පෞද්ගලිකව නමට සෙනෙහස සහ ස්මරණය පිළිගන්න.

උනන්දුව සහ උදයෝගයේ පියාපත් වලින් ශ්‍රේෂ්ඨ මනෝ ස්ථිතියක නිරන්තරයෙන් පියාසර කරමින් රැදී සිටින ඔය සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, නිරතුරුව සෙනෙහසේ මුසු වී සිටින දරුවන්ට, නිරන්තරයෙන් වෙහෙස වීමෙන් නිදහස්, ගැටළු වලින් නිදහස්, බාධක වලින් නිදහස්, යෝග්යුක්ත සහ රාස්යුක්ත දරුවන්ට, තත්පරයකදි සෑම සිදුවීමකින්ම සමත් වන අයට, සෑම මොහොතකම බලයේ ප්‍රතිමූර්ති ලෙස රැදී සිටින ඔය මාස්ටර් සර්ව බලධාරි දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

වරදානය:
ශ්‍රේෂ්ඨ උත්සාහ දරන්නෙක් ලෙස ඔබගේ ස්වර්ණමය-යුගී ස්වභාවයෙන් ඔබ ස්වර්ණමය-යුගී සේවය සිදු කරත්වා.

පැරණි සංස්කාර වල මිශ්‍ර ලෝහ හෝ ඊර්ෂ්‍යාවේ ස්වභාවයක් හෝ මුරණ්ඩුකමක් නොමැති සහ තමන්ව සාධාරණීය කිරීමට තැත් නොකරන දරුවන්, ස්වර්ණමය-යුගී ස්වභාවයක් ඇති අයයි. එවන් ස්වර්ණමය-යුගී ස්වභාවයක් ඇති සහ නිරන්තරයෙන් “හා ජී!” (හා හොදයි) කියන සංස්කාර ඇති අය - එවන් ශ්‍රේෂ්ඨ උත්සාහ දරන දරුවන්, කාලයට සහ සේවයට අනුව තමන්ව හැඩ ගසාගෙන සැබෑ රත්තරන් බවට පත් වෙයි. ඔබගේ සේවය තුළ අහංකාරකමේ සහ අපහාසාත්මක හැගීම් වල මිශ්‍ර ලෝහ නොමැති විට, එවිට ඔබ ස්වර්ණමය-යුගී සේවයක් සිදු කරන අයෙක් ලෙස හැදින්වෙයි.

පාඨය:
“ඇයි?” සහ “මොකක්ද?” යන ප්‍රශ්න අවසන් කර, ඔබගේ හදවතින් නිරන්තරයෙන් සතුටින් සිටින්න.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

සමාන සහ සෙනෙහස තුළ මුසු වී සිටීමේ මනෝ ස්ථිතිය ඇති ජීවාත්ම, නිරන්තර යෝගීවරුන්ය. ඔවුන්, යෝගාවේ සිටීමට උත්සාහ දැරීමට සිදුවන අය නොවෙයි, නමුත් සෙනෙහසේ ගැලී සිටින අයයි. ඔවුන් වෙන්ව නොසිටියි, එබැවින් ඔවුන් සිහි කරන්නේ කුමටද? ස්වාභාවික සිහි කිරීම තිබේ. ඇසුර තිබෙන විට ස්වාභාවික සිහි කිරීම තිබේ. සමාන ජීවාත්මයන්ගේ ස්ථිතිය වන්නේ, එකට සිටීම සහ මුසු වී සිටීමයි.